Wednesday, 27 February 2013

Fairy Tale of Dinesh - Chapter 4

මෑඩ් අංකල්ගේ සපත්තු ගේ ඇතුලට යනකන් හිටියේ ඉවසීමේ රතු කට්ට පැනලා.. දොයියන්න කාමර පෙන්නනම් කිවුවට මේ මනුස්සයා මගේ එක්කෙනා එක්ක කියවනවා විතරයි කාමරේ පෙන්නන පාටක් නෑ.. ඉවසපන් පපුව කියලා මාත් බලාගෙන හිටියා.. කතාවෙන් කතාව කෝම හරි කාමරේ ලගට ආවා.. එයා කාමරේට යන්න හදද්දිම වගේ මාත් කාමරේට එන්න හැදුවා..

මල්ලි කොහේද යන්නේ ?”

අංකල් එක පාරම මගේ අතින් අල්ල ගත්තා.. මට දැන් හොදටම තදවෙලා..

කාමරේට දොයියන්න..”

ශී ශී මල්ලි.. මල්ලි එන්න මාත් එක්ක දොයියන්න..”

මං අංකල් දිහා ආයෙම කෝකටත් හොදට බැලුවා කියන්න බෑනේ..

නෑ මම මේකේ ඉන්නම්..”

ඔය දෙන්නා බැන්දේ නැති එකේ තාම එකට ඉන්න හරි නෑනේ.. අනික මේ ඇලිස් තාම පොඩි කෙල්ලනේ..”

අරයත් නිකන් සවුත්තුවට හිනාව.. ඒ වුනාට මූණේන් පේනවා මම ආවනම් කැමති බව.. ඒත් මොනා කරන්නද? මේ අංකලුත් එක්ක බෑ.. හිතට තට්ටුවක් දාලා හිත හදාගෙන අංකල්ගේ කාමරේට ගියා.. හාවෝ, මීයෝ පූසෝ ඔක්කොම ඒකේ පිරිලා.. ඒ අස්සේ මාත් වැටිලා දොයියගත්තා.. හෙට කෝම හරි හුක් අංකල්ට නොපෙනී යන්නත් ඕනනේ..

අනේ අරයා මොනා කරනවද දන්නේ නෑ..”

මම එයාව මතක් කරගෙන එක අතක් පපුවටයි අනික් එක තව තැනකටයි තියලා සනීපෙට නිදා ගත්තා.. පහුවදා උදේම අර හාවා ඔරලෝසුවක් වීසි කරලා දමලා ගැහුවම ඇහැරුනා.. පූසා මගේ බඩ උඩ.. මං ඌව පැත්තකට තල්ලු කරලා දැම්මා.. මෑඩ් අංකල් තාම නිදි.. මම හෙමීට නැගිටලා අරයගේ කාමරේ පැත්තට ආවා.. දොර ලොක් කරලත් නැති එකේ හෙමීට ඇතුලට එන්න ආවා..

අම්මෝ කොළ පාට යකෙක්..”

මට එක පාරම කෑ ගැහුනා.. මටත් වැඩිය උස මහත කොල පාට බාදුරා මල් වගේ කන් දෙකක් තියෙන්න කෙල්ලෙක් දැක්කම එක පාර බය නොවී කෝමද?

කෑ ගහන්න එපා මැට්ටෝ.. මේ මම..”

අහ්.. ඔයාට මේ මොකද වුනේ..”

මටත් අරයට වගේ සාපේ තියෙනවා අනේ..”

ඉතින් මං ඔයාව කිස් කල වෙලේ ඒක හරි ගියේ නැද්ද?”

නැහැ.. මේකට පහනක ඉන්න යකෙක්ගේ මන්තරයක් ඕන..”

දැන් හොයපංකෝ යකෙක්.. මෙයාටත් නැති කරදරයක් නෑ.. තව ඉස්සරහට මොන මොන බාල්දි වැටෙයිද දන්නේ නෑ.. ඒත් මොනා කරන්නද මගේ ලව් එකනේ.. මොනා හරි කරලා බේර ගන්නත් එපැයි.. මම ටිකක් ලං වුනා.. පවුනේ කෙල්ල.. හොරාට උම්මා එකක් දෙන්න ඕන.. ලං වෙන ගමන් මම හිතුවා..

මල්ලි හිතුවේ මං නිදි කියලා නේ..”

මෑඩ් අංකල් කොහේදෝ ඉදන් ගාන්ට වෙලාවට මැද්දට පැන්නා.. කියලා වැඩක් නෑ.. අතට ගත්ත දේ කටට දාගන්න පින නෑ.. මොනා කරන්නද ඉතින්.. මෑඩ් අංකලුත් බය වෙලා වගේ අරයා දිහා බලන් ඉන්නවා.. මම සීන් එක ඔක්කොම අංකල්ට හෙමීට කිවුවා..

මම නම් දන්නවා පහනක ඉන්න යකෙක්ව.. හැබැයි ඒකව හොයාගෙන සෑහෙන දුර යන්න ඕන..”

මෙයාව බේර ගන්න එකත් ලේසි නෑ.. මම තනියම කල්පනා කලා.. අංකල් තව මොන මොනවදෝ කියෙව්වා.. ඒ එක්කම වගේ කාමරේට හොදට ඉර පායලා ආවා.. කොළ පාටට හිටිය එක්කෙනා ආයෙම චොකෝ පාටට දිළිසෙන ගත්තා.. මාත් බලන් හිටියා.. ආසාවේ බෑ..

උදේට කාලා ඉක්මනට ලෑස්ති වෙලා එන්න ආවා.. මෑඩ් අංකල් කියන විදිහට හුක් අංකල් සෑහෙන නපුරුයි ලු.. එයත් බේරිලා ඉන්නේ බොහොම අමාරුවෙන් කියන්නේ.. එයාට හරි එයාගේ නැවේ කාට හරි අහු වුනොත් ආයේ ගැලවිල්ලක්ම නෑලූ.. වෙලාවකට හිතෙනවා මේ මනුස්සයා වැඩියෙනුත් එක්ක දාලා කියනවද කියලා.. ඒත් වෙච්ච දේවල් එක්ක මේවත් මොනවද?

ටිකක් යද්දී කැලේ හැමතැනම දුමෙන් වැහිලා.. මේ වෙලාවට මීදුම වෙන්න බෑනේ.. හොරෙන් කැලේ කපන උන් ඇවිත් කැලේ ගිණි තියලද? මම එහෙමත් හිතුවා..

අර දළඹුවා මේ ලගම ඉන්නවා..”

ඊඊඊඊ දළඹුවා..”

අරයා එක පාරම කෑ ගහන් මගේ ඇගට පැන්නා.. මාත් ටක් ගාලා අල්ල ගත්තා.. දැන් මෙයා මගේ ඇගේ එල්ලිලා මූණත් හංගගෙන.. හෆ්ෆේ කියලා වැඩක් නෑ..

ඇයි මොකද උනේ?”

මම ඔය දළඹුවෝ, හැකරැල්ලෝ, කූඩැල්ලෝ ඔක්කොමටම බයයි..”

හා හා.. එහෙනම් ඔහොම ඉන්න..”

නිකන් හම්බුවෙන චාන්ස් මොකට අත ඇර ගන්නවද? පොඩි එකා වගේ එයා මගේ ඇගේ එල්ලිලා.. මාත් වඩාගෙනම ටිකක් දුර ඇවිදන් ගියා.. ටිකක් දුර යද්දී දුම වැඩියිත් එක්ක.. ලාවට කැස්සකුත් ආවා..

ඇලිස් මෙහේ එන්න..”

දුම අතරින් කවුද කියනවා ඇහුනා.. ඒ එක්කම වගේ දුම ටිකකට අඩු වුනා.. අපි ඉස්සරහම කොටයක් උඩට වෙලා බෙන්සන් එකකුත් බීගෙන දළබුවෙක් ඉන්නවා.. උගේ ලග තිබ්බ ඈෂ් ට්‍රේ එකේ අළු පිරිලා.. බිම හැම තැනම ෆිල්ටර්.. මගේ ඇගේ එල්ලිලා හිටිය කෙනා ඉක්මනට බැස්සා.. බය නැති උනාවත්ද? අපරාදේ.. මම හිතුවා..

මේ මම මෑඩ් අංකල්ටත් කිවුවා ආයේ එන්න එපා මට ඇලිස් කියන්න.. ආයේ ඔය දුම උරන්න වෙන්නේ නෑ..”

දළඹුවත් දුම උරන එක දාලා මෑඩ් අංකල් දිහායි මගේ එක්කෙනා දිහායි බලනවා.. මෙයා නොදන්න අයටත් මෙහෙමනම් ඉස්සරහට මට කොහොම වෙයිද? දැන් ඉතින් ඔව්වා හිතලා වැඩක් නෑ.. කෙල්ලගේ සාපේ ඉවර කරලා බැඳගන්න ඕන.. මම හිතුවා..

වැඩිවෙලා කතා කර කර ඉන්න වුනේ නෑ.. එක පාරම අපි ඉන්න හරියට කඩා පැන්නේ මිනිස්සු ටිකක්.. ඇස් වහගෙන කඩු අතේ තියාගෙන.. මේ නම් හුක්ගේ මිනිස්සු වෙන්න ඕන.. වටේට වට වුන කට්ටිය හැටියට අපිට කිසි දෙයක් කරගන්න වුනේ නෑ.. අපරාදේ තාත්තගේ රාජකීය කඩුව.. මෑඩ් අංකල්ගේ නිල් පූසා හිනාවක් දාලා එක පාරම අතුරුදහන් වුනා.. ඌ වගේ එකෙක්..

අත පය ඔක්කොම ගැට ගහලා ලීයක ගැට ගහන් අපිව නැවට අරන් ගියේ හරියට අපේ ගමට ලබු කරායා ලබු එල්ලන් එනවා වගේ.. ඔළුව පල්ලෙහට එල්ලන් ඇවිත් ඔක්කොටම වැඩිය අමාරුයි.. 

අදුරු කැලෙන් එළියට එද්දිම තිබුනේ මුහුද.. මුහුද මැද නැව.. පුංචි බෝට්ටුවෙන් අපි කෙලින්ම නැවට..බෝට්ටුවට නගිද්දිම ඉන්නවා මෑඩ් අංකල් කිවුවා වගේම නපුරු මිනිහෙක්.. ඒ නම් හුක් වෙන්නම ඕන.. ඒ එක්කම එයාගේ සේනාව.. මායි මගේ එක්කෙනයි මෑඩ් අංකලුයි පූසයි මේ පැත්තේ තනි වෙලා.. මුකුත් කරන්න විදිහකුත් නෑ.. ඒ මදිවට අත පයත් ගැටගහලා.. එහෙම නොවුනා කියලත් කරන්න පුළුවන් මහ ලොකු දේකුත් නෑ..

පීටර්, වස්තුව හංගලා තියෙන තැන හොද හිතින් කියනවද නැද්ද?”

පීටර්.. කවුද බොලේ පීටර්? අපේ කාගෙවත් නම් එහෙම නැති නිසා සද්ද නැතුව හිටියා.. මම හිතුවේ හුක් එයාගෙම කාගෙන් හරි ප්‍රශ්ණ අහනවා කියලා.. කවුරුවත් කාතා කරපු නැති හන්දද කොහේද හුක් කේන්තියෙන් මගේ ලගට ඇවිත් දකුණු අතේ තිබ්බ කොක්ක මගේ බෙල්ලට දාලා ඇදලා ගත්තා..

අංකල් මම පීටර් නෙමෙයි..”

එහෙම කිවුවා නෙමෙයි කිය වුනා.. ලැජ්ජාවයිත් එක්ක.. ඒත් කරන්න දෙයක් නෑ.. අංකල් මහ හයියෙන් කෑගහන්න ගත්තා.. මම දන්න වස්තුවක් තියෙනවයි.. තියෙන එකම වස්තුව තමයි මේ බේරගෙන ආවේ.. ඒකත් මේ කොහේවත් යන නාකියෙක්ට දෙන්න පුළුවන්ද? මම හිතට හයියක් ගත්තා.. ඒත් අත් දෙකත් පිටිපස්සට ගැටගහලා තියෙද්දී ඒ හයියෙන් වැඩක් නෑ..

නැවේ කණුවකට තියලා අපි ඔක්කොමලාව වටේට ගැට ගැහුවා.. පවු වැඩේ හැංගී හංගී හිටපු මෑඩ් අංකලුත් අපි හන්දා හුක්ට අහු වුනා.. බේරිලා යන්න අදහසක් එන්නෙත් නෑ.. කල්පනා කර කර හිටියා.. හුක්ගේ මිනිස්සුත් උන්ගේ වැඩ වල.. අපි ගැන ගානක්වත් නෑ වගේ.. පැනලා යනවනම් හොදම වෙලාව.. ඒත් කෝමද පනින්නේ?

හිත හිත ඉද්දී අපිව ගැට ගහලා තිබුන ලණු ලිහෙනවා දැනුනා එකපාරම.. කවුද කියලාවත් පෙනුනේ නෑ.. ඒත් ලණු ලිහුනා.. දැන් අපි ඒකෙන් නම් නිදහස්.. ඒත් කවුද ඒක කලේ.කියලා හිතද්දිම අපි ඉස්සරහා මතු වුනේ මෑඩ් අංකල්ගේ නිල් පූසා.. කට කණ ලගට අරන් හිනා වෙලා කඩුවක් දික් කලා මට.. මේ හුක්ගේ කඩුව නේද.. මට මතක් වුනා..

එවා හිත හිත ඉන්න දෙයක් නෑ.. පැනලා යන විදිහක් බලන්න ඕන.. මම වට පිට බැළුවා.. අපි ඉන්නෙත් මුහුද මැද.. කොහොමද පැනලා යන්නේ.. මම වට පිට බැළුවා.. හුක්ගේ නැවේ තාම දිග ඇරපු නැති රුවලක් තියෙනවා.. මේකේ ලණු කපලා මුන්ගේ ඇගට දැම්මොත් අර තියෙන පොඩි බෝට්ටුවේ නැගලා පැන ගන්න ලේසි.. මම මගේ මාස්ටර් ප්ලෑන් එක කියද්දි අරයත් හරි ආසාවෙන් අහන් ඉන්නවා.. ආඩම්බරේ බෑ..

පූසෝ දෙන්නට මම හෙමීට රුවලේ කද දිගේ නගින්න කිවුවා.. මම කියලා ඉවර වෙන්න කලින් මෑඩ් අංකල්ගේ නිල් පූසා රුවල් කඳේ.. ඒකට මාත් එක්ක ආව තඩි පූසා.. ඌ බඩත් උස්සන් තාම නගින්න ට්‍රයි කරනවා.. ඌ නගිද්දි හෙට වෙයි.. හෙමීට හෙමීට ඌත් නැගලා උඩට යනකන් අපි බලන් හිටියා..

ඔක්කොම රෙඩී.. දැන් තියෙන්නේ ප්ලෑන් එක ක්‍රියාත්මක කරන්න.. හුක් අංකල්ගෙන් උස්සපු කඩුව මම අතට ගත්තා.. උඩ පූසෝ දෙන්නත් ලෑස්තියි වැඩේට.. 


…....................................................

මගේ මාස්ටර් ප්ලෑන් එක වැඩ කරයිද? ඒක ඊළග කොටසින්...

49 comments:

  1. පුසෝ දෙන්නටම කථා කරන්න පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු දෙන්නටම පුළුවනී.. ඒත් මම මේකේ දෙබස් දැම්මේ නෑලූ ඉතින්..

      Delete
    2. පූසන්ටත් දෙබස් දැම්මනම් තමයි තව ලස්සන.

      Delete
    3. ඊළග ඒවයේ ටිකක් දෙබස් තියෙනවා..

      Delete
  2. අඩේ මේක Chapter 4 ද? මට ඔක්කොම මිස්වෙලා ....

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඒකනේ.. රාජ් අයියා ආවේ නෑනේ පහුගිය ටිකේ..

      Delete
  3. ලස්සන අප්පා පින්තුර ගැළපිමත්

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ.. තව ඕන කරන පින්තූර හිතට ආවත් හොයාගන්න අමාරුයිනේ

      Delete
  4. පහන් යකෙක් හොයන්ඩත් එපැයි නෙහ්? ඒ හිංදා බේරෙයි කෝමහරි... :P

    ReplyDelete
    Replies
    1. හික්ස්.. අනිවා අනිවා..

      Delete
    2. යකෙක් නම් හම්බුවෙලා ඉන්නේ හැබයි පහනට එයිද දන්නේ නෑ.

      Delete
  5. පහනේ යකා අනික් පැත්ත හරවන්න එපා නෙහ් ?

    ReplyDelete
    Replies
    1. මමත් ඕකමයි කියන්න ආවේ :)

      Delete
    2. පැතුම්, එපා එපා හරවන්න එපා..

      Delete
    3. වල් රජා, උඹලගේ කැත හිත් බොලවු.. බලහන්කෝ පහන් යකා කවුද කියලා හම්බුනාම..

      Delete
    4. අපි නම් දැන්ම හරවගත්තා.

      Delete
    5. මට හිතුවා..

      Delete
  6. නියම සුරංගනා කතාවක් දිනේශ්...එතනට ඇවිත් බැලවෙන්නේ. කවුද ඔය අරයා? :D

    ReplyDelete
    Replies
    1. හී හී.. ඔය මම නම් මම වෙමි.. එතකොට එයා ගැන දන්නවනේ ඉතින්... ;)

      Delete
  7. ඒ තවත් දිගයිද බං මේක?

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. නෑ නෑ බං.. තව කෑලි තුනයි.. ඇයි නිකන් බෝරින් වගේද දැන් මේක..

      Delete
  8. ඔය නිල්පාට දළඹුව ගහන්නේ ශීෂා පාරක්. ලෙබනීස්, අරාබි එවුන් ඔය වැඩේ කොරනවා. පැය ගානක් වුනත් ගහන්න පුළුවනි. එක එක ෆ්ලෙවර්ස් තියනවා. ඇපල් මික්ස් ෆ්රුට් වගේ.

    http://en.wikipedia.org/wiki/Hookah

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු ඒක ඇත්ත ඇලෙක්ස් අයියේ.. මම ඉතින් මේ කතාවේ චරිත ශ්‍රීලාංකිය කරණය කලානේ සුට්ටක්..

      Delete
    2. ශීෂා පාරක් ගහන්න තීනම් මොනා කරන්න බැරිද

      Delete
    3. මම ගහලා නැති හන්දා දන්නේ නෑ කියන්න..

      Delete
  9. ඒ මේ.. එයා පනුවොන්ට බය නැතුව ඇති නේ..
    හිකිස්..
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. මේ පණුවටනම් බය නෑලු.. මේ පණුවා එයාට බයයිලුනේ... හික්ස්..

      Delete
  10. Replies
    1. යා යා.. රසයි නේ...

      Delete
  11. කල් නොගෙන ඉතිරි කොටස් ඉක්කනට පෝස්ට් කරන එක ගැන මගේ ප්‍ර‍ණාමය!!

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. ඉක්මනට නොදැම්මොත් බැනුම් අහන්න වෙනවනේ..

      Delete
  12. හික්ස්ස්... මරු අනෙ අද කොටසත්!!! ඔක්කොමත් හරි, පින්තූරත් ගානටම ගැලපෙනවා... :D

    වෙලාවට අරයා දළඹුවො, කූඩැල්ලො, හැකරැල්ලො ඔක්කොමටම බය ;) වඩාගෙන යන්නත් චෑන්ස් එකක් ආවානෙ.. :p

    ඊළඟ කොටස ඉක්මණට දාන්නෝ...

    ReplyDelete
    Replies
    1. අන්න හිතුට තේරුණා වැඩේ.. අර කට වගේම චණ්ඬියා උනානම් කොහෙන්ද උස්සන් යන්නවත් චාන්ස් එකක්..

      Delete
  13. ශිහ් මදෑ කොටු අස්සෙන් කතාවක් බලන්න ආවා.. :-)

    මේක ඇත්තටම උඹේ ප්‍රබන්ධයක්ද ? නැත්තම් මේ කතාව තියන කාටුන් එකක් තියනවද ? පින්තූර හින්දා ඇහුවේ..

    උගත් පාඩම් : මලාට කෙල්ලෙක්වනම් බේර ගනන් එපා.

    ReplyDelete
    Replies
    1. බලාපොරොත්තු කඩ වීම ගැන මගේ සෝකය.. ;)

      අහ්.. මේක මේ මගේ කතා අච්චාරුවක් අයියේ.. ෆිල්ම් වල චරිත මතක හන්දා ඒවට ගැලපෙන්න ලියනවා.. එතකොට පින්තූර දාන වැඩේ ලේසියි..

      උගත් පාඩම ගැන : ඒ උනාට ඒකත් ආතල් වැඩක්ය..

      Delete
  14. උඹනම් සිරා පොරක් බං. මේක ලියන්න හිතුනේ ඇයි දන්නේ නෑ. ඒත් කතාව මරු.. අනික්වත් බලමු.

    ReplyDelete
    Replies
    1. මේක ලියන්න හිතුන කාරණාව අන්තිමේ කියන්නම්..

      Delete
  15. මේක පත අට එකට සිඳවල දීපු ගේමක් වගේ.මික්ස් සුරංගනා කතාවක්.

    ReplyDelete
    Replies
    1. " මික්ස් සුරංගනා කතාව" තමයි මම මේකට මුලින්ම දුන්න නම.. දැන් දාපු නම දැම්මේ අරයා තමා..

      Delete
  16. කොටසක් මිස් වෙලානේ මට. අද තම 3, 4 දෙකම කියෙව්වේ.....
    මං කිව්වේ මුන් බේරිලා යනකොට තව හෙන සෙට් එකක් එළියට එයි කියල.....

    පව් නේ අර කොල්ලගේ අහිංසක බලාපොරොත්තු ටික.... අර අංකල් කාරය නිසා ඉෂ්ට කර ගන්න බැරුව ගියානේ.....

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු තව ඉස්සරහට තව අය එනවා.. බලන්නකෝ..

      මොනා කරන්නද.. ඔහොම බාල්දි වැටෙනවනේ ඉතින්..

      Delete
  17. ඇහ්..මම නැති ටිකේ දාපු එව්වත් කියවලා එන්නම් ඈ

    ReplyDelete
    Replies
    1. හා හා.. කියවලා එන්න ඈ..

      Delete
  18. ඩිස්නිල හදන ඊළඟ ෆිල්ම් එකේ පිටපත ලියන්න දිනේශ්ට දෙයි වගේ ;)

    ReplyDelete
    Replies
    1. හෙහ්.. එහෙම කරයිද මට නඬු දායිද දන්නේ නෑ..

      Delete
  19. පව් අහිංසක කොල්ලා..:(

    ReplyDelete
  20. දිගටම යනවා වගේ! ඊලඟ එකත් බලමුකො

    ReplyDelete
  21. සාලවනේ...මේ කොල්ලගේ මොලේ දාන්න තිබුනේ ඇලේ...

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්