Monday, 18 March 2013

එරිකෝ හන්ටර් - Psycho Photographer 1

ලන්ඩනය පුරාවට ඇද හැලෙන හිම පතනය දවසින් දවස වැඩි වෙමින් තිබුනේය.. පෙබරවාරි මාසයත් අවසන් වෙමින් තිබියදී නත්තලේ මෙන් තවමත් එක දිගට පැවතුන හීතල එරිකෝගේ වැඩ වලටනම් කිසිම විටෙක භාදාවක් නොවුනේය... නීති කටයුතු වලට වඩා රහස් පරීක්ෂක කටයුතු වලට දිගින් දිගටම යොමු උන එරිකෝගේ සහායට අළුතින්ම එකතු උන ඇය එක්ක වැඩ කිරීම එරිකෝගේ හිතට වෙනදාටත් වැඩිය සතුටක් විය..

විශ්ව විද්‍යාල කටයුතු වලින් පසුව දිනපතාම නිවසට එන ඇය නීතිය ගැන අසාගන්නට තිබෙන කරුණු ඉක්මනින් දැන කියාගෙන ඊට වඩා වැඩි කාලයක් ගතකලේ එරිකෝ මීට කලින් හඹා ගිය පරීක්ෂණ ගැන තොරතුරු දැන ගැනීමටය.. එරිකෝත් සිම්රන් හා හැම දෙයක්ම කියන්නට මහත් ඇල්මක් දැක්වූවේය..

එරිකොගේ නීති දැනුම හන්දා මේ දේවල් වලට යොමු උන එක එරිකොට වාසියක්..”

හ්ම්ම්.. එහෙමම කියන්නත් බෑ සිම්රන්.. වරදකාරයෙක් පස්සෙන් යද්දී නීති කරුණු ගොඩක් වෙලාවට ප්‍රයෝජනවත් නැහැ.. ඒත් වුවමනා වෙන වෙලාවල් නැතුවමත් නෙමෙයි..”

කොහොම උනත් ඔබත් එක්ක එකතු උනායින් බලාපොරොත්තු උනාට වැඩිය හුඟාක් දේවල් මට ඉගෙන ගන්න ලැබුනා..”

සිම්රන් එන්න වැඩ කරන්න ලැබුන එක මටත් සතුටක්..”

හවස සුපුරුදු කෝපි කෝප්පය බොන අතර වාරයේ ඉගෙනීම් කටයුතු වලට අමතරව පෞද්ගලික දේවල් ගැන පවා කතා කරන්නට ඔවුන් මහත් ඇල්මක් දැක්වූවේය.. ගෙවුන ටික කාලයත් එක්කම ඔවුන් හුඟාක් ලගින් ඇසුරුකරන්නට පටන් ගෙන තිබුනේය..

සිම්රන්ගේ කලින් පෙම්වතාට පස්සේ වෙන කෙනෙක් ගැන හිතුවේ නැද්ද?”

නැහැ එරිකෝ..”

ඔහු ඉන්දියානුවෙක් නේද? ගෙදරින් කැමැත්ත ලැබෙන්නේ ඉන්දියානුවෙක්ට විතරද?”

එහෙමමත් නෑ එරිකෝ.. ඒත් අනේ මන්දා..”

ඔවුන්ගේ කතාවට බාදා කරමින් නිවසේ සීනුව නාද වීම එරිකෝටනම් නොරිස්සුවේය... ගිණි උදුණ ලග තිබු තම කබාය හැද ගනිමින් නිවසේ දොර අසලට ගිය ඔහු දොර විවර කරද්දී එරිකෝ ඉදිරියේ සිටගෙන සිටියේ මැදිවියේ කාන්තාවකි.. දුර ඈතක සිට පැමිණ වෙහෙස උන බවක් ඇගේ මුහුණින් හොදින්ම පෙනෙන්නට විය..

ඔබ වෙන්න ඇති රහස් පරීක්ෂක එරිකෝ හන්ටර් ?”

ඔවු..”

මම මාර්ජ් ලෝරන්ස්.. මට ඔබත් එක්ක ටිකක් කතා කරන්න පුළුවන්ද ?”

පුළුවන්.. එන්න ඇතුලට..”

දැනුන අධික සීතල නිසාම ඇගේ මුහුණ යාන්තමින් සුදුමැළි වී තිබෙනු එරිකෝ හොදින්ම දුටුවේය.. ඇයට තම රාජකාරි කාමරය වෙතට කැදවාගෙන ගිය එරිකෝ ගිණි උදුණ අසලම පුටුවක් ඈට හිද ගන්නට පිළිගැන්වූයේ, ඇයට උණුසුමක් බොහෝ සෙයින් අවශ්‍යවී තිබුන නිසාවෙනි.. ගිණි උදුන ලග හිටගත් ඇය ගුලි කරන් සිටි තම දෑත ගිණි උදුන දෙසට දිගු කරමින් දැනුන සීතලෙන් මිදෙන්නට හදද්දී එරිකෝ සිම්රන්ව ඇයට හදුන්වා දුන්නේය..

කියන්න මිසිස් ලෝරන්ස් මොනවද අපෙන් ඔබට කෙරෙන්න ඕන..”

එරිකෝ කතාවට මුල පිරුවත් ඇය තව මොහොතක් දෙකක් ගිණි උදුන ලගම රැදුනේ කතා කරන්නට උවමනාවක් නොමැති අයුරිනි.. ටික වේලාවක් නිහඬවම උන් ඇය ඇගේ පුටුවේ නිදහස්ව හිදගත්තේ ඈ ඔවුන් සොයා ආ අරමුණ කීමේ අදහසිනි..

මිස්ටර් එරිකෝ, මම ආවේ නොර්විච් වල ඉදන්.. එල්ම් හිල් වල තමයි අපේ පදිංචිය.. අපි පවුල් 30 විතර වගේ තමයි එල්ම් හිල් වල ජීවත් වෙන්නේ.. අසල්වැසියෝ විදිහට අපි අතර හොද සහයෝගයක්, දැන හැදුනුම් කමක් තියෙනවා.. හැම දෙයක්ම බොහොම නිස්කලංකයි ප්‍රශ්ණයක් ඇති නොවෙන තරමටම.. ඒත් දැන් මාස කීපයකම ඉදන් මේ හැමදේම වෙනස් වෙන්න පටන් අරන්.. හේතුව දන්නවා උනත් ඒකට සම්බණ්ද කවුද කියන එක අපි කාටවත්ම හොයා ගන්න බැහැ.. ටික දවසක ඉදන් හුගාක් දෙනෙක්ගේ ගෙවල් වලට නිර්ණාමික ලියුම් එන්න පටන් ගත්තා.. ඒ හැම ලියුමක් එක්කම පින්තූරත් ගෙවල් වලට එන්න පටන් ගත්තා..”

ඇය මොහොතකට කතාව නතර කලේ ඇයට ආ හැඬුම් කඳුළු නිසාවෙනි.. මොහොතක් දෙකක් කඳුළු වලට ගලා යන්නට දුන් ඇය ආයෙම ඇගේ කතාව පටන් ගන්නා තුරු එරිකෝත් සිම්රනුත් බලා සිටියේය...

ඒවයේ තිබුනේ අපේ නිරුවත් පින්තූර.. හුඟාක් ඒවා තිබුනේ අපි තනියම ඉද්දී ගත්තුවා.. තවත් සමහරක් තමන්ගේ සැමියන් එක්ක යහනයේ ඉද්දී ගත්තූ ඒවා.. ඒ හැම එකක් එක්කම තිබුනේ තර්ජනාත්මක ලිපියක්.. මුදල් ඉල්ලලා.. එහෙම නුදුන්නොත් ඒ පින්තූර ප්‍රචාරණය කරනවා කියලා තර්ජනය කරලා තිබුනා..”

ඉතිං ඔබලා මොකද කලේ?”

අපි ඒ ඉල්ලපු මුදල් ප්‍රමාණය දුන්නා.. ඒත් ඒ ලියුම් වල තිබුන විදිහට අපිට ආයෙම පින්තූර ලැබුනේ නෑ.. ඒ වෙනුවට මාස දෙක තුනකට සැරයක් මේ වගේම ලියුම් එන්න ගත්තා..”

ඉතින් ඔබලා ආයෙම සල්ලි දුන්නද ?”

ඔවු.. නොදී ඉන්න බැරි උනා.. ගෙදරදී අපිට ඒක ප්‍රශ්ණයක් නොවුනත් සමාජයට මේදේ හංගගෙන ඕන හන්දම අපිට ඒ දේ කරන්න උනා..”

ගමේ හැම කෙනෙක්ටම මේ ප්‍රශ්ණය තියෙන බව දන්නේ කොහොමද ?”

මීට මාසෙකට විතර උඩදී මගේ කුලී නිවසේ හිටපු යුවලක් මේ විදිහට මුදල් දෙන එක ප්‍රතික්ශේප කලා.. එතකොට ඔවුන්ගේ නිරුවත් පින්තූර පහුවදා හැම ගෙදරක් ඉස්සරහම බෙදලා ගිහින් තිබුනා.. ඒ සිද්දියත් එක්ක එක්කෙනා දෙන්නා මේ ගැන කතා කරන්න ගනිද්දී හැමෝටම මේ ප්‍රශ්ණයම තියෙන බව අපිට තේරුණා..”

ඉතින් මේ ගැන ඔබලා නීතියෙන් කටයුතු කරන්න උත්සාහ කලේ නැද්ද ?”

නැහැ..”

ඇයි ?”

අපේ ගම්මානයට පොලීසියක් නෑ.. නගරයට එන්න ඕන.. එතකොට මේ හැම දෙයක් ගැනම ආරංචි නගරයට යනවා.. ගමේ කවුරුවත් ඒකට කැමති නැහැ..”

ඔබ මාව හොයාගෙන ආව බව වෙන කවුද දන්නේ ?”

කවුරුත් නැහැ..”

හ්ම්ම්.. ඒක හොදයි..”

වාඩිවී හිදි පුටුවෙන් නැගිටුන එරිකෝ කාමරයෙහි ඒ මේ අත ටික වේලාවක් ඇවිද්දේ කල්පනා කරමිනි.. සිම්රන් සමග ලෝරන්ස් තවත් සමහරක් දේ කීවත් ඒවා ගෙන වැඩි අවදානයක් එරිකෝ තුල නොවීය..

මිසිස් ලෝරන්ස්ගේ කුලී නිවසේ දැන් කවුද ඉන්නේ ?”

කවුරුවත් නැහැ.. මම දැන් ඒක කාටවත් දෙන්න කැමති නැහැ මේ වගේ ප්‍රශ්ණයක් තියෙද්දී..”

හරි, ඔබ මෙහෙ ආව බව කවුරුවත් නොදන්න එකේ අපි ඒ ගෙදරට අළුත් කුලී නිවැසියෝ විදිහට එන්නම්.. ඒක ඔබට ප්‍රශ්ණයක් නෙමෙයි කියලා මම හිතනවා..”

නැහැ..”

එහෙනම් අපි ගැන හැම දෙයක්ම රහසක් විදිහට තියාගන්න.. අපි මේ සති අන්තයේ ඔබේ ගෙදරට එන්නම්..”

හොදමයි මම ඒ හැම දෙයක්ම ලෑස්ති කරලා දෙන්නම්..”

ගොඩක් ස්තූතියි මිසිස් ලෝරන්ස්..”

මට ආපහු යන්න කෝච්චියට වෙලාව හරි මිස්ටර් එරිකෝ.. මේ සති අන්තයේ මම ඔබලාව බලාපොරොත්තු වෙනවා..”

හොදයි මිසිස් ලෝරන්ස්.. සුභ සන්ද්‍යාවක් ඔබට..”

ඇයට නික්ම යන්නට ඉදිරිපස දොර විවර කරදුන් එරිකෝ නැවතත් කාර්යාල කාමරයට එද්දී සිම්රන් ලෝරන්ස් ඔවුනට ලබා දී ගිය ලියුම් පිරික්සමින් සිටියාය.. ගිණි උදුන ලග වාඩි වී උන එරිකෝ සිම්රන් ඒ ලියුම් කියවන තුරුම නිහඬවම බලා සිටියේය...

ඒ ලියුම් වලින් නම් කිසිම දෙයක් හොයාගන්න බැරි වෙයි එරිකෝ..”

ඔවු සිම්රන්.. ඕවා එච්චරම වැදගත් නොවේවි.. ඒත් ලග තියා ගන්න එක ප්‍රයෝජනවත් වේවි..”

අපි මේකට මොකද කරන්නේ එරිකෝ ?”

අපි සති අන්තයේ නොර්විච් යමු.. අපි රහස් පරීක්ෂකයෝ විදිහට එහේ යනවට වඩා සාමාන්‍ය අය විදිහට එහේ යන එකෙන් අපිට අපේ වැඩේ නිදහසේ කර ගන්න පුළුවන් වෙයි.. මේකෙදි අපිට හැමෝවම සැක කරන්න තියෙන නිසා අපි ගැන දැන ගන්න එක අපිට අවාසියක් වෙනවා..”

මට තේරෙනවා එරිකෝ.. කලින් වතාවට වඩා මේකනම් අමාරු වේවි..”

නෑ සිම්රන් එහෙම කියන්න එපා.. ඒක තීරණය වෙන්නේ අපරාධකාරයගේ දක්ෂතාවය අනුව.. අපි බලමුකෝ..”

නැවතත් ඇය අත වූ ලියුමෙහි හැම අකුරක්ම නැවත නැවත් කියවන්නට වූයේ බොහොම උනන්දුවෙනි..

සිම්රන්ට මේ ගමන එන්න පුළුවන්ද? මම ඔබෙන් අහන්නේ නැතුව තීරණය අර ගත්තේ..”

මගෙන් අහන්න දෙයක් නෑ එරිකෝ මම එනවා..”

හරි සිම්රන්.. මේ සති අන්තයේ යන්න ලෑස්ති වෙලා එන්න.. සමහරවිට අපි හිතනවට වැඩිය දවසක් එහේ ඉන්න වෙයි..”

හරි එරිකෝ..”

සීතලට නිමී ගිය කෝපි කෝප්පය වෙනුවට අළුතින් එකක් හදාගෙන එන්නට සිම්රන් නික්මෙද්දී එරිකෝ තම රජකාරි මේසය මත ඇය තබා ගිය ලියුම් කිහිපය එහෙන් මෙහෙන් පරීක්ෂා කර බලන්නට විය.. සුවපහසු පුටුවේ හොද හැටි දිගා උන එරිකෝ ලියුම් පසෙකින් තබා වෙනත් නඬුවක ලිපිගොණුවක් අතට ගත්තේ පසු දින ඒ සදහා උසාවි යාමට සිදුවී තිබූ නිසාය..

…......................

දින දෙකක් ගෙවී යන තුරුම නෝර්විච් අභිරහස ගැන උනන්දුවක් නොදැක්වූ එරිකෝ වැඩි උනන්දුවක් දැක්වූයේ නිමා කරන්නට තිබුන නඬු නිමිත්තක් ගැනය.. සිකුරාදා දිනයෙහි සවස් වන තුරුම නීති පොත් අතර රැදී උන් එරිකෝගේ හිත සිම්රන් ලග නතර උනේ එදින ඇය නොපැමිණි නිසාවෙන්ය.. රාත්‍රිය වන තුරුම රාජකාරි අතර හිර වී සිටි එරිකෝ රාත්‍රී ආහාරය ගනිද්දි සිම්රන්ට කෙටි පණිවිඩයක් යැවුවේ ඇයට පසුදින යා යුතු ගමන ගැනද මතක් කරමිනි..

සුපුරුදු ලෙසම උදෑසන අවදි උන එරිකෝ තම ඇදුම් බෑගය සූදානම් කර නිමාවත්ම නිවසේ සීනුව නාද වෙන හඬ ඇසුනේය.. ඒ සිම්රන් බව ඔහු හොදින්ම දැන සිටියේය...සූදානම් කර නිමා වුන ඇදුම් බෑගයද සමගම දොර අසලට ආ එරිකෝගේ අනුමානය නිවැරදිය.. ඒ සිම්රන්ය.. සාම්ප්‍රදායික ඉන්දියානු සල්වාර් ඇදුමකින් සැරසී සිටි ඈ එරිකෝව ඔහුගේ ලෝකයේම මොහොතක් අමතක කරවන්නට තරම් සුන්දර වූවාය..

ඇයි ඔහොම බලන් ඉන්නේ.. එරිකෝ ලෑස්තිනම් අපි යමු නේද?”

අහ් ඔවු අපි යමු..”

එරිකෝගේ වාහනයට නැගි ඔවුන් ලන්ඩනයේ පටු මාවත් වලින් මිදී නොර්විච් බලා යන අධිවේගී මාර්ගයට පිවිස නෝර්විච්හි අභිරහස සොයා යන ගමන ඇරඹුවේය..

සිම්රන්.. මට දෙයක් කියන්න අමතක උනා..”

මොකද්ද එරිකෝ..”

මිසිස් ලෝරන්ස්ගේ ගෙදරට ගියාට පස්සේ අපිට ඉන්න වෙන්නේ අඹූසැමියෝ විදිහට..”

ඇයට එක වරෙම සිනහව නවතාලන්නට නොහැකි විය.. ඒත් ඇය ආයාසයෙන් තම සිනහව නතර කර ගත්තේ එරිකෝට ඇහුම්කන් දීම සදහාය..

ඇයි සිම්රන් හිනාවුනේ?”

නෑ නෑ.. එරිකෝ කියන්නකෝ.. එතකොට අපි අඹුසැමියෝ..”

ඔවු.. වෙන සම්බණ්දයක් කියනවට වැඩිය අපිට එහෙම කියන එක අපරාධකාරයා අල්ලන්න රුකුලක් වේවි.. මොකද අපි එහෙම කිවුවම අපරාධකාරයා කවුරු උනත් ඒ කෙනාගේ අවදානයත් අපේ පැත්තට යොමු වෙනවා..”

මට තේරුණා එරිකෝ.. මගේ අකමැත්තක් නෑ..”

හරි සිම්රන් මම ඕන කරන හැම විස්තරයක්ම ඔයාට කියන්නම්..”

නෝර්විච්හි එල්ම්ස් හිල් වෙත ලගා වන තුරුම එරිකෝ ඉදිරි දින කීපයේ සිදුවන සෑම දෙයක් ගැනම විස්තර එකින් එකක් සිම්රන්ට පැහැදිළි කලේය.. නොර්විච්හි කදුකර පෙදෙසට සීතලත් මීදුමත් බෙහෙවින් පැවතුන නිසාම ඔවුන් එහි එන විටත් රෑ අදුර මදක් ගලා විත් තිබුනේය..

අතරින් පතර පිහිටි නිවෙස් අතර ඉහලින්ම වන්නා තිබුන ලෝරන්ස් නිවස අනික් නිවෙස් වලට වඩා තරමක් විශාල මෙන්ම තේජාන්විත බවක්ද පෙන්වීය.. මාවතෙන් තරමක් ඇතුළට වන්නට ඉදි උන නිවස වටාම උසට නැගුන ෆයිනස් ගස් වටපිටාවට එක් කල අළංකාරය මද අදුරේ උවද දැක ගන්නට පුළුවන් විය..

මම මිස්ටර් එරිකෝ එනකන් හවස ඉදන්ම බලාගෙන හිටියේ..”

එරිකොගේ වාහනය ගෙමිදුලේ නවතින හඬට නිවසේ සිට පැමිනි ලෝරන්ස් මහත්මියට ඔවුන් පැමිණිම සතුටක් බව ඇගේ මුහුණින්ම පෙනෙන්නට විය..

මිසිස් ලෝරන්ස්, මට කලින් කියන්න අමතක උනා.. මම මෙහේ ඉන්නකන් රිචර්ඩ් කියලා කතා කරන්න.. මොකද ලන්ඩන් ඉදන් මෙච්චර දුර ඉදලත් මිසිස් ලෝරන්ස් මගේ නම අහලා තිබුන එකේ මාව දන්න තව කවුරු හරි මෙහේ නැති වෙන්න බැරි නෑ..”

හරි මට තේරුණා.. අපි එහෙනම් ඇතුලට යමු..”

නෑ මිසිස් ලෝරන්ස්, අපි කෙලින්ම කුලී නිවසටම යමු..”

හරි ඔබලගේ කැමැත්තක්.. ඉන්න මම යතුරු අරන් එන්නම්..”

ගෙමිදුලේ සිම්රන් හා තනිවුන එරිකෝගේ දෑස යොමු උනේ ලෝරන්ස් නිවසට මදක් ඈතින් තිබුන කුඩා නිවස දෙසටය.. දැකුම්කළු පෙනුමකින් යුතු ඒ නිවස ලෝරන්ස් මහත්මියගේ නිවසින් ඈත්ව ෆයින්ස් ගස් අතරේ ඉදිවී තිබිම එරිකෝගේ හිත මොහොතකට ඒ වෙත ඇද ගත්තේය...

හරි අපි එහෙනම් යමු නේද?”

ලගදි මෙහාට අළුතින් පදිංචියට කවුරුහරි ආවද?”

නැහැ.. මේ ගෙදර කලින් නැවතිලා හිටිය අය ඇරෙන්න වෙන කවුරුවත් නැහැ..”

හ්ම්ම් හරි.. මිසිස් ලෝරන්ස්ට පුළුවන්ද අපිට මේ අවට ඉන්න අය ගැන විස්තර ටිකක් කියන්න?”

හරි මම කියන්නම්.. ඒ ඇරත් අළුතින් කෙනෙක් ආවා කියලා දැන ගත්තම හෙට උදේම හුඟක් දෙනෙක් ඒවි ඔබලා එක්ක කතා කරන්න.. එතකොටත් ගොඩක් දේවල් ඔබට දැන ගන්න පුළුවන් වේවි..”

හරි මිසිස් ලෝරන්ස්..”

මම ගිහින් රෑ කෑම සූදානම් කරලා ඔබලට කතා කරන්නම්..”

හරි මිසිස් ලෝරන්ස්..”

ඈ නිවසින් පිටව යන තුරු බලා උන් එරිකෝ සාලයේ තිබු ලී පුවක හිද ගත්තේ දැනුන මහන්සිය නිසාමය..

එරිකෝ..”

එරිකෝ නෙමෙයි සිම්රන්.. ඔයත් මට රිචර්ඩ් කියලම කතා කරන්න.. නැත්නම් අපි මේ කරන්න එන හැම දෙයක්ම හරියට කරන්න බැරි වෙනවා..”

හරි මට තේරුණා.. අපි කොතනින්ද මේක පටන් ගන්නේ?”

හෙට උදේම අපි දෙන්නම ගම වටේ ටිකක් ඇවිදින්න යමු.. ව්‍යායාමයත් එක්ක මේ අහල පහල තියෙන ගෙවල් ගැන ටිකක් විස්තරත් බලාගෙන එමු.. කොහොමත් මගදි අපිව දැක්කම හැමෝම අපිත් එක්ක කතාවට ඒවි.. ඒ හන්දා ඉන්න අය ගැන දැන ගන්න එක අපිට අමාරු වෙන එකක් නෑ..”

හරි මම උදේම ලෑස්ති වෙන්නම්..”

අනික සිම්රන් මම එද්දි කිවුව දේවල් හොදට මතක තියාගන්න.. මේක කරන්නේ එක්කෙනෙක් වෙන්නත් පුළුවන් දෙතුන් දෙනෙක් වෙන්නත් පුළුවන්.. ඒ හන්දා කිසිම දෙයක් වරද්ද ගන්න්න එපා..”

හරි.. මම එහෙනම් මිසිස් ලෝරන්ස්ගේ රෑ කෑමට යන්න ලෑස්ති වෙලා එන්නම්..”

වාහනයේ තිබූ ඇදුම් බෑගයද අරගත් ඇය කාමරයට යන තුරු බලා සිටි එරිකෝ ආලින්දයෙන් ඉවත්ව ගෙමිදුලේ තම වාහනය නතර කර තිබුන තැනට ආවේ එහි තිබු තම ඇදුම් බෑගයද නිවසට රැගෙන යාමේ අරමුණිනි.. ලන්ඩනයේ තරම් සීතලක් නොදැනුන එල්ම්ස් හිල් වල එලිමහනේ මොහොතක් රැදෙන්නට එරිකෝගේ හිත කිවේ අහම්බයෙන් වගේය.. දෙපස ෆයිනස් ගස් වැවුන පටු මාවත දිගේ ටිකක් එහාට ඇවිදන් යද්දී තමන් තවදුරටත් තනිවම නොමැති බව එරිකෝට හැඟුනේ පිටුපසින් දිරාගිය කෝටුවක් බිදෙන හඬිනි..

ආපසු හැරි ආ මග දෙසත් නිවස දෙසත් ඕනෑකමින් බැළු එරිකෝට තමන් පිටුපසින් කවුරුන්වත් නොමැති වීම පුදුමයට කාරණයක් විය.. දෙපස ඝණ කළුවර මකන්නට නිවසේ ඉදිරිපස ලාම්පුවේ ආලෝකය ප්‍රමාණවත් නොවුන නිසාම ඔහුට ඈතින් කවුරුන් හෝ සිටීදැයි බලාගන්නට එරිකෝට අපහසු විය.. අදුර අතරේම මද දුරක් ඇවිද ගියද කිසිවෙකුත් එහි සිටිනා බවක් දැක ගන්නට නොහැකිවිම එරිකෝගේ හිතට ගැටළුවක් විය..

රාත්‍රි ආහාරට අතර තුර ගමේ පවුල් වල හුඟාක් තොරතුරු මිසිස් ලෝරන්ස්ගෙන් දැන ගන්නට එරිකෝට පුළුවන් විය.. ගමේ දිඟු කාලයක් සිටි නිසාම හැම කෙනෙක් ගැනම ඕනා තරම් තොරතුරු කීමට ඈ සමත් විය..

අපි පවුල් කීපය අතරේ ඉන්නේ ගොඩක් වැදගත් අය.. ඒ හන්දා කවුරු මේක කරනවද කියන එක හිතා ගන්න අපිට අමාරුයි..”

අපි බලමු මිසිස් ලෝරන්ස්..”

රාත්‍රී ආහාරයෙන් පසුව යලි තම නිවස වෙත ආ එරිකෝත් සිම්රනුත් ලෝරන්ස් මහත්මිය කියූ දේවල් ගැන වැඩි දුරටත් කතා කරන්නට විය.. මැදියමත් උදාවුන බව හඟවමින් නිවසේ තිබූ ඔරලෝසුව නාද වෙද්දී නින්දට යාමට සූදානම් වූයේ උදෑසන සිට පටන් ගන්නට තිබූ වැඩ නිසාවෙනි.. එක් නිදන කාමරයක් පමණක් තිබූ නිවසෙහි නිදන කාමරය සිම්රන්ට දුන් එරිකෝ ගිණි උදුන ලග වූ දිගු හාන්සි පුටුව නිදා ගැනීමට සූදානම් කරමින් සිටියදී සුදු පැහැ සැටින් රාත්‍රී ඇදුමකින් සැරසුන සිම්රන් ඔහු ලගට ආවේ කලබලයෙනි.. කුමකට හෝ ඈ තැති ගත් බවක් ඇගේ මුහුණෙන් හොදින්ම පෙනෙන්නට තිබුනි..

ඇයි සිම්රන් මොකද උනේ ?”

කවුද ගෑණු කෙනෙක් හිටියා ජනේලේ ලග.. මම ඇදුම් මාරු කරන් කණ්නාඩිය ලගට යද්දී මම දැක්කේ.. මාව දැක්ක ගමන් ඒ මනුස්සයා දිවුවා.. මම ඉක්මනට ජනේලේ ලගට ගියත් කළුවර හන්දා කිසිම දෙයක් දැක්කේ නෑ..”

හ්ම්ම්.. මිසිස් ලෝරන්ස් නෙමෙයි නේද?”

නැහැ.. ඊට වඩා වයසක කෙනෙක්.. මට මුහුණු වර නම් යන්තමට වගේ මතකයි..”

හරි සිම්රන්.. එහෙනම් ඔවුන් දැන්මම අපි ගැන හොයන්න පටන් අරන් වගේ.. හොද කල්පනාවෙන් ඉන්න.. හෙට උදේ ඉදන්ම කතා උන විදිහට හැමදේම කරමු..”

එරිකෝ ඇගේ හිත යම් තරමින් සැනසුවත් මුහුණ දුන් අහඹු සිදුවීමත් සමග ඈ සිටියේ ටිකක් තැතිගැන්මෙනි.. නැවතත් ඇගේ කාමරයට විත් ජනේලය දෙස උවමනාවෙන් බලා උන් ඇය එය හොදින් වසා දමා නින්දට ගියේ උදෑසන සිට කරන්නට තිබූ වැඩ නිසාවෙනි..



69 comments:

  1. තවත් මරු කතාවක් වගේ! එරිකෝ එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක් අල්ලන්න වගේ යන්නෙ :D. බලමුකො මොකද වෙන්නෙ කියල!

    ReplyDelete
    Replies
    1. එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක්? ඒ මොකද්ද ඒ?

      Delete
    2. නුවන්19 March 2013 at 23:54

      ඇයි සිම්රන්...

      Delete
    3. අහ් සිම්රන් නේද.. ඒක හෙමීට බලමු..

      Delete
    4. නුවන්20 March 2013 at 00:54

      උඹ ලියපංකෝ අපි බලන්නම්..

      Delete
  2. ඕහ් ලස්සන කතාවක් අතරමග නතරවුන එක ගැන නම් දුකයි ....ඊලඟ කොට ඉක්මනින් බලන්ට ලැබේවි කියල හිතනවා.

    ReplyDelete
    Replies
    1. කොටස් දෙක තුනකට කඩන්න වෙනවා මේක.. එක පාරම ලියන්න අමාරුයි.. හෙට දානවා ඊළග එක..

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. එරිකෝගේ මුල්ම අදහසත් ඔයාගෙනෙ.. වැඩි දෙයක් ඕන නෑ මේකට නම දුන්නෙත් ඉතින් ඔයානේ..

      Delete
  4. මේක කියවද්දී දැනෙන්නේ හරියට පරිවර්තන කතාවක් කියවනවා වගේ. පී.බී.සේනානායක මහත්තයගේ "සිව් යහළු වික්‍රමය" පොත් සෙට් එක වගේ. නියමයි අයියා! ඉතුරු කොටසුත් ඉක්මනටම ඈ...

    ReplyDelete
    Replies
    1. සිවු යහළු වික්‍රමය මාත් කියවලා තියෙනවා.. ඒත් ඒ ලේකන හැකියාවට මේවා කොහේ සමාන කරන්නද මලයා..

      Delete
  5. මේක නම් නියම කතාවක් වගේ. පරක්කු කරන්නේ නැතුව අනිත් කොටස් ටිකත් දාන්න.

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ.. හෙට දානවා..

      Delete
  6. නියමයි දිනේශ්ගෙ තවත් රහස් පරීක්ශක කතාවක්.

    //සිම්රන්ගේ කලින් පෙම්වතාට පස්සේ වෙන කෙනෙක් ගැන හිතුවේ නැද්ද?//
    එරිකොට මොකටද ඒ වගක්??? අර පින්තූර ගන්න Psycho Photographer කවුද කියන එකට වඩා මට නම් දැන ගන්න ඕන ඒක ;)

    ReplyDelete
    Replies
    1. චාම්ස් ඕන නැති පොයින්ට්මයි අල්ල ගන්නේ.. ඒක ඉතින් මේ යාන්තමට යන ආදර කතාවක්නේ.. ඒ ගැන කියන්න තව කතා හුඟක් ලියන්න වෙයි මට..

      Delete
    2. නුවන්19 March 2013 at 23:55

      මාත් මේ හිතුවෙම ඒක ගැන තමයි.. එරිකෝ හෙමීට සිම්රන්ට ලයින් එක දානවා වගේ..

      Delete
    3. රහස් පරීක්ෂක කතාව අස්සේ ඒවගේ දේකුත් ගියාට අවුලක් නැහැනේ මචං..

      Delete
    4. නුවන්20 March 2013 at 00:55

      අවුලක් නෑ අවුලක් නෑ.. අපි කැමතිත් එහෙමම තමයි..

      Delete
    5. ඒකනේ ලාවට වගේ ඒක දාන්නේ..

      Delete
  7. Sherlock Holmes & Watson මතක් වෙනවා.:)

    මෙයාට කුතුහලය ඇවිස්සෙන විදියට ලස්සන රහස් පරීක්ෂක කතා ලියන්ට පුලුවනිනේ.

    ReplyDelete
    Replies
    1. අපි අළුතින් එරිකෝ & සිම්රන් යුගලය බිහි කරමු නේ පොඩ්ඩි අක්කේ.. හෙහ් තැන්කූ තැන්කූ පොඩ්ඩි අක්කේ..

      Delete
  8. Replies
    1. ඒ ගැන නම් තාම හිතුවේ නෑ ගයනි.. අපි බලමූ හෙමීට..

      Delete
    2. නුවන්19 March 2013 at 23:56

      හිතන්න දෙයක් නෑ.. ලියමු දින්නා..

      Delete
    3. බලමු බලමු මචං..

      Delete
    4. නුවන්20 March 2013 at 00:55

      ලියනකම් අපි බලන් ඉන්නවා..

      Delete
    5. ලිවුවොත් කියන්නම්..

      Delete
  9. ෂර්ලොක් හෝම්ස්ගෙ පුතා වගේ එරිකෝ...

    ReplyDelete
    Replies
    1. කැමතිනම් එහෙම උනත් කියමු..

      Delete
  10. මොකක්ද බං වෙන්න යන්නෙ..!

    ReplyDelete
    Replies
    1. අභිරහසක් බං.. ඉතුරු ටිකත් කියෝලම බලමු..

      Delete
  11. ඊ ළග කෑල්ල තවත් රසවත් වෙයි

    ReplyDelete
    Replies
    1. මාත් හිතනවා එහෙම වෙයි කියලා..

      Delete
  12. මේ මට ප්‍රස්නයක් තීනවා.. ඇයි ඔයා රහස් පරීක්ෂක කතා වගේ එවුවම ලියන්නේ ඈ?
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. අම්මපා ඇයි වෙන ප්‍රශ්ණ තිබ්බෙම නැද්ද?

      වෙන කවුරුත් ලියන්නේ නෑනේ.. ඒ හන්දා මම ලියනවා..

      Delete
    2. නුවන්19 March 2013 at 23:57

      "වෙන කවුරුත් ලියන්නේ නෑනේ.. ඒ හන්දා මම ලියනවා.."

      නියමයි මචං.. එකම දේට වඩා වෙනස් දේයි වටින්නේ..

      Delete
    3. දන්න තරමින් කවුරුවත් ලියන්නේ නෑ බං.. බලමු..

      Delete
    4. නුවන්20 March 2013 at 00:56

      ඒක හොදයි බං.. එතකොට උඹෙන් විතරයි අපිට මෙහෙම නිර්මාණ බලන්න පුළුවන් වෙන්නේ..

      Delete
    5. මේවා කියවද්දී මට හෝම්ස් මහත්තයා මතක් වෙනවා නේ අප්පා.. ඒ ගැන දුකායි.. :(

      Delete
    6. නුවන්, ඉස්සරහට කොහොම වෙයිද දන්නේ නෑ.. දැනටනම් එහෙමයි..

      Delete
    7. පණුවා, ඇත්තටම කවුද මේ හෝම්ස්.. මට තද වෙනවා දැන්.. කලින් ලිවුව ඒවයෙත් ඕකම කිවුවා..

      Delete
  13. එරිකෝගේ තවත් වික්‍රමයක්..... නියමයි.....

    ReplyDelete
    Replies
    1. එරිකොගේ වික්‍රම ඉස්සරහටත් තව ඒවි..

      Delete
  14. තමන්ගේ කතා අත් ඇරලා එක දිගටම ප්‍රබන්ධ කතා ලියන්න පටන් ගත්තද අයියණ්ඩි ??

    ReplyDelete
    Replies
    1. මේකනේ හසිත මලයා.. තමන්ගෙම කතා දවසක ලියලා ඉවර වෙලාම යන්න යනවා.. මොකද හැමදාම ලියන්නත් රසමුසු දේවල් වෙන්නේ නෑනේ.. ඉස්කෝලේ කතා වලයි, පූස්පාර්ට් යාළුවන්ගෙයි දැන් තියෙන්නේ හොදම කතන්දර ටික.. එපි ඒවා හෙමීට ලියමු.. එතකන් ප්‍රබන්ධ බලමු..

      Delete
    2. නුවන්19 March 2013 at 23:57

      ඒත් මචං අපේ ඉස්කෝලේ කතා ටික දාපං.. ඒවා ආයෙ මතක් වෙද්දිත් ගති..

      Delete
    3. ඒවා කොහොම නොදා ඉන්නද නුවා.. අනිවා දානවා..

      Delete
    4. නුවන්20 March 2013 at 00:57

      ඉතුරු ටික ඉක්මනට දාන්නම් මචං.. එතකන් හෙමීට මේක බලලා ඉමු..

      Delete
    5. මේක ඉවර උනාම තමයි ඉතින්..

      Delete
  15. දිනේෂ්ගෙන් මං ආසම විදියේ කතාවක්..... ඊළඟ කොටසත් එනකම් ආසාවෙන් බලන් ඉන්නවා....

    ReplyDelete
    Replies
    1. ම්යුරු අක්ක නොහිටිය ටිකේ මේ වගේ දෙකක්ම ලිවුවනේ.. ඊළග එක හෙට දෙනවා..

      Delete
  16. ෂර්ලොක් හෝම්ස් ආපහු ඇවිත්ද

    ReplyDelete
    Replies
    1. ඒ පාරේ යන කෙනෙක් ඇවිත්..

      Delete
  17. අගෙයි මලයා තවත් ලස්සන කතාවක්

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි නලීන් අයියේ..

      Delete
  18. තවත් එරිකෝ කතාවක්..ම් කතාව දිගටම කියවලා අන්තිම කොටසෙදි ආපහු එන්නම් හොඳේ..

    ReplyDelete
    Replies
    1. හරි රූ අක්කේ.. අන්තිම කොටසෙදි අදහස් බලාපොරොත්තු වෙනවා..

      ඒක නෙමෙයි රූ අක්කේ.. මම බ්ලොග් පටන් ගත්තු කාලේ ඉදන් තාමත් ඒ වගේම මම ලියන ඒවා බලන්න ඇවිත් කමෙන්ට් කරලා යන එකම එක්කනා අක්කා තමයි.. ඒකට ගොඩක් ස්තූතියි හදවතින්ම..

      Delete
  19. මොනවා?????????? :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඇයි ඇයි උඹට මොකෝ උනේ??

      Delete
  20. නුවන්19 March 2013 at 23:54

    දැනුයි මේක කියවන්න උනේ.. සිරා කතාව මචං.. ඉතුරු ටිකත් ලියමු ඉක්මනට..

    ReplyDelete
    Replies
    1. ඉතුරු ටික ඉක්මනට දාන්නම් මචං.. එතකන් හෙමීට මේක බලලා ඉමු..

      Delete
    2. නුවන්20 March 2013 at 00:57

      එල.. හෙට එන්නම්..

      Delete
    3. තාමනම් ඇවිත් නෑ වගේ..

      Delete
  21. ඔන්න අද කතාව කියවන්න පටන් ගත්තා.

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්