Thursday, 25 April 2013

ආදරණීය මහී නුඹට





ඇවිත් නතරව

අහම්බෙන් වගේ දවසක

අකුරු අතර රැදි මතකයක්

ජීවිතේ පතුලටම

පසුපසම එලවමින්

කියවන්නට සිත් බැද

එක් වුන කවක්

ආදරණිය මහී නම් නුඹ..



සම්මතේ සීමාවෙන්

පැනගිහින් දුර ඈත

තනාගත් හිතක්

හැමෝගෙන්ම වෙනස්ව

නිදහසේ හැසිරූ පන්හිදක්

බැදෙමින් හිත් අතර

ආදරයෙන් හුඟක්

අකුරු කරා

ආදරණිය මහී නමට..



යන්න බොහෝ දුරක

පාරමී පිරුව  හිතක

තවරගෙන වර්ණ ආදරෙන් ලගට

අතර මගක තනිකර

සැඟව යන නුඹෙ හිතට

ලියාතබන්නම්

අහිංසක මතකයක්

ආදරණිය මහී නමට..



හමුවෙමු ආයෙ දවසක

නිදහසේ ජීවිතයක

ඉගිල්ලෙන්න ආයෙ පෙර සේම

පියාපත් ලද පන්හිදට

බලාහිදින්නම් එන තුරුම

ආදරණිය මහී නුඹ..

හී ජීවිතේට ලං වුම අකුරු රන්හුඟක් අමාරුයි.. යන්න එපා කිලා කියන්හිතුත් මුණ එක්බැළුම එහෙරන්හිතක් නැහැ.. හී යෙරෙන් අකුරු කන් ලාගෙන ඉන්වා.. සුපැතුම්..

27 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. ලස්සන ලෝකයක් ගොඩනගාගන්නට දෙදෙනාටම සුබ පැතුම්...

    ReplyDelete
  3. මට ඒත් හිතුනා මේ ලියන්නේ මදාරා අක්කා ගැන තමයි කියලා. හ්ම්ම්, ඔය දෙන්නගෙන් හැම ප්‍රාර්ථනාවක් ම ඉටු වෙන්න මගෙන් සුභ පැතුම්!

    ReplyDelete
  4. සතුටින් පිරුණු ලස්සනම ලොකයක් හදාගන්න දෙන්නාටම හදවතින්ම සුභ පතනවා

    ReplyDelete
  5. සතුටින් පිරුණු ලස්සන ලෝකයක් හදාගන්න දෙන්නාටම හදවතින්ම සුභ පතනවා

    ReplyDelete
  6. මහී කොහෙද මේ යන්ට හදන්නේ?

    ReplyDelete
  7. උඹල දෙන්නට උඹලගේ ජීවිත ගොඩනගා ගන්න තව කැපකිරිම් කරන්න සිදුවේවි අනාගතේ එව්වා සාර්ථක වෙන්න කියලා මම පතනවා....!!! දෙන්නම කල්පනාවෙන් වැඩ කරපල්ලා මොකද හදිසි උනහම පෙන්නේ එක පැත්තක් විතරයි වටපිටාවම අන්දකාරේන් වැහිලා....ජය

    ReplyDelete
    Replies
    1. සෑහෙන්න වටින කථාවක් රාජ් ලොක්කා කියල තියෙන්නේ.. දිනේෂ් - මදාරා උඹල දෙන්නට දෙන්න පුළුවං හොදම මගපෙන්වීම තමයි මේ දීලා තියෙන්නේ මං දැකපු විදිහට..
      උඹල දෙන්නටම ‍ජය සතුට පිරි අනාගතයක්!!!

      Delete
  8. හ්ම්ම්ම්
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
  9. තොපි මොනා කරන්න යනවද?

    ජයම වේවා !

    ReplyDelete
  10. මොකක්ද බං මේ යන කතාවක් කියන්නේ..?? හරි.. ඒකෙන් කමක් නෑ. සියලු කටයුතු සාර්ථක වේවා..!

    ReplyDelete
  11. සිරා ලස්සනයි

    ReplyDelete
  12. මහී මම ඒ තීරණය එක්ක එකඟ නෑ..නමුත් ඒක පුද්ගලික තීරණයක්නම් මට කලහැකි යමක් ඇත්තෙත් නෑ..නමුත් මම හැමවෙලාවෙම කියන කතාවක් තියනවා මඩ ගොහොරුවක් හරියට පිරිසිදු කරන්නනම් මඩට බහින්නම වෙනවා..නමුත් මට මගේ සහෝදරයෙක් වගේ දිනේෂ්ගේ අදහස් බොහෝ විට මට සමපාතයි..ඒක නිසා ඒ වචන දිනේෂ් නොකියන්න ඇති කියලා මම හිතන්නේ නෑ.කොහොම වුනත් දෙන්නටම මගේ උණුසුම් සුබපැතුම් මචංලා

    ReplyDelete
  13. ඔය දෙන්නගෙම හීන සැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..!

    ReplyDelete
  14. ආ යුතු නම් යා යුතුව තිබුනත් හැකිනම් නැවත පැමිණිය හැකිය. එසේත් නොහැකිනම් කිසිදා නොපැමිණ සිටිය හැකිය.

    ReplyDelete
  15. සතුට පිරුණු සුන්දර ලෝකයක් හදාගන්න හැකිවේවා කියලා ප්‍රාර්ථනා කරනව දෙන්නටම.
    දිනේශ්ගෙ කවියත් හරිම ලස්සනයි..

    ReplyDelete
  16. මගේත් සුභ පැතුම්

    ReplyDelete
  17. ඔබේ ආදරේ වරුසා වැහැලා කතර දෙව්ලොවක් වේ.....

    මගෙත් සුබපැතුම් මලයට

    ReplyDelete
  18. මහී ලියන එක නවත්වලා කියල දන්නෙ දැන්නෙ. මම ඒත් බැලුවා ඒකට යන්න බැරි මොකද කියල. කමක් නෑ වර්ණ ඒක තියනවනේ.

    ReplyDelete
  19. තේරෙන්නේ නැත.

    ReplyDelete
  20. මහීගේ යහ අරමුණු ඉටුකරගන්නට හැකිවෙන්න සුභ පැතුම්..

    ReplyDelete
  21. සිහින පෙම්වතිගේ හැම කටයුත්තක්ම සාර්ථක වේවා ....................

    ReplyDelete
  22. ප්‍රශ්න නැති ජීවිතය පරිප්පු නැති හෝටලට වගේ ... හොද්ද රොස් නොකර .. නියම රහස විදගන්න,,,, ;)

    දෙදෙනාටම සුබපැතුම් .. අයියේ අක්කේ...

    ReplyDelete
  23. ජයවේවා! සියලු කටයුතු සාර්ථක වේවා! :)

    ReplyDelete
  24. මම නං මේකේ අගක් මුලක් දන්නේ නෑ ...එත් ටිකක් විතර මගේ ජීවිතේටත් සම්බන්දයි..
    මොනවා වුනත් එක අරමුණක් තියෙනවනන් වරදින්නේ නෑ ...ජය වේවා.....

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්