Fairy Tale of Dinesh - Chapter 6
ඒ
පාර කවුද මේ ඒරියල් ගාන්නේ ?
මම වටපිට බැලුවා..
ඈත වයසක මනුස්සයෙක්..
දියකිඳුරෙක්ගේ වල්ගෙකුත්
තියෙනවා.. ඒ මදිවට
අතේ ලොකු ත්‍රිශූලයක්..
සුදුම සුදු රැවුලකුත්
එක්ක ඔටුන්නකුත් දාලා හිටියා..
මේ මොන ජෝකර් කෙනෙක්ද?
එක පාරම මට හිතුනේ
එහෙම.. ඒත් මොකද මෙයා
මගේ එක්කෙනාට දුව කියන්නේ?
මම කල්පනා කලා.. කෝම
හරි කමක් නෑ අපිව බේර ගන්නනේ
ආවේ..
සීයව
දැකලා ආන්ටිත් ටිකක් කලබල
වුනා වගේ දැක්කා.. ඒත්
එයාගේ සැර අඩු වුනා නම් පෙනුනේ
නෑ.. මට දාපු ලුක්
එකම සීයට දාන් ඉන්නවා.. සීයත්
එහෙමමයි.. ත්‍රීශූලේ
අතේ තියන් ආන්ටි දිහාටම දික්
කරන් ඉන්නවා.. දෙන්නගේ
පරණ සීන් එකක් මොකක් හරි ඇති..
මම බලාගෙන ඉන්න අතරේ
කල්පනා කලා..
සීයත්
නිකන්ම හිටියේ නෑ.. ත්‍රිශූලේ
දික් කර කර එක එක එලි යවනවා..
ආන්ටිත් ඒවා කවර්
කරනවා.. හැමෝම බලන්
හිටියේ ඒ දිහා.. කට
ඇරන් බලන් ඉදලා හරි යන්නෙත්
නෑනේ.. ටිකක් වෙලා
බලන් ඉද්දී මට හිතුනා.. මම
මොකද කරන්නේ? වට
පිට බැලුවා අයිඩියා එකක්
ගන්න.. අපිව හිර කරන්
හිටිය කුඩුවේ දොර ඇරපු බව දැන්
ආන්ටිට මතක නැති පාටයි.. ඒ
හන්දා කරන දෙයක් කරන්න දැන්
තමයි හොදම වෙලාව..
මම
සිප්පි කට්ටෙන් එලියට ඔළුව
දාලා බැලුවා වලිය යන අතරේ..
ගල් පරයි ඒවා අස්සේ
හැංගිලා ෆයිට් එක දිහා කට ඇරන්
බලන් ඉන්න සුට්ටන් මාළුයි
විතරයි එක පාරම දැක්කේ..
සීයටත් දැන් ටිකක්
මහන්සී පාටයි.. ආන්ටිට
ගහන පාරවල් වල එච්චරම පනක්
නෑ.. මොනා හරි කරනවනම්
දැම්ම කරන්න ඕන.. මම
ආයෙම වට පිට බැලුවා..
ගල්
පර අස්සේ වැවුන දිය සෙවෙල වගේ
දිග වැල් වගයක් දැක්කේ එතකොට..
මේකෙන් වැඩක් ගන්න
පුළුවන්.. මම හිතුවා..
“ ඒ
පූස් මෙහේ එනවා..”
“ මොකෝ?”
“ අර
වැල් ටිකක් කඩන් එනවා.. අපි
ආන්ටිගේ අර අඬු ටික ගැට ගහමු..”
“ වෙන
අයිඩියා ආවෙම නැද්ද ඔය මොළේට..”
“ දැනට
ආවේ මෙච්චරයි.. කිවුවම
ඒක කරනවකෝ..”
කිසි
කමකට නැති පූසෙක්.. දෙයක්
කිවුවමත් මුංට සෑහෙන ප්‍රශ්ණ..
ආන්ටිට නොපෙනෙන්න ඌ
පැත්තකට පීනද්දී මාත් අනික්
පැත්තට පීනලා ගියා..
“ ඒ,
මේක ඇතුළේ කළුවරයි
මට බයයි..”
“ අහ්..
කෝ එහෙනම් එන්න මාත්
එක්ක..”
චණ්ඩියා
කළුවරට බයයි.. තනි
කරන්නත් බෑනේ ඉතින්.. මගේ
ලව් එකනේ.. එයත්
එක්කම පීනලා ගිහින් ලොකු වැල්
ටිකක් කඩාගෙන පූසත් එක්ක එකතු
වෙලා ආන්ටිගේ කකුල් ඔක්කොමගෙම
එයාටත් නොතේරෙන්න අල්ලලා ගැට
ගහගත්තා ලාවට.. දැන්
තියෙන්නේ ඇදලා අරන් ලොකු
ගටයක් ගහලා ආන්ටිව හිර කර ගන්න
එක..
“ පූස්
මම කියද්දී ගානට අදිනවා
හොදේ.. පිස්සු නම්
නටන්න එපා..”
“ හරි
හරි බං..”
ඔය
හරි හරි කිවුවට මට ඌ ගැන සත
පහක විශ්වාසයක් නෑ.. ඒ
වුනත් අපි එක්ක ආව එකානේ ඉතින්..
සීයගේ ත්‍රිශූලෙත්
පණ නැති වී ගෙන එද්දීම වගේ
මායි පූසයි ආන්ටිගේ කකුල්
ගැටගහපු වැල් ටික එක පාරම
ඇද්දා.. ආන්ටිට හිතා
ගන්නවත් බැරි වුනා.. අපි
දිහා බලලා අපේ පැත්තට එන්න
හැදුවත් එයාට එන්න බැරි වුනා..
මාත් ටක් ගලා වැල් ටික
අල්ලලා ගැටයක් දැම්මා..
“ පූස්
මේක මැද්දට ඇගිල්ල තියනවා මං
ගැටේ ගහනකන්..”
“ ඕක
හරියයි කියලා ශුවර්ද?”
කේන්තියට
ඌ දිහා බලද්දී ඌ වෙන මුකුත්
නොකියම ඇගිල්ල තිබ්බා..
මාත් ගැටේ ගැහුවා..
“ ඔය
ගෑණු ගැටේ නේද?”
“ මගෙන්
මුකුත් අහගන්න එපා..”
යාන්තම්
ගැටේ දා ගත්තා.. ආන්ටි
සැරෙන්ඩර්.. සැරෙන්ඩර්
කිවුවට මොකද පීනන්න බැරුව
ආන්ටි ගල් පර වලටම කෙලින්ම
වැටිලා නතර වුනා.. එයා
කලින් සද්දේ දාන් හිටිය සුට්ටන්
මාළුවො ටික උන්ට චාන්ස් එක ආව වෙලේ
ආන්ටි උඩ නැගන් ආන්ටිට ගහනවා..
මම දැකලා නොදැක්කා
වගේ හිටියා..
“ ඒරියල්
දුව ඔයා හොදින්ද?”
සීයා
හති ඇර ඇර අපි ගාවට ඇව්ත්
අහනවා.. මෙයා මොකද
මගේ එක්කෙනාට ඒරියල් කියන්නේ?
මෙයාගේ ඇන්ටනාව මාරු
වෙලාවත්ද? මම හිතුවා..
“ සීයේ
මේ ඒරියල් නෙමෙයි.. මගේ
එක්කෙනා..”
සීයා
බලපු විදිහට සීයට තද වුන් ලුක්
එකක් තිබ්බේ.. මම
ඊට එහා මුකුත් කියන්න ගියේ
නෑ.. සීයා මගේ එක්කෙනාගේ
ඔළුව අත ගගා කතාව.. වුන
හැම සීන් එකක්ම එයත් ෆාස්ෆෝවර්ඩ්
කරලා සීයා එක්ක කිවුවා..
දැන් ඉතින් මේ කතාව
කී දෙනක්ට කියන්න වුනාද? මම
කල්පනා කලා..
“ ඔය
පහනේ යකා ඉන්න ඉසවුව මම දන්නවා
දුවේ..”
“ ඒ
කොහේද?”
“ එකපාරම
නොපෙනෙන හැංගිලා තියෙන සරු
භූමියක.. ඒකට හැමෝටම
යන්න බෑ.. යන්නේ
අයිතිකාරයෝ විතරමයි..”
ඒ
පාර සීයා මොනා කියනවද මන්දා..
මේ වතුර යට ඉදන් සරු
භූමි කොහෙන් හොයන්නද? ඒත්
අහගෙන හිටියා.. කාගෙන් වුනත් උදව් වටින හන්දා..
“ යමු
මම ඒ කිට්ටුවට එක්කන් යන්නම්..
හැබැයි ඊට එහා එන්න
බෑ..”
“ ඒ
මොකෝ සීයේ ?”
“ මැට්ටෝ..
වතුරෙන් ගොඩ උඹලට ඉන්න
පුළුවන් වුනාට මට ඉන්න පුළුවන්ද?”
ශික්
ලැජ්ජාවයි.. මාත්
අහන්නෙම ගොන් ප්‍රශ්ණමනේ..
කෙල්ල ඉසරහා මෙහෙමත්
චාටර් වෙන්න පුළුවන්ද?
සීයගේ පස්සෙන් අපි
තුන් දෙනත් හුගක් දුර පීනලා
ආවා.. ඒ එන අස්සේ
සීයා මුහුද යට එයාගේ ඒරියා
ඒකේ ලස්සන තැන් පෙන්නනවා..
මගදී පුස්ටත් පූසියෙක්
සෙට් වුනා.. සීයා
හැබැයි ඒකටනම් බැන්නා..
කැට් ෆිශ්ලටයි උඹටයි
එකට ඉන්න පුළුවන්ද කියලා සීයා
බර බරේ දැම්මා.. උගේ
මූණ මැලවෙද්දි මටත් දුක හිතුනා
හැබැයි.. මොනා උනත්
ඌ අපිට හෙල්ප් කලානේ..
පූස්
වත් අමාරුවෙන් හිත හදාගෙන
සීයත් එක්ක ඇවිත් මුහුද යට
මහා ගුහාවක් වගේ එකක් යටින්
එළියට ආවා.. පැය
ගානකට පස්සේ වතුරෙන් ගොඩට
ආවේ.. සීයා කිවුවා
වගේම ඈතින් පේන්න තිබ්බේ ලස්සන
දූපතක්.. කවුරුවත්
ඉන්න පාටක් නම් පේන්න තිබ්බේ
නෑ...
“ ඒරියල්
දුව.. මේ තමයි මම ඒ
කිව්ව දූපත..”
“ අපි
කොහොමද මේකේ පහනේ යකාව හොයා
ගන්නේ?”
“ ඒක
ඉතින් මෙයාගේ වැඩක්.. මම
දන්නේ නෑ එවුවා..”
සීයා
මං දිහා බලලා කියනවා.. ඇයි
හත්වලාමේ මම දන්නවද ඔව්වා..
ඒත් දන්නේ නෑ කියලත්
කෝමද? මෙච්චර දුරක්
ආව එකේ අන්තිම ෆයිට් එකත් නොදී
බැහැනේ... මම හිතුවා..
සීයා දුරට වෙලා බලන්
ඉද්දී අපි තුන් දෙනාම පීනලා
ආවා දූපතට..බැලූ බැල්මට ඒක මහ පාළුයි වගේ ලස්සන
කොම වුනත්..
දැන්
නම් හොද ගනන් ඇඟට.. මම
හිතුවා.. ඇයි දෙයියනේ
උදේ ඉදන් කීයක් දේවල්ද?
අරයගේ මූණත් ලාවට
මැළවිලා වගේ.. කෙල්ලටත්
මහන්සි ඇති.. දවස
තිස්සේ අර කුළුණට වෙලා ඉන්නවා
වගේය ඉතින් මේ පැනලා යන ගමන..
ටිකක් ලගට ගිහින්
ආදරෙන් කතා කරන්න හිතුනා මට..
“ ඒ
පූස්, ටිකක් දූපත
වටේ රවුමක් ගහලා විස්තර බලන්
එනෝකෝ..”
“ මේ
විකාර කියන්න එපා.. මට
තව අඩියක් ඇවිදින්න බෑ..”
“ ගොනෝ,
ටිකක් තේරුම් ගන්නවකෝ..”
මම
ඇහෙන් අරයව පෙන්නන ගමන් පුස්ට
කිවුවා.. ඒ පාරනම්
යන්තම් ඌට වැඩේ තේරුණා.. ඌ
ශේප් එකේ අපෙන් ඈතට යද්දී මම
හෙමින් අරයා ලගට ලං වුනා..
පවු කෙල්ල.. වෙලාවකට
දුකයිත් එක්ක..
“ ඔයාට
මහන්සිද?”
“ ඔවු
ටිකක්..”
“ කෝ
එන්න එහෙනම් මගේ ලගට තුරුල්
වෙලා ඉන්න..”
මට
ඒක කියලා ඉවර කරන්න වුනේ නෑ
හොරා වගේ මට තුරුළු වෙලා මගේ
පපුවේ මූණ හංගගෙනත් ඉවරයි..
හිතට අමුතුම උණුසුමක්
දැනුනා එයාගේ හුස්ම පපුවට
වැදෙද්දි.. මාත් තව
ටිකක් එයාව තුරුල් කර ගත්තා..
“ ඔළුව
ටිකක් අත ගාන්න රත්තරං..”
“ හා
කෝ එන්න.. ඇස් දෙක
පියා ගන්න මගේ පැටියා..”
මං
හෙමීට එයාගේ ඔළුව අත ගාන්න
ගත්තා.. ආදරෙත්
වෙලාවකට හරිම පුදුමයි..
අහම්බෙන් වගේ හම්බුවෙලා
මෙච්චරම ඉක්මනට මේ තරම් ආදරයක්
ඇති වෙයි කියලා කොහෙත්ම හිතුනේ
නෑ... මේක සංසාර
බැදීමක්.. කලින්
කවද හරි ආත්මෙක සම්පූර්ණ කර
ගන්න බැරි වුන ආදරයක් ආයෙම එතන
ඉදන් පටන් ගත්තා වගෙයි දැනෙන්නේ..
කොහොම වුනත් ඔයා මගේ..
මේ ආදරේ මම අත අරින්නේ
නෑ.. ඔයාව මගේ ලගට
ගන්නවාමයි..
මම
මගේ හිතත් එක්ක කතා කරද්දී
එයාට හොදටම නින්ද ගිහින්..
සුරංගනාවියකගෙයි
මෙයාගෙයි වැඩි වෙනසක් නෑ
ඇත්තටම.. ගමට එක්කන්
ගියාට පස්සේ අපේ ආච්චිට කියලා
හොද ලස්සන පිම්බුන ගවුමකුයි,
සුරංගනාවියකගේ වගේ
පිහාටු දෙකකුයි, අතට
තරුවකුයි දීලා අන්දලා හැඩ
බලන්න ඕන.. එයා නිදි
අතරේ මං කල්පනා කලා..
හැන්දෑ
වෙන්නත් ඇවිත්.. බැහැගෙන
යන ඉර ඇවිල්ලා එයාගේ ඇගට වැටුනම
කෙල්ලගේ චොකෝ පාට ලස්සනට
දිළිසුනා.. මාත්
ආසාවෙන් බලන් හිටියා..
හැන්දෑව ආව හන්දා
එයාගේ සාපේ මතුවෙලා ආයෙම කොල
පාට වුනා.. මට දුකත්
හිතුනා.. කොහොම හරි
ඉක්මනට මේ මඟුල ඉවරයක් කරන්න
ඕන.. මම හිතුවා..
ඒත්
මේ දූපතේ කොහෙන්ද යකෙක්
හොයන්නේ... මම ටිකක්
වට පිට බැලුවා.. මම
දැක්කා ඈතින් පූස් එනවා..
උගේ මුණත් එච්චරම හොද
නෑ වගේ..
“ මොකෝ
උනේ?”
අර
සීයාගේ වයසත් එක්ක මෙමෙරි
අවුල් වෙලා අපිව වෙන කොහේ හරි
ගෙනත් දැම්මද? මම
වට පිට බලන ගමන් කල්පනා කලා..
මේ කැලේ අතර මැද පහනක්
කොහෙන් කියලා හොයන්නද?
කරුවලේ ටිකක් වට පිට
බලද්දී දැක්කේ බය හිතෙන රවුම්
එලි දෙකක්.. සුදුපාටට
දිළිසෙනවා..
මම
ටිකක් හොදට බැලුවා.. ඒක
ඇස් දෙකක්.. බලාගෙන
ඉද්දී ඒක ටිකින් ටික ලගට ආවා..
අපි
ලගට ආවේ වයසක මනුස්සයෙක්
ආයෙම.. මූණ පුරා
අමුතු විදිහට රැවුල වවා ගත්ත,
තට්ටේ තියෙන, ලොකු ඇස්
දෙකක් තියෙන, දැක්කත් බය හිතෙන
ජාතියේ මිනිහෙක්.. ඒ
මදිවට ලොකු ඝණ කබායකුත් ඇදලා..
දැක්කම පේන්නේ
ගෝණිබිල්ලෙක් වගේ.. අපේ
ගමේ පොඩි උන්නම් මෙලහටත් බයේ
හැංගිලා මේ මනුස්සයා දැකලා..
මේ මනුස්සයත් මොකට
එනවද දන්නේ නෑ.. කෝකටත්
මම මගේ එක්කෙනාගේ අතින් අල්ලලා
ලගට ගත්තා..
හංස
කුමාරි? මට නම් දැන්
මේක ඇති වෙලා.. කී
දෙනෙක් මෙයාට කීයක් දේවල්
කියාගෙන ආවද? අපි
ඇරෙන්න අනිත් හැමෝගෙම වයර්
මාරු වෙලාද කොහේද? බැරිම
තැන මම කතා කලා..
“ ඒ
පාර අංකල්ට මොනවද ඕන?”
“ සාප
කරන්න..”
“ අර
මොකෝ?”
අංකල්
ටිකක් වෙලා ඔළුව කැසුවා..
සාප කරන්න ආවට මොකද
හේතුව මතක නැතුවද කොහෙද?
එහෙම නැත්නම් ඇත්තටම
වයර් මාරු වෙලා..
“ මාව
හිර කරලා තිබ්බට සාප කරන්න
ඕන..”
මම
මගේ එක්කෙනා දිහා බැලුවා..
මෙච්චර දවසක් කුළුණක
හිර වෙලා හිටියේ එයා.. දැන්
මේ නාකියෙක් ඇවිත් එයාව හිර
කලාට සාප කරන්න හදනවා..
මම
චන්ඬියා වගේ එයාගේ ඉස්සරහින්
හිට ගත්තා.. වෙන ඕනම
දෙයක් කියලා හිතාගෙන..
“ අනේ
රත්තරං පරිස්සමින්..”
පිටිපස්සේ
ඉදන් එයා මගේ අතේ එල්ලෙනවා..
ඒ ආදරේට.. මාත්
ඒකනේ එයාට හුගක්ම ආදරේ කරන්නේ..
“ බය
වෙන්න එපා බබා.. මේ
මනුස්සයගේ වයර් මාරු වෙලා..
මුකුත් වෙන්නේ නෑ..”
මම
එයාගේ හිත හදලා ආයෙම අර මනුස්සයා
දිහා බැලුවා.. බලලා
හිතට ගැම්මක් අරං ඒ මිනිහා
දිහාම බලාගෙන හිටියා..
“ හරි
එහෙනම් උඹයි ඉස්සෙල්ලා..”
එහෙම
කියපු ඒ නාකියා මොනවද මතුරන්න
ගත්තා.. ඒ එක්කම ඒ
මිනිහගේ අත් වටේන් රතු පාර
එළියක් මතු වුනා.. ඒක
කෙලින්ම ඇවිත් වැදුනේ මට..
වට පිටාවම කැරකෙනවා
වගේ මට දැනුනේ.. ටිකකින්
බිම වැටුනා මගේ මතකයි..
….......................................................
මූණට
දැනුන අමුතු සීතලත් එක්ක
ඇහැරුනා.. ඇහැරුනාට
වඩා අස්සයෙක් මගේ ඉස්සරහා
ඉදන් මූණ ලෙවකනවා.. මේ
මොකෙද්ද මේ? මොකද
උනේ? ඔළුවත් එක්ක
රිදෙනවා.. මම නැගිට්ටා..
නැගිට්ට නිකන් පා
වෙනවා වගේ.. අහ් කෝ
එයා..
“ පූස්
කෝ එයා..”
“ මචං,
උඹට සිහි නැති වෙලේ
අර නාකියා කෙල්ලව උස්සන්
ගියා..”
“ මොකක්..
එතකොට මේ කවුද?”
“ උඹට
මාව මතක නැද්ද? ඇවිද
ගන්න මග පණ නැතුව ඉද්දී මම උඹව
කුළුණ ලගට ගිහින් දැම්මේ..”
“ එතකොට
උඹ බූරුවනේ.. අස්සයා
වුනේ කොහොමද?”
“ ගොනෝ..
උඹට මම අස්සයා වුන හැටිද
වැදගත් කෙල්ල බේර ගන්න එකද?”
ඒකත්
ඇත්ත.. නැගිට්ට ගමන්
විකාරෙන් වගේ මමත් මොනා කියනවද
මන්දා.. පුළුවන්
ඉක්මනට මම නැගිට්ටා.. ඒත්
අර නාකියා එයාව කොහේ ගෙනියන්න
ඇත්ද? දැන් කොහෙන්
කියලා හොයන්නද? මම
කල්පනා කලා..
“ මචං
අර නාකියා කෙල්ලව කැලේ මැද
ගල් මාලිගේකට අරං ගියා.. මම
හෙමින් පස්සෙන් ගිහින් තැන
බලා ගත්තා.. එතන්නට
නම් යන්න පුළුවන්.. ඒත්
පොඩි අවුලක් තියෙනවා..”
“ ඒ
මොකද්ද?”
“ පොඩ්ඩක්
බලපං උඹ දිහා..”
මං
දිහා බලන්නේ මොකටද? මං
හිතුවා.. වැඩිය
නොහිතම මම මගේ අත පය අනික්
අවයව දිහා බැළුවා.. මොනවා..
මේක වෙන්නේ කෝමද?
මාත් කොළ පාට වුනේ
කොහොමද? අහ් හරි අර
නාකි මිනිහගේ සාපේ වැදුනේ මට
නේද.. දැන් කොහොමද
මේ මඟුලෙන් ගැලවෙන්නේ..
ඊටත් වඩා අරයව බේර
ගන්න යන්න ඕන..
…...............................................
අරයා
වගේම කොලපාට වුන මම අන්තිම
සටනින් කෙල්ල කොහොම බේර ගනියිද?
ඒක අවසාන කොටසින්..










මේ මම තරයේ විරැද්ද වෙනවා මං ගැන මෙහෙම ප්‍රසිද්ධියේ කියනවට. :පී අර කළුවරට බය එක එහෙම කියනවද මං අහන්නේ :|
ReplyDeleteහොද වැඩේ අර නාකියා මෙයාව කොළ පාට කරපු එක. හික් හික්....
අහ්.. උයා ගැන උනාට ඉතින් ඔයාගේ දඟ වැඩනේ බබෝ ලිවුවේ.. ආදරෙයිනේ මං ඉතින්.. උම්ම්ම්ම්ම්මා..
Delete//ත්‍රිශූලේ දික් කර කර එක එක එලි යවනවා.//
ReplyDeleteශිව දෙවියෝවත්ද? :)
මේ අර කලුවරට බය කතාව කීවට මාත් විරුද්ධයි හොඳේ...:D
ඇහ් පොඩ්ඩි අක්කත් කළුවරට බයයි කිවුවා.. විශ්වාස කරන්නත් බෑනේ.. කමක් නෑ ඉතින් අරයා ඉන්නවනේ නේද.. ;)
Deleteඅඩේ ඉවර කරන්ඩ එපා දිනේශ් අයියේ.
ReplyDeleteඉවර නොකර බෑ මලයා.. තව ලියන්න දේවල් තීනවනේ..
Deleteආදරේට නේ ලියන්නේ තරහා ගන්න එපා මදාරා නඟෝ.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
එයා ඔය කිවුවට තරහා වෙන්නේ නෑ.. මම දන්නේ නැද්ද එයා ගැන..
Deleteමන් මේක පාඩම් කරගන්නව කවදක හරි මගේ මුණුපුරන්ට කියන්න.
ReplyDeleteආ බං අනුරාධ, මුණුපුරන්ට කියන්න කලින් උඹේ ළමයින්ගේ වාරේ එනවනේ..
Deleteමං නම් කතාවෙ වැඩිපුරම ආස චරිතය අර පූසා...ෂෝක් ඌ :D
ReplyDeleteඊලඟ එක අන්තිම කොටසද? අයියෝ..
හෙහ් ඔයා ආස පූසටද? ඌ හෙන අන්ඩපාලයා ඒ.. ලිවුව මමමයි කියන්නේ..
Deleteයාස් යාස්.. ෆයිනල් චැප්ටර් එක එනවා..
අලූ මාත් කියවනා මේක මුල ඉදලම..බලනවකෝ මේ කතාවේ ඉතුරු කොටස් වලට මම එක වෙලා චොකෝ ගන්නෙ නැද්ද කියලා.
ReplyDeleteමෙයා දුවන් එද්දී තව එක කොටසයි මට දාන්න තියෙන්නේ.. ඒ හූ ඈ.. බැරිය මෙයා එක වෙලා චොකෝ ගනිද්දී..
Deleteලංකාවෙ ලොකුම ෆෝරම් ඵකට තාම ගියේ නැද්ද..දැන්ම යන්න ගිහින් රෙඡිස්ටර් වෙන්න http://justcrowd.net/
ReplyDeleteගිහින් බැළුවෙමි..
DeleteThis comment has been removed by the author.
ReplyDeleteනියමයි මලයා මගේ දුවත් ආසාවෙන් කියෙව්වා මේක.. මේ උඩින් කමෙන්ට් එක දාන එකා මොකාද මගේ හැම පිටුවකමත් දාලා ගිහින්.
ReplyDeleteඇත්තමද නලීන් අයියේ.. ඒක අහලනම් සතුටුයි.. හැබැයි මේකේ මං ලියපු භාෂා විලාශය එක්ක මම කල්පනා කලේ ළමයට මේක හොදද නැද්ද කියලා..
Deleteඑකා ගැන දන්නේ නෑ අයියේ.. මට නම් අදම තමා වැටුනේ..
මාරම මාර කතාවක්.. අම්මපා මේවා කීවොත් මයේ කෙල්ල බයවෙනවා සුවර්..
ReplyDeleteකියවන්න දෙන්න එපා කෝමත් ඇලෙක්ස් අයියේ.. ඔයා මේක මතක තියන් කිවුවත් ඕන නැති කෑලි කපලා දන්න කියන්න ඒ..
Deleteඔන්න එක හුස්මට සේරම කියෙව්වා..නියමයි..එකෝට ඊලග කොටසින් කතාව ඉවරද අනේ..ඉක්මනට දානවා හරිද නැත්නම් මාත් කඩුවක් හොයාගෙන එනවා සටනට.
ReplyDeleteහැබෑටම මේ කොටස නම් මාරම රොමෑන්ටික් අප්පා..ඇඩෙනවා....:P
මෙයා වැඩත් පාඩු කරන් ඔක්කොම කියොලා.. ඒ තැන්කූ ඈ..
Deleteහා හා මේ උයා කඩු උස්සන් ආවොත් මාත් එනවා හලී..
අඩන්න එපා ඒ.. ඊළග එකේ තව අඬන්න වෙනවා..
ඔය කලුවරට බය කට්ටියට මමත් අයිතියි...:b
ReplyDeleteමේක හොලිවූඩ් වල කාටූන් වලට වඩා හොඳයි...
හිතුවට වැඩිය මේ අක්කලා බයයිනේ කළුවරට.. හා හා.. අපි මුකුත් කියන්නේ නෑ..
Deleteමැද ඉඳන් බලල වැඩක් නෑ. ඒ හින්ද හැකි වෙලාවක බලන්නම් ඔක්කොම. මේ දවස් වල ටිකක් නිදහසක් ආව. :D
ReplyDeleteඅහ් අනිවා.. හෙමීට බලන් එමූ අන්තිම කොටස බලන්න..
Deleteමේකේ ෆයිට් කරනවට වැඩිය වැඩක් නෑ නේ.. ඇත්තටම ඕක සාමකාමීව ගෙනියන්නම බෑ ද ඈ?
ReplyDeleteමං ආස නෑ අප්පා ෆයිට් සීං වලට..
ඒ අර පූසා ට වතුර ඇලජික් නෑ නේ.. අපේ ගෙවල් පැත්තේ පූසන්ටත් ජලභීතිකාව ;)
ජය වේවා!!!
සිනා බෝ වේවා!!!
බෑ ඒ.. අපි වලියට බරයිනේ දන්නේ නැද්ද? ෆයිට් නැතුව වැඩක් නෑනේ..
Deleteමට නම් ආරංචි ඒ පැත්තේ පණුවොත් වතුරට ඇලජික් කියලා.. ඇත්තද දන්නේ නෑ..
අන්තිම කොටස ඉක්මනට ඔනෙ...
ReplyDeleteබදාදට දෙන්නම්..
Deleteහොද හොද සිං තව ඉස්සරහටද ?
ReplyDeleteතව ගොඩක් නෑ.. අන්තිම කොටසින් විතරයි..
Deleteඅ... ඊලඟට අන්තිම කොටසද?? :( :/
ReplyDeleteහෆ්ෆේ.... රොමෑන්ටික්!!!!ඊලඟ කොටස අන්තිම එකනම්.., ඒක කොහොම රොමෑන්ටික් වෙයිද?? :D මරු මරු!!!
කරන්න දෙයක් නෑ හිතු.. අවසානයක් දෙන්නම එපැයි මේකට..
Deleteඅන්තිම එකේ රොමැන්ස් ෆයිට් සිංදු, අහ් නෑ නෑ සිංදු නෑ ඒ.. අනික්වා ඔක්කොම තිනවා..
මේ කතාව නම් නියමෙටම ලියනවා ඒකටම හරියන පිංතූර ටික.
ReplyDeleteහපෝ පහනේ යකෙක් ගැනත් කියල තියෙන්නේ...
ReplyDeleteඅඩේ පට්ටයිනේ... සිඟිති කතාවක් උනත ලොවෙත් නෑ අෆ්ෆා... එළම එළ
ReplyDelete