Friday, 4 October 2013

ලයින් දාන්න අමතක වේලා පොත් උස්සපු හැටි




කාලෙකින් පොත් ප්‍රදර්ශණය බලන්න යන්න බැරි උනාට මොකද, බණ්ඩාරණායක එකේ පොත් ප්‍රදර්ශණය පටන් ගත්තුම අවුරුද්දේ ඒක බලන්න යන්නනම් මම ලංකාවේ හිටියා.. පොත් ප්‍රදර්ශණය මුලින්ම පටන් ගත්තේ 2006 අවුරුද්දේ කියලා හොදටම මතක මොකද අපි ඒ අවුරුද්දේ තමයි A/L ලිවුවේ.. මං ඉස්කෝලේ ගිය කාලේ ගැන ඉතින් අමුතුවෙන් මේකේ කියලා සුදුහුණු ගාන්න ඕන නැති නිසා ඒවා නොකියා ඉන්නම්.. ඔය දවස් වල ඉතින් ඉස්කෝලේ වැඩ වලට උනන්දුවක් නොතිබුනම කාලෙනේ..

කොහොමින් කොහොම හරි ඔය කාලේ සැප්තැම්බර් මාසේ එහෙන් මෙහෙන් ආරංචියක් ආවා කොළඹ ලොකු පොත් ප්‍රදර්ශණයක් සංවිධානය වෙනවා කියලා.. ඒ කාලේ ඉතින් මේ වගේ දෙයක් අහන්න ලැබෙනවා කියන්නේ ඉබ්බා දියේ දැම්මා වගේ තමයි.. පන්ති කට් කරලා සල්ලි හොයා ගන්න හැටි ඉතින් මම කලිනුත් කියලා තියෙනවනේ.. ඉතින් මේ වගේ එකක් කොහොම මග අරින්නද?

ප්‍රදර්ශන කිවුවම ඉතින් අපිට අදාල නැති එවුවත් ඉස්සර බලන්න දිවුවා යන්නේ කොහේද කියලවත් නොදැන.. එක පාරක් මගේ අතීජාත මිත්‍රයාගේ වැඩකට ජපන් ප්‍රදර්ශණයක් බලන්න ගිහින් සභාවක් ඉදිරියේ ජපන්නු වගේ කොටු දෙකෙන් කන්න ගිහින් විලි ලැජ්ජාවට පත් වුන හැටි තාමත් මතකයි.. ඒක වෙනම කතාවකින් කියඤ්ඤංකෝ.. හරි කියන්න ආවේ පොත් ප්‍රදර්ශණේ ගැන..

මතක හැටියට අපි මේක බලන්න යන්න කට් කලේ බණ්ඩාර සර්ගේ ක්ලාස්ද කොහේද.. දැන්නම් මතකත් නෑ අප්පා.. ක්ලාසුත් කට් කරන් පොත් ප්‍රදර්ශණයක් බලන්න යන්න අපි ඒ කාලේ පොත් කියවන්න හරි උනන්දුයි කියලා දැන් මේ කට්ටිය හිතනවා ඇති.. මොන පිස්සුද? හැබැයි ඉතින් මන් නම් ඒ දවස් වල පොතක් දෙකක් එහෙන් මෙහෙන් කියෙවුවා.. ඒ වුනාට ඉතින් අපේ අනිත් උන් ටිකනම් ආවේ කෙල්ලන්ට ලයින් පාරක් දාන්න හිතාගෙන.. හරි හරි ඉතින්. මාත් එහෙමම තමයි..

කොහොමින් කොහොම හරි බණ්ඩාරනායක එකටත් ගියා කියමුකෝ.. කට කපලා සෙනග.. දැයට කිරුළට පස්සේ ප්‍රදර්ශණයකට සෙනග එනවනම් ඒ පොත් ප්‍රදර්ශණයට තමයි.. සෙනග අස්සෙන් ශේප් වෙවි ප්‍රදර්ශණය අස්සටම ගියා.. ප්‍රශර්ශණයට යන්න කලින් අම්මගෙනුයි අක්කගෙනුයි ගානකුත් කඩා ගත්තා පොත් ගන්න කියලා.. අනුන්ගෙන් යැපෙන කාලේ ඉතින් සහනාධාරමනේ ජීවිතේ.. ඒ කාලේ ඉතින් නිකන් හම්බුවෙන ඕනම පොතක් කියෙවුවොත් ඇරෙන්න සල්ලී දීලා ගන්නවනම් ඉතින් ඒ ශර්ලොක් හෝම්ස් පොතක්ම තමයි.. ඉතින් ඒ පොත් හොය හොය බණ්ඩාරනායක එක ඇතුලටම ගියා..

බණ්ඩාරනයක එක ඇතුලේ ටිකක් කැරකි කැරකි ඉද්දී ඕන කරන පොත් හම්බුනා.. සහනාධාර හම්බුනත් ඉතින් මහ ගොඩක් හම්බු වෙන්නේ නෑනේ.. බස් ගාස්තු කෝමත් හම්බුවෙන එකේ පොතක් දෙකක් අරගෙන අතර මග කන බොන දේවල් වලටත් ගාන ශේප් කර ගන්නත් ඕනනේ.. අඩුම ගානේ එක පොතක් වත් නොගෙනිච්චොත් ගෙදරින් කචල්.. මේ වගේ රවුමක් ගහලා කන්නේ බොන්නේ නැතුව යන්න ගියොත් ඒක හිතට අවුල්.. කීයක් දේවල් කියලා හිතන්නද? ඒ දවස් වල ඉතින් ආර්ථික විද්‍යාවේ උපයෝගීතාව පාඩම සෑහෙන්න අපි පාවිච්චි කරපු ළමයි නිසා ඔය දේවල් ගැන සෑහෙන්න හිතුවා ඉතින්..

අතේ තිබුන පොතත් අරගෙන දාහක් දේවල් ගැන හිත හිත යාළුවන්ගේ උපදෙස් අරන් ඇවිද ඇවිද ඉද්දී එකෙක් මරු කතාවක් කිවුවා..

" ඔන්න ඔහේ ඕකට ගෙවන්න ඕන නෑ බං අපි යමු.."

අපි ඒත් එක පාරම බැළුවා මූට මොකද වෙලා තියෙන්නේ කියලා.. කෙල්ලෙක්වත් දැකලා යන්න හදිස්සි කරනවා කියලා අපි හිතුවේ.. ඒත් පස්සේ ඌ පෙන්නපු දේ දැක්කම තමයි ඒකා කියපු කතාව අපිට තේරුම් ගියේ.. බැලින්නම් අපි පොත ගත්ත තැන පාස් කරන් ටිකක් දුර ඇවිත්.. කොටින්ම කියනවනම් සල්ලි ගෙවන තැනත්..  ඒ වෙද්දී අපි හිටියේ පොත් කඩ දෙකක් අතරේ තිබ්බ මිනිස්සු ඇවිදන් යන තීරුවක..

ටිකක් වට පිට බලද්දී තමයි වැඩේ කල්පනාවට ආවේ.. වෙනදට පොත් කඩේකට යනවා වගේ නෙමෙයි.. අර එලියට එද්දී සල්ලි ගෙවලා නැති ඒවා අහුවෙන එලාර්ම් හයි කරලා නෑ.. ඇත්ත තමයි ඉතින් පොඩි පොඩි ප්‍රදර්ශන කුටි තියන් යන තැනක ඕවා හයි කරන එක ලේසි වැඩකුත් නෙමෙයි නේ.. ඒ කියන්නේ කිසිම විදිහකින් හොරකමක් එතනදී අල්ලන්න බෑ කියන එක.. ඔන්න ඕක තේරුම් ගන්න අපිට ඒ හැටි වෙලාවක් ගියේ නෑ.. ඉතින් ඔය කාරණේ මතක තියාගෙන අපි ගියා තව පොත් සාප්පුවකට..

ගිය තැනින් අපි අපිට ඕන කරන පොත් තියෙනවද කියලා බැළුවා.. මට ඕන හෝම්ස් මහත්තයගේ පොත් ටික තිබුනා.. මම කියවපු නැති පොත් තුනක් වගේ තිබුනා ඒ වෙද්දී.. තුනම අරගෙන මම එකක් අතට ගත්තා.. අනික් දෙක දුන්නා යාළුවට.. ඒ වෙන මොකකටවත් නෙමෙයි එක් හරි සල්ලී දීලා අරගන්න එක හොදයි කියලා හිතුන නිසා.. අනික කඩෙන් නිකන්ම බෑග් එකකුත් ලැබෙනවනේ.. ඒක අපේ වැඩේටත් ලේසියි.. නැත්නම් ඉතින් අතේ තියන් ඉන්න කියලා ඔය ඔක්කොම උස්සන් ඉන්නයැ..

කොහොම හරි ඒ පොත් සාප්පුවෙන් එක පොතක් සල්ලී දීලා අරගෙන අනිත් ටික අවුලක් නැතුව ඉස්සුවා.. ඒ කියන්නේ කොයි තැනත් එකම වගේ තමයි.. ඒ නිසා අවුලක් නෑ කියන එක.. කොහොම හරි ඔය විදිහට පොත් සෑහෙන්න ඉස්සුවා.. මට ඕන හෝම්ස් පොත් සෙට් එක වගේම තව අපේ අක්කට සුජීව ප්‍රසන්නආරච්චිගේ පොත් දෙක තුනකුත් ඉස්සුවා.. පොත් ටික දාගෙන ශේප් එකේ යන්න ඕන හන්දා තව තැන් දෙකකින් සල්ලි දීලා පොත් දෙකක් ගත්තා බෑග් ගන්න..

කොහොම හරි එදා සතයක් අතේ නැතුව ගිය වුන් ලගත් පොත් දෙකක් තුනක් තිබුනා ගෙදර යද්දී.. අක්කා අහනවා මෙච්චර පොත් කොහොමද කියලා.. මං ඉතින් කිවුවා පිටිපස්සේ ගාන ඔහොම ගහලා තිබ්බට සෑහෙන අඩුවට ඩිස්කවුන්ට් දාලා තිබුනා කියලා.. එයාටත් කියවන්න ඕන කරපු ඒවා තිබුන නිසා වැඩිය ප්‍රශ්ණ නෑ.. මාත් මගේ පාඩුවේ හිටියා.. 


අපි සෙට් එකත් ඉතින් ගත්ත පොත් මාරු කර කර කියෙවුවා මිසක් ඒ ගැන වැඩි කතාවකට ගියේ නෑ.. කොහොම හරි අවුරුද්දක් ගෙවිලා ගියා.. ඊලග අවුරුද්දෙත් පොත් ප්‍රදර්ශණය සංවිධානය වෙනවා කියලා ආරංචි වුනා.. එතකොට අපි A/L ලියලා ඉවර වෙලා එක එක කෝස් කරන කාලේ.. කට්ටිය එක එක පැති වල නේ.. ඒ වුනාට කෝල් දෙක තුනක් දීලා හොර නඩේ ආයේම සෙට් කර ගත්තා.. කලින් වතාවේ වගේම මේ පාරත් කරන්න ඔක්කොම ප්ලෑන් ගැහුවා..


ප්‍රදර්ශණය දවස එනකම් සෙට් වෙලා බල බල ඉදලා ඉරිදා දවසක සුභ මොහොතින් එළියට බැහැලා ආවා.. බණ්ඩාරනායක එකට ගිහින් එලියෙන් හොද අයිස්ක්‍රීම් එකක් එහෙම කලා ඇතුලට යන්න සෙට් වුනා.. සෑහෙන්න සෙනග හිටිය නිසා අපේ වැඩේ මාරම ලේසි විදිහට පෙනුනේ.. ඒ පාරනම් අපිට ගන්න ඒ තරම්ම පොත් ටිකක් ඔළුවේ තිබුනේ නෑ.. අහුවෙන හොද එකක් ගන්න තමයි හිතාගෙන හිටියේ..

ඉස්සෙල්ලම අහුවුන පොත් සාප්පුවෙන් පොතක් සල්ලී දීලා ගත්තා.. ඒ ඉතින් බෑග් එකක් ඕන වෙන නිසා.. ඒකත් අතේ තියන් පොත් කඩ අස්සේ හෙමින් ඇවිද ඇවිද හිටියා.. ටික වෙලාවක් යද්දී අපේ එකෙක්ට ඌට ඕන පරිවර්ථනයක් සෙට් වෙලා.. ඒත් ඌට ඒක ගන්නවමද නැද්ද කියලා හරි ශුවර් එකක් නෑ.. හරියට ඌ නිකන් සල්ලි දීලා ගන්නවා වගේ කල්පනාව.. එතන ඉතින් ඔවුවා කියන්න බැරි හන්දා ඔන්න ඕක ගමු බං කියලා අපි සද්ද නැතුව හිටියා.. බුවා ඒකත් අතේ තියන් කල්පනා කර කර ඉද්දී අපි ටිකක් ඉස්සරහට ගියා..

ටිකක් වෙලා යද්දී කළු කලිසමයි සුදු ශර්ට් එකකුයි ඇද ගත්ත අපේ  වයසේ වගේ පොරක් අපේ ලගට ඇවිත් කතා කලා.. එතකොට අපේ අතේ තිබුනේ කලින් සල්ලි දීලා ගත්ත පොත විතරයි.. ඌට ඕන වුනේ බෑග් එක චෙක් කරන්න.. අපිට තේරුණා මොකක් හරි අවුලක් බව.. ඒත් අපිත් ඒ වෙද්දී මොකුත් උස්සලා තිබුනේ නැති හන්දා බිල එක්කම බෑග් එක දුන්නා කිසි අවුලක් නැතුව.. ඒක බලලා කරලා බුවා අපිට සොරි කියලා යන්න හදද්දී අපි කෝකටත් කියලා මෑන්ස්ව නවත්ත ගත්තා..

" මොකද්ද මචං සීන් එක?"

" නැහැ මචං, මේකේ පොත් උස්සනවා වැඩියි.. ඒකයි පොඩ්ඩක් චෙක් කලේ.."

" හරි ඉතින් කොහොමද උස්සපුවා නැති ඒවා හොයා ගන්නේ?"

අපි නිකමට වගේ වර්ඩ් එක දාලා බැළුවා..

" නැහැ මචං අපි බෑග්ස් වලට පොඩි ලේසර් එකක් අල්ලලා බලනවා.. ඒකෙන් කවුන්ටර් එකේ එන්ටර් වුන ඒවා බලාගන්න පුළුවන්.. උඹලගේ බෑග් එකටත් අල්ලලා බැළුවා.. මොකක් හරි අවුලක් වෙලා වැදුනේ බිල් කරලා නෑ කියලා.. ඒකයි චෙක් කලේ.."

බලාගෙන යද්දී ඒ වගේ කිට් එක ඇදපු උන් ඉන්නවා අම්බානකට.. අර බණ්ඩාරනායක එක උඩ තියෙන බැල්කනිය වගේ එකේ ඉදන් උන් හෙමීට ලේසර් අල්ලනවා.. ඒ කියන්නේ අදනම් වැඩේ කලින් වතාවේ වගේ කරන්න වෙන්නේ නෑ කියන එක.. අපි ඉතින් මුකුත් නොදන්න ගානට අරුත් එක්ක තව ටිකක් වෙලා කතා කර කර ඉදලා අපේ බුවා අතට ගත්ත පරිවර්ථනයත් ආයෙම තිබුන තැනින් තියලා හිමීට මාරු වෙලා එන්න ආවා.. ඊට පස්සේ පොත් උස්සන අදහස අත ඇරලා දාලා පුරුදු විදිහට කෙල්ලෝ පස්සේ පොඩි රවුමක් දාලා හවස් වෙද්දී ගෙදර එන්න ආවා..

ඊට පස්සෙනම් පොත් ප්‍රදර්ශනේ පැත්තේ යන්න බැරි වුනා.. මොකද මම ඉතාලි ආව නිසා.. කරපු වැඩේ ඉතින් වැරැද්දක් තමයි.. ඉස්කෝලේ යද්දී කොළු කමනේ කියලා සාධාරණිකරනය කරන්න පුළුවන් වුනත් වැරැද්ද වැරැද්දම තමයි.. ඕවා තේරෙන්නේ කාලයක් ගියාට පස්සේ තමයි ඉතින්..


49 comments:

  1. අම්මෝ... මමත් එහෙමයි... ඉස්සර ලයිබ්‍රි යනව... ගිහිල්ල කරන්නෙ ඕක තමා..... වෙන මොනාද??

    ReplyDelete
    Replies
    1. හෙහ්.. අයෙත් අහලා.. ගිය එකේ මොනා හරි දෙයක් කරන්නත් එපැයි.. නැද්ද?

      Delete
  2. හොඳම ආවස්ථික පිරිවැය යොදන්න ගිහින් තව නුලේන් හොදි නැතුව රොස්පාන් තමයි කන්න වෙන්නේ හික්ස්... කොලු කාලේ ඔව්වා ඔහොම තමා හැබැ සමහර කොලුකාලේ වැඩ මහ මිනිස්සු වෙලා පුරුද්දට ගියහම තමයි කම්බි හොරුත් බිහිවෙන්නේ ..........

    ReplyDelete
    Replies
    1. අහු උනානම් කන්න තමයි වෙන්නේ.. ඒ හන්දයි හෙමීට ශේප් වුනේ.. අපෝයි ඔවු.. කොයි දේ වුනත් ඒ කාලෙට විතරක් සීමා කරන්න ඕන.. නැත්නම් ඉස්සරහට ප්‍රශ්ණ තමයි..

      Delete
  3. පොත් ප්‍රදර්ශනෙන් පොත් උස්සන එක දැන්නම් අමාරුයි බන්.කොහොම වෙතත් ඉස්කෝලේ ලයිබ්රියේ මිස් අපිට හෙන අද එක දාපු නිසාම ලයිබ්රියෙන් 1%ක් වත් මගේ ලග ඇති :p උස්සල බෙරුනාම ලැබෙන ආතල් එක කියල වැඩක් නෑ බන්

    ReplyDelete
    Replies
    1. මං අන්තිමට ගිය වෙලෙත් බැරි උන එකේ දැන් ඊට වැඩිය සිකුරිටි ඇති.. හැබැයි ඉතින් ඒක හොදයි එක අතකට..

      හෙහ්.. එහෙනම් ඉස්කෝලේ ලයිබ්‍රි එකේ පොත් දැන් සෑහෙන අඩු ඇති..

      Delete
  4. ආපෝ බොලනම් මහා පට්ට හොරු යකෝ.... ප්ලැන් කරලම පොත් උස්සලා.... 2006 අව්රුද්දෙ අපිනම් පොත් ප්‍රදර්ශනේ බලන්න ගිහින් සල්ලි ගෙවන තැන සෙනග වැඩි කමට පොතත් අරගෙන දන්නෙම නැතුව එලියට ඇවිත් තිබුනා ..... හොරකම්නම් කරේ නැ

    ReplyDelete
    Replies
    1. ඉතින් අපිටත් උනේ ඔය වගේ එකක්ම තමයි බං.. ඉස්සෙල්ලම කලේ ප්ලෑන් කරලා නෙමෙයි..

      Delete
  5. කොහොමත් ඊට පස්සේ පොත් ප්‍රදර්ශනේ පැත්තේ නොගිය එක හොඳයි ගියානම් ,අද බත් කන්නේ දත් නැතුව.

    ReplyDelete
    Replies
    1. හෙහ්, හැබැයි ඉතින් ලංකාවේ හිටියනම් අනිවා යැවෙනවා.. ඒත් පොත් උස්සන්නේ නම් නෑ.. ඔය යස අගේට මේ අවුරුද්දේ එකටත් ගිහින් ආවේ මම.. ;)

      Delete
  6. හොරකමට නම් පොඩි ලොකු වටිනාකම, අඩු වැඩි වයස වෙනසක් නෑ!
    නොදන්නාකමවත් නිදහසට කාරණයක් නොවෙයි.

    ReplyDelete
    Replies
    1. එකගයි අයියේ.. ඒක තමයි මාත් කිවුවේ මම ඒක කිසිම විදිහකින් සාධාරණිකරනය කරන්න උත්සාහ කරන්නේ නෑ කියලා.. එදා ඒක අපිට වාඩියක් වුනාට අපි වෙනුවෙන් ඒ දේ සංවිධානය කරපු අයට පාඩුවක්..

      Delete
  7. අවුලක් නෑනේ ඉතින්... ඕන කරන පොත් ටික නෝනා මහත්තැන්ට ලැයිස්තු ගත කරලා තිබ්බහම ඇති නේ. උන්දෑ උස්සන් ඒවිනේ :)

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු ඔය මේ පාර උස්සන් ඇවිත් තිබුනේ.. නිදහසේ කියවන්න තමයි ඉතින් තියෙන්නේ..

      Delete
  8. කොලු කාලෙට ඔය වගේ වැඩ කලේ නැත්නම් වැඩක් නැහැ මචං.මමත් ඔය වගේ වැඩ කරලා තියෙනව.කරලම බලන්න ඕනෙ ඒකෙ ආතල් එක..මැක්සා නේද...

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා.. ඒ වෙලාවට දැනෙන්නේ වෙනමම ෆීල් එකක්..

      Delete
  9. තවමත් එක පාරක්වත් යන්න බැරි උනානෙ පොත් ප්‍රදර්ශනේට :(
    අපෝ මෙයාල කරල තියෙන වැඩ :O

    ReplyDelete
    Replies
    1. හෆොයි.. එහෙනම් වැඩක්ම නෑ.. ලබන අවුරුද්දෙවත් කෝම හරි යන්නෝ..

      Delete
  10. අඩෝ.......හොරු සමඟ හෙළුවෙන්......දැන් පෙන්නන්නේ නැති නිසා හොඳයි.

    ReplyDelete
    Replies
    1. හික්ස්.. මේකත් ඒවගේ තමයි ඉතින්..

      Delete
  11. පේනවැයි මෙයාගේ වැඩ....! :D

    දැන් ඉතින් ඕවා සුන්දර මතක නේද?

    ReplyDelete
    Replies
    1. මෙහෙම වැඩ නොකර කෝමද ඉතින්..

      Delete
  12. book fair eka patan gatte 1998 :P

    ReplyDelete
    Replies
    1. ඒක මම දන්නවා.. මම කිවුවේ මගේ පළවෙනි එක ගැන..

      Delete
  13. අර ඉස්සරලම පාර පොත් උස්සපු තැන මතක් වෙද්දි කට්ටිය ඕක කියල හිනාවෙන්නත් ඇති...

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා.. බණ්ඩාරනායක එක මතක් වෙද්දීම ඉස්සෙල්ලම මතකෙට එන්නේ මේ සිද්දිය තමයි.

      Delete
  14. ඔවුව නොකරනම් තමයි අවුල

    ReplyDelete
    Replies
    1. ඒකනේ.. එක පාරක් හරි කලා.. නැත්නම්, හරි නැහැනේ..

      Delete
  15. මේ පොත් ප්‍රදර්ශනය 2006 පටන් ගත්තා වෙන්නේ කොහොමද?
    මම ඊට කලින් කීප පාරක්ම බූක් ෆෙයා එකට ගිහින් තියෙනවානේ.
    ඔබ කියන්නේ වෙන ප්‍රදර්ශණයක් ගැන වෙන්න ඕනේ 2006 පටන් ගත්ත.

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු.. මේක් අපටන් ගත්තේ ඊට කලින්.. එතන මට කියන්න ඕන උනේ අපි පොත් පදර්ශනේට ඉස්සෙල්ලා යන්න පටන් ගත්තේ 2006 කියන එක.. ඒක පොඩ්ඩක් එහා මෙහා වෙලා..

      Delete
  16. පොතක් උස්සලා කියවන රස සල්ලිවලට අරං කියවනකොට නෑ බං ඉස්සර..ඒත් හම්බකරන්න ගත්තම තමයි තේරෙන්නේ තමන්ගේ සල්ලිවලින් දෙයක් ගත්තම දැනෙන සන්තෝසේ..නැද්ද මචං

    ReplyDelete
    Replies
    1. ඒකේ පොඩි ඇත්තක් තියෙනවා.. පුස්තකාලෙන් වුනත් අපි කලේ පොත් උස්සන් ඇවිත් තියා ගත්ත එකනේ.. ඇත්ත, දැන් හම්බකරලා ගන්න දේ තරම් සමහර වෙලාවට කිසිම දෙයක් වටින්නේ නෑ තමයි..

      Delete
  17. ඔය වැඩ කරන්න හොද නැහැ තමා. ඒත් කරන්න දෙයක් නැහැ අඩුගානේ වැරැද්දක් බව තේරුං යන එකවත් මදෑ... හුගක් අය කියන්නේ තමන් කිසිම වැරුද්දක් නොකරන අය ගානට නෙව...

    ReplyDelete
    Replies
    1. වැරදි නොකරපු අය ඉතින් අප් අතර කවුරුවත්ම නැහැනේ.. මීට වඩා කරපු දේවල් මේ බ්ලොග් එකේ කලිනුත් ඕන තරම් ලියලා තියෙනවා,,

      Delete
  18. ලේසර් එකේ සීන් එක දැනගෙන හිටියේ නෑ මම. ඒකෙන්ම තේරෙනවානේ අපි කවදාවත් එහෙම නරක වැඩක් කරන්න උත්සාහ නොකරපු හොද ලමයි කියලා

    ReplyDelete
    Replies
    1. මම ඉතින් කියන්නේ නෑ හොද ළමයින්ගේ හැටි ගැන.. කියන්න ඉතින් මම දන්නෙත් නෑනේ..

      Delete
  19. athathatama kochchara computer eke kiyewwath pothak kiwala ganna aathal eka ganna baha

    ReplyDelete
    Replies
    1. ඒකනම් සහතික ඇත්ත.. මම නම් ඊබුක් කියවන්නෙම නැහැ බං..

      Delete
  20. 2006 මාත් උ\පෙ කරලා ඊට පස්සේ ඔය පොත් ප්‍රදර්ශනේ වැඩ කළානෙ කීයක් හරි හොයා ගන්ඩ කියලා.උඹලා අපෙනුත් පොත් ඉස්සුවද දන්නේ නෑ.දයාවංශ ජයකොඩි එකේ පොත් ඉස්සුවේ නෑ නේ?? හෙඃ හෙඃ

    ReplyDelete
    Replies
    1. අඩේ මතක නැහැනේ බං.. ඒ කියන්නේ අපි දෙන්නම එකම වයසේ කියන එක.. ගනන් ගන්න එපා.. එහම දෙයක් වුනත්.. :)

      Delete
  21. 2006 මාත් උ\පෙ කරලා ඊට පස්සේ ඔය පොත් ප්‍රදර්ශනේ වැඩ කළානෙ කීයක් හරි හොයා ගන්ඩ කියලා.උඹලා අපෙනුත් පොත් ඉස්සුවද දන්නේ නෑ.දයාවංශ ජයකොඩි එකේ පොත් ඉස්සුවේ නෑ නේ?? හෙඃ හෙඃ

    ReplyDelete
  22. හැබැයි මේ වැඩේනම් අනුමත් කරන්න බෑ. ඒත් මේවගේ දේවල් කොලුකමට කරනවා. මේ සැරේ ප්‍රදර්ශ‍නයෙත් ඒතරමටම ආරක්ෂක ක්‍රම තිබුනේ බණ්ඩාරනායක ශාලාවේ ඇතුලේතිබුණ කුටිවල විතරයි.අනික් තින්වල නම් සාමාන්‍යයෙන් පොත් උස්සන්න පුලුවන් කම තිබුණා.

    ReplyDelete
    Replies
    1. මටත් ගිය වෙලාවේ ඒක දැක්කම පරණ දේවල් මතක් වුනා.. ඒත් මේ පාර පවුල් පිටින් ගියාම ඔය වැඩ බැරි හන්දා ශේප් එකේ එන්න ආවා..

      Delete
  23. Replies
    1. බඩුත් එක්ක හොරු.. ;)

      Delete
  24. යන්තම් බේරුනා කියලා හිතාගන්ට. අම්මෝ මෙහෙමත් හොරු...:D:D

    ReplyDelete
  25. හාපෝ... යකෝ අපි තව හොදයිනේ. මුන් මහ දාර හොරුනේ :))

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  26. එකපාරක් දෙපාරක් වැඩේ වෙනකොට කවුරුත් පාඩමක් ඉගෙන ගන්නවනේ බං. ලේසර් එකෙන් කොහොමද ඕක කරන්නේ ඇත්තටම?

    ReplyDelete
  27. හැබෑටම අපි කොච්චර හොඳද බලාගෙන යනකොට. වැඩිම උනොත් බස් වල නම් හොරෙන් ගිහින් ඇති. අලි හොරු නෙව. :P

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්