Wednesday, 6 March 2013

Fairy Tale of Dinesh - Finael Chapter

අරයා වගේම කොළපාට වුන ඇඟත් එක්ක මම කැලේ අස්සට රිංගුවා.. දැන් නම් මේ බාල්දි ඇති වෙලා.. මුහුද යටදි අර සීයා කිවුව විදිහට පහනේ යකා ඉන්නෙත් මේ දූපතේ.. කොහොම හරි ඌව හොයාගෙන අරයගේ සාපේ ඉවර කරන් කෙල්ලව අරන් ඉක්මනට ගමට යන්න ඕන.. තව පරක්කු උනොත් තව මොක්කු ඒවිද දන්නේ නෑ.. ඒ හන්දා ඉක්මනට කෙල්ලව මේ නාකියගෙන් බේරගෙන යන්න ඕන.. කැලේ ආසට රිංගන ගමන් මම හිතුවා..



පූස්, එතන කොච්චර විතර සෙට් එකක් ඉන්නවද?”



අහ් වැඩිය නෑ බං.. අපි තුන් දෙනාට ඒක හැන්ඩ්ල් කරන්න පුළුවන්..”



හා..”



කැලේ අස්සෙන් යද්දි ගිරා හොටේ වගේ නහය තිබ්බ සීයගේ ගල් මාලිගාව හම්බුනා.. හප්පේ ඒකේ විසාල.. මේක ඇතුලේ කොහෙන් කියලා එයාව හොයන්නද?



පුස් මේක ඇතුලේ එයාව හොයන්න ගියොත් දවස් දෙක තුනක් යාවි.. බලනවකෝ මේකේ විසාල.. උඹ බලාගත්තේ නැද්ද හරියටම කොහේද ගෙනිච්චේ කියලා..”



අනේ ඇත්තට උඹ වගේ පිස්සෙක්.. අර බලනවා ඇතුලේ කොණ්ඬේ තියාගන්න ඉඩ නැතුවද කොහෙද ජනේලෙන් එලියට දාන් ඉන්නවා..”



අම්මපා ඇත්තමයි.. කලබලේට මට ඕවා පේන්නෙත් නෑ.. අපිට හොයන් එන හන්දම කෙල්ල කොණ්ඬේ එලියට දාගෙන ඉන්නවද කොහෙද.. ඒත් ආයෙම මෙයා ඉන්නේ උස කුළුනක.. කොහොමද ඒකට නගින්නේ.. කොණ්ඬේ තව ටිකක් පහලට දාන්න කියලා කෑ ගහන්නත් බැහැනේ...



ඒ බුරුවා, අහ් නෑ අස්පයෝ.. උඹට තාම පියාඹන්න පුළුවන්ද?”



ඔවු ඇයි අහන්නේ?”



එහෙනම් අපිව අර කුළුණ උඩට ගෙනියනවා..”



හරි..”



මම පූස්වත් උස්සගෙන අස්පයා උඩට නැඟලා හොඳට අල්ල ගත්තා.. මොකද කලින් වතාවේ ගිය ගමනේ අත්දැකීම් තියෙන හන්දා.. කෝකටත් කියලා හුක් අංකල්ගෙන් උස්සපු කඩුවත් හොදට අල්ල ගත්තා.. නැත්නම් අන්තිමේ ෆයිට් කරන්න ගිහින් ඕවා හොයන්න බෑ.. දෙවනි පාරත් කඩුව නැතිවුනොත් අරයා මොනා නොහිතයිද?



කලින් වතාවට වැඩිය මේ පාරනම් මූ හොදට පියාඹනවා.. දැන් අස්සයෙක් හන්දද කොහේද? වැඩි සද්ද බද්ද නැතුවම ගිහින් අරයා ඉන්න ජනේලේ ලගට කිට්ටු වුනා.. වැඩි කලබලයක් නෑ.. මම කෝකටත් කියලා මගේ උකුලේ තියන් ආව පූසව ජනේලෙන් ඇතුලට විසි කලා.. ලග හිටියනම් ඌ මට ගහන ටයප් එකේ ලුක් එකක් ඌ මට දැම්මත් මම ගණන් නොගෙන හිටියා.. ඇතුලේ අවුලක් නැති හන්දා ඌ මට සිග්නල් එක දුන්නම මාත් ටක් ගාලා ඇතුලට පැන්නා.. ඒත් කෝ මේ කෙල්ල... කොණ්ඬේ තියෙනවා කෙල්ල නෑ.. කොණ්ඬෙ වැටිලා තියෙන දිගේ ඇවිදන් යද්දි එයා ඉන්නවා ඇදක් උඩ හොදට හාන්සි වෙලා.. හරියට නිකන් හොලිඩේ එකකට වැකේශන් ආවා වගේ..



ඒ මේ නැගිටින්න.. ඔහොම දොයියලා පුළුවන්ද?”



මගේ කටහඬ ඇහුනම හෙමීට එයා ඇස් ඇරලා මං දිහා බැළුවා.. ඒ වුනාට තාම නිකන් දොයි මතේ වගේ.. ඒත් මාව දැක්ක ගමන් කෙල්ල එක පාරම බය වුනා..



බය වෙන්න එපා බබා.. මේ මම.. අර නාකියගේ සාපේ හන්දා මෙහෙම වුනේ..”



මගේ සාපෙන් බෙර ගන්න ඇවිත් ඔයත් ඒකම දා ගත්තද? මැට්ටා වීරයා වෙන්න ගියානේ ඉතින්..”



එයා ඉවරයක් නැතුව කියවනවා.. කෙල්ලන්ගේ හැටිමද මන්දා.. ඉන්න තැනත් මතක නෑ මොහොකට හරි කෑ ගහන්න ගියාම..



මේ ඕවට පස්සේ රණ්ඬු වෙමුද.. ඉස්සෙලා මෙතනින් යමු.. අස්සයා පිටේ නගින්න.. ජනේලෙන් පැනලා යමු අපි..”



එහෙම ගිහින් හරි යන්නේ නෑ මැට්ටෝ.. මම දැක්ක මේ අංකල්ගේ සාලේ තියෙනවා ලොකු පහනක්.. යකා ඒකේ ඉන්නවද දන්නේ නෑ.. අපි ඒකත් බලලම යමු..”



කිවුවත් වගේ පහනත් මේ දූපතේ කොහෙ හරිනේ තියෙනවා කිවුවේ.. ඒ යකා ඉන්නෙත් මේ නාකි බූතයා ලගමද? ඕන දේකට මූණ දෙන්න ලෑස්ති වෙලා මම ඉස්සරහට ආවා.. ඒත් අරයයි අස්සයි පූසයි තාම එතනම.. මෙතනින් පැනලා යන්න උවමනාවක් නෑ වගේ..



මේ එන්නේ නැද්ද යන්න?”



යන්න කලින් ප්ලෑනක් නැද්ද?”



අහ්.. ඒකත් හැබෑව.. කලින් හැම වෙලේම වැඩේ අනා ගත්තේ හරියට ප්ලෑනක් තිබ්බේ නැති හන්දනේ..



හරි මෙහෙමයි.. අපි කාටවත් නොදැනෙන්න යමු සාලේ පහන තියෙන තැනට.. මමයි මෙයයි පහනේ යකා හොයනකන් උඹලා දෙන්න වට පිට මුර කරපං.. අර නාකියා කොයි වෙලේ කඩන් පාත් වෙයිද දන්නේ නෑනේ..”



ඕක හරියයි කියලා ශුවර්ද?”



මෙච්චර වෙලා ඕන නැති ප්‍රශ්ණ ඇහුවේ අර තඩි පූසා.. දැන් ඌට හරි යන්න බූරු අස්සයෙකුත් ඉන්නවා.. මුං අහන එවුවට උත්තර දෙන්න ගියොත් මට පිස්සු හැදෙනවා.. ඒ හන්ද මං අරයගේ අතින් අල්ලගෙන හෙමීට කාමරේ දොරත් ඇරන් පල්ලෙහට එන්න ආවා.. පඩිපෙල් බහිනවව බහිනවා ඉවරයක් නෑ.. මේවා කවුරු හැදුව ඒවද මන්දා.. මම එන ගමන් හිතුවා..



කොහොම හරි අන්තිමේ පල්ලෙහට ආවා.. අරයා කිවිව පහන ලගට ආවම මගේ ඇස් උඩ ගියා.. දෙයියනේ මෙච්චර ලොකු පහනක් මම දැක්කමයි.. ආච්චිගේ කාලේ ඉදන් අපේ ගෙදර තීනවයි කියන උඩ කුකුළා ඉන්න පහණට වඩා මම මේ ලොකු පහනක් දැක්කමයි.. මම පහන ලග ආවා.. ඒත් මේකේ යකා ඇත්ද? මම කල්පනා කලා..



බලන් ඉන්නේ ඕක අත ගාන්නකෝ..”



පහන ලගට වෙලා මම කල්පනා කර කර ඉද්දී එයා එක පාරම කියනවා.. මට මොකද්ද කිවුවේ කියලා තේරුණේ නෑ එක පාරම..



මොකද්ද?”



මොකද්ද අහන්නේ.. මීට කලින් මුකුත් අතගාලම නැද්ද? ඔන්න ඔය පහන අත ගානවා..”



ඒ කිවුවමයි මට මතක් වුනේ.. ආච්චි මට පුංචි කාලේ කිවුව කතාවකත් එහෙම තිබ්බා නේද කියලා මට මතක් වුනා.. මම පහනට ලං වෙලා ඒක අත ගාන්න හැදුවා.. ඒත්,



එහෙනම් උඹලා හංස කුමාරිව බේර ගන්න ආවා..”



කොහේ ඉදලද මන්දා අර වයර් මාරු වුන සීයා අපි ලගට ආවා.. මම ඉක්මනට බැළුවේ තඩි පූසයි බූරු අස්සයයි දිහා.. ඔත්තු බලන්න තිබ්බ උන් දෙන්න බැලින්නම් අපි ලගට වෙලා කට ඇරන් ඉන්නවා මම අරක අත ගානකන්.. අනේ ඇත්තට මෙහෙමත් උන් දෙන්නෙක්.. දැන් ඉතින් මොනවා කරන්නද?



අංකල් අපි මේක කතාබහ කරලා විසද ගන්නවද නැත්නම්?”



මොනා කතාකරන්න බං..”



අංකල් කෙලින්ම එයාගේ බලේ පාවිච්චි කරලා එක පාරම රතු එළියක් විද්දා.. කලින් වතාවේ කාපු කට්ට තාම විදවන හන්දා මාත් අංකල්ගේ රතුපාට එළිය එද්දිම පැත්තට පැන්නා.. පැනලා කඩුව අතට ගත්තා.. අංකල් එක්ක ලේසි නෑ වගේ.. මම පුළුවන් හැම තැනම කවර් වෙවි අංකල්ගේ එලි වලින් බේරෙන්න හැදුවා.. අරයා පූසවත් අතේ තියන් අස්සයා පිටි පස්සේ හැංගිලා.. එයාට කරදරයක් වෙන එකක් නෑ.. ඒ හන්දා ඒ ගැන බය වෙන්න දෙයක් නෑ.. දැන් ගේම තියෙන්නේ මායි මේ වයර් මාරු වුන අංකලුයි එක්ක.. ඒත් කොහොමද මේකව පරද්දන්නේ? මම හිතුවා..



අපි දෙන්නා එහෙ මෙහේ පැන පැන ඉද්දී අපි ඉන්න හරියෙන් එක පාරම ඇහුනේ ලොකු සද්දයක්.. එකපාරම අංකල්ගේ ගල් මාලිගේ බිත්තියක් කඩාගෙන මහ විසාල සතෙක් මතු වුනා..සතෙක් කිවුවට ඒකා මිනිහෙක්ද සතෙක්ද කියලා හිතා ගන්න බෑ.. කකුල් දෙකෙන් හිටගෙන හිටියට තිබුනේ සිංහ මූණක්.. ඒ යකා මොකාටද එන්න හදන්නේ ඒ පාර? මම ඌ දිහා බලන් ඉන්න ගමන් හිතුවා..



නංගී ඔයාට කරදරයක් නෑ නේද?”



මම මගේ එක්කෙනා දිහා බැළුවා.. මේ ඇවිත් තියෙන්නෙත් උදවු කාරයෙක්.. මම හිතුවා..



මේ සිංහබාහු අයියේ ඔයා ටිකක් පැත්තකට වෙලා ඉන්න.. මේක අන්තිම ෆයිට් එක.. මම මේක තනියම ෆයිට් කරන්නම්.. ඔයාලා මැද්දට පැනලා මගේ ලකුණු කපන්න එපා.. කෙල්ල වුනත් මං ගැන මොනා නොහිතයිද?”



හිතේ තිබ්බ කේන්තියත් එක්ක මං කියලා දැම්මා.. එයාව බේරන් ආව වෙලේ ඉදන් වැටුන හැම බාල්දියකදිම කවුරුහරි මැද්දට ඇවිත් අපිව බේරුවා.. දැන් ඔහොම ආවට හැමදාම ප්‍රශ්ණ ආවම බේර ගන්න කවුරුවත් නෑ.. අනික මෙයා වුනත් පස්සේ දවසක රණ්ඬු වෙද්දි කියන්න බැරි නෑ අහවලා අහවලා උදවු කරපු නිසයි ඔයා මාව බේර ගත්තේ කියලා.. ඒ හන්දා මේ සැරේ කවුරුවත් ඕන නෑ.. මම ෆුල් ගට්ස් අරන් හිතට ඒ සිංහයට කිවුවා..



සිංහයා කඩාගෙන ආව බිත්තියෙන්ම ආයෙම යද්දි දුකත් හිතුනා.. ඒත් ඒකට කමක් නෑ.. කෙල්ල මගේ.. මේ ෆයිට් එකත් මගේ.. මං ආයේම අංකල් දිහාවට හැරුනා.. හැරෙද්දිම අංකල් ආයෙම එයාගේ වැඩ දාන්න ගත්තා.. මම ආයෙම කවර් වෙලා යාන්තම් බේරුනා.. ඒත් කොච්චර වෙලා මෙහම කවර් වෙවී ඉන්නද? මොනා හලි කරන්න ඕන.. මම හිතුවා..



උඹ අද දවසම බට්ටෝ පැන පැන ඉන්නද හදන්නේ?”



ඇයි අංකල්ට ප්‍රශ්ණයක්ද?”



ඒ පාරනම් අංකල්ට හොදටම තද වුනා වගේ.. මට එවපු රතු එළියකින් එක පාරම අංකල් එයාවම වට කර ගත්තා.. මේ මනුස්සයා ඒ පාර මොනවද කරන්නේ.. මම බැළුවා.. ටිකකින් අංකල් අමුතු සතෙක් වෙන්න ගත්තා.. අත්තටු ආවා.. මූණ වෙනස් වුනා වෘකයෙක්ගේ වගේ.. මේ මොකක්ද වෙන්න යන්නේ මම හිතුවා.. දැන් අංකල් සතා හිටියට වැඩිය විසාලයි.. කලින් මගේ සයිස් එකට ඉද්දිත් ඒකව පරද්දන්න බැරි වුනා.. දැන් මං මොකද කරන්නෙ? මම දහ අතේ කල්පනා කලා..



එක පාරම පිච්චිලා යන තරම් රස්නෙකුත් එක්ක ගිණි ජාලාවක් ඇවිත් මම කවර් වෙලා හිටපු තැනට වැදුනා.. දැන් අංකල් සතා ගිණි පිට කරන්නේ කටින්.. මම අරයා ඉන්න දිහා බැළුවා.. එයාට අවුලක් නෑ.. ඒත් එයා හොදටම බය වෙලා.. ඇස් වලින් ඒක පෙනුනා.. ඉක්මනටම මේකව පරද්දන්න ඕන.. ඒත් කොහොමද? අයිඩියා එකක් එන්නෙත් නෑ.. දැන් නම් මේ කඩුවෙන් ඒකව පරද්දන එක බොරු.. ඒත් මොකක් හරි විදිහක් තියෙන්නම ඕන..



එන්න එන්නම අංකල් සතාගේ ගිණිජාලා වැඩි වෙනවා.. මම කවර් වෙලා හිටි තැනට මම යාන්තමට වගේ දැක්කා අංකල් සතා අරයා ඉන්න දිහාව බලනවා.. කරන දෙයක් දැන්ම කරන්න ඕන.. ඉක්මනට මම කවර් වෙලා හිටිය තැනින් ඇවිත් අංකල් සතාගේ එක කකුලකට කඩුවෙන් ගැහුවා.. අංකල් සතා අරයා දිහා බලන් හිටිය නිසා මම එනවා දක්කේ නෑ.. කඩුවෙන් එක කකුලකට ගහලා තුවාල කරල මම වෙන තැනකට කවර් වුනා.. අංකල් සතා වේදනාවෙන් කෑ ගහන්න ගත්තා.. මං තාම කලින් තැනමයි කියලා එතන්ට ගිණිජාලා පිඹිනවා..



මම හෙමීට කවර් වෙලා හිටිය තැනින් ඇවිත් අනිත් කකුලටත් කඩුවෙන් ගැහුවා.. අංකල් සතාට හිතා ගන්නවත් බැරි වුනා මොකද වෙන්නේ කියලා.. ඒ කකුලෙනුත් ලේ ගලන්න ගත්තා.. මම ඒකගේ බඩ යටට වෙලා කකුල් දෙකටම ආයෙම කඩු පාරවල් දෙක තුනක් දුන්නා.. ඒ පාරනම් වැඩේ හරී.. ඌට අමාරුයි.. ඌ බිම වැටෙන්නයි යන්නේ.. මලා.. අංකල් සතා වැටෙන්නේ මගේ ඇග උඩට නේද? මම ඉක්මනට බඩ යටින් එහාට පැන්නා..



ආයෙම හිට ගන්න බැරි වුනාට අංකල් සතාට තාම පණ තියෙනවා.. දැන් නිකන් හිටියොත් ආයෙම ඒකා නැගිටලා එන්න බැරි නෑ.. ඒ හන්දා ඉවරයක් කරන්න ඕන.. මම මගේ කඩුව අංකල් සතාගේ පපුව ලගට ගෙනිච්චා.. මෙච්චර කාලෙකට සතෙක් මරලා නැති මට මේකා මරන්නත් මොකක්ද වගේ.. ඒත් එහෙම කියලත් බෑ.. මම මගේ කඩුව අංකල් සතාගේ පපුව සිදුරු කරන් බැස්සුවා.. පපුවේ සිදුරෙන් අර රතු එළි විහිදිලා අංකල් සතා පරණ හිටිය අංකල්ම වුනා..



මගේ වීරයා.. කොහොමහරි දින්නා නේද?”



අස්සයා ලග හැංගිලා හිටිය එයා මං ළගට දුවලා ඇවිත් මාව බදා ගත්තා.. බදා ගෙන උම්මා දෙන්න ගත්තා.. අර බූරු අස්සයයි තඩි පුසයිත් බලන් ඉන්නවා.. ඒත් මොකො වෙන්නේ.. ඔන්න ඔහේ කියලා මාත් උම්මා දුන්නා..



නැතුව පැටියෝ.. මේක ලේසි වැඩක්නේ..”



ලේසි වැඩක්? ඔවු මම දැක්කා.. මෙන්න මෙහේ එනවා මේ සාපේ ඉවර කරන් ගෙදර යන්න..”



මමත් ඕන නැති එවුවමයි කියන්නේ.. හොදට හම්බුන උම්මා එකත් නැති වුනා.. කිව්වත් වගේ තාම මේක ඉවර නැහැනේ.. මේ පහනේ යකා හොයන්නත් ඕනනේ.. මම ආයෙම ගියා අර තඩි පහන ලගට.. ගිහින් ඒක අත් දෙකෙන්ම අල්ලලා අතුල්ලන්න ගත්තා.. එක පාරම නිල් පාට දුමක් එක්ක නිල් පාට බූතයෙක් ඒ පහනෙන් මතු වුනා.. ඇති යාන්තම්.. මේකා වෙන්න ඇති අපිට ඕන යකා.. මම හිතුවා..



ඇලඩින්, මොකද බං උඹ ඕක අතුල්ලනන මෙච්චර පරක්කු වුනේ?”



ඒකා ආව ගමන් මන් දිහා බලන් කෑ ගහන්න ගත්තා.. ඒ පාර ඇලඩින් කාරයෙක්ව අල්ලන්.. මට ඒකටනම් තද වුනා.. මොකද අපේ තාත්තගේ වින්කලේ මයින හම අදින එකත් ඇලඩින්.. උගේ නම මට කියලා කතා කරන්න..



මේ බූතයෝ මම දන්නේ නෑ ඕවා.. හෙන ගේමක් දීලා අපි උඹව හොයා ගත්තේ.. අපිට මෙන්න ඒ ප්‍රශ්ණේ විසදලා දෙනවා..”



මම බූතයට මුල ඉදන් අගටම ෆුල් ස්ටෝරි එක කිවුවා.. ඒකා හොදට වාඩි වෙලා එක පාරම මවා ගත්ත පොප්කෝන් එකකුත් කන ගමන් අපේ ස්ටෝරිය අහගෙන හිටියා..



අයියෝ හරි ලේසියිනේ..”



එහෙනම් කියනවකෝ..”



දැන් දෙන්නම රෑ වෙද්දි කොල පාට වෙන එකේ දෙන්නටම එකම බෙහෙත තමා තියෙන්නේ.. දැන් ඔහොමම දෙන්නා ගමට ගිහින් කසාද බඳින්න.. බැඳලා එදාට මං මේ කියන විදිහට කරන්න..”



බූතයා මගේ කරට අත දාගෙන ටිකක් එහාට එක්කන් ගියා.. අරයට ඇහෙන්නේ නැති වෙන තැනකට..



ඇයි මොකෝ කේස් එක? මොකද්ද මම කරන්න ඕන..”



අරයට ඇහෙන්න නැති වෙන්න බූතයා මට කරන්න ඕන ඔක්කොම මුල ඉදන් පැහැදිලි කරා.. බුතයා කියපුවට මාව නිකන් කරකවලා අත ඇරියා වගේ.. හැබැයි මොනා වුනත් ඒක හරි සෝයි බෙහෙත.. බලන් යද්දී මම දැනන් හිටියම බෙහෙතක්නේ ඒකත්..



මේ ශුවර්ද ඕකට හරි යනවා කියලා?”



ආයේ මේ මොනා අහනවද? කිරි ගහට උල් පිහියෙන් ඇන්න වගේ වරදින්නේ නෑ..”



එහෙනම් ඒකත් හරි.. දැන් ඉතින් ගමට යන්න තියෙන්නේ.. ඒත් දැන් ගමට යන පාර හොයා ගන්න හෙනම ගේමක් දෙන්න වෙනවා.. මෙයාව ඉක්මනට උස්සන් යන්න කියලා හිතාගෙන ආවට දැන් කී තැනක රස්තියාදු වෙන්න වුනාද? කොහොමද පාර හොයා ගන්නේ..



ආ මෙන්න මේ පාපිස්සේ නැගලා ගෙදර යනවා..”



අර බූතයට අපේ හිත් කියවන්නත් පුළුවන්ද කොහේද? අහන්නත් කලින්ම ඒකා පාපිස්සක් දුන්නා ගෙදර යන්න.. හොද වෙලාවට අර මට හොරෙන් කියපුවා ගැන මම හිතන්න ගියේ නැත්තේ.. නැත්නම් ඒකත් ඒකට ඇහෙනවනේ.. මේකත් ඇහෙනව ඇති නේ.. ඒ හන්දා හිතන්න හොද නෑ..



බූතයා දුන්න පාපිස්සේ නැගලා අපි හතර දෙනාම ආයෙම එන්න ආවා.. මම එන අතරේ මගේ එක්කෙනාව හොදට තුරුල් කර ගත්තා.. එයත් හරි ආසයි මගේ පපුවට ඔළුව තියා ගන්න.. නළලට උම්මා එකක් දිලා හෙමිට ඔළුව අත ගගා අහසින් එන ගමන් මල් කඩන්න හැදුවට මෙයා මට තුරුළු වුන ගමන් දොයි.. මදැයි මම මල් කඩන්න හැදුවා.. එයා නිදි අතරේ තව හොදට මගේ ලගට තුරුළු කර ගෙන පාපිස්සෙ පාවි පාවි මගේ ගමට එන්න ආවා..



හොද වෙලාවට දවල්ට අපේ කොළ පාට පේන්නේ නෑ.. නැත්නම් අම්මයි ආච්චියි බය වෙනවා.. මග එද්දිම අපි ආයෙම හිටපු ගානට ආවා.. එයාගේ ලස්සන චොකෝ පාට දැක්කම මට ආසාවේ බෑ.. හුගක් දුර අහසේ පා වෙලා ආවට පස්සේ යාන්තම් ගමට ආවා.. තාත්තගේ කම්මලේ දුම සෑහෙන උසට පේනවා.. ඒ කියන්නේ තාත්තා නම් හොදටම වැඩ.. ඒක හොදයි.. කෙලින්ම අම්මටම මෙයාව පෙන්නලා වැඩේ කියන්න පුළුවන්..



පාපිස්සෙන් අපි එද්දි ගමම බලනවා අපි දිහා.. ගමේ උන්ටත් ඕන නැති දෙයක් නෑ.. ගේ ගාවින්ම බැහැලා මෙයාගේ කොණ්ඩෙත් අතට ගුලි කරන් ටක් ගලා ගෙදට්ට රිංගුවා.. අම්මා කුස්සියේ උයනවා.. මම කලබලේට සීන් එක ඔක්කොම කියාගෙන ගියා.. බැලින්නම් තාත්තත් කෑම මේසේ ඉදන් කෑම කනවා..



තාත්තේ අපිට අදම බඳින්න ඕන..”



ඇයි මොකද උඹට ඔච්චර හදිස්සි?”



ගෙදර අයට ඔක්කොම විස්තර කියන්න යන එක හරි නෑ.. ඒ හන්දා මම හේතු පැහැදිළි කරන්න ගියේ නෑ..



මම යනවා ගමේ රෙජිස්ටාර් ගාවට.. අද මම මෙයාව කසාද බැඳලමයි එන්නේ..”



ඕන දෙයක් වෙන්න කියලා මම එයාගේ අතින් ඇදන් එළියට ආවා.. කෙල්ලව පන්නං ආව එකේ ගෙදට්ට හොරෙන්ම බැන්ඳම මොකෝ වෙන්නේ.. රෙජිස්ටාර් අංකල් ඔෆිස් එක වහලා යන්න ඔන්න මෙන්න.. අපි කොම හරි චාටුවෙන් ඇතුලට රිංග ගත්තා.. අරයගේ වයසත් හරි හන්දා රෙගිස්ටාර් අංකල් කසාදේ කරන්න කැමති වුනා.. මගේ පැත්තට අස්සයා උගේ අස්ස ලාඩම සාක්කි කියන තැන මඩ පිටින් තියලා සයින් කලා.. අරයගේ පැත්තට පූසා උගේ ඇගිලි මාක් එක තිබ්බා.. දැන් හරි.. මෙච්චර වෙලා කට්ට කෑවේ මේකටනේ ඉතින්.. මම කල්පනා කලා.. ඔෆිස් එක ඇතුලෙම එයාව අල්ලගෙන ලොකූ උම්මා එකක් දුන්නා සතුටට..

ඒ ඔක්කොම වැඩ කරන් රෑ වෙන්න කලින් ගෙට රිංග ගත්තා.. ගෙට කිවුවට ඉතින් කෙලින්ම කාමරේට තමයි.. කාමරේට එන අස්සේ මට අහුනා තාත්තා බනිනවා මූට තදියම කියලා.. මම නෑහුනා වගේ ආවා.. අපිනේ දන්නේ අපේ අමාරුව.. ඈතින් ටිකක් කළුවර වීගෙන එද්දී අපි දෙන්නම ආයෙම කොළ පාට වුනා.. බූතයා කිවුව ඒවත් මතක් කරන් මම හෙමීට එයාට ලං වුනා.. එයත් ලැජ්ජාවෙන් ඇඹරෙනවා..



ලැජ්ජ වෙලා බෑ ඒ.. සාපේ ඉවර කරන්නත් ඕනනේ..”



කවුද මෝඩයෝ ලැජ්ජ වුනේ.. මෙන්න මෙහේ එනවා..”



…...............................

And Then They Lived Happily Ever After

The End..

25 comments:

  1. හුරේ එක වෙලා කියවනවා.... කොයිතරම් රොමෑන්ටික්ද දන්නෑ අප්පා..බයත් හිතෙනවා..

    ReplyDelete
  2. මරු බෙහෙත. හික් හික් හික් කතාව කම්මැලි නැතිවෙන්න ලියල තියෙනවා.

    ReplyDelete
  3. //And Then They Lived Happily Ever After// හුරේ!!! එහෙම එපැයි වෙන්න.. :D

    මේ සුරංගනා කතා "කොත්තුව" මම හෙන ආසවෙන් කියෙව්වෙ ... ලස්සනයි!!!මරු!!! තවත් කතාවක් ලියන්න ජය!!!

    ReplyDelete
  4. අනේ මන්දා මේක ඉවර වෙලා නේ.. කොහොම නමුත් ලස්සනට ලියල ඉවර කරලා තියනවා. මගේ ඩිස්නිලන්ත සංචාරය නිමයි. දැන් කොනකට ගිහිං සම්බෝල එක්ක පාන් කෑල්ලක් කාල වැඩේ ඉවර කරන්න ඕනේ.

    ReplyDelete
  5. මෙන්න මෙහෙ එන්න කියල මුනාද අප්පා කොලේ...?? ^_^

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. ෂා මාරයි..නියමයි මල්ලියෝ..අනේ අර බේත හොයා ගන්න මොකටද ‍ඔච්චර දුර ගියේ...මේ ගොන් මොලේට එකවත් තේරුනේ නැද්ද...මං ඔන්න මෙගා එව්වගෙන් කියවපු දෙවෙනි කතාව...අනික ලොකු මැට්ටිගේ දෙනුවන් අනුහස්...

    ReplyDelete
  8. හපොයි අර කොණ්ඩ පතේ නම් දැන් කපල දාන්න වෙයි වගේ.... නැත්නම් ඉතින් ඕක හෝදන්න ගියාම..? ඕකට උකුණෙක්වත් වැහුවොත් එහෙම...? කාටද පරිප්පුව...!!

    කතාව ඉවර උනු එක ගැන දුකයි...

    ReplyDelete
  9. මදෑ බෙහෙතක් හොයන්න ගිහින් උන වැඩේ...මරු කතාව..

    ReplyDelete
  10. //අස්සයා ලග හැංගිලා හිටිය එයා මං ළගට දුවලා ඇවිත් මාව බදා ගත්තා.. බදා ගෙන උම්මා දෙන්න ගත්තා.. අර බූරු අස්සයයි තඩි පුසයිත් බලන් ඉන්නවා.. ඒත් මොකො වෙන්නේ.. ඔන්න ඔහේ කියලා මාත් උම්මා දුන්නා..//

    අර ෆොටෝ එකේ තියන විදියටද? :D

    //And Then They Lived Happily Ever After//

    කැමතිම මේ කෑල්ලට...:)

    ReplyDelete
  11. සෑහෙන්න කාලෙකින් කියවපු වෙනස්ම විදිහක කථාවක්...අසාවෙන් කියෙව්වෙ:D ආයෙත් වෙලාවක මේවගේ සුරංගනා කථා ලියන්නකො :)

    ReplyDelete
  12. මලයා ඉතාම ආසාවෙන් කියෙව් කතාවක් මේක..සුප්රා ඈ..

    ReplyDelete
  13. කාලෙකින් ෆ්රුට් ඇන්ඩ් නට් අයිස් ක්‍රීම් එකක් කෑවා වගේ. ලස්සනයි. ආසයි. නියමයි. !

    ReplyDelete
  14. ඩිස්නි කොත්තුව ඉවරයි...සුපිරි වැඩෙ...

    ReplyDelete
  15. හි හි.. කාටූන් ටික අච්චාරු කරලා හදපු කාටුන් අච්චාරුවත් නරක නෑ දිනේශ්... හි හි

    ReplyDelete
  16. හී... සෝයි අනේ... මදැයි ඔයින් ගියා..
    අම්මියෝ මේකේ ඇතුලේ තිබ්බ කතා තොගේ..
    කිවුවත් වගේ අච්චාරුවක් ම තමා.. හැබැයි අඹ, අම්බරැල්ල,අන්නාසි, සීනි, මිරිස්, ලුණු, ගම්මිරිස් පදමට තිබිච්ච අච්චාරුවක්..
    ජය වේවා!!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
  17. නියම කතාව ඈ.. මල් විසි එකයි...

    රහසින් : මේ අර වයර් මාරු අංකල්ගෙ ඇඩ්‍රස් එක දියන්කො..

    ReplyDelete
  18. ලක්සනයි කතාව...අදනේ කමෙන්ට් කරන්න හම්බුණේ.ආයෙත් ලියමු මෙහෙම ෆෙයරි ටේල් එකක් ඈ..)))


    ප.ලි_
    සුරංගනා කතාවක් වගේ ජිවිතයකට මගෙන් සුබ පැතුම් ඒ එක්කම..)))

    ReplyDelete
  19. කලින් කතා හයත් එක්කම එක පාර කියවනන්ම් බන් . . කියවලාම කියනන්ම් කොහොමද කියලා

    ReplyDelete
  20. මේකනම් නියම රොමෑන්ටික් සුරංගනා කතාවක්ම තමයි..

    ReplyDelete
  21. කථාව සුරංගනා වෙන්නේ එය විඳින්න බැරි මිනිස්සුන්ට.ඔයාලා දෙන්නා පෙම්වතුන්ට ආදර්ශයක්.පෙම්වතුන් කිව්වම හෙට දවස සැලසුම් කරන දෙදෙනෙක් වෙන්න ඕන.එහෙම නැතිව අද දවස විඳලා හෙට දවස විඳවන සැමරුමක් නොවන කථාවක් නොවිය යුතුය.ඇස්වහක් නොවේවා! ඔබ දෙන්නාට.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. මෙතන මම සුරංගනා කථා ගැන ලියපු එක වැරදි විදියට වටහා ගන්න ඒපා.දයානන්ද අයියා උඩින් දාලා තියෙන එකට කියපු කථාවක් නෙමෙයි.ඇතමෙක් මේ කථා වලට හිනා වෙනවා.ඒ අයටයි මම මේ කිව්වේ.

      Delete
  22. පිස්සු හැදෙන කතාවක්නෙ. අන්තිම හරිය තව ටිකක් ලියන්න එපැයි :D!
    ආයෙ මේ වගේ එකක් ලියමු

    ReplyDelete
  23. අනේ... ෂෝයි අප්පා.... ආසාවේ බෑ.... අලී ප්‍රේමාන්විතයි..... ;)
    නියමම නියමයි. හරිම ආසාවෙන් කියවපු කතාවක් දිනේෂ්..... :)

    ReplyDelete
  24. මදාරා අක්කගෙ බ්ලොග් එකෙන් තමයි දිනේශ් අයියගෙ සුරංගනා කතා වලට පාර හොයා ගත්තෙ. මේ වීකෙන්ඩ් එකේනම් මුකුත්ම ලියන්නෙ නෑ. කියවන්න සුරංගනා කතා ගොඩායි....

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්