Wednesday, 23 October 2013

සරාගික රාත්‍රිය



නිවි නිවි දිලිසෙන තරු එළි ගානටම ජීවිතේ මොහොතින් මොහොත වෙනස් වෙනවා කියලා දැනෙනවා.. ගෙවුන කාලයත් එක්ක ඒක එහෙම නොවුනානම් තමයි පුදුමේ.. හිතාගන්නවත් බැරි තරමටම කාලය හුඟක් දේවල් වෙනස් කලා කියලා දැනුනත් කලබලේ දුවන්න ගත්ත මේ රේස් එක අස්සේ ඒ ගැන හිතන එක මහ මෝඩ කමක් වෙලාවකට.. රෑ වෙන්න ලගයි.. ජීවිතේ තවත් එක නිශාචර දවසක් පටන් ගන්න තව පැයකින් විතර එළියට බහින්න ඕන.. එත්නින් පස්සේ? එතනින් පස්සේ ජීවිතේ ගැන ඉතුරු වෙන්නේ හිස් අදහසක් විතරයි.. හැමදාම වගේම..

නාන කාමරේ වතුර බිංදු අතරේ වෙලාවකට ජීවිතෙත් හේදිලා යනවනම් කියන හැඟීම ආවේ ආද ඊයේ ඉදන් නෙමෙයි.. ඒත් ඒක නිකන්ම නිකන් හැඟීමක් විතරක්මයි.. ජීවිතේ කොහොම වුනත් ඒ වෙලාවට හිතට එන ඒ හැඟීමනම් ඒ වතුර බිංදුත් එක්ක හේදිලා යන්නේ අනිත් හැම දේටම වැඩිය ඉක්මනින්.. හැමදේම දැන් මායාවක් වෙලා.. මට හිතන්න පුළුවන් දුර එච්චරයි දැන්.. ඒත් ඒක හිත සනසවා ගන්න පුළුවන් තරමේ හේතුවක් නෙමෙයි කියලා මම හොදටම දන්නවා..

හතහාමාරට විතර හොදට ඇද පැළදගෙන ගෙදරින් එළියට එද්දී හුගක් දෙනෙක්ට හිතෙන්නේ මම රස්තියාදුකාරයෙක් කියන එක.. ඒක වැරදිත් නෑ.. දවල් දවසම හොදටම නිදාගෙන රෑට එළියට බහිද්දී ඕනම කෙනෙක්ට එහෙම හිතෙන්න පුළුවන්.. පල්ලෙහා ෆ්ලැට් එකේ ඉන්න සලෙර්නෝ නෝනා මං දිහා බලන බැල්මෙන්ම වචනයක් නොකිවුවා වුනත් ඒක තේරුම් ගන්න එක අමාරු දෙයක් නෙමෙයි.. ඒත්, මම යන්නේ මගේ රස්ස්සාවට.. හැබැයි කිසිම කෙනෙක් නොහිතන විදිහේ රස්සාවකට..

සීත හිම අතරින් වැටුන මාවත දිගේ හැම තැනකම වගේ ඉස්සර බලාපොරොත්තු රැදිලා තිබුනත් අද ඒ හැම එකක්ම දිය වෙලා ගිහින්.. ඒවා අතරේ හුඟක් අපුරු හීන තිබුනා කියලා යාන්තමට වගේ මතක වුනත් දැන් ඒ හැම එකක්ම අතීතයක් විතරක්ම වෙලා..

" දවසක මම ලෝයර් කෙනෙක් වෙනවමයි.."

" හෙහ් හෙහ්.. එතකොට අපි එන්නම් නඬු අරගෙන.."

ඒ පුංචි කාලය තරම් සුන්දර කාලයක් තවත් නෑ කියලා හිතෙන තරමටම මතකය හිත අස්සේ හුඟක් ඉඩ අරගෙන ඉවරයි.. මේ හිම අතරෙම මීට අවුරුදු ගානකට කලින් කියපුවා කාලයත් එක්ක වැහිලා ගිහින් වුනත් තාමත් ඒ මතකය හොරාගෙන යන්න කිසිම දේකට පුළුවන් වෙලා නෑ..

මතකයත් එක්ක පොර බැදන් ඇවිද එද්දී අටටත් කිට්ටුයි.. වෙනදටනම් මේ වෙලාවට එතනටත් ගිහින්.. හීතලත් ටිකක් වැඩි වෙලා හිම වැස්ස හෙමින් පටන් අර ගනිද්දී ඉක්මනින් ආව ගමනේ කෙලවර මගේ නවාතැන මම එනකන් බලාගෙන හිටියා.. නිසොල්මන් පරිසරයක නිහැඬියාව බිදගෙන නැඟුන සංගීතය හැම දෙයක්ම පටන් අරන් කියන එක මතක් කලත් පා ඉක්මන් කරන්න තරම් වුවමනාවක් නොතිබුන හන්දම ඒ සීතල අතරෙම තව ටික වෙලාවක් ඉන්න හිත තීරණය කලා..

" මොකද අද පරක්කු?"

උත්තරයක් දෙන්න තරම් වුවමනාවක් නොතිබුන හන්දා නිහඬවම ඇතුළු වෙන්න උත්සාහ කලත් ඒකට ඉඩක් තිබුනේ නෑ..

" අන්න ලොක්කා අද ආව ගමන් ඇවිත් හම්බුවෙන්න කිවුවා.."

" ඒ ඇයි?"

" ඇයි කියන්නේ ඉතින් වෙනද වැඩේටම තමයි.."

" හ්ම්ම්.."

උඩ තට්ටුවේ ඉදන්ම මම එනකන් බලාගෙන හිටපු ලොරෙන්සෝගේ මුහුණේ තිබුනේ හැමදාම වගේ මම කැමති පෙනුමනම් නෙමෙයි.. ලොරෙන්සෝගේ මුහුණ දකින්න වගේම මේ උඩ තට්ටුවට නගින එකත් මට දැනුනේ මහා පිළිකුළක් වගේ.. ඒත් ඒක කරන්න ඕනම දෙයක් වුන හන්දා හිතේ අකමැත්ත යටපත් කරගෙනම පඩි පෙල නඟිද්දී හැමදාම වගේ දකින්න තියෙන ඒ කපටි හිනාවම අදත් මුණේ තිබුනා..

" මාර්කෝ, හොද වෙලාවට තව පරක්කු නොවුනේ.. ඔන්න අදත් එළියට යන්න වෙනවා.."

" කා එක්කද?"

" මිසිස් ස්ටෙලා එක්ක.."

" මිසිස් ස්ටෙලා?"

" ඔවු ඇයි?"

" නැහැ, මිසිස් ස්ටෙලා ටිකක් වයසයිනේ.."

" වයස උනාම මොකද අතට ගාන හම්බුවෙනවනම්.. මට සල්ලී දීලා තියෙන්නේ.. මාර්කෝගේ ගාන මම ආවම දෙන්නම්.. ඕනනම් රෑ නැවතුනත් කමක් නෑ.. හැබැයි හොද ගානක් ඉල්ල ගන්න.."

ඒ වචන වල තිබුනේ සල්ලි වලට තියෙන කෑදර කම විතරයි කියලා හිතන ගමන් පහලට එද්දී පඩිපෙල ලගදිම මුණ ගැහුනේ මිසිස් ස්ටෙලාව.. ඈ කොයිතරම් නම් වයස ඇද්ද? මට මොහොතකට හිතුනේ ඒ දේ විතරයි.. ඒ ගැන හිතන ගමන් ඈ දිහා බලාගෙන හිටියේ කලකිරීමකින් වුනත් ඈට ඒ බැල්ම දැනුනේ රගිකව කියන එක තේරුම් ගන්න ඇගේ හැසිරීම හොදටම ප්‍රමාණවත්.. ඇය හිනැහුනා.. ඒ මටද මගේ ජීවිතේටද කියන එක හරියටම දන්නේ ඇගේ හිත විතරක්ම වෙන්න ඇති..

..........................................


උදේ නැගිටිද්දීම තිබුනේ ලොකු හිසේ කැක්කුමක්.. කාලෙක ඉදන් බෙහෙත් කරන අසනීපයක් වුනත් අද ඒක වෙනදටත් වැඩිය තදින් දැනුනා.. හැමදාම රෑ දෙක තුන වෙලා ගෙදර ආවත් ඊයේ එද්දී පාන්දට පහටත් කිට්ටුයි.. මිසිස් ස්ටෙලාගේ කතාව හරිම පුදුමාකාරයි.. ක්ලබ් එකට එන අනිත් හැම සල්ලිකාර ගෑණියෙක්ගේ කතාවට වැඩිය ඒක හුඟක් වෙනස් කියලා මට හිතෙනවා.. මම වීදුරුවක් විතරක්ම බොද්දී ඈ තනියම ඉවර කරපු රෙඩ් ලේබල් බෝතලේ එක්ක ඇය ඇගේ ජීවිතේ හුඟක් දේවල් එලියට දැම්මා.. වෙනදා සමහර කතා අහගෙන හිටියේ ඒක පුරුද්දක් වෙලා තිබුන නිසා වුනත් ස්ටෙලාගේ කතාවේ මොකක් හරි දෙයක් හිත යටට ගියා කියලා දැනෙනවා..

ඒත් දැන් ඒ දේවල් වලින් මොකද.. කොයි විදිහක කොහොම කතාවක් වුනත් අවසානයේ ඇයත් අනිත් හැමෝම වගේ මේ රාත්‍රී ජීවිතේට ඇබ්බැහි වෙලා.. ඊයේ මම.. අද වෙන කවුරු හරි.. නාන කාමරේ වීදුරුව අතරින් උණුවතුර හුමාලය මැකිලා යද්දී මට පෙනුනේ මගේ මැළවුන මුහුණ.. හිසේ කැක්කුමත් එක්ක ඔළුවට දැනුනේ මහා බරක්..  දෑස් වල රැදුන මළානික ගතිය දවස් කීපයක් තිස්සේ ඉදන් එක වගේම තිබුනත් ඒක ඒ තරම්ම ගානක් වුනේ නෑ..

හැමදාම රාත්‍රිය කොහේ හරි කාමරේක ගෙවලා දැම්මත් ජීවිතේ විසදගන්න ඕන ප්‍රශ්ණ බොහෝමයක් තාම එකම තැන පල් වෙවී ඔහේ තිබුනා.. ඒ ගැන හිතන්න මහන්සි වුනත් අවසානයේ නතර වෙන්නේ කිසිම උත්තරයක් නැති තැනක අතර මං වෙලා.. ක්ලබ් එකට එන ගෑණු කී දෙනෙක් එක්ක ගියත් ලොරෙන්සෝ ඌට ඕන ගාන පහුවදා අතට දුන්නා ඇරෙන්න ජීවිතේට කිසිම වටිනාකමක් දෙන්න කවදාවත් උනන්දු උනේ නෑ.. ඒක මට විතරක්ම නෙමෙයි.. අනික් හැමෝටම එහෙමයි..

නිමාවක් නැතුව වැයෙන සංගීතය දිගේ ක්ලබ් එකේ ගෑණුන්ගේ ආසාවල් සපුරන ගමන් නිරුවතින් හැසිරෙන එක උන් එක්ක නිදා ගන්නවටත් වැඩිය අමාරු දෙයක්.. සමහර වෙලාවට උන්ගේ අත් වලින් තදින් මිරිකෙද්දී කොච්චර වේදනාවක් දැනුනත් අබිං ගහපු උන් වගේ වේදනාවක් නොදැනෙන ගානට බොරු සතුටක් මවා ගන්න එකේ අමාරුව ලොරෙන්සෝ කවදාවත් අත්විදලා තියෙනවද කියලා කියන්න මම දන්නේ නෑ.. එක දිගට කීප වතාවක්ව නටන ගෑණුන් අතින් ස්වං වින්දනය වුනත් සංගීතයේ තාලයට අමාරුවෙන් හරි පැද්දෙන එක ජීවිතේ දැන් එක පුරුද්දක් වෙගේ වෙලා..

වෙනදා බොන මෝමෙන්ත් එකට අඩු වෙන ඔළුවේ කැක්කුම අද තාම අඩු නැත්තේ ඇයි කියලා හිතන ගමන් ඩිවානෝ එකේ ටිකක් ඇලවෙද්දී දැනුනේ ඔළුව කරකැවෙන ගතියක්.. කම්බියක් ඔළුව ඇතුලට දාලා අදිනවා වගේ දැනෙන වේදනාව කොහෙත්ම ඉවසන් ඉන්න පුළුවන් එකක් නෙමෙයි.. ඩිවානෝ එකේ හාන්සි වුනත් දෑස් වලට නින්දක් ලැබුනේ නෑ.. එක දිගටම රිදුම් දුන්න වේදනාව දරාගෙන ඉන්න බැරි තරමටම දැනෙන්න වුනා..

අමාරුවෙන් නැගිට ගෙන හෙමීට ලෑස්ති වුනේ උදේ වරුවේ දොස්තර ඉන්න වෙලාව පහුවෙන්න කලින් බෙහෙත් ටිකක් ගන්න යන්න හිතා ගෙන.. ඒත් ඇඟට හරි හැටි පණක් නැහැ.. වාහනයක්වත් නැතුව තනියම බස් එකේ යන එක ගැන හිතට පොඩ්ඩකට දැනුනේ බයක්.. මොකද ඔළුවේ කැක්කුම හිටපු ගමන් වැඩි වෙන සමහර දවස් වලට එන කලන්තය අදත් එන්න බැරි කමක් නැති නිසා.. ඒ කොහොම වුනත් කියලා හිතාගෙන ෆ්ලැට් එකෙන් එලියට එද්දීම වගේ දැක්කේ ජෙනාව..

" මාර්කෝ, ඔයා හොදින්ද?"

ජෙනාට මගේ මුහුණින් හැම දේම තේරෙන්න ඇති.. යාන්තමින් ඇතුලට ගිළුන ඇස් දැක්කම ඒක ජෙනාට විතරක්ම නෙමෙයි ඕනම කෙනෙක්ට දැනේවි..

" නැහැ.. මම දොස්තර ලගට යන්න කියලා.."

" තනියම?"

" හ්ම්.."

" යං මම එක්කන් යන්නම්.."

මගේ උරහිසින් අල්ල ගත්ත ජෙනා මාත් එක්කම ෆ්ලැට් එකෙන් එලියට එද්දී ඉබේටම වගේ ඇගේ ඉන වටේට අත දැමුනේ තව දුරටත් මට මාව නතු කරගෙන ඉන්න බැරි තරම්ම අමාරුවක් දැනුන නිසා.. ඇස් වටේ දැනුන දැවිල්ලත් එක්ක හුඟක් දේවල් පෙනුනේ අපැහැදිළිව.. තනියම එන්න ආව ගමනට අහම්බෙන් වගේ ජෙනාව මුණ ගැහුන එක ගැන හිතට දැනුනේ සතුටක්..

...................

" අපිට පරීක්ෂණ ටිකක් කරන්න වෙයි.. මිස්ට පුළුවන්ද මෙතන සයින් කරන්න?"

වීදුරුවෙන් එහා පැත්තේ වුන කතාව ඇහුනේ යාන්තමට.. මම හිටපු කාමරේට තව නර්ස් කෙනෙක් එද්දී පොඩ්ඩකට දොර ඇරුනම ඇහුනේ ඒ ටික විතරයි.. ජෙනාගේ මුහුණේ මොකද්දෝ වෙනස් පෙනුමක් තිබුනා.. මට උදවු කරන්න ආවයින් ඇයට හිතුවටත් වඩා දේවල් කරන්න වුනා කියලා සමහර විට ඇය හිතනවා ඇති..

කීප සැරයක්ම ටෙස්ට් වලට ඇගෙන් ලේ අරන් ඉවර වෙද්දී ඇඟට දැනුනේ කලින්ටත් වඩා අපහසුවක්.. ඉස්පිරිතාලෙන් එලියට ඇවිත් ඒ ලගම තිබුන බාර් එකෙන් උදේට කාලා කෝපි එකක් බිවුවා වුනාට ඇගට ඒකෙන් කිසි වෙනසක් දැනුනේ නෑ..

" මාර්කෝ ඔය සිකියුරිටි වැඩේ ටික දවසකට නිවාඩු ගත්තනම් හොදයි වගේ.. එක දිගටම නිදි මරණ එකෙන් මාර්කෝට අමාරු වෙන්න ඇත්තේ.. මම ගිහින් එන්නම්.. ටිකක් රෙස්ට් එකේ ඉන්න.."

ජෙනා කාමරෙන් යද්දී කියපු දේවල් හිතට වැදුනේ හී පහරක් වගේ.. ඇත්තටම ජෙනා මගේ ජීවිතේ ගැන දැනන් හිටියනම් අද මෙහෙමවත් උදවු නොකරන්න එන්න තිබුනා.. වේදනාව ටිකක් අඩු වෙන්න දුන්න බෙහෙත් වල සැර නිසාමද කොහෙද හිතන්න හුඟක් දේවල් තිබුනත් ඒ කිසිම දේකට ඉඩ නොතියා ඉක්මනින්ම දෑස් පියවිලා ගියේ..

.....................


හුගක් වෙලා නාද වුන දුරකතනය නින්ද අතරින් ඇහුනේ යාන්තමට වගේ.. ඒ වෙද්දී හිසේ කැක්කුම නම් හුගක් අඩු වෙලා ගිහින්.. ඒත් ඇඟට කිසිම පණක් නැති ගානයි.. ෆෝන් එක අතට අරන් බලද්දී කාර්ලෝගෙන් මිස් කෝල් 5ක්, වෙලාවත් රෑ අටට කිට්ටුයි.. කලබලෙන් වගේ නැඟිටින්න උත්සාහ කලත් ඒකට පුළුවන් කමක් ලැබුනේ නෑ.. ඒ එක්කම වගේ ආයෙත් කාර්ලෝගෙන් කෝල් එකක්..

" උඹ කොහෙද ඉන්නේ? අන්න අරූ උඹව හොයනවා.."

" අද මට එන්න බැරි වෙයි බං.."

" අන්න ඊයේ ගෑණි උඹව අදත් හොයනවලු.. කොහොම හරි ඉක්මනට වරෙන්.."

" උඹ ලොරෙන්සෝට කියපං අද මට සනීප නැහැ කියලා.. මිස් ස්ටෙලාට වෙන කාව හරි සෙට් කරලා දීපන්.."

" හරි මම කියන්නම්.. හැබැයි ලොරෙන්සෝ කාරයගේ හැටි දන්නවනේ.. ඒ හන්දා කොහොම හරි හෙට නම් එන්න බලපං.."

ෆෝන් එක කට් වුනත් දැනුන හිස් බවයි අපරාජිත හැඟිමයි මොනවගේද කියලා විස්තර කරන්න තේරෙන්නේ නෑ.. හුඟක් වෙලා නිදා ගත්ත නිසාද කොහෙද හොදටම බඬගිණි.. ඒත් රෑ කෑමක් හදා ගන්න නැඟිටිනවට වැඩිය හිතට ඕන කලේ මෙහෙම ඉන්න.. ඒ, ඒක ඇඟට සනීපයක් වුන හන්දා..

තව පැයක් විතර එහෙමම නින්ද යන්න ඇති.. ආයෙම ඇහැරුනේ දෙතුන් පාරක් වැදුන ගෙදර බෙල් එකට.. හිතට දැනුනේ මහ නොරිස්සුම් බවක්.. ඒත්, සමහර විට ඒ ජේන් වෙන්න ඇති.. ඒ හන්දම අමාරුවෙන් නැඟිටලා දොර ගාවට ආවේ බිත්තියට වාරු වෙන ගමන්..

" මිස් ස්ටෙලා.."

ජෙනා කියලා හිතලා දොර ඇරපු මට මිස් ස්ටෙලාව ඒ විදිහට දකින්න ලැබුන එක පුදුමයක්.. ඒ හන්දම වෙන්න ඇති මම ටිකක් වෙලා එයා දිහා බලාගෙන හිටියේ..

" මම ඇතුලට එන්නද මාර්කෝ?"

" අහ්, හා.."

සාලේ අතරින් පතර තිබුන ඇඳුම් අයින් කරන්න මට ඕන වුනත් මාව නතර කලේ එයාට ඒ දේවල් එච්චර කරදරයක් නෙමෙයි කියලා කියන ගමන්..

" දැන් කොහොමද මාර්කෝ?"

ස්ටෙලා හැම දෙයක්ම දැනගෙනමයි ඇවිත් තියෙන්නේ.. හංඟන්න තරම් වුවමනාවක් නොතිබුන නිසාම හැම දෙයක්ම නිදහසේ කියලා දාද්දී ඇය මගේ ලගට වුනේ කලින් දවසේ පුරුදු විදිහටමයි..

" අද නම් මුකුත් කරන්න බැරි වෙයි.. මට ඒ තරම් ෆිට් එකක් නෑ.."

" මං දන්නවා මාර්කෝ.. මටත් ඕන ටිකක් කතා කරන්න විතරයි.."

ස්ටෙලාගේ තිබුනේ අමුතු ගති පැවතුම්.. රෑ පුරාවටම ඉවරයක් නැතුව කතා කරපු එක එක වෙලාවටකට මහ වදයක් වුනා.. ඒත් කවුරුහරි කෙනෙක් ලග ඉන්න එකේ සතුටක් හිතේ තැනක රැදිලත් තිබුනා..

......................


නින්දෙන් ඇහැද්දී හැමදාම වගේම දවල් වෙලා.. රෑ නින්ද එනකම්ම ඇදේ අනික් පැත්තේ හිටපු ස්ටෙලා උදේම යන්න ඇති.. ඇය හිටපු තැන ඉතුරු වෙලා තියෙන්නේ කලින් දවසේ ඉවර කරපු රෙඩ් ලේබල් බෝතලේ විතරමයි.. කලින් දවසේ වගේ අමාරුවක් නොදැනුනත් හෙමීට නැගිටලා ලෑස්ති වුනේ දොස්තරව මුණ ගැහෙන එක අනිවාර්‍ය වෙලා තිබුන නිසා..

කාළගුණයත් හැම දේකටම වඩා ඉක්මනින් වෙනස් වෙනවා.. හරි හැටි
තර්ක කලොත් මේ හැමදේකටම වඩා වේගයෙන් කාලය ඉක්මනින්ම වියපත් වෙනවා නේද කියලා හිතෙනවා.. ඊයේ අමාරුවෙන් හරි දැක ගත්ත ගස් වල කොල පාට අද සුදු හිමින් සම්පූර්ණයෙනම් වැහිලා ගිහින්.. ඊයට වැඩිය අද දවස කොච්චර වෙනස්ද? ඒත් අපි හැමෝගෙම ජීවිත? කීයෙන් කී දෙනෙක්ටද මේ වගේ ඉක්මනින් ජීවිතේ ලොකු වෙනසක් දකින්න පුළුවන්.. ගොඩක් දෙනෙක්ට බෑ.. හැමෝම එකම එක තැනක නැවතිලා..

වාර්ථා වල පිටු එහේ මෙහේ පෙරළමින් හිටපු ඔහු මං දිහා බැලුවේ කළකිරුණු ස්භාවයකින්.. හැබැයි ඒක අනුකම්පාවක්ද කියලත් හිතෙනවා.. මොකද කවුරුවත් ඒ විදිහට මං දිහා බලලා නැති නිසා..

" මාර්කෝ කොහේද වැඩ කරන්නේ?"

" ක්ලබ් එකක.."

" හ්ම්ම්.."

ඔහු මගේ දිහා බැළුවේ  හිතේ තිබුන දෙයක් මගේ වචන වලින් තහවුරු කර ගත්තා වගේ හැඟීමකින්..

" එහෙනම් මාර්කෝ මේ දේට මුහුණ දෙන්න දැනටමත් සූදානම් ඇති.."

ඔහුගේ අතේ තිබුන වාර්ථාවේ පිටුවක් මට දුන්නේ ඒක මට කියවන්න උනන්දු කරන ගමන්.. ඒකේ තිබුන හුඟක් දේවල් තේරුම් ගන්න පුළුවන් දැනුමක් මට නොතිබුනත් කැපිටල් අකුරු තුනකින් ලියවුන ඒ වචනය ගොඩක් කල් ඉදන්ම දැනගෙන පරිස්සම් වුන දෙයක්.. හදවතේ රාවයත් සුසුම් රළත් අතර එකම එක තත්පරේකට නතර වුන හිතට හුඟක් දේවල් ක්ෂණයකින් ඇවිත් ගියේ හරියට අකුණු සැරක් වගේ..

" මුකුත් කරන්න පුළුවන් කමක් නැත්ද?"

" මාර්කෝට මේ ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.."

ඔහුගේ කටහඬේ තිබුනේ අනුකම්පා විරහිත බවක්.. මේ වගේ වෙලාවක ඒක බලාපොරොත්තු වෙන්න පුළුවන් තරමේ දේයක් වුන හන්දම ඒක ඒ තරම් ලොකුවට දැනුනේ නෑ.. එතකොට මේ අවසානයද?

...........................


බිත්තී අතරට නිතරම වැදුන රතු පාට කොල පට එලි දිහා හුඟක් වෙලා බලාගෙන ඉන්න එක වදයක් කියලා තේරුණේ ඒ දිහා නිදහස්ව බලාගෙන ඉද්දී.. මත්බව අතරින් ගලායන රාගය එක්ක වේදිකාවේ කිසිම කෙනෙකුට ඒක දැනෙන්නේ නැතුව ඇති.. මේ වෙනකම්ම ඒක කවදාවත්ම මට දැනුනෙත් නැහැ..

" මාර්කෝ, දැන් තමුසෙට මොකද වෙන්න ඕන?"

ඒ ඇස් වල තිබුනේ මහා වියරුවක්.. සල්ලි වලින් මනුස්සකම යට ගිය රතුපාට ඇස් වලට හුඟක් දේවල් වැහිලා ඇති කියලා හිතෙන්න ඒ වචන හුඟක් ප්‍රමාණවත්..

" තමුසේ දැන ගන්න ඕන පරිස්සම් වෙන්න.. ගෑණු එක්ක බුදියගන්න ලෑස්ති කරලා දුන්නට අපිට බෑ තමුසෙලට පරිස්සම් වෙන එක ගැන උගන්නන්න.."

" ඒත්,"

" මෙතන වැරැද්ද තමුසෙගෙනේ.. මෙතනට එන ගෑණුන්ගේ වෛද්‍ය සහතික බලන්න අපිට බෑ.. ඒත් මං ගාව ඉන්න උන් හරියට ඉන්න ඕන එක විතරක් මම බලන්න ඕන.. තමුසෙට මොකද වෙන්නේ කියලා ඉතින් මම කියන්න ඕන නැහැනේ.."

කළකිරීමත් එක්ක නඟුන වේදනාව මාවම නිහඬ කරන්න ඇති..

" අපිට තමුසේ වෙනුවෙන් කරන්න පුළුවන් මෙච්චරයි.."

මං දිහාවට දික් වුන ලියුම් කවරය ගන්නවා ඇරෙන්න වෙන කරන්න කිසිම දෙයක් තව දුරටත් මට ඉතුරු වෙලා තිබුනේ නැහැ.. ජීවිතේ වටිනාකම මේ කවරය අතරේ ලියවිලා ඇති..

.................


අතරමග හමුවුන හැම මුහුණක්ම මට සමච්චලේට වගේ හිනා වෙනවා දැනුනේ ඇයි කියන්න මට තේරෙන්නේ නෑ.. කිසිම දෙයක් නොදැන හිනාවුන ඔවුන් දවසක මේ හැම දෙයක්ම දැන ගනීවි.. කලින් දවසේ ඉදන්ම මේසේ උඩ ඉතුරු වුන කෑම ආවේ පිළූණු ගදක්.. ඉක්මනටම මේ ජීවිතෙත් ඒ වගේම වේවි.. හුගක් දෙනෙක් එක්ක සතුටු වුන ඩිවානෝ එකේම මළමිණියක් වගේ ඇද වැටුනු මම හුඟක් දේවල් ගැන හිතන්න උත්සාහ කලත් ඒ හැම එකක්ම චායාවක් වගේ මගේ ලඟින් ඈතට දුවමින් තිබුනා.. හැම දෙයක්ම මගෙන් ඈතට යද්දී මම මුකුත් නොකරම ඒ දිහා බලාගෙන හිටියා..

ගොඩක් වෙලා ඒ විදිහට ඉන්න ඇති.. අමාරුවෙන් තද කර ගත්ත ඇස් දෙකට ඒකෙන් පොඩිම හරි විවේකයක් ලැබුනේ නෑ.. ජීවිතේ වටිනාකම ලියලා තිබුන ලියුම් කවරේ දිහා මම හුඟක් වෙලා බලාගෙන හිටියා.. අවුරුදු විසි හතක ජීවිතේ තව කොච්චර අනාගතයක් ඉතුරුද කියලා කියන්න මමවත් දැන් හරියට දන්නේ නෑ..

යුරෝ 2000යි..

ජීවිතයේ වටිනාකම.. ඒත්, ඊට පස්සේ??



නිමි..






29 comments:

  1. Excellent.... Cupid barks a lot.. hehe

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ දේශකයෝ.. පෝස්ට් එක දාන පරක්කුවට ඇවිත් බලලා..

      Delete
  2. මිනිස්සුන්ගේ වටිනාකම !
    මල්ලි විදූ බලලා තියෙනවද ? ජීවිතයේ වටිනාකමක් නැති මිනිස්සු තමන්ගේ වටිනාකම ඉල්ලලා කරන අරගලයක් තියෙන කතාවක් ඒක :)

    ReplyDelete
    Replies
    1. හඳගමගේ විදූ බොහොම හොඳ ෆිල්ම් එකක්. බලන්න වටිනවා.

      Delete
    2. මධුරංග අයියා, විදූ බලලා නෑ ඒ මම.. සිංහල ෆිල්ම් ඉතින් ගොඩක් නෙට් එකේ හොයන එක අමාරු වැඩක් නේ..

      Delete
    3. හොයාගන්න පුළුවන් වුනොත් අනිවා බලනවා..

      Delete
  3. සංවේදී බව උපරිමේටම තියෙනවා.............. අද කාලේ මනුස්ස ජීවිතේ වටිනාකමත් මනින්නේ සල්ලි වලින්. හයියෝ සල්ලි

    ReplyDelete
    Replies
    1. ඒ ගැන නම් කියලා වැඩක් නෑ.. සල්ලි උඩ හැමදේම තීරණය වෙනවනේ ඉතින්..

      Delete
  4. දිනේෂ්ගෙන් අදත් සුපිරි කතාවක්...

    ReplyDelete
    Replies
    1. තැන්කූ ගලයෝ..

      Delete
  5. බොහොමයක් නිශාචර ජීවිතවල අවසානය මේක තමයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම.. මේ රස්සාව කරන කෙනාගේ වගේම මේ වගේ අය ලගට එන අයටත් ගොඩ්ක වෙලවට වෙන්නේ ඕක තමයි..

      Delete
  6. මෙහෙම දේවලුත් ලෝකෙ වෙනව එහෙනම්...අම්මෝ සැර

    ReplyDelete
    Replies
    1. වෙනවා වෙනවා.. මොකෝ නොවෙන්නේ..

      මොකක්ද දැන් සැර?

      Delete
  7. අනේ මන්දා.... ඔලුවට කලුගලක් අතෑරියා වගේ මහා අසරණ හැඟීමක් ආවා....... :(

    ReplyDelete
    Replies
    1. කියවන අපිට මෙහෙමනම් ඒ ජීවිතේ විදවන මිනිස්සුන්ට කොහොම දැනෙනවා ඇත්ද.. අන්න ඒකයි හිතන්න ඕන..

      Delete
  8. නියමයි කොල්ලො ගොඩක් ජීවිතවල ඇත්ත මේක‍යි. කතන්දර කාරයගෙ පුක, චූ. සමලිංගික කතා වගේ නෙවේ මේවා එල එල

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ඇනෝ..

      ඒත්, කතන්දරකාරයාව විවේචනයට මම යන්නේ නෑ.. ඔහුගේ කතා කොහොම දැනුනා වුනත් මේ පාරේ ගොඩක් ඉස්සරහට ගිය කෙනෙක් නිසා ඔහුව අගය කරනවා..

      Delete
  9. ලංකාවේ තවම නැති වුණත්, යුරෝපේ මේ දේවල ඇත්තටම වෙනවා ඇති. අපේ රටේ ඔය තරම් දෛර්යක් තියෙන ගෑණු අඩුයි.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත සුදීක අයියේ.. මෙහේ නම් ඉතින් මේවා සාමාන්‍ය දේවල් නේ..

      Delete
  10. කතාව අවසානේ මෙහෙම වෙයි කියලා හිතුනා, දිනේශ් කියවගෙන යනකොට. ඒ වගේම හිතේ කළකිරීමකුත් ඇති උණා. ඇයි මිනිස්සු මේ තත්වයට ඇවිත් ඉන්නේ? එය සිද්ධ උණේ කවදාද? කොහොමද? මේ තත්වය කවදාවත් නැතිවෙන්නේ නැතිවෙයිද කියන ප්‍රශ්න ඔලුවට ආවා.

    කතාව පිරිමි ඇහැකින් දකින විදියට ලියලා තියෙන හන්දා තවත් ලස්සණයි ...

    ReplyDelete
    Replies
    1. මේ තත්වේ නැති වෙන එකනම් කවදාවත් වෙන දෙයක් නෙමෙයි පොඩ්ඩි අක්කේ.. කාලයත් එක්ක තව තව වැඩි වෙනවා මිසක.. කාලයත් එක්ක හැම දෙයක්ම ඉස්සරහට වැඩිය වෙනස් වෙලා යනවනේ..

      කාතා ඇසකින් ලියවුන කතා ඕන තරම් තියෙනවනේ.. අනික මේක මම අර ගණිකාවෝ ගැන පෝස්ට් එක ලියද්දී මමයි අරයයි කතාවුන දෙයක් මත ලියවුන එකක්..

      Delete
  11. පට්ටම පට්ට... ගණිකාව කියන එකට පුරුෂලිංග වචනේ මොකක්ද...?

    ReplyDelete
    Replies
    1. ගණකයා හී හී...

      Delete
    2. ඔය දීලා තියෙන්නේ පොඩ්ඩි අක්කා උත්තරේ.. හැබැයි මටත් ඕක ශුවර් නැතුව තමයි හිටියේ.. ;)

      Delete
    3. යකෝ ගණකයා කිව්වාම නිකං ගොරකයා වගේ...පිරිමිකමට රැස්පොට් එකක් නැහැ. ගණකාධිකාරි කියපං. සුද්දානම් කියන්නේ Gigolo කියලා.

      Delete
    4. ගණකාධිකාරි කිවුවම උන් එයිද දන්නේ නෑ කලිසම් ගලෝගෙන වලියට.. සුද්දගේ වචනේ සිංහල තේරුම බැලූවම ආවේ ඔන්න මෙහෙම එකක්ලු

      // වැඩිමහලු කාන්තාවකගේ පෙම්වතා ලෙස සිටීමට ගෙවීමක් ලබන //

      Delete
    5. ඉස්කෝලේ යන කාලේ අපි ගණකයා කිව්වේ ඕලෙවල් ගණන් උගන්නපු සර්ට...හික් හික්

      Delete
    6. හෙහ්, උඹලා දැන හෝ නොදැන මරු නම කියලා තියෙන්නේ සර්ට..

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්