Thursday, 4 April 2013

මේ දවස් වල මොකද වෙන්නේ?

මේ දවස් වල මොකද වෙන්නේ? හෆ්ෆා ඒකනම් සෑහෙන්න ප්‍රශ්ණයක්.. මේ දවස් වල එක එක එවුවා වෙනවා.. වැඩට යනවා.. ගෙදර එනවා.. ලවු කරනවා.. කනවා බොනවා.. ඔය හැම දෙයක්ම වෙනවා.. හැබැයි එක දෙයක් ඇරෙන්න.. ඒ මොකද්ද? මේ බ්ලොග් ලිවිල්ල.. මේ ලිවිල්ල නතර වෙනකන් බලන් කීප දෙනක් හිටියට අනිත් නිතර දෙවෙලේ එන යන අයට කියන්න ඕනනේ දැන් මොකෝ වැඩිය ලිය වෙන්නේ නැත්තේ කියලා.. නැත්නම් ඉතින් වෙනදට වර්ණයේ සතියට ලිපි තුනක් වැටෙනවාමනේ..

ඇත්තටම මොකෝ ලියන්නේ නැත්තේ.. වෙලාව නැතුවද?

අපෝ නෑ.. වෙලාව ඕන තරම් තියෙනවා..

එහෙනම් මොකද?

මෙකයි කාරණාව.. දැන් බුකියේ රස්තියාදු වෙන කාලේ වෙනදට වැඩිය සෑහෙන වැඩි වෙලා.. දැන් ඉතින් හිතයි කට්ටිය එක්ක චැට් කියලා.. මොන චැට්ද.. අපි මේ ගේම් ගහනවා.. ඉඩ ලැබුන ගමන් දුවලා යන්නේ ගේම් ගහන්න.. ඉස්සර බුකියේ ගේම් ගැහිල්ල තරම් එපා උන එකක් මට තිබ්බේම නෑ.. ඔය ඉදලා හිටලා පූල් ගේම් එකක් ගැහුවට වෙනනම් බුකියේ ගේම් නොගැහුව තරම්.. ඔය බාර්න්බඩී, ෆාර්ම්විල් එහෙම මට පෙන්නන්න බෑ.. ඒකට හරි යන්න දැන් ගේම් දෙකක පදිංචි වෙලාම වගේ ඉන්නේ.. එතකොට දැන් මොනවද ගහන්නේ?



මේක තමයි එකක්.. මේකනම් සිරාවටම ගති.. Criminal Case.. මම කොමත් මේ රහස් පරීක්ෂක සබ්ජට් එකට ඒ කාලේ ඉදන්ම කැමති.. කියෙවුවෙත් ශර්ලොක් හෝම්ස්, අගාතා ක්‍රිස්ටීන්ගේ පොත්.. බැළුවෙත් ඒ වගේම ෆිල්ම්.. ඒ හන්දමද මන්දා දැන් වැඩියෙන් ලියන්න ආසත් මගේ එරිකෝ හන්ටර් එක.. හරි හරි.. මං ගැන කිවුවා ඇති.. ගේම් එක ගැන කියන්නනේ ආවේ..

මේකෙදි අපිට Grimsboroughහි පොලිස් නිලාදාරියෙක් විදිහට තමයි කටයුතු කරන්න වෙන්නේ.. අපරාදයක් පස්සේ යද්දී අපිට නිතරම සහයට එන්නේ ජෝන්ස්.. ඊට පස්සේ අපි හොයන් එන තොරතුරු සමීක්ෂණය කරන්න අපේ කණ්ඩායමේ තව කීප දෙනෙක්ම ඉන්න.. මේ කට්ටියගේ උදවුවෙන් තමයි මේ ගේම් එක ගහන්න වෙන්නේ.. මේක ෆේස්බුක් ඇප්ලිකේෂන් එකක් උනාට හොද පරිඝණක ක්‍රීඩාවක තියෙන හැම හොද ගුණාංගයක්ම තියෙනවා කියලා කියන්න පුළුවන්.. මම ඉතින් ඉස්සර වරු ගනන් ගේම් ගහපු මනුස්සයනේ..

හැබැයි කොයි දේ කොහොම උනත් මේකේ පොඩි අවුකලට තියෙන්නේ අපේ එනර්ජි බාර් එක ඉක්මනට ඉවර වෙන එක.. එක එක clue හොයන් යන්න අනිවාර්‍යෙන්ම ස්ටාර්ස් ඕන.. මේ ස්ටාර්ස් හොයා ගන්නනම් එනර්ජි ඕන.. ඔන්න ඕක තමා තියෙන අවුල.. එනර්ජි බාර් එක සම්පූර්ණ පිරුනම තියෙන්නෙත් එනර්ජි 110යි.. එක clue එකක් හොයන් යන්න එනර්ජි 20ක් ඕන.. ඉතින් හිතන්න පුළුවන්නේ.. ඊට පස්සේ ඉතින් එනර්ජි බාර් එක පිරෙනකන් ඉන්න ඕන.. හැබැයි ඉතින් අපි ඉක්මනට Level පාස් කරන් යනවනම් එනර්ජිත් ඉක්මනට පිරෙනවා.. හැබැයි ඒක හිතන තරම් ලේසි වැඩකුත් නෙමෙයි.. 




මදාරා මටත් මේක හොයලා දිලා ගේම් එක ගහන්න ගනිද්දි මගේ බුකියේ යාළුවෝ කවුරුවත් නෑ මේක ගහන්න.. අහ් නෑ හිටියා.. අපේ මානවකයයි මකුළු පැංචි හිටියා.. මදාරයි මකුළු පැංචි තමයි මම ගේම් එකක් ගහන්න ගනිද්දි Clue හොයලා වැඩිම ළකුණු අරන් Gold Crown එක අරන් හිටියේ.. හැබැයි ඉතින් දැන් එයාලට ඒක නැති එක වෙනම කතාවක්.. ඊට පස්සේ සෙට් උනේ අපේ ගිම්න් නිවන්නා අයියා.. ගිමන් අයියා නම් දොස්තර කම පැත්තක දාලා මේකම ගහනවද කොහේද.. සෑහෙන ඉක්මනට 3 අපරාධය වෙනකම්ම ඇවිත්.. සතුටුයි ඈ.. ඊට පස්සේ ඕකට මේ ලගදිම අල්ල ගත්තේ අපේ නලිනි චන්දිමා අක්කව.. එයාට ඇන්ග්‍රීබර්ඩ් ගහන්න බෑ කියද්දි මම ලින්ක් එක දීලා එයාවත් මේකට පොළඹවා ගත්තා..

මේක කොච්චර දිගද නම් දන්නේ නෑ.. මට පේන්න තියෙන හැටියට Level 80කුත් අපරාධ 19කුත් තියෙනවා විසදන්න.. ලේසි නෑ වගේ.. අපි දෙන්නම ඉන්නේ තාම 3 වෙනි කේස් එකේ.. මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේනම් ඉස්සරහම ඉන්නේ මකුළු පැංචි.. එයා 6 වෙනි කේස් එක දැන් හැන්ඩ්ල් කරන්නේ.. කෝම උනත් ගේම් එකනම් මරු.. වෙලාව යනවා දැනෙන්නේ නෑ.. අර එනර්ජි කේස් එක නැත්නම් තවත් ශෝක්..

ඊට පස්සේ ගහන්නේ මෙන්න මේක.. ඒ තමයි Royal Story.. මේකත් නිකන් Tangled ෆිල්ම් එක වගේ තමයි.. කෙල්ලයි කොල්ලයි ඒ වගේ.. හැබැයි මේකනම් ටිකක් අර බාර්න්බඩී, ෆාර්ම්විල් වගේ තමයි.. වගා කරන්න, සත්තු ඇති කරන්න ගෙවල් හද්දන්න, පාන් පෝරණු දාන්න එක එක වැඩ කෝටියයි.. පැත්තක පීන පීන ඉන්න ඉබ්බෙකුයි, අගුටු මිට්ටෙකුයි, නාකි මන්තර කාරයෙක් වගේ මිනිහෙකුයි එක එක ඒවා කරන්නයි කියලා ඕඩර්ස් දෙනවා.. ඒවා කම්ප්ලීට් කරන්න තමා තියෙන්නේ.. කලින් කිවුව ගේම් එකේ එනර්ජි ඉවර උනාම මේකට පනිනවා.. හැබැයි මේකෙත් ඒ ටිකම තමා.. 



හැබැයි කලින් ගේම් එකේ වගේ මේකේ බුකියේ අපි දන්න කවුරුවත්ම සෙල්ලම් කරන්නේ නෑ.. හෙහ්.. ඉන්නේ අපි දෙන්න විතරයි.. හැබැයි ඒකේ අවුලක් නෑ.. පොඩි අප්සට් එකකට තියෙන්නේ මේකේ නම් අනිවාර්‍යෙන් අනික් යාළුවන්ගෙන් උදවු ඉල්ලනන් වෙලා තියෙන එක.. ඒක ඉතින් ගේම් එකේම එක කොටසක් තමා.. හැබැයි එක යාළුවෙක්ගෙන් දවසට එක පාරලු උදවු ඉල්ලන්න පුළුවන්.. ඕකේ ඉන්නවා පොඩි වහු පැටියෙක්.. ඌ ලොකු වෙන්න තුන් පාරක් කිරි පොවන්න ඕන.. ඒකත් යාළුවන්ගෙන් ඉල්ලගෙන.. ඉතින් අපි දෙන්නා විතරක් ඉන්න ගේම් එකේ අපි අපෙන්ම උදවු ඉල්ලන් ඒකා ලොකු කරන්න දවස් තුනක් ගියේ නෑලු ඉතින්..

ඔන්න ඔහොමයි සිද්ද වෙන්නේ.. දැන් නිදහසක් ලැබුන ගමන් දුවන්නේ ඒකට.. හැබැයි ඒ කොම උනත් බ්ලොග් කියවීමවත් ලිවීමවත් අත ඇරලා නෑ.. කියවීමනම් ඉතින් කට්ටියගේ පෝස්‍ට් දවසක් විතර පහු වෙලාලු කියවන්නේ.. ඒත් ඉතින් කියවනවනේ අමතක නොකර.. එහෙම හොදයිනේ නේ.. ඔය කිවුව දෙකේම එනර්ජි නැති උනාම තමා බ්ලොග් මතක් වෙන්නේ.. ඉතින් ඒ වෙලාවට එක්කො ලියනවා නැත්නම් කියවනවා.. එහේ මෙහේ පැන පැන එරිකෝ හන්ටර් - The Flaying Man එකයි වාදකයා කෙටි කතාවයිත් ලියනවලු.. ඒවා හෙමීට දෙන්නම් හොදේ.. දැන් බිසී නේ සෑහෙන්න.. අහ් අහරේ එනර්ජි පිරිලා ඇති.. මම ගියා එහෙනම්..

හා හා.. දැන් ඉතින් කාට්ටිය කියන්න එපා මුං පොඩි උන් වගේ සෙල්ලම කියලා.. අර මාරයාට බුකියේ පදිංචි වෙලා ඇන්ග්‍රීබ්‍ර්ඩ් ගහන්න පුළුවන්නම් අපි මේවා ගැහුවම මොකෝ වෙන්නේ.. ;-)



43 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. හී හි.. ඔවු ඔවු රාජ්‍ය රහස්.. මේවටත් මොනා කියයිද දන්නේ නෑ ඉතින්.. හෙහ්..

      අහ් පණුවත් ඉන්නවද.. මම දැක්කේ නෑනේ ඒ..

      Delete
  2. හප්පා මගේ ෆේස්බුක් එකේ ගේම් රික්වෙස්ට් තරම් එපා කරපු දෙයක් තවත් නෑ

    ReplyDelete
    Replies
    1. ඒ උනාට මේ criminal case ගහපං බං.. ඒක ගති..

      Delete
  3. දැන්නෙ රහස එලිවුනේ..අපි මෙහේ බලාන ඉන්නවා කතන්දර කියවන්න..ඒ අතරේ මෙයාලා ගේම් ගහනවා..කැතයි මල්ලි වැඩේ..!!හික්ස්..

    ReplyDelete
    Replies
    1. හී හී.. ටිකක් වෙනසකටත් එක්ක සෙල්ලම් කලේ අක්කේ.. හා හා ඉක්මනට කතා ටික ලියන්නම්..

      Delete
  4. අඩේ ලින්ක් එක්කම දැම්මනම් අපිත් ගහනවනේ..

    ReplyDelete
    Replies
    1. අහ්,, මේක බුකියේ හොයා ගන්න ලේසියි..

      Delete
  5. අනේ ඔන්න ඕවා පැත්තකට දාලා කතාවක් ලියහන් අයියේ.... :

    ReplyDelete
    Replies
    1. හා බං.. ටිකක් ඉවසලා ඉදින්කෝ..

      Delete
    2. නුවන්7 April 2013 at 02:22

      සිරාවට. ගේම් ගහලම හරි යන්නේ නෑ බං.

      Delete
  6. ම්ම්ම්.. මන්දා මමත් නම් ගේමර් කෙනෙක්. ඔන්ලයින් ලෙසටම සෙල්ලම් කලේ Ogame එකයි ඒ වගේම තව දුපත් වල ගේම් එකකුයි. ඊට වඩා නෑ. ඒත් පීසී ගේම් නම් පන්න පන්න සෙල්ලම් කළා. අදටත් කැමතියි. ඒත් දැන් PS3 ගේම් තමා වැඩිපුර සෙල්ලම් කරන්නේ. ඒකෙ ඔන්ලයින් එක මරු. ඒත් ෆේස්බුක් ගේම් වලට සෙල්ලම් කලේ බාන් බඩී එහෙම. ඒත් සෑහෙන කලකට කලින්. ඕකට වෙලාවක් නෑ නේ. ඒ හින්දා ඇබ්බැහිය වැඩිවෙනවා මට. ඇයි ඉතිං නිතර දෙවේලම නෙට් එකේමනේ.

    ReplyDelete
    Replies
    1. ඔන්ලයින් මාත් සෙල්ලම් කරනවා අඩුයි අයියේ.. මාත් වැඩි හරියක් පීසී ඒවා තමයි.. හැබැයි ඒකත් අළුතින් ආව එකක් වත් ගහන්න උනේ නෑ.. වෙලාවක් නැති කමට.. ඉස්සරනම් GAMESTRAILER.COM එකේ මම හැමදාම වගේ..

      Delete
    2. නුවන්7 April 2013 at 02:23

      GAMESTRAILER.COM මටත් දවසකට එක පාරක් වත් නොගියොත් වැඩක් නෑ බං.

      Delete
  7. වෙලාවට මේ ගැන මම වැඩිය දන්නෙ නැහැ..යොමු වෙලත් නැහැ... ඒක නිසා නොදන්න ගේම් ගහන්න ඕනිම නැහැ මට නම්.. :-p

    ReplyDelete
    Replies
    1. හෆ්ෆේ එහෙම කියන්න එපා අක්කේ.. එක්කො කමක් නෑ.. නැත්නම් හැමෝම ගේම් ගහන්න ගත්තම ලියන්නේ නෑ කියලා බැනුම් අහන්න වෙන්නේ..

      Delete
  8. අහෝ දෙවියනේ....මේ ව්‍යයසනේ මට බෝ නොවේවා...මාව මේකෙන් ගලවා ගනිත්වා.....
    නිකමට හරි ඕකට එබුනොත් මට කෑම බිමත් අමතක වෙනවා...

    ReplyDelete
    Replies
    1. අහ් එහෙනම් උඹට ටික්වෙස්ට් එකක් දාලා මේකට ඇදලා ගන්නම ඕන..

      Delete
    2. නුවන්7 April 2013 at 02:23

      මූ හොදට ඉන්න උන්වත් ඇදලා ගන්න යන්නේ.

      Delete
  9. Criminal case නම් නියම ගේම් එක. :D මමත් මේ ඇබ්බැහි වෙලා ඉන්නේ. :)

    ReplyDelete
    Replies
    1. මෙන්න හොද ළමයි..

      Delete
  10. ගේම් ගහන එකත් ආතල් නේ....

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා.. ඔළුව ටිකක් ෆ්‍රී වෙනවනේ මොනා නැතත්..

      Delete
  11. මමත් පන දාගෙන ඔකේ ගේම් ගහපු කාලයක් තිබුනා. අනේ දැන්නම් පළාතේ යන්න හිතෙන්නේ නෑ නේ

    ReplyDelete
    Replies
    1. ලොකුව බුකියේ හොයාගන්නත් කොච්චර මැසේජ් දාන්න ඕනද.. උයා ගේම් ගහන්නේ නෑ කියලනම් දැන් ශුවර්..

      Delete
  12. නියම පොස්ට්ටුවක්.කලාතුරකින් වැටෙන ලිපියක්. ස්තුතියි දැනුවත් කිරීම පිලිබදව.ගේම් හොද ඇති කියලා හිතනවා.

    ReplyDelete
    Replies
    1. නම වෙනස් වෙලා.. කමෙන්ට් එක පබ්ලිශ් දාද්දි මන් ඒත් බැලූවා කවුද කියලා..

      Delete
  13. //දැන් බිසී නේ සෑහෙන්න.. අහ් අහරේ එනර්ජි පිරිලා ඇති.. මම ගියා එහෙනම්..// මෙහෙමත් උනන්දුවක්.. :D

    මං නම් ගේම් වලට ආසම නෑ බං.

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි ඉතින්.. ;)

      මන් නම් ඉස්සර ඉදන්ම එල්ලිලා හිටියා බං. දැන්නම් වෙලාවක් නෑ ඇත්තටම..

      Delete
  14. මේ කොල්ලන්ට ගෙම්ස් ගහනව කිව්වොත් වෙන වැඩක් නෑනෙ...කමක් නෑ ඉතින් තාම පොඩි මල්ලියෙක්නෙ..:P

    ReplyDelete
    Replies
    1. ඒකනේ නදිනි අක්කේ කියන්නේ.. තාම මේ සෙල්ලම් කරන කාලෙනේ.. ;)

      Delete
  15. අපි දැන් බුකියෙ නෑනේ. අපරාආආආආදෙ. :(

    ReplyDelete
  16. දිනේශ් මල්ලි කාලෙට වටින පෝස්ට් එකක්නෙ දාල තියෙන්නෙ!
    ඔන්න ගිමන්හලේ මුකුත් නොලියවෙන්න හේතුවත් ඔක්කොමල දැන ගන්න ඇති. ඒකට වගකිවයුත්තා වෙන්නෙත් මල්ලි තමා. මතකද බුකියේ ස්ටේටස් එකක් දැම්ම මරු ගේම් එකක් කියල, ඒක දැකල මාත් පොඩ්ඩක් ට්‍රයි කරල බැලුවා. ඒ පටන් ගත්තාමයි තාමත් ගැලවිල්ලක් නෑ. කමක් නෑ සීමාවාසිකය හම්බවෙන්නත් ලඟයි. එතකල් තමා ඉතින් ඔක්කොම සෙල්ලම්. කොහොම වුනත් අපූරු ගේම් එක :D

    ReplyDelete
  17. බුකියේ ගේම්වලට නම් එච්ච්ර කැමති නැති වුනාට detective case වලට නම් කැමතියි. බ්ලොග් කෙරුවාව ටිකක් එපා වෙලා ඉන්න එකේ බලන්න ඕන මේකවත් පොඩ්ඩක් try කරලා

    ReplyDelete
  18. අෆ්ෆා..... සෑහෙන්න කාලෙකින්!!!! මම අද තමා බ්ලොග් පැත්තෙ කරක්ගහන්න ආවෙ.. :) මම කැමතිම දෙයක් ගැන ලිපියක්!!

    මේ දවස් වල ඔය Criminal Case ගේම් එක පිස්සුවෙන් වගේ ප්ලේ කරන අය අතරේ කෙනෙක් තමා මමත් :D මේ විභාගෙ අස්සෙත්, හැමදාම දවසට දෙපාරක් Energy bar එක ෆුල් වෙනකම් ඉදලා ප්ලේ කරන්න තරම් පිස්සුයි!! ඒක ශෝක් ගේම් එක. හුඟාක් අය ප්ලේ කරනවා දැන්.. :) බ්ලොග්, කවි, කතා ඔක්කොම අමතක වෙලා මටනම්...

    කොහොමහරි දිගටම බ්ලොග් එකෙත් කතා ලියන්න අයියේ. නැත්තම් වෙනමම කේස් එකක් වෙනවා එක මෙ බ්ලොග් එක හැමදාම කියවන අයට :D

    ReplyDelete
  19. නුවන්7 April 2013 at 02:21

    ඒක තමයි උඹව දැන් වැඩිය පේන්න නැත්තේ.. හා හා ක්‍රිමිනල් නම් ඉතින් උඹට හොදට සෙට් වෙනවා.. උඹ ඉස්සර ඉදන්ම කැමතී නේ..

    ReplyDelete
  20. අනේ මන්දා ෆේස්බුක් ගේම්ස් මට අල්ලන්නේම නැහැ

    ReplyDelete
  21. ඒක නෙමෙයි, ඔයා නිසා කෙල්ලෝ දස දහස් ගාණක් නැති වුණ ඔයාගේ අයියා අපි දන්න කියන ප්‍රසිද්ධ ලේඛකයෙක් ද? අන්තිම නම ටිකක් ප්‍රසිද්ධ නිසා ඇහුවේ, හොඳ ද? නිතර ඔයාගේ ලිපි කියෙව්වත් අද තමයි ඔන්න කමෙන්ටුවක් දැම්මේ. පොඩි ආරාධනයක් කරන්නත් එක්ක, මේ අලුත් අවුරුද්දේ හා හා පුරා කියලා ඇවිත් යනව ද මම කුළුදුලේ පටන් ගත්ත ‍බ්ලොග් එකට,
    http://sondurumanpetha.blogspot.com/

    ReplyDelete
  22. ඔය ගේම් ප්ලේ කරන වෙලාවටත් වෙලාව ගත වෙනවා දැනෙන්නේ නෑ. ඒකත් කාලය කන වැඩක්

    ReplyDelete
  23. ගේම් ගහනවා තියා මට මගේ බ්ලොග් පෝස්ට් එහෙකට කමෙන්ට් වලට රිප්ලයි කරගන්න වෙලා නෑ...

    ReplyDelete
  24. මම නං තාම මේක ප්ලේ කරලා නැ දැන් සෙට් වෙන්න බලන්නං. ඉඩ ලැබෙන විදියට තමා ඔන්න.. මට උදව් අවශ්‍ය වෙනවා.
    ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
    මම සමකය වටේ ලියන නලින්

    ReplyDelete
  25. ගේම් එකේ ලිංකුවත් එවන්නකෝ

    ReplyDelete
  26. ඔබ ඇතුලු පවුලේ සැමටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..!!

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්