Tuesday, 9 April 2013

ඉතින් එනු මැන වසන්තය හනිකට




සීතලයි තවම අප්‍රේල් ආවට
හිත හොයන උණුසුම කෝ තව
කම්මැලි කම ඈතක පාවෙන්න
ඉතින් එනු මැන වසන්තය හනිකට..

ඝණ කබාය වීසි කර පැත්තකට
සැහැල්ලුවෙන් ඔහේ ඇවිද යන්න
හිරු කිරණෙ රශ්මිය හොදින් විද ගන්න
ඉතින් එනු මැන වසන්තය හනිකට..

පාවෙලා යන සුළං රැල්ලක
මිහිර විදගෙන සිත් සුව විදින්න
කැමරාව අරගෙන නිදහසේ ඇවිදින්න
ඉතින් එනු මැන වසන්තය හනිකට..

පිපුන් මල් වල සුවද විදගෙන
ඒ මල් ඵල දරන තුරා හිද
ෆාමසියේ දොඬම් ගහ ආයෙම වනසන්න
ඉතින් එනු මැන වසන්තය හනිකට..

පාවෙලා ගිය කහ මල් ගවුමෙ හැඩ
ආයෙම හොරැහින් බලන් ඉන්න
ඒ පුරුදු අකීකරු හුළග අරගෙන
ඉතින් එනු මැන වසන්තය හනිකට..

සුන්දරම සෙනසුරාදාවේ රස්තියාදු වෙන්න
රුවැති යුවතියන්ගේ හැඩ බලාගෙන
පොල දිගේ වෙනද වගේම ඇවිදින්න
ඉතින් එනු මැන වසන්තය හනිකට..

උණුසුම් වෙලා දහඩිය නැහැ වෙන්න
සිසිල් දිය පොද හොයා දිව යන්න
නිරුවත්වෙරළ ලග මොහොතක් නතර වෙන්න
ඉතින් එනු මැන වසන්තය හනිකට..

ලග එන උපන්දින වලට
ගිහින් පැත්තක හිද අසිරි විද ගන්න
ඉතින් එනු මැන වසන්තය හනිකට..

මේ පාර මම නෑ වසන්තයේ මැද
යන්න ඕන මඟ බලන දෑස දැක ගන්න
ඊට කලින්යෙන් සුට්ටක් විනෝද වෙන්න
ඉතින් එනු මැන වසන්තය හනිකට..

තහනම් වේවි හරි ඉක්මනට මේ හැම
වෙනදා වගේ බැරි වේවි තනියම පිස්සු නටන්න
අවසන් වසන්තයයි මේ තනිකඩව ගෙවෙන
ඉතින් එනු මැන වසන්තය හනිකට..




විශේයි : බැනුම් නොඅහා ඉන්හිතාගෙවිශේයි දාලා චාටුවක් දාන්හිටිමෙලෝ දෙයක් ඔළුට එන්නේ නෑ.. ඔන්න ඔහේ එක්කෝ බැනුම්ම අවා.. 

51 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. හෆ්ෆේ.. උයා මේක දාලා.. දෙන්න තියෙන හොදම උත්තරේ මම ඔයාට දීලා තියෙන්නේ රත්තරං.. ඉතින් මෙතන මුකුත් කියන්න යන්නේ නෑ මම..

      Delete
  2. // නිරුවත්වෙරළ ලග මොහොතක් නතර වෙන්න
    ඉතින් එනු මැන වසන්තය හනිකට..//
    මේක ඇහුනමනම් මටත් එන්න හිතුනා ඈ!!! :)

    ReplyDelete
    Replies
    1. එමු එමු එහනම්.. වසන්තයනේ ඉතින්..

      Delete
    2. නුවන්11 April 2013 at 00:59

      මේ මටත් එන්න හිතුනා..

      Delete
  3. හික් හික් හැබැයි අපිටනම් සමර් කියන්නේ ඉතින් හොදි ඕනේ නැහැ කියන එකයි චික්: නිරුවත් වෙරලක් ගැන කිව්වේ අපි නම් ඇහැක් ඇරලා බලන්නේ නැහැ (ඇස් දෙකම ලොකු කරලා බලනවා මිසක්) හිකිස්.........

    ReplyDelete
    Replies
    1. ඒ මදැයි බං.. ඇස් ලොකු කරලා හොදට බැලුවම හරි නේ..

      Delete
  4. Replies
    1. තැන්කූ වේවා..

      Delete
  5. අවසන් වසන්තයයි තනිකඩව ගෙවන... ඒ කියන්නේ සුබ පණ්වුඩයකුත් තියනවා හංගලා නේද? ජය වේවා...

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු නලීන් අයියේ.. ඒකනේ දැන් මගේ ජීවිතේ වැදගත්ම දේ..

      Delete
    2. නුවන්11 April 2013 at 01:00

      හා හා ඉක්මනට අපිට කේක් කන්න දීපං..

      Delete
  6. summer කියන්නේ ගිම්හානයට. වසන්තයට කියන්නේ Spring කියලා. අර ගානට හිරු එලිය තියෙන, මල් පිපෙන, කුරුල්ලෝ කෑගහන, පිරිමි ලමයි ගෑනු ලමයින්ව කසාද බඳින කාලේ...:)

    ReplyDelete
    Replies
    1. කසාද බඳින කාලෙනම් ඉතින් ඔය කෝක උනාම මොකො පොඩ්ඩි අක්කේ.. මට ඔය සෘතු කොයි වෙලෙත් පැටලෙනවනේ.. පින්තූරෙන් තමා අවුල් ගියේ..

      Delete
  7. තනිකඩව ගෙවන අන්තිම වසන්තෙන් උපරිමයෙන් ප්‍රයෝජන ගන්න වගේ මල්ලි ප්ලෑන් කරන්නෙ.
    ලඟදි මේ පැත්තෙ එනවද?
    හපොයි උණුසුම ගැන නම් කතා කරන්න එපා අප්පා මේ දවස් වල මෙහේ නම් ගිනිගන්න ඔන්න මෙන්න තරම් රස්නේ!

    ReplyDelete
    Replies
    1. මොන ප්‍රයෝජනද කසුන් අයියේ.. ඕවා කරන්න ගිහින් මට ලංකාවට ගිහින් බඳින්න වෙන්නේ නෑ.. ඔවු ඔවු එනවා..

      Delete
    2. නුවන්11 April 2013 at 01:01

      අපිට වගේ උඹලටත් ඉර ලං උනාම ඉතාලි කෙල්ලො කොහොම ඉදීද දන්නේ නෑ නේ බං.

      Delete
  8. // තහනම් වේවි හරි ඉක්මනට මේ හැම
    වෙනදා වගේ බැරි වේවි තනියම පිස්සු නටන්න //

    පවු අසරණ දිනේශ් අයියා! :P

    ReplyDelete
    Replies
    1. බොලාලටත් එහෙම තමා ඉස්සරහට.. බලන් ඉදපං..

      Delete
    2. නුවන්11 April 2013 at 01:01

      හෙහ්. අපි කාටත් ඔය ටිකම තමයි.

      Delete
  9. සියල් දේ සතුටින් විඳින්න
    මේ වසන්තය සේම
    ඉදිරි වස්සානයත් සතුටින්ම
    ගෙන යන්න සුභ පැතුම් ඔන්න හනිකට..

    ReplyDelete
    Replies
    1. රූ අක්කා තමයි හැමදාම වගේ මුලින්ම හැමදේටම සුභ පැතුවේ.. ගොඩක් ස්තූතියි අක්කේ..

      Delete
  10. අහා.. එහෙනම් තනියෙන් ගෙවෙන අන්තිම වසන්තේ ඈ..

    ReplyDelete
    Replies
    1. එහෙමයි එහෙමයි... ;)

      Delete
  11. මාවත් එක්ක යනාකෝ! ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මඟුලක් කතා කරනවා.. උඹව දරුකමට අරන් තමා එන්න වෙන්නේ..

      උඹ ආවොත් සුභත් නෑ රාජ සම්පතුත් නෑ..

      Delete
  12. මංගලම් ජය මංගලම් වේවා සිරි සුභ මංගලම්.

    ReplyDelete
    Replies
    1. අහ් එවුවට තව දවස් තියෙනෝ..

      Delete
  13. කෝරලේ කියල තියනවා වගේ මෙහෙ සමර් නම් ඕනිම නෑ.... මල්ලි අපේ සමාජයට ඉක්මනින්ම එකතු වෙන්න වගේ යන්නෙ,,, අනේ වසනාවන්...

    ReplyDelete
    Replies
    1. ඒ කිවුවේ නදිනි අක්කත් ඉන්නේ පිටරටක.. මම දන්නේ නෑනේ අෆ්ෆා..

      ඔවු ඔවු අක්කේ.. ඉක්මනටම ඔය පැත්තට පනින්න හිතන් ඉන්නේ..

      Delete
  14. අහ් දැන් කාලේ ලගයි වගේ ඒ කියන්නේ.

    ReplyDelete
  15. අනේ මටත් එන්න ඕනෝ.................

    ReplyDelete
    Replies
    1. මං සුද්දියෙක් සෙට් කරලා දෙන්නද?

      Delete
    2. නුවන්11 April 2013 at 01:02

      මටත් එකක් සෙට් කරලා දියංකෝ.

      Delete
  16. ලංකාවට ආවම ඔක්කෝම හරි.....

    ReplyDelete
    Replies
    1. ඒ දවස එනකන් තමයි රාජ් අයියේ ඇඟිලි ගැන ගැන ඉන්නේ දෙන්නම..

      Delete
  17. //අවසන් වසන්තයයි මේ තනිකඩව ගෙවෙන
    ඉතින් එනු මැන වසන්තය හනිකට..// මංගල සීනු හඬ ඇහෙන්න ලඟයි වගේ. :)

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු චන්දන.. තව වැඩි කාලයක් නෑ..

      Delete
  18. කම්මැලි කමට ලියපුවා කියල පේනවා දිනේෂ්..................සමහත වචන කියවන් යද්දි ගැලපුනේ නෑ ඒකයි මම කිව්වේ.........

    වසන්තයේ සැප අරගෙන දුක්විදින කෙල්ල බලන්න හනික එන්න.......ෆෝන් එක ඇරෙන්න සිහින පෙම්වතීට මෙලෝ දෙයක් මතක නෑ...........

    ReplyDelete
  19. නුවන්11 April 2013 at 01:03

    අහ් කොල්ලා එහන්ම් ෆුල් ෆන් එකක් ගන්න හිතන් ඉන්නේ වගේ. ඔය කිවුවට අපි උඹ ගැන දන්නවා. උඹ ඕවට වැඩිය හිතන්නේ කෙල්ල ගැන. ඔය කිවුව ටික උඹ කලොත් පුදුමයි.

    ReplyDelete
  20. සුබ වසන්තයක් වේවා දිනෙශ් මල්ලි..ඊලඟ වසන්තය මීටත් වඩා සුබම සුබ වේවා! :)

    ReplyDelete
  21. ඒවි වසන්තය හනිකට
    ගහට වැලට මල් පලන්දාගෙන
    අතු ඉතිත් නැමෙයි හනිකට
    අතක් බරට මග් ගෙඩි පුබුදාගෙන
    එතෙක් ඉනු මන මග බලාගෙන.....

    ReplyDelete
  22. ආපි ආපි ඔන්න වසන්තේ :))

    ReplyDelete
  23. ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
    මම සමකය වටේ ලියන නලින්

    ReplyDelete
  24. සුබ අලුත් අවුරුද්දක් වේවා දිනේෂ් ඇතුළු හැමෝටම...!

    ReplyDelete
  25. නංගිටයි මල්ලියටයි සුභ අළුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  26. දුරු රටක ජීවිතය ගෙවන කොට හිතේ තියෙන කාන්සිය කදිමට විස්තර වෙලා. සුබ අලුත් අවුරුද්දක් වේවා !!!

    ReplyDelete
  27. රෝමේ නම් රස්නෙයි නේද මේ දවස්වල?

    ReplyDelete
  28. මුළු ජීවිතේම වසන්තයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මලේ... ලාබ සිනා සිත කලඹන සින්දුවත් මතක් වුණා ඒ අස්සෙ!

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්