Thursday, 20 June 2013

එරිකෝ හන්ටර් - The Flying Man 2



බරිමින්හැම් බලා දිවෙන අදිවේගි දුම්රිය ලන්ඩනයෙන් පිටත්ව බොහෝ දුරක් එන තුරුම එරිකෝත් සිම්රනුත් අතර රැදුනේ නිහැඬියාවකි.. මයිකල්ගේ සිරගතවීම හා සම්බන්ද සිදූවිම් පෙල එරිකෝගේ හිතේ රැදෙන අතරම නිතරම ඔහුගේ දෑස් නතර වුනේ සිම්රන් ලගය.. දහවලේ සිදුවූ සෑම දෙයක්ම සොයන්නට යන අභිරහසට වඩා ඉදහිට එරිකෝගේ හිතට වද දෙන බවක් ඔහුට දැනෙන්නට වුවත් ඒ බවක් ඈට දැනෙන්නට එරිකෝ කිසි විටෙකවත් ඉඩ නිහැරියේය..

" එරිකෝ උදේ මයිකල් මුනගැහෙන්න ගියාද?"

" ඔවු සිම්රන්.."

" ඉතින් මොකද වුනේ?"

" මම මයිකල්ට අපේ තීරණය ගැන දැනුවත්  කලා.. ඒත් කතා කරපු සමහරක් දේවල් එක්ක බලද්දී මයිකල් අපි මේ දේ ගැන හොයනවට ඇත්තටම කැමතිද කියලා සැකයකුත් එනවා.. ඔහුගේ හැසිරීමයි කියන සමහර කාරණයි එක වෙලාවකට තේරුම් ගන්න අමාරුයි.."

" එහෙනම් මේ සිද්දිය අතරේ මයිකල්ට සගවන්න දෙයක් ඇති.. නැත්නම් ඔහුට එහෙම කරන්න කිසිම වුවමනාවක් නැහැනේ.."

" ඇත්ත සිම්රන්.. එහෙම වෙන්නත් පුළුවන්.. එහෙම නැත්නම් ඇත්තටම ඔහු වරදකාරයා කියලා ඔහු දන්න නිසා එහෙම හැසිරෙනවා වෙන්න පුළුවන්.."

" එරිකෝ, ඇත්තටම මයිකල් වරදකාරයාමනම්?"

" එහෙම වුනොත් අපි කලේ අපේ කාලය අපතේ යැවීමක් වෙනවා.. ඒත් සිම්රන් ඒ දේ එහෙම වෙන්නත් ඉඩ තියෙනවා කියලා හිතලා මට මේක ගැන හොයන්නේ නැතුව ඉන්න තීරණයක් ගන්න හුඟක් අමාරුයි.."

" මං දන්නවා එරිකෝ.. අපි බලමු.. මේකෙනුත් මට ඉගෙන ගන්න දෙයක් නැති වෙන්න විදිහක් නැහැනේ.."

ලන්ඩනයෙන් ඈතට දිවෙන දුම්රිය ෆයිනස් වණ ලැහැඹ අතරින් බර්මින්හැම් බලා එන ගමන තරමක් සුන්දර එකක් වුවත් ඒ සොදුරු බවට හිත යන්නට තරම් උනන්දුවක් ඔවුන් ලග නොවීය.. සැදෑ හිරු එළිය හෙමින් මැකී ගොස් රාත්‍රිය උදාවෙමින් තිබියදි දිගු වේගවත් දුම්රිය ගමනක් නිමා කරමින් ඔවුන් බර්මින්හැම් වෙත ලගා විය.. දුම්රියපලින් නික්මුන ඔවුන් කුලි රියක නැගී වැඩ්මිලර් වලවුවට යාමට විධාන කෙරුනේ බර්මින්හැම් නගරයේ සිට බොහෝ දුරක් ඒ සදහා ගමන් කල යුතු බව එරිකෝ මයිකල්ගෙන් දැන සිටි නිසාවෙන්ය..

හෝරාවකට අසන්න වුන ගමනකින් පසුව වැඩ්මිලර් වලවුවට ලඟාවුන ඔවුන්ගෙ දෑස් වලවුව පිහිටි සුවිසල් බිම් පෙදෙසත් එහි වු තේජාන්විත බවත් අතර නතරවුනේ ඔවුන්ටත් නොදැනීමය.. ලන්ඩනයේ  නිතර දැක තිබු රදල පවුලකවත් නැති තරමේ උසස් බවක් වැඩ්මිලර් වලවුව දෙස ඈතින් බලන විටත් හොදින්ම පෙනෙන්නට විය..

" මෙච්චර වත්කමක් තියෙන කෙනෙක් අර විදිහට ඉදීවි කියලා හිතන්න අමාරුයි එරිකෝ.."

" හ්ම්ම්.."

වැඩ්මිලර් වලවුවේ භාහිරින් පෙනෙන්න තිබුන ප්‍රෞඬ බව එරිකෝගේත් සිම්රන්ගේත් සිත් සොරාගන්නට වැඩි
වේලාවක් ගත නොවීය.. ප්‍රධාන ගේට්ටුවේ සිට වලවුව දෙසට දිවෙන මග ලස්සනට වැඩුන රෝස පදුරු සිම්රන්ගේ හිත තදින්ම ඇද ගත් බව ඇගේ දෑස් වලින් හොදින්ම පෙනෙනට විය..

" සමාවෙන්න.. වලවුවේ අවසර තියෙන විශේෂිත වාහන ඇරෙන්න අනික් වාහන වලට ගේට්ටුවෙන් ඇතුල් වෙන්න තහනම්.. ඔබලට මෙතන ඉදන් පයින් තමයි යන්න වෙන්නේ.."

වලවුවේ ප්‍රධාන ගේට්ටුව අසලවූ ආරක්ෂක නිළදාරියාගේ වදන් වලින් එරිකෝත් සිම්රනුත් පුදුමයට පත් වූයේ වලවුව තුල වූ බලය ගැන තව තවත් ආකල්ප හිතේ මවා ගනිමින්ය.. ඒත් සමගම එරිකෝගේ හිත නැවතත් අසන්නට වූයේ මයිකල් වැන්නකුට මෙවන් ඉරණමක් අත් වෙන්නට ඉඩ ඇත්දැයි යන්නය.. ගේට්ටුව අසලින් කුලී රියෙන් නික්මුන එරිකෝත් සිම්රනුත් වලවුව දෙසට ඇවිදන් එන අතර වාරයේ ලන්ඩනයේ නිවෙස් වලවත් දකින්නට නොලැබෙන අවට සුන්දරත්වය තව මොහොතකට විදගන්නට අමතක නොකලේය..

" ඔබලා කවුරුන් මුණ ගැහෙන්නද?"

මැදිවිය ඉක්මවා සිටි හොදින් හැද පැළදගත් පුද්ගලයකු වලවුව අසලදි ඔවුන්ගේ ගමනට බාදා කරමින් තොරතුරු විමසන්නට වූයේ ඔවුන්ගේ පැමීණිම ආගන්තුක වූ නිසාවෙන්ය..

" මම රහස්පරීක්ෂක එරිකෝ හන්ටර්.. මේ මගේ සහායිකාව සිම්රන් මල්හෝත්රා.. අපි ආවේ ලන්ඩන් වල ඉදලා.. මම හිතන්නේ මිස්‍ටර් මයිකල් අපේ පැමීණිම ගැන ඔබලාව දැනුවත් කරන්න ඇති.."

" අහ්, ඔවු.. මිස්ටර් මයිකල්ගේ නීතිඥ්ඥයා උදේම ඔබලාගේ පැමිණිම ගැන කිවුවා.. අපි ඇතුලට යමු.. මිස්ටර් වැඩ්මිලර් ඔබලාගේ පැමිණිම බලාපොරොත්තුවෙන් ඉන්නේ.."

වලවුවේ සේවකයන් ඔවුන්ගේ ගමන් මළු රැගෙන යද්දී ඔහු පිටුපසින්ම වලවුවට ඇතුළු වුන ඔවුන් දිගු කොරිඩෝවල් කිහිපයක් දිගේ කුඩා කියවීම් ශාලාවක හුරුවක් ඇති කාමාරයට ඇතුළු වූයේ ඔවුන්ට මොහොතක් රැදෙන මෙන් ලැබුන ඉල්ලීම හමුවේය..  බොහෝ භාශා වල බොහෝ විෂයන් වල රාක්ක පුරාවට රැදුන බොහෝමයක් පොත් පත් එහි රැදුන කෙටි මොහොතෙදී  ඔවුන්ගේ සිත් ගන්නට සමත් විය..

" සුභ සන්ද්‍යාවක් මිස්ටර් එරිකෝ.."

ප්‍රතාපවත්ව ඇසුන හඬින් ඔවුන්ගේ කල්පනාව මොහොතින් බිදී ගියේය.. ශාලාව අනික් පසින් ඇතුළු වුන ඔහු මහළු වුවත් හොදින් වැඩුන සිරුර හා පෙනුන ගාම්භීර බව ඔහුට ගෙනාවේ රාජකීය පෙනුමක්ය..

" සුභ සන්ද්‍යාවක්.. මේ ම්ස්ටර් වැඩ්මිලර් වෙන්න ඕන.."

" ඔවු මම රිචර්ඩ් වැඩ්මිලර්.. දහවල් ඔබ එනවාය කියන පණිවිඩේ මයිකල්ගේ නීතීඥ්ඥයාගෙන් අපිට ලැබුනා.. ඒත් මට එක දෙයක් තේරුම් ගන්න බෑ.."

" ඒ මොකද්ද, මිස්ටර් වැඩ්මිලර්?"

" ඔබේ මේ හදිසි ගමන ගැන.."

එරිකෝටත් සිම්රන්ටත් හිදගන්නට අසුන් පිළිගැන්වූ ඔහු එරිකෝගේ ගමන ගැන ව්මසන්නට වූයේ ඔහු තුල වූ කුතහලය නිසාවෙන්ය..

" ඔබ නීතිවේදියෙක්.. සාමාන්‍යෙන් ඔබ වගේ කෙනෙක්ට සේවාදායකයෙක් ගේන නඬුවක් ඇරෙන්න ඔබලා නඬුවක් පසුපස ගිහින් ඒ ගැන උනන්දු වෙනවා කියලා මම කවදාවත් අහලා නෑ.. ඉතින් මේ හදිස්සියෙම මයිකල්ගේ නඬුව ගැන ඔබ උනන්දු වෙන්නේ ඇයිද කියන එක මට හිතා ගන්න අමාරුයි.."

" ඇත්ත මිස්‍ටර් වැඩ්මිලර්.. ඒත් ඔබ නොදන්නවා වුනාට මම රහස් පරීක්ෂකයෙක්.. ඉතින් ඒ නිසා මට මේක ගැන උනන්දුවක් ඇති වුනා කියන එක ඔබට පිළිගන්න පුළුවන් වෙන කාරණාවක් වෙයි කියලා මම හිතනවා.."

" අහ්.. එහෙමනම් ඔබේ පැත්තෙන් ඔබ සාදාරණයි.. කියන්න මිස්ටර් එරිකෝ.. මගෙන් මොනවද ඔබලාට වෙන්න ඕන.."

" මම හිතනවා මයිකල්ගේ නීතීඥ්ඥයා හැම දෙයක් ගැනම ඔබව දැනුවත් කරන්න ඇති කියල.."

" ඔවු ඒ හැම දෙයක්ම ලෑස්ති කරන්න මම ප්‍රධාන සේවකයට උපදෙස් දීලා තියෙන්නේ.. ඔබලාට වුවමනා කාලයක් මෙහෙ නතර වෙලා හැම දෙයක් ගැනම හොයන්න පුළුවන්.."

" ගොඩක් ස්තූතියි මිස්ටර් වැඩ්මිලර්.. මේ වලවුවේ ඔබේ පවුලේ අය කී දෙනෙක් ඉන්නවද?"

" අපි පස් දෙනයි.. මමයි, මගේ බිරිද ස්ටෙලායි, මගේ දුව වික්ටෝරියයි, එයාගේ සැමියා එරික් ඇරුනම මයිකල්ගේ බිරිද ලොරේන් විතරයි.."

" මේ හැමෝම අද ගෙදර ඉන්නවද?"

" එරික් ඇරෙන්න අනික් හැමකෙනෙක්ම ඉන්නවා.. එරික් ගොඩක් වෙලාවට ගෙදර ඉන්නේ සති අන්තයේ විතරයි.."

" එතකොට සේවකයෝ?"

" මං හිතන විදිහට ඔක්කෝම සේවකයෝ විස්සක් වගේ ඉන්නවා.. ඒ අයගේ තොරතුරු නම් ඔබට අහන්න වෙන්නේ ජෝර්ජ්ගෙන්.. ඔහු තමයි අපේ ප්‍රධාන සේවකයා.."

" ඔවුන් ගැනත් විස්තර වුවමනා වේවි.. ඒත් ඒක දැන්ම වුවමනා නැති නිසා මම පස්සේ ජෝර්ජ් එක්ක කතා කරලා ඒ තොරතුරු ලබා ගන්නම්.."

" හොදයි මිස්ටර් එරිකෝ.. එහෙනම් ඔබලා දැන් ටිකක් විවේක අර ගන්න.. අපි රාත්‍රී ආහාර වෙලාවෙදි නැවත හමුවෙමු.. ඔබලාගේ කාමර ඉහල මාලයේ සූදානම් කරලා ඇති.. ජෝර්ජ් ඔබලාට කාමර පෙන්වාවි.. අහ්, තව දෙයක්.. හරියට නමය රාත්‍රී ආහාරයට එන්න.. මේ වලවුවේ හැම දෙයක්ම සිද්ද වෙන්නේ නියමිත වෙලාවට.."

" හරි මිස්ටර් වැඩ්මිලර්.."

කාමරයෙන් ඔහු නික්ම යන විටම එරිකෝත් සිම්රනුත් අසළට ආ ප්‍රධාන සේවකයා ඔවුන්ව ඉහල මාලයේ සූදානම් කර තිබූ කාමර  වෙත කැදවාගෙන ගිය ඔහු කාමරයේ දොර අසලින් නවතිමින් ඔවුන්ට කාමරය පෙන්වීය..

" මිස්‍ටර් ඇන්ඩ් මිසිස් හන්ටර් වුවමනා දෙයක් තියෙනවනම් කාමරේ තියෙන සීනුව නාද කරන්න.. මම නැතත් කවුරු හරි සේවකයෙක් ඒවි.."

" හරි ජෝර්ජ්.. බොහොම ස්තූතීයි.."

සිම්රන්ගේ මුහුණට සිනහවක් එක්වෙද්දී බැරෑරුම් මුහුණකින් යුතුව එරිකෝ ජෝර්ජ්ට එය පැහැදිළි කර දෙන්නට මත්තෙන්ම ජෝර්ජ්ට සමුදුන් සිම්රන් කාමරය තුලට ආවේ  සිනහව ආයාසයෙන් මෙන් සඟවා ගනිමින්ය..

" මිස්ටර් ඇන්ඩ් මිසිස් හන්ටර්.."

" සිම්රන් ඉක්මනින් ජෝර්ජ් පිටත් කලේ නැත්නම් මම ඇත්ත කියලා සිම්රන්ට වෙනම කාමරයක් ලෑස්ති කරන්න ඉල්ලන්න හැදුවේ.."

" ඒකට කමක් නෑ එරිකෝ.. අපි ආගන්තුකයෝ නෙමෙයි නේ.. අනික මේ කාමරේ තියෙන ඉඩේ හැටියට අපිට මේක බෙදා ගන්න බැරි නැහැ.. කොහොමත් අපිට මයිකල්ගේ සිද්දිය ගැන පෞද්ගලිකවත් හුඟක් දේවල් කතා කරන්න තියෙන එකේ අපි එකට ඉන්න එක අපිට ප්‍රයෝජනවත් වේවි.."

"ඔවු ඒකත් ඇත්ත.. මේ ගෙදර පරිසරය ටිකක් අමුතුයි.. ටික දවසකට අපිට ඒකට හැඩ ගැහෙන්නත් වෙන එකේ සිම්රන් කියන දේ ඇත්තක් නැත්තෙමත් නෑ.."

" ඒකනේ.. දැන් අපි කොතනින්ද මේ ගැන හොයන්න පටන් ගන්නේ එරිකෝ?"

කාමරයේ පසෙකින් වූ පුටුවකින් හිද ගනිමින් කඹාය ගලවා දමා නිදහස් වූ ඇය එරිකෝ දෙස බැළුවේ ඔහුගෙන් පිළිතුරක් අපේක්ෂාවෙනි..

" රාත්‍රී කෑම මේසයෙන්.. අපි තාම අදුන ගත්තේ මිස්ටර් වැඩ්මිලර් විතරයිනේ.. හැමදේටම කලින් මේ ගෙදර ඉන්න මිනිස්සු කවුද කියන එක බලාගෙන ඉමු.. කොහොමත් මම හිතාගෙන ඉන්නේ හෙට උදේ වරුවේ විලියම්ස් පවුල හිටපු වත්තට යන්න.. මේ හැම දෙයක්ම පටන් ගත්තේ එතනින්නේ.."

" හරි එරිකෝ.. අපිට මහන්සියට වාඩි වෙලා ඉන්නවත් වැඩි වෙලාවක් නැහැ මම හිතන්නේ.. නමයටත් තව වැඩි වෙලාවක් නැති නිසා අපි රාත්‍රී කෑමට යන්න ලෑස්ති වෙමු.."

" හ්ම්ම්.. ඒකත් ඇත්ත.. කොහොමත් මේක නීති වලින් පිරුණ වළවුව්වක්නේ.."

.....................................

රාත්‍රී නමය වන්නට මිනිත්තු කිහිපයක් ඉතිරිව තිබියදී වැඩ්මිලර් වලවුවේ ආලින්දයට මුහුණලා තිබුන සුවිසල් කෑම කාමරයට  ඔවුන් එනවිටත් වැඩ්මිලර් පවුලේ සියල්ලන්ම පාහේ කෑම මේසයේ අසුන්ගෙන තිබුනේය.. ඉහල පෙලේ ඇදුම්න් සැරසුන ඔවුන්ගෙන් රජකීය පෙනුමක් නිතැතින්ම පෙනෙන්නට තිබුනි.. එරිකෝත් සිම්රනුත් කෑම මේසයට ආ විගසම ඔවුන්ව පවුලේ අනෙක් අයට හදුන්වා දෙන්නට රිචර්ඩ් අමතක නොකලේය.. සාමාන්‍ය කතාබහේ හැමෝම සිටියත් කෑම මේසයේ තරමක් හුදෙකලා වී සිටි ලොරේන් අන් අයට වඩා බොහෝසෙයින් වෙනස් තැනැත්තියක් වූවාය.. තම සැමියා නීතියේ වරදකරුවකු වීම ඇගේ වෙනසට හේතු වන්නට ඇතැයි සිතන්නට එතරම්ම අපහසු නොවීය..

" මිස්ටර් එරිකෝ මයිකල්ව නිදහස් කර ගන්න පුළුවන් කමක් තියෙනවද?"

කෑම මේසයේ කතාබහ ගැනවත් උනන්දුවක් නොදක්වමින් සිටි ලොරේන්, ඇගේ නැන්දණිය ඔවුන්ගේ කතාබහ අතරේ හදිසියේම එරිකෝගෙන් ඒ ගැන විමසද්දී ඇයත් ඒ හැමදෙයකටම පෙරට වඩා උනන්දුකින් අහුම්කන් දෙන්නට විය..

" තාම මට ඒ ගැන හරියටම කියන්න බැහැ මිස් ස්ටෙලා.. ඊට කලින් මට මේ ගැන හොයන්න හුඟක් දේවල් තියෙනවා.."

" හොදයි.. ඔබට වුවමනා හැම දෙයක්ම අපි සූදානම් කරලා දෙන්නම්.."

" මිස්ටර් වැඩ්මිලර්ට පුළුවන්ද  හෙට උදේම මට විලියම්ස් පවුල හිටපු ගෙදරට යන්න සූදානම් කරලා දෙන්න?"

" හරි මිස්ටර් එරිකෝ.. මම උදේ නමය වෙද්දී ඔබට වාහනයක් ලෑස්ති කරලා තියන්නම්.."

රාත්‍රී ආහාරය ගන්නා අතර තුරේ ව්ලියම්ස් පවුල ගැන තවත් තොරතුරු වැඩ්මිලර් පවුලෙන් අසා දැන ගන්නට එරිකෝ අමතක නොකලත් මයිකල් ගැන කතාවකට යාමට ඔහුට උනන්දුවක් නොවීය.. මයිකල්ගේ සිරගත වීම ලොරේන්ට හැරෙන්නට වෙන කවරෙකුටවත් තදින් බලපෑමක් කල බවක් ඔවුන්ගේ හැසිරීම් වලින් පෙනෙන්නට නොවීම එරිකෝගේ හිතට ගැටළුවක් විය..

රාත්‍රී ආහාරය නිමා කර වැඩ්මිලර් පවුලට සමුදී තමන්ට වෙන් කල කාමරය වෙතට ආ එරිකෝටත් සිම්රන්ටත් කතා කිරීමට බොහෝ දේ තිබුන බව කෑම මේසයේ සිටම ඔවුන් දැන සිටියේය..

" එරිකෝ, ඇයි මේ කාටවත් මයිකල් ගැන උනන්දුවක් නැත්තේ?"

" මාත් හිතුවේ ඕකම ගැන තමයි සිම්රන්.. ඒත් ඒ හැම දේකටම කලින් අපි විලියම්ස් පවුල ගැන හොයලා ඉන්න ඕන.. ඊට පස්සෙයි අනිත් දේවල් ගැන අපිට හිතන්න වෙන්නේ.."

" හරි එරිකෝ.. ලොරේන් ටිකක් අමුතු විදිහක කෙනෙක් නේද?"

" මටත් ඒක හිතුනා.. සමහරවිට ඒ හදිසියේම වුන මේ සිදුවීම් එක්ක මයිකල් ඇගෙන් ඈත් වුන නිසා වෙන්න ඇති.."

" ඒත් එරිකෝ මටනම් වැඩ්මිලර් පවුලෙන් ලොරේන්ට ටිකක් විතර වෙනස් කම් වෙන බවක් දැනුනා.."

" ඒ ඇයි?"

" නෑ එරිකෝ.. බලන්න, ලොරේන් කෑම මේසේ වාඩි වෙලා හිටියේත් අනික් අයට වඩා ටිකක් දුරින්.. අනික එයා කාපු විදිහ.. ඇදුම් පැළදුම් වුනත් වැඩ්මිලර් පවුලේ අනික් අයට වඩා හුඟක් වෙනස් නේද?"

" හ්ම්ම්.. ඒක ඇත්ත.. ඒත් සිම්රන් ලොරේන් කියන්නේ වැඩ්මිලර් පවුලේ ලේලියක්.. මයිකල් මාත් එක්ක කියපු තොරතුරු වල හැටියට මයිකල් ලොරේන් එක්ක විවාහ වෙලා වැඩි කාලයක් නෑ.. ඉතින් ඒ හන්දා තාම ඇය මේ පවුලේ විදිහට හැඩ ගැහිලා නැතුව ඇති.."

" වෙන්න පුළුවන්.."

" සිම්රන් ඒ දේවල් දිහා බලපු විදිහ මම අගය කරනවා.. පුංචි දෙයක වුනත් මේ වගේ සිද්දියකදි ලොකු  වැදගත් කමක් තියෙනවා.."

" ඒත් එරිකෝ මගේ තර්කය කඩපු විදිහට මම එරිකොට වඩා කොච්චර ඈතද කියලා හිතා ගන්න පුළුවන්නේ.."

" සිම්රන්ට තව ටික කාලයක් යද්දී හැමදෙයක්ම හුරු වේවි.. හෙට උදේ නමය වෙද්දී විලියම්ස් පවුල හිටපු ගෙදටර යන්න සූදානම් වෙන්න සිම්රන්.. මට තව තොරතුරු වගයක් බලන්න තියෙනවා.. මම හෙමීට ඒක බලන්නම්.."

" හරි එරිකෝ.. එහෙනම් සුභ රාත්‍රියක්.."

කාමරයෙහි වූ ඇදෙහි ඇයට නිදාගන්නට ඉඩ සලසා දුන් එරිකෝ කාමරයේ එක් පසෙක වූ පුටුව මතට තම පරිඝණකයත් රැගෙන ආ ඔහු මැදියම් රැය වෙන තුරුම සුපුරුදු පරිදිම තමන්ට වුවමනා වූ තොරතුරු සොයන්නට කාලය වැය කලේය..

............................................

" ගුඩ් මෝර්නින්ග් සර්.. ඔබලාගේ වාහනය ලෑස්තියි.."

" හරි අපි එන්නම්.."

උදෑසන නමය වෙන්නට සුළු වේලාවක් ඉතිරිව තිබියදී ඔවුන්ට වෙන් කර තිබු කාමරයේ දොර අසලට ආ සේවකයකු ඔවුන්ට පිටත් වන්නට සියල්ල සූදානම් බව දැන්වීය.. ඔහුත් සමගම කාමරයෙන් නික්මුන ඔවුන් වලවුව ඉදිරිපස නවතා තිබු කාරයට නැඟුනේ විලියම්ස් පවුල සිටි නිවස වෙත යාමටය.. වැඩ්මිලර් පවුලේ කිසිවකුත් උදෑසන ඔවුන්ට මුණ නොගැසීම අහම්බයක් දැයි වාහනයට නැඟුන එරිකෝ තනිවම සිතන්නට විය..

වැඩ්මිලර් වලවුව පසු කරමින් පිටත් වුන වාහනය වලවුවට හිමි සුවිසල් වතු යාය දිගේ බොහෝ දුරක් එන තුරුම එරිකෝගේ කල්පනාව රැදුනේ වැඩ්මිලර් පවුලේ හැසිරීම ගැනය.. ඔවුන්ගේ එකම පුතා ගැන ඔවුන් මේ තරම්ම සරළව සිතන්නේ ඇයිදැයි යන්න එරිකෝගේ හිතට මහත් ගැටළුවක් විය..
                                                        
" මිස්ටර් මයිකලුයි ගෙදරයි අතරේ ප්‍රශ්ණ තිබුනද?"

බලාපොරොත්තු නොවුන මොහොතක එරිකෝ හදිසියේම ප්‍රශ්ණය යොමු කලේ වාහනයේ රියැදුරු වෙතය.. තරමක් වික්ෂිප්ත වූ මුහුණකින් යුතුව මද වේලාවක් එරිකො දෙස ඔහු බලා සිටියේ කුමක් කියම්දැයි සිතමිනි..

" මම දන්නේ නැහැ සර්.. එහෙම දෙයක් තිබුනත් අපිට ඒ දේවල් ආරංචි වෙන්නේ නැහැනේ.."

" ඔවුන්ගේ හැසිරීම් වලින්වත්?"

" සමාවෙන්න සර්.. ඒ ගැනනම් මම මුකුත් කියන්න දන්නේ නැහැ.."

එරිකෝට සෑහිමකට පත්වෙන්නට පුළුවන් තරමේ පිළිතුරක් ඔහුගෙන් නොලැබුනත් වැඩි දුරටත් ඔහුගෙන් ප්‍රශ්ණ ඇසීම නවතා දැමු එරිකෝ තවමත් පසු කරමින් තිබූ වැඩ්මිලර් වතු යාය දෙසට නෙත් යොමන්නට විය..

" ඇයි එරිකෝ මේ හදිස්සියෙම?"

එරිකෝගේ හැසිරීම දෙස මොහොතක් බලා හිදි සිම්රන් ඔහු දෙසට වී ඒ ගැන විමසුවේ වුවමනාවක් නොමැතිව ඔහු එවැන්නක් නොඅසන බව සිම්රන් හොදින්ම දැන සිටි නිසාවෙනි.. නිහඬවම මොහොතක් බලා සිටි ඔහු යාන්තමින් හිස සෙලවූයේ එය එතරම්ම නොවැදගත් යැයි හඟවමිනි..

" සර් අපි තැනට ආවා.."

පසු කරමින් ආ වතු යාය කෙලවරට වන්නට වූ තරමක් පැරණි පෙනුමක් ගත් පාළුවට ගිය නිවස අසල වාහනය නැවතූ රියැදුරු ඔවුන්ට විලියම්ස් පවුල නැවති හිදි නිවස පෙන්වූයේ වාහනයේ එන්ජිම ක්‍රියා විරහිත කරන අතරවාරයේය.. බොහෝ දවසකින් කිසිවකුත් එහි නොගැවසුන නිසාම තරමක් උසට වැඩුන තණකොළ හා අපරාධයක් සිදූ වූ ස්ථානයක් ලෙස සළකුණු කරමින් පොලිසිය යෙදූ පාට බොදවෙමින් යමින් තිබූ තිර පට නිවස දෙසින් මතු කලේ පාළු ස්භාවයකි.. වාහනයෙන් නික්මුන එරිකෝත් සිම්රනුත් නිවස අවට දෙස හොදින් නිරීක්ෂණය කරමින් ප්‍රාන්ත පොලීසිය යෙදූ තිර පට අතරින් නිවස දෙසට පිය නගන්නට විය..

" සර් මම හිතන්නේ ඔබලා එහි නොයා හිටියොත් හොදයි කියලා.."

මොහොතකට නැවතුන එරිකෝ රියැදුරු දෙස බලා සිටියේ ඔහුගේ තරමක් වෙනස් වුන මුහූණ තේරුම් ගැනීමට නොහැකිවය..

" ඒ මොකද?"

" මේ ඉඩමට ඇතුළු වෙන එක පොලීසියෙන් තහනම් කරලා තියෙන්නේ.."

" අහ්, මම ඒ හැම දෙයකටම අවසර අරන් තියෙන්නේ.."

" ඒත් සර්.."

ඔහු කියන්නට ගිය දේ අසන්නටවත් උනන්දුවක් නොදැක්වූ එරිකෝ සිම්රන් සමග විල්සන් පවුල හිදි නිවස දෙසට පියනගන්නට වූයේ සෑම දෙයක් ගැනම සියුම් නිරීක්ෂනයක යෙදෙමින්ය..

" එරිකෝ, ඇත්තටම අපිට නිවසට ඇතුළු වෙනවනම් අවසරයක් ගන්න වෙනවා නේද? මේක අපරාධයක් වුන තැනක්නේ.. අනික අපි මේ සිදුවීම ගැන පරීක්ෂණ කරනවා කියලා උසාවි අවසරයක් අරගෙනත් නැහැනේ.."

" ප්‍රාන්ත පොලීසියට ගිහින් ඒ අවසරයන් අරගන්න වෙන් කරන්න තරම් කාලයක් මට නැහැ.. අනික අපි පොලිසියට ගියාම ඔවුන් අපිට වැඩි අවදානයක් දෙන්නෙත් නැහැනේ.. දැන් අපි මෙතනට ආවා කියලා දැන ගත්තම ඔවුන් ඒවි.. එතකොට අපේ වැඩ වලට පහසුයි.."

සිම්රන් කිසිසේත්ම බලාපොරොත්තු නොවූ අන්දමේ පිළිතුරක් එරිකෝගෙන් ලැබෙද්දී ඇය ඔහු දෙස බලා සිටියේ විමතියෙනි..

" නීතිය හරියට ඉටු කරන්නනම් අපිට සමහරක් වෙලාවට නීතියේ සමහරක් දේවල් කඬන්න වෙනවා සිම්රන්.. ටික කාලයක් යද්දී ඔයාට ඒ ගැන තේරේවි.. අනිත් දේ තමයි අපි දෙන්නා විතරක් ඉද්දී මෙතන දේවල් ගැන පරීක්ෂා කරන එක අපි දෙන්නටම පහසුවක්.."

" හ්ම්ම් ඇත්ත.. ඒත් එරිකෝ මෙතන මේ අපරාධය වෙලා දැන් හුඟක් කල්.. අපිට අළුතින් දෙයක් මෙතනින් හොයා ගන්න ලැබෙයි කියලා ඔයා හිතනවද? අනික දැන් මෙතන හුඟක් දේවල් වෙනස් වෙලා ඇති.."

" ඇත්ත.. ඒත් අපි උත්සාහ කරලා බලමු.."

නිවසේ ඉදිරි පසට වන්නට තිබූ කුඩා අට්ටාලය අතරින් නිවසේ ඉදිරිපස දොර වෙතට ආ ඔවුන්ට උසාවියෙන් තබා තිබූ මුද්‍රාව නිවසට ඇතුළුව්ම මොහොතකට නවතන්ට සිදුවිය..








                                                                                                             

35 comments:

  1. Replies
    1. තැන්කූ තැන්කූ..

      Delete
  2. හරිම ලස්සනයි අයියේ. ඉතුරැ කොටසුත් ඉක්මණට දාන්න. ෂර්ලොක් හෝම්ස් කතා වලට වඩා ගොඩක් ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ශර්ලොක් හෝම්ස් කතා මීට වඩා ඉස්සරහින් තියෙනවා මලයා.. ඒවට සමාන වෙන්නේ කෝමද ඉතින් මම..

      Delete
    2. මම මලයෙක් නම් නෙවෙයි. හෙහ් හෙහ්.. අහ් තමන්ගෙ හැකියාවන් ඉතින් තමන්ට පේන්නෙ නෑනේ අයියේ හරියටම.. මේ වගේ කතා පොතක් ලියන්න අයියේ.. ෂර්ලොක් හෝම්ස් පරාදයි. ඒ පොත් වෙලාවකට ඒකාකාරී. මේ කතා එහෙම නෑ. හොද පළපුරැදු කාරයෙක් වගේ ලියලා තියෙනවා.. තවත් හොදට ලියන්න ශක්තිය ධෛර්ය ලැබේවා...

      Delete
  3. වලව්ව ලස්සනයි...කතාවත් ලස්සනයි. කුතුහලයත් ඒ වගේමයි.

    මේ දෙන්නා යන යන තැන පෙනී හිටින්නේ සැමියා සහ බිරිඳ වගේනේ. නරකද දෙන්නා බැන්දුවොත්....:D

    ReplyDelete
    Replies
    1. වලවුවක් හොයන්න සෑහෙන්න මහන්සි උනා ඒ.. අපාරාදේ හැබැයි උයාගෙන් අහන්නත් තිබුනා හැබැයි හොද වලවුවක් ගැන..

      දෙන්නා බන්ඳන්න කිසිම අදහසක් නෑ පොඩ්ඩි අක්කේ.. ^_^

      Delete
  4. බලනකොට නීතිය මෙහෙයවන්නේ කොහෙත් එකයිනේ.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත නලීන් අයියේ.. හැබැයි මෙතනනම් ඉතින් හොද දෙයක් නිසානේ කියලවත් හිත හදාගමු අපි..

      Delete
  5. අද කොටසත් දිග වැඩි කථාව දිග වැඩි නිසාද?

    ReplyDelete
    Replies
    1. ඔවු මන්ජු.. එක කොටසක ලියවෙන ටික අඩු කලොත් කොටස් ගාන වැඩි වෙනවා.. එහෙම වෙද්දී කට්ටියට එපා වෙයිද දන්නෙත් නැහැනේ.. පෝස්ට් එක දිග වැඩි වුනත් එහෙමම තමයි හැබැයි.. බලමු..

      Delete
  6. කථාව නම් ගොඩාක් දිග හැඩයි.

    ReplyDelete
  7. නියමයි, ඔහොම යමු

    ReplyDelete
    Replies
    1. හා හා.. ලොකූ මොකෝ සුට්ටන් කමෙන්ට් එකක් දාලා.. ;)

      Delete
  8. නියමයි දිනේෂ් හොදට ලියල තියෙනව. නරකද මේ වගේ කතා සෙට් එකක් එකතු කරල පොතක් ලිව්වොත්.

    අදතමයි මේ පැත්තෙ ආවෙ ඕන්. අනිත් ටිකත් වෙලාව තියෙන විදිහට කියවන්නම්

    ReplyDelete
    Replies
    1. ලොකු ශානාව සාදරයෙන් වර්ණයට පිළිගන්නවා..

      ඇත්තටම පොතක් ලියනවා.. ඒ මේ කතා වලින්මයි.. ඒකට හැබැයි තව අවුරුද්දක් වගේ යාවි..

      Delete
  9. හිතුවට වඩා ලොකු කතාවක් ගොතන්න යන්නේ. හැබැයි හරියටම ඉවර කරන්න වෙයි, නැත්තම් නිදහසේ ඉන්න දෙන්නේ නෑ මම

    ReplyDelete
    Replies
    1. මුල ඉදන් එරිකෝ ගැන කියෙව්වා. දැන් තවත් ආසයි කතාවට

      Delete
    2. බොලේ මෙන්න මට තර්ජනේ කරනෝ.. හා හා බලාපොරොත්තු කඩ කරන්න හිතක් නෑ.. මාත් උපරිමයෙන් ලියන්නේ..

      Delete
  10. ඇත්තටම ඇයි ගෙදර අය මයිකල් ගැන එච්චර උනන්දු නැත්තෙ? සෑහෙන කුතුහලය පිරුණු කතාවක්.ඊළඟ කොටස් ටිකත් කියවන්න ආසාවෙන් ඉන්නවා :)

    ReplyDelete
    Replies
    1. ඒවට උත්තර ඉදිරි කොටස් වලින් ලැබැයි චාම්ස්.. ඔයා ඇහුවේ කතාවේ වැදගත්ම කොටසක් ගැන.. ඒ ගැන ඉස්සරහටලු ඉතින්.. :)

      Delete
  11. ඔහොම ලියාගෙන යමු ඈ.. මම පස්සෙ එන්නම් හරිය..

    ReplyDelete
    Replies
    1. සෙන්නා අයියව ඉතින් මම මේකේ අවසාන කොටස දැම්මම කෝමත් බලාපොරොත්තු වෙනවා.. ඔයා ඔක්කොම එක පාර කියවන්නේ කියලා දන්නවා.. ^_^

      Delete
  12. යන්තම් ඇති දිගටම කියවන්න ලියලා. ලස්සනයි දැන් කතාව.

    ReplyDelete
    Replies
    1. දිග වැඩිද මන්දා කියලත් හිතෙනවා..

      Delete
  13. හුටා..අනික කියෝලා ඒන වෙනවා..

    ReplyDelete
    Replies
    1. හා හා.. උඹලා ඉතින් හිටපු ගමන් නේ එන්නේ.. ඒකනේ කේස් එක..

      Delete
  14. එළ දිනේශ් අයියා. එළ.
    කොටස් දෙකම කියෙව්වෙ අද. කතාවේ ඉතුරුටිකත් ලියලා ඇති කියල හිතෙනවා මට. කොහොමහරි ඉක්මනට දාන්ඩ ඈ...!
    ආහ් මේ...සිම්රනුයි එරිකෝයි එක කාමරේ ඉද්දි සිම්රන් ඇඳේ නිදියද්දි එරිකෝ සැටියේ නිදියන්ඩ ඇති නේද? ;)

    ReplyDelete
    Replies
    1. තාම ඉතුරු ටික හිතනවනේ බං.. හැබැයි මොනා වුනත් සදුදාට දෙනවා..

      අනේ ඇත්තට උඹලා වගේ පාඨකයෝ ටිකක්නේ මටත් හම්බුනේ.. වෙන ප්‍රශ්ණ තිබුනෙම නැද්ද අහන්න..

      උන් දෙන්නම එකම ඇදේ නිදා ගත්තේ මැදින් කොට්ටයක් දාගෙන.. :P

      Delete
  15. හ්හ..හ්හ...හ්හ..( හති හොඳටම)
    අම්මේ......! යන්තම් කියෙව්ව..!

    ReplyDelete
    Replies
    1. මේ දවස් වල තියෙන වැඩ එක්ක මේවට හති දාන් මහන්සි වෙන්නත් එපා වීයෝ.. ;)

      Delete
  16. එරිනෝ හන්ටර් හොද පරිවර්තනයක් කරන්න දැරූ උත්සාහයක සරු අස්වැන්න. කුතුහලය , පිරුනු බස හැසිරවිම නියමයි. අබිරහස් කතාමාලවක ආරම්භය නියමයි.

    ReplyDelete
  17. මරු!! එන්න එන්න කුතුහලයනම් වැඩි කරනවා... මිස්ටර් ඇන්ඩ් මිසිස් හන්ටර් ;) බන්දන්න අදහසක් නෑ කියලා උඩ කියලා තියෙන්නෙ මොකෝ? :p කේස් එක විසදෙනකොට ඉබේම එකත් වෙනවානම් හලි! :D

    මයිකල් ගැන නම් ප්‍රශ්නාර්ථයක්. බලමු ඊළඟ කොටසින්ම

    ReplyDelete
  18. රයිට්! දෙකත් ඉවරයි.
    රෑ තමයි රෑ

    ReplyDelete
  19. මාත් මේ පස්සෙන් එලවමින් කියවන ගමන්... :)

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්