Monday, 12 August 2013

ප්‍රංශ නිවාඩුව ඉවරයි - වසර තුනයි




අවුරුදු තුනක් කියන්නේ ජීවිතේ පැත්තෙන් බැළුවොත් නම් සෑහෙන පුංචි කාලයක් කියලා හිතෙනවා.. මොකද දැන් හරි ඉක්මනට කාලය ගෙවිලා යනවනේ.. සමහර වෙලාවට දවසේ පැය 24ත් මදිදෝ කියලා හිතෙන තරමටම වේගයෙන් කාලය දැන් ගෙවිලා යනවා.. ඔය අස්සේ ඉතින් අපිත් වයසට යනවා.. ඒක වෙනම කතාවක්..

බ්ලොග් අවකාශයට ඇවිල්ලත් දැන් දන්නෙම නැතුව අවුරුදු තුනක් ගෙවිලා ගිහින්.. ඒත් දැනෙන්නේ නම් හරියට තාම හැම දෙයක්ම අද ඊයේ වගේ.. අමාරුවෙන් බ්ලොග් එකක් හදාගෙන පළවෙනි පෝස්ට් එකටේ වෙද්දී බුකියට ලිවුව කවියක් දාලා බ්ලොග් එකක් පටන් ගත්තා තාමත් හොද හැටි මතකයි.. බ්ලොග් වලට එන්න කලින් හැම දේම වෙලා තිබුනේ බුකිය තමයි ඉතින්.. අඩුම ගානේ දවසට එක කවියක් වත් නොදැම්මොත් හිතට නිකන් දවස් වල හරි නෑ නෑ වගේ.. ඉස්සර ඒකටම හරි ගිය කාණ්ඩයකුත් බුකියේ හිටියා.. දැන් නම් ඉතින් ඒකෙන් ටිකක් ඈත් වෙලා හිටියත් ඉස්සර ලියපු දේවල් තාම මතක් නොවෙනවාම නෙමෙයි.. ඔය අපේ ආලවන්ත හුදෙකලාව ලියන දිනිති දීපිකා අක්කා දවස් වල සුන්දරත්වය ගැන කියන්න තවත් එක උදාහරණයක් වේවි.. ඒකනේ අපේ යාළුකම කාලේ ඉදන්ම තාමත් විදිහටම තියෙන්නේ..

මම මේ ගැන කලිනුත් කියලා තියෙනවා.. බ්ලොග් ගැනවත්, බ්ලොග් කියන්නේ මොකද්ද කියලවත්, අඩුම ගානේ මෙහෙම දෙයක් තියෙනවද කියලවත් මම දැනන් හිටියේ නෑ.. අහම්බෙන් වගේ මාව මේ පාරට ඇදලා දැම්මේ මගේ මල්ලි පුබුදුවා.. මට තිබුනේ බ්ලොග් එකටම කියලා ජීමේල් එකවුන්ට් එකක් හදලා බ්ලොග් එකට ඕන නම තීරණය කරන්න විතරයි.. අනික් හැම දේම මට කරලා දුන්නේ මලයා.. මට තිබුනේ පෝස්ට් ලියන එක විතරයි.. අනික් හැමදේම බලා ගත්තේ මලයා.. මාව මෙච්චර ලොකු ගමනකට ඇදලා දාපු උඹ අපි හැමෝටම නොකියා ජීවිත ගමනෙන් ආයෙම නොඑන්නම ගිය දුක තාම මේ හිතේ ගොඩක් ලොකුවට රැදිලා තියෙනවා.. උබව මතක් වෙන උඹව වුවමනා වෙන වෙලාවල් තාමත් තියෙනවා.. ඒත් අවාසනාවට වගේ උඹ අද මගේ ලග නෑ.. කොහොම වුනත් උඹ හොද තැනක ඇති කියලා මගේ ලොකු විශ්වාසයක් තියෙනවා..

කවි වලින් පටන් ගත්තු බ්ලොග් ගමන දැන් සෑහෙන දුරක් ඇවිත්.. අන්තිමට බුකියටත් සමුදීලා පුර්ණ කාලීනවම මගේ විවේකය බ්ලොග් වලට යොමුවුනේ ඇත්ටටම මේකට තිබුන ආසාව නිසා.. ඇත්තටම ඉස්සර මම ලියන්න දක්ශ නෑ.. දැනුත් එහෙම තමයි.. ඒත් වෙනසකට තියෙන්නේ මොනවා හරි දෙයක් ලියන්න ඕන කියන උනන්දුව හිතේ වැඩ කරන එක.. හැබැයි මගේ තියෙන එකම අඩු පාඩුව සිංහල භාශාවේ තියෙන හැම රීතියක්ම හොදින්ම නොදන්න එක.. ඉස්කෝලේ යන කාලේ මේ උනන්දුව නොතිබුන එක ගැන ඇත්තටම මම දැන්නම් පසු තැවිලි වෙනවා.. ඒත් දැන් ගැන හිතන්න කාලය නෙමෙයි.. ගිය දේ ගියා..

කවි වලින් ඒකාකාරි වෙලා තිබුන බ්ලොග් එකට කතාන්දර එකතු වුනා.. ඊට පස්සේ මගේ ජීවිතය, මගේ අතීතය හැම දෙයක්ම මේ අතරට එකතු වුනා.. සිහිනයක් වෙලා තිබුන හැම දෙයක්ම වර්ණවත් වුනේ මම වර්ණයට මාරු වුනත් එක්ක.. මන්දගාමීව ආව මගේ ගමන ටිකක් වේගවත් වුනේ මම වර්ණයට මාරු වීමත් එක්ක කියලා ඇත්තටම මම පිළිගන්න ඕන.. හිට්ස් සහ කමෙන්ට්ස් ගැන නෙමෙයි මම මේ කියන්නේ.. මට ඒවා එදා තිබුනෙත් නෑ.. අදත් මහ ගොඩක් ඇත්තෙත් නෑ..

මම කියන්නේ කියවන පිරිස ගැන.. බ්ලොග් ලියන අපිට ගොඩාක්ම වැදගත් වෙන්නේ මෙන්න මේ කියවන පිරිස.. ඇත්ත, හැමෝම හැමදාම අපි ලියන දේවල් කියවන් එන්නේ නෑ.. ඒත් අයගේ රසයට ගැලපෙන ලිපි ලැබෙද්දී අනිවාර්යෙන් පිරිස් අපි ලියන දේවල් කියවන්න එනවා.. මග පෙන්වීම ශක්තිය තරම් වෙන කිසිම දෙයක් මේ බ්ලොග් ලෝකයෙන් අපිට ලබා ගන්න බෑ.. මේ ගෙවුන අවුරුදු තුනට පන්සීයකට වැඩි කියවන්නන් පිරිසක් එකතු කර ගන්න පුළුවන් වුන එක ගැන මම අහිංසකවම සතුටු වෙනවා.. හැම කෙනෙක්ටම මම හදවතින්ම ස්තූති කරනවා.. මොකද මේ හැමෝම තමයි මගේ මේ ගමනට ශක්තියක් වුනේ.. කමෙන්ට් එකක්වත් නැති හිට්ස් බොහෝම අඩු පෝස්ට් මුල් කාලයේ වැටෙද්දී අඩුම ගානේ දවසට එක්කෙනෙක් වත් අළුතින් කියවන්නෝ එකතු වුන අතීතයක් තිබුන නිසයි අද මට මේ විදිහට අවුරුදු තුනක සතුට සමරන්න පුළුවන් කම ලැබුනේ..

ගෙවුන අවුරුදු තුන එක්ක බලද්දී දැන් නම් බ්ලොග් අවකාශය සෑහෙන්න ඉස්සරහට ගිහින්.. අළුතින් ගොඩක් අය එකතු වෙන කාලයක් බවට පත් වෙලා.. අළුතින් එන නිර්මාණකරුවෝ පරණ අපිට වඩා හොද මට්ටමේ නිර්මාණ කරන බව අවංකවම පිළිගන්න ඕන.. ඒක ඇත්තටම සතුටක්.. අපේ මුල් කාලයට වඩා බ්ලොග් අවකාශය වෙනුවෙන් හැදුන ගෲප්, සින්ඩි දැන් බොහෝමයක්ම තියෙන එක නවකයන්ට වගේම අපිටත් ගොඩක් ලොකු පිටුවහලක්..

බ්ලොග් අවකාශයේනම් දැන් මගේ ලොකු බලාපොරොත්තූ නෑ.. නෑ කියන්නමත් බෑ.. එකක් තියෙනවා.. ඒකත් ඉටු වේවි කියලා හිතනවා.. දැන් නම් හිතේ තියෙන ලොකුම ආශාව පොතක් ලියන එක.. ඒකත් දැන් සැළසුම් කරලා තියෙන්නේ.. බොහෝවිට ඒකත් ලබන අවුරුද්ද වෙද්දී සපුරා ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා.. අවුරුදු තුනක් ගෙවුනට මගේ අඩුපාඩු තාම ඇති.. මම නෑ කියන්නේ නෑ.. හැබැයි ඒක මටත් වැඩිය හොදට දැනෙන්නේ නිතරම මම ලියන දේ කියවන්න එන මේ හැම කෙනෙක්ටම.. ඉතින් මම කැමතියි හැම දෙයක් ගැනම විවෘතව මාත් එක්ක කියනවනම් මම හුඟක්ම කැමතියි..

හරි, ප්‍රංශ නිවාඩුව ඉවර කරලා ඔන්න මම ආයෙම ආවා.. ගැනනම් ලියන්න දේවල් ගොඩයි.. සමහර දේවල් නම් ප්‍රසිද්ධියේ ලියන්න පුළුවන් දේවලුත් නෙමෙයි.. ඒත් ඉතින් සංයමයකින් ලියන්න බැරි කමකුත් නැහැනේ.. කෝකටත් බළධාරියාගේ අවසරය අරන් ඉන්න එක හොදයි.. පහුගිය මාස කීපයේ මගේ ජීවිතය ගැන, මගේ අතීතය ගැන ලියන දේවල් ටිකක් දුරට මඟ හැරිලා නිර්මාණාත්මක දේවල් වැඩියෙන් එළියට ආව නිසා ආය්ම පරණ සුපුරුදු ලිපි පෙලට යාමේ වුවමනාවක් තියෙනවා.. තාම නිකන් නිවාඩුව ඉවර වෙලා ආව ගමන් හන්දා තාම හිත පැත්තේ.. හන්දා තව ටික දවසකින්ම ලියන්නම්..

එහෙනම්, මේ ගෙවුන කාලය පුරාවටම මාත් එක්ක ඉදලා මාව දිරිමත් කරපූ හැමෝටම ආයෙමත් අවංකවම ස්තූතිවන්ත වෙනවා.. ඉදිරියටත් වර්ණයත් එක්ක මේ වගේම එකතු වෙන්න කියලා මම ආදරයෙන් ආරාධනා කරනවා..



අහ්, කේක් ඕන නේද? පහුගිය උපන්දින දෙකේදිම වගේම ඔන්න මේ පාරත් මේස දෙකක්ම දැම්මා..




අපේ අක්කලා නංගිලා මේපැත්තට එන අතරේ,




අයියලා මල්ලිලා මේ පැත්තටට ඇවිත් යන්න..



මේස මාරු වෙන්න ඕන අයට කිසිම තහනමක් නැත..




38 comments:

  1. කේක් කන්න ඉතිං මං නෑ විත් කොහොමද? ඔන්න මම තමයි මුලින්ම දුවගෙන ආවේ. බ්ලොග් ලෝකේ ඇසුරු කරන සහෝදරයන්ගෙන් හුගක් වටින කෙනෙක් තමයි දිනේෂ් මලයා. නිහතමානීකමට මම හුගක් ගරු කරනවා. ඉතිං ලියන්න තියෙන හැකියාව තව වැඩි වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. බ්ලොග් එකට සුභ උපන් දිනයක් වේවා! ඉස්සර ව‍ගේ හැමදාම නැතත් පුලුවන් විදියට මාත් එනවා මේ පැත්තේ.

    ReplyDelete
  2. සෑහෙන්න බොන්න වෙනවා. අවුරුදු 03 ක් කියන්නේ එසේමෙසේ කාලයක් නෙවෙයි.

    රාහනම් ජය වේවා... කයල සුබ පතන ගමන් ටිකක් වෙන්න ගන්නවා...

    ReplyDelete
  3. තෙවන වර්ෂ පුර්ණයට සුභ පැතුම් ..... දිගින් දිගටම ලියන්න ශක්තිය හා ධෛර්ය ප්‍රර්ථනා කරමි

    ReplyDelete
  4. තෙවර්ෂ පූර්ණයට මගෙනුත් උණුසුම් සුබ පැතුම් !

    ReplyDelete
  5. අර නවකතාවක්ද මොකක්ද එක නම් මම බැලුවෙවත් නෑ.. අනික් ලිවිලි නම් සුපර්.. ඩිස්නි ලන්තේ ගියා කියලා පත්තරේ දාලා තිබුනා..

    සුබ පැතුම්..!!! අනාගත ප්‍රාර්ථනාවනුත් ඒ ආකාරයෙන්ම ඉටු වේවා....!!!

    ReplyDelete
  6. අවුරුදු තුනට සුබ පැතුම් :) අලුත් සිතුවිලි අකුරු කරන්න ලැබේවා !!!

    හප්පේ කේක් තියෙනවා නේද ඉතින් නොකා කොහොමෙයි ;)

    ReplyDelete
  7. එහෙම නං අවුරුදු 3 කුත් ගිහින් :) හැපි බ්ලොග් මොකද්ද එකක් (බ්ලොග් + ඇනවසරියක්) වේවා! දිගට ම ලියන්න. මම නං දිනේෂ් අයියා නිසා තමයි මදාරා අක්කාගේ බ්ලොග් එක අඳුර ගත්තේ. කොහොම වුණත් දැන් ඉතින් දෙක ම එකයිනේ. ඒ නිසා අවුලක් නෑ. ඒක් නෙමෙයි, මොකද්ද අර දිනේෂ් අයියා සමු ගන්න කතාවක් කියලා තිබුණේ. ආයේ එහෙම ඕවා කියවලා අහුවෙනවා එහෙම නෙමෙයි, හරි ද? ඒක නෙමෙයි, අර ඩිස්නිලන්තේ සවාරි ගියා "කිරි සප්පයා" තාම ආවේ නැද්දෝ?

    ReplyDelete
  8. තෙවසරක බ්ලොග් කලාවට උණුසුම් සුබ පැතුම් මගෙනුත්. මං නං අන්තිම මේසෙන්ම ඉඳගන්නවා.

    ReplyDelete
  9. සුබ පැතුම් මගෙනුත්!

    ReplyDelete
  10. ඇදගෙන යන්න සුභ පැතුම්!

    ReplyDelete
  11. සුබ පැතුම් මචං..!

    කොයි එකද බං ‍තෝර ගන්නෙ...දැන්ටමඩෝප් වගේ..!!

    ReplyDelete
  12. වැඩි වචන දාන්නේ නෑ... කවදත් මං උඹේ ලිවිල්ලට ආසයි දිනේශ් අයියේ....
    ඉස්සරහටත් එහෙමම ලියන්ඩ ශක්තිය ධෛර්ය ලැබේවා...!!!

    ReplyDelete
  13. සුබ පැතුම්..! ඉදිරියෙදි තව තවත් නිර්මාණ කරන්නන හැකි වේවා..!

    ReplyDelete
  14. මම කැමති බ්ලොග් වලින් එකක් තමයි ඔයාගෙ බ්ලොග් එක . ඔයාගේ ජිවිතේ සැබැ තොරාතුරු , විශේෂයෙන් ඔබේ රැකියාවේ තොරතුරු , මේ සියල්ල හරිම රසවත් . සුභ පැතුම් දිනේශ් මල්ලී . දිගටම ලියල්ල සියලු දිරිය ලැබේවා කියා පතනවා .

    ReplyDelete
  15. හැමදාම කියන විදියට අදත් කියන්නම්.
    වාසනාවන්...

    ReplyDelete
  16. අවුරුදු තුනට සුබ පැතුම් දිනේශ්!!!

    ReplyDelete
  17. මගෙනුත් සුභ පැතුම් දිනේශ්.........තවත් දිගු ගමනකට ආසිරි

    ReplyDelete
  18. දිනේෂ් මිත්‍රයා උඹේ ලිපි මම හැම එකක්ම කියවනවා.සමහර ඒවා ජංගමයෙන් කියවන නිසා කමෙන්ට් කරන්න වෙන්නේ නෑ.නමුත් උඹේ ලිපි වලට මම බොහොම කැමතියි. කුණුහරුප වලට එහා ගියපු ප්‍රායෝගිකත්වය සහ ජීවිතයට එකතුවිය යුතු ආත්මීය රසයක් තියනවා ඒවායේ. මම සුබ පතනවා උඹට සහ උඹේ බ්ලොගයට වගේම උඹේ වෙන්ඩ භාරියටත්..උඹයි මමයි බ්ලොග් ලියන්න පටන් ගත්තේ එකම කාලේ.මම අප්‍රේල්වල පටන් ගත්තේ උඹ අගෝස්තුවල. ඉතින් මේ මිත්‍රත්වයත් බ්ලොග් එක්කම රැඳුනාවේ.ජයවේවා

    ReplyDelete
  19. මගේ සුබ පැතුම් උඹට තව තව දිගටම වැදගත් දේ ලියන්න ලැබේවා කියලා. තෙරුවණ් සරණින් ජයෙන් ජයම වේවා මචං

    ReplyDelete
  20. සුභපැතුම්. උඹේ කතන්දර වලටයි ෆාමසියෙ කතා වලටයි මම සෑහෙන්න මනාපයි.

    ReplyDelete
  21. සුබපැතුම් මල්ලී.....

    ඔයා පොතක් ලියනවනම් භාෂාව පැත්තෙන් මට උදව්වක් දෙන්න පුළුවන්... සෝදුපත් කියවීම වගේ .... ඕන උණොත් කියන්න....

    ReplyDelete
  22. අහ්හ් හා අවුරුදු 3යි:D සුබ පැතුම් අයියෙ!! තව දිග ගමනකට, තවත් ලස්සන දේවල් ලියන්න ශක්තිය ලැබෙන්න ඕනෙ !!

    (දැන් නම් කමෙන්ට් දාන්න තියා,බ්ලොග් කියවන්න එනවත්, ලියනවත් මම හෙන හොරයි!! ඒත් උපන් දිනේට සුබ පතන්න කමෙන්ට් එකක් දාන්න හිතුවා.)

    ජයෙන් ජය!!!

    ReplyDelete
  23. සුබ සංවත්සරයක් වේවා !! මමනම් මගදි එකතු වුනේ.. ගොඩක් රස කතා කියවන්න ලැබුනා එදා ඉඳන්.. කවිනම් මම කියෙව්වෙම නැති තරම්. සාර්තකව ඉදිරියට යන්න ලැබේවා !!!

    ReplyDelete
  24. සුභ පැතුම් මලේ..ඉස්සරහටත් නොනැවතී ලියන්න හැකියාව ලැබේවා..මම කැමතිම ඔයාගේ රහස්පරීක්ෂක සීරිස් එකට..

    පුබුදු මල්ලීවත් ආදරයෙන් මතක් කරනවා..එයාගේ ලස්සන වැඩකිඩ තාමත් වර්ණ එළිය කරනවා නේද?

    ReplyDelete
  25. දිනේෂ් මචෝ අර එරිකෝ හන්ටර් කතන්දරය නම් කියෙවූවේ නැහැ.
    හැබැයි ඉතින් මම අර අනික් කතනම් කිහිපයක්ම ඉඩ ඇති හැටියට කියවා තියෙනවා.

    කොයි හැටි උණත් ඔන්න මගෙනුත් උණුසුම් සුභ පැතුම්.

    ReplyDelete
  26. අම්මතසිලි... මං අමද්‍යප නිසා මම ඔන්න පලවෙනි මේසෙන් නැවතුනා..
    සුබම සුබ මෙවුව එකක් වේවා..
    තව දිග...............කාලයක් අපිට වර්ණ පොස්ටු කියවන්න ලැබේවා!!!
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
  27. වසර තුනේ බ්ලොගවසිරියට මගෙනුත් සුභ පැතුම් . . . !

    ReplyDelete
  28. මම නම් මේස තුනටම ගියා ඈ..... සුභ පැතුම් ඇනිවසරියට

    ReplyDelete
  29. ජයෙන් ජයම වේවා!!!!!!!!!!

    ReplyDelete
  30. තෙවසරක බ්ලොග් කලාවට මගෙන් සුබ පැතුම්
    තවත් ඉස්සරහට වැදගත් හරවත් රසවත් දෙවල් ලියන්න ලැබේවා කියලා ඉතසිතින් ප්‍රර්ථනා කරනවා

    ReplyDelete
  31. මගෙනුත් සුභ පැතුම්...තව තවත් ලස්සන නිර්මාණ කරන්න ලැබේවා!!!!

    ReplyDelete
  32. Happy birth day WARNA... මුලු හදවතින්ම සුභ පතනවා අයියාටයි අක්කාටයි දෙන්නටම

    ReplyDelete
  33. සුබ පැතුම් දිනේශ් මල්ලිටත් මදාරා නංගිටත් !

    ReplyDelete
  34. සුබ පැතුම් මලයෝ....

    ReplyDelete
  35. එහෙනම් ඔන්න අපෙනුත් සුබපැතුම්..ජයවේවා

    ReplyDelete
  36. මම නම් මේ බ්ලොග් එකට කලින් ඇවිල්ල නෑ වගේ. ඒත් ඇනිවසරියට සුබ පතනවා.

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්