Monday, 1 April 2013

දහඩියෙන් බොදවුන පෙම් හසුන ( ඉස්කෝලේ කතා 14 )

පන්ති කට් කරලා අහම්බෙන් වගේ බෝට්ටු පදින්න ගිය සිද්දිය මතක ඇතිනේ කට්ටියට.. ඊට පස්සේ ඉස්කෝලේ ගිය දවසේ ඉදන් කලින් ඉස්කෝලේ හිටිය නංගී නෙමෙයි හිටියේ.. කොයිවෙලෙත් ඇනයක් වෙනකන් කියවන කෙල්ලෙක්.. කියවිල්ල කෝහොමද කියනවනම් වැඩි දවසක් යන්න කලින් ඒ පන්තියම දන්නවා බොට්ටු පැද්ද කතාව.. ඒ පන්ති අහලකින් වත් මට ටික දවසක් යන්න බැරුව හිටියේ.. හෙඩ් ප්‍රිෆෙක්ට් බව ඇත්ත.. ඒත් ඉතින් ඔය පොඩි උන් විහිළු කලා කියලා උන්ට බැනලා වැඩක් නෑනේ.. ඒ හන්දම හුඟක් වෙලාවට ඕනම එකෙක් මට ඕනම විහිළුවක් කලා.. අපේ පන්තියේ උන් ඇරෙන්න අනික් උන් ඒකට ලිමිට් එකක් තියා ගත්තා හැබැයි..

ටික දවසක් යද්දි මට උදේ කෑම දවල් කෑම එහෙම ඒ නංගී ගානේ වැරදුනේ එහෙම නෑ.. A/L කාලේ මගේ අතේ සල්ලි ඉතුරු උනානම් ඒ ඉස්කෝලේ කෙල්ලෝ ගෙනත් දෙන ඒවම කාලා.. මගේ සල්ලි වියදන් වෙන්නෙම නැති ගානයි.. ඔය කෑම ගේන ලිස්ට් එකේ දෙතුන් දෙනෙක්ම ඉදියා.. මේ නංගී ඇරුනම ඊට පස්සේ හිටියේ කපුටා පස්සේ යාළු කර ගත්ත කෙල්ල.. ඒ කතා තව පස්සට එන හන්දා ඒවා ඒ එක්කම වගේ කියන්නම්..

ඔය කතන්දර ඔහොම යන අතරේ තව ලවු එකක් හොදට නැගලා ගියා.. ඒ වෙන කාගෙවත් නෙමෙයි.. අපේ ලොක්කගේ.. මං ඒක දන්න බව දැන ගත්තට පස්සේ ලොක්කා අපේ සෙක්ෂන් පැත්තේ පස් පෑගුවේ නෑ.. මාත් ඒක කාටවත්ම නොකියා හිටිය හන්දා අපේ උන්ටත් පුදුමයි වෙනදා දඬයමේ එන මනුස්සයා දැන් නොඑන්නේ මොකද කියලා.. කෝම උනත් ඒකත් මාරම ෆන්.. අපේ එකෙක් හොර ගල් අහුලලා ලොක්කට මාට්ටු උනත් නිකන් දැක්කේ නෑ වගේ යනවා.. මට උනත් කලින් නම කියලා කතා කරපු ලොක්කා අසන්ත පුතේ කියලා කතා කරන්න ගත්තා.. ඒකත් මරු..

ඔය ඔක්කොම අස්සේ ආවේ ගුරු දිනය.. උත්සව සංවිදානය ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.. සංවිදානයත් එක්කම යන අයිස් පාර හන්දා දවසම පන්තියෙන් එලියේ.. පන්තියෙන් විතරක් නෙමෙයි ඉස්කොලෙනුත් එලියේ.. අරවා ගේන්න ගියා මේවා ගේන්න ගියා කිවුවම කවුරුවත් හොයන්නෙත් නෑ.. ඒ පිටින් දාලා ඒ දවස් ටිකේ අපි දවල්ට කෑවේ ඉස්කෝලේ එහා පැත්තේ තිබුන චයිනීස් එකට ගිහින්ලු.. හරි ඒවා වැඩක් නෑ.. ගුරු දිනේට එමුකෝ..

ගුරු දිනේ සංවිදාන වැඩ වලදි කට්ටිය බෙදද්දි මේ නංගි වැටුනේ මගේ කණ්ඩායමට.. අහ් වගකිමෙන් කියන්නේ කට්ටිය බෙදුවේ මම නෙමෙයි... මේ නංගියි මගේ පන්තියෙම තව කෙල්ලො දෙන්නෙකුයි තව සිනියර් කොල්ලෙකුයි තමයි මගේ සෙට් එකේ හිටියේ.. වැඩ පිටින් දාගෙන දවසම මම හිටියේ එළියේ.. මම කොමත් පන්තියේ ඉන්නවනම් ඒ වැස්ස දවසක තමා කියලා අපේ පන්තිබාර මිසුත් දවසක් කිවුවා.. ඒ කතාවනම් සම්පූර්ණ ඇත්ත..

ඔය යන ගමන් බිමන් වලදි වැඩි හරියක් මාත් එක්ක ගියේ මේ නංගි තමයි.. ගුරු දිනේ ඉවර වෙනකම්ම වගේ මම කොතනද නංගී එතන වගේ සීන් එක තමයි තිබ්බේ.. හැබැයි ඉතින් ස්ටාෆ් එකේ කීප දෙනෙකුත් අසන්ත ඔය කෙල්ල එක්කම මොකෝ කියලා ඇහුවෙත් නෑලු.. ඒත් අනික් හැමෝටම කපු කම් කලාට මම තනිකඩ කියලා දැනන් හිටිය අය හිටපු හන්දා මට අවුලක් නම් උනේ නෑ.. අනික ඉතින් ලොක්කා.. ඒකගේ හොරේ අතේ මාට්ටු හන්දා මාත් ශේප් එකේ හිටියා..

ගුරු දින, ළමා දින වගේ එක එක උත්සව හුඟාක් ගෙවිලා ගියා.. මොකක් හරි එක උත්සවේකදි ඇරෙන්න අනික් හැම එකකදිම නංගී සෙට් උනේ මටලු.. අර මිස් උනා කිවුව එකෙත් මම පස්සේ කට්ටිය එහාට මෙහාට දාලා මගේ කාණ්ඩෙට ගත්තෙ නෑලු ඉතින්.. කොහොමහරි ඔය විදිහට දවස් ගෙවිලා ගියා.. O/L විභාගේ දවසුත් ලං උනා.. නංගී හිටියේ ඒ අවුරුද්දේ විභාගේ ලියන්න.. O/L කට්ටියට අන්තිම මාස දෙක විතර ප්‍රිෆෙක්ට්ස් වැඩ වලින් අයින් කරන එක සාමාන්‍ය සිරිත හන්දා අන්තිම ටිකේ මට ඒ නංගී එක්ක කිසිම වැඩක් කරන්න උනේ නෑ.. ඒත් එයානම් පුළුවන් වෙලාවට ඇවිත් හෙල්ප් කරපු වෙලාවල් තිබ්බා..

කොහොම හරි දවස් ගෙවිලා ගියා.. එයාලගේ ඉස්කෝලේ අන්තිම දවසත් ආවා.. එදා ඉතින් අපිත් ඒ අවුරුද්දේ ඉස්කෝලේ යන අන්තිම දවස හන්දා ඉස්කෝලෙන් ඉක්මනට පැනලා ගිහින් සෙට් වෙන්න හිටිය වැඩේට ලෑස්ති වෙලා තමයි හිටියේ... අපේ පන්තිය තිබ්බ බිල්ඩින් එකේ පඩි පෙල ලගට වෙලා මායි අපේ කොල්ලො ටිකයි කතාවක් දාන් ඉද්දි නංගී ආවා..

අසන්ත අයියේ, .මට ටිකක් කතා කරන්න ඕන..”

සෙට් එක මැද්දෙදි එක පාරම මෙයා එහෙම කිවුවම අනිත් උනුත් මගේ දිහා බැලුවා.. වෙනදත් ඉතින් කයිය ගහන හන්දා මාත් ගානක් නැතුව ගියා මොකද කියලා දැන ගන්න.. පඩි පෙල උඩට නැගලා ආවම අපේ පන්ති හරියේ තියෙන කොරිඩෝ එකේ නංගි හිටියා.. පුරුදු විදිහටම මමත් මොකද කියලා බලද්දි කෙල්ල මුකුත් නොකියම මට ලියුමක් අතට දීලා බැහැලා ගියා.. වෙනදට ඉවරයක් නැතුව කියවන එක්කෙනා අද මේකක් දීලා ගියේ මොකද කියලා හිතලා ලියුම බලන්න හද්දිම අපේ පන්තියේ ඉදලා එකවුන්ට් සර් එනවා දැක්ක හන්දා මම ඒක එහෙමම සාක්කුවට දා ගත්තා..

දවස ටික ටික ගෙවිලා ගියා.. එදා අන්තිම දවස හන්දා අපි ඉස්කෝලෙන් පස්සේ දාන පාටිය ගැන සිහියෙන් හිටියේ.. අපේ ඉස්කෝලේ ගාවම හිටිය කොල්ලගේ ගෙදරට අපි හැමෝම එදාට සෙට් වෙන එක අනිවාර්ය දෙයක්.. කොල්ලො විතරක් නෙමෙයි අපේ පන්තියේ කෙල්ලො ටිකත් එහෙ එනවා.. හා හා දැන් කවුරුවත් වැරදි එවුවා මෙවුවා හිතන්න එපා.. ඒ ගෙදර වැඩිහිටියෝ නිතරම ඉන්න ගෙදරක්.. හැබැයි හොරාට බොන එක වෙනම කතාවක්..

ඉතින් ඒ වැඩ වලට ඔක්කොම ලෑස්ති කරන් ඉස්කොලේ ඇරෙනකන් බලන් හිටිය සිහියට අර ලියුම අමතකම වෙලා ගියා.. එදා දවසටම මම O/L සෙට් එකටම සුභ පතන්න ගිය වෙලාවේදි ඇරෙන්න නංගී මාත් එක්ක වචනයක්වත් කතා කලේ නෑ.. මටත් ඉතින් ඒක ගැන හිතන්න වෙලාවක් තිබුනේ නෑ.. කොම හරි ඉස්කෝලේ ඇරුන ගමන් දිවුවා අරුන්ගේ ගෙදරට.. ගිහින් පටන් ගත්තා අපේ සුපුරුදු සාජ්ජය.. ඉස්කෝලේ ගාවම තිබ්බ වයිනීස් එකෙන් ඕඩර් කරන් ආව ඒවා කාලා බීලා සින්දු කියලා නටලා ෆුල් ෆන් එකේ හවස් වරුවම ගෙවලා දැම්මා..

හවස හතරට විතර අපේ සාජ්ජේ ඉවර කරලා අපි හැමෝම සතුටු සිතින් විසිර යන්න ආවා.. විසිර යනවා කිවුවට ඉතින් පහුවදා ඉදන් සෙට් වෙලා රස්තියාදුවේ යන එක වෙනම කතාවක්.. එකා දෙන්නා මාරු වෙද්දි මාත් යන්න නැගිටලා අරුන්ගේ වොශ්රූම් එකට ගියා මූණ ටිකක් හොදගෙනම යන්න.. මූණ හෝදගෙන පිහදාන්න ලේන්සුව ගන්න සාක්කුවට අත දාද්දි අහු වෙනවා කොලයක්.. මලා.. එතකොටයි මතක් උනේ මට ලියුම.. ඒක ලාවට දාඩියට තෙමිලත් එක්ක.. මම එහෙමම ඉදන් ලියුම කියුවා.. ඒක සෑහෙන්න දිගයි.. මට දැන් නම් ඒකේ තිබ්බ සමහර ඒවා මතක නෑ.. මතක කාරණා දැන් ලියන්න බෑ.. කොම හරි ලියුම එක හුස්මට කියවගෙන ආවා.. ඒකේ අන්තිමේ මෙන්න මෙහෙම තිබුනා..

අයියේ, පුළුවන්නම් ඔයා යන්න කලින් මාත් එක්ක ටිකක් කතා කරලා යන්න.. මම ඔයා එනකන් ඉන්නම්..”

එතකොටයි මට මතක් උනේ.. මම කට්ටිය එක්ක එද්දි නංගී මං යන එන දිහාම බලාගෙන හිටියා නේද කියලා.. මොනා උනත් පවු වැඩේ.. හැබැයි එදා ඒ මම නංගිව දැක්ක අන්තිම දවස උනා.. එයා O/L පාස් වෙලා වෙන ඉස්කෝලෙකට ගියා.. අස්වීම් ගන්න ඉස්කෝලෙට ඇවිත් තිබුනා උනත් මොනා හරි හේතු නිසා මම ඉස්කෝලේ නොහිටියයින් හම්බුවෙන එක මග අරුනා..

ඉතින් ඔන්න ඔහොමලු ඒ කතාවට උනේ.. ලියුම් සම්බණ්ද වැඩ වලදී මම අතිශය අසාර්ථකයි කියලා පොඩි කාලේ ඉදන් ඉතිහාසය විසින් ඔප්පු කරපු තුන් වෙනි වතාව ඕක.. කලින් දෙක මතක ඇති කියලා හිතනවා..

අති විශේෂයි : මේ වර්ණ බ්ලොග් එකට ලියන අන්තිම ලිපියයි.. මේ සමුගැන්මක් බලාපොරොත්තු නොවුනම මොහොතක්.. හැමදාම ආව හැමෝටම හුඟාක් ස්තූතියි.. ඉඩ ලැබුන වෙලාවක හැමෝටම ස්තූති කරලා ලිපියක් දාන්නම්..



74 comments:

  1. ඒ මොකද මේ අන්තිම ලිපිය කිව්වේ අද මෝඩයාගේ දවස නිසාද? කතාව නම් ටිකක් සංවේදියි. කිව්වට මොකද බොල මමත් ඔහොම තමයි ලියුම් කේස් වලදී මටත් ලියුම් අරහං

    ReplyDelete
    Replies
    1. අහ් උබත් මං වගේද.. කියලා වැඩක් නෑ බං ඒකනම්.. හොද වෙලාවට මම අරයා එක්ක ලියුම් දෙන්න නොගියේ..

      Delete
  2. අනේ පව් අර ගෑනු ලමයා...

    ඔය අන්තිම ලිපිය කතාව අද කීදෙනෙක්ගෙන් ඇහුවද මන්දා...:)
    අපි ඉතින් අද ඕවට අහුවෙන්නේ නෑලු.:D

    ReplyDelete
    Replies
    1. හී හී.. මගේ අමතක වීම තමයි ඉතින්.. මොනා කරන්න්ද..

      Delete
  3. ෂැහ්! අපරාදේ

    ReplyDelete
    Replies
    1. චාන්ස් එක නේ..

      Delete
  4. අනේ..ඒක කටින්ම කිව්වනම් ඉවරයි නේ බං...ශික්! උඹේ චාන්ස් එක! ;)

    ReplyDelete
    Replies
    1. ඒකනේ බං කියන්නේ.. ඔච්චර කියවපු එක්කෙනා ඒකත් කිවුවනම් ඉවරනේ..

      Delete
  5. අඩෙ අපරාදේ බං ලියුම. උබට ලියුම් අපලයි වගේ.

    ReplyDelete
    Replies
    1. සිරාවට බං.. මට විතරක් නෙමෙයි මට කියලා ලියුම් දෙන උන්ටත් අපලයි වගේ..

      Delete
    2. නුවන්2 April 2013 at 01:08

      උබට ලියුම් දුන්න උනුයි, ලියුම් උදවු ඉල්ලපු උනුයි ඔක්කොම පවු.

      Delete
    3. හෙහ්. එහෙම කියන්න එපා බං..

      Delete
  6. අයියෝ හැමෝම එකමදේ කියලනේ අපිව අන්දන්න හදන්නේ...

    ReplyDelete
    Replies
    1. ඒකනේ මුන්ට වෙන බොරු ඇත්තෙම නැහැනේ..

      Delete
  7. උපන්දිනේ දවසේවත් බොරු නොකිය හිටු.
    මම කිව්වේ අර ප.ලි ගැන

    ReplyDelete
    Replies
    1. ++++ කියන්න හදපු දේ ප්‍රමුදි කියලනේ..

      Delete
    2. ප්‍රමුදි, එහෙනම් උඹටත් සුභ උපන්දිනයක් ඈ..

      Delete
    3. ලිහිණි අක්කේ.. එහෙනම් උයාටත් එසේම වේවා..

      Delete
    4. නුවන්2 April 2013 at 01:08

      හික් හික්. ආයෙත් අහලා.

      Delete
    5. ඔක්කොම එකයි බලාගෙන යද්දි..

      Delete
  8. hiks. uba kaloth ohomamai ithin.

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ..

      Delete
  9. අයියට ලියුම් අපලයි නෙ...

    ReplyDelete
    Replies
    1. හෙහ්.. මුල ඉදන්ම වැරදුනානේ මලයා.. ඒකයි අවුල..

      Delete
    2. නුවන්2 April 2013 at 01:09

      පළවෙනි එක හරියට දුන්නනම් මෙහෙම දේවල් පස්සේ වෙන්නේ නෑ.

      Delete
    3. ආයෙත් අහලා.. මොනා කරන්නද ඉතින්..

      Delete
  10. අතට ලැබුණු දේ චහ්

    ReplyDelete
    Replies
    1. කටේ නොදා සාක්කුවේ දැම්මයින් අප්සට් උනා..

      Delete
  11. ඔය 121 වෙනි අන්තිම ලියුමද ?

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. නෑ නෑ මේ තුන් වෙනි අන්තිම එකම තමා..

      Delete
  12. ලෝක විනාසෙට කලින් දවසෙත් කිව්වනෙ මේ ලියන අවසන් ලිපියයි කියලා.....
    නැත්නම් පරණ පෙම් පුරාණ මතක් කරන්න ගිහින් සිහින මදාරගෙන් අම්බානකට කන්න වෙන නිසාද දන්නෙත් නෑ... (ලොල්ස්)

    ReplyDelete
    Replies
    1. අඩේ මම එහෙම කිවුවද බං..

      හා හා.. භයාකනක් කතා මතක් කරන්න එපා බං ඉතින්..

      Delete
  13. මුත් බර්ත්ඩේ සමරනවා !

    ReplyDelete
    Replies
    1. ඇයි උඹ සැමරුවේ නැද්ද බං..

      Delete
  14. අපරාදේ "ප්‍රථම ප්‍රේමයයි බොදව ගියේ"..........

    ReplyDelete
    Replies
    1. අහ් නෑ නෑ.. රත්නායක අයියේ.. ප්‍රථම නෙමෙයි..

      Delete
  15. අර කුතුහලය කියන දේවත් පොඩ්ඩක්වත් තිබ්බෙ නැද්ද හැබෑටම? කොහොම වුනත් කමක් ඒ නියම හිමිකාරිය නොවන නිසා වෙන්න ඇති ඔහොම වෙන්න ඇත්තෙ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඒක තිබ්බේ නෑනේ.. මොකො හිටියේ පාටියේ සිහියෙන්නේ.. ඒකනේ අවුල උනේ.. ඔවු ඔවු හිමි කාරි හම්බුනේ ඊට අවුරුදු 6කට පස්සෙනේ..

      Delete
    2. නුවන්2 April 2013 at 01:10

      ඒ දවස් වල පාටි සුපිරි ඈ.

      Delete
    3. නුඹට තාම මතකයි වගේ..

      Delete
  16. ලියුම් සම්බන්දව මලයා මිට වඩා සැලකිලිමත් උනානම් හොදයි වගේ මට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත.. ඒත් දැන් ඉතින් වැඩක් නෑනේ.. ඒ හන්දා අවුලක් නෑ..

      Delete
    2. නුවන්2 April 2013 at 01:11

      දැන් සැලිකිලිමත් වෙලා ලෙඩ දා ගන්න එපා.

      Delete
    3. හෙහ්, එහෙම ලෙඩ වැටෙන්නේ නෑ..

      Delete
    4. නුවන්3 April 2013 at 00:55

      එහෙනම් එල

      Delete
  17. හපෝ ඔහොමත් ලියුම් අමතක වෙනවද කොල්ලෙක් උනාම..හිහි. පව් වැඩේ කොහොම උනත්.

    ඒක නෙමේ අප්‍රේල් පළවෙනිදට කරන්න වෙන විහිලු ඇත්තෙම නැද්ද කට්ටියට

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද ලොකු, පොඩි කාලේ ඉදන්ම තිබ්බ අවුලනේ ඉතින්.. තාම එහෙම තමා..

      Delete
  18. නුවන්2 April 2013 at 01:07

    අඩෝ උඹ නම් පිස්සෙක් බං.. අපරාදේ චාන්ස් එක. ඒත් ඉතින් දැන් මේ ගැන වැඩිය මුකුත් කියන්න යන එක හොද නැති හන්දා නිකන් ඉන්නම්.

    ReplyDelete
    Replies
    1. ඒ චාන්ස් එක ගියා බං.. එවුවා එහෙම තමයි.. දැන් මේ ඊට වඩා හොද කෙනෙක් ඉන්නේ..

      Delete
    2. නුවන්3 April 2013 at 00:51

      අනිවා අනිවා. දැන් ඉතින් ඕවා වැඩක් නෑනේ.

      Delete
  19. අයියෝ මෙහෙමත් කොල්ලෝ, අඩුගානේ ඒ කාලෙවත් ඕවා මතක තියෙන්න ඕනිනේ...

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද නදිනි අක්කේ.. අමතක වීම තමා ඉතින්..

      Delete
  20. අමතකවීමේ රෝගය ඒ කාලෙ තදින්ම තිබිල වගේ නේද?

    ReplyDelete
    Replies
    1. අපොයි ඔවු.. දැනුත් ටිකක් තියෙනවා..

      Delete
  21. ලියන්න කතා තව තියනවා කියල මුලින් ඉතුරු කරලා අන්තිමට කියන මේ හරුපේ තේරුම මොකක්ද ඈ

    ReplyDelete
    Replies
    1. මොන හරුපෙද බං? මට මතක නෑ..

      Delete
  22. මේකත් පචයක්ද කොහෙද ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අනේ පල.. උඹ දැම්මා කියලා දැක්කනම් මම ඒක දාන්නෙත් නෑ.. කොහේද ඉතින්..

      Delete
  23. පව් බං කෙල්ල.......!

    තොපි ඔක්කොම එකයි..(මම කිව්වෙ දැන් ගොඩක් එවුන්ගෙ අන්තිම ලිපියලු.)
    අනේ හොඳා ඔන්නොහේ හවසට ෂොට් එකක්දාල නිදී ගත්තෑකි..නිදිමරාගෙන ලැප කන්නැතිව.

    ReplyDelete
    Replies
    1. අන්න දැක්කනේ.. අපි ඉතින් උඹලට නිදා ගන්න වෙලාව දෙන්න හදද්දිත් බනිනවනේ ඉතින්.. නවත්තන්නෙම නෑ..

      Delete
  24. කෙස් ගහෙන් මිසින්..! අර කෙල්ල පව්...

    මේ මගේ අන්තිම කමෙන්ටුව... :D :D

    ReplyDelete
    Replies
    1. ඒ කෙල්ල දැන් ඒක එහෙම උන එක ගැන සතුටු ඇති.. හික්ස්..

      අඩේ ආයෙම වරෙන් බං..

      Delete
  25. දැන් අපි පළවෙනිදා පහුවෙලා ආව නිසා බොරුවට අහු වෙන්නේ නෑනේ?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ දැන් අහු වෙන්නේ නෑ..

      Delete
  26. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. හා හා.. මෙයා බලන්නකෝ.. සෙට් වෙච්ච පාටිය ගැන උයා දන්නවනේ ඒ.. ඒ වෙලාවට මේවා මතක තීනවයි..

      Delete
  27. හපොයි මේ මෝඩ ළමයෙක්..අච්චර දිග පෙම් හසුනක් ලියලා දීලත් වැඩේ කාගත්තනේ..

    ඇත්තටම දිනේශ්ට ඒ ගෑනු ළමයාගැන හිතක් තිබුනේ නැද්ද? දැන් ඉතින් ඕක අහලා වැඩකුත් නෑ..!!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම තිබුනේ නෑනේ රූ අක්කේ.. ඒකනේ මට ඒක අමතකම වෙලා ගියේ..

      Delete
  28. මොනව උනත් ඒ කෙල්ල ගැන එච්චරම හැඟීමක් තිබිලා නෑ වගේ... එහෙම තිබුණා නම් ලියුම බලන්නෙ කොයි වෙලාවෙද කියල හිත හිතානෙ ඉන්නෙ....එතකොට අනිත් වැඩ කැලේ... කෙල්ල පව් හැබැයි... ඒ ළමයට මොනව හිතෙන්න ඇත්ද, ඔයා වගේ වගක් නැතුව අනිත් අයත් එක්ක යන්න යනකොට....

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත අක්කේ.. මම දැක්කා මං දිහා බලන් ඉන්නවා.. ලියුම කියෙවුවනම් ඉතින් එහෙම එන්නේ නෑනේ මම..

      Delete
  29. Great post. I used to be checking constantly this weblog and I am inspired!
    Very useful info specifically the final phase :) I deal with such information a lot.
    I used to be seeking this particular information for a long time.

    Thank you and best of luck.

    my web site; sian

    ReplyDelete
  30. I wanted to thank you for this excellent read!! I definitely loved every bit
    of it. I have you bookmarked to look at new things you post…

    Also visit my weblog hostgator review

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්