Monday, 25 February 2013

Fairy Tale of Dinesh - Chapter 3

ආපහු පාරක් පූසව හොයාගෙන මම මුණු හතේ මිනිහා හිටිය තැනට දුවන් ආවා.. හොද වෙලාවට ඒකා තාම වැටුන තැනම.. මම පූසව හෙවුවා.. පූස් පූස් පුස්.. මම ඌට කතා කලා.. ඒ එක්කම වගේ කවුද මගේ පස්සට තුඩකින් අනිනවා වගේ දැනුනා.. මම හිතුවේ මිනිහට සිහිය ඇවිත් කියලා.. බැලින්නම් පූසා.. ඌට මුකුත් වෙලා නෑ..

කෙල්ල හම්බුනාම උදවුවට ආව උන්වත් මතක නෑ මුන්ට..”

මතක් වුන හන්දනේ මේ ආවේ ආයෙම..”

වැඩිය කතා කර කර ඉන්න වෙලාව නෙමෙයි හන්දා මම ඌවත් ඇදගෙන දුවගෙන ආවා.. අපි එනකන් එයා තාම පහලට වෙලා බයෙන් බලන් ඉන්නවා.. පුළුවන් ඉක්මනටම කුළුනෙන් දුවන් ආවා.. හෆ්ෆේ දැන් තමයි හිතට සනීප.. මම එහෙම හිතුවා.. කොයි වෙලෙත් මම දෙයක් හිතුවොත් ඒක අප්සට් යනවමයි.. පුංචි කාලේ ඉදන්ම ඔහොමමයි.. අපි මෙහේ හති ඇරියට අරයා තාම කුළුණේ පඩිය ලග.. හරියට බය වෙලා වගේ බලන් ඉන්නවා..

ඇයි මොකද?”

මට බයයි..”

ඒ මොකටද?”

කෝකටත් කියලා මම ආයෙම වට පිට බැළුවා.. හිතන දේවල් නෙමෙයිනේ වෙන්නේ.. කිසි අවුලක් නෑ..

මට එළියේ ඇවිදින්න බයයි..”

මොකක්.. මේ එකක් කියන්නම් මට වඩාගෙන නම් යන්න බෑ..”

කෝකටත් කියලා මම කලින්ම කිවුවා.. කියන්න බෑනේ.. ඇදුම් බෑග් එක උස්සන් යන්න කියලා මගේ ඇගේ ගහපු එකේ එයාවත් උස්සන් යන්න කිවුවොත් එහෙම.. ඒක රොමෑන්ටික් තමයි.. ඒත් මේ මහන්සි වෙලා ඉන්න වෙලාවට මොන රොමෑන්ස්ද?

මට බෑ.. මම ඇවිදලාම නෑ..”

හා හා.. ඒක පොඩි කාලේ හදපු හැටි වැරැද්ද.. අපිට කරන්න දෙයක් නෑ අපි යනවා.. අර මූණු හතේ මිණිහා ආවොත් අපි නෑ..”

මම බොරුවට වගේ ඈතට යන ගමන් කිවුවා.. එතකොට වත් පස්සෙන් දුවන් එන්නේ නැතෑ කියලා.. කොහේද තාම ඉන්නවා එතන හිටගෙන මූණ බිළිං කාලා වගේ ඇඹුල් කරගෙන.. දුකත් හිතුනා.. මං ආයෙම ලගට ගියා.. ආදරෙයිනේ කෝම වුනත්..

බය වෙන්න දෙයක් නෑ අපි යමු..”

මට බෑ.. මම එළියේ ඇවිදලාම නෑ..”

එතකොට අර සපත්තුව නැති කර ගත්තේ කොහේ ගිහින්ද?”

ඒ ගියේ ලස්සන අස්ස කරත්තෙකනේ..”

දැන් මේ අස්ස කරත්ත නැතුවද ඇඹරෙන්නේ.. අමාරුවෙන් පයින් ඇවිත් අර බූරුවට පින් සිද්ද වෙන්න මෙතන්ට ආවා.. මෙයා ඉදන් අස්සකරත්ත හොයනවා..

බය වෙන්න එපා.. ටිකක් ඇවිදලා බලන්න.. පරිසරය ටිකක් විඳගන්න.. ඔයා ආස වේවි..”

“ හෝව් හෝව්.. වැඩිය රොමෑන්ස් එපා..”

අර පූස් තඩියා මැද්දට පැන්නා.. කේන්තිත් එක්ක..

කෝ එන්නකො..”

මන් එයාගේ අතින් අල්ලගෙන ටිකක් රොමෑන්ටික් වුනා.. නැතුව බෑනේ ඉතින්.. බෝම අමාරුවෙන් ගල් බැම්මෙන් එහාට යාන්තම් එයාව එක්කන් ආවා.. තණකොල බිස්සේ අඩිය තියලා ඒ දිහා බලාගෙන ඉන්නවා.. පළවෙනි පාරනේ ඉතින්.. මාත් ඔහේ බලාගෙන හිටියා මොකද කරන්නේ කියලා.. ටිකක් වෙලා ඉදලා මෙන්න මෙයා සිංදුවක් කියන්න ගත්තා..

අම්මා මට බැන්නට මං හොදයි..”

හික්ස්.. මෙයාටත් මතක් වෙන්නේ මාර සිංදු තමයි.. කොමත් මෙතන මෙහෙම දඟල දඟල හිටියොත් අම්මගෙන් බැනුම් අහන්න තමයි වෙන්නේ.. මම අතින් ඇදන් එක්කන් යන්න හැදුවා.. ඇවිදින්න බෑ කිය කිය හිටිය එක්කෙනා මෙන්න දුවන්න පටන් ගත්තා.. මාත් පස්සෙන් දිවුවා.. එක එක මල් වල සුවද බලනවා.. කුරුල්ලෝ එක්ක ඉගිල්ලෙන්න හදනවා.. ගස් නගිනවා.. එක විකාරයයි.. මෙයා පස්සේ දුවන් ඇවිත් මටත් හති.. පූසත් ඈතින් දුවන් එනවා.. උගේ බඩ එක්ක ඌ දුවන්නේ හෙමින්..

ටිකක් දුවන් එද්දී අමුත්තක් දැනුනා.. අරයගේ පස්සෙන් ආවට මොකද දන්නෙම නැතුව කැලේ ඇතුලටම ඇවිත්.. කලින් කොච්චර ඇවිදලා තිබ්බත් මේ හරියනම් නුහුරුයි වගේ.. අඳුරුත් එක්ක.. ඔක්කොටම කලින් දිවුවට මොකද දැන් ආයෙම ඇවිත් අරයත් මගේ අතේ එල්ලිලා.. මාත් ටිකක් වට පිට බැළුවා.. එක එක සත්තු කෑගහන සද්දේ විතරයි ඇහෙන්නේ..

කෝකටත් කියලා ටිකක් ඉස්සරහට යන්න හදද්දිම එක පාරම කොහේද පාවෙන අනුන්ගේ තොප්පියක් ඇවිත් වැටුනා අපි ඉස්සරහට.. අහක යන තොප්පි දාගන්න හොද නැති වුනාට ටිකක් ඒකට ලං වෙලා බැලුව..

ඒයි ඔය මගේ තොප්පිය..”

එක පාරම කවුද කෑ ගහනවා ඇහිලා මම තොප්පිය ගන්න එක නවත්තලා ඒ දිහා බැලුවා.. ටිකක් විතර වයසක මනුස්සයෙක්.. රතු පාට කොණ්ඬෙ.. මූණ සුදු වෙන්නම පවුඩර් දාලා.. ඇස් යටත් රතු පාටයි.. දුඹුරු පාට කඹායකුයි මල් මල් බෝ එකකුයි දාලා.. ටිකක් දැකලා පුරුදු ගතියක් තිබ්බට හරි මතකයක් නෑ.. මම හිතුවා.. ටික ටික ඒ මනුස්සයා තොප්පිය ගන්නවා වෙනුවට අරයා ලගට ලං වෙනවා.. ඒ පාර මොන මරාලයක්ද දන්නේ නෑ.. එක්කෝ නෑදෑ කෙනෙක්වත්ද? බලන් ඉන්න විදිහට හිතුනා..

ඇලිස්..”

එයා දිහා ටිකක් වෙලා බලන් ඉදලා ඒ මනුස්සයා කිවුවා..

මේ අංකල් ඔයාගේ කාලේ නම් කියලා මට කතා කරන්න එපා හරිද? මං නාකියි වගේද පේන්නේ ?”

ඒ මනුස්සයා කට උත්තර නැතුව බලන් ඉන්නවා.. මෙයා එක්කත් කතා කරලා බේරෙන්න අමාරුයි.. ඉස්සරහට මටත් ලේසි වෙන එකක් නෑ.. ඒවා අස්සේ මම තනියම හිතුවා..

මම මෑඩ් අංකල්.. ඔයාට මතක නැද්ද?”

මෑඩ් බවනම් පේනවා මූණ බැලුවම..”

ඇයි ඔයාට මතක නැද්ද පොඩි කාලේ ඔයා ආවේ මාව හොයාගෙන.. අපි සුදු රෝස මල් රතු පාටින් පාට කලා මතකද.. අර දිග මේසේ වාඩි වෙලා තේ බිවුවා..”

මට මතක නෑ..”

හරි එතකොට ඔයාට මේ ඩාන්ස් එක මතකද කියන්න..”

එක පාරම ඒ මනුස්සයා මරු ඩාන්ස් එකක් දාන්න ගත්තා.. අමුතු බ්‍රේක් ඩාන්ස් එකක්ද කොහේද? ගෙවල් පැත්තේ කොල්ලෝ එක්ක රෑට පාරේ නටද්දිවත් මෙහෙම ඩාන්ස් එකක් දැකලා නෑ.. නට නට ඉන්න වෙලාවක් නැති හන්දා මං මැද්දට පැන්නා..

මේ කොහේද අංකල්..”

මේ විශ්මලන්තය මල්ලී..”

මෑඩ් අංකල්ට මෑඩ්ම තමයි.. ආයේ හිතන්න දෙයක් නෑ.. මේ කරුවලේ මොන විශ්මයක්ද.. කෝම හරි දැන් මෙයාව අපේ ගමට එක්කන් යන පාර හොයා ගන්න ඕන.. මේ කැලේ දුවන් ආවේ නැත්නම් මෙලහටත් ගෙදර ගිහින්.. දැන් රෑ වෙන්නත් එනවා..

මල්ලී අපි යමු මගේ සපත්තු ගෙදරට.. දිග මේසේ වාඩි වෙලා රෑට කමු..”

එක අතකට ඒකත් හොදයි.. මම එහෙම හිතුවා.. දැන් රෑ යන්න තැනකුත් නෑනේ.. මෑඩ් අංකල්ගේ පස්සෙන් අපිත් එන්න ආවා.. මෑඩ් අංකල් කොයිවෙලා‍වෙත් අරයට අමුතු බැල්මක් දානවා ඒක එච්චර මට ඇල්ලුවේ නෑ.. කරන්න දෙයක් නැති හන්දම පස්සෙන් ගියා..

මෑඩ් අංකල්ටත් ඉන්නවා කට කනේ තියන් හිනාවෙන් නිල් පාට පූසෙක්.. උගෙයි අපි එක්ක ආව එකාගෙයි කිසි වෙනසක් නෑ.. ඒ මදිවට අංකල්ගේ මේසේ හාවෙක් තේ බොනවා.. මං පුදුම වුනා.. ඒත් ඒ හාවෙක්ම තමයි.. අඩුගානේ මමවත් මේසේ වාඩි වෙලා තේ බොන්නේ නෑ.. මෑඩ් අංකල් මගේ එක්කනා ලගම පුටුවක් අරන් වාඩි වුනා.. මට තිබුනේ ටිකක් ඈත එකක්.. මොනා කරන්නද මාත් ඔහේ වාඩි වුනා.. මොනා වුනත් බඩ පැලෙන්න රෑට කෑවා.. උදේට කාලා ගෙදරින් පිට වුන එක බූරුවා එක්ක ඇවිත් වමනේ දැම්මට පස්සේ මුකුත් කෑවෙම නෑනේ..

මෑඩ් අංකල් අපිට හෙට වෙද්දී යන්න පුළුවන්ද?”

ඒක හරියටම කියන්න බෑ මල්ලී.. එයාගේ මිනිස්සු මේ හතර වටේම කැරකෙනවා ඇති.. එයාට හැංගිලා තමයි යන්න ඕන..”

කවුද ?”

අපේ හුක් මල්ලිගෙන්..”

කවුද හුක් කියන්නේ ?”

නම අහලා අරයා කට අතින් වහන් හිනා වෙනවා.. කුළුණ ඇතුලට වෙලා හිටියට මෙයත් යමක් කමක් දන්නවා.. ඒකත් හොදයි.. මම හිතුවා..

හුක් මල්ලි නැව් කැප්ටන් කෙනෙක්.. රතු කබාය ඇදලා රතු තොප්පිය දාලා බෙල්ල ගාවට කොණ්ඩේ වවපු මී නැට්ට වගේ දෙපැත්තේ රැවුලක් තියෙන එක අතක කඩුවකුයි අනික් අතේ කොක්කකුයි තියා ගත්තු මේ ඒරියා චන්ඬියා..”

ඒ පාර තව චන්ඬියෙක්ද? මම හිතුවා.. මදැයි කෙල්ලෙක් බේර ගන්න ආවා.. දැන් එක එක ඒරියා වල චන්ඬි පරද්දන්න වෙලා.. මට තාත්තගේ මයින හම සැපයි කියලා හිතෙනවා..

දැන් කොහොමද ඔය චන්ඩියගෙන් බේරිලා යන්නේ?”

මම දන්නේ නෑ ඒක.. ඒක මල්ලි හිතන්න ඕන.. මමත් මේ හැංගිලා ඉන්නේ..”

මදැයි මාත් ඉදලා ඉදලා උදවුවක් ඉල්ලුවා.. කමක් නෑ එක්කෝ කෙල්ල බේරන් යන්න ආවේ මේවා දැනගෙනනේ..

හරි දැන් නිදියන වෙලාව.. යමු මම කාමරේ පෙන්නන්නම්..”

මෑඩ් වුනත් අංකල් නියම කතාවක් කිව්වා.. දොයියන වෙලාවලු.. ඒකත් අරයත් එක්ක.. හෆ්ෆේ කවද ඉදන් පෙරුම් පුරපු දෙයක්ද? මම ඉක්මනට මේසෙන් නැගිටලා එයා ලගට දිවුවා හිතේ සතුටට..




…..................................


මොකද හිතන්නේ දෙන්න රෑට දොයියයිද? ඒක ඊළග කොටසින්..

55 comments:

  1. මේක කතා ජාලයක් නේ අප්පා...
    හී.. කෝම උනත් සෝයි අප්පා.. ජය වේවා~!!!
    සිනා බෝ වේවා!!!

    ඒ මේ, ඔය කුමාරිකාව ගැන කියවද්දී මට හිතේ මැවෙන්නේම අරයාව නේ ,....

    ReplyDelete
    Replies
    1. අම්මතසිලි මං එක... නෙක්ස්ට් ටයිම් එද්දී තෑග්ග රෙඩි කරලා තියන්න ඈ.. ඊයේ රෑ මං ඕඩර් එකක් දුන්නා ඇපල් ගෙඩියකට (ඕස්ට්‍රේලියන් ඇපල් ඈ) ඒක තිබුනෙත් නෑ.. :(

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. පණුවා, කතා ජාලයක් නෙමෙයි ඒ.. ජංජාලයක් මේක.. මෙයා ඊයේ පෝය හන්දා උදේම ඇවිත් දැන් කෑ ගහනවා.. තෑගි නෑ..

      Delete
    4. ඒ සුදු.. ඔයා ගැනද දන්නේ නෑ මෙයා කියන්නේ නේ... ;)

      Delete
  2. //පළවෙනි පාරනේ ඉතින්.. මාත් ඔහේ බලාගෙන හිටියා මොකද කරන්නේ කියලා..//

    ඔහේ නැතුව එයාගේ ඇස් දිහා බලා ඉන්ට තිබුනානේ.:D

    මට දෙවෙනි කොටස මිස්වෙලා...:(

    ReplyDelete
    Replies
    1. හී හී.. හොරාට ඒ දිහා බලන් හිටියේ..

      ඔවු ඔවු.. දෙවෙනි එකට ආවේ නෑ.. මම බලාගෙන හිටියේ එනකන්..

      Delete
  3. Replies
    1. අහ්.. මෙයා ඔක්කොටම කලින් කියවලා ඉවර වෙලා දැන් උද්ගෝෂන කරනවලු...

      Delete
  4. නිදාගන්න වෙලාවට ඉතිං මහන්සි යන්නත් එක්ක දපලා දොයියන්න තමා තියෙන්නේ....
    වෙන මොනා කරන්නද නේ???????
    අර නිල් පූසා (කට කනට ගන්න එකා) උගේ පොටෝ එකකුත් දැම්මනං එල ඈ...

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. වෙන මුකුත්ම කරන්න එපාද? හාකෝ එහෙනම්..

      අහ් ඌ අර පහලින් ඉන්න හන්දා වෙනම එකක් දැම්මේ නෑ බං..

      Delete
  5. පොඩි උන්ව නලක් කලනවා! :/

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අනේ උඹේ පොඩි.. මම කියන්නේ නෑ ඉතින්..

      Delete
  6. එලට ලියාගනෙ යනවා...අයියා ඩිස්නි හොද්දක් හදලනෙ....

    ReplyDelete
    Replies
    1. හෙහ්.. ඩිස්නි පරිප්පුවක් මේක..

      Delete
  7. Replies
    1. තැන්කූ තැන්කූ..

      Delete
  8. මේක තමා මම අහන ආතල්ම සුරංගනා කතාව.. නිකං ඩිස්නිලන්තේ ගිහින් සම්බෝලයි පානුයි කාල ප්ලේන්ටියක් ගැහුවා වගේ..

    ReplyDelete
    Replies
    1. හික්ස්.. ඒක මරු කතාව.. එහෙනම් බලමුකෝ ඊළග ;)

      Delete
  9. හික්ස්ස්ස්ස්ස්ස්... හෆ්ෆේ දැන් ඇත්තට දෙන්නා දොයියයිද??? o.O

    මරු මරු අයියෙ!! සුරංගනා කතා වල අලුත් වර්ෂන් එකක්.. ෆට්ට(Y)

    ReplyDelete
    Replies
    1. මෙයා ඕන නැති එවුවා හිතනවා.. ඕකනේ කරන්න බැරි..

      යා යා.. නිවු වර්ශන් එක..

      Delete
  10. ඇක්චුවලි මම දැන් නම් ඔය කොන්ඩේ දිග කෙල්ලට කැමති නෑ..ඒ කෙල්ල මට බූට් එක තිබ්බා..

    ReplyDelete
    Replies
    1. හෆ්ෆට.. ඇත්තමද? ගනන් ගන්න එපා බං.. කොණ්ඬෙ කොට එකක් හොයමු මේ පාර...

      Delete
  11. හප්පේ... කතා සාගරයයි.. මේක ඩිස්නි අච්චාරුවක්ද...ෆෘට් සැලට් එකක්ද කියලා හිතා ගන්නවත් බෑ..කොහොම උනත් වැඩේනම් නියමයි...

    ReplyDelete
    Replies
    1. හෙහ්... මේක අච්චාරු ෆෘට් සැලඩ් එකක් වගේ එකක්.. බලන්නකෝ ඊළග ටිකත්..

      Delete
    2. මේක මික්ස් කොත්තුවක් වගේ

      Delete
  12. මේක කියවද්දි මට මතක් වෙන්නේ, මේම එකක් මමත් දාලා මේ කස්ටිය මට බැන බැන කියවපු හැටි..

    ReplyDelete
    Replies
    1. අහ් මම කියවලා නැද්ද ඒක.. මට මතක නෑනේ..

      Delete
  13. හ්ම්ම්ම්ම් කතාව යනවා වෙනම පැත්තකට.. මල්ලි කියවලා තියනවද දන්නෑ "ඉවර නොවෙන කතාවක්" කියලා පොතක් තියනවා.. මේකත් ඒ වගේ ඇද්දැකි වගේ ඕනනම්..

    ඊලඟ කොටහා කොටු එක්කද දෙන්නෙ.. කොටු දැම්මොත් මාධ්‍ය වාරණ දැම්මා, මාධ්‍ය සදාචාරය උල්ලංගනය කළා, අරක කළා, මේක කළා කියලා අපි උද්ගෝෂණය කරනවා හරිය වර්ණයෙ පාට දිය වෙනකම්. :D කියලා හිතනන් එපා හරිය..

    ReplyDelete
    Replies
    1. හෆ්ෆේ එච්චර අදින්න බෑ සෙන්නා අයියේ.. ලියන්න තව එවුවා තීනෝ..

      අහ් දැන් ඊළග එක දාන්නත් නිකන් බයයි බයයි වගේ..

      Delete
  14. ෂෝක් සුරංගනා කථාව :)))

    ReplyDelete
    Replies
    1. ඉස්සරහට ඕන වෙයි මතක තියා ගන්න හොදේ..

      Delete
  15. oya surangana kathawala kattiya oya kiyana widiyata doiyanne nane. harima sanwarawa thamai doiyanne.

    ReplyDelete
    Replies
    1. අහ් මෙයා බලන්නකෝ.. මේක එහෙම නෑ ලොකූ... ;)

      Delete
  16. මෙක පට්ට කතාවක්නේ.. ලියන විදිහ මරු... බලමු ඊළග කොටස් ටිකත්..

    ReplyDelete
    Replies
    1. හා හා බලමු...

      Delete
    2. ko thama nahane.. adath awa balanna...

      Delete
  17. කථාව නම් නියමෙට යනවා දිනේශ්..:)

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ හැමදාම ඇවිත් කියවනවට..

      Delete
  18. පට්ට චාන්ස් එකක් තමයි කොල්ලට වැදිලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. හෙහ්.. අනිවා මෙහෙම චාන්ස් වදිනවනම් මොනා කරන්න බැරිද..

      Delete
  19. පව් අප්පා... මට බලා ඉන්නත් බෑ වගේ තව තත්පර දෙක තුනකින් අහිංසකයගේ හීනෙ බොඳවෙනවා... :(

    ReplyDelete
    Replies
    1. හී හී.. කොල්ලා පවු නේ..

      Delete
    2. කොල්ලට එහෙම කරන්න එපා දින්නා.

      Delete
  20. ඕනේ ඔට්ටුවක්, මෑඩ් අංකල් අරුගේ හීනේ බොඳ කරනවා...එක කාමරේ නිදා ගන්න දෙන්නේ නෑ !!

    ReplyDelete
    Replies
    1. එහෙම ඔට්ටු නැ.. මං කීවෙත් ඕකමයි.. මමයි ඔන්න ඉස්සෙල්ලා කීවේ... ඉහි ඉහි

      Delete
    2. පැතුම්, ඇයි බං කොල්ලෙක් වෙලත් ඔහොම කතා කියන්නේ?

      Delete
    3. තනෝජා අක්කේ, ඔවු ඔවු අක්කා තමයි ඉස්සෙල්ලා කිවුවේ.. පැතුමගේ ඔට්ටුව කැන්සල්..

      Delete
  21. නියමයිනෙ දන්න කියන සුරංගනා කතා ඔක්කොගෙම එකතුවක් වගේ!

    ReplyDelete
    Replies
    1. තව ඉස්සරහට තව ඒවා එනෝ...

      Delete
  22. නියමයිනෙ දන්න කියන සුරංගනා කතා ඔක්කොගෙම එකතුවක් වගේ!

    ReplyDelete
  23. ko ko ilaga eka kawadda danne....

    ReplyDelete
    Replies
    1. හෙට උදේම එන්නෝ...

      Delete
  24. අඩෝ මරු බං. අගේ නොකර මේක ලියහංකෝ ඉක්මනට.

    ReplyDelete
  25. හම්බෙයි බලන් ඉන්නවා අරයා එක්ක දොයියන්න....

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්