Friday, 18 October 2013

නංගී අපි වටලං කමු - ඉස්කෝලේ කතා 15



හුඟක් දවසකින් ඉස්කෝලේ කතාවක් ලියන්නම බැරි වුනා.. ඉස්කෝලේ කතා සීරීස් එක ඉතින් අවසාන වීගෙන ආපු හන්දා ටිකක් හෙමීට ලියන්න හිතුවට මොකද හෙමීට ගහපු බ්‍රේක් එකට ක්ලච් එක පාගන්න අමතක වුන හන්දද කොහෙද එක පාරම මග හිට්ටා.. දැන් ඉතින් ආයෙම ස්ටාට් කරන් යන්න හොද කාලේ.. ආයි බලමුකො ඉස්කෝලේ මතකය ටිකක් අවුස්සලා..

හරි, අන්තිමට ලිය ලිය හිටියේ A/L කාලේ කතන්දර වුනාට අතර මගදි මේක අහම්බෙන් මතක් වුන හන්දා ආයෙම 10 පන්තියට යන්න වෙනවා.. සෑහෙන්න ආපස්සට නේද? අවුලක් නෑ යමු.. මේ කාලේ ගැන කියනවනම් ඉතින් අපේ පන්තියේ හිටිය වටිනාම කියන මනුස්සයා තමයි " කටඋලා "..  මතක ඇතිනේ අර තාත්තා පොලීසියේ කෙල්ලෙක්ට ටෝක් කරලා ජීප් එකෙන් ආවේ උස්සන් යන්න.. ඊට පස්සේ හොරෙන් මඤ්ඤොක්කා ගලෝලා අපි සෙට් එකටම ගුටි වරුසාවක් සෙට් කලේ.. කොහොම අමතක වෙන්නද නේද ඉතින්..

කටඋලා තමයි ඉතින් ඒ දවස් වල අපේ පන්තියේ සිරාම පොර.. අපිට අම්බානෙකට කන්න සෙට් වුනොත් ඒ උගේ පිං වල බලයෙන් තමයි.. කෝම වුනත් ඉතින් ඌ නැති වුනාම පන්තියත් පාළුයි වගේ තමයි.. අන්තිම පේලියේ කොනේ බිත්තිය අයිනට වෙලා හීන ලෝකේ ඉන්න කටඋලා අසනීපෙකට හරි ආවේ නැත්නම් නිකන් මුළු පන්තියම අසනීප වුනා වගේ තමයි.. හැබැයි ඉතින් ඌට මතක ඇති දවසක ඉහෙන් බහින ලෙඩක් හැදිලා ඉස්කෝලේ ආවේ නැති දවසක් නැති තරම්..

ඒ කාලේ කටඋලාගේ මාරම ලයින් සෙට් එකක් තිබුනා.. ඌ ලයින් දැම්මේ ලේසියෙන් අල්ලන්න පුළුවන් කෙල්ලොන්නට නම් නෙමෙයි.. ඉස්කෝලේ හිටිය සුපිරිම කෙල්ලන්ට.. එවුවට අපි ට්‍රයි කලත් වැඩක් නෑ මොකද අපිට පාට් එක දාලා A/L උන් ඒ කෙල්ලෝ යාළු කර ගන්නවා.. ඒත් උලා නෙමෙයි ඒ තර්ජන වලට පසුබට වුනේ.. ඒ කාලේ ඌ එකම පන්තියේ කෙල්ලෝ දෙන්නෙක්ට ලයින් දැම්මා.. ඒකත් ලේසි වැඩක්ද මම අහන්නේ..

කොහොම හරි මේ කියන්න යන සීන් එක වුනේ ඔය එකම පන්තියේ ලයින් දැම්ම කෙල්ලො දෙන්නෙක්ගෙන් එකකට මූ ලයින් පාරක් දාන්න ගිහින්.. ඒ කෙල්ලත් මාර ගති.. හැබැයි ඒ වෙද්දී ඒ කෙල්ලට කොල්ලෙක් හිටියා.. A/L කරන එකෙක්.. මූ ඒ කෙල්ල පස්සෙන් යනවා කියලා ඌ ඇවිත් දෙතුන් පාරක්ම සද්දේ දාලා බැරිම තැන හොදටම සළකලත් ගියේ.. ඒත් උලාට ඕවා ගානක් නෑ.. ඌට එපා වෙනකම ඌ ලයින් දානවා..

" ආ බං අරූ උඹට නෙළුවට පස්සෙවත් උඹ ඕක අත අරින්නේ නැද්ද?"

" අර මොකටද බං.. කෙල්ල මං දිහා තාම බලනවා.. ඉතින් මොකටද අත අරින්නේ.."

ඔන්න ඕකයි ඌට උපදෙසක් දෙන්න ගියාම අපිට ලැබෙන උත්තරේ.. ඉතින් අපිත් වැඩිය මුකුත් කියන්න යන්නේ නෑ.. මූත් නිකන් කඹරයා වගේ කොච්චර ගුටි කෑවත් දැනෙන්නේ නැති එකෙක් හන්දා අපිත් පාඩුවේ ඉන්නවා.. කෙල්ල යාළු වෙලා ඉන්න කොල්ලා එක්ක මල් කඩන්න යනවා කියලා කොච්චර දන්නවා වුනත් උලා බලාගෙන ඉන්නේ ඒ යන එන අතර වාරේ හරි මොනවා හරි කෙල්ලට කියලා ඒකි එක්ක කතා කරන්න.. වෙලාවකට මූ පොඩි එකා වගේ.. පවු කියලත් හිතෙනවා..

කෙල්ලගේ ඔරිජිනල් ලවු එක යන අස්සේ කෝම හරි මුගේ ලවු එකත් ශේප් එකේ ගියා.. ගුටි කකා හරි.. ඔහොම ටික කාලයක් යද්දී අපේ ඉස්කෝලේ මොකක් හරි එකකට දානයක් තිබුනා.. මට දැන් මතක නෑ මොකද්ද කියලා.. එක්කෝ අවුරුද්දකට සැරයක් සිල් ගන්න එකද කොහේද.. කොහොම හරි මොකක් හරි එකක් තිබුනා.. එදා ඉතින් අපිත් ෆුල් ආතල් එකේ ඉන්න දවස.. පන්තියේ කොල්ලෝ ඔක්කොම සෙට් වෙන්නේ ඔය වගේ දවස් වලට තමයි ඉතින්..

පන්තියේ ළමයි ටිකගේ දවල් කෑම බාර වුනේ අපේ පන්තියේම දෙමවුපියන්ට තමයි.. හැබැයි ඉතින් 10 වසරේ හිටියත් අපේ පන්තියට අනිත් පන්ති වලින් තිබුන සැළකිල්ල කිසිම විදිහකින් අඩු නම් නෑ.. ලොකු එවුන් ගුටි වලින් සළකන එන වෙනම කතාවක්.. කොහොම හරි ඔය උලාගේ අනියම් පෙම හිටපු පන්තිය තිබ්බෙත් අපේ පන්තියට කිට්ටුවම තමයි..

අහල පහල තියෙන පන්ති වලින් කෑම අපිට හම්බුවෙන එක ඉතින් කවදත් වෙන දෙයක් නිසා එදත් ඒ වගේම තමයි.. අපේ එකෙක්ගේ වෙන ලවු එකක් ඒ පන්තියේ තිබ්බ හන්දා තමයි ඉතින් අපිට ඔහොම එක එක එව්වා හම්බුවෙන්නේ.. ඒකෙම තමයි උලාගේ අනියම් එකත් හිටියේ.. ඒ කෙල්ලටත් මොකද්දෝ හිතක් පහළ වෙල ඒකි ගානේ කියලා මූට වටලප්පමක් එවලා තිබුනා.. උගේ නරක වෙලාවට ඒක පන්තියටම ගෙනත් දෙද්දී අපි සෙට් එකත් ඌ එක්කම හිටියා..

ආයි ඉතින් බෙදා හදාගෙන කන පුරුද්ද ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ.. යාළුවෙලා ඉන්න කෙල්ලගෙන් ප්‍රසිද්දියේ චොකලට් එකක් හම්බුනත් බාගයක් අපි උස්සන් කන එකේ මේ වටලප්පම ගැන මොන කතාද.. උලාටත් අකමැත්තෙන් හරි අපිටත් ඒක දීලා කන්න වුනා.. හැබැයි මොනා උනත් වටලප්පම රහට තිබ්බා..

අරූ ඉතින් තනියම වෙලාවක් බලලා වටලප්පමට ස්තූති කරන්න බලාගෙන ඉද්දී අපි සෙට් එකම පන්තියටම ගිහින් කෙල්ලට තෑන්ක්ස් කරලා ආවා.. නැත්නම් හොද නැහැනේ.. හැබැයි අරූට ඒකටත් මල..

" මොකද්ද බං මට කලින් ගිහින් වටලප්පම් රහයි කිවුවේ?"

" නැතුව ඉතින් බඩට ජීර්ණය වෙලා හෙටද අපි කියන්න ඕන වටලප්පම රහයි කියලා.."

" මට දුන්න එකනේ බං.. සද්ද නැතුව ඉන්න එපැයි.."

හැබැයි ඉතින් උගේ කතාවත් හරි.. අපිත් කීයටවත් හැබැයි එහෙම දෙයක් කරන්නේ නෑ ඒක අනියම් ලවු එකක් නොවුනනම්.. ඌටත් ඉතින් අවුලක් නැත්නම් අපිට මොකෝ කියලා අපිත් හිටියා.. හෙමීට දවස ගෙවිලා ගියා.. මූට වටලප්පං වලට තෑන්ක්ස් කරන්න උනාද නැද්දවත් අපි දන්නේ නෑ.. අපිටත් ඉතින් ඊට වැඩිය වැඩ තිබුනනේ..

කොහොම හරි ඉස්කෝලේ ඇරිලා ගේට් එක ගාවට වෙලා අපි හිටියා.. අපේ ගේට් එකට පොඩ්ඩක් එහාට වෙන්න තමයි පොඩි උන්ට සෙල්ලම් කරන හදපු එක තියෙන්නේ.. ලොක්කට ඔෆිස් එකට එතන පේන්නෙත් නැති හන්දයි ඒ වෙලාවට පොඩි වුනුත් නැති හන්දයි අපි කරන්නේ ශේප්  එකේ සීසෝ පදින එක ඕකට වෙලා.. හරි හරි ඉතින් අපි සීසෝ පැද්දම මොකෝ වෙන්නේ ඉතින්?

පාරේ අයිනටම වෙන්න වගේ හන්දා පාරේ නවත්තලා තියෙන ඔක්කොම ස්කූල් වෑන් අපිට පේනවා ඔතනට.. ඉස්කෝලේ ඇරපු ගමන් ගෙදර දුවන් එන හදිස්සියක් අපිට නැති හන්දා අපි අඩුම ගානේ විනාඩි පහලොවක්වත් ඔතන ඉන්නවා.. අපේ පන්තියේ කොල්ලන්ගේ කෙල්ලෝ ස්කූල් වෑන් වල යනකන් බලාගෙන ඉන්න ඕන එක එක හේතුවක් අපි ඔතනට වෙලා ඉන්න..

උලාගේ අනියම් පෙමත් ඉස්කෝලේ ආවේ ගියේ වෑන් එකක.. හැබැයි ඒකිගේ කොල්ලනම් එකි වෑන් එකේ යනකන් ඔතනට වෙලා බලාගෙන ඉන්නේ නෑ.. ඒ වැඩේට ඉතින් ඉදිරිපත් වෙලා ඉන්නේ උලා තමයි.. එදත් ඔන්න වෙනදා වගේම උලාගේ කෙල්ල වෑන් එකට නගින්න ආවා.. මූත් හිනාව දාගෙන හිටියා.. ඒකිත් හිනාව දාන් වෑන් එකේ විදුරුව අයිනට වෙලා හිටියා.. වෑන් එක යන්න ඔන්න මෙන්න තියලා උලා උගේ මදුර වොයිස් එකෙන් කෑ ගැහුවා..

" නංගී අපි හෙටත් වටලං කමු.."

සීසෝ පැද පැද හිටපු අපි කට්ටියගෙන් ආව හූවට මුළු ඉස්කෝලෙම පිරිලා ගියා.. අපිට විතරක්යැ.. උලා මුළු පාරටම ඇහෙන්න වටලප්පම් වෙනුවට කිවුවේ වටලං කියලනේ.. අපි ඉතින් දන්න හන්දා හොදයි.. පාරේ මිනිස්සු වෙන මොන තේරුමක් ගත්තද කවුද දන්නේ.. අපි උලාව බයිට් එකට ගන්න අස්සේ කෙල්ලත් මූට හිනා වෙනවා.. ලැජ්ජාවේ බෑ.. උලාටත් කරකියා ගන්න දෙයක් නැති හන්දම ඌත් ටිකක් ඇඹරි ඇඹරී ඉදලා කෙල්ලගේ වෑන් එක ගිය ගමන් සුද්ද සිංහලෙන් අපිව අමතන්න ගත්තා..  

හැබැයි ඔය ජර මරෙන් පස්සේ ටික දවසකින් උලාගේ අනියම් පෙම නැවතුනා.. හේතුව ඉතින් දන්නේ ඌම තමයි.. සිරා එකක් නැවතුනානම් අපි සපෝට් එක දීලා ගොඩ දාලා දෙනවා වෙනදටනම්.. ඒත් මේකට එහෙම කලෙත් නෑ.. ඌ මුකුත් කිවුවෙත් නෑ.. ටික දවසකට පස්සේ වෙන කෙල්ලෙක් පස්සේ ගියා.. හැබැයි ඔය වටලං කතාවට නම් උලා හැමදාම බයිට් නම් උනා..






51 comments:

  1. "ට" යන්නත් කියන්න අමතක වුනානම් මාරු

    ReplyDelete
    Replies
    1. හෙහ් එහෙම උනානම් ඉතින් උලාට වෙන දේ ගැන කියන්න ඕන නෑ.. ඌ එතනම ඉවරයි..

      Delete
  2. සෙට් එක ළඟ ඉන්න වෙලාවට කතා කරන්ඩ ඕනේ හරි පරිස්සමෙං.විශේෂයෙං ඔය කට වාචාල එවුං ළඟ ඉන්න කොට.ඕක ගැන හොඳට දන්නවා මගේ යාළුවො සෙට් එක.

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා.. ඉස්සර අපේ පන්තියේ මේසයක් පිරෙන්න ලියලා තිබ්බා ඔහොම කියවද්දී වැරදිලා කියලා නෝන්ඩි උන වචන සෙට් එක.. අපි ආවට පස්සේ ඒ මේසේ කාට හම්බුනාද දන්නේ නෑ.. සංතෝසේ බෑ..

      Delete
  3. මටත් වටලං කන්න දොළ දුකක් ඇතිවුනා ඒක කියවලා.

    ReplyDelete
    Replies
    1. වටලං කන්න මාත් සෑහෙන්න පෙරේතයිලු හොදේ.. :)

      Delete
  4. වටලං කෑම හන්දා අහිමිවූ පෙමක්!!! :)

    ReplyDelete
    Replies
    1. ඒ පෙම කොහොමත් හිමි එකක් නෙමෙයි.. ඒ හන්දා එච්චර අවුලකුත් නෑ පොඩ්ඩි අක්කේ..

      Delete
  5. වටලන් කන්න ගිය හින්ද වෙන්න ඇති නතර වෙන්න ඇත්තේ..:D

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ.. කෙල්ල බය වෙන්න ඇති වටලං කමු කිවුවම..

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනේ අප්සට් එක.. ඉගෙන ගන්නෝකෝ නිකන් ඉන්න වෙලාවක..

      Delete
    2. ඒක හරිම ලේසී වැඩක්

      Delete
    3. එහෙනං ගිහිං හදලා දියං :D :D :P

      Delete
    4. හෙහ්, එහෙනම් හදලා දෙන්න බැරිද අටං අයියේ.. හැබැයි මට හොදේ..

      Delete
  7. මට නම් හිතෙන්නෙ මෑන් ඒක ඕන කමින් ජෝක් එකට කියුවා කියලා.

    ReplyDelete
    Replies
    1. හෙහ්, මොන පිස්සුද.. ඌ එහෙම ඕන කමින් චාටර් වෙන එකෙක් නෙමෙයි නේ..

      Delete
  8. Replies
    1. ඌ සිරා බුවා බං..

      Delete
  9. උලා කොහොමත් දන්නවා මොනවා හම්බ වුණත්, යාලුවෝ සෙට් එක වටලනවා කියලා. ඒ නිසා තමයි වටලන් කමු කියන්න ඇත්තේ.

    ReplyDelete
    Replies
    1. හෙහ්, ඒ කතාවට් ඇත්ත තමයි.. ඒත් අපි වටලන්න දෙයක් නෑ.. ඒක කලින්ම සීනියර්ලා වටලන් හිටියේ..

      Delete
  10. හිකිස්... :D
    ආ... මං මතක් කල නිසා හොඳයි ඉතිං ලියන්න ..
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. අහ්, උඹ කවද්ද කියපං මට මේක ලියන්න මතක් කලේ.. මට මතක නෑ..

      Delete
  11. අපෝ....ඊට පස්සෙ උලාට කනක් ඇහිල ඉන්න දෙන්න නැතුව ඇති මේගොල්ලො :D

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා.. අපි ගැන ඉතින් කියන්න ඕනෙයි අමුතුවෙන්?

      Delete
  12. මමත් වටළං කන්න පෙරේතයෙක්මි !

    ReplyDelete
    Replies
    1. මමද පෙරේතයෙක්මි.. අවාසනාවට නෝනා හදන්න දන්නේ නෑලු.. මොනා කරන්නද ඉතින්..

      Delete
  13. වටකරන් කන්න හිතෙනවා උඹව.. හැක්...

    ReplyDelete
    Replies
    1. ඇහ්, මාව.. අර මොකෝ අෆ්ෆා..

      Delete
  14. යකෝ වටලං කන්න ගිහින් වෙච්චි හදියක්!

    ReplyDelete
    Replies
    1. කට හන්දා තමයි ඉතින් ඔක්කොම..

      Delete
  15. සුදීක කියන්න වගෙ උබල වටලන් නෙ කාල තියෙන්නෙ.උ එක කියන්න ඇත්තෙ

    ReplyDelete
    Replies
    1. ඒක ඉතින් අපි කාපු එක වෙනම කතාවක් අයියේ..

      Delete
  16. පටලන් ඉන්න පැතූ ආදරයක්
    වටලන් කන්න ගොස් නිම වූහ.......

    ReplyDelete
    Replies
    1. හෙහ්, ආයෙත් අහලා.. වෙලාව තමයි ඉතින්..

      Delete
  17. වටලං................අවුලක් නෑ ඒකත් නෙහ්....එච්චර දිගකුත් නෑනේ :D

    ReplyDelete
    Replies
    1. ඇත්ත අත්ත.. ඒ හන්දා වෙන්න ඇති කෙටි කරලා කියන්න ඇත්තේ..

      Delete
  18. Replies
    1. පරිස්සමින් හොදේ..

      Delete
  19. අපි වටේ ඉන්න එවුන්ම තමයි ඉතිං අපිව නැති කෙරුවේ ඒ කාලේ

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ වැරැද්දනේ බං.. මොනා කරන්නද ඉතින්.. හැබැයි ආතල්..

      Delete
  20. අනුන්ගේ පෙමක් වටලං කන්න ගිහින් ඇති වටලා නෙලලා අතපය කැඩුවෙ නැතුව

    ReplyDelete
    Replies
    1. කෑවා කෑවා.. උලා කී පාරක් නම් ගුටි කෑවද අයියේ ඔය අනුන්ගේ කෙල්ල්නට ලයින් දාන්න ගිහිල්ලා..

      Delete
  21. ප්‍රිය ඇඩ්මින් වෙත,
    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/
    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete
  22. ඔයාගේ යාළුවා නම් අදහන්න වටිනවා දිනේශ්..මේ දවස්වල එයා මොනවද කරන්නේ කියලත් හොයලා බලලා කියන්න..

    ReplyDelete
    Replies
    1. මේ දවස් වල උලා ගැනනම් හරි ආරංචියක් නෑ රූ අක්කේ.. මම හිතන්නේ දැන් මිනිහා පිළිවෙලක් වෙලා.. ;)

      Delete
  23. දිනේශ් ඔයාගේ පහුගිය පෝස්ට් එක ලංකා නිව්ස් වෙබ් එකේ දාලා තිවෙනවා උපුටා ගැනීම වර්ණ බ්ලොගෙන් කියා.

    ReplyDelete
    Replies
    1. අහ්, ඒකෙත් දාලද? කලින් පෝස්ට් එක තැන් හතර පහකම උස්සලා දාලා තිබුනා.. හැබැයි හැම එකේම යටින් යන්තමින් නම දාලා වර්ණයෙන් ගත්තේ කියලා.. ඕවා ඔහොම තමයි.. මගේ සති දෙකක මහන්සිය පැය දෙකක් යද්දී අනිත් වෙබ් වලින් උස්සලා.. අන්තර්ජාලයේ හැටි තමයි ඉතින්..

      Delete
    2. Sorry.......srilankamirror.lk........not lanka news web

      Delete
    3. අවුලක් නෑ සහෝ.. වැදගත් කමක් තියෙන නිසානේ ඒදේ අරන් දාන්නේ.. ඒක ගැන ඉතින් සතුටු වෙනවා මම..

      Delete
  24. අඩේ මේ වෙලාවේ වටලං කෑල්ලක් තිබ්බා නම් පංකාදුයි !

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්