Monday, 20 May 2013

නැති කොට ඉල්ලන, තියෙනකොට සඟවන, නැතුවම බැරි එක....



මම තේරුම් ගත්ත එකම  දේ සල්ලි වලට කරන්න බැරි දෙකුත් නෑ, ගන්න බැරි දෙකුත් නෑ කියලා.

මට නැත්තෙත් සල්ලි. මම කොහොමත් සල්ලි පස්සෙ යන්නෙත් නෑ, හිතන්නෙත් නෑ.

මම නම් හිතනවා. සල්ලි නැති නිසා ලෝකෙට පෙන්න අද මම නිකමෙක්. මම ඒ ගැන දුක් වෙනවා.
හැම අරමුණක්ම, හැම බලාපොරොත්තුවක්ම, හැම සිහිනයක්ම සැබැ වෙන්න සල්ලි කියන පොදු සාධකය අවශ්‍යයි.
මම වැරදි ඇති එත් මම දුක් වෙනවා මට සල්ලි නැති එක ගැන.

සල්ලි කියන දේ අද තියෙනවා. හෙට නැති වෙයි. ආයේ ලැබෙයි. අනාගතේ මටත් තියෙයි.

මම කතා කරන්නෙ ඒ ගැන නෙමෙයි. ඊට වඩා සංකිර්ණ ප්‍රශ්නයක් ගැන.
දැන් බලන්න මං දිහා. මම නිකමෙක්. හා නැද්ද? ඒ මට සල්ලි නැති නිසා. මගේ එක අරමුණකටවත් මට යන්න බැ මට කිසිම උදව්වුක් නැති නිසා. ඒ නිසා මගේ බලාපොරොත්තු සිහින එකම තැන පල් වෙනවා. හරිය වතුර බැහැලා යන්නෙ නැති කාණුවක් වගේ.

-----------------
සල්ලි චක්‍රය





            මෙතැන් සිට මා ඉදිරිපත් කරන සියලු තර්ක ගෙන එන්නෙ මගේ මතය සනාථ කිරිමට පමණයි. එනම් මුදල් නැතිව ජිවිතය ගොඩනගා ගැනිම සැබැ නොවන සිහිනයක් යන්නය. අප තබන සැම පියවරක්ම මුදල් තර කරගැනිම සඳහාය. සැම අරමුණකම සැඟවුන සත්‍ය මුදල් ය.

සාර්ථකත්වය      =         මුදල් (සල්ලි)
බලය                 =         මුදල් (සල්ලි)

බොහෝ විට ඔබ මා සමග එකඟ නොවනු ඇත. ඔබගේ යටි සිතට ඉඩ දි සත්‍ය පැවසිමට අකමැති වනු ඇත. නැතිනම් ඔබ ඔබවම රවටා ගැනිමවස් මගේ මතය පිළිකුලින් හෙළා  දකිනු ඇත. නමුත් යටපත් කළ නොහැකි පරම සත්‍ය නම් මිනිසා වනාහි මුදලේ වහලේකු බවය.

            ආදරයක් ඇති වන්නෙ නොසිතාය. නොසිතු මොහොතකය. එබැවින් ආදරයට මුදල් යන සාධකය අවැදගත්ය. ඔබ ද මම ද එසේ පවසනු ඇත. එසේ නොපවසන කොටසකුත් මේ ලිපිය කියවනු ඇත. ඒ සියල්ල කෙසේ කොහොම වුවත් විවහාය සඳහා මුදල් අත්‍යවශ සාධකයක් ය. එය නම් ඔබට කිසි සේත් බැහැර කර දමනු නොහැකිය. දෙමාපියන් සැම විටම තම දරැවන්ට සොයනුයේ ගුණයහපත් මිල මුදල් යහමින් ඇති සහකාරයෙක් හෝ සහකාරියක්ය. ගුණයහපත් යන්න සැම විටම අදාල නොවේ. බොහෝ ප්‍රේමසබදතා බිදි යන්නෙද මිල මුදල් ආදරයට මැදිහත් විම තුලිනි. ප්‍රේමය යනු පුළුල් විෂයක් බැවින් ඒ ගැන මම තවදුරටත් කතා කරන්නට අදහස් කරන්නෙ නැත. නමුත් විවහාය තුල මිලමුදල් විශාල ලෙස මැදිහත් විමක් කිරිම පිලිබද විවහායකියන්ට බොහෝ අතදැකිම්ද ඇති බවට සැකයක් නැත.

උදා :-

1 )  ගෙයක් දොරක්, වහනයක් , රස්සාවක් නැති පිරිමියෙකුට ප්‍රේම සබඳතා දහසක් තිබුනත් විවහයක් කරගැනිමට බොහෝ විට නොහැකි විම.

2 ) දැවැද්ද යනු මුදල් මැදිහත් වන ප්‍රබලම අවස්ථාවකි.


3 ) මාල මුදු තැලිපිලි ඇන්දිමද වක්‍රව මුදල් විවහායට මැදිහත් වන අවස්ථාවක් ය.

         
        දරැවන් හැදිම. දරැවකු මෙලොව එළිය දුටු අවස්ථාවේ සිට සිට මවු කිරි හැර සියල්ලම සිදු වන්නේ මුදලට පින් සිදු වන්නටය. කන්න බොන්ට, අදින්න පළදින්න, අධ්‍යාපනය සිල්ලම සිදුවන්නෙ මුදලේ ඇති බලයෙනි. මට යමක් මඟ ඇරුණ බව ඔබට සිතෙනු ඇත. රැකවරණය ලැබෙනුයේ මුදලින් නොවන බවට ඔබ තර්ක කරනු ඇත. නමුත් මව පියා රැකියාවට යනවා නම් හෝ ගෙදර සිටින අච්චි සියා වැනි මහළු දෙපලකට දරැවා නිකම්ම බාර කරන්නට මව්පියන් අකමැති වනවා නියතය නැතිනම් වැඩිහිටියන්ගේ පහසුවට බව පවසා හෝ මෙහෙකාරියක් තැබිමට තරම් දෙමවුපියන් උනන්දු වනවා නිසැකය. එබැවින් රැකවරණයට මුදල් මැදිහත් නොවනවා යැයි ඔබට තර්ක කල නොහැකිය. එසේනම් දරැවෙකු පිළිසිදගැනිමට මුදල් මැදිහත් නොවුවද දරැවකු මෙලොව එලිය දුටු අවස්ථාවේ සිට සියල්ලටම මුදල් අත්‍යායශය වනු ඇත.

            ළමා කාලයේ දරුවකුගේ මොළය වැඩිහිටියෙකුගේ මොළය තරම් මේරුවක් නොවන බව අවිවාදයකින් තොරව සියලු දෙනාම පිලිගන්නකි. නමුත් දරුවකුගේ චින්තන ශක්තිය කෙතරම්ද යන්න වටහා ගැනිමට නම් ඔබට අනිවර්‍යෙයන් ඔබගේ ළමා කාලයෙන් බිදක් හෝ මතකයේ තිබිය යුතුමය. අද වන විට මා තුල වු පිලිගැනිම නම් ගෙවෙන සැම තත්පරයකම බිහිවන නව ජිවින් අතීතයෙ බිහිවු ජිවින්ට වඩා උසස් චින්තන ශක්තියක් සහ නව ශක්තින් රැසකගේ එකතුවක් බවකි. මතුපිටින් නොව දැස් විවර කල අවට පිරික්සු කල ඔබටම වැටහෙනු ඇත. රියැලටිය තුල කෙතරම් බුද්දිමතුන් පිරිසක් හා දක්ෂකම් වලින් පිරිපුන් ළමා පරපුක් සිටිනා බව. මා ද යම් අවධියක මැත අතීතයේ සිටියාට වඩා නැණවත් බවින් යුතුව ළමා වියේ සිටි බවට අතීතය දෙස හැරි බැලු විට පෙනි ගියෙන් මෙවැන්නක් ලිවිමට පෙළඹවිනි.

            පාසලේ වැඩ බැරියවුන් අතර වසර කිහිපයක් සිටිමෙදි සිත සනසවා ගැනිම සදහා මුදල් ගැන සිතිමට පෙළඹිම සමාන්‍යයැයි සිතමි. මුදල් හදල් ඇති යහමින් දිවි ගෙවන පවුල් පරිසරයක හැදි වැඩිමෙදි ඇනුම් බැනුම් කොණ් කිරිම් නුපුරැදු වුවත් මට සල්ලි තියෙනවා පාඩම් කලේ නැතත් මට ජිවත් වෙන්ඩ පුළුවන් යැයි සිතිම එවැනි පවුලක දරැවෙකුට නම් අසමාන්‍ය නොවේ. තවද එදින් එදා වේල පිරිමසා ගැනිමට හෝ නොහැකි පවුලක දරැවෙකුට නම් ඉගනිම යනු තමාගේ ඉදිරි අනාගතය උදෙසා වු එකම ගැලවුම්කාරයා යැයි සිතිම ද සමාන්‍ය වේ. නමුත් පැන නගින ගැටලුව එය නොවේයි. ඉගනිමට අවශ්‍ය වුවත් කැම වේලාක් සපයාගත නොහැකිනම් ඉගනිම සඳහා වැය කිරිමට මුදල් සපයා ගන්නෙ කෙසේද යන්නයි.

ඔබ නැවත තර්ක කරනු ඇත අපේ රටේ තියෙන්නෙ නිදහස් අධ්‍යාපනයක් බවට. නමුත් සැම පාසලකටම නිල ඇදුමක් ඇත. පාසල් කාලය තුල තමාන් විසින් අහාර පාන සපයා ගත යුතුය. අතීතයෙ මෙන් දැන් නොමිලයේ බනිස් සහ කිරි විදුරැවක් දරැවන්ට ලැබෙන්නෙ නැත. ඒ වෙනුවට අයිස් ක්‍රිම් මාමා ගෙට්ටුව අසල සිටිනු ඇත. දහසක් නෙත් අයිස් පෙට්ටිය වෙත දිවුවද දැත් හිස්ය. කැන්ටින් ක්‍රමය දැන් ළමයින්ට නුහුරැ නැත. සල්ලි තියෙනවනම් කැම ඇත. පාසල තුල විවිද ක්‍රිඩා ඇත නමුත් ක්‍රිඩා භාන්ඩ තමා විසින් සපයා ගත යුතුය ක්‍රිඩා ඇදුම් ද එසේය. නානාප්‍රකාරයේ විවිද ප්‍රසංග ඇත නමුත් කොන්සට් එකට ඇදුමට දෙමව්පියන් විසින් මුදල් සැයයිය යුතුය. ඉතින් තව දුරටත් අපිට නිදහස් අධ්‍යාපනයක් ඇත්දැයි මට නම් ඇත්තෙ සැකයකි.

උසස් අධ්‍යාපනය එය නම් දැන් අපට විහිළුවකි. පෙර නම් උසස් පෙළ සමත් වු විට ඇත්තෙ බලාපොරොත්තු කන්දකි. නමුත් අද ඉසෙඩ්කෝව අපට නිතරම කොකා පෙන්වා සිනා සෙන්නෙය. උසස් පෙල සමත් වුවත් විශ්ව විද්‍යාලය සිහිනයකි. බාහිර උපාධි ඇත්තෙ මුදලටය. සල්ලි තියෙනවනම් උපාධි කඩ වැහිවැහැලය. පළමු පෙලේ උපාධියක් නැතිනම් රැකියවක් යනු හුදෙක් සිහිනයක්  පමණය.

රැකියාව අද සුදුස්සාට රැකියා දිමේ කලාවක් නැත. බලය ඇත්නම් රැකියා එමටය. බලය යනු පෙර පෙන්වා දුන් පරිදි මුදල්ය. සල්ලි වලට කල නොහැකි දෙයක් නැති බව මා ගෙනා තර්කය නම් මෙයමය. කොහෙවුවත් ලොක්කෙකුගේ රෙකමදාරැව රැකියවක් සදහා ඇති උසස්ම සුදුසුකමය. ඔබට අවශ්‍ය වන්නෙ ලොක්කකුගේ වචනය පමණි. ඒ සඳහා ඔබට බලය ඇත්තකුගේ සපත්තුව පිස දැමිමට සිදු වනු ඇත. මව හෝ පියා බලය ඇත්තෙකු නම් ඔබට රැකියාවක් කිරිමට අවශ්‍ය වන්නෙද නැත.

සිහින අරමුණු බලාපොරොත්තු මේ සියල්ලම සැබැ කරන බලගතු මන්තරය මුදල් ය. ඔබට විවහායක් කර ගැනිමේ සිට සර්ථකත්වය දක්වා සියල්ලම ගෙන එන, ගෙන දෙන බලගතු රහස මුදල්ය. ඉතින් තවත් ඔබ තබන පියවරක් පියවරක් පසාම ඇත්තේ මුදල් තර කර ගැනිමේ බලාපොරොත්තුව නොවන බව ඔබ පවසනවාද? ඔබ ඔබවම රවටා ගන්නවාද?

හොදට නරකට දෙකටම මුදල් අවශ්‍ය ය. චේතනාව හොද උනත් නරක උනත් උවමනාව මුදල් ය. යහපත් ක්‍රියාවටත් අයහපත් ක්‍රියාවටත් පොදු සාධකය මුදල් ය.






13 comments:

  1. කවුරු කොහොම කිවුවත් ඔබ හරි.. සල්ලි තමා හැම තැනම මුල.. ඒත් මනුස්සකම කියන උතුම් ගුණාංගයෙන් සල්ලි කියන සාධකය සගවා තබාගන්න හැකියි තාවකාලිකව.. කෙටි කාලයකට..

    ReplyDelete
  2. බල්ලොත් නොකන සල්ලි නැතුවත් බැහැ ඇතුවත් බැහැ

    ReplyDelete
  3. කෙනෙක් ගේ ජීවන ශෛලියට ගැලපෙන විදිහට ටිකක් හරි සල්ලි තිබුනේ නැත්නම් පැවැත්මක් නෑ...
    සතුටින් ජීවත් වෙන්න සල්ලි ටිකකුත් තියෙන්න ඕනි :)

    ReplyDelete
  4. හැමදේටම සල්ලි තමයි දැන් මුල්තැන... :(

    ReplyDelete
  5. සල්ලි නැතුවත් සතුටෙන් ජීවත් වෙන මිනිස්සු ඕන තරම් ඉන්නවා.. ඒ වගේම සල්ලි තිබිලත් සතුට නැති තැන් ඕනි තරම් තියනවා, මිනිස්සුන්ගේ හැදියාව මත තමයි ඒක තීරණය වෙන්නේ කියලයි මට හිතෙන්නේ..

    ReplyDelete
  6. කෝ මගේ කමෙන්ට් එක ???

    ReplyDelete
    Replies
    1. රැඩිකල් නංගි :
      මේවා ඔයයි මමයි කතා කරලා විසඳගමු. ඔයා කැමති කොහොමද ? පුලුවන් නම් ඊ මේල් එක දෙන්න. අපි දෙන්නා ඇති වෙනකන් බැන අඩගහගමු.

      Delete
  7. මාත් පිලිගන්නවා කතාව. කොච්චර කිව්වත් සල්ලි නැතුවම බැරි දෙයක්

    ReplyDelete
  8. එදා මාත් කිවුවේ ඕක තමා.. සල්ලි කියන්නේ ජීවිතේ නෙමෙයි ඒත් සල්ලි කියන්නේ හැමදේම තමයි..
    කොච්චර එපා කියල හිටියත් සල්ලි හොයන්න මිනිස්සු හැල්මේ දුවන්නේ ජීවිතේ විඳින්න ඕනේ නිසයි..
    ජය වේවා!!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
  9. වර්ණ ගේ හොඳම ලිපි අතරට යන තවත් හදවතට දැණුන ලිපියක්.

    ReplyDelete
  10. මෙන්ව කියනවද මලේ සල්ලි ඉදිරියේ දෙයියොත් මල්ලි වෙන අබුද්දස්ස කාලේ

    ReplyDelete
  11. ඔය මංගල දැන්වීම් සමාජයේ පැතිකඩක් පෙන්වන සාක්ෂියක් කියලයි මම විශ්වාස කරන්නේ. අපේ ඔෆිස් එකේ ඉන්න එක්කෙනක් මේ දවස් වල ඕවා බලනවා. අද එකක් පෙන්නුවා. ඒකෙ මනමාලයාගේ දෙමව්පියෝ ඉල්ලන්නේ ගෙවල් දෙකක් සහ වාහනයක් තියෙන ගෑනු ළමයෙක්ව.

    ReplyDelete
  12. තව කතාවක්. මම එක කාලෙක හම්බ කරපු සල්ලි සේරම ඉගෙන ගන්න වියදම් කළා. සති අන්ත වල වැඩ නොකර ඉගෙන ගත්තා. එතකොට සති අන්තේ වැඩ කරාම ලැබෙන මුදලුත් නෑ. පන්ති වලටත් වෙනම ගෙවන්න ඕනේ. පාඩු දෙකක්. ඔය අතරේ මගේ යාලුවෙක් සල්ලි ගොඩ ගහලා වාහනයක් ගත්තා. වාහනේ අරගෙන සති දෙකකින් ලක්ෂ ගානකින් ඉහල නැග්ග. මම බලාපොරොත්තු වුන විදියට ඉහල යන්න ලැබුනේ නෑ. අද මගේ යාලුවට තියෙන වාහනය ලක්ෂ 35ක් විතර වටිනවා. තව ගෙයක් හදලා ඒක කුලියට දීලා. සමාජ පිළිගැනීමත් එහෙමයි. ඕනෑම කෙනෙකුට දැනුම ඕනේ වෙලාවට මට කතා කරනවා. මට සල්ලි ටිකක් නයට නැතිව ගන්න පුලුවන්ද කාගෙන්වත් ?

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්