Friday, 15 March 2013

සුන්දරම ඉරිදාව

හුඟක් වෙලා ඉදන් ඔයා එනකන් පාර බලාගෙන.. මම වේලස්සන ආවද, මෙයා පරක්කු වෙනවද මන්දා.. කෝම උනත් මම දැන් හුඟක් වෙලා ඉදන් මග බලාගෙන.. අත් ඔරලෝසුවේ වෙලාව බල බල අතට ටිකක් ලොකුවට බදින අත් ඔරලෝසුවත් අතේ එහෙ මෙහේ කරකව කරකව මම තාම පාර දිහා බලාගෙන.. ඒත් එයාව පේන මානෙකවත් නෑ.. කෝල් එකක් වත් ගන්නවද නැද්ද කිය කිය හිතත් දෙඟිඩියාවක.. මම වේලස්සන ඇවිත් කියලා එක එක ඒවා අහ ගන්නවට වැඩිය සද්ද නැතුවම ඉන්න එක හොදයි.. එහෙම හිතලා මං පාර දිහාම බලාගෙන හිටියා..



ඔක්කොම කලබල අස්සේ ලාවට වගේ පොදේකුත් යනවා.. ඔය කරලා තියෙන්නේ ඉතින්.. මම බලන් ඉන්න ගමන් කල්පනා කලා.. හැබැයි මම මේ පොඩි පොදේටත් ආසයි.. අපි ඉස්සෙලම හම්බුන දවසෙත් මේ වගේම ලාවට පොදයක් ගියා.. පුංචි පුංචි වැහි බින්දු අතරින් හුඟක් ලං වෙලා ඇවිදන් යද්දි ඒකත් හිතට අමුතුම හැඟීමක්.. හැබැයි මම කොච්චර ආස උනත් මේ පුංචි වැස්සෙත් තෙමුනම අන්තිමේ බැනුම් අහන්න ඕන.. ඒ උනාට ඒ වගේද ඒකේ තියෙන සුන්දරත්වය.. ඔය මට කෑ ගැහුවට එයත් ගෙදර ගියාට පස්සේ ඕවා ගැන හොරාට හිතනවා.. මං දන්නේ නැතුවෙයි..



මිණි මිණි පොද වැටේවි

මල් මිණි දැදිරි වේවි

ඔබ එනවානම්

දේදුණු පාළම උඩ හැන්දෑවේ

මම ඉන්නම්..



ඇහෙන්න කොහෙන්ද කියලා හිතා ගන්න බැරි උනත් වෙලාවටම ගැලපෙන සිංදුව.. පොද වැස්සත් හෙමීට වැඩි වී ගෙන එනවා වගේ.. ඒත් කෝ මෙයා.. මම හිටපු තැනින් ටිකක් එළියට ඔළුව දාලා බැළුවා.. ඒත් මෙයා නෑ පේන්නවත්.. අහසත් දැන්නම් හොදටම කළුවරයි.. තව ටිකක් ගියොත් නම් වැස්ස වැඩි වෙනවාමයි.. කෝල් එකක් වත් දීලා බලන්න ඕන කියලා හිතලා ෆෝන් එන ගනිද්දිම මෙන්න මෙයාගෙන් කෝල් එකක්..



ඒ කොහේද ඉන්නේ? මම මේ හුඟක් වෙලා මඟ බලාගෙන..”



අනේ බබා මේ වැස්සනේ.. කෝමද එන්නේ.. සුට්ටක් ඉන්නකෝ..”



එහෙම බෑ.. ඉන්න මම එන්නම්..”



මැට්ටා තෙමි තෙමි කොහේ එන්නද? ඔන්න ඔතනම ඉන්නවා..”



මමනේ දන්නේ මෙතන මෙහෙම ඉන්න තියෙන අමාරුව.. වැස්සේ හරී තෙමීගෙන දුවගෙන ගිහින් තුරුළු වෙන්න තියෙනවනම් ඊට වඩා දෙයක් තියෙනවද? අනික මේ වැහි සීතලේ... මෙතන ඉදන් චාටර් වෙනවට වැඩිය ඒක කොච්චර දෙයක්ද?



නෑ ඒ.. මම එහෙන් මෙහෙන් දාලා එන්නම්.. සුට්ටක් ඉන්නකෝ..”



ඕනි එකක්..”



ඇත්තටමද බොරුවටද මන්දා කේන්තියෙන් වගේ ෆෝන් එක තියද්දී මම වැස්සෙම බයික් එක ලගට දිවුවා..



ඔබ තෙමෙයි කියා බයයි

වැහි වසී සුළං තදයි

කුඩයට ඔරොත්තු නොදෙයි

සාරිය පිට මඩ ඉහෙයි..



බයික් එක ස්ටාට් නොකරම මම වට පිට බැළුවේ කොහෙන්ද මේ සිංදු ඇහෙනේ කියලා.. මේ වෙලාවට මේ සිංදුම මහ හයියෙන් මොකට දානවද මන්දා.. ඒත් කතවත් ඇත්ත.. එයා තාම වැඩට ආව ගමන්..  දැන් ඔය සාරියත් එක්ක මේ වැස්සේ කොහේ දුවල එන්නද මෙතන්ට.. මම යන එකමයි හොද.. මම ඉක්මනට බයික් එකට නැගලා එයාගේ ඔෆිස් එක පැත්තට ගියා..



වැස්සට මෙයා දැනටම ලාවට වගේ තෙමිලා.. ඊට වඩා මම.. ඇයි තෙමුනේ අහලා මුකුත් කියන්නත් බෑ අනික් පැත්තට මටත් අහගන්න වෙනවනේ.. ඒ හන්දා සද්ද නැතුවම හිටියා.. හිනා වෙලා ලං වෙලා උම්මා එකක් දෙන්න හදද්දී මාව තල්ලු කලා..



මැට්ටෝ.. මේ ඔෆිස් එක..”



අහ්.. එහෙනම් අපි යමු..”



මේ වැස්සේ කොහේ යන්නද.. ටිකක් ඉදලා යමු..”



එයා එහෙම කිවුවට මගේ නම් හිත කියන්නෙම සුට්ටක් වැස්ස අඩු උන ගමන්ම එළියට පනින්න.. පැනලා මෙයා එක්ක ටිකක් තෙමෙන්න.. ඒත් කිවුවත් වගේ මේක ඔෆිස් එකනේ.. මොනා කරන්නද ඉතින්.. කෝම කිවුවත් ටිකක් වෙලා ඉද්දි එයාටත් ඉන්න බෑ.. හෙමීන් මගේ ලගට ඇවිත් හේත්තු උනා.. මාත් බැළුවා ඒ ඇස් දෙක දිහා..



අපි යමුද?”



හා..”



තාම හෙමීට වැස්ස උනාට මාත් කියන පරක්කුවට එයාව බයික් එකට නග්ගගෙන ගෙදර එන්න ආවා.. ඔෆිස් එක ලග ඉදන් එයාලගේ ගෙදට්ට එච්චර දුරක් නැති එකේ මහ ගොඩක් තෙමෙන්නේ නෑනේ කියලා මාත් හෙමින් හෙමින් ගෙවල් පැත්තට එන්න ආවා.. සීතල නිසාද කොහේද මගදි ටිකින් ටික මෙයත් හොදට මට තුරුළු උනා.. මාත් ගමන ඉක්මන් නොකරම හෙමින්ම ආවා.. එක පාරම වැස්ස වැඩි කලා.. මේ පාරනම් හොදටම නා ගන්න වෙන්නේ.. මම ඉක්මන් කරලා එයාලගේ ගෙදට්ට ආවා..



ඒ අම්මලා නෑ වගේ..”



ඇත්තද? ඉතින් ශෝක් නේ..”



කපටියා.. කෝ යමු ඇතුලට.. හොදටම තෙමිලා දෙන්නම..”



කිවුවත් වගේ.. දෙන්නම හොදටම තෙමිලා..එයාගේ සාරියෙන් වතුරත් බේරෙනවා.. මදැයි මාත් පොද වැස්සේ තෙමෙන්න ආවා..



කෝ මෙහෙ එනවා ඔළුව පිහිදාන්න.. තාම පොඩි එකා වෙන්න යනවනේ..”



මට බැන බැන එයා මාව පිහිදනවා.. මාත් හොදටම ලං වුනා.. හැමදේම අස්සේ මගේ හිත ගියේ එයාගේ සුවදට.. මං ආසම ඒ සුවද.. 



කෝ ඔයා හොදටම තෙමිලා.. ඉන්න මේවා ගලවන්න..”



හ්ම්ම්..”



ලගට ලං වෙලා ඒ දෙතොල් වලට උම්මා එකක් දුන්නා.. පුරුදු මිහිරෙම අද අමුත්තක් තිබුනා.. හිත තව මොනා හරි ඉල්ලනවා වගේ දැනුනා..





සිරියහනේ ලණු ඉහිරි සුසුම් හෙලන රෑ

මකුළු දැලෙන් සිරි සිරියේ වියන් බඳින රෑ

යට ලීයෙන් නාරි ලතා මල් පූදින්නේ

යට ලීයෙන් නාරි ලතා මල් පූදින්නේ...



හුඟාක් ලගට එයාව තුරුළු කර ගත්තා.. ඒ ඇස් වල කියා ගන්න බැරි ආදරයක් දකිද්දි හිත තව තවත් වෙනම හීන ලොකෙකෙට අරං ගියා.. තවත් එයාව හුඟාක් ලං කර ගත්තා.. හීන් කෙදිරිය අතරෙම හිත් ගැහෙන හඬත් හොදටම ඇහෙනවා..



ආදරෙයි මං ඔයාට හුඟාක්..”



හැම දෙයක්ම ඉවර වෙද්දි එයා මගේ දෙතොල් වල එල්ලිලා හිටියා.. මටත් ආසාවට ඇස් පියා ගත්තා හෙමීට..



එපා.. මට ඔය දුඹුරු ඇස් බලන්න ඕන..”



හුඟාක් ලගට තුරුළු කරන් කොච්චර වෙලා හිටියද කියලා තේරුණේවත් නෑ... ඈත් වෙන්න හිතකුත් නෑ..



පණ, අම්මලා දැන් ඒවිද දන්නේ නෑ...”



දැම්ම එන එකක් නෑ.. ඔහොම ටිකක් ඉමු..”



රෝස මලක කටු ඇනුනා

හද පතුලෙන් ලේ ගැලුවා

මල් පෙති මත ලේ හැලුනා

මල රතු පාටින් දිලුනා

රෝස මලට නෑ රිදුනේ

මලේ සිනා රැල් නැගුනේ..



මං ආයෙම එයාට උම්මා එකක් දෙන්න ලං වෙද්දිම එකපාරම හයියෙන් සද්දයක් ඇහුනා.. ඒ එක්කම මේ සිංදුව..



….....................................................................



මොන මගුලක් කරනවද අංකල් ඉරිදා උදේම එඩ්වර්ඩ්ගේ සිංදු දාගෙන.. ටිකක් නිදා ගන්න දෙනවකෝ..



විශේෂයි : නිවාඩු දවසේ මගේ ආතල් හීනය කාපු අංකල් ජොන්සන්ට මාගේ බලවත් විරෝදය..

අති විශේෂයි : එඩ්වඩ් ජයකොඩි මහත්තයා මේ එකට එකක් ගැලපිලා යන සිංදු කිවුවේ ඇයිද මන්දා..



24 comments:

  1. අනේ අප්පෝ මේ අහිංසකව හිටිය කොල්ලව මදාරා තමයි අප්පා මේ තරම් නරක් කරලා තියෙන්නේ... :P
    මේකේ ලියපු සිංදු ටික මම ගොඩක් ආසයි.. වැඩිපුරම ආස
    ඔබ තෙමෙයි කියා බයයි
    වැහි වසී සුළං තදයි
    කුඩයට ඔරොත්තු නොදෙයි
    සාරිය පිට මඩ ඉහෙයි.. සිංදුවට...වලිමලයට පේන්නේ බැලින්නම් චිත්‍ර පටි හීනනේ..සැක් මට පේන්නෙම‍ ටෙලිනාට්‍ය හීන..හීනේ විනාඩි දහයක්වත් යන්නෑ..අතර මැදින්‍ වෙන වෙන ඇඩ් යනවා..

    ReplyDelete
  2. කොල්ලා හීන බැලුවා මදෑ දැන්

    ReplyDelete
  3. අයියෝ පව් මූ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  4. මෙව්වා කියෝපුවම මෙව්වා වෙනවා අප්පා.:P

    ReplyDelete
  5. අර බට්ටි කිව්වත් වගේ දිනේශ්ට පේන්නෙ චිත්‍රපටි හීනනෙ ;) මට නම් කවදාවත් එකම හීනෙ ඔය තරම් දිගට පේන්නෙ නෑ :( "ඔබ තෙමෙයි කියා බයයි" කියන්නෙ මාත් ආසම සිංදුවක්....

    ReplyDelete
  6. දිනේෂ්ටත් දැන් පේන හීන.... ඔය හීන බැලුව ඇති අනේ දැන්...

    ReplyDelete
  7. හයියෝ හොඳම හරිය නෑනේ..තව පොඩ්ඩක් දුර දිග ගියානම් බඩුම තමයි

    ReplyDelete
    Replies
    1. දෙයියනේ.! මේ පැතුම් නරක් වෙලා තියන තරම..:P :D

      Delete
  8. දිනේෂ්ගේ මේ හීනේ ගැන කියලා තියන කතාන්දරේ කියවද්දි කලකට පෙර හැබැහින් වුන මේ වගේ මගේ කතාවකුත් මට මතක් වුනා....ස්තුතියි

    ReplyDelete
  9. යටලීයේ නාරිලතා සින්දුව ගැලපෙන්නේ නැහැ නේද තේරුමට?

    ReplyDelete
  10. මේක කියවද්දි මුලින්ම මගේ ඇස් දෙක ලොකු උනා...
    ඊට පස්සෙ මගේ කට ඇරුණා
    ටිකකින් දිව එළියට පැන්නා..

    අන්තිමයට
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    මල පැන්න යකෝ.......

    ReplyDelete
  11. //එඩ්වඩ් ජයකොඩි මහත්තයා මේ එකට එකක් ගැලපිලා යන සිංදු කිවුවේ ඇයිද මන්දා..//
    ඇයි ඕව ලියපු අය...එක වගේ අත්දැකීම්ද මන්දා.

    ReplyDelete
  12. පිරිමිකමට ලියැවුණු ගී....මදැ ලස්සනට කියවගෙන එද්දි අපිවත් හිනෙං ඇහැරුණා වගේ වුණානේ.. නියමයි සාර්ථකයි.

    ReplyDelete
  13. :) ආදරයක් ගෙනියන දුරක්.. :)

    ReplyDelete
  14. :D නියම හීනයක්නෙ! හරි හරි මල්ලී තව ඉතින් ටික කාලෙනෙ ඔය හීන ඔක්කොම එලි කර ගන්න ඉවසන්න ඕනා!

    ReplyDelete
  15. narakama na dakapu hine kohoma unath lassanata liyala thiyenawa yalu

    ReplyDelete
  16. තව ඉස්සරහට තව හොඳ, හොඳ හීන පෙනෙයි...:D:D

    ReplyDelete
    Replies
    1. හික්...එක සහතික ඇත්ත....දිනේෂ් ප්‍රේමයෙන් මුසපත් වෙලා

      Delete
  17. හීන සැබැ වෙච්ච දාටත් අපිට කියන්න හොඳෙ..:P
    situation songs මරු!

    ReplyDelete
  18. හීන සැබැ වෙච්ච දාටත් අපිට කියන්න හොඳෙ..:P
    situation songs මරු!

    ReplyDelete
  19. අංකල් ජොන්සන් ගැන මගෙත් බලවත් විරෝධය..!!
    කමක් නෑ තව ටික කාලයිනේ නේද මල්ලි?!!

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්