Monday, 28 October 2013

පිහාටු සිඳ ගත් සුරදුතයා









ජිවිතෙත් හරියට වැස්ස වගේ. වේලාවකට අපි බලන් ඉන්නෙ වහිනකන්. වේලාවකට ඒ වැස්සම මහ කරදරයක් වගේ දැනේනවා.  වැස්සට මම හුඟක්ම ආස දෙයක් වුනත් ගොඩක් හයියෙන් වහින වෙලාවට විදුළි කොටනවට මම කොහෙත්ම ආසා නෑ.. මොහොතකින් දෑස් අතරින් විහිදෙන එළිය ඇත්තටම හුඟක්ම වදයක්..

" ඇයි මේ ඇස් පියාගෙන?"

" මට විදුළි කොටන දිහා බලාගෙන ඉන්න බෑ.. ඒකයි.."

" හ්ම්ම්, ඇයි?"

" දන්නේ නෑ.. පොඩි කාලේ ඉදන්ම විදුළි  කොටනවා දැක්කම මගේ ඔළුවේ කැක්කුම එනවා.."

" මට නම් කවදාවත් එහෙම දැනිලා නැ.. කෝ දැනුත් එහෙමද?"

" හ්ම්ම්.."

" එන්න එහෙනම් මගේ ලඟට.."

හුඟක් තදින් ඇස් දෙක පියාගෙන ඔය පපුවට තුරුළු උනාම හැම දෙයක්ම එක මොහොතකින් අමතක වෙලත් ඉවරයි.. ඒ හිටපු විනාඩි ගානට කොච්චර විදුළි කෙටුවත් ඒක ගැන ගානක්වත් වුනේ නෑ..

" දන්නවද?"

" මොකද්ද?"

" ඔයා ඒන්ජල් කෙනෙක්ම තමයි.."

" හෙහ්, මොකද මේ එක පාරම?"

" නැහැ ඔයා එහෙමයි කියලා හිතන්න තව දෙයක් එකතු වුනා.."

" මොකද්ද?"

" ඇයි ඔයා විදුළි කොටනවා දකින්න ආස නෑ කියන එක.."

" ඒ කොහොමද?"

" ඇයි ඔයාට අමතකද මම ඔයාට කියපු කතාව.. ඔයා ඉපදෙන්න ඇත්තේ ඒන්ජල් කෙනෙක් විදිහට දිව්‍යලෝකේ.. ඒ කාලේ ඔයා හරි හුරතලේට ඉන්න ඇති.. හැබැයි දැන් වගේම දඟත් ඇති.. පොඩි කාලේ මොකක් හරි ලොකු දඟ වැඩක් කරලා සියුස් දෙවියෝ ඔයාට දඬුවම් දීලා ඔයාගේ ඒන්ජල් කම අරන් ඔයාව මනුස්ස ලෝකෙට එවන්න ඇති.."

" හ්ම්ම්, ඉතින් ඒකෙයි මේකෙයි තියෙන සම්බණ්දේ?"

" ඔයාව එහෙම මනුස්ස ලොකේට එවද්දි හයියෙන් අකුණු කොටන්න ඇති. ඇයි ඉතින් දඬුවමක් නේ. ඒ හින්දා තමයි ඔයාට පිහාටුත් නැත්තෙ.. එදා එහෙම එද්දී ඔයත් ඒක දකින්න ඇති.. ඔයා පොඩි හන්දා ඒක ඔයාගේ ඇස් වලට අමාරු වෙන්න ඇති.. ඒකයි දැනුත් ඔයාට ඒවා දකිද්දී අමාරු වෙන්නේ.."

" ඔයා හොදයි සුරංඟනා කතා ලියන්න.."

" අනේ යන්න.. ඔයා හරි නරකයි.."

ඇත්ත බොරු කොහොම වුනත් අකුණු දිහා බලාගෙන ඉන්නවට වැඩිය පපුවට තුරුළු වෙලා ඉන්න එක හොදයි කියලා හිතුන හන්දම මම ඒ කතාවත් අහගෙන හොදට පපුවට තුරුළු වෙලා හිටියා..

" බබා.."

" ඇයි පණ?"

" ඔයා කිවුවා නේද මේක තව හේතුවක් කියලා.. එතකොට අනිත් හේතු මොනවද?"

" ඔයාගේ ඉවසීම, සමානේ කෙනෙක්ට නම් ඔහොම ඉවසන්න බෑ. මම දැකලාත් නෑ. අනික ඔයාගේ ආදරේ, ඔයා ඒන්ජල් නිසයි ඔයාට මේ තරම්ම ආදරේ කරන්න පුළුවන්.. අනික ඔයාගේ අමුතු ලස්සන ඇස් දෙක, අනික ඔයාට කළු පාට ගැලපෙන්නෙත් නෑ.."

" කළු?"

" ඔවු, හුගක් කොල්ලන්ට කළු ලස්සනට ගැලපෙනවා.. කළු ඇන්දම අමුතු ගතියක් තියෙනවා. ඒත් ඔයට කළු ගැලපෙන්නෙ නෑ.. ඔයා සුදු ඇන්දාම තමා මාරම ගති, ඔයාට සුදු තරම් ගැලපෙන වෙන පාටක් නෑ.. අනික ඔයා ආසත් සුදු පාටටනේ.. ඒන්ජල්ලා සංකේතවත් කරන්නෙත් සුදු පාට වලින්.. දැකලා තියෙනවනේ.."

" හා.. ඒත් ඔයා දන්නවද දෙයක්?"

" මොකද්ද?"

" ඇත්තටම මම ඒන්ජල් කෙනෙක් තමයි.. ඒත් ඔයා හිතනවට වැඩිය කතාව හුඟාක් වෙනස්.."

" ඒ කොහොමද?"

" ඕනම කෙනෙක් ඉපදුනාම ඒ කෙනා වෙනුවෙන් ඒන්ජල් කෙනෙකුත් උපදිනවා.. ඔයා ඉපදෙනකොට මාත් ඉපදුනා.. ඒත් ඔයා පොඩි කාලේ ඉදන්ම හුඟක් නපුරුයි.. ගොඬක් දඟ වැඩ කලා.. ඒ හින්දා දවසක් සියුස් දෙවියෝ මාව ඔයා ලගට එවුවා.. ඔයාට පේන්නම.. ඔයා එක්ක කතා කරන්න පුළුවන් වෙන්නම.. මම ඔයාත් එක්ක ඉද්දි ඔයාව හෙමින් වෙනස් කරද්දී ටිකින් ටික දන්නෙම නැතුව මම ඔයාට ආදරේ කලා.. ඒකට සියුස් දෙවියන්ට හුඟක් කේන්ති ගියා.. එයා මට තෝරගන්න අවස්ථාවක් දුන්නා.. මම ඔයාව තෝර ගත්තා.. ඔයාට නොපෙනුන මගේ හැංඟිලා තිබුන පිහාටු දෙක මම කපා ගත්තා.. ඒකට සියුස් දෙවියන්ට හුඟක් තරහා ගියා.. එයා එයාගේ අකුණු පහරකින් මට ගහලා මාව ඔයා වගේම මනුස්සයෙක් කලා.. එදා ඉදන් අද වෙනකන් අකුණු කොටද්දී මට මතක් වෙන්නේ ඒක.. ඒකයි මට ඒක බලන් ඉන්න අමාරු.."

" මට කිවුවට ඔයත් හොද සුරංගනා කතා කාරයෙක්නේ.."

ඔයා නොහිතපු වෙලාවක ඔයාට මුණගැහිලා කවුරුවත් නොදුන්න තරම් ආදරයක් දීලා ඔයාව ඉස්සරට වඩා වෙනස් කරපු මගේ කතාව ඔයා දවසක ඇත්තක් කියලා හිතාවි රත්තරන්..


I search for wings everywhere
I found you
And i'm fall in love with an angel
Finally you gave me wings
Now i'm free like a wind
I feel something new
Sometimes it's maybe Life
After all I'm flying
Not alone
with you my angel .
one thing you have to know
i'm scared.
scared to lose you



අති විශේෂයි : කඩ්ඩෙන් කොටපු පොයම් එක අරයගේ Angel බ්ලොග් එකෙන්.. හෙළුවෙන් වනපු කතාව මගෙන්.. ;)





40 comments:

  1. හරිම ලස්සන ලියවිල්ලක්

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ.. කාලෙකින් මේ පැත්තේ දැක්කේ?

      Delete
  2. නියමෙට වනලා තියෙනවා ආ .
    හොඳ පරිවර්තනයක් :)

    ReplyDelete
    Replies
    1. වැනිල්ල හොදනම් අවුලක් නෑ..

      මේක පරිවර්තනයක් නෙමෙයි බං..

      Delete
  3. හත් ඉලව්වේ පුල් රොමැන්ටික් මෙව්වා එකක් නේ මෙයා. පුල් රොමැන්ටික්. මොකක්ද අර හෙළු කතාව??????

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඒකනේ.. මේ දවස් වල ඉතින් රොමෑන්ටික් තමයි..

      අනේ බං.. උඹ ඒක දන්නේ නැද්ද? හෙළුවෙන් වනනවා කියන්නේ සිංහලෙන් ලියන එකනේ බං..

      Delete
  4. අම්බෝ එන්ජල්ලා මේ ලෝකෙට අයිති නෑ.. ඒන්ජල් කියලා හිතාගෙන ලව් කරපු හැම කෙල්ලම පැදුරටත් නොකියම දෙව්ලෝකේ යන්න ගියා අයියේ.

    ReplyDelete
    Replies
    1. එන්ජල් වුනත් නැතත් එහෙම යන අයත් ඉන්නෝ ඉතින්.. ඒක වෙනම කතාවක්..

      Delete
  5. දිනේශ් මල්ලිගේ කතාවලට මොනවද කමෙන්ට් කරන්නේ කියලා හිතෙනවා. සුපිරියට කතා ලියනවා නෙහ්.. ඒක නෙමේ දවසක ලියමුකෝ හොඳ රහස් පරීක්ෂක කතා පොතක් !

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔහේ මොනාහරි කියලා යමු මධු අයියේ.. ඔයාලා ඉතින් මුල් කාලේ ඉදන්ම එන එක්කෙනානේ..

      පොතක් ලියන්න තමයි හිතන් ඉන්නේ.. බලමුකෝ..

      Delete
    2. මේකේ තියෙන හොඳ කතා ටිකක් එකතු කරලා කෙටි කතා සංග්‍රහයක්වත් කරමු.. හැබැයි මං නං කැමති රහස් පරීක්ෂක කතාව.. පුලුවං නං අපේම රහස් පරීක්ෂක චරිතයක් පසුබිම් කරගෙන කතා ලියමු..

      'බස්තියන්ගේ සොහොන' පොත ලියපු ඩී. ඇම්. කරුණාරත්න මහත්මයාගේ පොත් වල හිටි "මොහාන්" වගේ අපේම චරිත ටිකක් ආරෝපණය කරලා ලියමු ඇට්ටි හැලෙන්ඩ !

      Delete
    3. අදහස නම් හොදයි අයියේ.. ඒත් දැන් මම හිතන් ඉන්න චරිතයයි කතා මාලාවමයි අනික් පැත්ත ගහනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයිනේ.

      Delete
  6. සිරා ඈ.... ඇඩෙනව... මටත් ආසාවක් ආව....

    ReplyDelete
    Replies
    1. ඒන්ජල් කෙනෙක් වෙන්නද ආසාවක් ආවේ?

      Delete
  7. මෙයා අරයටත් මෙහෙමම කියනවද දන්නේ නෑ ?

    ReplyDelete
    Replies
    1. එයාට ඉතින් කෝමත් කියනවනේ සුදීක අයියේ..

      Delete
  8. "ඕනෑම කෙනෙක් ඉපදුනාම ඒ වෙනුවෙන් ඒන්ජල් කෙනෙකුත් උපදිනවා" ඇඩේනවා අප්පා

    ReplyDelete
    Replies
    1. එහෙම වෙනවද දන්නේ නෑ.. ඒ හන්දා වැඩිය හිතන්න එපා බං..

      Delete
  9. මාත් අකුණුවලට පණ බයයි. මටත් දැන් හිතෙනවා මාත් 'ඒන්ජල් ' කෙනෙක් වෙන්ට ඇති කියලා. අරයා ඉපදෙනකොට මාත් මේ ලෝකෙට එන්ට ඇති. :D:D

    හරිම හුරතල් කතාවක්!!!

    ReplyDelete
    Replies
    1. හෆ්ෆේ.. එහෙනම් අපි දෙන්නටම උනේ එකම සිද්දියද දන්නේ නෑනේ පොඩ්ඩි අක්කේ.. ;)

      Delete
  10. එළ අනුවර්තනයක්. අපේ හුගක් ආචාර්ය මහාචාරය වරු තේරුං නොගන්න එකක තමා ඕක. තමන්ගේ බාසාවෙන් අනුවර්තනයක් කරන එක...

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි දේශකයෝ, මේක ඉතින් මේ දවසක් මල් කැඩිල්ලක වුන කතාවක් අල්ලලා දිගට ලියලා දැම්ම පෝස්ට් එකක්.. කට්ටියට සෙට් වෙයි කියලා හිතුවෙත් නෑ..

      Delete
  11. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. එවුවා ඔට්ටු නෑ.. මම මේක දැක්කේ නෑලු.. හික්ස්..

      Delete
  12. ලස්සන කතාවක්..............ආ නෑ ලස්සන සුරංගනා කතාවක්...

    ReplyDelete
    Replies
    1. මම ඉතින් සුරංගනා කතා ලියන්න දන්නෙම නෑනේ.. ;)

      Delete
  13. හැපූ....යි මෙව්වා මෙව්වා වෙලා ගියා :D

    ReplyDelete
    Replies
    1. කොවුවයි උනේ බං?

      Delete
  14. ඒන්ජල්ගෙ Poem එක තවත් වර්ණවත් වෙන්න මේ වචන පේළි වලින් සායම් කවලා. අපූරුයි.

    ReplyDelete
    Replies
    1. අපි ඉතින් සෙට් වුනෙත් ඔය කවි සම්පූර්ණ කරන්න ගිහින් නේ..

      Delete
  15. හෙළුවෙන් කිව්වට ඇදුම් අන්දලානේ ලියල තියෙන්නේ....හික්...... හරිම රොමැන්ටික්.....(මන් නම් අකුණු ගහනවා බලන් ඉන්න ආසයි එත් ඉතින් මෙහේ හරි හමන් විදිහට අකුණු ගහන් නෑනේ අයියෝ......) :B

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි ඉතින් කිවුවට..

      වැස්සක් කිට්ටු වෙලාවට යන්න ලුන්ගොමාරේ පැත්තේ.. අපිටනම් හොදට තියෙනවා.. මම යන්නේ නෑ.. මට දැක්කම අප්සට් හන්දා..

      Delete
  16. ලස්සන කතාවක්. ආසාවෙන් කියෙව්වා...

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ..

      Delete
  17. වාසනා ලොවක් ගෙනාවා දිව්‍ය ලෝකේ ඉදල ආව කේල්ලේ...

    ReplyDelete
    Replies
    1. කෙල්ල නෙමෙයිනේ බං, කොල්ලනේ ආවේ දිව්‍යලෝකේ ඉදලා..

      Delete
  18. හොඳට තියනවා. උඹ හෙන රොමැන්තික් වෙලානෙ.. :D

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් ආලේ මෝරා යන කාලෙනේ සෙන්නා අයියේ..

      Delete
  19. මමනම් ආසයි අකුණු ගගහා වහිනවට...

    ReplyDelete
    Replies
    1. වැස්සට මම ආසයි පොඩි එකෙක් වගේ.. ඒත් අකුණු වලට නම් නෑ.. මට ටිකක් වෙලා යද්දී ඔළුව රිදෙනවා..

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්