Wednesday, 13 March 2013

නොදැක ඉන්න බෑ

ගෙවෙන හැම තත්පරේකම ජීවිතේ මගෙන් හුඟක් ඈතට ඇදගෙන යනවා වගේ දැනෙන්නේ අපි අපේ ලගම නැති නිසාද කියලත් වෙලාවකට හිතෙනවා.. ඒත් මේ ආදරේ අපි ලග නැතත් ඒ අඩුව මොහොතකටවත් නොදැනෙන්න අපි විඳින හැටි වෙලාවකට පුදුමයක්.. ඒත්, ඔයා මගේ ලග ඉන්නවා රත්තරං මම ඒක දන්නවා.. ඔයාගේ හුස්ම හැම වෙලේම මගේ ලඟම දැවටෙද්දි මම දන්නවා ඔයා මං ලඟමයි කියලා..



ඔයාට ලස්සන දවසක් හිරු කුමාරයෝ..”



අදත් උදේම නැගිටිද්දි හිනාවකුත් එක්ක මැසේජ් එක්ක දාලා ගිහින්.. ආදරේ කියන්නත් කලින් ඉදන්ම ඔයා මගේ සඳවතිය වුන ඒ මතකය ඇත්තටම හරිම ලස්සනයි.. තාමත් ඒ දේවල් මතක් වෙද්දී ඉබේම හිනාවක් එන්නේ ඒ මතක නිසා කියලා ඔයත් මමත් අපි දෙන්නම දන්නවා.. ඒ ගෙවුන හැම දවසක්ම වටින්නේ අපි දෙන්නට විතරක්මයි.. ඉක්මනට මේ දුරස් බව අඩු වෙනවනම්.. ඒ දවස ලඟම එන හීනයක්.. එතකන් ඔයත් මමත් හුඟක් ආසාවෙන් බලාගෙන ඉදිවී..



"නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී
නොලැබ ඉන්න බෑ තව නම් ඔබෙ ආදරේ
නොසිතා ඉන්න බෑ මටනම් කිසිදා ලදේ
නොවිද ඉන්න බෑ ඔබෙ ආදරේ..”


ෆෝන් එකේ සිංදුවක් දාගෙන උදේ ලෑස්ති වෙද්දි අහම්බෙන් ඇහුනේ ඒ සිංදුව.. ටික වෙලාවකට හිත කොච්චර ඈතකට ගියාද කියනවනම් හැම දෙයක්ම අතරේ ඔයාව මැවිලා පෙනුනේ අහම්බෙන් වගේ.. ඒත් හිත ඒ මොහොතට ආදරේ කලා.. ඇත්තමයි.. ඒත් ඉක්මනට ලෑස්ති වෙලා දුවලා ආවේ ඔයා මං එනකන් මග බලන් ඉන්න බව මතක් වෙලා..



අද මොකද මගේ හිරු කුමාරයා පායන්න පරක්කු වුනේ?”



දිග කතාවක්.. ඉන්නකෝ කියන්න..”



කොච්චර දිග කතාවක් වුනත් ඔයාගේ හිනාව දැක්කම සමහර වෙලාවට ඒ හැම දෙයක්ම අමතක වෙනවා.. ඉදලා හිටලා නෙමෙයි හැමදාම වගේ.. ඒත් හිත කොච්චර ගොළු වුනත් කතා කරන්න ඕන හුඟක් දේවල් මේ ඇස් කතා කරනවා.. ඔයයි මමයි රහසින්ම වගේ..



මොකෝ මචං කල්පනාව.. කෙල්ල ගැනද?”



හ්ම්ම්.. ඔව්..”



" තව ටික දවසයිනේ ඉතින්.. ඉක්මනට ගිහින් කෙල්ල උඹේ කරන් වරෙන්.. එතකොට ඔක්කොම හරිනේ..”





හැමෝගෙන්ම ඈත් වෙලා තනියම ඉන්න හැම වෙලාවකම ඔය කටහඬ ඇහෙනවා කියලා ඔයා දන්නවද? සමහර වෙලාවට මම තනියම කතා කරනවා.. ඔව් ඇත්තමයි.. තනියම හිනා වෙන වෙලාවල් නැතුවම නෙමෙයි.. ඒත් ඔයා නැති එක මොහොතක පාළුවට වැඩිය වෙලාවකට තනියම කතා කරන එක සුන්දරයි කියලත් හිතෙනව..



ඉක්මනට එන්නකො මගේ ලගට..”



හුඟක් වෙලාවට කතා කරද්දි මට ලං වෙලා ඔයා මගෙන් එහෙම ඉල්ලද්දි මම හුඟක් වෙලාවට ගොළු වෙනවා.. ඔයා ඕන කියන හැම දෙයක්ම එවෙලෙම දුන්නත් ඔයා ලගට ඉක්මනට දුවන් එන්න බැරි බව දැනෙද්දි මේ හිත තනි වෙනවා.. ඇත්තමයි.. හුඟාක් තනි වෙනවා.. මේ දුරස් බව නොතිබුනානම්...



"පැහැදුල් කතා මතකේ වෙලා
දෙනුවන් තෙමා පියමන් කලා
පෙර පෑ සිනා පාවී ගියා මා හැර දමා
සිහිවෙනවා ඔබ කී කතා මුළු රෑ පුරා
මතකේ දරා විදිමී සදා.."


කාලය හරි ඉක්මනට ඈතට ඇදිලා යනවා.. මේ ගෙවුන කාලය හුගක් දුරයි කියලා වෙලාවකට ඔයාටවත් මටවත් හිතිලා තියෙනවද? හුඟාක් දේවල් හරියට අද ඊයේ වගේ.. ඒ තරමටම මතකය හුඟක් ලගයි.. අපි අතරේ වුන හැම දෙයක්ම තාමත් අපිට හොදට මතකයි.. සමහරවිට ඒ හන්දම වෙන්න ඇති මෙච්චර දවසක් ගෙවිලා ගියා කියලවත් අපේ හිතේ නැත්තේ..



අද දවස මතකද?”



අද ඇයි?”



හ්ම්ම්.. අද අපේ ඇනිවර්සරිය කියලා අමතකද?”



ඇස් දෙකත් ලොකු කරගෙන ඔයා ඉක්මනටම ඔයාගේ ලගම තියෙන කැලැන්ඩරේ බලලා හෙමීට හිනාවෙනවා.. ගෙවුන දවස් වල සතුටට වඩා ඔයා හිනා වෙන්නේ අපි එකතු වෙන්න දවස් එන්න එන්න ලං වෙන නිසා කියලා ඔයාගේ ඇස් දෙක දිහා බලද්දි තේරුම් ගන්න එක අමාරු දෙයක් නෙමෙයි.. ඒ හන්දමයි හුඟක් වෙලාවට මම සද්ද නැතුවම ඔයාගේ ඒ හිනාව දිහා බලන් ඉන්නේ..



මොකෝ කතා නැතුව බලන් ඉන්නේ..”



ලස්සන..”



හ්ම්ම්.. ඒකට ලගට එන්නකො හරියට බලන්න..”



කොහොමත් මේ කතා කරන විදිහට ලඟට ආවම කතා කරන්න ඒ තරම්ම දෙයක් තියෙන එකක් නෑ.. ඒ හන්දා බලාගෙනම ඉන්නම් මම ඔය ලස්සන දිහා..”



බොරු ආඬබර කමත් එක්ක ඔයා හිනා වෙද්දී ඇත්තටම ලස්සනයි.. ඒත් ඒක ගොඩක් වෙලාවට නොකියා ඉන්න තරමටම මාත් ආඬම්බරයි.. ඒක අපි දෙන්නගෙම හිත් දන්නවා.. ඒත් හැමදාම ඒ දේවල් දිගේ ගෙවෙන දවස් වල රැදෙන මතකයට අපි දෙන්නම ආදරෙයි.. හුඟක් ආදරෙයි..



"මිහිදුම් වළා සළුවෙන් වෙලා
පැතුමන් දරා රකිමී සදා
පෙර පෑ සිනා පූජා කලා අඳුරේ තියා
සඟවා දමා මේ වේදනා යලි එන තුරා
දිවියේ පුරා ඉදිමි සදා.."



ඉක්මනට ගෙවෙන මේ දවස් වලට හුඟක් ආදරෙයි මම.. ඒ අපි තව ලං වෙන හන්දා.. එකම එක පැතුමක් විතරක් ඉතුරු කරලා ඔයා හැමදාම මේ ජිවිතේට තුරුළු වෙද්දී ඒකේ ලස්සන ඔයාටවත් තේරෙනවද කියලා ඇත්තටම කියන්න දන්නේ නැහැ.. ඒත් ඒක හුඟාක් සුන්දරයි.. හැම මොහොතකම හැම දේකදිම ඒක මම හිත පුරාම විඳිනවා..



කතාව අතරේ කැලැන්ඩරේ දිහා ඉබේම වගේ බැළුවා.. ගොඩක් ලඟම නැතත් ටික දුර කාලයක්.. මම දන්නවා ඔයත් මමත් ලග ඉද්දී මේ හැම තත්පරයක්ම හරිම වේගෙන් ඉගිල්ලිලා යනවා කියලා. ඒත් ඔයා ලග නැති වෙලාවට.. හැම දෙයක් අතරෙම මම තනිවෙලා විතරක්ම කියලා දැනෙනවා.. ඒ දෙයින් මිදෙන්න හුඟාක් අමාරුයි වෙලාවකට.. ඒත් ඒ දවස එනකන් බලන් ඉන්නවා ඇරෙන්න හිතේ වෙන කිසිම පැතුමක් ඉතුරු වෙලා නෑ.. මම බලන් ඉන්නවා හුඟක් ආසාවෙන් ඒ දවස ඉක්මනටම ඒවි කියලා..



සදහම් අනුත්තර
13/03/2013




….................................



නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී
නොලැබ ඉන්න බෑ තව නම් ඔබෙ ආදරේ
නොසිතා ඉන්න බෑ මටනම් කිසිදා ලදේ
නොවිද ඉන්න බෑ ඔබෙ ආදරේ..
නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී

පැහැදුල් කතා මතකේ වෙලා
දෙනුවන් තෙමා පියමන් කලා
පෙර පෑ සිනා පාවී ගියා මා හැර දමා
සිහිවෙනවා ඔබ කී කතා මුළු රෑ පුරා
මතකේ දරා විදිමී සදා..//


මිහිදුම් වළා සළුවෙන් වෙලා
පැතුමන් දරා රකිමී සදා
පෙර පෑ සිනා පූජා කලා අඳුරේ තියා
සඟවා දමා මේ වේදනා යලි එන තුරා
දිවියේ පුරා ඉදිමි සදා..//


ගායනය : රුවන් හෙට්ටිආරච්චි
සංගීතය : Raj
පද රචනය : සජිත් ප්‍රනාන්දු




25 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. නීතීඥයෙක්14 March 2013 at 06:21

      හරි එන්නකෝ... අපි නඩුව බලවමු

      Delete
    2. වෙනත් නීතීඥයෙක්17 March 2013 at 03:29

      මම නොමිලේම ඔයාවේ නඩුව බලවලා දෙන්නම්. ඔයාගේ නඩුව මට බාර දෙන්න.

      Delete
  2. තියෙන්නෙ වෙන නමක් ඒත් කතාව එකමයි... ඔන්න ඉතින් උදේ පාන්දර ඔලුවත් අප්සෙට් උනා...

    ReplyDelete
  3. හරිම දාදරණියයි මෙ සටහන...

    ReplyDelete
  4. ලව් කතා කියවන්න නම් කැමතිම නැහැ මම එත් මුන් දෙන්නා ලියන ඒවා නොකියවා කොහොමද.

    ඉක්මනටම හිරු කුමාරයට සඳවතී ලඟට යන්න පුළුවන් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා :)

    ReplyDelete
  5. අඩෝ මේ... ඔය සින්දුව කිය කිය එනකොට මට ටොපියක්වත් ගෙනාවේ නැත්තන් බලාගම්මු ඈ!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  6. උඹ ප්‍රේමයෙන් උමතු වෙලා නැහැනේ........................!!!!!!! ????

    එහෙම උනොත් කෙල්ලට බඳින්න වෙන්නෙ පිස්සෙක්ව.

    ReplyDelete
  7. ආදරේ බේරෙනවා...:D

    ReplyDelete
  8. හරිම ආදරණීය සටහනක්....
    //ඉක්මනට ගෙවෙන මේ දවස් වලට හුඟක් ආදරෙයි මම.. ඒ අපි තව ලං වෙන හන්දා..//
    ඔය ඉක්මනට ගෙවිල යන දවස් ටික, තව තවත් ඉක්මනට ගෙවිල යන්න කියල ප්‍රාර්ථනා කරනව :)

    ReplyDelete
  9. මේ දිනේෂ් උමගිලියගේ කතාවනේ සදහම් අනුත්තර ලවා කියවලා තියෙන්නේ, නරකද දිනේෂ් උමගිලිය කියලම දැම්මනම්

    ReplyDelete
  10. හප්පද බොල ඔය ලියලා තියෙන්නේ.ලියුමයි පිළිතුරයි දෙකම කියෙව්වා..)))))

    ReplyDelete
  11. හුටා.... මඟුළක් කතා කරනවා........

    එහෙනම් ඉතිං ජය මංඟලං ඈ....

    ReplyDelete
  12. එකම මාතෘකාව දෙකේම දැක්කම මොකක්ද මේ කියලා බලන්න ආවේ. ඒ දවස ඉක්මනට එයි

    ශ්‍රී සුභ මංගලම් ;)

    ReplyDelete
  13. කියවල කමෙන්ට් කරන්න පරක්කු උනා. වෙනද වගේම දිනේෂ් අය්යේ ඔයාගේ ලිවිල්ල නම් සුපිරි. මගෙන් දෙන්නටම සුභ පැතුම්!
    සිහින සැබෑවේවා!!!

    ReplyDelete
  14. අර ලස්සන ගැන කියන්නේ නැතුව ඉන්නවා කිව්වම මට මතක් උනා මේක."බඹරැ කිසි දිනෙක නොකියයි මලට එහි ඇති සුන්දරත්වය..." :)

    සුබ පැතුම් ....:D

    ReplyDelete
  15. දෙන්නටම නොදැක ඉන්න බැරි නම්, එක රටකට පලයල්ලා !

    ReplyDelete
  16. නියම ලිපිය.ඔබත් අපි හා එකවන්න.ඔබට විශ්වකෝෂයක කොටස්කරුවෙකු විය හැකියි.පිවිසෙන්න http://www.sinhapedia.com/

    ReplyDelete
  17. නියම ලිපිය.ඔබත් අපි හා එකවන්න.ඔබට විශ්වකෝෂයක කොටස්කරුවෙකු විය හැකියි.පිවිසෙන්න http://www.sinhapedia.com/

    ReplyDelete
  18. එක්කෝ මෙයා මෙහෙ එන්න ඕනේ නැත්තං එයා එහෙ යන්න ඕනේ.. ඇයි හත්තිලවුවේ මාව නිකං කරකවලා අතැරිය වගේ.. එහෙත් ඒකමයි මෙහෙත් ඒකමයි..
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
  19. ප්‍රේමයේ මිරිම මතක අස්වැන්න එයයි. රුවන් හෙටිටිආරච්චිගේ ඒ සිංදුව මේදවස්වල හරි ජනප්‍රියයි.

    ReplyDelete
  20. ලියවිලි දෙකම කියෙව්වේ දැන් තමා.... නියමයි.... වෙන නම් වලින් ලිව්වට මේ දෙන්නගේ ආදරේ ගැන නේ.... දෙන්නටම ජය ඈ..... :)

    ReplyDelete
  21. කතා දෙකම ගානට දාල නේද! නියමෙට ගැලපෙනවා,

    ReplyDelete
  22. ම්..ලස්සනට ගලපලා තියනවා..කතා දෙකම කියන්නේ මොකද්ද..මට මොනවා හරි මගෑරිලා වගේ..!!

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්