Friday, 1 March 2013

Fairy Tale of Dinesh - Chapter 5


ඔක්කොම ගානට ලෑස්ති කරන් බලන් හිටියා.. පපුව ඒත් ඩිග් ඩිග් ගානවා.. මොකද මාත් එක්ක ඉන්න උන් ශුවර් නැති ගන්දා.. වෙලාව බලලා මම පූසන්ට ඇහැක් ගැහුවා.. මෙන්න මුං මටත් ඇස් ගහනවා.. මං ආයෙම ඇහෙන් සිග්නල් එකක් දුන්නා.. මොන මුං මං කරන එකම කරනවා.. හරියට අර කතාවේ වදුරෝ වගේ..

ඕක කපහං බං..”


කේන්තියටම වගේ ටිකක් හයියෙන් කියවුනා.. කේන්ති නොයා කෝමද මේ වගේ උන් ටිකක් එක්ක මගේ කෙල්ල බේර ගන්න යද්දී.. ඒ කියපු එකත් අරුංට කෝම උනත් හුක්ගේ ම්නිස්සුන්ටනම් ඇහුනා.. උන් අපි ඉන්න පැත්තට එන්න ගත්තා.. උන් ලගට එද්දිම වගේ අරුන් දෙන්නා අරකත් කැපුවා.. මෝඩයෝ දෙන්නා.. කලින් කැපුවනම් එකක්.. පහු උනයින් ඒක වැටුනේ ටික දෙනෙක්ගේ ඇග උඩට.. උන් දඟලද්දි අනික් උන් ආවා අපි ලගට..



හරියට කඩු ෆයිට් බැරි උනත් ඒක නොපෙන්නා මම ඉස්සෙල්ල පැනලා ෆයිට් කලා.. අරයත් අතට අහු උන මොකද්ද පොල්ලකින් එතන හිටිය පොඩිම එකෙක් අල්ලගෙන ගහනවා මම දැක්කා.. හුක් අංකල් වෙන කඩුවක් උස්සන් ඇවිත් මාත් එක්ක ෆයිට් කලා.. ඒකගේ කඩුවයි අනික් අතේ කොක්කයි එක්ක මට ලේසි නෑ..




ලාවට වගේ මට සයිඩ් එකෙන් පේනවා මෑඩ් අංකල්ව.. අංකල් නාකි උනාට කොල්ලා වගේනේ.. එකෙක්ට අඩ් හයක් විතර උඩ පැනලා ගහපු කික් එක දිහා මායි හුක් අංකලුයි ෆයිට් එක නවත්තලා බලන් හිටියා.. මෑඩ් අංකල් මටත් වැඩිය දක්ශයනේ.. මට ලැජ්ජයිත් එක්ක.. අරයත් බලන් ඉන්නවද දන්නේ නෑ.. මම ඉක්මනට මගේ වැඩ පෙන්නන්න හුක් අංකල් එක්ක ෆයිට් එක පටන් ගත්තා..

හුක් අංකල් එක්ක ලේසි නෑ.. මොකක් හරි හොර වැඩක් කරන්න ඕන.. ඒත් මොකද්ද කරන්නේ.. ෆයිට් එක අස්සේ මම හිතුවා..


හුක් අංකල් අර..”

මම එක පාරම අනික් අත දික් කරලා ඈත පෙන්නුවා.. අංකලුත් ෆයිට් එක නවත්තලා ඒ දිහා බැළුවා.. අංකල් එහේ බලද්දිම මම මගේ කඩුවේ මිටෙන් අංකල්ගේ ඔළුවට ගැහුවා.. අංකල් එතනමයි.. මට මාර හැපී.. අමුතු ගැම්මකින් මම අනික් පැත්ත බැළුවා.. අරයා මං දිහා කන්න වගේ බලන් ඉන්නවා.. මලා.. මං හොර කරනවා දැක්කද?

මම මට නෙමෙයි වගේ අහක බලාගෙන නැවේ ගැට ගහලා තිබ්බ පොඩි බෝට්ටුව ලගට ගියා.. ඒක ලිහලා අර ගත්තා අරයව එක්කන් යන්න.. මම ඉක්මනට පොඩි බෝට්ටුවට බැහැලා අරයට එන්න අත දික් කලා.. ගවුමත් අතින් අල්ලන් එයා බහින්න ලෑස්තිය..

හරි ලස්සන වට පිටාව..”

මගේ කටටත් බ්‍රේක් නෑ.. ඔහේ කියවුනා.. හැබැයි කාටවටත් තේරුනේ නෑ හොද වෙලාවට.. අරයා අමාරුවෙන් ඇවිත් බෝට්ටුවේ වාඩි උනා.. මං ලාවට හිනාවක් දැම්මා.. අවුලක් නෑ.. පූස් තඩියත් උඩ ඉදලා පැන්නා..

මෑඩ් අංකල් එන්නේ නැද්ද?”

නෑ මල්ලි.. හුක් එක්ක මගේ පොඩි ගණුදෙනුවක් තීනවා..”

අංකල් එහෙම කියලා නැවතුනා.. මාත් හෙමීට බෝට්ටුව පදින්න ගත්තා.. හුක් අංකල්ගේ නැවෙන් අපි එහාට යනකන් මෑඩ් අංකල් බලාගෙන හිටියා..

ඇලිස් දුවව හොදට බලාගනින් මල්ලියේ..”

ඒක ඇහුන ගමන් අරයා අනිත් පැත්ත හැරෙන්න හැදුවේ අනිවා ආයෙම අංකල්ට බනින්න හන්දා මම අතින් අල්ලලා නවත්ත ගත්තා.. ඈත අපි නොපෙනී යනකම්ම මෑඩ් අංකල් අත වන වන හිටියා.. මොනා උනත් හොද මනුස්සයා.. ලාවට වගේ අංකල් පිටි පස්සෙන් හුක් අංකල් හිට ගන්නවත් දැක්කද මන්දා.. එක්කෝ මට පෙනුන හැටි වෙන්න ඇති.. මම දිහටම හඹල් ගෑවා..



මහන්සියටත් එක්ක එක්ක අරයට ලාවට නින්ද ගිහින්.. මෙයාගේ ලස්සන.. මම තනියම කල්පනා කලා.. දිග මූණයි.. බෝලගෙඩි වගේ ඇස් දෙකයි.. රෝස පාට තොල් දෙකයි.. ලස්සන කොණ්ඬෙයි.. හම්මේ.. කෝම හරි ඉතින් දැන් මෙයා මගේනේ.. බෝට්ටුවත් පදින ගමන් එයා දිහා බලාගෙන ඉද්දි මගේ හිතට එක එක ඒවා ගලාගෙන එන්න ආවා.. මම ඒවා නැති වෙන්නත් එක්ක සිංදුවක් කිවුවා..

දිය කිඳුරිය සේ සාඟරේ
දෝතින් ගෙන ආ ආදරේ...”

සිංදුව කිය කිය වැඩි වෙලා ඉන්න උනේ නෑ.. මුහුදේ වතුර ටිකක් එක පාරම වැඩි වෙනවා වගේ දැනුනා.. මම ඉක්මනට සිංදුව නැවැත්තුවා.. මම මොනාහරි කලොත් ඔහොමම තමයි.. මුහුද මැද අහසත් එක පාරම අඳුරු වෙලා ගියා.. අකුණු සද්දෙට අරයත් ඉක්මනට ඇහැරිලා මගේ ලගට ආවා..

කෝ දියකිදුරි?”

අපි ගාව එක පාරම මගත ගෑණියෙක්ව.. ඒ ගෑණිගේ කැත.. මම තනියම හිතුවා.. සුදු කොණ්ඬෙත් එක්ක.. ඒ ඔක්කොමත් හරි ටිකින් ටික ලං වෙද්දී දැක්කේ ඒ ගෑණිගේ ඉනෙන් පහල ඔක්කොම බූ වල්ලෙක් වගේ.. මේ මොකෙද්ද මේ? අරයව තව ටිකක් ලං කර ගන්න ගමන් මම හිතුවා.. පහන හොයන්න යන එක ලේසි වෙන්නේ නෑ.. ඒවා අස්සේ මට හිතුනා.. ඒ ගෑණි එක පාරම වේගෙන් ආවේ අපේ බෝට්ටුව ලගට.. ඒ වේගෙට බෝට්ටුව පෙරෙලුනේ නැති එකම පුදුමයි..

උඹේ දිව මට දෙන්නම් කියලා කොහේද පැනලා ගියේ?”

මගේ එක්කෙනා ලගට ලං වෙලා ඒ ගෑණි අහනවා.. දිව දෙන්න? මගදි බාල්දි දාන හැම එකාම මොකද එක එක එවම ඉල්ලන්නේ.. වස්තුවක් ඉල්ලපු එකෙක්ගෙන් යන්තම් බේරිලා ආව විතරයි.. දැන් මේ ගෑණියෙක් ඇවිත් දිවක් ඉල්ලනවා.. මොකටද මේ ගෑණිට දිවක් මම කල්පනා කලා..

මම හිතන්නේ ආන්ටිට පොඩි වැරදීමක් වෙලා.. අපි මේ වෙන ගමනක් යන ගමන්..”

ඒ ගෑණි මං දිහා බලපු බැලිල්ලට මාවත් නිකන් කොර වෙලා ගියා.. මම ශේප් එකේ පූසා දිහා බැළුවා.. ඌ ඌට නෙමෙයි වගේ අහක බලා ගත්තා.. ඒ අස්සේ අරයා මගේ අතින් මිරිකනවා.. කෙල්ල බයේද කොහේද..

ආන්ටි මොකද්ද මේ දිවේ කතාව?”

බැරිම තැන මම ඇහුවා.. වලියක් දා ගන්න කලින් ඒකට හේතුවවත් අඩු ගානේ දැනන් ඉන්න ඕනනේ..

දවසක් මං ලගට ඇවිත් මැජික් අරිශ්ඨයක් අරන් ගිහින් බීලා කකුල් දෙකක් මවාගෙන මනුස්සයෙක් උනේ මට කටහඬ දෙන්නම් කියලා පොරොන්දු වෙලා.. ඒ උනාව මම ටිකක් එහා මෙහා වෙනකන් ඉදලා අරිශ්ඨේ අරන් පැනලා ගියා..”

මේ මොනාද මේ මනුස්සයා කියන්නේ.. මම අරයා දිහා බැළුවා..

ඇත්තද පැටියෝ මේ කියන්නේ..”

නෑ රත්තරන්..”

කෙල්ල හෙමීට හැංගෙනවා.. බය වෙලා.. මට දුකත් හිතුනා.. මේ නාකි ගෑණිට පිස්සුද කොහේද? නැත්නම් මෙහෙම විකාර කියවයියැ.. කට වහන් ඉදලා බෑ.. ගෙදර එක්කන් යනකන් එන මොකාගෙන් උනත් කෙල්ල බේර ගන්න ඕන.. හඹල අත ඇරලා මම නැගිටින්න හැදුවා විතරයි ඒ ගෑණි එක පාරම මහා කුණාටුවක් මැවුවා.. හොදට තිබ්බ මුහුද එක පාරම මහ රැළි ගහන්න ගත්තා.. උසට නැග්ග මහ රැල්ලක් එක පාරම බෝට්ටුවත් කඩාගෙන ගියා.. මම ඉක්මනට අරයව අල්ල ගත්තා.. ඒ එක්කම වගේ අර ගෑණි බූවල්ලගේ අඩු වලින් අපි තුන් දෙනාවත් අල්ලගෙන මුහුද ඇතුලටම පීනලා ගියා..


මුහුද ඇතුළ මම මෙච්චර හොදට දැක්කමයි.. එක එක මාලිගා අරව මෙවුවා ගොඩයි.. ඒ උනාට ආවේ ලස්සන බලන්න නෙමෙයි නේ.. ආයෙම හිර කාරයෝ වෙන්න.. මහ අඳුරු ගුහාවක ඒ ගෑණි අපිව හිර කලා.. මට මාරම ප්‍රශ්ණේ.. අපි කොහොමද මෙච්චර වෙලා හුස්ම ගන්නේ.. හරි නම් මේ වෙද්දි මැරිලා ඉන්න ඕන.. ඒත් එහෙම නෑනේ.. කෝම හරි කමක් නෑ හුස්ම වැටෙනවනේ.. ඉතින් මොකටද ඕවා හිතන්නේ.. මම තනියම කියා ගත්තා.. ලොකු මුතු බෙල්ලෙක්ගේ කට්ටක් වගේ එකක අපිව දාලා ඒ ගෑණි අපිව වැහුවා..

පූස් පැනලා යන්න පුළුවන් විදිහක් කියනවකෝ?”

කල්පනා කරලා කරලා බැරිම තැන මම ඌට කිවුවා..අඩු ගානේ ඌට මට වැඩිය මොලේ ඇති කියලා හිතලා..

මඟුලක් කියනවා.. මම මේ උඹම මොනා හරි කරනකන් බලන් ඉන්නවා..”

දැන් ඔක්කොම මමද කරන්න ඕන?”

නැතුව.. කෙල්ල උඹේනේ... මගේද?”

උගේ කතාවත් ඇත්ත.. මෙච්චර දුර කට්ට කාගෙන ආවේ මේ කෙල්ල මගේ හන්දනේ... උගෙන් අහලා වැඩක් නැති හන්දා මම වට පිට බැළුවා.. ඒ එක්කම වගේ අර නාකි ගෑණි එක පාරම අපේ ඉස්සරහා මතු උනා.. මුකුත් කර ගන්න විදිහක්වත් තිබුනේ නෑ..

මම අද උඹේ දිව කපලා ගන්නවාමයි..”


කම්බි කපන අඬුවක් අතේ තියාගෙන ඒ ගෑණි අපි ලගට ලං වෙනවා.. කලින් දවස් වල චන්ඬියා වගේ හිටියට මොකද අද නම් මෙයා ටිකක් බය වෙලා.. සද්දේ වැහිලා.. දිව කපනවා කිවුවම බය වෙන එක අහන්නත් දෙයක්ද.. එයා මෙච්චර වෙලාවක් යුද්ධ කලේ කටින්නේ.. කෙල්ල එන්න එන්නම මගේ අස්සේ හැංගෙනවා..



හෙහ් හෙහ් හෙහ්..”

ඒ ගැණි මහ කැත හිනාවක් හයියේන් දැම්මා.. මම ආසම නැත්තේ ඔය වගේ හිනාවල් වලට.. අහන් ඉන්නත් අප්සට් වගේ.. අපිව දාලා හිටිය සිප්පි කටුව වගේ එකේ දොර ඒ ගෑණි ඇරියා.. ඇරලා අඬුවත් දික් කරන් ටිකින් ටික අපි ගාවට ආවා.. මේ සැරේ මොකද කරන්නේ? මගේ හිත මාත් එක්කම ලොකු කතාවක්.. ගොඩබිමදි මොන අංචියක් ඇදලා හරි බේරුනාට මොකද මේ පාරනම් වැඩේ අවුල්.. කිසි ගැලවිල්ලක් නෑ වගේ..

ඒරියල් දුව..”

කවුදෝ කතා කරන සද්දෙකුත් එක්ක එක පාරම ලොකු එළියක් විහිදෙන්න ගත්තා.. ඒ පාර කවුද? මම එළිය ආව පැත්ත දිහා බැළුවා..

…...................................

කවුද ඒ පාර ආවේ.. උදවුවට කෙනෙක්ද නැත්නම් තව තරහා කාරයෙක්ද? ඒක ඊළග කොටසින්..



54 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. අහ්.. ඔවු ඔවු ටිකක් අළුතින් දැම්මා ඒ.. මෙයා ඊළග ඒවත් බලලා චන්ඬියා වගේ කියනවා ඉතින්.. අහ් ගොඩක් දෙබස් අපේ ඒවනේ ඒ.. ;)

      Delete
  2. ඒරියල් දුව ? කවුද බලමු ඒරියල් එකක් වගේ දිග දුවක්ද ?

    ReplyDelete
    Replies
    1. හෙහ්.. නෑ නෑ එහෙමම නෑ මම හිතන්නේ..

      Delete
  3. ඉතුරු ටික ලියපං දිනේෂ් මල්ලි ෆාමසියේ වැඩ නවත්තලා හරි.. ඈ බං.. මෙහෙම එව්වා ලියන්න පුළුවන් නං කෙලින්ම පොත් ලියන්න පටන්ගන්නයි තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. තව කොටස් දෙකයි ඇලෙක්ස් අයියේ.. ටිකක් ඉවසමු.. මේක මේ ආතල් එකට ලිවුව එකක් ඒ.. දන්නේ නැද්ද ඉතින්..

      Delete
    2. නුවන්2 March 2013 at 00:16

      අනිවා අනිවා. දැන්නම් අපිට මේකේ අන්තිම දැන ගන්න හදිස්සි වගේ. අගේ නොකර ලියහන්කො.

      Delete
    3. හෙට හෙට මචෝ.. උදේම බලමු..

      Delete
  4. ඒරියල් දුව????????
    මට දැං ටිකක් ඇන්ටෙනා වගේ...
    බලමු ඊලග කෑල්ලත් කියෝලා...

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. ඉවසලා ඉදින්...

      Delete
  5. අලේ මම ආසම පොටෝ එකක් තියෙන්නෙ අන්තිමට,, ඒරියල් දුව කියන්නේ.. අර අරයා නේද?? මර්මයිඩ්ගේ කවුරු හරි නේද?? ලිට්ල් මර්මයිඩ්ගෙද මන්දා.. O.o

    ReplyDelete
    Replies
    1. හී හී.. මෙන්න මෙයා ගෙස් කරනෝ....

      Delete
  6. අයියෝ එක ප්‍රශ්නයක් ඉවරවෙන කොට තව ප්‍රශ්නයක් එනවනෙ. පව් මේ දෙන්නා.. බලමුකො ඉස්සරහට මොනවද වෙන්නෙ කියල..

    ReplyDelete
    Replies
    1. අහ්.. එහෙම තමා.. අරයත් බැන්නා දෙන්න ලවු කරන්නේ නැද්ද ඒ වලි දා ගන්නවා ඇරෙන්න කියලා.. ඊළග එක සුට්ටක් වෙනස් කරන්න ඕන..

      Delete
    2. නුවන්2 March 2013 at 00:18

      කිවුවත් වගේ ටිකක් පෙම් ජවනිකා දාපන් මේකට,

      Delete
    3. ඊළග එකේ තියෙනවා..

      Delete
  7. දිනේශ් අයියත් මේ දෙන්නට මාර කරදරනේ පටලවන්නෙ!

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. කරදර ටිකක් ආවම තමා ගති..

      Delete
  8. හෙහ් හෙහ් හෙහ් හෙහ් හෙහ් හෙහ් හෙහ් හෙහ් හෙහ්..........

    පුරස්න ඉවරයක් නෑනේ... බැන්දට පස්සෙ ඔයිට හපන්...එතකොට මුහුද යටදි හුස්ම ගන්න බෑ..

    ReplyDelete
    Replies
    1. ආදරේට හැමතැනම බාදානේ අයියේ..

      Delete
  9. දිනේශ් මල්ලි නියමෙට කතා ගොතනවනෙ. ඊලඟ කොටසත් ඉක්මනට දාමු.

    ReplyDelete
    Replies
    1. හෙහ් අරයත් කියන්නේ ඕකමයි.. ;)

      Delete
  10. මේක ඉවර වෙන්නේ කවද්ද? ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මූටනම් මේක එපා වෙලා.. ලබන බදාදට මේක ඉවරයි බං.. ඊට පස්සේ වෙනදා වගේ ලියන්නම්.. එතකන් ඉවසලා ඉදින්

      Delete
  11. ඊළඟ කොටසත් කියවන්න ආසයි.මේක හරියට ටෙලි කාටුනයක් වගේ

    ReplyDelete
    Replies
    1. ටිකක් විතර ටෙලි කාටූනයක් වගේ තමා ඉතින්.. තැන්කූ..

      Delete
  12. මුහුද මැද්දේ සිංදු කියන්න ගිහින් නේද නා ගත්තේ මේ පාර.... අයියෝ.... අපරාදේ කට වහන් ගියා නම් ඉවරයි......

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ.. මම ලෙඩ දා ගන්නෙම කට හන්දනේ..

      Delete
  13. කවුද බොලේ ඒරියල්??

    ReplyDelete
    Replies
    1. අරයම තමා ඒරියල්..

      Delete
  14. ඒ පාර කවුද බං ඒරියල් ගාගෙන එන්නේ?

    ReplyDelete
    Replies
    1. ඒක ඊළග කොටසින් බං..

      Delete
  15. නුවන්2 March 2013 at 00:20

    මේකට හැමදාම අළුතින් මොකෙක් හරි කඩන් පාත් වෙනවනේ බං. මම මේ ලියපු ටිකේ ආව උන් මතක් කලා. ඉස්සරහට කවුද එන්නේ කියලා ගෙස් කරන්න. මොනා උනත් එල ඈ.

    ReplyDelete
    Replies
    1. හෙහ්.. වැඩිය හිතන්න එපා බං.. දන්නේ නැද්ද මට පිස්සු කියලා..

      Delete
  16. බලමුකො ඉස්සරහට මොනවද වෙන්නෙ කියල..:)

    ReplyDelete
    Replies
    1. තව ටිකයි තියෙන්නේ මේ ඔක්කොම කචල් ඉවර වෙන්න..

      Delete
  17. //මහන්සියටත් එක්ක එක්ක අරයට ලාවට නින්ද ගිහින්.. මෙයාගේ ලස්සන.. මම තනියම කල්පනා කලා.. දිග මූණයි.. බෝලගෙඩි වගේ ඇස් දෙකයි.. රෝස පාට තොල් දෙකයි.. ලස්සන කොණ්ඬෙයි.. හම්මේ.. //

    හපොයි ඒකේ දිග...බිමත් ගෑවෙනවා...හී හී...
    කතාව ලස්සනයි දිනේශ්...:)

    ReplyDelete
    Replies
    1. බිම ගෑවෙනවා විතරක්නම් මදැයි.. ඒක ඊටත් එහානේ..

      Delete
  18. හරී ලස්සන වටපිටාව... ;)

    ReplyDelete
    Replies
    1. උඹට විතරයි බං ඒක තේරිලා තියෙන්නේ..

      Delete
  19. ලස්සනම කතාවක්

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ..

      Delete
  20. ඒ පාර කවුද අප්පා ??? ඔන්න ඔන්න මටත් කේන්ති යනවා ඈ..
    සෝයි අනේ මේ කතාව... අපි ෂෝර්ට් ෆිල්ම් එකක් හදමුද ඈ? නළු බට්ටා සහ නිලි බට්ටි ඉන්නවා නේ රෙඩී පිටම..
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. අහ් අපි බය වෙයි මෙයාට කේන්ති ගියා කියලා.. හික්ස්..

      අහ් ඔවු ඔවු මායි අරයයි කෝමත් ඉන්නවා.. පණුවව ගන්නම් අපී පූසට.. මොකෝ කියන්නේ එනවද?

      Delete
  21. මම හැදාමත්ම කියනව වගේ වර්නගේ ලියන දේවල් දිනෙන් දින රසට ලියැවෙනවා. නිරායාසයෙන් බස හසුරවනවා..කතාව ගැන හැමදාම කියන්නා සේම රසවත් ආරණීය කතාවක්. ඒකය යා වූ කාටූන් ටිකත් ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. රත්නායක අයියගෙන් ලැබුන මේ කමෙන්ට් එක හුගක් වටිනවා මට හැමදාම.. හැමදාම ඔබ මගේ මහන්සිය හුගක් අගය කරන කෙනෙක්නේ.. ගොඩක් ස්තූතියි..

      Delete
  22. පොතක් ඒම ලියන්න අදහසක් නැද්ද ඈ ,,, මරු කතාව ... දිගටම ලියන්න

    ReplyDelete
    Replies
    1. පොතක් ලියනවා.. මේ දවස් වල ඒකේ වැඩ කරන ගමන් ඉන්නේ.. ගොඩක් ස්තූතියි..

      Delete
  23. අර පූස් තඩිය නම් හරිම අණ්ඩයෙක්.. ඔක්කොම ඔයා කරනකම් බලන් ඉඳල අන්තිමට කෙල්ලව අරන් මාරු වෙයිද දන්නෙ නෑ... ළඟම ඉන්න තුන්වෙනි පාර්ශවේ ෂුවර් නෑ අප්පා... :D

    හරිම ලස්සනයි දිනේෂ් කතාව ගෙතෙන විදිය... අර ලියන පොත ගැන ආරංචිය දැක්කම නම් හරිම සතුටුයි....

    ReplyDelete
  24. කට වැඩියි කියලා කියන එකේ දිව කැපුවම ‍එක්කර ගෙන යන්න ලේසිනේ අනේ...

    ReplyDelete
  25. ම්.... ඒරියෙල් දුව!
    දිනේශ් කතාව දැන්නම් නැගල යනවා. ඉක්මනට ඉතිරිය දාන්න. අනේ මන්දා කොහොම මතක් වෙනවාද මේවා.

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්