Friday, 25 October 2013

එයාගේ දිළිසෙන එක




දිළිසුනා නෙත ලග හෙම්හිට
හිරු එළියක්ද හිතුනා මොහොතකට
කල්පනාව අරගෙන මගෙන් දුර ඈතකට
ඈ ගෙන ගියා මාව වෙන ලෝකෙකට..

කලබලය අතරේ ඉදහිට
නෙතු දිව ගියා ඈ ලගට
අතරින් පතර දිළිසුන දෙයට
නෙත ඇළුම් කලා හෙමිහිට..

හිතුනා ලංව දොඬමළු වන්නට
දිළිසෙන එක තව ලඟින් දකින්නට
ඒත් හිත නැවතුනා මොහොතකට දෙකට
හැමෝම නුඹ ලග නුඹේ ආකර්ශනයට..

දුරින් ගෙවුනා නොසන්සුන් මොහොත
දෑස නුඹ ලග ඉදහිට දිළිසෙද්දි වත
කෙටි ගවුම දිගු දෙපා අතර හිත
ඉවත ගනු බැරිව ලත වෙන්නේ මා නෙත..

ඈ කවුද කොහිසිටන් මෙහි ආවද
හිතුවේ නෑ මම ගෙවුන මොහොතට දෙකට
දුරින් හිද රැදෙනු බැරුව හිත
ඕන කලේ දකින්න ඇගේ දිළිසෙන එක..

විදුළි එලි අතර දිළිසෙද්දී තව තව
නුඹ හිනැහුනේ වගක් නැතුව ඒ ගැන
වටපිට බලද්දී නෙතු අරන් නුබෙන් ඈතට
මම විතරක්ම නෙමෙයි බලා හිටියේ නුඹ දෙස..

හඳුනගන්න ලං වෙද්දී නුඹ ලග
හිත රැදුනේ නැහැ කම්මුලට ලද හාදුවට
කතාබහ අතරේ හිත නැවතුනේ හෙමිහිට
ඇගේ දතේ දිළිසුන පියර්සිං එකට..




අති විශේෂයි : මේ ඉන්නේ අපිට අළූතින් ආව දොත්තෝරෙස්සානේ.. මෙයාගේ ඔය දතේ කරාඹුවක් තියෙනවා පේනවා ඇතිනේ ඉතින්... හෙහ්.. උඩම.... උඩ ඉන්නෙ එයා නෙමෙයි හරි. 

34 comments:

  1. හරි හැඩයි නේ.....කියන්න දෙයක් නෑ වගේ.....

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔහේ මොනා හරි කියන්න..

      Delete
  2. මං මේ දොත්තොරෙස්සගේ කරාඹුව හෙවුවා... :)

    ReplyDelete
    Replies
    1. අර තියෙන්නේ මධු අයියේ ඉස්සරහා දතේම..

      Delete
  3. දොස්තරටවත් ඉන්න දෙන්නෑ නේ :D :P

    ReplyDelete
    Replies
    1. දොස්තර නෙමෙයි බං.. දොත්තොරෙස්සා..

      Delete
  4. මදාරෝ අනංගයා කැරකෙනවා වගේ.. පේන්නේ...

    ReplyDelete
    Replies
    1. අනංගය කැරකිලා දැන් අවුරුද්දක් වෙනවා දේශකයෝ..

      Delete
  5. මේ පාරනම් දෙන දෙයියො ළගටම ගෙනත් දීල වගේ....

    ReplyDelete
    Replies
    1. හික්ස්, ඔවුවා කියන්න එපා බං..

      Delete
  6. එතකොට "පරණ සබන් කෑල්ලට යන්න කිව්වද?"....හැබැයි ලස්සනයි බං

    ReplyDelete
    Replies
    1. අහ්, ලයින් අක්කව එහෙම යවලා කෝමද බං.. එයා එයි හෙමීට.. ;)

      Delete
  7. ලස්සන දොස්තෝරෙස්සා....ඉතින් දැන් ඔයා ඔතන දිගටම වැඩ කරනවද? :D

    ReplyDelete
    Replies
    1. කොහොම වෙයිද කියන්න බෑ පොඩ්ඩී අක්කේ.. ඒ උනාට මම නම් කැමති මගේ ලයින් අක්කටනේ ඉතින්..

      Delete
  8. අම්මට සිලි සිලි....මොකද කියන්නේ දත ගලෝමුද? ;)

    ReplyDelete
  9. අම්මට සිලි සිලි....මොකද කියන්නේ දත ගලෝමුද? ;)

    ReplyDelete
    Replies
    1. උඹ ඉතින් කාලෙකින් ඇවිල්ලා කියෙන්නේ ඔහොම එවුවා තමයි ඉතින්..

      Delete
  10. ke bella la tua dottoressa ? :D ලස්සන ගෑනු ලමය.. දත්වල අලවන්නේ ස්ටිකර් එකක් නෙමෙයිද? ඒක ලස්සනයි මමත් දැකලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ.. ස්ටිකර් එකක් නෙමෙයි.. මේක ඇත්තම ඩයමනෙ එකක් හොදේ..

      Delete
  11. හිටහන් මධාරා නංගිට කියන්න මේකාත් හැදිලා ඉවරයි. අපි වගේ වැඩිහිටියෝ දිහාවත් බලල හැදෙන්න ඕනේ මම කියන්නේ.

    ReplyDelete
    Replies
    1. අම්මටසිරි.. මු පොඩි එකා වැඩිහිටියා උන පාර.. හා හා කියලා බලපංකෝ..

      Delete
  12. මන් මේ ඇහැව්වමයි. දැන් දත් වලටත් කරාබු දානවද අෆ්ෆා.....

    ReplyDelete
    Replies
    1. හෙහ්.. දානවා දානවා.. තව ඉතින් දාන එවුවා ගැන කියන්න බෑ අෆ්ෆා මෙහෙම ප්‍රසිද්ධියේ..

      Delete
    2. නොදත් තැන් වලටත් දත් වලට දාන ඒවා දාන සුදත්ලා ඉන්නවාද?

      Delete
    3. අපොයි ඉන්නවා ඕන තරම්..

      Delete
  13. Replies
    1. මාරයියා මේ ලිපි වලටනම් නෑවිත් ඉන්නේ නෑනේ?

      Delete
  14. දැකීම සතුටක් ...

    ReplyDelete
    Replies
    1. අපිටත් එහෙමමයි..

      Delete
  15. Replies
    1. තැන්කු වේවා.

      Delete
  16. ඕක දාන්නේ දත හිල් කරලද?

    ReplyDelete
    Replies
    1. දන්නේ නෑ ලොකූ.. ඇත්තම කිවුවොත් මම අහන්න ගියේ නෑ.. හැබැයි අලවනවා කියලා හිතන්නත් අමාරුයි නේ.. හැමදාම තියෙන්නේ නැහැනේ.

      Delete
  17. දොත්තොරෙස්සාගෙ කණ්ණාඩියෙන් පේනවා ඉස්සරහා මොකෙක්දෝ ඉන්නව වගේ... හැබෑටම ඒ මොකාද මලේ?

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්