Monday, 21 October 2013

අම්මිගේ කුක්කුත් බීලා මගේ බිස්කටුත් කාලා ගියා - පූස්පාර්ට් යාළුවෝ 5





පූස්පාර්ට් යාළුවෝ කතාවක් ලියන්න බැරි වුනා සෑහෙන කලෙකින්.. පහුගිය ටිකේ අතර මග නතර වුන අතීත කතා ටික ආයෙම ලියාගෙන යන හන්දා පොඩ්ඩක් මතකය අවුස්සලා බැළුවා පරණ කතා මොනවද කියලා.. ලියලා දාපු කතා ටිකත් කට්ටියට මතක ඇතිනේ ඉතින්.. මේකත් ඇවිල්ලා එක්තරා පුද්ගලයෙක්ට වුන දෙයක්.. කොටින්ම කොටු පැනිල්ලක්..

කොටු පැනිලි ගැන ඉතින් නොදන්න කෙනෙක් නැහැනේ.. පැන්න අය වගේම පැනපුවා ගැන අහන් හිටිය කතාත් ඇතිනේ.. කොටු පැනිල්ල ඉතින් ලංකාවට විතරක් නෙමෙයි ඕනම රටක ඕනම මනුස්සයෙක්ට පොදු දෙයක්.. ලංකාවට වඩා මේවයේ වෙනසකට තියෙන්නේ ගෑණි මිනිහයි කොටු පැනලා අහු වුනාම ගහ මරා ගන්නේ නැතුව, උඹ පැන්නනම් මාත් එකක් පනිනවා කියලා කෙලින්ම පනින එක.. ඊට පස්සේ ප්‍රශ්ණේ ඉවරයි.. උන් දෙන්නත් හොදින්.. හදිස්සියේ පිටින් කාපු හෝටලෙත් අමතකයි..

ඔය ඔක්කොම අස්සේ ඉතින් අපේ අයත් ඉන්නවනේ ලද අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් කොටු පනින.. මේකත් ඇවිත් අන්න ඒ වගේ කතාවක්.. මේ චරිතය මේ කතා මාලාවට අළුත්.. ඒ හන්දා අපි මෙයාට සමන් කියලා නම දෙමු.. සමන් අවුරුදු 45ක විතර දෙදරු පියෙක්.. හැබැයි ඉතින් පවුලයි ළමයි දෙන්නත් ඉන්නේ ඉතාලියේම තමයි.. ලංකාව දිහා බලාගෙන බත් කන්නෙවත් නෑ කියල දැන් අවුරුදු බර ගානක් තිස්සේ මෙහාට වෙලා ඉන්න කෙනෙක් තමයි සමන්.. කට්ටිය එක්ක සෙට් වෙලා බීම අතින් නම් ඒ තරම් කප් ගහපු කෙනෙක් ඉන්නවද කියලා මම නම් දන්නේ නෑ.. ඒ වගේම තමයි මේ සමන්ව ඇසුරු කරන ගොඩක් දෙනෙක් සමන් ගැන කියන කතාවක් තියෙනවා..

" සමන්ව ආශ්‍රේ කරනවනම් ගෑනිව පරිස්සම් කරන් ආශ්‍රේ කරපන්.."

එතනිනම් සමන්ගේ ජන්ම පත්‍රය ගැන හිතා ගන්න පුළුවන්නේ.. ඒ තරමටම ඉතිහාසය හරි පැහැදිළියි.. හැබැයි ඔය කොයි දේ කොහොම වුනත් සමන්ගේ කොටු පැනිල්ලේ නම් කිසිම වෙනසක් තිබිලා නෑ එදා ඉදන්ම.. චාන්ස් එකක් එන්නේ කොයි වෙලේද, මිනිහා පැන්නා.. හැබැයි ඉතින් මේ පැනිලි වල බොහෝමයක් තැනුයි කා එක්කද පනින්නෙයි කියන එක සමන්ගේ පවුල හොදට දැන ගෙන හිටියා.. ෆලෝ කරේ එහෙම නැති වුනාට මොකද සමන් පැන්න ගමන් නිවුස් එක දෙන්න පුළුවන් තරමේ කට්ටියකුත් ඔය වටේම හිටියා.. හැබැයි ඔය කිසිම දේකට සමන්ව නවත්තන්න පුළුවන් වුනේ නෑ..

මෙහේ ඕන තරම් පාරවල් වල ගණිකාවෝ හිටියට සමන් කවදාවත් ඒවා පස්සේ නම් ගියේ නෑ.. දන්න තරමින් නම් එහෙමයි.. සමහරවිට මෑන්ස් සල්ලි වියදන් කරලා වැඩක් කර ගන්න අකමැති ඇති.. හැබැයි පවුල් පන්සල් වෙච්ච ඒවා අස්සෙ නම් මෑන්ස් ඕන තරම් රිංගුවා.. ඒකට ලංකාවේ එකක්ද ඉතාලි එකක්ද කියලා මෑන්ස් වෙනසක් බැළුවේ නෑ..

මීට ටික කාලෙකට උඩදී මෑන්ස්ට හිටියා ඔය වගේ කොටු පනින්න ඉතාලි ගෑණු කෙනෙක්.. ඒක ඇවිත් වැඩි ඈතකත් නෙමෙයි මිනිහා හිටපු ගේ ගාවම වගේ තමයි.. සමන්ගේ වයිෆ්ටත් මිනිහගේ මේ වැඩ ගැන කියන්න තරම් හයියක් තිබුනේ නැති හන්දා මෑන්ස්ට ලග දුර කවදාවත් ප්‍රශ්ණයක් වුනේ නෑ.. ඔය ඉතාලි ගෑණු කෙනාටත් හිටියා පොඩි කොල්ලෙක්.. වැඩේ කියන්නේ මේ කොල්ලයි සමන්ගේ කෙල්ලයි හිටියේ එකම මොන්ටිසෝරියේ..

ඔය දේවල් කොහොමින් වුනත් සමන් මේ කොටුවත් හොදට පැනගෙන හිටියා.. සමන්ගේ වයිෆ් කෙසේ වෙතත් ඉතාලි කාරයානම් මේ කිසි දෙයක් දැනන් ඉදලා නෑ.. ඌ මේ කිසි දෙයක් නොදැන රෑට ගෑණි එක්ක ඉද්දී සමන් දවාලට ඒ ගෑණි එක්ක ඉදලා එනවා.. ඉතින් ඕක ඔය විදිහට ටික කාලයක් හොදින් කෙරීගෙන ගියා..

දවල් දවසට සමානෙන් පොඩි එකා ගෙදර හිටියා වුනාට ඒකට මේ කිසි දෙයක් එච්චර නෝට් වෙලා නෑ.. මොකද එක්කෝ සමන් එද්දී පොඩි එකා නිදි.. එහෙමත් නැත්නම් ආච්ච්ලගේ ගෙදර.. ඉතින් සමන්ටත් පොඩි එකා ගැන වද වෙන්න වුවමනාවක් වෙලා නෑ..

කොහොම වුනත් ඉතින් හැමදාමත් නත්තල් නෑ කියලා කතාවක් තියෙනවනේ.. එක දවසක් මේ ඉතාලි කාරයා ගෙදර එද්දී පොඩි එකා ඉන්නවලු කවදාවත් නැතුව මුණ එල්ලගෙන.. දැන් ඉතාලි කාරයට සෑහෙන ප්‍රශ්ණෙලු  මොකද මේ කියලා.. මොකද ඉතින් වෙනදට තාත්තා ආව ගමන් දගලන්න එන පොඩි එකා එදා වැඩි සද්දයක් නැහැලු.. තාත්තත් පුළුවන් තරම් ට්‍රයි කරලා පොඩි එකාගෙන් ඇහුවත් ඌ නෙමෙයිලු මොනවත්ම කියන්නේ.. ටිකකින් ලග වාඩි වෙලා හිටපු අම්මා නැගිටලා ගියාම පොඩි එකාගේ මූණ ටිකක් වෙනස් වුනාලු.. ඒකෙන් මෑන්ස්ට හිතිලා අම්මගේ මොකක් හරි තමයි කියලා..

" පුතාට අම්මා බැන්නද?"

මෑන්ස්ට හිතිලා තියෙන්නේ එහෙම.. ඇත්තනේ ඉතින්.. ඒ මනුස්සයා වෙන මොනවා කියලා හිතන්නද? ඒත් ඉතින් පොඩි එකාගෙන් නැහැලු කිසිම ආන්සර් එකක්..

" මොකද වුනේ අම්මා ගැහුවද?"

බැරිම තැන මිනිහා ටිකක් සැර කරලා අහුවලු..

" අර අංකල් ඇවිත් අම්මිගේ කුක්කුත් බීලා මගේ බිස්කටුත් කාලා ගියා.."



පොඩි එකා එහෙම කිවුවම අර මනුස්සයට මේකා මොනවද මේ කියන්නේ  කියලා හිතා ගන්න බැරුව අයෙම අහලා.. සමන්ගේ කෙල්ල එන්නෙත් මේ පොඩි එකාගෙම මොන්ටිසෝරියට හන්දා මේ පොඩි එකා මෑන්ස්ව හොදට අදුනනවා.. ඉතින් ඒ කවුද කියන එක කියලා හවස සිද්ද වෙච්ච දේත් ඔක්කොම කියලා..

වැඩේ කියන්නේ සමන් කරයා අහවල් රාජකාරිය ඉවර වෙලා යන්න ලෑස්ති වෙලා මහන්සියට වගේ ආයෙම වතාවක් පිපාසේ නිවාගන්න කුක්කු ටිකක් බීලා.. ඊටත් හපන් වැඩේ කියන්නේ දවල් ගෙදර ඇවිත් පොඩි එකා කාපු බිස්කට් පැකට් එකේ ඉතුරු ටිකත් මූ කාලා ගිහින් තියෙන්නේ.. ඔය දෙකම හොරෙන් මේ පොඩි එකා බලන් ඉදලා.. ඉතින් පොඩි එකාට තරහා යන එක අහන්නත් දෙයක්ද මම අහන්නේ..

















23 comments:

  1. බුදු අම්මෝ එහෙමත් එවුන්.....

    එතකොට කෝ පොඩි එකාට බොන්න කුක්කු....

    ReplyDelete
    Replies
    1. පොඩි එකාට ඉතින් පිටි කිරි තමයි.. හෙහ්..

      Delete
  2. බිස්කට් කන්නෙ නැතුව ඉන්නයි තිබුනෙ :-)

    ReplyDelete
    Replies
    1. ඒකත් හැබෑව.. එහෙම වුනානම් වැඩිය මල පනින්නේ නැහැනේ..

      Delete
  3. අනේ අම්මේ හවසට සිද්ධ වෙන්නේ මොකක්ද කියල අහන්නත් දෙයක්ද???

    ReplyDelete
    Replies
    1. හවසට? අපි නම් දන්නේ නෑ ඔන්න..

      Delete
  4. ඒක නේන්නං.....
    තටහා යන එක සාධාරණයිනේ !

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ.. පවුනේ පොඩි එකා..

      Delete
  5. කොළු පැටියා හොය හොයා ඉන්න ඇත්තේ රෑට හොරෙන් කුක්කු බොන එකාව.

    ReplyDelete
    Replies
    1. මේකනේ වැඩේ සුදීක අයියේ.. පොඩි එකාට හවසටත් නෑ රෑටත් නෑ.. ඇයි ඉතින් පොඩි කාගේ තාත්තා ඉන්නවනේ රෑට..

      Delete
  6. Replies
    1. පොඩි උන්ගේ බිස්කට් ලොකු අයට හොදත් නැහැනේ..

      Delete
  7. ඇවිත් කියවලා ගියාට ඔන්න අද තමයි ඉස්සෙල්ලම කමෙන්ට් කරන්නේ. ලස්සන කතාවක්..

    ReplyDelete
    Replies
    1. අහ්, පහුගිය ටිකේ ඉතින් ඔරිජනල් ඔයා නාවට මේ නම තියෙන ෆේක් එකෙන් නම් සෑහෙන කමෙන්ට් තිබුනා.. පබ්ලිශ් කරේ නෑ ඉතින්..

      Delete
  8. හපොයි.... ආයෙ රෙදි ඕන්නැ.. අනික තමා පොඩි එවුන් ඉන්න තැන්වලදි කොටු පැන්නා නැතා හැම කෙනෙක්ම පරිස්සම් වෙන්න ඕනේ... නැත්තම් වෙන්නේ වහ කාලා මැරෙන්න වෙන සිද්ධිවලට මූන දෙන්න තමා... කාලෙකින් මේ පැත්තෙ ආවේ ලස්සන වෙලාද මන්දා අහල පහල...

    ReplyDelete
    Replies
    1. හෆ්ෆේ මේකව දැක්ක කල්..

      ඇත්ත ඇත්ත.. පොඩි උන් ඉන්න තැන හැමදේම පරිස්සම්න් තමයි.. මටද අත්දැකීම් ඇත.. ලස්සන ගැන කියනවනම් ඉතින් දැන් මේ පැත්ත බලාගන්න කෙනෙක් ඉන්නවනේ.. ඒ හන්දා වෙන්න ඇති..

      Delete
  9. අනෙ අම්මේ බිස්කට් කෑවා නම් මදෑ. මේ යකා කුක්කුත් බීලානෙ. පවු අප්පා කොල්ලා.

    ReplyDelete
  10. විලි ලැජ්ජාවෙ සන්තොසේ බැරුවා

    ReplyDelete
  11. විලිලැජ්ජාවෙ සන්තොසෙ බැරුවා

    ReplyDelete
  12. සමන්ට හොදි ඕනේ වෙන්න නැතිව ඇති..

    ReplyDelete
  13. අපේ එකෙක් කොටුවක් පැනලා....මැන් එනකොට එකම තැන වෙච්ච ඇඳ යටට රිංගලා.... ටික වෙලාවක් යනකොට මුගේ ෆෝන් එක රින්ග් වෙලා... අම්බානක පෝරියල්. ඌ කියන්නේ ගැහුවේ නැහැ....ෆ්‍රිජ් එක ඇරලා බියර් එකක් දුන්නාලු බොන්න කියලා....මොන බොරුද.....ඇත්ත කතාවක් ලංකාවේ සිද්ධවුන.

    ආදර්ශය.......කොටු පනිනවිට මොබයිල් එක ඕෆ් කර තබාගන්න!!

    ReplyDelete
    Replies
    1. ඒත් අරූ ඕකෙන් පාඩමක් ඉගෙන ගෙන ෆෝන් එක ඕෆ් කලොත් බියර් එක හම්බවෙන්නෑනෙ.
      :-D

      Delete
  14. ඕකේ ඇම්ඩගේ වර්ශන් එක තියෙනේ......එහා ගෙදර අංකල් අම්මත් එක්ක අස්ස ගුඩුං ගුඩුඅ කරලා බබාගේ කුක්කු ටිකත් ඔක්කෝම බිලා ගියා කියලා....

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්