Friday, 7 June 2013

ගැබ්ගැනිමක් සහ අසන්නියක්

  ඇය යමක් සිතන්නට විය. හිස් අවකාශය දෙස ඇසිපිය නොහෙළා බලා සිටි ඇය සිය උදරය දකුණතින් යන්තමට පිරිමදිනා බව දක්නට ලැබිනි. ඔරලෝසු බට්ටා පැද්දෙන දෙස මොහොතක් බැලු ඇය හිද සිටි අසුනෙන් නැගිට කැඩපත දෙසට පියවර මනින්නටත්, කැඩපත ඉදිරියේ සිට තමන් විසින්ම තමා ගැන යම් යම් නිගමනයන්ට බැස ගැනිමටත් තත්පර කිහිපයක් ගත කල පසු, ඉන් සැහිමක පත්වුවකු ලෙස නැතව අසුන වෙත නික්මුණද හදිසියේ පහල වු සිතුවිල්ලක් මත ජංගම දුරකතනය අතට ගත් ඇය කවුරැන් හෝ සිහින් ස්වරයෙන් අමතන්නට විය.

හේලෝ

............

හේලෝ... ඇහෙන්නෙ නැද්ද?

හේලෝ ඇහෙනවා.

එහෙනන් කොල් කරලා කතා නොකර හිටියේ?

..........
අයේ කතා නෑ.
කියන්න ළමයෝ ප්‍රශ්නයක් ද?

මම pregnant.

හරි බය වෙන්න එපා. මම ඉක්මනට එනවා. හරිද?

හරි.

යළි සුව පහසු අසුනක් වෙත ආ ඇය යළිත් කය අසුනෙහි තබා මනසින් සක්මනෙහි යෙදෙන්නට විය. බට්ටා නොනැවති පැද්දෙමින් හෝරා කිහිපයක් ගෙවුවද ඇය තවම සිටිවනම ය. තවද එසේ සිටින්නට නොහැකි සේ ඇය අවට ඇති අවකාශයේහි වු යම් යම් දේ පැද්දෙන්නටත් බොඳ වෙන්නටත් ගතවුයේ තත්පර කිහිපයකි.

-----------------------------------------------------------

මේ වන විටත් හදිසියේම ලංකා රොහල් දොරටුවෙන් ඇතුල් වු ඇම්බියුලන් රථය වහාම ගොස් හිදිසි අනතුරැ අංශයේහි නතර විය. රොහල තුළ වේගයෙන් ඇදි යන ට්‍රෝලියක් සැප පහසු කාමරයක් තුල නතර විය. මදකින් එහි ආ හෙදියක් ද ඊටත් පසුව පැමිණි දොස්තරවරයාද ලෙඩාගේ තත්වය යලිත් පරික්ෂා කරන්මින් සිටිනු දක්නට ලැබිනි.

------------------------------------------------------------

ඇයට යම් යම් දේ ඇසෙන්නට විය. අත සොලවන්නට අවශ්‍ය වු නමුත් එය කල නොහැකි බව ඇයට වැටහිණි. දැස විවර කල අවට දෑ නැරඹිමට අවශ්‍ය වු නමුදු සිය දැත් දෙපා මෙන්ම දැස් ද තවදුරටත් තමන්ට අවනත නොවන බවද ඇයට වැටහිනි. මදක් ඇහුන්කන් දුන් ඇය නොවැරදිම ඇයට කුමක් හෝ සිදුවි ඇති බව තහාවුරැකරගත් නමුත් කුමක්දැයි සිතන්නට විය.

තව දුරටත් ඇයට ඇසෙන නමුත් හුදෙක් ඇයට කළ හැක්කෙද ඇහුන්කම් දිම පමණකි. වේදනාව, සිතල, උණුසුම දැනුනද එයට ප්‍රතිචාර දැක්විම ඇයට කල නොහැක්කකි.

ඔව් ඩොක්ටර් මම චෙක් කළා. කිසිම ප්‍රශ්නයක් තිබුනේ නැ.

අනේක් පසින් හ්ම්ම් හඬක් පිළිතුරැ ලෙස ඇසිණි.

එසේ නම් ඇය දැන් සිටින්නෙ රොහලක් තුලය. ඇය අසල සිටින්නෙ හේදිය හා දොස්තර විය යුතුය.

ඇයගේ සිරැර පුරා වු සිතල නිසා ඇයට යම් අපහසුතාවයක් ඇති වන්නට වු අතර නිතර ඈය අසල යමෙක් විය ඉන් හැඟවෙන්නේ ඇය මිල අධික රොහලක සැපපහසුවට තබා ඇති බවය.

-------------------------------------------------------------

ඇය නොකඩවා ඇහුම්කන් දි සිටියද වරින් වර ඇගේ සිරැර ඇයට අවනත වන්නෙදැයි බැලිමට වෙන් අත් පා සොලවන්නට උත්සහා දැරන්නට විය.

ඇයට ඇත්තෙ අසිමිත ප්‍රශ්න තොගයකි.

ඇය පිළිතුරැ සොයන්නට හැකි විවිධ ක්‍රම කල්පනා කරන අරතතුර තමා සිටින කාමරයේයැයි විශ්වාස කල හැකි දොරක් හරින ශබ්දයද, කිසිවෙකුගේ පා ගැටෙන හඬක්ද පසුව එක් දෙදෙනෙකුගේ විය හැකි යැයිද ඇය නිගමනය කලේය.

තාම කවුරැත් ඇවිත් නැ නේ?

හ්ම්ම් ඔව් තාම නැ. එයා pregnant.

මැරිඩ් ද?

මම හිතන්නෙ නෑ.

ඩොක්ටර් කිවුව විදියට කෝමා එකක් නෙමෙයි.

ඔව්.

එසේනම් දොස්තරද තවම ඇගේ රොගිතත්වය කුමක්දැයි හරියටම නිගමනය කල නොහැකිම සිටිනා බව ඉන් පැහැදිලිය.

--------------------------------------------------------------

දිගින් දිගටම නොයෙකුත් කතා... ඇය තවමත් අසන්නියකි. ඇයට නින්ද යන හෝ පියවි සිහිය නැතැයි විශ්වාස කල හැකි අවස්ථාවන්දි හැර ඇයට කල හැකි එකම දෙය ඇහුන්කම් දිම පමණකි.

-------------------------------------------------------------

රොහලේ හදිසි තත්වයක් යැයි සිතිය හැක. ඇගේ කාමරයේ ඇද අසල තරැණයෙකි. මද ඉකි ගැසිමක්ද වැලපිමක්ද ශොකය ප්‍රකාශ කිරිමක්දැයි පැහැදිලි නැත ඔහු සිටින්නෙ රතු වු නෙත් ඇතිවය.  මොහොතකට හෙදියක් පැමිණ ඔහුට ඉවත් වන්න යැයි දැන්විය.

හෝරා කිහිපයක් අවසනයේ ලැබුනු පුවත ඔහු සැනසිමට සමත් නොවිනි.

නැවත ඈ අසලට ගිය ඔහු හඬන්නට විය.

මම දන්නවා මම පරක්කු උනා නේද?
ඔයා කෙන්තියෙන්ද?
කතා කරන්න මට දරාගන්න බෑ.

නැවතත් ඔහු හඬයි.

ඒ වන විට ද ඇය අසා සියාය. නමුත් ඒ ඔහුටත්, ඇය යැයි පැවසිය හැකි ඇගේ ශරිරයටත් එපිටින් හිස් අවකාශයේ සිටය.






14 comments:

  1. වෙනස්ම මානයෙන් යුත් කතාවක්.. ගතියක් තියේ... මේ අන්තිම අවුරුද්දය කිව්වට දැං තමා මං හිතන්නේ හොදම ඒවා එළියට එන්නේ

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. හා දිනේෂ් මලයා තමා ඔය ගැන කියල තීබුනේ. දැං මතක් උනා..

      මීට දේශිකා..

      හැක්

      Delete
  2. නියමයි ඉක්මනට ඉතුරු හරියත් දම්මනම්...

    ReplyDelete
  3. හ්ම්ම්, අනේ මන්දා!

    ReplyDelete
  4. නගෝ මේ කතාව මං මෙයිට කලින් කොහේ හෝ බ්ලොග් එකක කියවලා තියනවා. මෙය පරිවර්ථනයක්ද.

    ReplyDelete
  5. අපිත් වෙටින්....හික්ස්

    ReplyDelete
  6. මොකක්ද මේ විශ්වයෙන් පිට සිදු වූවක්ද නිකං කරකවල අතෑරියා වගේ අදහසක් ඔලුවට ආවේ.

    ReplyDelete
  7. කෙටි කිව්වට කෙටිම කතාවක්නේ

    ReplyDelete
  8. මමත් මේක කලින් කියෙව්වා කියලා දැනුනා..
    කොහොම උනත් නොලියවෙන මාතෘකාවක්...

    ReplyDelete
  9. හ්ම්ම්ම්ම්
    ඔහොම උනහම එහෙම වෙනවා

    ReplyDelete
  10. මේක කලින් කියවපු එකක් බව මටත් මතක් වුනා... දැනෙන කතාවක් හින්දාම.

    ReplyDelete
  11. අහ්.. මම හිතුවෙ දිනේෂ් මලයා ලිව්ව එකක් කියලා, වෙනසක් දැනුණේ ම නැනැ ඕං! (ය්)අමුතු ම තාලේ කතාවක්...

    ReplyDelete
  12. කතාවේ අමුතු ගතියක් තියනවා මදාරා..මට තේරුණා මදි වගේ පොඩ්ඩක්. එයා සිය දිවි නසාගන්න හදලද?

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්