Thursday, 26 September 2013

රාගිනී






මා රාගිනියට පෙම් බදීදැයි සිතේ..

මේ වදන් පෙල දැකිත්ම ශ්‍රීනිවාසන්ට මෙන්ම මටද පිස්සුයැයි ඔබ සිතනවා විය හැකිය.. ඇය යකින්නකි.. එය සත්‍යකි.. නමුදූ ඈ මනුශ්‍ය හදවතකටත් එහා ගිය ප්‍රේමයක් පිරූ යකින්නකි.. එය බොහෝ දෙනෙක් පිළිගනීදැයි මා නොදනිමි.. එහෙත් මගේ හිත එය පිළිගැනීමට සූදානම්ය.. එහෙයින් මගේ සිතේ රාගිනියට ආදරයක් ඇති වීම පුදුමයක්යැයි මා නොසිතමි.. යකින්නක් වුව, ඇගේ ගතිපැවතුම් මගේ හිතේ විශේෂ තැනක් ගැනීමට සමත් වූ බව කිව යුතුමය.. ඒ ගතිගුණ බොහෝ කල් සිටම මා සෙවූ ඒවාදැයි සිතෙන තරමටම ඈ මගේ සිත තුලට කා වැදී ඇත..

ඈ රූමත් විය හැක.. එහෙත් අකුරු අතරේ මවන්නට උත්සාහ කල ඒ රූමත් කම මාහට එතරම්ම ඉස්මතුව නොපෙනින.. ඒ ඇයිදැයි මා නොදනිමි.. ඒ ගැන සිතන්නටද මම කාලය වැය නොකරමි.. විරූපීයැයි හැමෝම සිතූ ඔහුට පෙම් කරන්නට සිතූ ඇගේ සිතේ රූමත් බව විනා ඇගේ පෙනුම කෙබදුදැයි සිතීම නිශ්පලයැයි සිතේ.. නමුදු ඇය යකින්නකි.. ඇගේ ශාපයෙන් මිදෙන්නට ආ යකින්නකි..

මට තවත් රාගිනි තුලට එබෙන්නට ඇත්නම් යැයි සිතේ.. ඒ බොහෝ තැන් වලදී ඈ තුලින් මට මාවම කතාව තුලට ගෙන ඒමට හැකියාව ලැබූ හෙයිනි.. එය කොතරම් සාර්ථකදැයි මා නොදනිමි.. එහෙත් එසේ කරනට මා කිසිසේත්ම පසුබට නොවූවෙමි.. එහෙත් මා තුලින් වඩාත් ඉස්මතුවූයේ ශ්‍රීනිවාසන්යැයි සිතීම වඩාත් සුදුසුය.. සැකය හැරෙන්නට අනික් සෑම අතකින්ම මා ඔහුට සමානය.. එහෙයින් මට රාගිනියට පෙම් කිරීමට අයිතියක් ඇත.. මා ඇයට පෙම් කරමි.. ඇය යක්ෂණියකි.. ඒ මා හැරුණු කොට සිටිනා අනික් ලෝකයාට පමනී..

පලු ගසේ සංගීතය ගැන මා දන්නා මුත් එය ගැන කතා කිරීමට මට සිත් නොදේ.. එය හුදෙක් අතීතයක් පමණක්මය.. එහෙයින් මා එය අමතක කරලන්නට උත්සාහ දරමි.. බොහෝ දුරකට මා ඊට සමත් වන මුත් අසමත් වන අවස්ථාද නැතැයි කීම මුසාවකි.. යඟදාවකින් වැරෙන් ඔළුවට ගසන්නාක් මෙන් මොහොතකින් හැම දෙයක්ම මොළය පුරා දිවුවද නෙතු ලගට එන නුඹ ඒ හැමදෙයක්ම මගෙන් අරගෙන මා සතපවන්නේ දෙවඟනක් මෙන්ය.. එය මායාවක්ද මා නොදනිමි.. නමුදු මා එයට පෙම් කරමි.. ඒ සැනසුමට පෙම් කරමි..

රාගිනිය තුල වූ සියුම් හදවත මා දැකීමට උත්සාහ කරමි.. එය අන් කාටවත් නොපෙනන බව මා දනිමි.. අන් හැමෝටම ඈ දෙපා පොළව මත නොගැටෙන තැනැත්තියක වුවද මට ඉන් පලක් නැත.. ඇයට පෙම් කරනුයේ මා පමනකි.. ඇය පෙම්කරන්නේද මට පමනකි.. එය ඇයද හොදින්ම දැන සිටින්නීය.. පලු ගසේ සංගීතයට එහා ගිය සොදුරු මිහිරි කවිකමක් ඈ මා තුලින් විදිමින් සිටින්නීය.. ඇය හුදී ලෝකයාට නොපෙනෙන බව දැන ගැනීමට ගෙවුන කාලය ප්‍රමාණවත්ය.. ඔවුනට මගේ විරූපි බව ගැටළුවක්ය.. පලු ගසේ සංගීතය අතරින් මා මරන්නැයි අනේක විට කීවද එය නොඇසෙන සේ හිදීමට තරම්ම නුඹ වෙනස් වී ඇත.. නුඹ මා හා පෙමින් වෙලී ඇත..

මාද එසේමය.. එහෙත් එක් වෙනසක් ඇති බව පිළිගතම යුත්තේය.. සපුරන්නට ආසාවෙන් බොහෝ කල් බලා හිදි එක් පැතුමක් නිතර හිත පාරවන්නේය.. එය නුඹට තේරුම් ගත් හැකිදැයි මා නොදනිමි.. එසේ වීනම් මා සතුටින් ඉපිලෙන තරම නුඹටද සිතාගත නොහැකිය.. නමුදු එය එසේ නැත.. නුඹට මා සිත කියවන්නට නොහැක.. ආත්මයේ සිට දවාගෙන මුළු ගතම පෙලන ඒ හැගීම නුඹට කෙදිනක හෝ නොහැගෙනු ඇත.. මා සැබවින්ම දැවේ.. එහෙත් එය යටපත්කරනු විනා කල හැක්කක් මා නොදනිමි.. ඒ මා නුඹට පෙම් කරන බැවිනි..

මනසේ සුන්දරත්වයට පෙම් කල යුතු බව මා සිතට කා වැදුන දින සිටම මා දැවෙන ගින්න යටපත් කිරීමට මා බොහෝ උත්සාහ කලෙමි.. අවසානයේ මා සාර්ථක වීමී.. එහෙත් අවසානයේ මා නුඹ ලග අසාර්ථක වන විට යටපත් කර ගත් ගින්නෙහිම මා තව තවත් දැවෙන බව මා හොදින්ම දන්නෙමි.. එහෙත් එය නුඹට නොවැටහෙනු ඇත.. එය එසේ වේනම් මා සතුටු වෙමි.. මන්දයත් මා නුඹට පෙම් කරමි.. සැබවින්ම පෙම් කරමි.. නුඹ යක්ශියක නොවන බව මා ස්තීරවම දන්නේය.. එය අන් අයට තේරුම් කිරීමට මා හට කිසිදු උනන්දුවක් නැත්තේය.. රහසේම මා නුඹට පෙම් කරමි.. සදා නොවෙනස්ව මා නුඹට පෙම් කරමි..



රාගිනිය,
ම්රුදු මොලොක් සිත්වලට
ආදරය තවරා පල කිම.
වැරෙන් මුගුරු අරගෙන
නුඹ නසන්නට
උන් එනකොට..

සගවමු සත්‍ය
අදුරු ගල් ගුහාවක
පන්සක වසරක පෙම
ලියමු ගලන දිය මත
හිස් වුන හදවතට මට
ඉඩ දෙන්න කාව්‍යක් ලියන්න..

නුඹ දෙපා ගැටේවි
යලිදු මේ පොළව මත
ප්‍රේමය හැරදා නොයාවි
ගෙවුන සක වසර තරමට
ඉඩ නොදෙමි මම පාව යන්නට
දුම් වළාවක්ව නුඹට අහසට..



අති විශේෂයි : මලයාතුර් රාමක්‍රිෂ්ණන් ලියූ මහින්ද හත්තක පරිවර්තනය කල " රාගිනී " නව කතාව කියවීමෙන් පසුව අන්ද මන්ද වී ලියන ලද්දක් බව කරුණාවෙන් සළකන්න..

28 comments:

  1. කියවලා නෑ අෆ්‍ෆා! ඒත් මේක දැක්ක ම කියවන්න හිතුනා. කොහෙන් හරි හොයා ගන්න බලන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. කියවන්න කියවන්න.. මාත් කම්මැලි කමට වගේ කියවලා පිස්සු හදා ගත්ත පොතක් මේක.. :)

      Delete
  2. වෙලාවට කියෙව්වේ නැත්තේ අපේ පුථකාලේත් ඔක තිබ්බා.

    ReplyDelete
    Replies
    1. අපරාදේ කියවන්න තිබ්බේ රාජ් අයියේ.. නියම පොත..

      Delete
  3. Replies
    1. බලන් දුන්නට මොකෝ අන්තිමේ පොතත් ගල් කලා මම.. හික්ස්..

      අවසිහියෙන් නෙමෙයි ඒ.. ඔයා ආයි පොත කියවලා බලන්නකෝ.. අහ් දැන් නම් ඒකට මෙහේ එන්නම වෙනවා..

      Delete
  4. අප්පටසිරි මාර ග්‍රන්ථ විචාරයක් සහ හඳුන්වාදීමක්

    ReplyDelete
    Replies
    1. හෙහ්. අනේ මන්දා බං.. කියවලා ඉවර කරපු ගමන් ඔළුවට ආව ටික තමයි මේ තියෙන්නේ..

      Delete
  5. මංජුල වෙඩිවර්ධනගෙ ''මගේ ආදරණීය යක්ෂණී'' නවකතාව මතක් වුනේ... මේ දවස්වල කියවමින් ඉන්නවා... එයත් ප්‍රේමණීය යක්ෂණියක් ගැන කතාවක්.. තමන් කුවේණී පරපුරෙන් පැවත එන බව විශ්වාස කරන මනුස්ස දුවක්....

    මේ පොතත් කියවන්න හිතුණා මේ සටහන දකිද්දි...

    ReplyDelete
    Replies
    1. අහ්, දැන්නම් මේ වගේ කතා වලට මගේ ආසාව වැඩි.. ඒත් ඉතින් ලංකාවෙන් ආවට පස්සේ කොහෙන් හොයන්නද? නෝනට කියන්න ඕන අරන් තියන්න කියලා..

      තරූ අක්කා මේක කියවලා නෑ කිවුවම පුදුමයි.. හා හා කියවන්න..

      Delete
    2. Manjulage potha ganna thanak kiyanna.

      Delete
  6. අතිවිශේෂ කෑල්ල නියමයි. ඔහොම තමා ආදරේ හිතුණාම යකින්නක් උණත් ප්‍රශ්ණයක් නෑ. 'යකින්නකට පෙම් බැඳ' නරක නෑනේ.:D

    ReplyDelete
    Replies
    1. දැනුවත්ව හෝ නොදැනුවත්ව බොහෝවිට අපි පෙම්කරන්නේ යක්කින්නට තමයි පොඩ්ඩියේ..:D

      Delete
    2. ආදරේට මොන සීමාද අක්කේ.. සුරංගනාවන්ට ආදරේ කරන්න පුළුවන්නම් යක්ෂියකට ආදරේ කලාම මොකද්ද අෆ්ෆා ඒකේ වරද?

      Delete
    3. සහතික ඇත්ත.. හැමෝම ලගම යකින්නක් හැංගිලා ජීවත් වෙනවා.. පොඩ්ඩක් කේන්ති ගැස්සුවාම ඔය ඔක්කොම බලා ගන්න පුළුවන්..

      Delete
  7. මේ පෝස්ට් එක කියවනකොට අමතක වෙලා තියෙන ගොඩක් දේවල් මතක් වෙනව..ගොඩක් ලස්සනයි

    ReplyDelete
    Replies
    1. අහ් එහෙනම් ඒක කොච්චර දෙයක්ද?

      Delete
  8. වාව් රාගිනි... එතකොට මේ යක්ෂණියක්ද? කියවලා නම් නෑ..

    ReplyDelete
    Replies
    1. කියවලාම බලන්න.. වටින කියන පොතක්..

      Delete
  9. මේ කතාව තියෙන ෆිල්ම් එක බලල තියෙනවා. නම 'මෝහිනි'. ගොඩක් ලස්සන ෆිල්ම් එකක්

    ReplyDelete
    Replies
    1. මාත් බලලා තියෙනවා හින්දි ෆිල්ම් එකක්.. මටත් කතාව කියවන් යද්දී ඒක මතක් වුනා..

      Delete
  10. කාලෙකින් බ්ලොග් පැත්තේ ආවේ. ඒ ටිකට දිනේෂයා ජොබ වෙනස් කරලද? o.O

    ReplyDelete
    Replies
    1. අහ්, මොන ජොබද රෙප් අයියේ.. මේ ඉන්නේ කොල්ලා වෙනද වගේම..

      Delete
  11. අන්ද,මන්ද විචාරයක් කියෙව්වාමයි මේ.

    ReplyDelete
    Replies
    1. හෆ්ෆා.. ඒ වගේද දැනුනේ.. හැබැයි මේක විචාරයක්මත් නෙමෙයි..

      Delete
  12. පොතක් ගැන කරල තියෙන පට්ට විවරණයක් සම්මතයෙන් එහා ගිය. නැත්නම් අපි විවරණය කරන්නේ පොතේ භාව ගැනයි, අන්තර්ගතය ගැනයි, අර්ථ රසය ගැනයි නෙව. අනිවා කියවන්න ඕනෙ..

    ReplyDelete
    Replies
    1. දවස් දෙකෙන් පොත ඉවර වෙද්දී මේ මගේ හිතේ හොල්මන් කරපු දේ තමයි.. එවෙලෙම අකුරු කලා.. පොතේ කතාව එක්ක මගේ පෞද්ගලික හැඟීම් එකතු කරලයි මෙතන තියෙන්නේ ඇත්තටම..

      කියවලා බලමු.. ලස්සන පොතක්..

      Delete
  13. දිනේශ් විතරක් නෙමේ අපිත් අන්ද මන්ද උනා.

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්