Wednesday, 2 October 2013

මගේ ලයින් අක්කා



යාළුකම කියන්නේ හරි අපූරු බැඳීමක්.. ජීවිතේ ලස්සන කරන බැඳිමක්.. දුක සතුට හැම දෙයක් එක්කම හරි අපූරුවට බද්ද වෙලා තියෙන හැමදේටම වඩා විශ්වාසය මත පදනම් වුන බැදිමක් තමයි මේ යාළුකම.. කාලෙන් කාලෙට යාලුවෝ වෙනස් වෙනවා.. හොදම යාළුවෝ වුනත් ඈත් වෙන්න වෙන වෙලාවක් තියෙනවා.. කාලයත් එක්ක ඈත් වුනත් තාමත් හිත ලග නතර වුන ඒ වගේ යාළුකම් කීපයක්ම මගේ ජීවිතේ තාමත් තියෙනවා.. හැබැයි ඒ එක්කොම යෙහෙළියෝ.. ඇත්ත, මගේ ජීවිතේ මාව තේරුම් අරන් මට ලං වෙන්න පුළුවන් වුන කීප දෙනාම යෙහෙළියෝ.. ඒ හැමෝගෙම අතරේ මට කාටත් වැඩිය ලං වුන එකම එක මිතුරියක් ඉන්නවා.. ඒ ගැනයි අද මේ ලියන්න හිතුනේ..

මගේ බ්ලොග් එක බලන අයට මං නිතරම පෝස්ට් දාපු දොත්තොරෙස්සා අක්කාව අමතක නැතුව ඇති.. කවදාවත්ම මගේ ජීවිතේට මෙච්චරම ලං වේවි කියලා මම කොහෙත්ම නොහිතපු කෙනෙක් තමයි දොත්තොරෙස්සා අක්කා.. එකට වැඩ කරන තැන ඇතිවෙන සාමාන්‍ය බැදීමක් විතරක් විදිහට හම්බුන අපි මේ වෙද්දී යාළුකමේ කොච්චර දුර ගිහින්ද.. තාම මතකයි මීට අවුරුදු පහකට කලින් ඉස්සෙල්ලම වැඩට ගිය දවස.. එතකොට අක්කත් වැඩට ඇවිත් අවුරුද්දක් විතර ඇති..

සුද්දෝ ඉන්න තැනකට මේ කළු අපි වැඩට යන එක ඇත්තටම කිවුවොත් ටිකක් විතර හිත ගැහෙන දෙයක්.. පළවෙනි දවස් කීපය කාටත් ඔහොමයි.. මටත් එහෙමයි.. අනික් උන් මං දිහා බැළුවේ හරියට පිට සක්වලින් ආව එකෙක් දිහා බලන ගානට.. මාත් වැඩි ගානක් නැතුව ගිහින් ලොක්කා එක්ක එහෙම කතා කලාට පස්සේ ලොක්කා මාව කෙලින්ම දැම්මේ ලැබ් එකට.. ලැබ් එකේ හිටියේ අක්කා.. මාත් එක්ක හොදට හිනාවුනා.. ඇත්තම කිවුවොත් ඒ හිනාවේ තිබුනේ හිත ඇදගන්න පුළුවන් අමුතුම ලස්සනක්..

දැන් වගේ නෙමෙයි ඒ දවස් වල අක්කට තිබුනේ කොට කොණ්ඩයක්.. බෙල්ල ගාවට විතර.. දැන් වගේ එච්චර ගතියක් තිබුනෙවත් අතරින් පතර පාට කරලා තිබුනෙවත් නෑ.. හැබැයි කෝම වුනත් අමුතු ලුක් එකක් තිබුනා.. එතකොට මට එච්චරම ඉතාලිත් බෑ.. ඒත් පුළු පුළුවන් විදිහට අල්ලගෙන මම අක්කා එක්ක කතා කලා.. හොද වෙලාවට එයාට සුට්ටක් කඩ්ඩ පුළුවන් වුනා.. ඒකෙන් මට ටිකක් ලේසි වුනා.. මුල් දවස් වල ෆාමසියෙන්ම මාත් එක්ක ලොක්කා ඇරුනම කතා කරපු එකම එක්කෙනා වුනේ අක්කා.. ඒ ඉතින් වැඩි හරියක්ම අපි දෙන්නා ලැබ් එකටම කොටු වුන හන්දා..

අවුරුද්දක් විතර යද්දී මුලින් හිටියට වැඩිය ගොඩක් ලං වෙලා තිබුනා.. අපි අපේ ජීවිත වල හුඟක් දේවල් ඒ වෙද්දි දැනන් හිටියා.. පෞද්ගලික දේවල් පවා.. අක්කට හිටිය කොල්ලො ලිස්ට් එක ගැන එකක් නෑර මාත් එක්ක කියලා තිබුනා.. ඒවායේ රස මුසු තැනුත් එක්කම.. ඉස්සෙල්ලාම ජොබ් එක මුල්ම කාලේ කම්මැලි කමින් පටන් ගත්තට මොකද ටික කාලයක් යද්දී නොහිතපු විදිහට මුණ ගැහුන මේ හිතවතිය නිසා හැම දෙයක්ම හුඟක් ඉක්මනට වෙනස් වුනා..

පෞද්ගලිකව අපි කොච්චර ලං වුනත් වැඩ කරන වෙලාවට නම් අක්කා අදටත් මාරම ටෆ්.. වැඩට ගිය මුල්ම දවසක ලැබ් එකේ අපි හදපු බෙහෙතක මිශ්‍රණයක් වරද්දලා අක්කා මට බැනපු හැටි තාමත් මතකයි මට.. එදා තමයි මෙයාට මෙච්චරම කේන්ති යනවා කියලත් මම දැන ගත්තේ.. හැබැයි එදා වැඩ ඉවර වෙලා එන්න හදද්දි වැඩ වෙලාවට මං කියන දේවල් එච්චර ගනන් ගන්න එපා උඹ තරහා නෑ නේද කියලා මාව වැළදගෙන ගිය හැටි කොහොමවත්ම අමතක වෙන්නේ නෑ..

ටිකින් ටික කාලය ගෙවෙද්දී අපි දන්නෙම නැතුව හුඟාක් හොද යාළුවෝ වෙලා.. ඉතාලි ආවට පස්සේ මට නිදහසේ කතා කරන්නවත් තරම් යාළුවෙක්  හිටියේ නෑ.. කාලයත් එක්ක මට හිටිය යාළුවෝ හුඟක් දෙනෙක් මුහුණුපොතට සීමා වෙලා ටිකින් ටික ඈතට ගියා.. කතාකරන්න ගොඩක් දේවල් තිබුනා වුනත් කතා කරන්න හරි යාළුවෙක් හිටියේ නෑ.. ඉතින් සමහර වෙලාවට හිතේ තිබුන සමහරක් දේවල් ටික ටික අක්කා එක්ක කිවුවා.. මං කියන දේවල් අහගෙන ඉන්නවත් මාත් එක්ක කතා කරන්නවත් අකමැත්තක් අක්කගේ නොතිබුන නිසාම මාත් හුඟක් වෙලාවට හිතේ තිබුන හැම දෙයක්ම වගේ කිවුවා..

අපි යාළුවෝ විදිහට හුඟක් ලං වුනේ කලින් වතාවක මම ලියපු ලයින් අක්කගේ හොර ලවු එක තිබුන කාලේ.. ඇත්තටම ඒ දවස් මාරම ෆන්.. අපි දෙන්නට ලැබ් එකට වෙලා කතා කරන්න ඕන තරම් දේවල් තිබුනා.. හම්බුවෙන චොකලට් බෙදා ගන්න.. අනිත් කෑම ජාති කන්න.. ඒ දවස් වල වැඩ ගොඩයි.. හැබැයි ඉතින් දෙතුන් ගමනක්ම මම ඒ වැඩේ නවත්තන්න කියලා නොකිවුවාමත් නෙමෙයි.. ඒත් ඉතින් අහපු නැති එක වෙනම දෙයක්..

මේ අවුරුදු පහට අක්කා මගේ ජීවිතේ මට ලං වුන හොදම යාළුවා වෙලා ඉවරයි.. අපි කොච්චරනම් පිස්සු වැඩ කලාද.. හාදු වලට ඔට්ටු ඇල්ලුවා.. ඒවා අරගත්තා.. අක්කා එයාට ඉන්න ඉතාලි යාළුවෝ තරමටම මාවත් ලං කර ගත්තා.. අද අපි අතර ජීවිතේ නොදන්න දෙයක් නැති තරමටම අපි හොද යාළුවෝ වෙලා.. දුක සතුට හැමදේකටම ලඟ ඉන්න හොදම යාළුකමක්.. හිතට දුකක් ආවම නිදහසේ ඒ දේ කතා කරන්න පුළුවන් යාළුකමක් හම්බුවෙන්නේ බොහොම කලාතුරකින්.. වාසනාවට වගේ මට එහෙම යාළුකමක් ලැබුනා..

හැබැයි අපි අතර තියෙන අවුරුදු හයක වෙනස නොතිබුනානම් මේ යාළුකම ආදරයක් කරන්න මම කොහෙත්ම දෙපාරක් හිතන්නේ නෑ.. අඩුම ගානේ ඒක අවුරුදු දෙකකවත් වෙනසක් වුනානම් කැමැත්ත අර ගන්න මම උත්සාහ කරනවා.. මේක රහසක් නෙමෙයි.. මම අක්කා එක්ක කෙලින්ම කියපු දෙයක්.. ඒ අක්කගේ වෙඩින් එකට කලින් සතියේ.. එදා අක්කා හිනා වෙලා උඹ හොද කොල්ලෙක් කිවුවා විතරයි.. ඇත්තටම මම අක්කට ආදරෙයි.. දැන් වැරදියට හිතන්න එපා.. ඒක මේ මගෙයි මදාරාගෙයි ආදරේ වගේ නෙමෙයි.. අක්කට මම ආදරෙයි හොද යාළුවෙක් විදිහට.. සහෝදරියක් විදිහට මම අක්කට මාරම ආදරෙයි.. ඒකේ කිසි වෙනසක් නෑ..

මේ අවුරුදු පහේ යාළුකම කොයි වගේද කියලා දැනුනේ මේ ගෙවුන මාස දෙකට.. හිටපු පරණ අය ඔක්කොම අයින් වෙලා ගියා වගේම අක්කත් අයින් වෙලා ගියා.. අන්තිම දවසේ වැඩ ගැනත් නොහිතා අපි හුඟක් වෙලා කතා කරා.. යන්න කාර් එකට නැගලත් ආයෙම ඇවිත් මාව වැළද ගත්තේ ඇත්තටම ඒ වෙන්වීම හුඟක් තදින් දැනුන නිසා.. ෆෝන් එකෙන් ස්කයිප් එකෙන් මුහුණු පොතෙන් ඉඩ තියෙන හැම වෙලාවකම කතා කලත් හැම දෙයක්ම ඉස්සර වගේ නෑ කියලා හිතට දැනෙනවා..

ෆාමසියේ වුනත් ඒ පාළුව හොදටම දැනෙනවා.. ඒ ලස්සන හිනාව නැති අඩුව දැනෙනවා.. හැමදාම උදේට එද්දී අරන් ඇවිත් මගේ අතට දෙන ලිලී මල් නැතුව ඉස්සරහා ලස්සනට තියෙන මල් පෝච්චිය පාළුවට ගිහින්.. දැන් ෆාමසියේ විහිළුවක් කරන්නවත් කෙනෙක් නැති තරම්.. හැමදේටම වැඩිය ඉස්සර වගේ හැමදේම කියන්න හිටිය මගේ යාළුවා නැති අඩුව මට වැඩියෙන්ම දැනෙනවා.. කියන්න, අහගන්න, උපදෙස් ගන්න කතා කරන්න දේවල් හුඟක් තියෙනවා.. නිතර මැසේජ් කලත් ඒ දේවල් කියන්න බැහැ..

ඒ ඔක්කොටම වැඩිය ලැබ් එකට අළුතින් ගත්ත මල හෝන්තුව දැක්කම මට තද වෙනවා.. පහුගිය දවස් ටිකට අපි කී පාරක් නම් රණ්ඬු වුණාද.. හමේ පාට වෙනස නෙමෙයි වැඩ එක්ස්පීරියන්ස් එකයි වටින්නේ කියන එක ඒ ගෑණි තේරුම් ගන්නකන් මට ඒ සමයම එක්ක වැඩ කරන්න බෑ..  ඒ ගෑණි කොහොම හරි යවාගෙන ආයෙම මගේ අක්කවම මෙතනට ගන්න ඕන..

කාලයත් එක්ක මගේ හිටිය යාළුවෝ නැති වුනා.. වගකීම් එද්දී මගේ හොදම යෙහෙළියෝ දෙන්නාම ඈත් වෙලා යන්න ගියා.. ඒත් ඒ හැමෝටම වැඩිය මට ලං වුනේ අක්කා.. මේ බැදීමනම් කාලයත් එක්ක මගෙන් ඈත් කර ගන්න මට කොහෙත්ම වුවමනාවක් නැහැ.. ඒ නිසා බලමු.. මොන දේ වුනත් මට මේ යාළුකම හැමදාටම හුඟක්ම වටිනවා.. 








48 comments:

  1. හරි සෝයි අක්ක කෙනෙක්නේ.

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව රාජ් අයියේ..

      Delete
  2. අපූරු යාළුකමක් :) මේ වගේ බැඳීම් ලේසියෙන් ඇති වෙන්නේ නැහැ. හ්ම්ම්, පොඩි කාලේ ඉඳලා මගෙත් හොඳම යාළුවා කොල්ලෙක්. ඒ යාළුකම අදටත් එහෙම යි. කවදාවත් රණ්ඩු වෙලා නැහැ දවසින් දවස බැඳීම වැඩි වුණා විතර යි. හැබැයි යාළුකමෙන් එහාට හිතන්න කවදාවත් ඕනේ කමක් ආවේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ධාරා, මේ වගේ යාළු කම් හම්බුවෙන්නේ අහම්බෙන්.. ඒ වගේම දිගටම රැක ගන්න ඕන.. මොකද නැති වුනොත් නැති වුනාම තමයි නිසා..

      යාළුකමෙන් එහාට යන්නත් එපා..

      Delete
  3. යාලුකම කියන්නෙ පුදුම බැදීමක්... කියල නිම කරන්න බෑ මචන්....

    ReplyDelete
    Replies
    1. අනිවා මචං.. ආදරේට වගේම යාළුකමටත් සීමා නෑ කියලා තමයි කියන්න තියෙන්නේ..

      Delete
  4. ලස්සන අක්කා කෙනෙක් නේ බං. එක්කෝ අවුරුදු හයත් වැඩිම නෑ නේද කියලා කලින්ම හිතුනා නම් හරි. කොහොම වුනත් සමහරු අපේ ජීවිත වලින් ඈත් වුනාම ඒ දුඅක් දැනෙනවා වැඩියි. ඒ මොකද කියන්න නම් දන්නේ නෑ . එත් එක මුලු ජීවිතේම හිඩැසක් ඇතිකරන දෙයක්.

    ReplyDelete
    Replies
    1. දැන් නම් එහෙම හිතන්න පරක්කු වැඩියි.. කොම වුනත් ඒකට වැඩිය මම මේ බැදීමට මාර කැමතියි..ඈත් වෙන එක හැම දේකටම වැඩිය දරා ගන්න අමාරුයි..

      Delete
  5. අා, ඔයාටත් ලෙඩේ හැදුනද ? :O :O :O

    ReplyDelete
    Replies
    1. කිසිම ලෙඩක් නෑ බං.. මේ හොදට ඉන්නේ..

      Delete
  6. අන්න ඒ අක්කා ගැන කිව්වමනං මටත් කොමෙන්ට් එකක් දාන්න හිතෙනවා.. :D

    ReplyDelete
    Replies
    1. මාරයියා කෝමත් ලොක්කගෙයි අක්කගෙයි කතා ටිකට ඇහැ ගහගෙනමයි ඉන්නේ කියලා දන්නවා..

      Delete
  7. එහෙම යාළුවො ලැබෙන්නේ ගොඩක් අඩුවෙන්. ඒ අතින් දිනේෂ් අයියා හරි ලකී මේ මේවගේ පොස්ට් දාන කලින් දෙපාරක් හිතන්න මේ වගේ ෆොටෝත් එක්ක අමතක කරන්න එපා මඩ ගහන එවුන් ගැන.

    ReplyDelete
    Replies
    1. අනිවා කෝරලේ.. ඒ වාසනාව ගැන ඉතින් කියලා ඉවරයක් කරන්න බෑ..

      අහ්, ඒකටනම් අවුලක් නෑ බං.. ඕනනම් පෝස්ට් එකක් වැටිලා බ්ලොග් එක තව ටිකක් හිට් වේවි.. ;)

      Delete
  8. අයියෝ..අපිට තව රසකතා අහන්න තිබුනු චාන්ස් එක නැති වෙලානේ..!!
    කොහොම වුනත් ලයින් අක්කාට සුභ පැතුම්..

    ReplyDelete
    Replies
    1. සමහර විට ඉස්සරහට පුළුවන් වේවි.. අනික අක්කා නැතැත් ෆාමසියේ කතානම් ඉතින් අඩුවක් නැහැනේ.. හැබැයි ඉතින් අක්කගේ ඒවා විශේෂයි නම් තමයි.. බලමුකෝ..

      Delete
  9. මේ හා සමාන අත්දැකීමක් මටත් තියෙනවා.අපේ office එකට ලගදි ආව කෙල්ලෙක් මට බොහොම ලෙංගතුව උන්නා.
    එත් මම ඒකිගෙන් විහිලුවට යාළු වෙන්න අහලා.මම එක ඇහුවේ විහිළුවට කීවාම එයා මත් එක්ක තරහා වුනා.දැන්නම් ශේප්.නමුත් පෙර තරම් නැහැ.දැනෙන පාළුව කියාගන්නත් බැහැ.මගේ හිතේ එයාට ආදරයක් ඇති නොවුනත් තියෙන ලෙංගතුකම මට විස්තර කරන්න තේරෙන්නේ නැහැ බං.

    ReplyDelete
    Replies
    1. අපරාදේ.. එක්කෝ ඇහුවේ සිරාවටමයි කිවුවනම් එකක් කියලා දැන් හිතෙනවා ඇතිද මන්දා.. ඇත්ත දැන් ඉතින් ඉස්සර වගේ බැරි හන්දා ඒ යාළුකම ආයෙම ගොඩ නගා ගන්න එක ලේසි නෑ..

      Delete
  10. අපූරු බැඳීමක්. ඒක බිඳගන් නැතුව ලගින් තියාගන්න තියෙනව නම් කොච්චර හොඳද? නමුත් බැඳිම් කියන ඒවා හැමදම තියෙන් නැ ඒක වගේ..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. හුඟක් කල් ලගින් තිබුනොත් ටිකකට හරි දුරට ඒ බැදිම යනවා.. ඒකයි ඇත්ත..

      Delete
  11. අක්ක දෙකක් පෙන්නන්නේ මූ මගෙ දෙවෙනි කොල්ල කියන්නද බං ;)

    අක්ක සීන් නම් ගොඩාායි... :))

    ReplyDelete
    Replies
    1. ඕවා ඉතින් ඔහොම කෑ ගහලා කියන්න එපා බං.. ඕකනේ බැරි උඹලා එක්ක..

      උඹේ අක්කලා ගැනනම් ඉතින් මම නොදන්නවයි..

      Delete
  12. ඔය වගේ අවුරුදු 15 ක් හොදම යාලුවෙක් වෙල ඉදල පස්සෙ ජම්මාන්තර වයිරක්කාරයෙක් උනොත් කොහොමට තියෙවිද? මට ලගදි ඒ වගේ අත්දැකීමකට මුහුන දෙන්න උනා.

    ReplyDelete
    Replies
    1. හෆොයි.. ඒවා නම් මතක් කරන්නවත් එපා.. අත්දැකීම කොයි වගේද කියල හිතා ගන්න පුළුවන්..

      Delete
  13. ලයින් අක්කා හරිම cute

    කලු හමෙන් සුදු හමෙන් වෙනස් වෙලා රටවල් දෙකක ඉපදිලා උනත් මෙහෙම හදවතේ ලොකු බැඳීමක් ඇතිවෙන්නේ සසර පුරුද්දට කියලා තමයි මගේ පෞද්ගලික විශ්වාසය නම් දිනේශ්

    ReplyDelete
    Replies
    1. වෙන්න පුළුවන් රෙහානි.. එයා ඉතින් කියුට් වගේම තමයි හිත වුනත්.. ඒකනේ මම මෙච්චරම කැමති..

      Delete
  14. A friend & a companion අතර වෙනස පේනවා නේද?

    ReplyDelete
    Replies
    1. අනිවාර්‍යයෙන්ම..

      Delete
  15. මටත් හිටිය ඔහොම අක්කෙක් .. NIBM යන කාලේදී .. පුදුම බැඳීමක් තිබ්බේ ..එය මට වැඩිය අවුරුදු 3ක් වැඩිමල් .. වැඩේ කියන්නේ මම හෙන කාලයක් තිස්සේ අහනවමයි කියල හිතල.. ඕනේ මඟුලක් වෙන්න කියල එක දවසක් අහල .. ඊට පහුවදා මම ම කිව්වා ඒක .. හරි යන්නේ නෑ .. අපි මේ ඉන්න විදියට ඉමු කියල.. හික්

    වෙඩින් එක දවසේ මට ඇත්තටම ඇඩුන... හැබැයි ඒ කාලේ ඒ විදියට අමාරුවෙන් හරි හිටපු එක කොච්චර හොඳද කියල දැන් හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. මන්දා මොනවා කියන්නද කියලා.. ඒක ඉතින් පැතුම්ගේ තීරණය.. දැන් හිතෙනවනම් ඒක හරි කියලා ඊට එහා ඉතින් මම මුකුත් කියන්න උත්සාහ කරන්නේ නෑ..

      Delete
  16. මටත් හිටිය ඔහොම අක්කෙක් .. NIBM යන කාලේදී .. පුදුම බැඳීමක් තිබ්බේ ..එය මට වැඩිය අවුරුදු 3ක් වැඩිමල් .. වැඩේ කියන්නේ මම හෙන කාලයක් තිස්සේ අහනවමයි කියල හිතල.. ඕනේ මඟුලක් වෙන්න කියල එක දවසක් අහල .. ඊට පහුවදා මම ම කිව්වා ඒක .. හරි යන්නේ නෑ .. අපි මේ ඉන්න විදියට ඉමු කියල.. හික්

    වෙඩින් එක දවසේ මට ඇත්තටම ඇඩුන... හැබැයි ඒ කාලේ ඒ විදියට අමාරුවෙන් හරි හිටපු එක කොච්චර හොඳද කියල දැන් හිතෙනවා..

    ReplyDelete
  17. පට්ට අක්කා කෙනෙක් නෙහ්

    ReplyDelete
  18. අක්ක ලෂ්ෂනයි නොව බන්..... ඉඳල හිටල ඔහොම හිතට වදින එවුව සැට් වෙනව බන්....ටික කාලයයි....නැති වෙනව...

    ඒත් අසන්නට දෙයක් ඇත..අක්ක උඔට මෙච්චර ෆිට් උනේ අක්ක ලස්සන නිසාද??
    ටිකක් රුවින් අඩු කෙල්ලෙක් හිටිය නං මොකක් වේද??? O.o

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. හැබැයි නැති නොවී ආරක්ශා කර ගන්න එකයි වටිනකම

      ලස්සන නිසා නෙමෙයි කියලා කියනවනම් ඒක බොරුවක් වෙනවා.. ඔවු ඒකත් එක කාරණයක් තමයි.. හැබැයි ඉතින් ඉන්න රටේ හැටියට හැමෝම ලස්සනයි.. මීට වැඩිය ලස්සන අය ෆාමසියට එනවා යනවා.. ඒවට ඉතින් කතා කරන්නවත් පුළුවන් කමක් ලැබෙන එකක් නෙමෙයිනේ.. හැබැයි ඉතින් අක්කා එක්ක කතා කරපු දේවල් එක්ක මට සමීප වුන විදිහ එක්ක මේ යාළුකම මට නැතුවම බැරි උනා..

      Delete
  19. මිනිස්කමේ උපරිම තැනක්, හැඟිම් වලට වහල් නොවී මේවගේ සබඳතා ඇතිවෙන එක....වෙල්ඩන් ලොක්කා.... (‍Y)

    ReplyDelete
    Replies
    1. අනිවාර්‍යේන් මචං.. ඒ ගැනනම් මටත් නිතරම හිතෙනවා..

      Delete
  20. එහෙම යාළුවෙක් ලැබුන එක ඔයාගේ වාසනාව මල්ලි.. මටත් ඒ වාසනාව තියෙනවා..ඒත් කොල්ලෝ දෙන්නෙක් ගෙන්... දැන් අළුත් එක්කෙනා ඔයාට පේන්න බැරි වෙන්නේ ඔයාට අක්ක නැති පාළුවත් දැනෙන නිසා...

    ReplyDelete
    Replies
    1. නදිනි අක්කව දැක්ක කල්..

      අපොයි ඔවු අක්කේ.. අළුත් එක්කෙනා එක්ක වැඩ කරද්දිත් මට පොඩ්ඩ ඇත්තන් කේන්ති යනවා.. බොහොම අමාරුවෙන් ඉවසන් ඉන්නේ..

      Delete
  21. එහෙම තමයි බං ජිවිතේ... මොනවා කරන්නද.... මගේ ආදර කතාවත් ටිකක් ඔය වගේ එකක්...

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත බං.. ජීවිතේ සමහර දේවල් හරි පුදුමයි.. එහෙනම් උඹේ යාළුකම ආදරයක් වෙලා.. ඒක හොදයි..

      Delete
  22. ලස්සන අක්කා කෙනෙක් නේ :) අපරාදෙ අවුරුදු හය ගැන හිතුවෙ!!!!

    ReplyDelete
    Replies
    1. හෙහ්.. ඒ වුනාට අවුලක් නෑ.. හොද කෙල්ලෙක් හම්බුනානේ.. අනික මේ යාළුකම හොදයි මට..

      Delete
  23. ඔහොම යාලුකම ගොඩක් වටිනව නෙද

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම.. එහෙම දෙයක් ලැබෙන්නම ඕන වටිනකම දැනෙන්න..

      Delete
  24. http://ginilihiniya.blogspot.com/ <-------------- මෙක දැක්කද? :O

    ReplyDelete
  25. සමා වෙන්න ඕනා පරක්කු වෙලා මැදින් පැන්නට .
    ගිය ටිකේ පොඩි වැඩ ටිකක් කරන්න තිබුනු නිසා එන්න බැරි උනා දැනුත් මේ ඔක්කොම ඇරියස් ටික කියො කියො යන ගමන් .
    ______
    පෝස්ට් එක නියමයි අද කාලෙ හොද යාලුවොත් අඩු එකේ මේ වගේ ‍ෆිට් යාලුවො අත ඇරෙන්න දෙන්න එපා .
    ______
    ජය !!!

    ReplyDelete
  26. හරිම සිරියාවන්ත පාටයි අප්පා... මේ බ්ලෝග එකෙන් දැක්ක දෙවෙනි ලස්සන කාන්තා පරානේ... මම පහුගිය අවුරුද්දක්ම මෙහෙ ආවේ නෑ හොඳේ

    මුලින්ම දැක්කෙ අර ඇඩ් එකක හිටිය ලස්සන නංගි කෙනෙක්ව

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්