Monday, 25 March 2013

එරිකෝ හන්ටර් - Psycho Photographer 4

දිගු පුටුව මත හිදගෙන සිම්රන් ගෙනවිත් දුන් ලියුම් කවරය දෙස බලා උන් එරිකෝ කිසිවක් කියා ගන්නට නොහැකිව ඈ දෙස මොහොතක් බලාගෙන සිටියේය... ඈ හමු වුන කෙටි කලෙට කෙදිනකවත් ඈ තුලින් දැක නොතිබුන පරාජී හැගීමක් ඇගෙන් දැක ගනන්නට වීම එරිකෝගේ හිතට වේදනාවක් ගෙන දෙන්නක් විය.. අතට ගත් ලියුම් කවරය විවර නොකරම පසෙකින් තැබූ එරිකෝ ගිණි උදුන සමීපයේ උන් ඈ අසලට විත් නැවතුනේ කවදාවත් නැති නිහැඬියාවක් ඈ තුල රැදී තිබුන නිසාවෙනි..



හැමදෙයක්ම ඉක්මනට විසදමු සිම්රන්..”



ඔවු එරිකෝ..”



බලාපොරොත්තු නොවුන සිදුවීම් පෙලක් ඈ වටා සිදුවෙමින් තිබියදී ඈ මොහොතකට අහම්බෙන් මෙන් ගමන් කරන්නට ඇරඹි මාවත ගැන නොසතුටක් සිතුනමුත් එය එරිකෝට පෙනෙන්නට නොදී සඟවා ගන්නට තරම් ඈ ශක්තිමත් වූවාය..



ඔයාට කියන්න විස්තර හුඟාක් තියෙනවා..”



ඒ මොනවද?”



ඈ ලගම වූ අසුනක හිදගත් එරිකෝ උදෑසන සිට සිදුවූ මෙන්ම ඔහු දුටු සෑම දෙයක්ම එකින් එක ඈට විස්තර කරන්නට විය.. විසදන්නට ආ අපරාද පරීක්ෂණය දැන් තමන්ගේම එකක් සේ දැනෙද්දී ඈ හැම දෙයක්ම හොද අවදානයකින් අසාගෙන සිටියාය..



එතකොට ඔයා කියන විදිහට එවෙලේ මිසිස් කැති ලග තිබුනෙත් මේ වගේම ලියුම් කවරයක්..”



ඔවු.. ඒත්, සිම්රන්ට මේ ලියුම ලැබුනා කියන වෙලාවත් එක්ක මේක මිසිස් කැතී ලග තිබුන එකම කියලා අපිට හිතන්න බැරි වෙනවා..”



ඒක එයාගේ පිටපතක් වෙන්න බැරිද?”



පුළුවන්.. ඒත් ඒ වගේ දෙයක් ලග තියාගෙන කිසිම කෙනෙක් එහෙම නිදහසේ හැසිරෙන්නේ නෑ.. ඒත් මම මිසිස් කැතීව දැක්ක විදිහටනම් එහෙම දෙයක් ගැන දැනගෙන හිටිය බවක් තේරුණේ නෑ..”



අපි ඊළගට මොකද කරන්නේ?”



අපි මිසිස් කැතී ගැනයි හැරල් ගැනයි තව ටිකක් අවදානයෙන් ඉමු.. අපි බලාපොරොත්තු වෙන ඉක්මනින් මේක අවසන් කරන්න බැරි වෙයි සිම්රන්..”



වෙනදා නිතරම දකින්නට තිබුන සිනාමුසු මුහුණ ඇගෙන් තරමක් ඈත්ව තිබුනත් එරිකෝට එය පෙනෙන්නට ඉඩ නොතබාම ඈ ඇගේ චායාරූප හා ලැබුන ලිපිය කීපවරක්ම කියවන්නට වූයේ කුමක් හෝ හෝඩුවාවක් ලැබේවියි අරමුනිණි.. සිම්රන්ගේ හුදෙකලාවට ඉඩ දුන් එරිකෝ ගෙවත්තට වී තම සිතුවිළි අතරම තනි වුනේ ඉක්මනින්ම හැම දෙයක්ම විසදා දැමිය යුතු වූ හෙයිනි..



හැරල් වෙතත් කැතී මහත්මිය වෙතත් ඔවුන් ගැන සැක කරන්නට තරම් හේතු උන කරුණු දිගේ එරිකෝගේ හිත තනිවම දුවන්නට විය.. එකිනෙක හා බැදුන යදම් පුරුක් දිගේ හැම දෙයක්ම හිතින් ගලපාගෙන ආමුත් එක් අඩුවක් හැම වෙලාවකම එරිකෝගේ හිතට දැනෙන්නට විය.. ඒ කවුරුන් විය හැකිදැයි නිතරම එරිකෝ ඔහුගේ හිතින්ම ඇසුවත් සැකය හැර වෙන කිසිවක් ඔහුගේ හිත තුල ඉතිරි නොවීය..



…..........................................



දින කීපයක් යන තුරුම පැවති නිහඬතාව එරිකෝගේත් සිම්රන්ගේත් හිත් වල නොසන්සුන් බව බොහෝ සෙයින් වැඩි කලේය.. චායාරූප හා ලැබුන ලිපියට අමතරව වෙනත් කිසිම යමක් ගෙවුන දින කීපයේම නොලැබීම එරිකෝගේ හිතට තවත් කුතුහලයක් විය.. හැරල් හා බැදි මිතුදම ගෙවුන දින වල වැඩි කරගන්නට සමත් වුන එරිකෝට තමන් සිතූ තරම් කැතී මහත්මිය හා සුහද වන්නට නොලැබීම කනස්සලට හේතුවක් විය..



සැදෑවට ලං වෙමින් තිබූ මොහොතක නිවස ඉදිරියේ වූ මාවත දිගේ සිතුවිළි අතරේ තනිවෙමින් ඇවිදන් ආ එරිකෝට කැතී මහත්මියව ඇගේ නිවස ඉදිරියේදි මුණ ගැහුනේ අහම්බෙන් මෙනි..



සුභ සන්ද්‍යාවක් මිස්ටර් රිචර්ඩ්..”



අහ් මිසිස් කැතී.. සුභ සන්ද්‍යාවක්.. මම එක පාරම දැක්කේ නෑ..”



මට හිතුනා.. කොහොමත් මිස්ටර් රිචර්ඩ් ආපු දවස් වලට වඩා වෙනස්.. ඔය ගෙදරට ආව හැමෝටම වගේ මිස්ටර් රිචර්ඩ්ටත් ටික දවසකින් සතුට නැති වෙලා ගිහින් වගේ..”



මොහොතකින් එරිකෝගේ හිතේ හොල්මන් කල සිතුවිලි පහව යන්නට තරම් ඇගේ කතාව ප්‍රමාණවත් විය.. එරිකෝ ඈ දෙස බැළුවේ ඈ කී කිසිවක් තේරුම් ගැනීමට නොහැකි පරිද්දෙනි..



ඇයි මිසිස් කැතී එහෙම කිවුවේ..”



නෑ මිස්ටර් රිචර්ඩ්, කාලයක් තිස්සේ ඔය ගෙදරට නවතින්න එන හුඟාක් අයව මම දැකලා තියෙනවා.. ඒ එන කවුරුවත් වැඩි කාලයක් රැදෙන්නේ නෑ.. හුඟක් වෙලාවට එන අය ආයෙම මෙහෙන් ඉක්මනට යන්න යන්නේ එයාලගේ සම්බන්දකමුත් අත ඇරලම..”



එහෙම වෙන්න මොකක් හරි ලොකු හේතුවක් තියෙනවද?”



ඒ ගැන හරියටම කියන්න දන්නේ නෑ මිස්‍ටර් රිචර්ඩ්.. ඒත් ඔබලටත් ප්‍රශ්ණ ඇති වෙලා වෙන් වෙන්න කලින් මෙහෙන් ගියොත් හොදයි කියලා මට හිතෙනවා..ඔය ගෙයි යක්ෂයෙක් ජීවත් වෙනවා..”



යක්ෂයෙක්.. මම ඒ දේවල් විශ්වාස කරන්නේ නෑ මිසිස් කැතී..”



මිස්ටර් රිචර්ඩ් ඉක්මනටම මම කියන දේ විශ්වාස කරාවි..”



වැඩි කතා බහකට එරිකෝ හා නොරැදුන කැතී මහත්මිය මාවත දිගේ ඇවිදන් යන දෙස එරිකෝ මදක් බලා සිටියේය.. යක්ෂයාගේ කතාව සම්පූර්ණයෙන්ම හිතින් බැහැර කලත් ඈ කී අනෙක් කාරණා ගැන නොසිතා ඉන්නට එරිකෝට නොහැකි විය.. පින්තූර හා සම්බණ්ද කුමක් හෝ දෙයක් ඈ දන්නවාදැයි කල්පනා කරමින් එරිකෝ නිවසට පැමිනෙද්දී ලෝරන්ස් මහත්මිය සිම්රන් සමග සිටිම බලාපොරොත්තු නොවූවක් වුවත් ඇගෙන් දැන ගන්නට බොහෝ දේ තිබුන නිසාම එය එරිකෝට පහසුවක් විය..



මිස්ටර් එරිකෝ.. තාම මේ දේ කරන්නේ කවුද කියන එක හොයා ගන්න බැරි උනාද?”



නැත්තෙමත් නෑ මිසිස් ලෝරන්ස්.. ඒත් තාම හරියටම ඒක ඔප්පු කර ගන්න බැරුව ඉන්නේ..”



කවුද මිස්ටර් එරිකො ඒ අපි හැමෝටම වදයක් උන මිනිහා?”



ඒක කියන්න දැන්ම ඉක්මන් වැඩියි මිසිස් ලෝරන්ස්.. මට ඊට කලින් දැන ගන්න දෙයක් තියෙනවා..”



අහන්න මිස්ටර් එරිකෝ..”



බිත්තියේ වූ ඔරලෝසුව දෙසත් සිම්රන් දෙසත් මොහොතක් බැලූ ඈ ඊට එකග වූවත් ඇය ඊට අකමැති බව මුහුණින් හොදටම පෙනෙන්නට විය..



මෙහේ කලින් නැවතිලා හිටිය අයට ඇරෙන්න වෙන කාටද මේ ප්‍රශ්ණෙම තිබුනේ?”



මාත් එක්ක ගමේ ගොඩක් දෙනෙක්ට මේ ප්‍රශ්ණය තියෙනවා..”



ගමේ වෙන කාටද?”



මිස්ටර් හැරල්ට, මිසිස් වෝනර්ට, එතකොට මිස්ටර් ජෝර්ජ්ට.. ඔවුන් ටික දවසකට කලින් මෙහෙන් ගියෙත් මේ ප්‍රශ්ණේ නිසාමයි..”



මේ ගෙදර කුලියට ආව හැමෝටම මේ ප්‍රශ්ණය ආවද?”



දන්න තරමින් නෑ.. කලින් හිටිය අය නිසා මේක දැන ගන්නකම් මම හිතන් හිටියේ මට විතරයි මේ ප්‍රශ්ණේ තියෙන්නේ කියලා..”



මිසිස් ලෝරන්ස්ගේ අකමැත්තක් නැත්නම් අපිට ඒ පින්තූර බලන්න පුළුවන්ද?”



ඒකනම් කරන්න බැහැ මිස්‍ටර් එරිකෝ.. ඒක මගේ පෞද්ගලිකත්වයට ප්‍රශ්ණයක්..”



ඔබ අකමැති පෞද්ගලිකත්වය නිසාද එහෙමත් නැත්නම් ඇත්තටම එහෙම පින්තූර නැති නිසාද?”



ඈ මොහොතක් එරිකෝ දෙස බලා සිටියේ පුදුමයෙනි.. ඈ මෙන්ම සිම්රන්ද හදිසියේම එරිකෝ ඇසු දෙයින් පුදුම වූ බව හොදින්ම පෙනෙන්නට විය..



ඇයි මිස්ටර් එරිකෝ එහෙම කතාවක් කිවුවේ?”



මිසිස් ලොරන්ස් ඔබ පිළිගන්න කැමතිද ගමේ හුඟාක් අයට මේ ප්‍රශ්ණේ තියෙනවා කියලා ඔබ මුල ඉදන්ම අපිට බොරු කිවුව බව..”



ඈ කිසිවක් කියා ගත නොහැකිව දිගටම කල්පනා කරන්නට විය.. ඈ ඇගේ දෙනෙත් ඔහුගෙන් සගවා ගන්නට උත්සාහ කරන බව එරිකෝට හොදින්ම තේරුම් ගියේය..



මේ හැම දෙයක් පිටිපස්සෙම ඉන්නේ මිසිස් ලෝරන්ස්.. ඔබට තියා ගමේ වෙන කාටවත් මේ ප්‍රශ්ණය නෑ.. දිගටම මේ ගෙදර කුලියට ආව අයට විතරයි මේ ප්‍රශ්ණය තිබුනේ.. ඔබයි ඔවුන්ගේ පින්තූර අරන් ඔවුන්ව අපහසුතාවට පත් කරලා මුදල් ගත්තේ.. මම හරි නේද?”



නැහැ ඒක බොරුවක්..”



පැවතුන නිහැඬියාව බිදිමින් ඈ පිළිතුරු දුන්නේ ඉහළ හඬිනි.. ඒ ඇගේ කෝපය අතරිනි.. එරිකෝගේ ප්‍රශ්ණ වලින් ඈ කලබල වූ බව ඇගේ හැසිරීමෙන් තේරුම් ගන්නට ඔවුන්ට අපහසු නොවීය..



මේක කරන්නේ ඔබයි කියලා ගමේ කීප දෙනෙක් ඔබව සැක කලා.. ඔබ මෙච්චර දුර ඉදලා මාවම හොයාගෙන ආවේ මේකට වෙන කාව හරි අහු කරන්න ඔබේ හිතේ තිබුන යටි අරමූණ නිසා.. ඔබට ඕන උනේ මිසිස් කැතීව මේකට වැරදිකාරයා කරන්න.. මිසිස් කැතීගේ වෙනස් හැසිරීම එක්ක ඔබට ඒක කරන්න පහසු වෙයි කියලයි ඔබ හිතුවේ.. හැරල්ගෙන් කැමරා ගැන ඔබ ඉගෙන ගත්තෙත් ඒ නිසාමයි.. අනික මේ ගෙදරට කුළියට එන අයට ඇරෙන්න ඇතුළු වෙන්න ඉඩ තියෙන්නේ ඔබට විතරයි.. එදා සාදය දවසේ අපි හැමෝටම හොරෙන් මේ ගෙදරට ඇවිත් ආයෙම වතාවක් කැමරාවක් සවි කලෙත් ඔබමයි..”



නිරුත්තර වූ ඇය එරිකෝ දෙස බලා සිටිනවා ඇරෙන්න වෙන කිසිම දෙයක් පවසන්නට උත්සාහ නොකලේය.. හිදගෙන උන් පුටුවෙන් නැගිටුනු ඇය නිවසින් පිටව යන්නට සැරසෙද්දී එරිකෝ නැවතත් සිය හඬ අවදි කලේය..



මිසිස් ලෝරන්ස් දැන් මෙතනින් පිටවෙලා ගියත් මට ඔබයි මේ හැමදේම කලේ කියලා සාක්ෂි ඇතුව නීතිය ඉදිරියේ ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්.. ඒ නිසා ඔබම මේ හැම දෙයක් ගැනම අපිට හරියට විස්තර කරනවනම් හොදයි කියලා මම හිතනවා..”



නිවසේ ඉදිරිපස දොර ලගට විත් නැවතුන ඇය ඇගේ කේන්තිය මදක් මැඩගන්නට උත්සාහ කලාය.. නමුත් ඊට අපොහොසත් උන ඈ එරිකෝ දෙසට විත් කෑ ගසන්නට වූයේ ඇගේ සැබෑ ස්වරූපය ඉස්මතු කරමින්ය..



ඔවු, මම තමයි ඒ හැමදේම කලේ.. උඹලට බොරු කියලා මෙහේ ගෙන්න ගත්තෙත් මම..”



ඒ ඇයි?”



සල්ලි එරිකෝ සල්ලි.. මේ වගේ දේවල් වලට ඕන තරම් සල්ලි දෙන්න බලාගෙන මිනිස්සු ඕන තරම් ඉන්නවා.. ඒක මම දැන ගත්තේ හැරල්ගෙන්.. හැරල් පත්තර්ට ගත්ත පින්තූර වලට සල්ලි ඕනම ගානක් දීලා අර ගන්න ලෑස්ති පිට ඕන තරම් මිනිස්සු හැරල්ව හොයාගෙන ආවා..”



ඒ හන්දා ඔබ හැරල්ගෙනම් කැමරා ගැන ඉගෙන ගෙන ගෙදරට කුලියට එන අයගෙ පින්තුර අරන් ඔවුන්ගෙන් කප්පම් අරන් යැපෙන්න පටන් ගත්තා.. ඒ ඔබේ තිබුන ණය බර නිසා මම හරි නේද?”



ඔවු.. මගේ සැමියා ජීවතුන් අතර ඉද්දී ගත්ත ණය වලට අන්තිමේ හිර උනේ මම.. ඔහුගෙන් කියලා ලැබෙන්න ආදායමක් තිබුනේ නෑ.. ඉතින් මට මේක කරන්න සිද්ද උනා.. ඒත් එරිකොට මේ දේවල් ඔප්පු කරන්න සාක්ෂි නෑ කියලා මම දන්නවා.. එරිකොට බෑ මාව නිතිය ඉදිරියේ වරදකාරයෙක් කරන්න..”



හ්ම්ම්.. මිසිස් ලෝරන්ස් හරි.. මට තිබුනේ සැකයක් විතරයි.. ඔප්පු කරන්න සාක්ෂි මම මෙහේ හිටපු හැම දවසකම වගේ හෙවුවා.. ඒත් වාසනාවකට වගේ මට ටිකකට කලින් ඒ හැම දෙයක්ම හම්බුනා..”



නෑ වෙන්න බෑ.. මම කිසිම සක්ෂියක් ඉතුරු කලේ නෑ..”



ඇත්ත.. මේක ඇරෙන්න..”



ලෝරන්ස් මහත්මිය මවිත කරමින් එරිකෝ ඔහුගේ ජංගම දුරකතයේ සටහන් වූ ඇගේ හඬ පටය ඈටම අසන්නට දුන්නේ ඇගේ කේන්තියත් ආවේගයත් මොහොතින් ඈටම අමතක කරවමිනි.. බලාපොරොත්තු නොවුන අයුරින් ඈ අතින්ම ඇගේ අපරාධයන්හී සාක්ෂිකරුවකු වීම දරා ගත නොහැක්කක් වුවත් ඈට කරන්නට කිසිවක් ඉතිරි නොවිනි...



සිම්රන් ප්‍රාන්ත පොලීසියට කතා කරන්න.. අපරාධය ගැන එක්කම අපරාධකාරයා ගැනත් පොලීසිය දැනුවත් කරන්න තියෙනවා..”



කේන්තියත් ආවේගයත් පහව ගිය ඈ මළාණික වූ පෙනුමකින් ඔවුන් දෙස බලා සිටියදි සිම්රන් ප්‍රාන්ත පොලීසියට ඇමතුමක් ගෙන සියල්ල ඔවුන්ට පැහැදිළි කලාය..



මිසිස් ලෝර්න්ස් මට එක දෙයක් කියන්න.. ඇයි ඔබ අපිවම හොයාගෙන ආවේ?”



ටික වේලාවක් රැදුන නිහැඬියාව අතරින් සිහින් හඬකින් කතවා පටන් ගත් ඈ හැම දෙයක්ම පවසන තුරු එරිකෝත් සිම්රනුත් බලා සිටියේය...



කලින් මෙහේ කුලියට හිටිය අය ඇරෙන්න අනිත් හැමෝම මගේ තර්ජනයට බය උනා.. ඒත් කලින් හිටිය තරුණ යුවල මේ දේවල් එච්චරම ගනන් ගත්ත අය නෙමෙයි... ඒ නිසා මට ඔවුන්ගේ පින්තූර හැමෝටම දීලා ඔවුන්ව බය කරන්න උනා.. ඒත් හැරල් එක්ක මගේ තිබුන කිට්ටු සම්බණ්දය නිසා හැරල්ට ටිකක් විතර මේ දේවල් ගැන ඉව වැටුනා.. හැරල් කීප වතාවක්ම මගෙන් මේ ගැන ඇහුවා.. මම ඔහුටත් කිවුවේ ඔබලට කිවුවා වගේම මගෙත් පින්තූර එවාලා තියෙනවා කියලා.. ඒත් ඒක ඔහු ඒ තරම්ම විශ්වාස කරපු බවක් පේන්න තිබුනේ නෑ.. ඒ අතර තමයි මට ලන්ඩන් වල ඉන්න මගේ හිතවතෙක්ගෙන් ඔබ ගැන අහන්න ලැබුනේ.. මමම ඇවිත් ඔබට මේදේ කියලා ටික කාලෙකට හරි මේ ගැන හොයන්න කෙනෙක් මෙහේ නවත්ත ගන්න මට ඕන උනා.. ඒත් ඊට කලින් මම මගේ හැම සාක්ෂියක්ම හැංගුවා.. මේ ගෙදර තිබුන හැම කැමරාවක්ම අයින් කලා.. මම බලාපොරොත්තු උනේ මේ දේ කරන්නේ කවුද කියන එක ඔබලාට හොයා ගන්න අමාරු කරලා ඔබලාව යවා ගන්න.. ඒත් මම නොහිතපු විදිහට මිසිස් කැතී ගැන ඔබලා සැක කරන බව ඔබලගේ කතා බහ හොරෙන් අහන් ඉද්දී මට තේරුණා.. ඒක මට වාසියක් උනා.. ඉතින් ඇයව මේකට වරදකාරයා කරන්න හිතාගෙන ඊට පස්සේ මම සැළසුම් ඇන්දා..”



එදා සාදය ඔබට ඒකට වාසියක් උනා.. අපේ අවදානය අනික් අය ලග තියෙද්දි ඔබ එදා ඇවිත් සිම්රන්ගේ කාමරේ කැමරාවක් හොරෙන් සවි කලා..”



හ්ම්ම් ඔවු..”



ඒ වගේම මිසිස් කැතීගේ අතට අපිට එවුවා වගේම ලියුම් කවරයක් දුන්නා.. ඔබ ඒක කලේ ඇය ගෙදරින් පිටතට එන වෙලාවක් බලාගෙන ඉදලා.. මොකද ඔබ දැනන් හිටියා ඇය අසල්වැසි ගෙවල් ගැන අවදානෙන් ඉදලා ආයෙම ඇගේ ගෙදරට යද්දි ටිකක් කල් වේලා යන බව.. ඒ කාලය ඇතුලත් අපි දෙන්නගෙන් එක්කෙනෙක් ඇයව ඒ ලියුම් කවරය එක්ක දකියි කියලා ඔබ බලාපොරොත්තු උනා..”



ඔවු.. හැම දෙයක්ම මම බලාපොරොත්තු වුන විදිහටම උනා..”



ඒත් ඔබට ඒක වසන් කරන් ඉන්න බැරි උනා.. සිම්රන්ගේ පින්තූර නොගත්තනම් මේක තාමත් අභිරහසක් වෙන්න ඉඩ තිබුනා..”



ඔවුන්ගේ කතාව මොහොතකට නතර වූයේ ප්‍රාන්ත පොලීසියේ නිල ර‍ථයක් ගෙමිදුලේ නවත්වන හඩිනි.. ඉන් නික්මුන් පොලිස් නිලදාරින් එරිකෝ නැවතී හිදි නිවසට ආ පසු සිදුවූ හැම දෙයක්ම එකින් එක ඔවුන්ට පැහැදිළි කල එරිකෝ ඇගේ නිවස පරීක්ෂාකර බලන මෙන්ද ඉල්ලීය.. පොලිස් කාන්තාව ඈ පොලිස් නිල රථයට නංවා ගනිද්දී ගමේ හැමෝම ඈ දෙස බලාගෙන සිටියේ සිදුවන කිසිම දෙයක් ගැන හරි හැටි දැන නොසිටි හෙයිනි..



පොලිස් නිල රථ පිටව යන දෙස බලා හිදි එරිකෝ නිවසට විත් තම සුපුරුදු දිගු පුටුවෙහි හිද ගනිද්දි සිම්රන් ඔහු ලගට විත් හිද ගත්තේ ප්‍රශ්ණ බොහෝමයකට පිළිතුරු අපේක්ෂාවෙන් බව එරිකෝට තේරුම් ගියේය..



එරිකෝ, ඔයාට කොහොමද මිසිස් ලොරන්ස් ගැන සැක හිතුනේ?”



මම හිතුවා සිම්රන් ඒ ගැන අහයි කියලා.. ඇත්තටම මට මෙහේ ඇවිත් ටික දවසක් යනකම් මිසිස් ලෝරන්ස් ගැන කිසිම සැකයක් තිබුනේ නෑ... මම හිතුවේ ඇයත් මේ අපරාධය නිසා දුක් විදින කෙනෙක් කියලා.. ඒත් මිසිස් ලෝරන්ස් ගැන මට මුලින්ම සැක හිතුනේ සාදය දවසෙදි.. ගමේ කාටවත් මිසිස් ලෝරන්ස් කිවුව විදිහේ ප්‍රශ්ණයක් නෑ කියලා ඔවුන් එක්ක කතා කරද්දිම තේරුණා.. අනික මිසිස් ලෝරන්ස්ගෙන් සිම්රන් පින්තූර ගැන අහපු වෙලාවේ කලින් හිටිය අයගේ පින්තූර ඉක්මනට පෙන්නුවේ ඇයි කියන එක ගැන මට එවෙලෙම සැකයක් ආවා..”



ඒත් මිසිස් ලෝරන්ස්ට එහෙම කරන්න උවමනා වෙන හේතුවක් පේන්න තිබුනේ නෑනේ එරිකෝ..”



ඒක ඇත්ත සිම්රන්.. ඒත් ඇය කියපු කාරණාව ඇත්ත.. හැරල් කරන දේවල් එක්ක ඔහුට ලැබෙන මුදල් දැක්කම මිසිස් ලෝරන්ස්ට එහෙම හිතෙන්න ඇති.. අනික් දේ තමයි හැරල් ගැනත් මිසිස් ලෝරන්ස් කියපු දේවල් බොරු.. හැරල්ට කිසිම වන්දියක් ගෙවන්න වෙලා රස්සාවෙන් අයින් වෙන්න සිද්ද වෙලා නෑ..”



හ්ම්ම්.. එතකොට මිසිස් කැති?”



අහ්.. මිසිස් කැති ගැන හිතන්න දෙයක් නෑ සිම්රන්.. ගොඩක් වයසකය අයට ඔය නේබර්හුඩ් වොචර් වැඩේ හම්බුනාම ඔවුන් අනිත් අයගේ පෞද්ගලික දේවල් පවා හොයන්න පෙලබෙනවා... ඒකයි මිසිස් කැතීටත් උනේ?”



ඒත් එයාගේ අසාමාන්‍ය හැසිරීම, එතකොට එරිකොම දැක්ක විදිහට මිස්ටර් ජෝර්ජ්ගේ ගෙවත්තේ නිතරම ගැවසුන එක, එදා රෑ ජනේලෙන් මගේ කාමරය දිහා බලන් හිටිය එක?”



මිසිස් කැති මල් ගැන හුඟාක් උනන්දු කෙනෙක්.. ඕනම තැනකට යන්න අවසරය තියෙන හන්දා මිසිසි කැතී නිතරම කරන්නේ අනිත් අයගේ ගෙවතු වල තියෙන මල් ගැන උනන්දු වෙන එක.. කවුරුවත් නැති නම් ඒවා එයා අරන් එනවා.. ඒක ඉතින් ඒ තරම්ම දඬුවම් දෙන්න වරදක් නෙමෙයි.. ඒත් මිසිස් කැතිගේ ඒ හැසිරීම මිසිස් ලෝරන්ස්ට වාසියක් උනා.. මිසිස් කැති නිතරම අපේ ගේ හරියට ආවේත් ඒ හන්දම තමයි.. මම දැක්කා මේ ගෙදර පිටි පස්සට වෙන්න ගෝස්ට් ඕර්කිඩ් මල් තියෙනවා.. මිසිස් කැති ආවේ ඒකට.. ඒ මල් දුර්ලභයි..”



එතකොට මිසිස් ලෝරන්ස් ගත්ත මගේ පින්තූර වලට මොනවා වෙයිද?”



ඒ ගැන බය වෙන්න එපා සිම්රන්.. ඒවා ප්‍රසිද්ධ නොවෙන්න මම හැම දෙයක්ම කරන්නම්.. අපිට එවපු එක ඇරෙන්න මිසිස් ලෝරන්ස් ලග මුල් පිටපත් ඇති.. අපි ඒවා අපේ ලගට ගමු..”



එරිකෝ වාඩි වී උන් දිගු පුටුව ආසන්නයේ වූ කුඩා ටීපෝව මත තවමත් තබා තිබුන ලියුම් කවරය එරිකෝ අතට ගත්තේ සිම්රන් දෙස බලමින් සිනහවක්ද පාමිනි.. ඒ සිනහව හදුන ගත් සිම්රන් ඉක්මනින් එරිකෝ අතින් එය රැගෙන ඇගේ කාමරය දෙසට යන්නට වූවාය..



ඔය මොකද කරන්නේ?”



ඔයාට මේක බලන්න ඕන නෑ..”



ඕක මේ නඬුවේ ලොකු සාක්ෂියක්..”



හා හා.. ඒ උනාට මේක මම ඇරෙන්න වෙන කවුරුවත් බලන්නේ නෑ..”



සිම්රන්ගේ කතාවට එරිකෝගේ මුවගට සිනහවක් නැගෙද්දී එරිකෝ ආලින්දයේ තැනින් තැන තිබු තම ලිපි ලේඛන සකසන්නට වූයේ නැවත ලන්ඩනයේ තම සුපුරුදු නිවසට යාමට කාලය එලබි නිසාවෙනි..




නිමි..


53 comments:

  1. අයියෝ දෙන්න සෙට් වුනේ නෑ නේ :/

    ReplyDelete
    Replies
    1. හැබෑටම උන් දෙන්නා සෙට් වෙනකන්ද බලන් හිටියේ ඈ?

      Delete
    2. නුවන්28 March 2013 at 01:24

      අපිත් බලන් හිටියේ දෙන්නා සෙට් වෙනකන් තමයි.

      Delete
    3. දැන්ම ඒ ගැන කිසිම අදහසක් නෑ මටනම්.

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු.. මේ එකක් තාම හිතමින් ඒ..

      Delete
  3. යේ....මගේ සැකය හරිනේ :D

    ReplyDelete
    Replies
    1. චාම්ස් මිසිස් ලෝරන්ස්ව සැක කරපු හැටිත් කිවුවනම්..

      Delete
  4. හ්ම්ම්.. නියමයි
    අපූරු කතාවක් :)

    ReplyDelete
    Replies
    1. සෑහෙන කාලෙකින් මෙයාව දැක්කේ..

      තැන්කූ තැන්කූ..

      Delete
  5. අඩේ දිනේෂ් අයියේ..මෙහ්..මුන් සේරමලා කතාකරේ සිංහලද? මට හෙන ප්‍රශ්නයක් අප්පා...

    ReplyDelete
    Replies
    1. අනේ අම්මපා මුන්ට එන ප්‍රශ්ණ.. ඕකනේ කරන්න බැරි..

      Delete
    2. නුවන්28 March 2013 at 01:25

      අපි කියෙවුවේ සිංහලෙන්නේ. හරියට පරිවර්ථනයක් වගේ.

      Delete
    3. හෙහ් හෙහ්.. තැන්කූ..

      Delete
  6. දැන් දෙන්නගේ තව වික්‍රමයක් එලියට දාමුනේ...:D

    ReplyDelete
    Replies
    1. හී හී ඔවු ඔවු.. ලබන මාසේ බලමු..

      Delete
  7. Replies
    1. තැන්කූ තැන්කූ..

      Delete
  8. Replies
    1. තැන්කූ වේවා..

      Delete
  9. හිතාගන්න බෑ ඕයි...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හිතා ගන්න මාරු හන්දන් බං මේක රහස් පරීක්ෂක කතාවක් කලේ.. දැන් උඹට මොනාද හිතා ගන්න බැරි කිය බලන්න..

      Delete
    2. නුවන්28 March 2013 at 01:25

      හිතාගන්න බැරි වෙන්න ලියපු එකම මදැයි බං.

      Delete
    3. එච්චරම හිතා ගන්න අමාරු උනාද හැබෑටම..

      Delete
  10. අනේ සොරි ලොකු මලයා..මුල ඉඳන්ම කියවල එන්න වෙයි වගේ. ඔක්කොම මිස් වෙලා නේ..

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඒකනේ.. ලොකු ආවේ නෑනේ.. කමක් නෑ ඒ හෙමීට කියවලා බලන්න..

      Delete
  11. සිරාවට ම දෙන්නා සෙට් වුනේ නෑනේ අෆ්ෆා. :( කතාව නං මරු ඒ වුනාට :)

    ReplyDelete
    Replies
    1. ඒක මේ කතාව අස්සේ යන පොඩි සිද්දීයක් විතරනේ.. ඒක උඩට අරන් හරි යන්නේ නෑනේ ඉතින්..

      Delete
  12. මොකක්ද අනේ මුං දෙන්නව සෙට් කරල දන්න කෝ...

    ReplyDelete
    Replies
    1. බෑ බෑ බං.. මේක ලවු සින් එකක් තියෙන කතාවක් නෙමෙයිනේ.. ඔන්න ඔහේ උන් දෙන්න හිටිය දෙන් පාඩුවේ..

      Delete
    2. නුවන්28 March 2013 at 01:27

      අඩෝ එහෙම කියන්න එපා. උන් දෙන්නව සෙට් කරලා දියන්. ඊලග එකේ ඒ කපුකමත් කරහන් බං.

      Delete
    3. යකෝ මුන්ගේ තර්ජන..

      Delete
  13. අලුත් විදිහක අභිරහසක්! නියමයි. මම නම් හිතුවෙ මේකෙදි නම් දෙන්න යාලු වෙයි කියල. :D

    ReplyDelete
    Replies
    1. හෆ්ෆේ බලන් යද්දි ඔක්කොම ආසාවෙන් ඉදලා තියෙන්නේ මුං දෙන්නා යාලු වෙනකන්නේ..

      Delete
  14. මේ කතාව ටිකක් අමතක වුණා. ඒත් බටහිර පරිවරත්නයක රසවත්කම නම් හැම කොටසෙම වගේ මේ කොටසෙත් කියෙනවා

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. මේක මගේ අළුත් උත්සායක් හන්දා ටික අඩු පාඩු වෙනවා ඇති දයානන්ද අයියේ.. ඊළග ඒවයේදී උපරිම දෙන්න මම පොරින්දු වෙනවා..

      Delete
    2. නුවන්28 March 2013 at 01:27

      කොහොමත් ලියද්දිනේ බං අත්දැකිම් ඇවිත් වැරදි මග හැරෙන්නේ. අපි බලමු ඊළග එකත්.

      Delete
    3. ඒක ඇත්ත.. අපි බලමුකෝ..

      Delete
  15. හොඳ කතාවක්. ඒත් මේකෙදිවත් මේ දෙන්නා සෙට් වුණේ නෑනේ.

    ReplyDelete
    Replies
    1. මේ දෙන්නව තාම සෙට් කරන්න මගේ අදහසක් නෑ ඇත්තටම..

      Delete
  16. නුවන්28 March 2013 at 01:24

    එන්න ටිකක් පරක්කු උනා බං. අඩෝ කතාව සිරා. හිතුවේ නෑනේ ලෝරන්ස්ම මේකට සෙට් වෙයි කියලා. එක අතකට මිනිස්සු විශ්වාස කරන්න බෑ කියන එකට මේකත් උදාහරණයක් බං.

    කතාව එල. තව එකක් ලියමු.

    ReplyDelete
    Replies
    1. මිනිස්සු විවිදාකරයි කියනවනේ බං.. සල්ලි ලගදි මිනිස්සු වෙනස් වෙනවා.. ඒකයි ඇත්ත..

      Delete
  17. අපි ඊළඟ එපිසෝඩ් එක එනකම් බලා ඉන්නවා දිනේෂ්..මේ කතාව අනිත් හැම කතාවකටම වැඩිය රසයි...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි රූ අක්කේ.. ඊළග එපිසෝඩ් එක ඉක්මනට දෙන්නම්.. මේ ටිකේ ඒක ගැනත් හිතමින් ඉන්නේ..

      Delete
  18. Kalekin awe. Malli hondin sathuten athai sithami. Katha okkoma kiyawala ennam.

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම් කුමාරි අක්කේ.. මම හොදින් ඉන්නවා.. හරි අක්කේ.. හෙමීට කියවන් එන්න..

      Delete
  19. ඔන්න වන් ශොට් ඇදලා දැම්මා.. නියමයි දිනේශ්..අවංකවම සතුටුයි අපි අතර මේ වගේ රහස් පරීක්ෂක කතා ලියන්නෙක් ඉන්න එක ගැන..

    දැන් උඹටත් මේවා උස්සන එක වලක්වන්න මොකක් හරි කරන්න වෙයි.. නැත්නම් එරිකෝටවත් බැරිවෙයි ඒකට පිළියමක් හොයාගන්න..

    තව ටිකක් ලියලා ඉක්මනට පොතක් ගහලා මේ ඩබලව බහුතර පාඨකයාට හඳුන්වා දුන්නනම් හොඳයි. එතකොට මේ චරිතවල අයිතියත් නිකන්ම තහවුරු වෙනවනෙ.. කවුද දන්නෙ දිනේශුත් කොනන්ඩොයිල් වගේ සාර්ථක නිර්මාණ කාරයෙක් වෙයිද කියලා..

    අරුන් දෙන්නනම් කොමල කර කර ඉන්නවා විතරයි වගේ.. :D

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සෙන්නා අයියේ මේ වචන වලට.. ඉස්සරහට වර්ණය හුඟාක් වෙනස් වේවි..

      කතා ගැනනම් අයියා කිවුව දේ ඇත්ත.. උස්සන එක වලක්ව ගන්න හරි අමාරුයි නේ.. පොතක් ගැන අදහස තියෙනවා.. ඒක ගැන බලන්න ඕන ලංකාවට ආවම..

      උන් දෙන්නා ඔන්න ඔහේ කොමල කර කර හිටපු දෙන් නේ ටික කාලයක්..

      Delete
  20. දිගට යන කතාවක් නේද.. ඉන්නකෝ හිමීට මුල ඉඳල එනකල්.

    ReplyDelete
    Replies
    1. අහ්.. ලියලා ඉවරයි චන්දන.. මේ අන්තිම කොටස.. නිදහසේ කියවන් එමු එහනම්..

      Delete
    2. ඔන්න කියවල ඉවර කළා. ඊයේ හදිසියේ නේ බැලුවේ.

      මාත් හිතුවේ දෙන්නා සෙට් වෙයි කියල.. හ්ම් හ්ම්ම්.. කමක් නෑ. ආයේ ලියමුකො මෙහෙම තව කතාවක්.

      Delete
  21. හරිම ලස්සනයි අයියේ, මන් මේ blog එක දැක්කේ අහම්බෙන්. ඔයාගේ කතා හරිම ලස්සනයි තව ලස්සනට ලියන්න. මේ කතාව Sherlock Holms ගේ කතාවක් වගේ.ඊටත් වඩා ලස්සනයි ..

    ReplyDelete
  22. හරිම ලස්සනයි අයියේ, sherlock holms කතාවකටත් වඩා ලස්සනයි.

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්