Friday, 22 February 2013

Fairy Tale of Dinesh - Chapter 2

මොකද්ද ඒ සද්දේ? හිත පොඩ්ඩක් ගැහෙන්න ගත්තා.. යන්තම් කෙල්ල ශේප් කර ගත්ත ගමන්ම බයයි කියලා පෙන්නන්න පුළුවන්ද? කල්පනා කර කර ඉන්නත් වෙලාවක් නෑ.. ටිකින් ටික දොරවල් ඇරෙන සද්දේ ලඟින්ම ඇහෙනවා.. කාමරෙන් එහා ලී පොළවෙ කිරි කිරි සද්දෙත් එන්න එන්නම වැඩි වෙනවා.. කුළුණ පරණයිනේ.. ලෑලි දිරලද කොහෙද.. සද්දෙ ලඟින් ඇහෙද්දි කෙල්ල එක පාරම මගේ අතින් අල්ල ගත්තා.. හෆ්ෆේ හිතට දැනුන ෆිට් එක.. ඒ ගැම්මෙන්ම පපුවට හොද හුස්මක් අරන් මං කඩුවට අත තිබ්බා.. මලා.. කෝ කඩුව..



අර බූරුවා පිටේ ඇවිත් වැටුන වෙලේ කඩුව වැටිලද කොහේද.. දැන් මොකද කරන්නේ.. වස ලැජ්ජාව.. කරන්න දෙයක් හිතා ගන්න බැරුව මාත් හිටියා.. අර මන්තරකාරයා කිව්ව ගිණි මකරනම් මේ එන්නේ මං කොහොමද ඌට මුණ දෙන්නේ... ඔළුව දෙපැත්තෙන් හීන් දාඬියකුත් දාගෙන ආවා..



කෝ ඔයාගේ කඩුව අර ගන්න.. මකරා වෙන්න ඇති එන්නේ..”



ඔය කිවුවේ ඉදලා ඉදලා ඉතින්.. දැන් මොකද කරන්නේ.. මම නෑහුනා වගේ ඉන්න හැදුවට හරි ගියේ නෑ.. මගේ අතින් ඇද ඇදම එකම දේ කියනවා.. මේ වෙලාවට තමයි හිතෙන්නේ තාත්තගේ කම්මලේ මයින හම ඇදන් හිටියනම් කියලා..



මේ.. ඒක මට මඟදි අමතක වුනා..”



මැට්ටා.. දැන් කොහොමද මාව බේර ගෙන යන්නේ ?”



හරි හරි පොඩ්ඩක් ඉන්නකෝ..”



ඔක්කොටම වැඩිය හපන් මේ කට.. කෙල්ලන්ගේ හැටිද කොහෙද.. දැන් ඕවා හිත හිත ඉන්න වෙලාවක් නෑ.. අපි හිටිය කාමරේ යතුරු හිලේ යතුර කැරකෙන සද්දෙ හොදටම ඇහුනා.. මගේ හිත තිබ්බේ එතන..



ඔයා පොඩ්ඩක් පස්සට වෙන්න..”



මෙච්චර වෙලා අතේ එල්ලිලා හිටිය කෙනා මාවත් පස්සට ඇදලා දලා මගේ ඉස්සරහට ආවා.. ඒ මදිවට අතේ වළදකුත්.. මොනා කරන්න හදනවද මන්දා.. මේක උයන්න වෙලාවක්යැ.. වැඩිය හිතන්න වුනේ නෑ.. කණ රිද්දන සද්දෙකුත් එක කාමරේ දොර ඇරුනා.. එක පාරම බිමට වැටුනේ ලොකු චායාවක්.. මකරගේ මූණ වගේමයි.. කෝකටත් කියලා මං එයාගේ ලගට ආවා.. දොර ගාවින් වැටුන චායාව එන්න එන්න පුංචි වෙලා ගිහින් පුසෙක් දොර ගාවින් මතු වුනා.. සපත්තු දාපු තොප්පියක් දාපු.. ආච්චි පුංචි කාලේ කිවුව කතාවේ වගේමයි..





දොර ලගින් මතු වෙලා හෙමීට අපි ගාවට ඌ ඇවිදන් ආවා.. මගේ හිතේ නම් තිබ්බ බය නැති වෙලා ගිහින් තිබ්බේ.. ඒත් අරයා තාම ඉස්සරහට වෙලා වළදත් දික් කර ගෙන.. හිනාත් යනවා.. කෙලින්ම ඇවිදන් ආව පූසා නැවතුනේ එයා ඉස්සරහා.. ටිකක් වෙල බලන් ඉදලා රතු ඇපල් ගෙඩියක් එයාට දික් කලා.. මේ මොකද්ද වෙන්න යන්නේ මං හිතුවා.. කිසි වෙනසක් නැතුව අරයා තාම හිටියා වගේම..



" ඕක කන්න එපා..”



එයානම් කිසි ගානක් නැතුව බලන් හිටියා.. අහපු කතාවල හැටියට රතු ඇපල් කන්න හොද නෑ.. මන් එයාට තේරුම් කරන්න හැදුවා.. ඒත් මගේ කතාවට වඩා එයා බලන් හිටියේ පුසගේ ඇස් දෙක දිහා.. ඒක ටිකින් ටික ලොකු වෙන්න ගත්තා.. කන් දෙකත් පහත් වුනා.. බලන් ඉන්න බැරි අහිංසක කමක්.. මං අහක බලා ගත්තා.. ඒ එක්කම වගේ මෙයා ගත්ත ගමන් ඇපල් ගෙඩිය කාගෙන කාගෙන ගියා.. හරියට සෑහෙන කාලෙකින් කෑමක් දැකලා නෑ වගේ..



මං හෙන බඬගින්නේ හිටියේ...”



ඔයාට අමුත්තක් දැනෙන්නේ නෑනේ ?”



නෑ බඬගින්න ගියා..”



මම පුසා දිහා බැළුවා.. තොප්පියත් දාගෙන ඌ මං දිහා නෝන්ඩියට වගේ බලාගෙන ඉන්නවා..



උඹ පොඩි කාලේ කතා අහලා තියෙනවා වැඩියි..”



එයාගේ අතින් අත ගාන ගමන් ඌ මන්දිහා බලලා කියද්දි මෙයත් ඌ එක්ක එකතු වෙලා මටම හිනා වෙනවා.. පොළව පලං යන්න නෝන්ඩිය.. මං ආච්චිට හිතින් බැන්නා..



අපි යමු තව පරක්කු නොවී..”



හා ඉන්න.. මම මගේ බඩු ටික අර ගන්නකම්..”



බඩු.. මොනවා උස්සන් යන්නද? මෙන්න මෙහේ එනවා..”



මං අතින් ඇදන් එන්න ලෑස්ති උනා.. පොඩ්ඩක් ඉන්න කියලා මෙයා නාහෙන් අඬනවා.. පූසා උගේ ලග තිබ්බ කඩුවෙන් මගේ අතට ඇන්නම මගේ අත, අත ඇරුනා.. මන් ඌ දිහා රවලා බලද්දි ඌ මට ඇහැක් ගැහුවා.. කඩුව නැති හන්දා මට මේ පුසෙක්ටත් සෙකන්ඩ් වෙන්න වුනා.. අර බූරුවා අහු වුනානම්..



මෙලෝ සිහියක් නැතුව එයා කාමරේ අවුස්සනවා.. ටිකක් වෙලා බලන් ඉදලා බැරිම තැන මමත් ලං වෙලා බැළුවා.. එක එක ජාතියේ ඇදුම් අනං මනං.. ඒ අස්සේ තනි වීදුරු සපත්තුවක්..



මේ එක සපත්තුවක් උස්සන් යන්නේ පිස්සුද?”



ඕකේ අනිත් එක හොයාගන්න ඕන..”



කොහොමද නැති වුනේ ?”



එක දවසක් අමතක වෙලා ආවා..”



මෙච්චර වෙලා සද්ද නැතුව හිටිය පූසා හෙමින් විශිල් එකක් ගහන්න ගත්තා.. ඒක ටිකක් මට ඇල්ලුවේ නෑ..



දැන්වත් ලෑස්ති නම් යමුද?”



හා.. මේක අර ගන්න..”



අර බඩු පුරෝපු පෙට්ටිය මට දික් කලා.. දැන් මමද මේක උස්සන් යන්න ඕන.. මදැයි කුමාරිකාවක් බේර ගන්න ආවා මාත්.. මුළු කාමරේම බඩු ඒකට දාලා වගේ බර.. මං ඒක නොපෙන්නා කොහොම හරි උස්සන් කාමරෙන් එළියට ආවා.. පරණ කුළුනේ තැනින් තැන දිරලා ගිහින්.. බිම අඩිය තියද්දිත් සද්දේ එනවා.. දැන් එතකොට කෝ මකරා.. මම කල්පනා කලා.. අර මන්තරකාරයා කිවුව හැටියට මේ වෙද්දි මකරා එන්න ඕන.. කෝම වුනත් එන්නේ නැති තරමටම හොදයි කියලා හිත හිත මම පඩිපෙල බැස්සේ..



කොයි දේත් වැඩිය හිතන්න හොද නෑලු.. මම හිතලා ඉවර වෙලා නැවතීමේ තිත තියන්න හදදිම එක පාරම ඇහුනේ මහ කෑ ගැහිල්ලක්.. ඒ නම් මකරා ආයේ කියන්න දෙයක් නෑ.. අපි ටිකකට නතර වුනා.. ඈතින් හුගක් දේවල් කැඩෙන බිදෙන සද්ද ඇහුනා.. මකරා කියලා හිතුවට ඉස්සෙල්ලා මේ මෝඩ පූසා ආවා වගේ මොකෙක් හරි වෙන්න ඇති.. බය වෙන්න දෙයක් නෑ.. මං හිතට හයිය ගත්තා.. අපි ඉස්සරහා තිබුන දොර එක පාරම ගැලවිලා විසි වුනා..



ටිකකින් අපි ඉස්සරහා මතු වුනේ භයානක මුහුණක්.. මුහුණක් කිවුවට මුහුණු හතක්.. එකම ඇඟක පිහිටපු ඒ මුණු හත ආච්චි උපන්දිනේකට ගෙනත් දුන්න පින්තූර කතාවක් වගේමයි.. මං ටිකක් ලං වෙලා බලන්න හැදුවා..



දුවමු..”



පූසා එක පාරම කෑ ගහන් දුවන්න ගත්තා.. ඒ පස්සෙන්ම එයත්.. අරයගේ තඩි බෑග් එකත් උස්සන් මාත් පස්සෙන් දුවන්න ගත්තා.. අපේ පස්සෙන් මුණු හතේ මිනිහා.. බලන් යද්දි මකරටත් වැඩිය මේකා භයානකයි.. කෝම හරි කැඩුන පඩිපෙල දිගේ පල්ලෙහාට දුවන් ආවා.. දුවන්නන් වාලේ දිවුව හන්දද කොහේද අන්තිමේ අපි කොටු වුනා.. අරයා මගේ ලඟට ලං වෙද්දී පූසා මගේ කකුල අස්සේ හැංගිලා.. මූණු හතේ ම්නිහගෙන් ගැලවීමක් නෑ.. මම හිතුවා.. නැති වුන කඩුව තිබ්බත් දැන් කරන්න දේකුත් නෑ..



කරන්න දෙයක් නැතුව හිත කල්පනා කලා.. කෙල්ල ඉස්සරහා බය වෙලා නෝන්ඩි වෙන්නත් බෑ.. ඊලගට මේවා මතක තියන් ඉදලා බැන්ද කාලෙක නෝන්ඩි කරනවා.. එතකොට ඉතින් වහ කන්න වෙන්නේ.. මොකද කරන්නේ? මම කල්පනා කලා.. වට පිට බැලුවා...



ගඩොල් බිත්ති වලට අපි කොටු වෙලා.. අපි ඉස්සරහා මූණු හතේ මිනිහා.. අත් උස්සන් අපි ලඟට එනවා.. ඌ ඉන්න තැනට උඩින් ඉටිපන්දම් ගහන රවුම් ලාම්පුවක්.. හ්ම්ම්.. මොකද කරන්නේ මම කල්පනා කලා.. අදහසක් ආවා.. කකුල් දෙක අස්සෙ හැගිලා හිටිය පූ‍සව මම ඇල්ලුවා.. එයා එක පාරම මං දිහා බැලුවා.. මම ගානක් නෑ වගේ හිටියා..



ඔය මොකද කරන්නේ ?”



පොඩ්ඩක් ඉන්නකෝ..”



එයාට මෙව්වා තේරුම් කර කර ඉන්න වෙලා නෑ.. අල්ලන් හිටිය පූසව එක පාරම උඩට විසි කලා.. ඌ මට යන්තම් බනිනවා වගේ ඇහුනා.. මම ගණන් ගත්තේ නෑ.. මං හිතුවා වගේම ඌ උඩ තිබ්බ ලාම්පුවේ එල්ලුනා.. උගේ බරයි ලාම්පුවේ ඇන්ටික් එකයි එක දෙක එකට සමපාත වෙලා දෙක එකට මෙව්වා වුනාම අනිවා මේක කඩන් වැටෙන්න ඕන.. තාත්තා කම්මලේ යකඩ තලන ගමන් කියලා දුන්න ගණන් පාඩම මතක් වුනා..



පූසා යාන්තමට වගේ එල්ලිලා දඟලනවා.. ඒක වැඩිය හොදයි.. තව ටිකක් දඟලපං.. මම හිතුවා.. මූණු හතේ මිනිහත් ටිකින් ටික ඉස්සරහට ආවා.. මට හිතපු තැනටම.. ඒත් කෝ මේ තඩි පූසගෙන් කිසි වැඩක් නෑ.. මං එහෙම හිතද්දිම ලාම්පුව උඩ ගැටගහලා තිබ්බ නූල් පටක් කැඩෙන සද්දේ ඇහුනා.. වැඩි වෙලා ගියේ නෑ.. ලාම්පුව මූණු හතේ මිනිහා උඩටම කඩාගෙන වැටුනා.. මං හිතුවේ ඒක රවුමට ඇවිත් ඒකා හිරවෙයි කියලා.. ඒත් මූණු හතක් හන්දා මං හිතුව දේ වුනේ නෑ.. ඒ වුනත් වැදුන පාරට මිනිහා වැටෙන්න වගේ ආවා..



මම ඉක්මනට අතේ තිබුන අරයගේ ඇදුම් බෑක් එකෙන් දමලා ගැහුවා.. ඒ පාරනම් මිනිහා වැටුනා.. මට හැපී.. ඒ වුනාට ඇදුම් බෑග් එක ඇරිලා ඇදුම් හැම තැනම.. අරයා රවනවා මට.. මම නොදැක්කා වගේ ගිහින් ශේප් එකේ ඇදුම් ටික ඇහින්දා..



එක එක ජාතියේ ත්‍රිකෝණ වගේ ඇදුම්.. මේ විදිහට ඇන්දම වැහෙන්න ඕන ඒවා වැහෙනවද  මන්දා.. කෝකටත් කියලා මම එයින් දෙකක් අරන් මූණූ හතේ මිනිහගේ අත් දෙකයි කකුල් දෙකයි ගැට ගැහුවා..



මොකද්ද ඒ කරපු වැඩේ ?”



මොකද්ද අහන්නේ.. වැඩි හොදට..”



මට තෑගි හම්බුන හොදම දෙක..”



හරි හරි මම පස්සේ දෙකක් අරන් දෙන්නම්.. මෙහේ එනවා දැන් යන්න..”



මං එයාගේ අතින් ඇදන් අන්තිම පඩිපෙල බැහැලා දුවන් එන්න හදද්දි පූසව මතක් වුනා.. කෝ ඌ.. ලාම්පුව කඩාගෙන වැටුනට පස්සේ දැක්කේ නෑ.. මම ආයෙම හැරුණා..





…..............................................



ඊට පස්සේ මොකද උනේ දන්නවද ඔයා??? ඒ ටික ඊළග කොටසින්.. වර්ණයෙන්ම පමණයි..









58 comments:

  1. අයියෝ.. නතර කරපු තැන විතරක්.. ෂිහ්..

    ReplyDelete
    Replies
    1. හී හී.. හොදම තැනින් නැවැත්තුවා..

      Delete
  2. "එක එක ජාතියේ ත්‍රිකෝණ වගේ ඇදුම්" හිහ් හිහ් එව්වා විතරද බෑග් එක පුරෝලා තිබුනේ ?

    ReplyDelete
    Replies
    1. ඕකනේ ඉතින්.. සුරංගනා කතාවක් කිවුවත් මුං අහන්නේ වැරදි ප්‍රශ්ණමනේ..

      Delete
  3. අනේ පූසා මලාද?

    හොද වැඩේ.. ඕකා මැරිය! මම පූසන්ට කැමතිම නෑ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. උඹට මොකද්ද පූසෝ එක්ක තියෙන ඔච්චරම කෝන්තරේ.. අකමැති වෙයි බොට පූසෙක් හම්බුනාම.. ටිකක් හිටු..

      Delete
  4. හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්... අනේ ජොලි!!! ජොලි!! මරු!!! නියමයි!!! ශෝයි!!!! :D :D හික්ස්ස්..

    //මම ඉක්මනට අතේ තිබුන අරයගේ ඇදුම් බෑක් එකෙන් දමලා ගැහුවා.. ඒ පාරනම් මිනිහා වැටුනා.. මට හැපී.. ඒ වුනාට ඇදුම් බෑග් එක ඇරිලා ඇදුම් හැම තැනම.. අරයා රවනවා මට.. මම නොදැක්කා වගේ ගිහින් ශේප් එකේ ඇදුම් ටික ඇහින්දා..// :D හයියූ!!

    ඊලඟ කොටසත් ඉක්මනටම ඕනෙ......

    ReplyDelete
    Replies
    1. හෆ්ෆේ.. කමෙන්ට් එකෙන් තේරෙනවා කතාවට කොච්චර ආසද කියලා.. තැන්කූ ඈ..

      හයියූ කිවුවට මෙයාලත් රවන්නේ ඔහොම තමා..

      Delete
  5. Replies
    1. හී හී.. පොඩ්ඩන්නට වෙන කතා.. උයා මගේ ලොකු බබානේ ඉතින්.. හැබැයි මේවා අහලා කවුරුත් දොයියන්නේ නෑ.. ඒක ශුවර්.. ;)

      Delete
  6. හ්ම්ම්ම්ම් උද්වේගකරයි.....මේක සුරංගනා කතාවල නව නැම්මක් සටහන් කරයි වගේ....මමනම් ඔය ජාතියෙ කුමාරියෙකව කීයටවත් බේර ගන්නෑ බන්..දමලා ගහලා එනවා.. අනිවා...

    ReplyDelete
    Replies
    1. හී හී.. හැමෝම එක වගේ නෑනේ අයියේ.. මං නම් බාර ගන්නවා..

      සුරංගනා කතා වල නැම්මක් කෝම උනත් මට නඬු වැටෙයිද මන්දා.. :)

      Delete
  7. හැබැයි මොනව උනත් හොඳ කුමාරයෙක්..අර පූසව අන්තිම මොහොතෙ හරි මතක් උනානෙ :D
    නියම කතාව දිනේශ්..පළවෙනි කොටසටත් වඩා මං අද දාල තියෙන කථාවට කැමතියි :)

    ReplyDelete
    Replies
    1. මං වගේ හොද කුමාරයෙක් නේ?

      මොනා උනත් උදවු කල අය අමතක කරලා කෝමද.. ඒත් මොකෝ උනේ කියලා ඊළග එකෙන් බලන්නෝ...

      Delete
  8. මම අන්තිමට තමයි මගේ ක්මෙන්ට් එක දාන්නේ, නැතිනම් කුතුහලය වැඩි

    ReplyDelete
    Replies
    1. අහ් අසාධාරණයි.. එදා එකත් කියෙවුවේ නෑ කියලම දාලා ගියා..

      Delete
  9. අම්ම ගහයි කිව්වලු... මේ වගේ සුරංගනා කතා ඇහුවමයි.

    ReplyDelete
    Replies
    1. හී හී.. අළුත හම්බුන පොඩ්ඩට නම් ඒවා කියන්න යන්න එපා ඇලෙක්ස් අයියේ..

      Delete
    2. පොඩ්ඩි පොඩ්ඩි.. ඒ කෙල්ලක්. :)

      Delete
    3. අහ් කෙල්ලෙක්ද? සෝයි සෝයි.. මාත් ආස දුවලටනේ.. ;)

      Delete
  10. සුරංගනා කතාවක් ෆිල්ම් එකකින් බැලුවා වගේ. ඊළඟ කොටසත් බලමු

    ReplyDelete
    Replies
    1. බලපු ෆිල්ම් වල කෑලි මික්ස් වෙලා මතක් වෙනවනම් මම සාර්ථකයි කියලා මම හිතනවා..

      Delete
  11. අරවා තෑගි දුන්නේ කවුද දන්නෑ නේ....

    ReplyDelete
    Replies
    1. මේකට උත්තරේ මම මෙතන දෙනවද උඹට චැට් එකකදිම දෙනවද කියලා මේ කල්පනා කලේ..

      Delete
  12. අදත් කතාව සුපිරිම සුපිරියි දිනෙශ් අයියා...

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ..

      Delete
  13. අඩෝ පට්ට කතාව ඇහ්

    ReplyDelete
    Replies
    1. තැන්කූ.. වර්ණයට සාදරයෙන් පිළිගන්නවා..

      Delete
  14. නියමට ඉවර කරල තියනවා.ඊළඟ කොටස ගැනත් ඉඟියක් දීල ගියානම් තමයි නියම.

    ReplyDelete
    Replies
    1. ඉගි දුන්නම හරි නෑ වගේ.. ටිකක් කුතුහලේ තියෙන්නත් එපැයි ඉතින්..

      Delete
  15. මල්ලි මේක සුරංගනා කතාවක්ද නැත්නම් උපහාස කතාවක්ද? හි හි මොනා උනත් හිනා වෙලා පණ ගියා. ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. නෑ නෑ අක්කේ.. සුරංගනා කතාවක් වගේ එකක්.. කියවලාම බලන්නකෝ..

      Delete
  16. මුන් ඔතනින් බේරිලා යනකොට තව චරිත කියක් විතර එලියට එයිද දන්නේ නෑ.....
    නියමයි ඈ.... මැවිලා පේනවා සීන් ටික..........

    ReplyDelete
    Replies
    1. හී හී.. අන්න වැදගත් ප්‍රශ්ණේ.. තව ඉස්සරහට ගොඩක් අය ඒවි.. දන්න අදුනන..

      Delete
  17. උබට වෙනස් වෙන්න බැහැ දින්නා..

    බලපං අන්තිමට කතාවේ කොටු දාන්න වෙන සීන් එකක් යනවාමයි....

    ජය !

    ReplyDelete
    Replies
    1. හෙහ්.. එහෙම සීන් එකක් හිතලා නෑ සෑමා.. මම අරයට කිවුව එකේ ඒවා තිබ්බෙත් නෑ.. කොටු කොටු කතා වෙනමනේ කිවුවේ..

      Delete
  18. පළවෙනි කොටසට වඩා මරු නෙ මේක, කුතුහලය අවුස්සලයි නැවැත්තුවෙ හැබැයි!

    ReplyDelete
    Replies
    1. හී හී.. තැන්කූ.. සදුදට තුන් වෙනි එක බලමු..

      Delete
  19. අනේ පූස පවු.. ඔක්කොම කොටස් අද කියෙවුවෙ....

    ReplyDelete
    Replies
    1. හෆ්ෆේ දිනිති අක්කත් ඇවිත්.. තැන්කූ ඈ..

      Delete
  20. sira kathawakne meka.. balamu issarahatath..

    ReplyDelete
  21. මෙලෝ රහක් නැති විදියට තමයි මෙච්චර ලස්සන කතාව නවත්වල තියෙන්නේ. දිනේෂ් අයියේ මේ පිළිබඳව මගේ බලවත් විරෝධය.

    ReplyDelete
    Replies
    1. අහ්, එහෙම තමයි බං ඉතින්.. ඊළගට වෙන දේ එහෙම කිවුවම ගතියක් නෑනේ..

      Delete
  22. පූසා ලාම්පුවට යටවෙලා මලාද? අර මූනු හතේ මිනිහා පැලන ගියාද?

    ReplyDelete
    Replies
    1. ඒ ඔක්කොටම උත්තර ඊළග එකෙන්..

      Delete
  23. ඒ පූසාට මොකෝ උනේ? එයා තාම එල්ලෙනවා ඇති..
    ඉක්කන්ට දාන්න ඈ..
    ඉක්කන්ට දාන්න කිවුවට මං ද කොහෙද අන්තිමට එන්නේ... වැඩ අප්පා.. මං පණු දැන් බිසී නෙ...
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. පණුගේ බිසී අපි නොදන්නවයි.. හා හා.. කෝමත් මේක ඉක්මනට දාලා ඉවර කරනෝ මම..

      Delete
  24. සිරාම කතාවක් මචං.. කෝ කෝ ඊලග ටිකත් ඉක්මනට ලියපන්කෝ..

    ReplyDelete
    Replies
    1. මේ ලියනෝ මේ ලියනෝ...

      Delete
  25. මේක හිනා සුරංගනා කතා කැටගරියට දාන්න ඕන! එච්චරයි කියන්න තියෙන්නෙ... මරු!

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. ඔවු ඔවු.. මේක හරි යන්නේ ඒ වගේ එකකට තමයි..

      Delete
  26. හි හි... ඉක්මනට අනික් කොටසත් ලියන්ඩෝ.....

    ReplyDelete
    Replies
    1. ලියලා තියෙන්නේ.. ඉක්මනට දාන්නම්..

      Delete
  27. හිහි...මරු කතාව.. කම්මල් කොල්ලාට ජය වේවා...

    ReplyDelete
  28. අනේ අම්මපා කෙල්ලෝ ඇදුම් ‍වලට පේලේත තමන් නේද මලයෝ..කෙල්ලෝ හැමෝම ඕම්ම්ම්මයි...:P

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්