Friday, 1 February 2013

එරිකෝ හන්ටර් - The Missing Girl 3

අපි ඕන කරන වෙලාවටම ආවා..”



හ්ම්ම්.. ඒ ඇයි ?”



අර ඈතින් පේන නොම්බර 42 ගෙදර පේනවා නේද ? ඒ තමයි මිසිස් ඩීන්ස්ගේ ගෙදර..”



ඒ කියන්නේ එරිකෝ ඇයව සැක කරනවා..”



තරමක් දුරට ඔව්.. අපි ඇය ගැන උනන්දු වෙන එක හොදයි කියලා හිතෙනෙවා..”



මිසිස් ඩීන්ස්ගේ නිවස පෙනෙන මානයේ වාහනය නවතාගෙන උන් එරිකෝ සිම්රන් හා කතා කරන අතරවාරයේත් ඇගේ නිවස දිහා හොඳ අවදානයකින් හිටියේ පුංචිම හරි හෝඩුවාවක් මඟ නොහැරෙන ලෙසයි.. පාසල නිමාවන වේලාව පසුවී ටික වේලාවකින් පාරේ ඈත කෙලවරින් මතු වුන මිසිස් ඩීන්ස් දැක එරිකෝ ඇය දෙස හොද අවදානයකින් බලා සිටියේය...



මං හිතුවා හරි.. අපි යමු..”



එක වරම වාහනයෙන් නික්මුන එරිකෝ සමගම ඊට පසුපසින් ආ සිම්රන්, මිසිස් ඩීන්ස්ගේ නිවසේ ගේට්ටුව අසලදී ඇය හා හමු වෙද්දි ඔවුන් දැක තරමක කලබල වූ පෙනුමක් ඇගෙන් හොදටම පෙනෙන්නට විය...



ඔබලා මෙහේ ?”



ආ ඔව් මිසිසි ඩීන්ස්... පරීක්ෂණ කටයුත්තකට ආවා..”



අහ්, හරි මම එහෙනම් ඔබලාට බාධාවක් වෙන්නේ නෑ..”



ඇත්තටම අපිට ඔබව ඕන වෙනවා..”



මාව ?”



මිසිස් ඩීන්ස් ලොරේන්ගේ නිර්මාණය ගෙදර ගෙනත් තියෙන පාටයි...”



තම අතැති වූ බෑග් අතර තිබුන ලොරේන්ගේ නිර්මාණය දෙසට නෙත් යොමු කල එරිකෝ ඇගෙන් ඒ ගැන විමසුවේ ඇයට ඉක්මනින් ඔවුන්ව මඟ හැර යාම වැලැක්වීමේ අරමුණිනි...



ඔව්.. මේක ලොරේන්ගේ මතක සටහනක් විදිහට මං අරගෙන ආවා..”



ලොරේන්ට ආයෙම දෙන්න ඕන කිවුව දේ ඔබ අරගෙන ආවේ ලොරේන් ඉන්න තැන ඔබ දන්න නිසා... එහෙම නේද ?”



ඔබ මොනවද මේ කියවන්නේ ?”



එරිකෝගේ ප්‍රශ්ණයෙන් නොරිස්සුම් මුහුණක් මවා ගත් ඇය ඔවුන් මඟ හැර තම නිවසට ඇතුළු වන්නට එත්ම එරිකෝ ඇය පසුපසම නිවසට ඇතුළු වූයේ අවසරයකින් තොරවමය...



ඔබ මේ විදිහට හැසිරුනොත් මට පොලීසියට කතා කරන්න වෙනවා...”



මිසිස් ඩීන්ස්ට එහෙම කරන්න බැරි බව මං දන්නවා.. කෝ ලොරේන් ?”



ලොරේන්ව මං පැහැර ගත්තේ නෑ..”



ආලින්දයේ වූ දිගු පුටුව මතට වැටුන ඇය දෑතින් මුහුණ වසාගෙන හඬන්නට පටන් ගත්තේ බොරුවට බව තේරුම් ගන්නට එරිකෝට වැඩි වේලාවක් නොගියේය...



එදා ලොරේන් බ්‍රොක්ලෑන්ඩ් පාර්ක් එකේ ඔබෙන් ගැලවිලා පැනලා යන්න හදද්දී තමයි ක්ලෑරී ඇයව දැක්කේ.. එහෙම නේද ?”



නැහැ.. ඒක බොරුවක්..”



නැහැ.. ඒක තමයි ඇත්ත.. දැනටමත් ප්‍රාන්ත පොලීසිය මේ ගෙදර සෝදිසි කරන්න වරෙන්තු අරන් ඇති .. ඔවුන් එන්න කලින් මිසිස් ඩීන්ස් අපිත් එක්ක හැම දේම කියන්න...”



ඇය මොහොතකට අසරණ වූ සේයාවක් ඇගෙන් පෙනෙන්නට විය.. ඇයට බලකිරීම එරිකෝ මොහොතකට නතර කලේ ඇගෙන් පෙනෙන්නට වුන අසරණ කම නිසාවෙනි.. ඇගේ දෙනෙතින් එකවරම කඳුළු බිදු කඩා වැටෙන්නට වූයේ ආයාසයකින් නොවන බව තේරුම් ගන්නට එරිකෝට මෙන්ම සිම්රන්ටත් අපහසු නොවීය..



මං හැමදේම කියන්නම්..”



ඇය හිදගෙන වුන් පුටුව දෙසට නැමි සිටි එරිකෝ, ඇගෙන් ඈත්ව ඉදිරියේ වූ ඇඳි පුටුවක හිඳ ගත්තේ ඇගේ කතාවට ඇහුම්කන් දීමේ අපේක්ෂාවෙනි..



ලොරේන් ඉන්න තැන මම දන්නවා.. ලොරේන් ඉන්නේ ක්ලෑරීගේ ගෙදරමයි..”



ක්ලැරීගේ ගෙදර ?”



එරිකෝත් සිම්රනුත් මුහුණට මුහුණ බලා ගත්තේ ඇය කියු දෙය ඔවුන් මොහොතකටවත් බලාපොරොත්තු නොවූවක් නිසාය.. ඇදි පුටුවක වාඩි වී වුන් සිම්රන් ඈ අසලම හිද ගත්තේ ඈ මොහොතකට සැනසීමේ ඇරමුණිනි..



අපිට හැම දෙයක්ම කියන්න...”



ඈ අසලම වාඩි වූ සිම්රන් ඇය සනසන්නට ගත් පුංචි උත්සාය අතර මොහොතක දෙකක නිහැඬියාවක් ආලින්දය පුර පැතිර ගියේය... දෑතින් තම කඳුළු පිසදා ගත් ඇය සෙමින් සියළු දේ හෙලි කරන්නට වූවාය...



ලොරේන් කියන්නේ හුගක් දක්ෂ ළමයෙක්.. සමහර වෙලාවට තමන්ගේ වයසටත් වැඩිය දක්ෂතාවක් ලොරේන් ලඟ තියෙනවා... ලොරේන්ගේ වයසේ කිසිම ළමයෙක්ට ලොරේන්ට වගේ හැකියාවක් තිබුනේ නෑ.. පහුගිය අවුරුදු දෙකේම ලොරේන් විද්‍යා ප්‍රදර්ශණයට හදපු නිර්මාණ එයාගේ වයසේ කිසිම ළමයෙක් හදන්න හිතන්නෙවත් නැති තරමේ හොද නිර්මාණ.. හැම දේකින්ම ලොරේන්ට පස්සෙන් ඉන්නේ ක්ලැරී... ක්ලැරී දක්ෂයි.. ඒත් ලොරේන්ට වඩා අඩුවක් කොතනකදි හරි ක්ලැරීට තිබුනා.. හැම අවුරුද්දකම විද්‍යා ප්‍රදර්ශණයේ දෙවනියාට ආවෙත් ක්ලැරීමයි...”



ක්ලැරීගේ තාත්තා මේ පැත්තේ ඉන්න ලොකුම සල්ලි කාරයා... හැම වතාවකම ක්ලැරී ලොරේන්ට පරදින එක ක්ලැරීගේ තාත්තට බලාගෙන ඉන්න බැරි වුනා.. එයා හැම වෙලේම බැළුවේ ක්ලැරීව ඉස්සරහට ගේන්න.. ගෙදරදි වුනත් ක්ලැරී ඒ දේවල් වලට හුඟාක් බැනුම් අහලා තියෙනවා...”



මේ පාරත් වෙනදා වගේම ලොරේන් එයාගේ නිර්මාණය සතියකටත් කලින් ඉවර කලා.. මේ පාරත් ලොරේන් දිනන එක නවත්තන්න බෑ.. ඒ තරමටම ඒ නිර්මාණය ගොඩක් ඉහළයි.. ක්ලැරී ගෙදර ගිහින් ඒ දේවල් කියද්දී එයාගේ තාත්තට ඉවසන් ඉන්න බැරි වුනා... තමන්ගේ දරුවා එක පාරක් හරි දිනන්න ඕන කියලා හිතලා ක්ලැරීගේ තාත්තා මේ තීරණේ අර ගත්තා...”



මේ හැම දෙයක්ම සැළසුම් වුනේ ඔබෙත් දැනුවත් වීම ඇතුව..”



හුඟක් වෙලා ඇය කියා ගෙන ගිය කතාව අසාගෙන සිටි එරිකෝ, ඇගේ කතාව නිමා කරන්නටත් පෙරම තම සුපුරුදු ප්‍රශ්ණ කිරිම ඇරඹුවේ හැම දේකම අවසානය ඉක්මනින්ම තීරණය කිරීමට ඔහුට උවමනා වී තිබුන නිසාය..



ඔව් සමහරක් ඒවා..”



සමහරක් ඒවා කිවුවේ ?”



ලොරේන් පැහැර ගත් විදිහ, නවත්වන් ඉන්න තැන වගේ සමහරක් දේවල්..”



එතකොට එදා මාමා එනවා කියලා ලොරේන්ට බොරු කිවුවෙත් ඔබමයි...”



ඔව් මට එහෙම කියන්න කියලා බල කලා..”



බල කරා ? ඇයි ඔබ මේකට සම්බණ්ධ වුනේ ?”



ක්ලැරීගේ තාත්තා, ඒ කියන්නේ මගේ දෙවනි අයියා... මං එයාගෙන් ගත්තු මුදල් වගයකට හිලව් වෙන්නයි ඔහුගෙන් මට මේ දේට බල කෙරුනේ.. අකමැති වුනොත් ඉක්මනින් ඒ ණය මුදල ආපහු ගෙවන්න වුනා.. ඒත් මට එහෙම දෙන්න තරම් සල්ලි තිබුනේ නෑ.. ඒ හන්දා මට කැමති වෙන්න වුනා..”



එතකොට ක්ලැරී, ලොරේන්ව බ්‍රොක්ලැන්ඩ් පාර්ක් එකේ දැක්කා කියන කතාව ඇත්තක්ද ?”



ඔව්.. එදා ලොරේන් පොඩි වෙලාවකට හරි අපෙන් ගැලවිලා යන්න තරම් දක්ෂ වුනා.. ඒත් ලොරේන් මාව දැක්කේ නෑ..”



ක්ලැරී දන්නවද මේ දේවල් ගැන. ?”



නැහැ ක්ලැරී මේ දේවල් ගැන කිසිම දෙයක් දන්නේ නෑ... මේ දවස් දෙක තුනේම ක්ලැරී හිටියේ ලොකු හිත් වේදනාවකින්.. ක්ලැරී අඩුම තරමේ තමන්ගේ නිර්මාණය ගැනවත් හිතුවේ නෑ.. ඒ හන්දමයි මට ඉස්කෝලෙදී ක්ලැරී ගැන වැඩියෙන් බලන්න වුනේ..”



දැන් කෝ ලොරේන් ?”



මගේ සහෝදරයගේ බංගලාවේ වත්තේ කෙලවරක තියෙන පුංචි ගබඩා නිවසක ලොරේන්ව තියාගෙන ඉන්නවා.. ලොරේන්ට කිසිම අනතුරක් නෑ.. විද්‍යා ප්‍රදර්ශණයෙන් පස්සේ අපි එයාව නිදහස් කරන්නයි හිතාගෙන හිටියේ..”



හ්ම්ම්.. හරි අපිට ලොරේන්ව තියාගෙන ඉන්න තැන හරියට කියන්න...”



ලොරේන්ව සඟවාගෙන සිටි තැන ගැන සෑම තොරතුරක්ම අසා දැන ගත් එරිකෝ තම දුරකථනයේ පළමු ඇමතුම ලබා ගත්තේ ලොරේන්ගේ මවටය... ඇය හා සියළු දෙයක්ම පැවසූ එරිකෝ දෙවන ඇමතුම ප්‍රාන්ත පොලීසිය වෙත ගෙන ඉදිරි නීතිමය කටයුතු ගැන අවශ්‍ය සියල්ලක්ම ඔවුන්ට පැහැදිළි කර දුන්නේය.... තවමත් වාඩි වී සිටි පුටුව මතම හිඳගෙන කඳුළු සලමින් සිටි ඇය දෙස එරිකෝ මොහොතක් බලා සිටියේය...



වැඩි වේලාවක් යන්නට පෙරම ප්‍රාන්ත පොලිසියේ නිල රථ ඇගේ නිවස ඉදිරියේ නවත්වන හඬ තිදෙනාටම හොදින්ම ඇසුනේය... එරිකෝ විසින්ම ඉදිරිපස දොර විවර කරද්දි ප්‍රධාන පොලිස් පරික්ෂක වරයා ඔහු හා සිනාසුනේ මෙවරත් පොලිසියට වඩා ඉක්මනින් එරිකෝ සියල්ල විසඳූ බව හඟවමිනි...



ලොරේන්ට කොහොමද ?”



ලොරේන්ට අනතුරක් නෑ.. අපි ලොරේන්ව රෝහලට අරගෙන ගියා.. මං හිතනවා ඒක වඩා සුදුසුයි කියලා..”



හ්ම්ම්.. හොදයි.. එහෙනම් මගේ රාජකාරිය මෙතනින් ඉවරයි.. ඉතුරුටික තියෙන්නේ ඔබලා අතේ..”



හරි මිස්ටර් එරිකෝ..”



ඔවුන්ගෙන් සමුගත් එරිකෝ සිම්රන් සමගම තම වාහනය අසලට විත් මොහොතක දිගු සුසුමක් හෙළුවේය...



ඒ අභිරහසත් ඉවරයි..”



ඔව්.. අපි පාකර් මහත්මිය හමු වෙන්නේ නැද්ද ?”



නැහැ.. උවමනාවක් නැහැ.. අපි නවාතැනට ගිහින් ඉක්මනින්ම ආයෙම ලන්ඩන් යමු...”



දෑතට විලංගු දමා පොලිස් රථයට නංවාගත් මිසිස් ඩීන්ස් දෙස මදක් බලා හිදි ඔවුන් නවාතැනට පැමින ඉක්මනින්ම ආයෙම පිටත් වූයේ ලන්ඩනයේ තම නිවෙස කරා ඒමටය... සවස් වෙන්නට පටන් ගෙන තිබූ වටපිටාවක යාන්තමින් වාහනය තුලට වැටෙන හිරු එළිය ඇගේ සමට වැදි ආසියානුවන් තුලම වූ ඒ අපූරු රත් පැහැය ඇගෙන් මනාවට පෙනෙන්නට විය...



එරිකෝ මම දෙයක් අහන්නද ?”



වාහනය පදවන අතරම ඇගේ සොදුරු බවත් රහසින්ම විදගත් එරිකෝ ඇඟේ හඬින් කල්පනාවෙන් මිදුනේය..



කියන්න සිම්රන්..”



එරිකෝ කොහොමද දැන ගත්තේ මිසිස් ඩීන්ස් මයි ලොරේන්ව පැහැර ගත්තේ කියලා..”



හරියටම දැන ගත්තේ නෑ සිම්රන්.. සැක කලා.. හේතූ කීපයක් තිබුනා.. එකක් නම් හරි සරළයි.. ඇත්තටම එදා ලොරේන්ගේ මාමා ඉස්කෝලෙට එනවා වුනත් ඒක පන්තිභාර ගුරුතුමිය විදිහට ඇය දැනන් හිටියේ නෑ කියන එක පිළිගන්න අමාරුයි... ඇය නැතත් වෙන කවුරු හරි ඉස්කෝලේ වගකිවයුතු කෙනෙක් හරි දැනන් ඉන්න ඕන.. ඒත් එහෙම කිසිම දෙයක් වෙලා නෑ.. ඉස්කෝලේ වෙලාවෙදි ඇය ලොරේන්ට බොරුවට කියනවා එයාගේ මාමා එනවා කියන එක.. ලොරේන්ට ඒක අවිශ්වාස කරන්න තරම් හේතුවක් නැති නිසා ඉස්කෝලෙන් පස්සේ එයා නවතිනවා.. ඒකෙන් ඔවුන්ගේ වැඩේ පහසු වෙනවා..”



අනික් කාරණේ තමයි ලොරේන්ගේ නිර්මාණය... ඒක මම ඉස්කෝලෙදි දැක්ක වෙලේ හොදටම තේරුණා ඒක ලොරේන් ඒ වෙද්දිත් හදලා ඉවර බව.. ඒත් මිසිස් ඩීන්ස් ඒක ප්‍රදර්ෂණයට නොතියා අයින් කරන්න හැදුවා ලොරේන් ඒක ඉවර නෑ කියලා.. එතකොට ක්ලැරී දිනනවා කියන එක ඔවුන්ට හොදටම විශ්වාසයි.. අනික් කාරණේ තමයි මිසිස් ඩීන්ස් එද්දී මම දුර තියාම දැක්කා ලොරේන්ගේ නිර්මාණය ඇය ගෙදර ගේනවා.. ඒක විනාශ කරන අරමුණක් නැතුව එහෙම ගෙදර අරන් එන්න වෙන කිසිම හේතුවක් නැහැ..”



හ්ම්ම්.. කොහොම වුනත් මේක මගේ ජීවිතේ ලබපු හොදම අත් දැකීම උනා..”



කතා බහ අතරේම එරිකෝගේ නිවස ලගටම එන තුරු කාලය ගෙවී ගියේ හුගාක්ම ඉක්මනට බව ඔවුන්ට නොදැනුනේය.. වාහනය නැවතුනත් ඒ තුලම රැදුන ඔවුන්ට වෙන්ව යන්නට හිතක් නොතිබුන තරම්...



සිම්රන්ට නීති වැඩ වලට වඩා සමහර විට මගේ මේ දේවල් වලට එකතු වෙන්න වෙන්නත් පුළුවන්... ඒත් සිම්රන්ගේ ඉගෙනීමත් එක්ක ඒක කරන්න පුළුවන්ද කියන එකයි ප්‍රශ්ණය...”



හ්ම්ම්.. ඇත්ත.. රහස් පරීක්ෂක වැඩ ගැන මගේ හිතේ කොතනකවත් කැමැත්තක් තිබුන දෙයක් නෙමෙයි...”



හ්ම්ම්.. මට පුළුවන් කැම්පස් එකත් එක්ක කතා කරලා වෙන නීතීඥ්ඥයෙක් ලගට සිම්රන්ව පුහුණු වීම් වලට යවන්න.. මගේ රාජකාරි එක්ක සිම්රන්ගේ ඉගෙනීමට ප්‍රශ්ණයක් වෙන්න පුළුවන්..



හ්ම්ම්..”



සිම්රන්ට හදිස්සි නැත්නම් අපි ගෙදර ගිහින් කෝපි එකක් බීලම යමු...”



නෑ එරිකෝ දැන් නෙමෙයි.. හෙට උදේ කෝපි වෙලාවට අපි මුණ ගැහෙමු..”



වාහනයෙන් නික්මුන ඇය යාන්තමින් වැටෙමින් තිබුන හිම බින්දු අතරේම මාවත දිගේ ඈත ඇවිදන් යන දිහා එරිකෝ මොහොතක් බලාගෙන සිටියේය..






නිමි..








20 comments:

  1. හිතුවෙ නැති විදියටනෙ කතාව ඉවර උනේ...

    ReplyDelete
  2. නියමයි.. කොටස් තුනම එක හුස්මට කියවලා ඉවර කළා..දෙවෙනි කොටසෙදි වෙන්ඩ යන්නෙ මොකක්ද කියන එක අනුමාන කරන්ඩ පුලුවන් වුනා.. ඒ සළකුණු ටික මැකුවනම් කතාවෙ කුතුහලය තවත් වැඩි වෙනවා.. වැඩේ උපරිමයි දිනේශ්.. තව එකක් ලියමු..

    ප.ලි. මම හිතුවෙ මේ ජො0ඩුව වෙනි අයියගෙ රහස් පරීක්ශක ජෝඩුව වගේ වෙයි කියලා.. :-)

    ReplyDelete
  3. ලස්සනයි. ඔය විදියේ අවසානයක් තමයි මටත් හිතුනේ. භයානක දෙයක් වෙලා නෑ කියන එක හිතට දැනුනේ මාත් රහස් පරීක්ෂකයෙක් හන්දා වෙන්ට ඇති නේද?:)

    කතාවේ සරලබව අගය කරනවා දිනේශ්...

    ReplyDelete
  4. හොඳටම පාටකයාගේ කුතුහලය දන්වන විදියටම ලියල තියෙනවා. එරිකෝගේ තවත් රහස් පරීක්ෂක කතාවක් දෙනවා නම් සතුටුයි.

    ReplyDelete
  5. අනුමාන් කරපු එක හරි!
    රහස් පරීක්ශක කතා විලාසය නියමයි, තව එකක් ඉක්මනට ලියමු!

    ReplyDelete
  6. අයියෝ ඉවරයිනේ ..

    ReplyDelete
  7. ඒ මට දෙවෙනි මෙවුව එක මිස් වෙලෝ... ඉන්ට ඒ පැත්තට දුවල එන්නං ඈ..
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
  8. ඔහ් ඉවරද :(

    අලුත් විදියේ හොඳ කතාවක්.

    අර එරිකෝගෙයි සිම්රන්ගෙයි කතාව ඉවර කරලා නැහැ නේ..හිහි

    ReplyDelete
  9. මං කිව්වා නෙ මං හිතුව විදිහට තමා ඉවර උනේ :)
    ඒත් ක්ලැරී ගෙ තාත්තා කතාව මැද්දට එයි කියලා හිතුනේ නෑ :)

    ReplyDelete
  10. හොද ලිපියක්.අපේ පැත්තෙත් එන්න http://sinhapedia.blogspot.com/

    ReplyDelete
  11. යේ ..මං හිතුවා හරි... :) හොඳ කථාවක් දිනේශ්...තව කථාවක් ලියන්න ඉක්මනටම.

    ReplyDelete
  12. හොල්මං වෙලා ගියා මුල දන්නැතුව. එව්වා කියෝලා එන්නම්..

    ReplyDelete
  13. හයියෝ.. මම හිතුවා තව හුඟාක් තියෙවි කියලා දිගට... :(

    මම ආසම ටීවි සීරිස් එකක් වෙන Elementary එකෙ එපිසෝඩ් එකක් බලනවා වගෙයි කතාවෙ කොටසක්.. :D සුපිරියි අයියෙ!! තව කතාවක් ලියන්න.....(Y)

    ReplyDelete
  14. ෴සාරණ්‍යයා෴2 February 2013 at 17:43

    මුලින්ම කියන්නම්......
    පහුගිය රහස්පරික්ෂක කතාව සාරා ට වඩා ඇත්තටම විශිෂ්ටයි.!

    පොලීසියේ කතාව අපිට කියවුණේ නෑනේද මේ තරමටම අමනාප එරිකො එක්ක..? ඇත්තටම තොරතුරු සොයාගැනීමි, ගැලපීම සහ විග්‍රය ඉහලයි! ඒවගේම අවසනදි ඒ ගැන පැහැදිලිකිරීමේ අඩුපාඩුව සම්පූර්ණකරගෙන තියෙනවා.
    බලාපොරොත්තුවෙනවා තවත් කතා.
    අහ්..! සම්රන් නැවතුණොත් හොඳයි නේද.. රහස්පරික්ෂක එරිකො ළඟ.. සමහරවිට සම්රනුත් උදව්දේවි නීතිය පැත්තෙනුත්, මනුෂ්‍යයන්ගෙ ගතිලක්ෂණ පැත්තෙනුත්....
    සුබ පැතුම්! :)

    ReplyDelete
  15. ඇති යාන්තම් අද ටිකක් දිගට ලියලා, ඒ උනාට සොරි කතාව ඉවරයි................... ලස්සනයි.

    ReplyDelete
  16. සරලව රසට කතාව ඉවර කරලා. මෙහෙම අවසානයක් සමහර විට පුදුමත් හිතෙනවා.

    ReplyDelete
  17. කතාව නම් හරිම ලස්සනයි දිනේෂ්.... කලින් කොටසෙදි, අන්තිමට අපරාධකාරයා වෙන්නෙ කවුද කියලා තේරුනත් ක්ලැරීගෙ තාත්තාව ගාවා ගැනීමත් එක්ක නොසිතූ පැත්තකුත් ඒකට එකතු කරලා...

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්