Monday, 6 May 2013

සීතල උදෑසන



එක දිගටම වහින වැස්සේ හඬ යාන්තමට වගේ ඇහෙන්න පටන් ගනිද්දී පාන්දරට ලං වෙලා මම හිතන්නේ.. වෙලාව බලන්න වුවමනාවක් නොතිබුන හන්දම ආයෙම ඇස් දෙක තද කරන් ඉද්දී දන්නෙම නැතුව උදේ වෙනකන්ම හොදටම නින්ද ගිහින්.. ඒත් රෑ යාන්තමට පටන් ගත්ත වැස්සේ කිසිම අඩුවක් නෑ.. ටිකක් තදේට ඇවිත් ජනෙල් අතර වදින හුළඟ වැස්ස තව හුඟාක් වෙලාවකට නතර වෙන බවක් නම් කියන්නේ නැහැ.. වින්ටර් එකේ හීතලත් ඉවර වෙලා යන්න වහින වැස්සත් එක්ක ඇඟට දැනෙන සීතල නම් වෙලාවකට දරා ගන්න බැරි තරම්ම.. උදේ එලාර්ම් එකවත් තාම වැදුනේ නැති හන්දා තව ටිකක් වෙලා නිදා ගන්න කියලා හිතද්දි මගේ ලගටම තව හොදට තුරුළු වෙවි උණුසුමක් හොයද්දි මටත් වැඩිය හොදට ඒ හීතල ඔයාට දැනිලා කියලා මට දැනුනා..



වෙනද තරම්ම හීතලක් නොදැනුන හන්දා රෑ නිරුවතින්ම තුරුළු උන ඔයාට දැන් මටත් වැඩිය සීතලක් දැනිලා වගේ.. මං ඇහැරුණු බවක් නොදැන අඬ නින්දෙන්ම මගේ ලගට තුරුළු වෙවී උණුසුමක් හොයන ඔයා දිහා මම ටිකක් වෙලා බලාගෙන හිටියේ යාන්තම් තිබුන උදේ අඳුර අතරින්මයි..



" මෙයාගේ ලස්සන.. සඳවතියක්ම තමයි.."



මම රහසින් මටම කියා ගත්තා.. හිතින් තනියම ආදරේ  කරන කාලේ ඔයාට සඳවති කියලා කියද්දි ඇත්තටම ඔයා මෙච්චරම ලස්සනයි කියලා හිතුවේ නෑ.. ඒත් මගේ වාසනාවට මං බලාපොරොත්තු උනාටත් වැඩිය ඔයා හුඟාක් ලස්සනයි.. ඔයා ලග හිටියත් තනියම හිතන වෙලාවට ඔළුවට කොච්චර නම් දේවල් එනවද? ඒ හැම එකක්ම මතක් කරලා හුඟාක් සතුටු වෙන්න පුළුවන් තරමේ මතකයන් වුන එකත් කොච්චරනම් දෙයක්ද?



තව තවත් ලං වෙලා ඔයා උණුසුම හොයද්දි මාත් පුළුවන් තරම් ලගට ඔයාව අර ගත්තේ ඇඟට යාන්තමින් දැනුන හීතල ඉස්සරට වඩා වැඩි උන හන්දා.. වැස්ස නම් තාමත් ඒ වගේ.. හුළග කලින් තිබ්බටත් වැඩිය වැඩි වෙලා වගේ.. වතුර බිංදු හුළගත් එක්ක ගහගෙන ඇවිත් ජනෙල් වල වදින සද්දෙත් යාන්තමට ඇහෙද්දි රෑ ඉදන් තිබුන වැස්ස දැන්නම් යාන්තමට පුංචි අයිස් වැස්සක් වෙලා කියලා මේ හීතලත් එක්ක දැනෙනවා.. හීතලෙන් යාන්තමට හිරිගඩු පිපුන පිට දිගේ යාන්තමට අත අරන් යද්දි අඬනින්දෙන් ඒ පහසට ටිකක් එහා මෙහා උන ඔයා මගේ පපුවටත් අත දාගෙන තව ලං වෙලා නින්ද හොයන්නේ ඔයා දිහා මම බලාගෙන ඉන්න බවවත් නොදැනම..



තත්පරෙන් තත්පරේ ගෙවෙන්නේ හුඟාක් හෙමින්.. හුළඟේ හඬ කොයිතරම් වැඩි උනත් බිත්තියේ තියෙන ඔරලෝසුවේ තත්පර කට්ට කැරකෙන වේගේ හඬ ඇහැද්දී වෙලාව ඉක්මනට ගෙවෙන්නේ නෑ කියලා හොදටම විශ්වසයි.. ඒත් හිත යටින් ඇහැරෙන්න වුවමනාවක් මටත් නෑ.. හෙමීට ඇඟිළි තුඩු අතරින් යාගේ ඇඟ දිගේ හෙමීට අත පහලට අරන් ගියේ ඔයා දැන්නම් ඉන්නේ තද නින්දේ නොවෙන බව දැනුන හන්දා..



" ගුඩ්  මෝර්නින්ග් පණ.. ඔයා අද වේලස්සනම ඇහැරිලා.."



හුඟාක් වෙලා පපුව උඩට වෙලා ඇස් පියන් නිදා ගෙන හිටපු ඔයා හෙමින් උඩට ඇවිත් තොල් සිප ගනිද්දී ඒ දැනුන උණුසුමත් එක්ක දැනුනේ සීතල ඔහේ පා වෙලා ගියා වගේ.. ඒ පහසට ඒ උණුසුමට හිත හුඟාක් මගෙන් දුර අරන් යන්න පුළුවන් කියලා දැනුනේ මේ පළවෙනි වතාවට නෙමෙයි.. යාන්තම් අඬවන් වෙන දෑස් වලින් ඒ මිහිර විදගනිද්දී හිතට දැනෙන්නේ අමුතුම හැගීමක්..



" මට සීතලයි.. තව තුරුළු කර ගන්නකෝ.."



පුංචි එකෙක් වගේ ලග හුරතල් වෙද්දී හැමදෙයක්ම හරි ඉක්මනට අමතක වෙලා යන ගානයි.. ජීවිතේ අනික් හැ දෙයකටම වැඩිය මම ඔයාට ආදරේ කරන්නේ ඒ නිසා වෙන්න ඇති.. හොදටම තුරුළු වුන පපුවේ තවත් තුරුළු වෙන්න ඉඩ හොයද්දී පුළුවන් තරම් ලගට තවත් ඔයාව ලං කර ගත්තේ ඔයාගේ පහස තවත් හොදට විඳගන්න..



" වැඩට යන්න ඕන නේ.. කො කෝ නැගිටිමු.."



" වහිනවා හොදටම.."



" හ්ම්ම්.. අද යන්නම ඕනද?"



ඇඟිළි තුඩු අතරින් පපුව පිරිමදින අතරේ හුරතල් විදිහට ඔයා අහද්දී  මේ ආදරේ දාලා කොහේවත් දුවන් යන්න හිත කොහොම නම් ඉඩ දෙයිද.. වෙනදටත් තව මොහොතක් හරි දෙකක් හරි ඔය තුරුලෙම ඉන්න හිත කියද්දී අකමැත්තෙන් උනත් නැගිට්ටත් මේ වැස්සත් එක්ක දැනෙන හිතලට අද නම් එහෙම කරන්න හිත ඉඩ නොදෙන තරම්.. මුකුත් නොකියම ඔයාව ආයෙම හොදට තුරුළු කර ගනිද්දී ඇස් වලින් හැමදේම කියෙවුවා වගේ ඔයා මං දිහා බලලා හිනාවෙලා මුණ හංගන් ඉදපු පපුවේ ඉදන් උඩට හාදු තවරන් එද්දී මේ වැස්සේ සීතල තව මොහොතකින් අපේ ඈතට යාවි කියලා හිත හොරෙන්ම වගේ දැන ගත්තා..



ඔය ඇස් වලට එබී ගෙනම ඔය ඇස් අතරේ තවත් ආදරේ හොයද්දී මහ වැස්සත් සීතල හුළගත් ඉබේම අමතක වෙලා යන තරම්..  හැමදාමත් වගේ ආස විදිහට ඔය කෙහෙරැළි අතරින් හෙමින් අත දාලා ඔයාගේ තොල් පෙති මගේ ලගට ලං කර ගනිද්දී  අද දවසම තව හුඟාක් ලස්සන බව ඉබේටම වගේ දැනුනා.. හිත පුරාවටම ඔය ආදරේ විදගන්න මුළු දවසක්ම ඉතුරු වෙලා තියෙද්දී වෙනදා පුරුද්දටම උදේම ඒ පහස හොයාගෙන ගියේ ගෙවෙන්න තියෙන හෝරා ගානේ ඕනි තරම් නිදහසක් තියෙන බවවත් නොහිතම..









84 comments:

  1. ලස්සණ යි, දිනේෂ් අයියේ :) සෑහෙන්න අමාරු වෙන්න ඇති සීමා පනින්නේ නැතු ව මේ වගේ කතාවක් ලියන්න. මෙහාටත් අද උදේ ඉඳල ම වැස්ස. මටත් දැන් නිකං ඇඳ මතක් වෙනවා වගේ. හැබැයි ඉතින් මට නං තුරුල් කර ගන්න ඉන්නේ බ්ලැන්කට් එකක් :'(

    ReplyDelete
    Replies
    1. සීමා මායිම් පැන්න ඒවුවා එඩිට් කරන්න හිතාගෙන කතාව ලියන් ගියා.. පස්සේ මේ බලධාරියා කපන එවුවා කපලා තමා දාලා තියෙන්නේ.. නැත්නම් ඉතින් ලියන්න අමාරුයි ඇත්තටම.. තව ටික කාලෙකින් බ්ලැන්කට් එක අත අරින්න.. එතකොට හරි.. ;)

      Delete
    2. නුවන්7 May 2013 at 01:04

      බලදාරියා කිවුවේ මදාරා වෙන්න ඇති. හරි අසාධාරණයි ඔය කපලා කොටලා දාන්නේ නැතුව දැම්මනම් මේක තව ලස්සනයි නේ.

      Delete
    3. බ්ලැන්කට් එක අත් අරින්න තව අවුරුදු 6 ක් 7ක්වත් යයි, අයියේ. එතකං ඉතින් බ්ලැන්කට් එකේ පිහිට තමයි. මොනවා කරන්න ද :'(

      Delete
    4. නුවන්, උඹ කියයි.. ඕවා කපලා කොටලා නොදැම්මොත් මාව වාරණය වෙනවා..

      Delete
    5. ධාරා, හෆ්ෆේ එච්චර පොඩි එක්කෙනෙක්ටද මම මේ ඕන නැති කතාවක් කිවුවේ ඈ.. :/

      Delete
  2. Replies
    1. තැන්කූ වේවා!!

      Delete
  3. LASSANAMA LASSANA KATHAWAK. PHOTO EKATH EKKA BALANA KOTA HITHA ADEEEEEEELA YANAWA.. = OYA JOKKU. PUKAWAL. CHOO, KATHA APATA MOKATADA.

    ReplyDelete
    Replies
    1. මේ කැපිටල් ඇනෝනේ.. මං දැක්කා තව බ්ලොග් වලත් මේ කමෙන්ට් එකම.. :)

      Delete
  4. සීනි බෝල කෑව කාලෙකින්. රහයි ඈ... මටත් නිකං මොක්කුද වෙනව වගේ. හැක්.. සිරාවට හොද උපහැරණ ටිකක් තියෙනව නේ..

    ReplyDelete
    Replies
    1. සීනි බෝල කැවයි කිවුවා.. හා හා වැස්සත් එක්කනේ ඉතින්..

      Delete
  5. අඩේ මේ වැස්ස කාලේ හීතල යන්නත් එක්ක තුරුළු කරගන්න මටත් කෙල්ලෙක් හිටියා නම්

    ReplyDelete
    Replies
    1. ඔහොම ඉදලා හරි යන්නේ නෑ පැතුමෝ.. එකක් සෙට් කර ගමු.. මටත් ඉතින් හිටියට තාම ඒවා බැහැනේ බං.. :/

      Delete
    2. නුවන්7 May 2013 at 01:05

      උඹ ඔහොම ඉවසලා හිටින් දිනේශයෝ. වැඩි කාලයක් නැහැනේ.

      Delete
    3. හෙහ් ඔවු ඔවු..

      Delete
  6. godaak lassnai... oyage hema artical ekak wagema mekath harima lassanai .. ^_^

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි යාළුවා..

      Delete
  7. Replies
    1. තැන්කූ වේවා!

      Delete
  8. මේ මගේ හීනය,
    මගේ ම යසෝදරා ලග මෙහෙම ඉන්න මාත් හීන දකිනවා,

    ලස්සනයි.......
    ගොඩක් ..........

    ReplyDelete
    Replies
    1. මාත් හීන දකිනවා.. ඒකනේ ලියවෙන්නේ.. ලග හිටියනම් ලිය ලිය ඉන්න වෙලාවක් එන්නෙත් නෑ.. ;)

      Delete
    2. නුවන්7 May 2013 at 01:06

      අන්න ඒක හරි වැරදියි. ලගට ගත්තට පස්සෙත් ලියපං. නැත්නම් අපි කියවන්නේ මොනවද?

      Delete
    3. ඒවා ඉතින් එතකොට බලමුකෝ..

      Delete
  9. අද නම් 18+ එකක් නේ දිනේශ්...හී හී...
    ඒ උනාට හරිම ලස්සනයි. මටත් වැඩට යන්ට බෑ කියලා හිතුනා.

    ReplyDelete
    Replies
    1. හෆ්ෆේ.. එච්චරම + නැහැනේ පොඩ්ඩි අක්කේ.. ඉදලා හිටලා මෙහෙම ඒවත් ලියමු නේ වෙනසකට වගේ..

      මේ මේ හොරා වැඩට යනෝ.. ^_^

      Delete
  10. mekanam sirawata liyala. me wassa kale me wage ewa dammama api hitha hadagena inne kohomada.

    ReplyDelete
    Replies
    1. වැස්ස කාලේ තමයි ඉතින් ලියන්න ඕන.. අදහස් එන්නේ එතකොටනේ..

      Delete
  11. මක්කැයි බං මේ....! හිත මෙව්ව වෙල ගියා..!

    ReplyDelete
    Replies
    1. තනියම ඉන්න එකේ හිත මෙවුවා කර ගන්න එපා බං..

      Delete
  12. මම එහෙම නම් උඩින්ම දාන පොටෝව උබ යටින්ම දාලා.

    ඒකයි උබෙයි මගෙයි වෙනස :)

    කවදත්, ලොවෙත්, රොමැන්ටික් !

    ReplyDelete
    Replies
    1. උඹයි මායි නේද? අවංකවම සෑමා උඹවත් මමවත් තාම හරියට කිසි දෙයක් ලිවුවේ නෑ.. උඹ මාත් එක්ක එකඟ වෙයි මම හිතන්නේ..

      Delete
  13. මට හිතිච්ච ඒවා ටික ඔක්කොමලා එකින් ඒක කියල තියේ,. ඒ නිසා මං පණු සද්ද නැතිව යන්ට කියල..
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම බොට වෙන දෙයක් හිතුනෙම නැද්ද? අපරාදේ හැබැයි..

      Delete
  14. නියමයි. හදිස්සියේම වර්ණට මෙහෙම ඒවා ලියන්න හිතුනේ ඇයිද දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ලියන්න හේතු ඕනමද?

      Delete
    2. නුවන්7 May 2013 at 01:07

      හේතු ඕන නෑ. මෝටිවේශන් එකක් විතරයි ඕන.

      Delete
    3. අන්න තේරුණා..

      Delete
  15. වහින වෙලාවේ මේවා කියෝලා මට සීතල අල්ලනවා දැන් :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. උඹ තාම පොඩි එකා.. ඕන නැති එවුවා නොහිතා ඇදට ගිහින් රෙද්දක් පොරවන් බුදිය ගනින්..

      Delete
  16. හ්ම්ම්ම්ම්ම්.........

    නියමයි....අපූරුවට විස්තර කරලා...

    ReplyDelete
    Replies
    1. ඇයි සෙන්නා අයියේ මුලින්ම "හ්ම්ම්.."?

      Delete
  17. මේ වැස්ස කාලේ මෙව්වා දකිනකොට නිකන් මෙව්වා වෙනවා වගේ :D :D

    ReplyDelete
    Replies
    1. හා හා ළමයෝ ඉවසන්න ඉවසන්න.. ;)

      Delete
  18. රහස් පරීක්ශක, සංවේදී, රොමෑන්ටික්, මේ හැම ජාතියකම කතා ලියන්න දිනේශ්ට හොඳ හැකියාවක් තියෙනවනෙ. එකම ශෛලියේ කතා වලට කොටු වෙන්නෙ නැතුව ඒ වගේ විවිධත්වයකින් ලියන එක හොඳයි :)

    ReplyDelete
    Replies
    1. මේවනම් ඉතින් මේ නිකන් හිතෙන වෙලාවට අහම්බෙන් වගේ ලියන ඒවා.. මගේ වැඩි කැමැත්තනම් අනික් ඒවට තමයි.. හැමදාම එකම දේත් එපා වෙන හන්දා ඒ අතරට තමා මේවා.. ;)

      Delete
    2. නුවන්7 May 2013 at 01:09

      හැමදාම එකම දේ ලියන්න ගියාම එපා වෙනවා කියන කතව නම් මාත් පිළිගන්නවා. ඒත්, උඹ ලියන ඒවා එපා වෙන්න. පිස්සුද බං. ඒ උනාට කමක් නෑ. මේවත් ලියපං.

      Delete
    3. ඉඩ තියෙන හැටියට බලමු මචං..

      Delete
  19. හ්ම්ම් මෙහෙත් දිගටම වහිනවා. ඒ අස්සේ මෙයා මේ වගේ කතා ලියනවා. මොනවා උනත් හරිම සංයමයෙන් ලියලා...ඕක ෆිල්ම් එකකට ගත්තනම් 18+ වෙයි වගේ :)

    ReplyDelete
    Replies
    1. හෆ්ෆේ.. බලන් යද්දි හැමෝටම වහිනවා.. හොද කාලෙක මාත් පෝස්ට් එක ලියලා තියෙන්නේ.. සංයමය පිට පැන්නේ නැත්තෙමත් නෑ ලොකු.. ඒවා එඩිට් කලා.. දන්නේ නැද්ද ඉතින්.. ;)

      Delete
  20. කාලෙකින් ආදරේ පිරුනු දෙයක් කියෙව්වෙ. මේ කාලෙට හොඳට ගැලපෙනවා.

    ReplyDelete
    Replies
    1. මාත් එක එක ඒවා ලිවුවා මිසක් කාලෙකින් නේ මෙහෙම එකක් ලිවුවෙත්..

      Delete
  21. නුවන්7 May 2013 at 01:11

    කියන්න තියෙන්නේ නම් වර්ණය මේ ගෙවුන ටික කාලෙට සෑහෙන්න වෙනස් වෙලා ගිහින් කියන එක. ඉස්සර උඹ එකම තැනක හිර වෙලා හිටියේ. දැන්නම් එක එක ඒවා ලියනවා.

    මේක ගැන මොනවා කියන්නද බං. නිකන් අපේ හිත් අවුස්සන්නේ නැතුව ඉදහං කියනවා ඇරෙන්න.

    ReplyDelete
    Replies
    1. වෙන්න පුළුවන් මචං.. එදා සහ අද අතරේ හුඟාක් ලොකු වෙනසක් තියෙනවනේ..

      හිත අවුස්ස ගන්න එපා බං.. පාඩුවේ ඉදපං..

      Delete
  22. දුක හිතුනා බොල...
    කොට්ටයක් මිස වෙන මොකවත් නැති නිසා තුරුල් කර ගන්න...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. මොනා කරන්නද බං ඉතින්.. දැනට එහෙමවත් හිත හදා ගමු..

      Delete
  23. කාලෙකින් ලස්සන කතාවක් කියෙව්වෙ. හදවතට දැනෙන කතාවක් දිනේශ්. වසන්තය සමඟ කඩා හැලෙන වැස්ස කාටත් සොඳුරු හැඟුම් ගෙනෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. ඔවු චන්දි අක්කේ.. ඒ හැගීම වචනෙන් විස්තර කරන්න අමාරුයි හුඟාක් වෙලාවට.. ඒත් ඒක විද ගනිද්දි දැනෙන සතුට කියලා නිම කරන්න බෑ..

      Delete
  24. හැමෝම කිව්ව වගේ හිතට මුකුත් නොදැනුනොත් අපි මනුස්සයො නෙවෙයිනෙ දිනේෂ්...............

    ජීවිතේ ජීවත් කරවන ආදරේ ලස්සනයි............

    ReplyDelete
    Replies
    1. නොදැනුනා වෙන්න බෑ කොහොමත්.. අපි කවුරුත් ආස දෙයක් නිසා මේක..

      Delete
  25. harima lassana liyavillak yalu

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් යාළු..

      Delete
  26. මේ සිද්ධියම කෙනෙක්ට ලේසියෙන්ම කාමුක හැගීම් මතුවෙන විදියට ලියන්න තිබබා. ඒත් අපිට ආදරණිය හැගීමත් එක්ක එන්නේ අනේ මටත් මගේ එක්කෙනත් එක්ක මේ විදියට ඉන්න ඇත්නම් හැගීම මිසක්, මේ වෙලාවට කෙල්ලෙක් හිටියා නම් මරු කියන හැගීම නෙවේ. මාරම මාරයි.

    ReplyDelete
    Replies
    1. හැඟිමක් තව කෙනෙක්ට දනවන එක ලේසි නෑ.. විශේෂයෙන් මේ වගේ ලියද්දී.. ආදරයයි රාගයයි කියන්නේ දෙකක්..

      Delete
    2. මගේ අර නිර්මාණයට හේතු වෙලා තියෙන්නේ මේක කියවලා ඔළුවට ගිය ටික තමයි. මොකද මම ගොඩක් ආසාවෙන් මේක කියෙව්වේ.

      Delete
  27. හිත ඇද බැද තබා ගන්න පුළුවන් විදියට දිනේෂ්ට ලස්සනට කතා ලියන්න පුළුවන්..... ඇත්තටම හරිම ලස්සනයි. හිත මෙව්වා වෙලා ගියා අප්පා මේක කියෝලා..... :)

    ReplyDelete
    Replies
    1. හැමෝටම එක එක ඒවා හිතිලා අද නම් මේක කියවලා.. ;)

      Delete
  28. හෙට ඉදන් වැස්ස පායයි වගේ !!!! :D

    ReplyDelete
    Replies
    1. ඇයි බං උඹ එහෙම කිවුවේ.. අද වැස්සෙත් නෑ..

      Delete
  29. ලස්සනයි දිනේශෝ...:)

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඕකේ මචං..

      Delete
  30. hari lassana kathawak

    -sihina madara-

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. අඩේ අද නම් ඇනෝ ඉල්ලං කාලා වගෙයි. හිකිස්........

      Delete
    3. තව ටික දවසකින් මගේ නමින් ඇනෝ කමෙන්ට් මටම වැටෙයිද මංදා..

      Delete
    4. මදාර :
      ඔයා බය නැත්නම් මම මීට කලින් දාපු ඇනෝ කමෙන්ට් ටිකත් ඇසෙප්ට් කරලා සංවාද කරන්න එන්න තිබුනා නේ.
      හරි සුදූ... කවුරුවත් ඔයාගේ ෆොටෝ ගහන්නේ නැති එකේ මංවත් ඔයාගේ ෆොටෝ ෂූට් එකක් කරල දෙන්නම්. අඬන්න එපා බබී....

      Delete
    5. දිනේෂ් :
      මම කොල්ලෝ ගහන්නේ නෑ මචං

      Delete
    6. This comment has been removed by the author.

      Delete
    7. මාත් කොල්ලො නම් ගහන්නේ නෑ මචං.. ඒකනේ කෙල්ලෙක් දා ගෙන ලවු එක ගැන ලිය ලියම ඉන්නේ.. උඹලට ඒක මාකට් කිරිල්ලක් උනාට..

      එයාගේ ෆොටෝ ශූට් ගැන කරදර වෙන්න එපා.. ඒක මම ආවම කර ගන්නම්..

      Delete
  31. අඩේ දිනේෂ් අයියේ. ඔයත් දැන් සුජීව ප්‍රසන්න ආරච්චි වගේ වෙලාවත්දෝ............ :P සෙන්සිටිව් කතා පොජ්ජ

    ReplyDelete
    Replies
    1. හෙහ්.. මම සුජීවගේ කතා කියවලම නැහැ බං..

      Delete
  32. ආදරේ මේච්ර ලස්සනට ලියන්නේ කොහොමද?

    ReplyDelete
  33. හුග කාලෙකින් මට අයියගේ කතාවක් කියවන්න ලැබුනේ.. වෙනදා වගේම ගොඩක් ලස්සනයි ....

    ReplyDelete
  34. මේකනම් මටම ලියලා වගේ =] =] =] වැඩට කියන තැන කපලා ඉස්කෝලේ හරි ක්ලාස් හරි කියල දැම්මනම් හරියටම හරි ... =D අනිත් කිසි දෙයක් හදන්න ඕනේ නෑ.. ආ තව එක තැනක් තියෙනවා .. ඒ සදවතියක් කියන තැනට පුංචි සුරංගනාවී කියලා ... (Y) =)මටම ලියපු කතාවක් වගේ ..

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්