Thursday, 27 June 2013

එරිකෝ හන්ටර් - The Flying Man 4

දහවලෙහි හෝරා කීපයක්ම පොලිස් ස්ථානයේ ගෙවා දැමූ එරිකෝත් සිම්රනුත් වාහනයට නැගී යලිත් වැඩ්මිලර් වලවුවට පැමිණේන විට සවස තුනට ලගාවෙමින් තිබුනේය.. පොලිසියෙන් ලද ලිපි ලේඛණ වල පිටපත් සියල්ලම අතැතිව සිටි සිම්රන් අතරින් පතර ඒවා පරීක්ෂා කරන්නට විය.. වාර්ථා අතරට වඩා එරිකෝගේ සිත යොමුව තිබුනේ ඔවුන්ගේ රියැදුරු වෙතටය.. ඉදහිට වාහනයේ පිටුපස දෙස පිටුපස බලන කණ්නාඬියෙන් බලමින් ආ ඔහු ගැන එරිකෝගේ හිතේ සැකයක් උපදින්නට වූයේ සවස සිදුවූ සිදුවීම් අතරේය..



" ඕවා ඔහොම හදිස්සියේ බලලා වැඩක් නෑ සිම්රන්.."



නිහඬියාව බිදිමින් සිම්රන් හා එරිකෝ කතාවට වැටුනේ රියැදුරු ගැන තිබුන අවදානය අඩු නොකරමින්ය..



" නැහැ එරිකෝ.. දැනට අපි හැම දෙයකම අතරමැදි හිර වෙලා ඉන්න නිසා මේක බලන්න හිතේ තියෙන උනන්දුව වැඩියි.."



" ඇත්ත, ඒත් මේ වගේ වෙලාවට අපිට හුඟක් දේවල් මඟ හැරෙන්න තියෙන ඉඩ කඩ වැඩියි.. ඒ හන්දා මේ වගේ සංකීර්ණ දේකදී නිදහස හුඟක් අවශ්‍යයි.."



එරිකෝ ඔහුගේ කතාව නිමා කලේ සිම්රන්ට රියැදුරුව පෙන්වමින් ඇසින් සංඥ්ඥාවක්ද කරමින්ය.. එරිකෝගේ හැසිරීම ගෙවුන කෙටි කාලයට හොදින්ම දැන සිටි සිම්රන් ඔහුගේ හිතේ කුමක් හෝ දෙයක් ගැන සැකයක් ඇති බව තේරුම් ගන්නට එතරම්ම වේලාවක් ගත නොවීය.. එහෙත් ඒ ගැන උනන්දුවක් නොදැක්වූ ඇය පුරුදු පරිදිම එරිකෝ හා කතා කරමින් සිටියේ ඔහුට ඒ බවක් නොදැනෙන්නට හරිමින්ය..



පරික්ෂණයට අදාල නොවෙන දේවල් දිගේ කතා බස් කරමින් ආ එරිකෝත් සිම්රනුත් රියැදුරුගේ අවදානය ඔවුන්ගෙන් ඈතකට ගන්නට සමත් වූවත් ඔවුන්ගේ අවදානය නිතරම ඔහු වෙතම තබා ගන්නට එරිකෝ කිසිසේත්ම අමතක නොකලේය.. සවස තුන පසුවී යමින් තිබියදී වැඩ්මිලර් වලවුව ඉදිරිපස නතර වුන වාහනයෙන් ඔවුන් නික්මෙත්ම ඔවුන් අසලට ආ ජෝර්ජ් ඔවුන්ව කෙලින්ම කැදවාගෙන ගියේ රිචර්ඩ්ගේ කාර්‍‍යාල කාමරය වෙතටය..



" මිස්ටර් එරිකෝ, අද ඔබ හින්දා මේ විදිහේ කලබලයක් වෙයි කියලා මම බලාපොරොත්තු වුනේ නෑ.."



"  ඒ කිවුවේ මිස්ටර් වැඩ්මිලර්?"



කාර්‍යාල කාමරයේ වූ සුවිසල් රාජකාරි මේසයට නැඹුරු වී සිටි රිචර්ඩ් වැඩ්මිලර් ඉන් නැගිට එරිකෝ අසලට ආවේ බැරෑරුම් මුහුණක් මවා ගනිමිනි.. සිදුවූ සෑම දෙයක් ගැනම ඔහු හොදින් දන්නා බවක් හැඟුන මුත් ඒ බවක් නොපෙන්නන්නට එරිකෝ වග බලා ගත්තේය..



" ඇයි ඔබ අවසරයකින් තොරව විලියම්ස්ලගේ ගෙදරට ගියේ?"



" මිස්ටර් වැඩ්මිලර්, ඒක මගේ රාජකාරියේ කොටසක්.. මම බර්මින්හැම් එන්න කලින්ම ඕන කරන ඔක්කොම අවසරයන් අරගෙන ආවේ.. ඊට එහා මම කාගෙන්වත් අවසර ගන්නවත් ඒ වෙනුවෙන් කාලය වැය කරන්නවත් සූදානම් නැහැ.."



" ඒත් මිස්ටර් එරිකෝ මේ ලන්ඩනය නෙමෙයි.. විලියම්ස්ලගේ ගෙදරට අනවසරයෙන් ඇතුළු වුනාට ඔබව පොලීසියට එක්කන් ගියා කියන ආරංචිය මට ලැබුනා.. ඒත් මම පොලීසියට කතා කරද්දී ඔබ එහෙන් ඇවිත්.."



" එහෙනම් මිස්ටර් වැඩ්මිලර් ඔබට ලැබුන ආරංචිය වැරදී.. අපි පොලීසියට ගියේ එවෙලේ අපු නිලදාරීන් දෙන්නා මේ ගැන කිසිම දෙයක් නොදැන හිටිය නිසා.. අනික් දේ තමයි මේ මම රාජකාරිය කරන විදිහ.. ඒක කොහේදි වුනත් වෙනසක් වෙන එකක් නෑ.."



" හරි මිස්ටර් එරිකෝ, මම කිවුවේ ඔබේ පහසුවට.."



" ගොඩක් ස්තූතියි මිස්ටර් වැඩ්මිලර්.. මම හිතන්නේ දැන් අපි අපේ කාමටරට ගියානම් හොදයි.."



රිචර්ඩ් වැඩ්මිලර් හා කතාබහ නොවැදගත් වූ නිසාත් එරිකෝගේ හිතට නොරිස්සුම් බවක් ගෙන ආ නිසාත් රිචර්ඩ්ගේ අවසරය ලැබෙන්නටත් කලින්ම කාමරයෙන් නික්මෙන්නට සූදානම් වුන එරිකෝ කාමරයේ දොර අසලට විත් මොහොතකට නතට වූයේ අහම්බෙන් මෙන් නෙත ගැටුන යමක් නිසාවෙනි.. රාජකාරි කාමරයේ දොර අසලම නැවතී හිදි ජෝර්ජ් ඔවුන්ගේ කාමටර වෙත කැදවන් යාමට ආපසු හැරෙද්දී ඔහුගේ සපත්තු වල යාන්තමින් රැදුන මඩ සහිත බව එරිකෝගේ දෙනෙතට නතු වූයේ අහම්බයෙන් මෙන්ය..



ඉහල මාලයේ වූ ඔවුන් නැවතී හිදි කාමරයට යන අතර වාරයේ ඒ බව
හොදින්ම නිරීක්ෂනය කල එරිකෝ ඒ බව සිම්රන්ටද හඟවන්නට අමතක නොකලේය.. සපත්තුවේ ඉදිරිපසත් පිටුපසත් අතරින් පතර රැදුන මඩ පැල්ලම් එරිකෝගේ හිතේ සැකයක් මතු කරන්නට වැඩි වේලාවක් නොගියේය..



" ජෝර්ජ්ගේ සපත්තු වල මඩ.. මේ වගේ වලවුවක ප්‍රධාන සේවකයෙක්ගේ සපත්තු ගැන ටිකක් මීට වඩා උනන්දු වෙන්න ඕන නේද ජෝර්ජ්?"



" අහ්, ඔවු මිස්ටර් එරිකෝ.. අද උදේ ඉදන්ම වැස්සනේ.. ඒකයි.."



" හ්ම්ම්, ඒත් මම දන්න තරමින්ජෝර්ජ් වලවුවෙන් පිටතට යැවෙන්නෙම නැහැනේ.."



" ඔවු මිස්ටර් එරිකෝ.. ඒත් අද වත්තේ වැඩ කරන සේවකයෙක්ට පොඩි අන්තතුරක් වුනා.. ඉතින් ඒ ගැන බලන්න යන්න වුනා.."



" මම හිතන්නේ මිස්ටර් වැඩ්මිලර් දකින්න කලින් ජෝර්ජ් වෙන සපත්තු දෙකක් දා ගත්තනම් හොදයි.. මොකද මිස්ටර් වැඩ්මිලර් නීති කාරයනේ.."



" ඔවු මිස්ටර් එරිකෝ.."



පඩිපෙල නැගී ඉහල මාලයේ ඔවුන්ට වෙන් කර තිබු කාමරය වෙතට එන තුරුම එරිකෝගේ අවදානය රැදුනේ ජෝර්ජ්ගේ හැසිරීම ලගය.. කිසියම් දෙයක් ගැන බයක් සඟවමින් පිළිතුරු දෙන බවක් ඔහුගෙන් පෙන්නෙට වූවත් දිගින් දිහටම ප්‍රශ්ණ කිරීමට නොගිය එරිකෝ කාමරයේ දොර අසලින් ඔහුට සමුදී කලබලයෙන් මෙන් කොරිඩෝව දිගේ ඇවිදන් යන ඔහු දෙස මොහොතක් බලාගෙන සිටියේය..



" එරිකෝ හිතන්නේ ජෝර්ජ්.."



" නැහැ සිම්රන්.. ජෝර්ජ් විලියම්ස්ලගේ ගෙදර ගියා කියලා මම හිතන්නේ නෑ.. ප්‍රධාන සේවකයා විදිහට ජෝර්ජ්ට මෙහේ තියෙන වැඩ එක්ක ඒ තරම් දුරක් හදිස්සියේම ගියා කියලා හිතන්න අමාරුයි.."



ජෝර්ජ් ගැන සිම්රන්ගේ හිතේ තිබුන අදහස කියා නිමකරන්නටත් කලින්ම තමන්ගේ නිගමනයට එලබෙන්නට උත්සාහ කල එරිකෝ කතාව අතර තුර මදක්  සිතනට විය..

                                                                                                          

" ඒත් සිම්රන් වැඩ්මිලර් පවුල දැනුවත්ව මේ හැම දෙයක්ම සිද්ද වෙනවනම් අපිට කලින් උදේම හරි ඊයේ රාත්‍රියේම හරි ජෝර්ජ් හරි වෙන කවුරුම හරි කෙනෙක් හරි එහේ ගිහින් තියෙනවා..ඒ කවුද, ඇයි එහෙම යන්න හේතුව කියන එක අපිට හොයා ගන්න ටිකක් අමාරුයි වෙනවා සිම්රන්.."



" අපිට කලින් ආව කෙනා කවුරු උනත් ඒ වැඩ්මිලර් පවුලට සම්බන්දයක්  නැති කෙනෙක් නම්? වෙනත් තරහා කාරයෝ ඉන්න බැරි වෙන්න හේතුවකුත් නැහැනේ.."



" ඔවු සිම්රන් එහෙම වෙන්න බැටරි හේතුවක් නැහැ.. ඒත් දැනට අපිට එහෙම බාහිර කෙනෙක් ගැන හිතන්න පුළුවන් තරමේ සාක්ෂියක් නැහැනේ.."



" ඒක ඇත්ත එරිකෝ.. ඊළගට ඔයා මොනවද කරන්න හිතන් ඉන්නේ? මට නම් මේක හුඟක් පැටළුමක් එරිකෝ.."



" දැනටනම් මටත් එහෙමයි සිම්රන්.. ඒත් එකම එක දෙයක් ඇති මේ හැම දෙයක්ම විසදෙන්න.. ඒත් හැමදේටම කලින් මට මේ වාර්තා හැම එකක්ම හොදින් කියවලා ඉන්න ඕන.."



සිම්රන් ලග තිබු පොලීසියෙන් ලද විලියම්ස් පවුලේ මරණයන්ට අදාල සියළුම ලිපි ලේකන වල පිටපත් සියල්ලද සමග කාමරයේ පසෙක වඵාන්සි පුටුව වෙත ගිය එරිකෝ එකින් එක ඒ හැම දෙයක්ම් හොදින් පරීක්ෂා කරන්නට විය.. තමන් අත ඉතිරිව රැදුන එරිකෝ නොවැදගත්යැයි කී අනෙකුත් වාර්ථා අතර කාලය ගෙවා දැමු සිම්රන් එරිකෝට වුවමනා කාලය ඔහුට නිදහසේ ලබා ගන්නට ඉඩ හැරියේය..



.............................



" සුභ සන්ද්‍යාවක් මිස්ටර් එරිකෝ.."



සවස හෝරා කිපයක්ම පොලිස් වාර්ථා අතර ගෙවා දැමු එරිකෝත් සිම්රනුත් ඒ ගැන වූ කල්පනාවෙන මිදුනේ හදිසියේම ඔවුන් හිදි කාමරයේ දොර අසලින් ඇසුන ජෝර්ජ්ගේ කටහඬත් සමගිනි..



" එන්න ජෝර්ජ්.. දොර ලොක් කරලා නැහැ.."



" මිස්ටර් වැඩ්මිලර් ඔබලාව විසිත්ත කාමරයේදි මුණගැහෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.."



" මේ වෙලාවේ?"



" ඔවු.. පරක්කු නොවී ඔබලාට එන්න පුළුවන්නම් මිස්ටර් වැඩ්මිලර් ඒ ගැන සතුටු වේවි.."



" හරි අපි එන්නම්.."



කාමරයෙන් නික්මුන ඔහු ඔවුන්ට සමුදී එලියට පිට වෙත්ම එරිකෝගේ අවදානය යොමුවූයේ තවමත් වෙනස්ව නොතිබුන ඔහුගේ සපත්තු දෙසටය.. නීති රීති බහුල වලවුවක ප්‍රධාන සේවකයකු ඒ උනන්දුවක් නොදැක්වීම එරිකෝගේ හිතට සැකය උපද්දන්නක් විය..



" එහෙනම් ජෝර්ජ්වත්ද විලියම්ස්ලගේ ගෙදරට ගියේ?"



කාමරයෙන් පිටත්ව පඩිපෙල බසින අතර වාරයේ එරිකෝ ජෝර්ජ්ගේ හැසිරීම ගැන තව දුරටත් කල්පනා කරන්නව ව්ය.. ආලින්දයත් දිගු කොරිඩෝවත් පසු කරමින් ආ ඔවුන් විසිත්ත කාමරයට එත්ම කාමරයේ පසෙකින් වූ කූඩා ටීපෝව අසලට වී හිදි ආගන්තුකයා දෙස එරිකෝ බොහොමත්ම වුවමනාවෙන් බලමින් මිස්ටර් වැඩ්මිලර් හා කතාවට වැටුනේ හදිසියේම ඔහුට එන්නට කියූ කාරණය දැන ගැනීමේ අපේක්ෂාවෙනි..



" අහ්, එන්න ම්ස්ටර් එරිකෝ.. දන්නවද මේ කවුද කියලා?"



තරමක් හුරුපුරුදු පෙනුමක් තිබුන හොදින් හැද පැලද සිටි ඔහු දෙස එරිකෝ කලින්ට වඩා වුවමනාවෙන් බැළුවත් එක වරෙම ඔහුව හදුනා ගන්නට එරිකෝට නොහැකි විය..



" මේ එරික් බ්‍රවුන්.. මගේ බෑණා.."



" එරික් බ්‍රවුන්, ප්‍රසිද්ද මැජික් ශිල්පියා.. ඔබව හදුනා ගැනීම සතුටක්.."



එරිකෝ සමග කතා කිරීමට එතරම්ම උනන්දුවක් නොදැක්වූ ඔහු ඔහුගේ අතැතිව තිබූ කෝපි කෝප්පය හෙමින් රස විදිද්දී එරිකෝ රිචර්ඩ් දෙසට හැරුනේ එරික් ගැන උනන්දුවක් ඔහුටත් නොතිබුන නිසාවෙනි..



" මිස්‍ටර් එරිකෝ මම හිතන්නේ අද සන්ද්‍යාවේ ඔබ කලින් සූදානම් කරපු රාජකාරි මුකුත් නැතුව ඇති නේද?"



" දැනටනම් එහෙම කිසිම දෙයක් ගැන හිතිලා නෑ.. ඒත් මේ පරීක්ෂණ එක්ක කලින් සූදානමක් නැතුව වුනත් රාජකාරි කරන්න වෙන වෙලාවල් තියෙනවා.."



" හරි, එහෙනම් හවස හත වෙද්දී බර්මින්හැම් රගහලට අපිත් එක්කම යන්න එන්න ඔබට එන්න පුළුවන් කියලා මම හිතනවා.. අද එරික්ගේ මැජික් සංදර්ශණයක් තියෙනවා.."



" හොදයි අපි එන්නම්.."



එරික්ගේ සංදර්ශණ ගැනත් ඔහුගේ හැකීයාව ගැනත් රිචර්ඩ් අතිශෝක්තියෙන් වර්ණනා කල බොහෝමයක් දේවල් එතරම්ම උනන්දුවකින් තොරව අසාගෙන සිටි එරිකෝ මද වේලාවක් එහි රැදී සිට ඔවුන්ට සමුදී සිම්රන් සමග වලවුවේ වත්ත දෙසට ඇවිදන් ගියේ සිම්රන් සමග නිදහසේ කතා කිරීමේ වුවමනාවක් එරිකෝට තිබුන නිසාය..



" එරික් බ්‍රවුන් වගේ ප්‍රසිද්ද කෙනෙක් මේ වලවුවේ ඉන්නවා කියලා අපි කලින් දැනන් හිටියේ නැහැනේ එරිකෝ.."



" එදා රිචර්ඩ් පවුලේ අය ගැන කියද්දි මට ඔය නම ගැන ටිකක් හුරු පුරුදු බවක් තිබුනත් හරි මතකයක් ආවේ නැහැ සිම්රන්.. ඔහු කවුරු වුනත් අපිට ඔහු ගැනත් හොද අවදානයෙන් ඉන්න වෙනවා.."



" ඇයි එරිකෝ එහෙම කිවුවේ?"



" සිම්රන් දැක්කද ඔහුගේ සපත්තුවලත් තිබුන මඩ පැල්ලම්?"



" මම නම් දැක්කේ නැහැ එරිකෝ.. ඒත් උදේ ඉදන් තාමත් යාන්තමට තියෙන මේ වැස්ස එක්ක පිටතින් එන ඕනම කෙනෙක්ගේ සපත්තු වල මඩ පැල්ලම් තියෙන්න පුළුවන් නේද?"



" ඔවු ඒක ඇත්ත.. අපි මෙහෙම දෙයක් හිතමු.. එරික් අද ගෙදර ආවේ
ලිවර්පූල් වල සංදර්ශණයක් ඉවර කරලා.. ඒ කියන්නේ එරික් එයාගේ වාහනයෙන් කෙලින්ම ආවේ මෙහේනම් මේ තියෙන වැහිබ්බර කාලගුණයට එරික් අහුවෙන්නේ බර්මින්හැම් වලදි විතරයි.. වලවුවෙන් පිටතදි විතරක් එරික් වාහනයෙන් එලියට ආවනම් ඔහුගේ සපත්තු වල තියෙන්න ඕන මේ දැන් අපේ තියෙනාවා වගේ රතු පාට මඩ පැල්ලම්.. ඒත් එරික්ගේ තියෙන්නේ රතුයි කළුයි මිශ්‍ර වුන මඩ පැල්ලම්.. හරියටම අපි කලින් ජෝර්ජ්ගේ දැක්කා වගේ.. උදේ අපි විලියම්ස්ලගේ වත්තෙදි දැක්කේ කළු පාට හුරු පසක්.."



" එතකොට එරිකෝ කියන්නේ උදේ අපි දැක්ක අඩි සළකුණු එරික්ගේ කියලද?"



" හරියටම කියන්න බෑ සිම්රන්.. ඒත් අපිට දැනට සැක කාරයෝ දෙන්නෙක්ම ඉන්නාවා.. හැබැයි මේ හැම දෙයක්ම අහම්බයෙන් සිද්ද වුන දේවල් වෙන්න බැරි කමකුත් නැහැ.. අපි සැක කරන දෙන්නම විලියම්ස්ලගේ ගෙදරට උදේ ගියේ නැති වෙන්නත් පුළුවන්.."



" කලින් හැම අපාරාධයකටම වැඩිය මේක එන්න එන්නම සංකීර්ණ වෙනවා එරිකෝ.."



" ඔවු සිම්රන්..  ඒ අපි මේක ගැන හොයන්නේ අපරාධය වෙලා හුඟක් කාලෙකට පස්සේ හන්දා.. අපිට වැදගත් වෙන හුඟක් දේවල් මේ වෙද්දී අපිට මඟ ඇරිලා.. ඒකයි අපිට තාමත් හරි හෝඬුවාවකට යන්න බැරි.."



" පොලිස් වාර්ථා වල මොනවද එරිකෝ තිබුනේ?"



" විශේෂම දෙයක් නැහැ.. හැම දෙයක්ම අපැහැදිළියි.."



" ඒ කිවුවේ?"



" කිසිම මරණයක් ලග පැහැදිළි සාක්ෂියක් ඉතුරු වෙලා නැහැ.. හැම මරණයක්ම වෙලා තියෙන්නේ තියුණු ආයුධයකින් කරපු පහරදීම් වලින්.. ඒත් කිසිම ආයුධයක්වත් කිසිම ඇගිළි සළකුණක්වත් ඒ මරණයන් සොයා ගනිද්දි හමු වෙලා නැහැ.."



" ඒ කියන්නේ කවුරු නමුත් හොදින් සූදානම් වෙලයි මේ මරණ හැම එකක්ම කරලා තියෙන්නේ?"



" ඇත්තෙන්ම ඔවු සිම්රන්.. හැම දෙයක්ම එහෙම තියෙද්දී පුංචි රණ්ඩුවක් නිසා මයිකල් මේ හැම දෙයකටම වැරදිකාරයා වුන එක ගැන ඇත්තටම තියෙන්නේ කණගාටුවක්.."



" ඒ කියන්නේ එරිකෝ හිතනවද මයිකල් නිවැරදී කියලා.."



" දැනට මට හිතෙන විදිහටනම් මයිකල් නිවැරදි සිම්රන්.. ඒත් අපි තාම ඉන්නේ මේ පරීක්ෂණේ මුල.."









14 comments:

  1. මේක නම් එන්න එන්නම කුතුහලය දනවන සුලුයි වගේ. අනුමානයක් ගොඩ නගා ගන්න බැරිවිදියට කුහුල වැඩිවෙනව.
    අනිකත් ඉක්මනට දාමු දිනේෂ්.

    ReplyDelete
    Replies
    1. කලින් කතා දෙකේදිම ටික දෙනක් අන්තිම කොටසට කලියෙන් අනුමානය හරියටම කරපු හන්දා මේ පාර ටිකක් අමාරු වෙන්න ලියන්න උත්සාහ කලා.. බලමුකෝ..

      Delete
  2. මේක මේ මයිකල්ව අල්ලන්ඩ රිචඩ් කාරයා ගහපු ප්ලෑනක්ද කොහෙද මැජික් කාරයයි ජෝර්ජුයි එක්ක එකතු වෙලා.. ;)

    ReplyDelete
    Replies
    1. එහෙමද හිතෙන්නේ? බලමුකෝ එහෙනම් අන්තිම වෙනකන්..

      Delete
  3. එරික් බ්‍රවුන් මේ වෙලා තියෙන දේවල් වලට සම්බන්ධ ඇතියි කියලත් හිතෙනව දැන් නම්.

    //කලින් හැම අපාරාධයකටම වැඩිය මේක එන්න එන්නම සංකීර්ණ වෙනවා එරිකෝ//

    ඒ කතාව නම් සහතික ඇත්ත සිම්රන් :D

    ReplyDelete
    Replies
    1. ඇයි දන්නේ නෑ එරික් ගැන සැකයක් ආවේ එක පාරම.. හා හා කෝම හරි කවුරු ගැන හරි සැකයක් හිතේ තියාගෙන ඉන්න එක ලේසියි නේ..

      Delete
  4. මම නම් හිතන්නේ මයිකල් විලියම් පවුලේ කෙනෙක් වෙන්න ඇති. හ්ම්ම්ම්... අනික් කොටසත් ඉක්මණට දාන්නකෝ...

    ReplyDelete
    Replies
    1. බලමුකෝ අනුමානයක් කොහොම වෙයිද කියලා..

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. උයාට දැන් කමෙන්ට් දාන්න මතක් කරන්නත් කට්ටිය ඉන්නවනේ? හලී ශෝයි ඒ..

      Delete
  6. විමසිල්ලෙන් බලාගෙන සිටිමි :)

    ReplyDelete
  7. ඊළඟ කොටස නම් තීරණාත්මකයි වගේ???

    ReplyDelete
  8. "සංඥා"
    එන්න එන්නම කුතුහලය වැඩි වෙනව.

    ReplyDelete
  9. පරක්කු වෙලා ආපු නිසා මට තියන්නෙ කියවගෙන කියවගෙන යන්න නෙ... බලමුකො ඊලඟට මොකද වුනේ කියල..

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්