Wednesday, 20 March 2013

එරිකෝ හන්ටර් - Psycho Photographer 2

නින්දත් නොනින්දත් අතර ගෙවුන රැය පුරාවටම සිම්රන්ගේ හිත තිබුනේ රාත්‍රියේ වූ සිදූවීම අතරේය.. ඈ කවුරුන් වෙන්නට ඇත්දැයි නිදි නොමැති වූ රැය පුරාම අදුර අතරින් දෑස් දල්වාගෙන ඈ සිතන්නට විය.. උදෑසන හයේ කණිසම නිවසේ ඔරලෝසුවේ නාද වෙද්දී ඇදෙන් නික්මුන සිම්රන් ඉක්මනින් සූදානම් වූයේ මේ අභිරහස ඉක්මනින්ම විසදීමට එරිකෝට සහාය වීමේ අරමුණිනි..



සිම්රන්, ඔයා ලෑස්තිද?”



ඔව්.. ටිකක් ඉන්න මේ එනවා..”



උදෑසන සීතල ඇගට නොදැනෙන තරමේ ඇදුමින් සැරසුන එරිකෝ ඈ සූදානම්ව එනතුරු නිවසින් පිටතට වී බලාගෙන සිටියේය..



ගුඩ් මෝර්නින්ග් රිචර්ඩ්..”



ගුඩ් මෝර්නින්ග් සිම්රන්..”



මුවගට නැගුන සිනහවත් සමග එරිකෝ පිළිතුරු දුන්නේ ඈ ඔහු කියූ හැම දෙයක්ම හොදින් මතකයේ තියාගෙන තිබු නිසාවෙනි..



සිම්රන්ට ඊයේ රෑ නින්ද ගිහින් නැති පාටයි..”



පොඩ්ඩක්වත් නෑ.. මම හැම වෙලේම කල්පනා කලේ රෑ වුන සිද්දිය ගැන..”



හරි අපි ඒක ගැනත් හෙමීට බලමු.. දැන් අපි යමුකෝ..”



නිවසේ සිට පාර දෙසට වූ මාවත දිගේ හෙමින් ඇවිදන් එන අතර වාරයේ එරිකෝගේ දෑස් යොමු වූයේ පෙරදා රාත්‍රියේ අන්දකාරයේ නොපෙනී තිබුන ගෙවත්ත දෙසටය.. කවුරුන් හෝ තම අසලම සිටි බව දැනුන ෆයිනස් ගස් අතර දෙස බොහොම උවමනාවෙන් ඔහු බැළුවේ කිසියම් සළකුණක් වේයැයි අපේක්ෂාවෙනි.. නමුත් අපිළිවෙලට තිබූ ගෙවත්ත තුල එසේ සියුම් දෙයක් දෑසට නතු කර ගැනීම එරිකෝට අපහසු කාර්යක් විය..



නිවසේ ප්‍රධාන ගේට්ටුව අසලට එන තුරුම සෑම දෙයක් දෙසම බොහොම උවමනාවෙන් බලමින් ආ එරිකෝගේ සියුම් ඇස ඉන් මොහොතකට මිදුනේ ගේට්ටුවෙන් ඇතුළට එමින් සිටි ලෝරන්ස් මහත්මිය දැකීමෙනි..



ගුඩ් මෝර්නින්ග් මිසිස් ලෝරන්ස්.. උදේම ඇවිදින්නවත් ගියාද?”



අහ් නැහැ.. මම මේ ග්‍රොසරි එකට ගිහින් එන්න ගියා වුවමනා කරන බඩු වගයක් අරන් එන්න..”



ඇයි මිසිස් ලෝර්න්ස්ට සේවකයෝ නැද්ද?”



ඉන්නවා.. ඒත් හුඟාක් වෙලාවට ඒ වැඩ වලට යන්නේ මම ම තමයි..”



රිචර්ඩ්..”



එතෙක් වේලා නිහඬව සිටි සිම්රන් එරිකෝගේ අතින් අල්ලාගෙන කලබල වූ හැගීමකින් ගේට්ටුව දෙස බැළුවේ ඉන් ඇතුලට ආ තරමක් මහළු කාන්තාව එරිකෝටද පෙන්වමිනි..



අහ් ඔව් සිම්රන් අපිට පරක්කු වෙනවනේ.. අපි යමු..”



සිම්රන් මුහුණෙහි වූ හැඟීම් මොහොතින් වෙනස් කරමින් එරිකෝ වෙනමම දෙයක් පැවසීම ඇයට මුලින්ම හිතාගන්නට නොහැකි විය.. ඈ ඒ නිසාම එරිකෝ දෙස බලා සිටියේ පුදුමයෙන් මෙන්ය.. සිම්රන්ට මෙන්ම ගෙමිදුලෙහි කතා කරමින් උන් ඔවුන්ව දැකිම ඒ මහළු කාන්තාවටද බලාපොරොත්තු නොවුන සිදුවීමක් බව ඇගේ මුහුණින්ද හොදින්ම පෙනෙන්නට විය..



අහ් මිස්ටර් රිචඩ් මේ මිසිස් කැතී.. අර පාර එහා පැත්තේ පේන ගෙදර ඉන්නේ මිසිස් කැතී තමයි.. මිසිස් කැතී, මේ මිස්ටර් ඇන්ඩ් මිසිස් රිචඩ් ඇල්ෆෙක්.. මගේ අලූත් කුළි නිවැසියෝ..”



හදුනා ගැනීම සතුටක් මිසිස් කැති..”



මටත්..”



ඇය වෙවුලන සුළු කටහඩින් යාන්තමින් කතා කරද්දී ඇගේ දෑස හෙමින් යොමු වුනේ සිම්රන් දෙසටය..



මිසිස් කැතී අපිට සමාවෙන්න අපි දැන් යන්න ඕන.. ව්‍යායාම වලට හොදම වෙලාව මේක තමයි..”



ඔවුන්ගෙන් ඉක්මනින් සමුගත් එරිකෝ හා සිම්රන් ගේට්ටුවෙන් පිටව මාවත දිගේ ඇවිදන් ගියේ කැතී මහත්මියගේ නිවස පසු කරමිනි.. ඒ යන අතර වාරයේ ඇගේ නිවස දෙස ඕනෑකමින් බලන්නට එරිකෝ අමතක නොකලේය..



සිම්රන් ඊයේ රෑ දැක්කේ මිසිස් කැතීව නේද?”



ඔව්.. ඔයා කොහොමද ඒක හරියටම දැන ගත්තේ ?”



සිම්රන් හැසිරුන විදිහෙන් මට ඒක තේරුණා.. ඒත් සිම්රන් ඇයව හදුන ගත්ත බව තේරුම් යන්න ඉඩ තියන්න එපා..”



ඒ ඇයි ?”



අපි හොයන් ආව අපරාධකාරයා මිසිස් කැති වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.. ඊයේ රෑ සිද්දියෙන් අපි ඇයව අදුන ගත්තා කියන එක එයාට තේරුණොත් අපිට මේ කරන් යන වැඩේ මීට වඩා අමාරු වෙන්න පුළුවන්.. ඒ හන්දා සිම්රන් ඒ බවක් නොදැනෙන්න වැඩ කරන්න..”



හරි මට තේරුණා..”



අපිට මිසිස් කැතී ගැන ටිකක් වැඩි අවදානයක් දෙන්න වෙයි.. ඒත් ඒක සිම්රන් කරන්න යන්න එපා.. මම ඒකට පිළියමක් යොදන්නම්..”



සමහරවිට මිසිස් කැතී ආයෙම නොඑන්නත් පුළුවන්..”



එහෙම වෙන්න බැරි කමක් නෑ.. ඒත් අපි බලමු..”



කැති මහත්මියගේ නිවස පසු කර යන අතර වාරයේ හමුවූ බොහෝමයක් නිවෙස් දෙස එරිකෝ බොහොම උවමනාවෙන් බලමින් ඇවිදන් ගියේ හැමෝවම දැන අදුන ගැනිම බොහෝම වැදගත් වූ නිසාවෙන්ය.. ඒත් බොහොමයක් නිවෙස් උදෑසන හත වන්නටත් පෙරම පාළු ස්භාවයක් ගැනීම එරිකෝගේ හිතට කුතුහලයක් විය.. යාන්තම් හිරු එළියත් හැම තැනකම හිරු එළිය සඟවමින් පැවතුන මිදුමත් අතරේ හුඟාක් දුර ඇවිදන් ගිය එරිකෝටත් සිම්රන්ටත් බලාපොරොත්තු වුන තරම් පිරිසක් අතර මගදී හමු නොවීම ගැන එරිකෝ සිට්යේ දෙගිඬියාවෙන්ය..



කඳුකර මාවත දිගේ බොහෝ දුරක් ඇවිදන් ආ ඔවුන් වෙනත් මාවතකින් ආපසු කන්ද නැගීමට තීරණය කලේ කලින් සිතාගෙන ආ කිසිවක් හරි ආකාරව ඉටු කර ගැනීමට නොහැකී වූ නිසාවෙනි.. එල්ම්ස් හිල් බලාපොරොත්තු වුනාටත් වැඩිය පාළු මුහුණුවරක් ගැනීම ගැන එරිකෝ සිටියේ කණස්සලෙනි..



අපිට අපේ අදහස වෙනස් කරන්න වෙනවා සිම්රන්..”



අවට වූ නිවෙස් දෙස වුවමනාවෙන් බලමින් කඳුකර මාවත දිගේ ආයෙම එමින් සිටි එරිකෝ නිහැඩියාව බිදිමින් කතාවකට මුල පිරුවේ බලාපොරොත්තු වූ සියල්ලක්ම ඉටු නොවෙමින් තිබුන නිසවෙනි..



ඇයි ඒ හදිස්සියෙම?”



නෑ සිම්රන්, අපි බලාපොරොත්තු වුනාට වැඩිය මෙහේ ගුප්තයි කියලා දැනෙන්නේ නැද්ද ඔයාට..”



හ්ම්ම්.. මටත් ඒකනම් හිතුනා.. අපි මොකද්ද ඒ ගැන කරන්න හිතන් ඉන්නේ?”



මිසිස් ලෝරන්ස්ගේ අවසරය අරන් අපි ගෙදර සාදයක් සූදානම් කරමු.. එතකොට අපිට මෙහේ ඉන්න හුඟාක් දෙනෙක්ට ආරාධනා කරන්න පුළුවන්.. ඔවුන් නෑවිත් ඉන්න එකක් නෑ..”



ඒත් ඒක අපේ වැඩ වලට ප්‍රශ්ණයක් වෙන එකක් නැද්ද?”



අපි හිතන් හිටපු දේවල් ටිකක් විතර වෙනස් කරන්න වෙනවා.. හුඟාක් දේවල් අත ඇරලා දාලා අපි වෙනමම විදිහකට මේක පටන් ගමු..”



ඒ කිවුවේ?”



මම කලින් සිම්රන්ට කිවුවේ මම එකවුන්ටන් කෙනෙක් විදිහට ඉන්නම් කියලනේ.. ඒත් දැන් මම හිතන්නේ මම උද්භිත විද්‍යාව හදාරන්නෙක් විදිහට පෙනී හිටියනම් හොදයි කියලා..”



ඉතින් ඔයා ඒ දේවල් ගැන දන්නවද?”



ඔව් මිස් සිම්රන්.. මම ඒ දේවල් ගැන දන්නවා.. මම බාහිරව ඒ ගැන ටිකක් ඉගෙන ගෙන තියෙනවා.. අනික මෙහේ තියෙන පරිසරය එක්ක කලින් හිතන් හිටපු දේට වඩා මේ විදිහ සාර්ථක වේවි කියලා මට හිතෙනවා..”



ඇයි ඒ?”



මම මේ ඇවිදින අතරේ ගෙවල් වල වතු ගැනත් හොදින් බලාගත්තා.. මම ඉගෙන ගත්ත ලන්ඩන් වල පරිසරයට වඩා මෙහේ හුඟාක් දේවල් වෙනස්.. ඒ හන්දා මේ පරිසරය අතර යන ගමන් අපේ වැඩේ ගැන හොයන එක තවත් පහසු වෙයි..”



හරි දැන් එතකොට සාදයෙන් මොකද කරන්නේ?”



සාදයෙදි මම කියනවා කෙටි කාලයට මම මෙහේ ආවේ පරිසරය ගැන පරීක්ෂණ කරන්න කියලා.. ඒකට හැමෝගෙන්ම උදවු ඉල්ලනවා..”



කාටහරි සැකයක් ආවොත්?”



ඒකට අපි ඒ වෙලාවට සූදානම් වෙමු සිම්රන්..”



කතාබහ අතරේ නිවස දෙසට එන විටත් මිසිස් කැති ගෙමිදුලට වී ම්සිස් ලෝරන්ස් හා කතා බහේ යෙදී සීටිම එරිකෝට පුදුමයක් නොවුනේ ඔවුන් නික්මී හෝරාවක් වත් ගත නොවී තිබුන නිසාවෙනි.. ඒත් ගේට්ටුවෙන් ඇතුළු වන සිම්රන් හා එරිකෝ දුටු ඇය කතාබහ නවතා ඉක්මනින් පිටත්ව යාමට සූදානම් වන බවක් ඇගේ හැසිරීමෙන් හොදින්ම පෙනෙන්නට විය.. කිසිම වෙනසක් නොපෙන්නූ එරිකෝ සුපුරුදු සුහදශීලි සිනහවම මුහුණට නංවා ගනිමින් ඔවුන් සිටි තැනට එද්දී යාන්තම් සිනහවක් පෑ මිසිස් කැතී එතැනින් නික්ම ගියේ කිසිවක්ම නොකියාය.. එය එතරම්ම උවමනාවෙන් නොසැලකූ එරිකෝ මිසිස් ලෝරන්ස් හා කතාවට වැටුනේ සාදය ගැන ඇය දැනුවත් කල යුතු නිසාය..



මිසිස් ලෝරන්ස්, අද රෑ එළිමහන් කෑමකට මෙහේ ඉන්න හැමෝටම ආරාධනා කරන්න පුළුවන්ද?”



අදම?”



ඔවු මිසිස් ලෝරන්ස්.. ඔබට ඒක අපහසුවක්නම් අපි හෙට යොදාගමු..”



නැහැ.. මම ලෑස්ති කරන්නම්..”



ගොඩක් ස්තූතියි මිසිස් ලෝරන්ස්.. , මිසිස් කැතී ටිකක් අඩුවෙන් කතාබහ කරන කෙනෙක්ද?”



අපෝ නෑ.. ඇයි එහෙම ඇහුවේ..”



නෑ මම කතා කරන්න උත්සාහ කලත් මඟ ඇරලා ගිය නිසා..”



මිසිස් කැතී තමයි මෙහේ වෙල්ෆෙයාර් එකේ සභාපතිතුමිය.. ඔබලා තාම අළුත් නිසා කතා නොකලට මම හිතන්නේ රෑ සාදයෙදි කතාබහ කරන්න පුළුවන් වේවි.. අනික මිසිස් කැති තමයි මේ මාසේ නේබර්හුඩ් වොචර් වෙලත් ඉන්නේ..”



නේබර්හුඩ් වොචර්? මෙ පැත්තටත් එහෙම කෙනෙක් ඕනද?”



ඔව්.. දැන් හුඟක් කාලෙක ඉදන් ඒ දේ කෙරෙනවා.. මොකද මෙහේ ඉන්න ගොඩක් දෙනෙක් එල්ම්ස් හිල් වලින් බැහැරට ගියාම ආයෙම එන්න ටිකක් කල් අර ගන්නවා.. ඒ හන්දම අපි හැමෝම එකතු වෙලා තමයි එහෙම දෙයක් කරන්න තීරණය කලේ..”



ඇයි මිසිස් කැතී මේ මාසෙට විතරක් නේබර්හුඩ් වොචර් කිවුවේ?”



අහ් ඔව්.. මෙහේ ඉන්න අයගෙන් හුඟාක් දෙනෙක් වයසක අය.. තරුණ හරි මැදිවියට ආව අය හරි ඉන්නේ ටික දෙනයි.. ඔවුන්ගේ වැඩත් එක්ක එක දිහට මේදේ කරන්න අමාරු හන්දා තමයි අපි මාසෙන් මාසේ එක එක්කෙනාට වගකීම පවරන්නේ.. ඒක ඇත්තටම පහසුවක්..”



හරි මිසිස් ලෝරන්ස්.. ඔබ රෑ සාදයේ හැම දෙයක්ම සූදානම් කරන්න එහෙනම්.. මම හැම වියදමක්ම දෙන්නම්.. සිම්රනුත් ඔබට උදවු වේවි..”



ඇගෙන් සමුගත් ඔවුන් තම තාවකාලික කුලි නීවස වෙත පියමන් කලේ සීතලේ වුවද ව්‍යායාම නිසා තරමක් දහදිය නැංවී තිබු අදුම් වලින් මිදීමේ අරමුණිනි..



අර නේබර්හුග් වොචර් වැඩේ මේ ෆොටෝ ගන්න කෙනාට වාසියක් කියලා ඔයාට හිතෙන්නේ නැද්ද?”



සිම්රන් හරි.. මම මේ ඒ ගැන හිතුවා විතරයි.. මේ අවට ඉන්න හැමෝම එන යන හැම වෙලාවක්ම ඒකෙන් ගමේ හැමෝම දැනන් ඉන්නවා.. ඒක අපරාධකාරයට වාසියක්..”



හැබැයි එතකොට ගමේ ඉන්න හැම කෙනෙක්ම අපිට සැක කරන්න වෙනවා.. එතකොට මේක ටිකක් අමාරු වෙයි..”



ඔව් ඒත් මේ තියෙන තත්වය අනුව එහෙම කරන්න වෙනවා.. සිම්රන්ට මං වෙනුවෙන් එක දෙයක් කරන්න වෙනවා..”



මොකද්ද?”



සිම්රන් ටිකක් දවල් වෙලා මිසිස් ලෝර්න්ස්ට උදවු වෙන්න යද්දී පුළුවන්නම් ඒ අර ගත්තා කියන පින්තූර ටික බලන්න ඉල්ල ගන්න.. ඒක අතිශ්‍ය පෞද්ගලික දෙයක් නිසා මම හිතනවා මම ඒ ඉල්ලිම කලොත් මිසිස් ලොරන්ස් ඒක ප්‍රතික්ශේප කලත් සිම්රන්ට බැහැ කියන එකක් නෑ කියලා..”



හරි මම ඒක අහලා බලන්නම්..”



සාදයට ආරාධනා කරන්න යද්දී සිම්රනුත් අනිවාර්යෙන් යන්න.. මම එන ගමන් කියපු දේවල් මතක ඇතුව ඔවුන් එක්ක කියන්න..”



හරි එරිකෝ..”



එරිකෝ නෙමෙයි ළමයෝ මම රිචර්ඩ්.. ඔයාගේ හස්බන්ඩ්.. ඒකත් අමතකද?”



හස්බන්ඩ් වුනානම් එහෙම අමතක වෙන්නේ නෑ..”



මුවගට සිනහවක් නංවමින් එරිකෝ කියූ දේයට පිළිතුරු දෙමින් කාමරය වෙත ගිය ඈ දෙස එරිකෝ මොහොතක් බලා සිටියේ එතෙක් කතා කරමින් උන් හැම දේමද මොහොතකට අමතක කරමිනි.. කාමරයේ දොර අසලට ගිය ඇය කාමරයේ දොර පියන් අඩවන් කලේ එරිකෝගේ දෑස් දෙසම බලාගෙනය..



…....................................



දහවල ආහාරයෙන් පසුව මුළු සවස් යාමයම එරිකෝ ගත කලේ කාලයක් පුරාවට මග හැරී තිබුන තම උද්භිත විද්‍යාව ගැන වූ දැනුම අළුත් කර ගැනීමටය.. අන්තර්ජාලය පුරාවට ඒ ගැන අළුතින්ම පල වුන ලිපි ලේඛන බොහෝමයක්ම කියවූ එරිකෝගේ දෑස ඒ අතර අපූරු සිදුවීමක් ලග නතර වුනේ අහම්බෙන් මෙන්ය.. ඒ කැතී මහත්මියය.. ඇය පසුගිය වසරේ හරිත නිමැවුම් තරගයේ දෙවනියා වීම එරිකෝට ඇය හා සුහද වීමට හොද අවස්ථාවක් බව එරිකෝට තේරුම් ගියේය.. ගෙවීයන කාලය ගැන අවබෝධයක් නොතිබුන ඔහු යාන්තම් සැදෑ අඳුර ගලා එන තුරුම තම පරිඝණකය මත අවශ්‍ය වූ තොරතුරු සටහන් කර ගනිමින් සිටියේය...



ඔයා තාමත් ඔතනද?”



අහ් සිම්රන්.. මොකද වුනේ ගිය වැඩේ?”



මම මිසිස් ලෝරන්ස් එක්ක ගිහින් හැමෝටම වගේ ආරාධනා කරා.. දෙන්නෙක්ට විතරක් එන්න බැරි වෙයි කිවුවා.. අනික් හැමෝම එනවා..”



මිසිස් කැතී එනවනේ?”



ඔව්.. ඇයි ඒක විශේෂ කරලා ඇහුවේ?”



බලන්නකෝ මේක..”



එරිකෝ අන්තර්ජාලයෙන් කියවමින් වුන් ලිපි අතර වූ කැතී මහත්මිය ගැන ලියැවුන ලිපිය ඈට පෙන්වූයේ ඒ ගැන ඈද දැන ගැනීම වැදගත් යැයි සිතූ නිසාවෙන්ය..



එහෙනම් ඔයාට මිසිස් කැතී එක්කනම් සුහද වෙලා තොරතුරු දැන ගන්න පුළුවන්.. ඒත් එයාගේ කපටි පෙනුමත් එක්ක ඔයා අහුවෙයිද දන්නේ නෑ..”



අපි බලමුකෝ.. සිම්රන් මිසිස් ලෝරන්ස්ගෙන් අර පින්තූර ගැන ඇහුවද?”



අහ් ඔව්.. මිසිස් ලෝරන්ස් එයාගේ ගත්තා කිවුව ඒවා පෙන්නන්න අකමැති වුනා.. ඒත් කලින් මේ ගෙදර නැවතිලා හිටිය යුවලගේ හැමෝටම බෙදලා දුන්න පින්තූරනම් මට පෙන්නුවා..”



හ්ම්ම්.. ඉතින් මොකද වුනේ?”



ඒ පින්තූර එළියේ ඉදන් ගත්තා කියලා හිතන්න බෑ මටනම්.. හුගාක් ලග ඉදන් ගත්ත ඒවා කියලා මට හිතෙන්නේ.. සමහර විට මේ ගේ ඇතුලෙම හොරෙන් හයිකරපු කැමරාවකින් වෙන්න බැරිත් නැහැ.. අනික ඔවුන් යහනේ නිරුවතින් ඉන්න පින්තූරයි තිබුනේ.. ජනේලේ ලග ඉදන් ගත්තට වැඩිය කාමරේ ඉහලක ඉදන් ගත්ත බවක් තමයි පේන්න තිබුනේ..”



හ්ම්ම්.. ඒ කියන්නේ කවුරු වුනත් මේ ගෙදරට ඇතුල් වෙලා කැමරා උපකරණ සවි කරලා තියෙනවා..”



තාමත් ඒවා තියෙනවා වෙන්න බැරි නැද්ද?”



නැහැ සිම්රන්.. මම මේ වැඩේ පටන් ගන්න කලින් මේ ගෙදර හැම තැනක්ම හොදට සෝදිසි කලා.. ඔයා ඉන්න නිදන කාමරේවත් නාන කාමරේවත් එහෙම කිසිම දෙයක් හම්බුනේ නෑ..”



එහෙනම් කරපු කෙනා කවුරු වුනත් ඔවුන් යද්දී ඒ හැම දෙයක්ම වෙනස් කරලා තියෙනවා..”



ඔව් සිම්රන්.. සාදයට හැමෝටම ආරාධනා කලේ කීයටද?”



රෑ හත විතර වෙද්දී එන්න කිවුවා මම..”



එහෙනම් තව ටික වෙලායි තියෙන්නේ.. සිම්රන් ගිහින් ලෑස්ති වෙලා එන්න..”



ලෝරන්ස් මහත්මියගේ නිවසේ එළිමහනේ සාදය සදහා සියල්ල සූදානම් වෙමින් තිබියදී එරිකෝත් සිම්රනුත් ඊට සූදානම් වූයේ සොයා ආ පරීක්ෂණයේ වැදගත් කොටසක් සාදය තුලින් ඉටු කර ගැනීමට ඔවුන් බලාපොරොත්තු වූ නිසාවෙනි..





30 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. කැමරාඇත්තන්ට මෙසේ බැනවැදීම හෙලා දකිමි.
      මැද්දෙන් පැන්නට සොරි ඈ.. :p

      Delete
    2. ඒ දෙන්නට අපි හොද චරිත දෙකක් තෝරමූ ඊලග කතාවේ ඉදන්..

      Delete
    3. පණුවා, හෙහ්.. මැද්දෙන් පැන්නට පනිශ්මන්ට් දෙමි..

      Delete
  2. ම්..කැතී මේ වගේ වැඩක් කරයි කියලා හිතන්න අමාරුයි වගේ..බලමුකෝ තව ඉස්සරහට..!!

    ReplyDelete
    Replies
    1. ඇයි රූ අක්කා එහෙම හිතන්නේ... හේතුත් කියමුකො බලන්න..

      Delete
  3. එරිකෝගෙ කලින් කතාවෙදි උනේ නැති වෙඩිම මේකේදිවත් වෙයිද?
    :p

    ReplyDelete
    Replies
    1. අනේ ඇත්තට.. මේ කතාවේ යටින් යන පොඩි කේස් එක පස්සෙමනේ මේ කට්ටිය දුවන්නේ..

      Delete
    2. නුවන්20 March 2013 at 23:16

      අපිත් බලන් ඉන්නේ වෙඩිම වෙනකන්.

      Delete
  4. මට ඔය ඉංගිරිසි නම් පැටලුනාම මඤ්ඤං වගේ බං >.<

    ReplyDelete
    Replies
    1. උඹට මොනාද කියපං පැටලෙන්නේ නැත්තේ?

      Delete
  5. දැන් ඉතින් සාදය වෙනකල් ආසාවේ බෑ. අපිත් එනවද සාදෙට? :D

    අර මදාරා කියන්නා වගේ ඔය රහස් පරීක්ෂකයෝ දෙන්නාගේ ෆොටෝ එකක් කාරිය දැම්මානම් මොකෝ වෙන්නේ?

    ReplyDelete
    Replies
    1. අහ් පොඩ්ඩි අක්කා සාද වලට ආසයි වගේ.. හා හා එන්නෝ..

      ඔවු ඔවු ඒකම තමා මාත් හිතුවේ.. ඊළග පරීක්ශනයේ ඉදන් පින්තූර දාමි..

      Delete
  6. ටිකක් සංකීර්ණ පරීක්ෂනයක් වගේ..සාදයේදිවත් මොනව හරි තොරතුරු ටිකක් හොයාගන්න පුලුවන් වෙයිද බලමුකො

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. ප්‍රශ්ණ සංකීර්ණ වෙන තරමය හොදයි හැබැයි..

      Delete
  7. Replies
    1. තෑන්ක්ස් නලීන් අයියේ..

      Delete
  8. mona weida kiyala kalpana kale. kathawa niyameta yanawa. balamu ilaga ekath.

    ReplyDelete
    Replies
    1. ඉක්මනටම ලියන්නම්..

      Delete
  9. කතාව මරුවට යනවා....

    ReplyDelete
  10. එරිකෝ සිම්රන් ලවු එකට මොකක් වෙයිද

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඒකමද වැදගත්?

      Delete
    2. නුවන්20 March 2013 at 23:16

      ඔවු අපිට ඒකත් වැදගත්.

      Delete
  11. ඒ මේකත් අර.... නෑ එක්කෝ ඕනේ නෑ.. මං මොකෝ නිකං බැනුම් අහන්නේ
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. දැන් මම බනින්නේ නොකිවුවට.. ගුටි නොකා කියනවා..

      Delete
  12. නුවන්20 March 2013 at 23:17

    දෙවෙනි කෑල්ලත් කියෙවුවා. තව කොච්චර තියෙනවද. ඉක්මනට ලියපං.

    ReplyDelete
  13. මට නම් සැක කැතීව.

    ReplyDelete
  14. කියවන්න එන්න පරක්කු උනා. ඊලඟ කොටසත් දාලා නේද

    ReplyDelete
  15. යන්කො සාදයේදී මොකක්ද වුනේ කියල බලන්න.. :)

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්