Monday, 23 September 2013

අහම්බෙන් හමු වුන ඇය



එකින් එක ඇදුම් ගැලවෙන්න ගතවුතේ තත්පර ගානක් විතරමයි.. රතුපාටින් හැඩ වුන යහන පෙනුනේ දඟකාරකම් වලට ආරාධනාවෙන් බලාගෙන ඉන්නවා වගෙයි.. හැඟීම් වලට කිසිම විදිහකින් බාදාවක් තිබුනේ නෑ.. නග්න වුන සිරුරු වල පහස ඒ මොහොත වෙද්දීත් හොදටම දැනෙමින් තිබුනා.. පුළුන් රොදක පාවෙලා යන හැඟීමක් එක්ක යහන අපිව පිළිගත්තේ හුඟාක් වෙලා බලාගෙන ඉදලා කියලා දැනුනා වුනත් ඒ ගැන හිතන්න තරම් වෙලාවක් අපි ලග තිබුනේ නැහැ.. අමුතුම සීතලක් දැනුන ඒ තොල් පෙති අතර හාදුව විදගනිද්දි පියවුන දෙනෙත් අතරින් රැදිලා හිටිය ලෝකයක තනිවෙලා හිටියේ අපි විතරයි.. නුඹ ආගන්තුකයි.. ඒත් ඒ සීමාවේ හිත නතර කරන්න තරම් වුවමනාවක් අපිට කොහෙත්ම දැනුනේ නෑ..


තොල් පෙති වල පහස අතරෙම සිනිදුවට කම්මුල් වලට පහස දැනුන කෙස් රොද අතරේ දෑගිලි දැවටුනේ හරියට ඒ ගැන බලාපොරොත්තුවෙන් හිටියා වගේ.. හැම දෙයක්ම අතරෙම ඒ ලා නිල් පාට ඇස් වලට එබෙද්දී දැක්කේ අනුරාගයක්.. ඒ අනුරාගයේ බැල්මට හිත සම්පූර්ණයෙන්ම යටත් වෙලා.. තොල් පෙති අතරින් මිදුන ඒ සීතල තොල් පපුව මත දඟ කරා.. පපුව අතරට හෙමින් එබුන ඇඟිලි තුඬු හැඟීම් පුබුදු කරමින් පහලට ඇදිලා යද්දී හෙමින්ම දෑස් පියවුනේ ඊට අවසර දෙමින්...

..........................................

නෝර්මැන්ඩ් මුහුදු වෙරළේ දහවලේ තිබුනේ අමුතුම වෙනසක්.. යාන්තම් සිසිළසක් අරගෙන හමාගෙන ආව හුළගත් ඒ තරම්ම සැරට රැළි නොනැඟුන වෙරළ හොයාගෙන පැරීසියෙන් තරමක් දූර ඈත වෙරළට හුඟක් දෙනෙක් එන්න කැමති. ඒ මෙතනදි දැනෙන වෙනස නිසා කියන එක හිතා ගන්න ඒ තරම්ම අපහසු දෙයක් නෙමෙයි.. ලෝකේ වටෙන්ම එන සංචාරකයෝ අතරට මම තවත් එක සංචාරකයෙක් විතරයි.. අතුරු සිදුරු නැතුව පිරුණ වෙරළ තීරය දිගේ ඇවිදන් යන එකත් වෙලාවකට කරදරයක් වගේ දැනුනා වුනත් මේ කාලට මේ දේට මූණ දෙන්න බලාගෙනම මේ වෙරළට එන්න ඕන.. වෙරළේ හුදෙකලාව ඇවිදින එක හිතට නිදහසක් ගේන සුන්දර දෙයක් වුනත් අද නම් ඒකට ඉඩක් නැති ගානයි..

ඈතින් තද නිල් පාටත් වෙරළට ලං වෙන්න තිබුන ලා කොල පාටට හුරු නිල් පාටත් නෝර්මැන්ඩ් වල සුන්දරත්වය තවත් හුඟාක් ඈතට අරන් ගියා.. අමාරුවෙන් හොයා ගත්ත පුංචි ඉඩක හොයාගෙන ආව නිදහස විදගන්න ලෑස්ති වුනත් ඒකට ලැබෙන ඉඩ අඩු බව හිත හොදින්ම දැන ගෙන හිටියා.. ඉර හරියටම මුදුන් වෙලා කලින්ටත් වැඩියෙන් රස්නය නැගෙද්දී තවදුරටත් වතුරට නොබැහෑ ඉන්න බැරි තරමටම හිත ඒ ලගට ඇදිලා ගියා.. ඒත් කෝ ඒකට ඉඩක්.. අතුරු සිදුරු නැතුව පිරුණ වෙරළ තීරය ඇවිස්සුන කුඹි ගුලක් වගෙයි..

තව ටික වෙලාවක් එහෙම ඉන්නම හිතාගෙන බිමින් ඉද ගනිද්දී අහම්බෙන් වගේ නෙත ගැටුන දෙයින් ඇස් දෙක ඈතට ගන්න හිතක් වුනේම නෑ.. ඒ සරාගී රුව ගැන කොයි විදිහට විස්තර කරන්නද කියලා හිතා ගන්නත් බෑ.. හමේ පාටටම හුඟක් ලගින් යන්න ඇග දවටාගෙන හිටපු තිසරපට එක්ක ඒ සරාගි බව තව තවත් හොදට වැඩි වෙලා තිබුනා.. නිරූපිකාවකගේ වගේ පිරුපුන් සිරුර එක්ක සුන්දරව හිටිය ඇය දිහා නෙත් යොමු වෙලා තිබුනේ මගේ විතරක්ම නෙමෙයි කියලා දැනෙන්න ගත වුනේ පුංචි වෙලාවක් විතරයි..




මාත් බලාගෙන හිටියා.. දකින ඕන කෙනෙක්ම ඈ දිහා බලාගෙන ඉන්න ආසවෙන සිරුරක් නිතැතින්ම ඈට හිමි වෙලා තිබුනා.. ඒ ගැන ඈත් ආඩම්බර වුනා කියලා ඇගේ ගමනෙන් හොදටම තේරුනා.. ඇගේ තෙත කොණ්ඩයෙන් ගලාගෙන ආව දිය බින්දූ මඟ හරින්න ඇය කොච්චර උත්සාහ කලත් කම්මුල් අතරින් ලගාගෙන ඇවිත් පපුවට වැටුන දිය බින්දු ඇගේ පිරුණ හංසයින් අතරින් පහලට බේරෙන හැටි මං හිටි තැනට ඈ ලං වෙද්දි දකින්න මේ දෑස් වලට හැකි වුනා.. 


 parfois plage ne suffit pas de regarder, non?

ලාලිත්‍යයෙන් ඇහුන ප්‍රංශ වචන වල තේරුමක් නොවුනත් ඒ ඇස් දිහා මොහොතකට හරි බලන්න ලැබුන එක ගැන හිත රහසින්ම වගේ සතුටු වුනා..  ඒ මුහුණ දිහා බලලා හිනා වුනේ ඊට වැඩිය ඇසුරකට ඇරයුමක් ලැබෙයි කියලා හිතාගෙන වුනත් දෑසින් හිත පතුලටම වදින බැල්මක් හෙළුව ඇය මගෙන් ඈතට යන එක මම බලාපොරොත්තු වුන දෙයක් නෙමෙයි.. ඒත් ඇය පහුවුන ගමන්ම ආපහු හැරිලා ඈ දිහා බැළුවේ මෙච්චර වෙලා බලාගන්න නොලැබුන දේත් දැක ගන්න..

....................................................

දිගින් දිගටම නැගුන සුසුම් හඬ කලින්ට වඩා වේගයෙන් ඇහෙන්න වුනා.. විදුලි පහන් කීපයකින් එළිය වුන කාමරය පුරාවට තිබුනේ රාගික බවක්.. යාන්තමින් බිත්ති අතර නැඟුන සෙවනැලි සිරුරු අතර රසයෙන් මුසපත්ව හිදියදී ඒ තරමටම ලං වුන සිරුරු වේගයෙන් අරමුණ වෙත ඇදෙමින් තිබුනා.. සුසුම් හඬ සිහින් කෙඳිරිල්ලක්ව නැගෙද්දී කලින්ටත් වඩා තදින් අපි ලං වෙමින් හිටියා..

අවුල්ව ගිය රතුපාට ඇද ඇතිරිල්ලේ කෙලවරකට මිරිකුන ඇගේ දෑත ඈ හිතින් විදිමින් හිටපු ලෝකය මොන වගේද කියලා හොදින්ම කියන්න වුනා.. විනාඩි ගානකින් නොදැක්ක ඒ ලා නිල් පාට ඇස් ආයෙම වතාවක් දකින්න වුවමනා වුනත් ඈව ඒ ලෝකයෙන් මුදවන්න හිතට වුවමනාවක් තිබුනේ නෑ..

සියුම් ඇඟිලි තුඩු පිට දිගේ දඟ කරමින් තව තවත් මාව ඈ ලගටම ලං කර ගනිද්දී හිත අස්සෙන් පුංචිම හරි ආදරයක් ඇති නොවුනාම නෙමෙයි.. ඒත් ආදරේට ඉඩක් අපි අතර නෑ කියලා හොදටම විශ්වාසයි.. ආදරයට වැඩිය මේ මොහොතේ මිහිරට හිත වැඩියෙන්ම ඇදිලා ගිහින්.. යන්තමින් විවර වුන දෑස් වලට එබී ගෙනම තව තවත් ඈ තුලටම වුන මට ඉන් මිදෙන්න වුවමනාවක් වුනේ නෑ..

.....................................................

දවල් වරුවම වෙරළේ ගෙවිලා ගියේ ඇය ගැන හිතේ රැදුන මතකයත් එක්කම.. ඉදහිට වෙරළ දිහාවට එබිකම් කර කර ඇයව සෙවුවේ ඒ සුන්දරත්වය ආයෙම දකින්න හිතේ තිබුන වුවමනාවට.. අඩ නිරුවතින් වෙරළේ ඇවිදින අය ඕන තරම් හිටියත් ඇගේ තරම් හිත ඇද ගන්න සුන්දරත්වයක් ආයෙම දකින්න පුළුවන් වුනේ නෑ.. හිත කොච්චර වෙන තැන් වලට දිවුවත් එක තැනක නතර කරලා තියා ගන්න ඒ ලා නිල් පාට ඇස් ඉඩ දුන්නෙම නෑ..

සවස ගෙවිලා ගියේ අරමුණක් නැතුව පාළුවෙන් වුනත් ආයෙම ඇයව දැකින්න නොලැබුන එක ඒ හැම දේකටම වැඩිය තදින් දැනෙන්න වුනා.. ඈත තද තැඹිළි පාට අහසත් එක්ක මුහුද එකතුවෙන දිහා හුඟාක් වෙලා බලාගෙන හිටියේ ඒ අතරින් ඉදහිට වගේ අපිව පෙනුන නිසා.. කඬවුන එක බලාපොරොත්තුවක් එක්කම ආයෙම නිකේතනයට ආවේ දිය මත ලිවුව එක අපූරු කතාවක් එහෙමම අත ඇරලා දාන ගමන්.. ආයේ කොහොම ඇයව දකින්නද? හිතේ තිබුනේ තේරුම් ගන්න බැරි පසුතැවිල්ලක් විතරයි..

පැරීසියේ රාත්‍රියේ සුන්දරත්වය විස්තර කරන්න කාටවත් බැරි වේවි.. මට වුනත් එහෙමයි.. ජීවිතේ පළවෙනි වතාවට නොයෙක් පාට එළි අතරින් ඇවිදන් යද්දී හිතට දැනෙන ඒ හැඟීම හරිම අපූරුයි.. මැදියම එළඹේනකන්ම්ම නින්දක් නොආපු දෑස් වලින් ඒ අපූර්වත්වය හොදට විදගත්තේ හුඟක්ම ආසාවෙන්..

නිකේතනයේ එළිමහනේ පැවති රාත්‍රී සාදය දිහාවට නෙත යොමු වුනේ අහම්බෙන් වගේ.. රැදෙන්න තරම් වුවමනාවක් නොවුනත් සවනතට වැටුන මිහිරි සංගීතය නිසාම එතන මොහොතක් හරි රැදෙන්න හිත ආස කලා.. ප්‍රංශයේ මිදි වයින් එකක රස විදින ගමන් සාදයට එක් වෙන අතරේ බලාපොරොත්තු නොවුන විදිහට ඈව සාදයේ දැක්කම අමතක වෙලා තිබුන හැඟීම් හැම එකක්ම ආයේ එකින් එක ඔළුවට එන්න ගත වුනේ මොහොතක් විතරමයි..

නිතඹ යාන්තමින් වැසුන රතු පැහැ ගවුමට ඒ සුන්දරත්ව තවත් කැපිලා පෙනුනා.. ගැඹුරටම කැපුන ගවොම් කරෙන් මිරීකී වුන් හංස යුගල නිදහසක් ලැබෙනකම් බලාගෙන හිටියා වගෙයි දැනුනේ.. මදුවිතින් පිරුන ඒ දෑස් වල කලින්ටත් වඩා මත් බවක් තිබුනා.. ලගට ගිහින් කතා කරන්න තරම් වුවමනාවක් හිතට ආවත් ඈ ගතේ දැවටෙමින් නර්ථනයේ වුන් තරුණයන් නිසාම ඒ ආසාව හිත ඇතුලෙම හිර ගත්තේ සතුටකින් නෙමෙයි..

ගෙවිලා ගිය හැම තත්පරයකම දෑස රැදුනේ ඈ ලග.. අතින් අතට මාරු වෙමින් ලලිත්‍යට හැමෝගෙම සිත් සනසද්දී පුංචි ඊර්ශ්‍යාවක් ඇති නොවුනම නෙමෙයි.. හුඟක් වෙලා ඈ දිහාම බලාගෙන ඉද්දී ඒ දෑස් අහම්බෙන් වගේ මං ලගට යොමු වුනා කියලා දැක්කම දැනුනේ හිත ඇතුලටම හී සරක් වැදුනා වගේ.. මත් බවින් පිරුණ දෑස් මාව ඈ වෙතටම අඬගහද්දී දෙපා නොදැනුවත්වම ඈ දෙසට පියමැන්නේ ඒ ආකර්ශණය නිසාමයි..

නොනැවතුන සංගීතයේ රාවයට පැද්දෙමින් තිබුන සිරුරු එකින් එක හමුවෙද්දී අවට හැම දෙයක්ම අමතක වෙලා ගියේ එක මොහොතකින්.. ඇගේ ඉනවටා යැවුන දෑත් වලින් තවත් ඈව ලං කර ගනිද්දී ප්‍රාණවත් වෙමින් තිබුන හැගීම් වලට සිමා මායිම් බිදගෙන ඈතකට යන්න වුවමනා වෙලා තිබුනා..

......................................................

දෑස් වලට එබීගෙන විදපු මිහිර වචනෙයෙන් කියන්න බැරි තරමටම සුන්දරයි.. ඇග පුරා නැගෙමින් තිබුන සිහින් දහදිය නළල දිගින් හෙමින් බේරෙමින් තිබුනා.. ඒකාකාරි බවින් මිදෙන්න හිතාගෙන මා මතට නැඟුන ඇයගේ සුන්දරත්වය තවත් හොදට පෙනුනා.. යාන්තමින් දහඬියෙන් නැහැවිලා තිබුන සිරුරේ තැනින් තැන දහඬිය බිදු විදුළි එළියට දිළිසෙද්දී සිතුවිළි තව තවත් ප්‍රබෝදමත් වුනා..



තොල් පෙති අතර දඟ කරපු ඔය තොල් හෙමිහිට නළලත කම්මුල් සිප ගනිද්දී රෑ යහනට ආගන්තුන නොවුන ඇය මා මත දග කලේ මාව සම්පූර්ණයෙන්ම ඈට නතු කරගෙන.. සිහින් කෙදිරිල්ලත් එක්කම වේගයෙන් පාවුන සිරුරු හැම දේකම අවසානයට එමින් තිබුනා කියලා අපි දෙන්නටම තේරුනා.. ගතවුන විනාඩි කීපය අතරේ දැනුනේ හැම දෙයක්ම නිසල වුනා වගේ.. මොළය ඇතුලටම කා වැදුන එක මිහිරක් එක් නිමේෂයකට මුළු සිරුර පුරාවටම දුව යද්දී පිහාටුවක් වගේ පාවෙලා ඇවිත් පපුව මතම මුහුණ හොවා ගත්තේ ආදරයෙන් නෙමෙයි වුනත් ඒ හැඟීමේ අපූර්වත්වයක් තිබුනා..





40 comments:

  1. කවදත් වගේ ලස්සන කතාවක්.... හැබැයි හරිම භයානක සිතිවිල්ලක් :D
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. භයානකයි නම් තමයි.. හැබැයි වැඩිය ඒ ගැන හිතන්න එපා.. එතකොට භයානක නෑ..

      Delete
  2. පට්ට රොමැන්ටික් නොවැ. :)

    ReplyDelete
    Replies
    1. මේක රොමෑන්ටික් කියලා දැනෙන්න ලියන්න සෑහෙන ගේමක් දෙන්න උනා.. දන්නවනේ ඉතින්..

      Delete
  3. කාලෙකට පස්සේ ඇවිත් මෙයා ලියලා තියෙන්නේ අපි ව නිකං මොකද්ද වෙලා යන කතාවක් :D ඒක නෙමෙයි, කෝ දැන් ලෝකෙ පුරා සවාරි ගහලා අපිට ගෙනාපු දේවල්?

    ReplyDelete
    Replies
    1. ලෝක සවාරි? දැන් කවුද කියන්නේ මම එහෙම එකක් ගියා කියලා හැබෑටම..

      Delete
  4. බුදු අම්මෝ.....ගියපු දුරක්....

    ReplyDelete
    Replies
    1. සමහර වෙලාවල් වලට එහෙම වෙනවා ඉතින්..

      Delete
  5. වර්ණ ඔයාට හොදට ලියන්න පුළුවන්..ලස්සනට හිතට වදින්න ලියල තියෙනවා.ඒ වගේම කතාව ඇතුලෙ තියෙන රසය පුදුමාකාරයි...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අගය කිරීමට.. අදයි මුලින්ම රජ වීදිය මේ පැත්තේ දැක්කේ.. ආයෙම එන්න කියලා ආරාධනා කරනවා..

      Delete
  6. අඩේ ඔය ඇවිත් ඉන්නේ කාමරාගය අවුස්සගෙනම..

    ReplyDelete
    Replies
    1. කාලෙකට පස්සේ එද්දී නිකන්ම ඇවිත්ම් හරි නෑ වගේ කියලා හිතුනා ඉතින්.. අනික ඉතින් මාත් නෝර්මෑන්ට් බීච් ගිය එකේ ලිවුවම මොකද නේද?

      Delete
  7. යුවතිය ක්ලබ් එකක කෙල්ලෙක් නේද...

    මෙව්වා වුනා මාව

    ReplyDelete
    Replies
    1. ඒකනම් කැමති විදිහකට හිතා ගන්න පුළුවන් පැතුමෝ..

      මෙවුවා උනා කිවුවේ කොවුවයි උනේ? ;)

      Delete
  8. මෙයා කාලයක් තිස්සේ ශෘංගාරය එකතු කරලා වගේ. කිති කවෙන් පොස්ටුවක් නේ,

    ReplyDelete
    Replies
    1. පහුගිය ටිකේ එකතු කරපු ඒවා ගැන කිවුවනම් මේක මෙහෙමත් ලියන්න බැරි තත්වයක් එනවා.. ඒ හන්දා ඒක ඕන නෑ..

      Delete
  9. හ්ම්ම්..හ්ම්ම්ම්

    ReplyDelete
    Replies
    1. ඇයිද දන්නේ නෑ "හ්ම්ම්"?

      Delete
    2. මම හිතන්නේ හ්ම්ම් හ්ම්ම් ගාන එකේ අරුත් ගොඩක් තියෙනවා. කැමති එකක් හිතාගන්න.

      Delete
    3. අහ් හරියෝ..

      Delete
  10. හොරේ අහු වුනා ඕං...රෝමැන්ටික් ගතිය නම් උපරිමයි.

    ReplyDelete
    Replies
    1. මොකද්ද අෆ්ෆේ හොරේ? මම දන්නෙත් නෑ..

      Delete
  11. අම්මෝ...ශෘගාරේ ඉතිරෙනවා. හැබැයි ඉතින් ලස්සනයි. :D

    ReplyDelete
    Replies
    1. මට මේකට එක පාරම දාන්න හිතුන රිප්ලයි එක මම දැම්මේ නෑලු හොදේ පොඩ්ඩී අක්කේ..

      Delete
  12. හරිම අපුරු ගලා යෑමක් තියෙන්නේ.
    රස වින්දනය නියමයි.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මනෝජ්.. හැබැයි ටිකක් අමාරු උනා ලියන්න.. :)

      Delete
  13. haffoi madara akkath meka kiyawanawada??
    wihiluwata ahuwe maru dinesh aiye kohomada affa ohoma liyanne :)

    ReplyDelete
    Replies
    1. හෙහ් එයා මොකෝ කියවන්නේ නැත්තේ.. අකුරු වැරදි තීනවද බලලා පින්තූර ටික මේකට දැම්මෙත් එයාම තමයි.. ;)

      Delete
  14. mare maru dinesh aiye :) kohomada affa ohoma liyanne

    ReplyDelete
    Replies
    1. නිකමට හිතෙන ඒවා තමයි මලයා..

      Delete
  15. කතාව පුරාම ශෘංගාරය ඉතිරිලා යනවා. ඒත් පුදුමාකාර සංයමක් තිබ්බේ. ගොඩක් ලස්සනයි අයියේ.

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ.. මේකත් අර වැස්ස පෝස්ට් එක වගේ තමයි ඉතින්.. හිතුනට ලියද්දී අමාරුයි

      Delete
  16. සිතද....ගතද..කිති කවයි!!!

    ReplyDelete
    Replies
    1. එහෙනම් හොදයි නේ..

      Delete
  17. කාලෙකින් ඇවිත් ලියූ කතාව සෘංගාරය තවටිකක් එහෙ මෙහෙ වුනානම් 18+ තමයි.

    ReplyDelete
    Replies
    1. ටිකක විතර එහෙ මෙහේ උනා රත්නායක අයියේ.. ඒ ටික එඩ්ට් කලා..

      Delete
  18. එක මොහොතක් ..නැත්තම් දෙකක් මෙච්චර ලස්සන්ට ලියන්න අත්දැකීමක් වෙන්නම ඇති.
    (මදාරා ලග පාතක නැහැ නේද?)

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. අපිටත් අපේ වයිෆ් ලට සමහර වෙලාවට බොරු කියන්න වෙනවා :)

      Delete
    3. This comment has been removed by the author.

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්