Monday, 24 June 2013

එරිකෝ හන්ටර් - The Flying Man 3



නිවසේ ඉදිරිපස දොරට දමා තිබූ මුද්‍රාව දෙස මොහොතක් බලා හිදි එරිකෝ නිවසට ඇතුළු වන අයුරු ගැන කල්පනා කරන්නට විය.. ප්‍රාන්ත පොලීසියේ අවසරය පහසුවෙන්ම ලබා ගන්නට පුළුවන් කමක් ඔහුට තිබුනත් නිදහසේ තමන්ට කිසිවක් සොයන්නට නොහැකි බව අත්දැකීමෙන්ම දැන සිටි එරිකෝ ඒ පිළිබදව උනන්දු වන්නට නොගියේය.. නිවසේ දොරට් සිල් තැබූ මුද්‍රාවට නෙත් යොමා සිටි එරිකෝ නිවස ඉදිරියේ වූ කඩාවැටෙමින් තිබු ගේට්ටුව අසල සිටි රියැදුරු දෙස බැළුවේ ඔහු තවමත් එහි රැදි ඇත්දැයි දැන ගැනීමටය.. බලාපොරොත්තූ වූ පරිදිම ඔවුන් දෙසට යොමු වුන ඔහුගේ දෑස එරිකෝට යමක් කරන්නට තිබූ ඉඩ කඩ වලකා දැමුවේය..


" දැන් මොකද කරන්නේ එරිකෝ?"

" අපි ගේ වටේ ටිකක් ඇවිදලා බලමු.. ඇතුලට යන්න විදිහක් නැති වෙන්න බෑ.."

" ඒත් එරිකෝ.."

සිම්රන්ට ඇහුම්කන් දෙන්නට නොනැවතුන එරිකෝ මිදුලේ එක් පසකින් වන්නට තිබූ කුඩා ගල් ඇල්ලූ තීරය දිගේ නිවස පසුපසට යන්නට වූයේ නිවසට ඇතුළු වන්නට මගක් සොයා ගැනීමේ අරමුණිනි.. ගේට්ටුව අසල වූ රැයැදුරු ඔවුන් දෙසම බලා සිටියදි දොර අසල නොරැදුන සිම්රන් එරිකෝගේ පසුපසින්ම ආවේ එරිකෝගේ අපරාධ විමර්ශණයක එක් මොහොතක් වත් මග හරවා ගැනීමට ඇය වුවමනාවක් නොවූ නිසාවෙනි..

කැඩී බිදී ගිය බොහෝමයක් දෑ වලින් පිරුන නිවසේ පිටුපස එහි යාමට නොහැකි තරමටම අවහිර වී තිබුනත් එරිකෝට ඒ කිවක් භාදවක් නොවීය.. අපහසුවෙන් වුව ඒ අතරින් නිවස පිටුපසට වන්නට ආ එරිකෝ හදිසිමේ නැවතුනේ ඔහුගේ ඇස ගැටුන යමක් නිසාවෙනි..

" ඇයි එරිකෝ?"

" බලන්න සිම්රන් අඩි සළකුණු..  අද උදේ යාන්තමට තිබුන වැස්ස හන්දා තාමත් මැකිලා ගිහිල්ලත් නෑ.."

" ඒත් එරිකෝ, වෙන කිසිම අඩි සළකුණක් නැතුව මෙහෙම එක තැනකට විතරක් අඩි සළකුණු දෙකක් ආවේ කොහොමද?"

නිවසෙහි වූ වසා දැමුන ජනේලයන්ට මදක් දුරින් වන්නටත් අතරින් පතර
මග අහුරමින් තිබු නොයෙක් බඩු බාහිර ආදියට ඉදිරියෙන් වන්නටත් වූ අභිරහස් ලෙස එක් තැනක පමණක්  සටහන් වූ අඩි සළකුණු දෙක ඔවුන්ගේ හිත් වලට ගෙනාවේ දැඩ් කුතුහලයකි..

" ඒකම තමයි සිම්රන් මටත් හිතා ගන්න බැරි.. මේ හරියේ තියෙන බඩු නිසා සළකුණක් හරියටම නොතිබුනත් මෙතනින් ඉස්සරහට කිසිම සළකුණක් නැත්තේ ඇයි කියන එක හිතා ගන්න අමාරුයි.."

" බලන්න එරිකෝ, අපි ඇවිදන් ආව ටිකේ හොදට අපේ අඩි සළකුණු සටහන් වෙලා.. ඒ හන්දා මේ අඩි සළකුණු අපි පහුකරන් ආව ටිකේ තිබුන බඩු එක්ක සටහන් නොවුනා වෙන්න බෑනේ.."

සිම්රන් පෙන්නූ සළකුණු දිගේ ආපස්සට ටික දුරක් ඇවිදන් ගිය එරිකෝ කලින් දුටු මෙන් සළකුණක් වේදැයි හොදින් පරීක්ශා කරන්නට වූයේ කලින් ඒ තරම්ම වුවමනාවකින් ඒ ගැන නොසෙයූ නිසාවෙන්ය..

" හ්ම්ම්, සිම්රන් හරි..  ඒත් ඒක වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි නේ.. හිටි හැටියේම නැවුම් අඩි සළකුණක් මේ මිදුලට ආවේ කොහොමද?"

" මේ සළකුණු තියෙන විදිහෙන් පේන්නේ කවුරු කරි කෙනෙක් මෙතන ඉදන් ගෙදර දිහා බලාගෙන ඉදලා තියෙනවා වගේ.. ඒවා තියෙන්නේ එක ලගම.."

" ඔවු.. ඒත් ඇයි මෙතන විතරක්?"

පිළිතුරක් දීමට සිතාගත නොහැකී ප්‍රශ්ණයක අතර මං වුන එරිකෝ මිදුලේ තැනක අහම්බෙන් සටහන් වුන අඩි සළකුන දෙස බලාගෙන කල්පනා කරන්නට විය..

" ඇත්තටම කලින්ට වඩා මේ සිද්දිය මගේ හිත ලොකු කුතුහලයක් ගේනවා සිම්රන්.. අපි ගේ ඇතුල බලලා ඉමු.."

සිමන්ගේ ප්‍රශ්ණයට දෙන්නට සෑහෙන තරමේ පිළිතුරක් නොතිබුන එරිකෝ අඩි සළකුණට මදක් ඉදිරියෙන් වූ තරමක් විසාල ජනේලය ලගට ආ එරිකෝ ඒ තුලින් නිවස දෙස හොදින් නිරීක්ෂණය කරන්නට විය.. නිවස පුරාවට පැතිර තිඹුන අදුර එරිකෝ බලාපොරොත්තූ වූ කිසිවක් බලාගැනීමේ අරමුණ වලකා දැම්මේය.. විසල් ජනේලය හැඩනංවමින් තිබූ බිදී ගිය එක් කුඩා හතරැස් ජනේලයකින් අපහසුවෙන් ඇතුලට අත දාගත් එරිකෝ එහි අගුල විවර කර ජනෙල් පියන හැරියේ මලකඬ කෑ සරනේරු අතරින් විශාල ශබ්දයක්ද නංවමිනි..

" එරිකෝ, ඔයා මොනවද ඔය කරන්නේ?"

පිළිතුරක් දෙන්නට වුවමනාවක් නොකල එරිකෝ විවර වුන ජනෙල් පියන අතරින් නිවසට ඇතුළු වුනේ සිම්රන්ටද අපහසුවකින් තොරව එන්නට අත දිඟු කරමින්ය.. මුළු නිවස පුරාවටම රැදුන අදුරත් නාසයට දරාගත් නොහැකි තරමට හමා ආ දුඟදත් ඔවුන්ගේ සිතුවිළි මොහොතකට අවුල් කරන්නට සමත් විය..

" මොකද්ද එරිකෝ ඒ?"

" කාලයක් තිස්සේ එළියක් වැටුනේ නැති නිසා වෙන්න ඇති සිම්රන්.. ඒ ඇරත් පොඩි හුළගක්වත් එන්න බැරි තරමටම හැමදේමත් වහලා දාලනේ..  ඉන්න මම තාමත් මේ ගෙදර විදුලිය තියෙනවද කියලා බලන්න.."

ජනේලය අතරින් වැටුන හිරු එළිය අතරම නතර වුන ඇය එරිකෝ ඇවිදන් යන අදුර දෙස කුතුහලයෙන් බලාගෙන සිටියේ අඳුරට ඇගේ හිතේ තිබූ අකමැත්ත නිසාවෙන්ය.. ගෙවුන කෙටි වෙලාව වුවත් ඇගේ හිතට එක් කල නොසංසුන් කම මඟ හරවාගන්නට අවට දෑ පරීක්ෂාකරන්නට වුවත් අදුරත් සෑම දෙයක්ම වසාගෙන බැඳ තිබු මකුළු දැලුත් ඇයට භාදා කලාය.. අදුර අතර අපහසුවෙන වුව ඒ මේ අත යොමුකරන්නට වුන දෑස සුදු එළියකින් වසාගනිමි නිවසේ සියළුම විදුළි එළි දැල්වුනේ ඇය බලපොරොත්තූ නොවූ වේලාවකය..

ඉපැරණි ගෘහභාණ්ඩ වලින් සැදුම්ලත් නිවස වලවුවක මෙහෙකාරයන් නවාතැන් ගෙන සිටින නිවසක් යැයි දුටු පමණින්ම කිසිවකුටවත් කීමට නොහැකි වන තරමටම එය තරමක් සැප පහසු නිවසක් වීය.. නිවසේ ඇති සෑම දෙයක්ම තදින්ම වසාගෙන තිබුන මකුළු දැල් ඇතැම් විටක ඒ අතරින් බලන්නට පවා නොහැකී තරම් විශාල ඒවා විය..

" අපරාදයක් වුන තැනක් මේ තරම්ම පාළුවට ගිහින් තියෙන්න පුළුවන්ද එරිකෝ? අනික වැඩි කාලයකුත් නැහැනේ.."

" බැහැ සිම්රන්.. උසාවියේ නඬුව ඉවර වුනෙත් ලගදි හන්දා එහෙම වෙන්න තියෙන ඉඩකඩ අඩුයි.. ඒත් මෙතන අපි බලාපොරොත්තු නොවෙන හුඟක් දේවල් සිද්ද වෙලා තියෙනවා.."

" මටත් එහෙම හිතෙනවා එරිකෝ.. දැන් අපි මොකද කරන්නේ?"

" හ්ම්ම්.. අපිට වුවමනා දේවල් හොයන්න තියෙන ඉඩකඩ හුඟක් අපිට දැනටමත් ඇහැරිලා  තියෙන්නේ.. ඒත් කමක් නැහැ සිම්රන්.. අපි පුළුවන් විදිහට උත්සාහ කරලා බලමු.."

දුහුවිල්ලෙන් වැසී ගිය සෑම තැනක් අතරෙම මගහැරුන හෝඬුවාවක් සෙවීම බෙහෙවින්ම දුශ්කර ක්‍රියාවක් වුවත් ඒ උත්සාහය අත හරින්නට එරිකෝට උවමනාවක් නොවීය.. ආලින්දයේ එක් පසක වූ නොයෙකුත් බඩු බාහිර ආදිය අතරින් එරිකෝ ගමන් කරමින් සිටියදි සිම්රන්ගේ නෙත් යොමුව තිබුනේ ආලින්දයේ අනික් පස බිත්තියේ වූ ඡායාරූප දෙසටය..

" එරිකෝ.. මං හිතන්නේ මේක අනික් හැමදේකටම වඩා වටිනවා කියලා.."

විලියම්ස් පවුලේ සියල්ලක්ම හිදි ඡායාරූපය දෙස එරිකෝ බලා සිටියේ බොහෝ උනන්දුවෙනි.. එය බොහෝ කාලයට ඉහත ගත් සේයාරුවක් බව බැළු බැල්මටම පෙනෙන්නට වුවත් එහි ඉදිරි පෙලම සිටි කුඩා ළමුන් අතර එක් මුහුණක් එරිකෝට හොදින් හුරුපුරුදු බව අහම්බෙන් මෙන් දැනෙන්නට විය..

" මයිකල්.."

එරිකෝට මයිකල්ගේ නම කියවුනේ අහම්බෙන් මෙන්ය.. ඒ ළමාවියේ හැඬ හුරුකම මයිකල්ට හොදින්ම ගැලපෙන්නට වීම එරිකෝගේ හිතේ කුතුහලය තවත් වැඩි කරන්නට විය..

" මයිකල් මේ පින්තූරේ ඉන්නේ කොහොමද එරිකෝ?"

" මටත් ඒක හිතා ගන්න අමාරුයි සිම්රන්.. සමහරවිට මයිකල්ගේ පොඩි කාලේ ඉදන්ම මේ පවුලත් එක්ක ලග හිතවත්කමක් තිබුන නිසා වෙන්න පුළුවන්.."

වැඩි කාලයක් ඡායාරූප අතරට  නොයෙදූ එරිකෝ ඉන් මිදී අනෙකුත් දෑ පරීක්ෂාකරන්නට විය.. බිත්තිය පුරාවට රැදුන පැරණි හා වර්ථමාන ඡායාරූප දෙසට හොදින් අවදානය යොමුකරමින් සිටි සිම්රන් නිවස තුල මියගිය අයගේ හැඩරුව දැන සිටි නම්  වලට ගලපමින් ඔවුන් ගැන දල අදහසක් තනාගන්නට උත්සාහයක  යෙදුනාය..

" සිම්රන්.."

කල්පනාවෙන් මිදුන සිම්රන් ආලින්දයට තරමක් ඈතින් වූ කොරිඩෝවාක් අසල හිදි එරිකෝ වෙතට ඉක්මනින් ගියේ ඔහුට වැදගත් යමන් හසුවී ඇතැයි යන උපකල්පනයේ හිදිමින්ය..

" ඇයි එරිකෝ?"

" බලන්න.."

දුහුවිල්ලෙන් පිරි ගිය කොරිඩෝවේ එරිකෝ තම දකුණත දිගු කරමින් දිගු කරමින් පෙන්වූ දෙය සිම්රන් බැළුවේ කලින්ටත් වඩා වුවමනාවෙනි.. නිවසට ඇතුළුවන්නට පෙර ගෙමිදුලේ දුටු අයුරින්ම කොරිඩෝවේ සටහන් වුන අඩි සළකුණ ඔවුන්ගේ හිතේ කුතුහලය තවත් වැඩි කරන්නට විය..

" දැන් නම් මේක තවත් සංකීර්ණ වෙනවා එරිකෝ.."

" ඔවු සිම්රන්.. මටත් මේකේ පැටළුම් ලිහා ගන්න දැන් නම් හුඟක් මහන්සි වෙන්න වෙන පාටයි සිම්රන්.."

" මේ අඩි සළකුණු අද හරි ඊයේ හරි සටහන් වුන ඒවා නේද එරිකෝ?"

" ඔවු සිම්රන්.. උසාවියෙන් ගෙදරට සීල් තියලා තියෙන්නේ වුනත් අපි මෙහේ එන්න කලින් තවත් කවුරු හරි මෙහේ ඇවිත් තියෙනවා.."

" ඒත් කිසිම දෙයක අඩුවක් පේන්න නැහැනේ එරිකෝ.. කවුරු වෙන්න පුළුවන්ද හදිස්සියෙම අපිට කලින් මෙහෙ ආව කෙනා.."

" ඇත්ත සිම්රන් ගෙදර කිසිම දෙයක් වෙනස් වුන බවක් පේන්න නැහැ.. එහෙම තිබුනනම් අපිට ඒක දැන ගන්න එක එච්චරම අමාරුවක් වෙන්නේ නෑ.. කවුරු නමුත් අපිට කලින් මෙහේ ඇවිත් තියෙනවා.. අපිට හොදින්ම කියන්න පුළුවන් එකම දේ ඒ මයිකල් වැඩ්මිලර් නෙමෙයි කියන එක.."

" එරිකෝ, ඒ පොලිස් රථ වල සද්දේ නේද?"

කතාබහ අතර තුරම නිවසට එපිටින් ඇසුන පොලින් නිල රථ වල නාදය ඔවුන්ගේ කතාවටත් සෝදිසි කිරීමටත් බාදාවක් විය..

" ඔවු සිම්රන්.. මම හිතන්නේ අපිට යන්න වෙලාව හරි.."

නිවසේ දැල්වුන විදුළි පහන් නිවා දැමු ඔවුන් පෝලිසිය නිවස අසලට එන විටම එයින් පිටවූයේ නිවස තුලට ඉවුන් ගිය බවක් නොහැගෙන පරිද්දෙනි.. ගේට්ටුව අසල රැදී වුන් රියැදුරුගෙන් ප්‍රශ්ණ කරමින් උන් පොලිස් නිලධාරින් අසලට ඔවුන් පැමිනෙද්දි හැමෝගෙම අවදානය ඔවුන් දෙසට යොමුවූයේ නිරායාසයෙනි..

" සුභ සන්ද්‍යාවක් මහත්වරුනි.."

" සර්, ඔබ කලේ නීති විරෝධි දෙයක් කියන එක ඔබ දන්නවද?

" මම රහස් පරීක්ෂක එරිකෝ හන්ටර්.. ඒ වගේම මම නීතීඥ්ඥයෙක්.. මම හිතනවා උසාවියෙන් පොලිස් ස්ථානයට මේ හැම දෙයක් ගැනම දැනුවත් කරලා ලිපියක් ලැබෙන්න ඇති කියලා.."

පොලින් නිළදාරින් ඔවුනොවුන් දෙස මොහොතක් බලාසිටියේ සිදුවන කිසිවක් ගැන ඔවුන් නොදැන සිටි බව හඟවමිනි..

" අපිටනම් එහෙම දෙයක් ගැන දැනුම් දීලා නෑ.. කොහොම නමුත් ඔබට පුළුවන්නම් අපිත් එක්ක දැන් පොලිස් ස්ථානයට යමු.. ඒක අපි දෙගොල්ලන්ටම පහසුවක් වේවි.."

" හරි අපි යමු.."

වැඩ්මිලර් වලවුවේ වාහනයට නැඟුන එරිකෝත් සිම්රනුත් බර්මින්හැම් නුවර ප්‍රාන්ත පොලීසිය බලා පිටත් වූයේ ඔවුන් පිටුපසින් පැමිනෙන පොලිස් රථයද සමගිනි.. අඩ හෝරාවක පමණ කාලයක් කඳුකර පෙදෙසේ වණ ලැහැබ් අතරින් ආ ඔවුන් බර්මින්හැම් නගරයට පැමිණේන විට දහවලට ලගා වෙමින් තිබුනේය..

" එරිකෝ අර කිවුව ලිපිය පොලීසියට ලැබිලා තිබුනොත් හොදයි.."

බොහෝ වේලාවක් පුරා රැදි නිහැඬියාව බිදිමින් සිම්රන් ඇගේ හඬ අවදි කලේ ඈතින් බර්මින්හැම් පොලිස් ස්ථානයේ නාම පුවරුව දිස්වෙද්දීය..

" මේ වෙද්දී එන්න ඕන සිම්රන්.. ඔයා කලබල නැතුව ඉන්න.. අනික ඒක නාවත් කරන්න ඕන දේ මම දන්නවා.."

පොලිස් ස්ථානය ලග නතර කල වාහනයෙන් නික්මුන් එරිකෝත් සිම්රනුත් පොලිස් ස්ථානයට ඇතුළු වූයේ ඔවුන් සමග ආ නිළදාරින්ද සමගිනි.. පොල්ස් ස්ථානාධිපතිගේ කාර්යාලය අසල මොහොතකට නතර වුන ඔවුන් අනික් නිලදාරින් දෙදෙනා සියල්ලක්ම ඔහුට පවසන තුරු කාර්යාලයෙන් පිටතට වී බලා සිටියේය..

" මිස්ටර් එරිකෝ, ඇතුලට එන්න.. අපිට උසාවියෙන් ආව ලිපිය ලැබුනා.."

කාර්‍යාලයේ දොර අසලට ආ ස්ථානාධිපති වරයා එරිකෝව පිළිගත්තේ උසාවියෙන් ඔහුට ලැබී තිබු ලිපියද අතැතිවය..

" ඒත් මිස්ටර් එරිකෝ පරීක්ෂණ පටන් ගන්න කලින් ඔබට මුලින්ම අපිව මුණ ගැහෙන්න තිබුනා.. එහෙනම් අනවශ්‍ය ප්‍රශ්ණ එන්නේ නැහැනේ.."

" ඇත්ත, ඒත් හැම දේකටම වැඩිය මට මගේ පරීක්ෂණ වල නිදහස හුඟක් බලාපොරොත්තු වෙනවා.. අනික මම බර්මින්හැම් ඇවිල්ලත් පරික්ෂණ පටන් ගන්න පරක්කු කරන එක අපරාධකාරයට කරන උදවුවක් වෙනවා.. අන්න ඒ නිසයි ඉස්සෙල්ලම මම විලියම්ස්ලගේ ගෙදර ගියේ.."

" අපරාධකාරයා දැනටමත් ඉන්නේ හිර ගෙදරනේ මිස්ටර් එරිකෝ.."

" ඒ දැනට අපි හැමෝම දන්න දේ.. ඒත් අපි හැමොම දන්නේ දේ නිවැරදිමද කියන ප්‍රශ්ණේ තියෙන නිසානේ මම බර්මින්හැම් ආවෙත්.."

" ඒ කියන්නේ මයිකල් වැඩ්මිලර් නිවැරදි කියලද ඔබ කියන්නේ?"

" මට ඔබටත් කියන්න තියෙන්නේ ඔය ප්‍රශ්ණේ මගෙන් අහපු අනික් අයට දුන්න උත්තරේමයි.. මම තාම ඒ ගැන කිසිම නිගමනයකට එන්න හදිස්සි වෙන්නේ නෑ.."

" හ්ම්, හොදයි.. ඔබට අපෙන් මොනවද කෙරෙන්න ඕන?"

" විලියම්ස් පවුලේ හැම මරණයක් ගැනම තියෙන  වෛද්‍ය වාර්ථා, පොලි ස් වාර්ථා, මරණ පරීක්ෂණ වාර්ථා හැම එකකම පිටපත් අද මට ලබාගන්න පුළුවන්නම් හොදයි.."

" හරි.. මම පැය බාගයක් ඇතුලත ඒ දේවල් ලෑස්ති කරලා දෙන්නම්.."

" විලියම්ස්ලගේ නිවසට මුද්‍රා තියලා දැන් කොච්චර කල් වෙනවද?"

" මාස හයක් විතර.."

" ඊට පස්සේ කවුරුවත් එහි ගියාවත් ඒ ලග ගැවසුනා කියලවත් පැමිණිල්ලක් හරි හෝඩුවාවක් හරි ලැබිලා තියෙනවද?"

" අද උදේ ඔබලා ආවා කියන ආරංචිය ඇරෙන්න වෙන කිසිම දෙයක් නෑ.."

" හොදයි.. විලියම්ස්ලට නෑදෑ වෙන තව කවුරුවත්ම නැද්ද බර්මින්හැම් වල.."

" නැහැ.. විලියම්ස්ලා කාලෙකට කලින් බර්මින්හැම් ඇවිත් තියෙන්නේ වැඩ්මිලර් වලවුවේ වතු වැඩ වලට.. ටිකින් ට්ක ඒ පවුලේ හැමෝම වගේ බර්මින්හැම් ඇවිත් තියෙනවා.. ඒ හන්දා මම හිතන්නේ නෑ තවත් කවුරුවත් ඇති කියලා.."

කතාබහ අතර තුරම එරිකෝට ලැබුන වාර්ථා සියල්ලම සිම්රන්ට ලබාදුන් එරිකෝ පොලිස් ස්ථානයෙන් නික්මන්නට සූදානම් වූයේ වාර්ථා සියල්ලක්ම නිදහසේ  පරීක්ෂා කිරීම වැදගත් බව ඔහු නිතැතින්ම දැන සිටි නිසාවෙනි..








                                                                                                                                               

36 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. අහ්.. එහෙම දාන්න අමතක වුනානේ..

      දැන් වෙනදට වැඩිය වෙලා යනවා ඉතින් ඒ ලියන්න.. ;)

      Delete
  2. කතාවට මම මාර ආසයි. ඒත් මේකේ තීන නම් හිංදා මට කියවද්දී හරි අපහසුවක් දැනෙනවා අප්පා.. ඇයිද මංදා
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. මටත් ඕය ගැටලුවමයි බොලේ..කොච්චර මතක තියාගන්න හැදුවත්..ම්හුහ්..!

      Delete
    2. පණුවා, අනේ නිකන් හිටු.. මේ වගේ කතා වලට ගැලපෙන්නේ මෙහෙම නම් තමයි..

      Delete
    3. අඩේ මතක තියා ගන්න පොඩි ට්‍රයි එකක් දෙමු බං..

      Delete
  3. හොඳයි හොඳයි..මෙහෙම දිග කොටස්ම දාමු

    ReplyDelete
    Replies
    1. ඇති යාන්තම් එක්කෙනක් හරි දිග ඒවා දානවට කැමතී..

      Delete
  4. දැන් නම් පොඩ්ඩක් පැටලීගෙන එනවා වගේ. :D

    ReplyDelete
    Replies
    1. අහ්, අර මොකෝ පොඩ්ඩී අක්කේ?

      Delete
  5. ඔය යන්නෙ නියමෙට ගලාගෙන. ඉක්මනට අනිකත් ලියමු දිෙන්ෂ්. පට ඒපා කරනම වැෙඩ් තමා බලාගෙන ඉන්න ඒක.

    ReplyDelete
    Replies
    1. අහ්, සුට්ටක් ඉවසන් ඉමු ඉතින්.. ලියන්න වෙනදට වැඩිය වෙලාව යනවනේ දැන්..

      Delete
  6. කුතුහලය පිරිලා
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචෝ.. දිගටම කියවමු..

      Delete
  7. ඊළග කොටස කවදද දාන්නේ ?

    ReplyDelete
    Replies
    1. අද දැම්මනේ.. ;)

      Delete
  8. දිනේෂ් අයියා වෙලාවට වැඩ කරන්න පුරුදු වුණොත් හොඳයි නේද? සඳුදා දානවා කියලා අඟහරුවාදා දාන එක කොච්චර නරක ද මම අහන්නෙ? මොන තරම් ලොකු ප්‍රමාදයක් ද :'( කතාව නං මරු! ඊළඟ කොටස කවද ද දෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. අහ්, එහෙම කොහොමද වෙන්නේ.. මම මේක දැම්මේ 24 වෙනි සදුදා.. පොරොන්දුව ඉටු කලා.. හොදට බලන්න.. ;)

      Delete
  9. විලියම්ස්ලගෙ පවුලෙ පින්තූරෙක මයිකල්? හ්ම්...

    ඉක්මනට ඉතුරු කොටස් ටිකත් දාන්නකො..

    ReplyDelete
    Replies
    1. වැදගත් ප්‍රශ්ණයක් නේද චම්ස්.. හෙමීට පිළිතුරු දෙන්නම්.

      Delete
  10. ඒ මේ තව කතාවක්ද ? මලා කෝ මේකෙ මුල් කොටස් මං කියවල නෑනේ... කලින් අර ෆොටෝ කතාව නම් කියෙව්ව ඔක්කොම

    ReplyDelete
    Replies
    1. මේක වෙනම කතාවක්නේ බං.. ඒ ෆොටෝ කතාව ඉවරයි.. අළුත් අළුත් කේස් එද්දී කතා වෙනස් වෙනවනේ ඉතින්..

      Delete
  11. තවම මට හරියට සිංහල කොටන්න බැහැ ඒ නිසා ඔයාලා අපහසුතවයට පත වෙනවා මම කියවලා විතරක් යන්නම් කොමෙන්ටුවක් නොදා..
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. අහ්, ටික දවසකින් හුරු වෙයි යාළුවා.. එච්චර අමාරු දෙයක් නෙමෙයිනේ..

      Delete
  12. අර "හොරර් ෆිල්ම්" එහෙමත් නැත්නම් අද්භූත කතාවල එන ගෙවල්වල එන සිදුවීම් වගේම හැඟිමක් දැනෙනවා.

    ReplyDelete
    Replies
    1. එහෙමනම් මගේ උත්සාහට ටිකක් සාර්ථකයි වගේ.. බලමු ඉස්සරහටත්..

      Delete
  13. කලින් කොටස් දෙකත් කියවල ආව. මල්ලිය හොල්මන් කතා ලියනවද මන්දා... අගේ කරනව හැමදාම වගේ...

    ReplyDelete
    Replies
    1. මේක හොල්මන්ම කතාවක් නෙමෙයි දිනිති අක්කේ.. හැබැයි ටිකක් ඒ ලගින්ම වගේ යනවා.. ගොඩක් ස්තූතියි හැමදාම වගේ..

      Delete
  14. හරිම අගෙයි කතාව දැන්නම්. කොහෙන්ද මේ පින්තූරු කෑලි හොයා ගත්තෙ? ඇත්තටම පොලෝසියට කියලා ගියානම් හරිනෙ.

    ReplyDelete
    Replies
    1. කතාවට ගැලපෙන්න පින්තූර දාන්නෙනම් මදාරනේ.. ලිවීම විතරයි මම කරන්නේ..

      Delete
  15. මේක උඹේමයි කියල අහන්න ලැබීම සතුටක්. ජාත්‍යන්තර ප්‍රමිතියෙන්ම තියනව. මේ මගුලෙ කොපි පේස්ට් 1ක් ගන්න බෑ බං. ඕක අයින් කරල දාපං. මොකක් හරි උපුටාගන්න උනොත් අවුල්.

    නීතීඥයා නිවැරදියි. උඹ ලියල තියන විදිය වැරදියි.

    ReplyDelete
  16. හ්ම්.. කියවගෙන යමින්...

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්