Wednesday, 20 February 2013

Fairy Tale of Dinesh - Chapter 1


හෙමින් හෙමින් දුර කඳු යාය අතරින් ඉර උදාවෙමින් තිබුනා.. හුගාක් උසට වැඩුන ෆයිනස් ගස් අතරින් ගම්මානයට ඉර එළිය එන්න හැමදාම වගේම පරක්කු වෙනවා.. ගම්මානයේ කෙලවරේම තියෙන කම්මලේ චිමිනියෙන් උසට දුම් වළාවන් පිටවෙන්නත් පටන් අරගෙන.. ඒ කියන්නේ තාත්තා දැනටමත් වැඩ පටන් අරගෙන.. මම එහෙම හිතා ගන්න ගමන්ම අවුල් වුන කොණ්ඩෙත් අතින් හදාගෙන ගියේ කම්මල ලගට..

දැන්ද උඹ නැගිට්ටේ ?”

තාත්තේ මට කඩුවක් හදලා ඕන..”

ඒ මොකටද ?”

කන්දෙන් එහා පැත්තේ මාලිගේක කුමාරිකාවක් ඉන්නවලු.. මට එයාව බේර ගන්න ඕන..”

කවුද උඹට ඕක කිවුවේ ?”

ඉදලා හිටලා ගම්මානෙට එන මන්තර කාරයා..”

ඌට පිස්සු බව උඹ දන්නේ නැද්ද ?”

ඒවා මං දන්නේ නෑ මම තාත්තගේ කඩුව අරගෙන යනවා..”

තාත්තගේ තර්ක වලින් වැඩක් නැති හන්දා කම්මලේ ඈත කෙලවරක තිබුන තාත්තගේ රාජකීය හමුදාවේ කඩුව අරගෙන කම්මලෙන් එලියට බැස්සේ තාත්තගේ බැනුම් ගානකටවත් ගන්නේ නැතුව..මහ ලොකුවට කඩුව අරන් එලියට බැස්සට මේක වනා ගන්නවා තියා උස්සගන්නවත් තරම් හයියක් මට නෑ කියලා දන්නේ මං විතරනේ.. ඒ දවස් වල කඩු සටන් පුරුදු වෙන්න යවපු තැන ලී කඩුවෙන් වැරදිලා ගහලා ඔළුව පළලා ගුරා මාව එලව ගත්තට පස්සේ මේ කඩුවක් ඇල්ලුවමද කොහෙද? ඒත් ඊට වැඩිය වටින්නේ අර කුමාරිකාව හන්දා කැලේ අහුවුන ගස් කොල වලට අමාරුවෙන් කඩුව උස්සන් ගහගෙන ගියා කන්දෙන් එහා පැත්තේ මාලිගේ හොයාගෙන..

අර මන්තර කාරයා කියපු විදිහට මාලිගේ නපුරු දේවල් වලින් පිරිලලු.. තනියම මම යන එක හරිද? ටිකක් දුර යද්දි හිතුනා.. ඒත් කාවවත් එක්කන් ගිහින් ඌත් කුමාරිකාවට වහ වැටුනොත් එහෙම.. ඒ හන්දා මන් තනියම යනවා.. එහෙම හිතාගෙන කැලේ අස්සෙන් ඇවිදන් යන්න ගත්තා.. ටිකක් දුර යද්දි කකුල් පණ නැති තරමට මහන්සියි.. අඩියක් තියලා අඩියක් ගන්නත් බෑ.. කුමාරිකාවක් බේර ගන්න මෙහෙම පයින් ගිහින් පුළුවන්ද? ඒත් මට කොහෙන්ද කුමාරයා වගේ නැගලා යන්න අස්සයෝ.. තාත්තගේ අස්සයත් මං දැක්කම අහක බලා ගනිද්දි වෙන උන් ගැන මොන කතාද?

ටිකක් වාඩි වෙන්න ඕන කියලා හිතලා ගහක් යට වාඩි වුනා.. හම්මේ තියෙන සනිපේ.. මම මටම කියා ගත්තා.. නොදන්න කැලේක හුගක් දුර ආව හන්දද කොහේද දන්නෙම නැතුව නින්ද ගියා.. එකපාරම ඇහැරුනේ අමුත්තක් දැනුන හන්දා.. කෝ මගේ තොප්පිය? පුංචි කාලේ අහුව කතා මතක් වෙන්නේ මෙන්න මේ වෙලාවට.. කෝකටත් කියලා මම ගස් උඩ බැළුවා.. ඒත් මුකුත් නෑ.. එතකොට කෝ මගේ තොප්පිය?

මං හේත්තු වෙලා හිටිය ගහ පිටිපස්සෙන් අමුතු සද්දයක් අහුනෙත් ඒත් එක්කම වගේ.. බැරි මරගාතේ උස්සගත්ත කඩුවත් එක්ක ගහ පිටිපස්සට එබිකම් කලා.. බූරුවෙක්.. ඒත් මූට මකර පිහාටුත් තියෙනවනේ.. හ්ම්ම් මම නිකන් බය වුනා.. ඒත්, ඌ බාගෙට කන්නේ මගේ තොප්පිය නේද? පැත්තකින් තිබ්බ කඩුව ආයෙම අරන් වුගේ ලගට ගියා..

උඹේ ජීවිතේ වටිනවනම් තොප්පිය කන එක දැන්ම නවත්තපන්..”

බුරුවා ටිකක් කලබල වුනා.. ඌ බය වුනා මං හිතන්නේ..

මේක මං කෑවට පස්සේ මාව මරලා උඹට වැඩක් තියෙනවද?”

මොකක්.. කතා කරන බූරුවෙක් ?”

මට පරණ කතාවක් මතක් වුනා.. බුරුවා වුනත් ඌ කිවුව කතාව ඇත්ත හන්දා මන් කඩුව පැත්තකට දැම්මා..

වැඩිය හිතන්න ඕන නෑ.. ඒ කතාවේ හිටියේ මගේ සීයා..”

දැන් එතකොට ඔය පිහාටු වලින් පියාඹන්නත් පුළුවන්ද?”

ඔවු ඇයි?”

උඹට මං මගේ තොප්පිය කන්නත් දුන්න එකේ මාව කන්දෙන් එහා පැත්තේ මාලිගේට අරන් පියාඹපන්..”

මොකටද එහේ යන්නේ ?”

කුමාරිකාව බේර ගන්න..”

එක පාරම ඌ හිනාවෙන්න ගත්තා.. ඒ වගේ කැත හිනාවක් දැක්කමද කොහෙද?

උඹ කුමාරිව බේර ගන්න..”

ඇයි බෑ කියලද හිතන්නේ ?”

හා.. හැබැයි මං මාලිගේ දොර ලගට ගිහින් දානවා විතරයි.. ඊට එහා මට මුකුත් කරන්න බෑ..”

ඇවිද ගන්නවත් බැරුව හිටිය මට ඒ ටිකම මදැයි කියලා හිතලා මගේ තොප්පිය කලා ඉවර වුනාට පස්සේ පියාඹන බූරුවගේ පිට උඩට නැග්ගා.. පියාඹන්න පුළුවන් කියලා කිවුවට මූ අහසට නගින්න වෙච්ච මහන්සියේ හැටියට පයින්ම යන එක තව හොදයි කියලා හිතෙද්දිම එක පාරම මේකා අහස දෙබෑ කරගෙන වගේ උඩට යන්න ගත්තා.. ගහක් උඩට විතරක් නැගලා තිබ්බ මම ගස් වලටත් උඩින් යද්දී පපුව ටිකක් ගැගෙන්න ගත්තා.. ඒ මදිවට මේකා දන්න සෙල්ලම් ඔක්කොම දාලා මගේ ඔළුවත් කරකවනවා.. තව ටිකක් කැරකුනොත් වමනේ යනවා ශුවර්.. මම උගේ බඩට පයින් ගැහුවා.. මේ වෙලාවට තමයි හිතෙන්නේ ආඬම්බර බල බල තාත්තගේ අස්සයගේ පිටට නගින්න හදපු වෙලේ මකරෙක් පදින්න ඉගෙන ගෙන තිබ්බනම් කියලා.. ඒ අස්සේ මට පුංචි කාලේ ආච්චි කිවුව කතාත් මතක් වෙනවා...

ෆයිනස් ගස් අස්සෙනුයි වළාකුළු අස්සෙනුයි කැරකිලා කැරකිලා ටිකක් දුර එද්දි ගස් අස්සෙන් ගස් තරම්ම උසට හැදුන කුළුණු පේන්න ගත්තා.. මාලිගාවට ලඟයි.. මම හිතුවා.. ඒත් කුළුණු ඇරෙන්න වෙන කිසිම දෙයක් පේන්න නෑ.. එහෙම වෙන්නේ කොහොමද? අර නාකි මන්තර කාරයා කිවුවේ බොරුද මට.. කල්පනාව අස්සේ ඉද්දී ගස් වලටත් උඩින් පියාඹපු බූරුවා එක පාරම පල්ලෙහාට එන්න ගත්තා.. ඒ වේගෙට කාපුවත් ආයෙම උගුරට එන්න ගත්තා.. බූරුවා බිමට අඩිය තියද්දිම වගේ උගේ පිටෙන් බිමට වැටුන මට ආව වමනේ නවත්ත ගන්න බැරි වුනා..

ඊඊඊ.. ඉස්සෙල්ලම හම්බුවෙන වතුර මලෙන් කට හෝදන් යනවා.. කුමාරිට කිස් දෙන්නත් ඕනනේ..”

කඩුව උස්සලා අරන් මට උගේ දිව කපන්න හිතුනා.. මොනා වුනත් මාව මෙතන්නට හරි ගෙනාවනේ කියලා හිතලා මම ඉවසුවා.. මං නැගිටලා කුළුණු දිහා බැළුවා.. කෝ මුරකාරයෝ? කෝ දුණුවායෝ? මන්තරකාරයා කිවුව කිසිම දෙයක් නෑනේ.. මේකා මාව ඇන්දුවද? ආයෙම හැරිලා බලද්දි බූරුවා ඈතට ඉගිල්ලිලා ගියා..

මම කුළුණු අතරින් ඇවිදන් යන්න ගත්තා.. බූරුවා කිව්වත් වගේ ඉස්සෙල්ලම හම්බුන වතුර මලෙන් හොදට කට හෝද ගත්තා.. කිව්ව තරම් භයානක කමක් පේන්න නැතත් හිතට මහ අමුත්තක් දැනුනා.. ඒ එක්කම වගේ ලස්සන සිංදුවක් ඇහෙන්න ගත්තා.. වැඩිය අහලා නෑ.. හුග කාලෙකින් සංගීතයක් බලන්න ගියෙත් නෑනේ.. ඒ හන්දා අළුත් සිංදු මතකත් නෑ.. මේකත් අළුත් එකක් වෙන්න ඇති.. කෝකටත් කියලා සිංදුව අහගෙන ඒ පස්සෙන්ම ගියා..

කුළුණු අතරේ එක කුළුණක රන්පාට කොණ්ඩේ පල්ලෙහාට කඩලා දාගෙන කෙල්ලෙක් ඈත බලාගෙන ඉන්නවා.. මේ අර කුමාරි වෙන්න ඕන.. ඇත්තටම ලස්සනයි.. ඒ ලස්සන දිහා බලාගෙන ඉද්දි ආව වැඩෙත් අමතක වෙනවා.. ඒත් බලාගෙන හිටියා.. හැමදාම මෙහෙම චාන්ස් නැහැනේ.. ටිකකින් එයත් දැක්කද කොහේද මං බලාගෙන හිටියා.. කිය කිය හිටිය සිංදුවත් නවත්තලා අර දිග කොණ්ඩෙත් ඇදලා ගත්තා ඇතුලට..

මේ හලෝ.. කොණ්ඩේ ටිකක් පහලට දානවද මට උඩට නැගලා එන්න..”

හොද වෙලාවට ආච්චි පොඩි කාලේ ලස්සන කතා කිවුවේ.. මට ඒවා මතක් වෙන්න ගත්ත හන්දා කොණ්ඬෙ එල්ලිලා උඩට නගින්න මං කල්පනා කලේ..

“ ඇයි ඔය ඉණිමගක් තියෙන්නේ බිත්තිය අයිනේ.. ඒකෙන් නගින්න..”

කොහොමද කටේ සැර.. මං කල්පනා කලා.. බේරගෙන යන්න ආව එකා නේද කියලවත් හිතලා උදවුවක් දෙන්නේ නැති හැටි.. හිතින් බැන බැනම මම ගියා ඉණිමග ගන්න..

ඕක හයියද දන්නේ නෑ.. හුග දවසකින් ඕකෙන් නැගලා කවුරුවත් උඩට ආවේ නෑ..”

අහ්.. ඒ කියන්නේ මීට කලින් කට්ටිය නැග්ගද? ඒකම තමා එහෙනම් මේ කුළුණු අස්සේ හිර කරලා තියෙන්නේ.. මොනා වුනත් කමක් නෑ කියලා ඉණිමග ගල් බිත්තියට හේත්තු කරලා අමාරුවෙන් මාත් නැග්ගා උඩට.. කිවුව කතාව ඇත්ත තමයි.. ඉණිමගේ දියසෙවලත් බැඳිලා පාවිච්චි නොකරම.. අමාරුවෙන් උඩට නැගලා ඇවිත් කාමරේට පැන ගත්තා..

අහ්, මේ මොකෝ මලක් අතේ තියන් නිදි.. දැන් ටිකකට කලින් ඇහැරිලා නේ හිටියේ. ?”

අනේ මැට්ටෝ.. පොඩි කාලේ කවුරුවත් කතන්දර කියලා දුන්නේ නැද්ද?”

එක ඇහැක් යන්තම ඇරලා බලලා ආයෙම කටේ සැර පෙන්නද්දි ආච්චි කිවුව කතාවක් ආයෙම මතක් වුනා.. හොද වෙලාවට ආච්චි ඒ කාලේ හිටියේ.. මට හිතුනා.. මාත් හිමීට ලගට ගියා.. චණ්ඩියා වගේ ආවට මොකද දැන් ටිකක් හිත ගැහෙනවා වගේ.. ටිකක් ලං වෙලා බලන් හිටියා.. එයා ආයෙම එක ඇහැක් ඇරලා බැළුවා..

මැට්ටා වගේ බලන් ඉන්නේ.. කිස් කරනවකෝ..”

මගේ පරක්කුවට බැරිම තැන අතේ තිබ්බ මල වීසි කරලා දාලා එයාම ඇදලා අරන් මාව කිස් කලා.. ඒ දුන්න කිස් එකට ඉතුරු ටිකත් එවෙලෙම වේවිද කියලා මට හිතුනත් එහෙම මුකුත් වුනේ නෑ.. ටිකකින් එයා කිස් එක නැවැත්තුවා..

මොකද්ද ඒ අමුතු රහ ?”

මලා.. කට හේදුවට හරි ගිහින් නෑ වගේ.. දැන් ඉතින් මොකද කරන්නේ?

මේ එද්දි පලු ගහකින් ගෙඩියක් කෑවා.. ඒක වෙන්න ඇති..”

මං කියපු දේ පිළිගත්ත බවක් නම් මූණෙන් පෙනුනේ නෑ.. ඒ වුනත් මුකුත් අඟවන්නේ නැතුව හෙමින් නිදාගෙන හිටිය ඇදෙන් නැගිට්ටා.. ඒ එක්කම වගේ ඈතින් දොරක් ඇරෙන සද්දෙකුත් එක්ක කටහඬවල් වගයක් ඇහෙන්න ගත්තා..

ඒ කවුද ?”


…......................................................


ඒ කවුද කියලා දැන ගන්නනම් ඊළග කොටස කියවන්නම වෙනවා.. රැදී ඉන්න.. වර්ණයත් එක්ක...


68 comments:

  1. හනේ..සුරංගනා කතා වලට තියෙන ආසාව මැරෙනකල් තියේවි..
    ලස්සනයි දිනේෂ් අයියේ.

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව ඉතින්.. අපිත් එහෙම තමයි..

      Delete
  2. හ්ම්ම්ම් දිනේෂ්ට ලස්සන ඉමෑජිනේෂන් එකක් තියෙනවා. එලටම ලියල මේකේ ඉන්න කුමාරිකාව මදාරද?

    ReplyDelete
    Replies
    1. තැන්කූ මලයෝ.. හික්ස්.. නෑ නෑ.. මේ කුමාරිකාව මදාරා නෙමෙයි.. හැබැයි සැර වෙද්දි නම් එයා වගේ තමයි... ;)

      Delete
  3. මෙන්න කථා මරනවෝඕඕ...
    වෙනදා වගේම අදත් කථාව එළ අයියා...

    ReplyDelete
    Replies
    1. හෙහ්.. සුරංගනා කතානේ මලයා.. කෝම වෙනස් කලාම මොකද ඉතින්..

      Delete
  4. හප්පා මමත් පැංචා කාලෙට ගියා..දැන් මට හිතෙන්නේ අර කඩුව අරන් දිනේෂ් අයියව බය කරන්න එක පාරට කතාව නොදාපු එකට.

    ReplyDelete
    Replies
    1. ඕකනේ ඉතින් බොලාලා එක්ක බැරි.. මාවමයි අල්ල ගන්න හදන්නේ..

      Delete
  5. සුරංගනා කතාවක්ම තමා. ලස්සනයි ඔන්න..

    ReplyDelete
    Replies
    1. හැබැයි අහපුවට වඩා වෙනස් හොදේ එක්කේ.. ඒවයේ රීමික්ස් එකක්..

      Delete
  6. තාමත් අපි සුරංගනා කතා කියවන්න ආසයි..ඒ අසාව හැමදාමත් තියේවි. ලස්සන කතාවක් දිනේශ්..

    ReplyDelete
    Replies
    1. මගේ අප්සට් සුරංගනා කතාව කියෝලා කතා එපා වෙන්න එකක් නෑ කියලා හිතනවා... ;)

      Delete
    2. @ Chams,

      ඔබට ITN පුවත් දිනපතා, නොවරදවා තුන් වරුවම නැරඹීම අනුමත කරමි. :D

      Delete
    3. හෙහ්.. කතාව ඇත්ත සෙන්නා අයියේ.. ඒවනේ නියම සුරංගනා කතා.. මේවා මොනාද බලන් යද්දී..

      Delete
  7. මට කියන්න දේවල් එනවා බන්. ඒත් ඒවා අභ්‍යාසයිනෙ. :D

    ReplyDelete
    Replies
    1. හෙහ්.. මෙතන කියන්න අවුල් වගේන්ම චැට් එකකදිවත් කියමු..

      Delete
  8. අගේ ඇති කතාව ....... ඉදිරිය බලමුකො හික් ...

    ReplyDelete
    Replies
    1. පොඩි අයට ඇහෙන්න කියවන්න එහෙම එපා ලොකු අයියේ..

      Delete
  9. ෴සාරණ්‍යයා෴20 February 2013 at 13:46

    //“ මොකද්ද ඒ අමුතු රහ ?”//

    ඊඊඊඊඊඊඊඊඊඊඊඊඊයෑක්..! :D :D

    රාජකුමාරයා මැට්ටෙක්නෙ අඩුම තරමෙ ස්ටොබෙරි බීමක්වත් බීලා යන්න එපැයි.
    21වැනි සියවසේ (දැන්නම් 22කද මන්දා) සුරංගනා කතාවෙ ඉතිරියත් බලාගෙන ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. අහ්.. මේ ස්ට්‍රෝබෙරි අවාරේ.. අනික ඒවා මතක් කරන්න එපා.. කුමාරයට අයිස්ක්‍රීම් එක්ක ස්ට්‍රෝබෙරි කන්න හිතුනොත් එහෙම..

      හෆ්ෆේ ඔවු ඔවු.. මේක මන් නම් මගේ ළමයින්ටත් කියනවා.. ඉතිරිය පසුවට..

      Delete
  10. ඇහ්....දැන් ඉතින් හිටුකෝ ඊලග එකත් දානකම්

    ReplyDelete
    Replies
    1. ඉවසලා හිටු ඉතින් හදිස්සි නොවී.. ;)

      Delete
  11. රාජකුමාරයා ටිකක් විතර මොලේ ඇති එකෙක්ද කියලා බලමු...
    මොකද මං දන්න හැම සුරංගනා කතාවෙම රාජකුමාරයෝ අලි මැට්ටෝ...

    ReplyDelete
    Replies
    1. ඒවා වෙනස් කරන්න බෑ තරියෝ.. කොයි කතාවෙත් කොතනකදි හරි කුමාරයා මැටි වැඩ කරනවාමයි.. ඒක ජාන වල හැටි බං..

      Delete
  12. හරිම ආසාවෙන් කතාව කියෙව්වෙ... හරිම ලස්සනයි දිනේෂ්...

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ මියුරු අක්කේ..

      Delete
  13. ඔන්න තවත් හීනයක් අපිට කියනවලු :))

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රජ පැටියා දොයිය ගනින්.. මං කතාව කියන්නම්... :D

      Delete
  14. ලස්සන සුරංගනා කතාවක් දිනේශ්. ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න..:)

    ReplyDelete
    Replies
    1. හික්මනට දානෝ.. දැනටම තව කෑලි දෙකක් ලියලා ඉවරයි... ;)

      Delete
  15. ලස්සනයි ලස්සනයි.. ඉක්මනට ඉතුරු ටිකත් ලියන්නකෝ...

    ReplyDelete
    Replies
    1. හරියෝ.. සිකුරාදා උදේම බලන්න එන්නෝ...

      Delete
  16. අහ්හ්.... සුරංගනා කතාව හොදයි..... ඉතුරු ටිකත් බලමුකෝ....

    ReplyDelete
    Replies
    1. හා හා.. ඉක්මනට දාන්නම්...

      Delete
  17. මුල හරිය නම් සුරංගනා කතාවක් වගේ උනාට අන්තිම හරිය ටිකක් මොඩ් වී ගෙන එනවා වගේ. බලමුකො ඊලඟ එකත්!

    ReplyDelete
    Replies
    1. මේක මේ ඔක්කොම මික්ස් වෙච්චි එකක් නේ ගිමන් අයියේ.. බලමු බලමු ඉස්සරහට..

      Delete
  18. අන්න හොඳයි.. ලියන්න දිගටම. මාත් ආසයි සුරංගනා කතාවලට...(ඇත්ත කතා අහලම එපා වෙලා අප්පා) :D

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. ඇත්ත කතා අහලා මොකටද නිකන් හිත අවුල් කර ගන්නේ.. තව සතියක් විතර එන්නකෝ මේ පැත්තේ හිනා වෙලා යන්න..

      Delete
  19. අළුත් ගැජමන්ට් එකක් නේ.. බලමුකෝ සීරිස් එකම...

    ReplyDelete
    Replies
    1. හා හා.. උඹ නොකඩවා බලයි කියලා තමා පුදුම..

      Delete
  20. උඹත් නැවුම් අදහස් එන පොරක් නේද ? කතාව එළ ආ.. මේ කුමාරිනම් බොහොම නැහැදිච්ච එකියෙක්.. :D :D සාමාන්‍යයෙන් සුරන්ගනා කතා වල ඉන්න කුමාරියො.. හරිම ලජ්ජාශීලි, බිම බලාගන කතා කරන ඈයො නේද ? උඹ ඒකත් කනපිට ගහලා.. හොඳයි ඒ වෙනස...

    මගෙ බ්ලොග් රෝලෙනම් මේක අප්ඩේට් වුනා.. ඔය බ්ලොගර් කාරයා ඉඳලා හිටලා ඔයවනේ නොපනත්කම් කරනවා.. නිකන් හම්බෙන අස්සයගෙ දත් බලන්න බැරි හින්දා ඉවසගෙන ඉන්න වෙනවා.. :D

    ReplyDelete
    Replies
    1. මේක මේ අරයව දවසක් නිදි කරවන්න කිවුව කතාවක් නේ අයියේ.. අන්තිමේ නිදා ගත්තේ නැති එක වෙනම කතාවක්..

      ඔවු ඔවු.. කෙල්ලව ටිකක් වෙනස් කර්ලා ගත්තා.. එතකොටනේ ඉතින් පොඩි ගතියක් තියෙන්නේ.. හැමදාම අහපු එක ටික මොඩ් කරන්න බැළුවේ.. බලමුකො නේ..

      සමහරුන්ට වැටුනේ නෑලුනේ අයියේ.. ඒකයි ආයෙම පොඩි ඇඩ් එකක් දැම්මේ.. කියලා වැඩක් නෑ.. අපිටම තමා වෙන්නේ..

      Delete
  21. oyatath mara dewal thama hithenne. hodai hodai kathawa.

    ReplyDelete
    Replies
    1. හී හී දන්නේ නැද්ද ලොකූ ඉතින් මලයා ගැන... ;)

      Delete
  22. මරු කතාව බං. උඹටත් කොහෙන් මේව එනවද මන්දා. ලියපන් ඉතුරු ටිකත් ඉක්මනට.

    ReplyDelete
    Replies
    1. හෙහ්.. ඔය ලවු කරද්දි හිතෙන එවුවා තමයි බං..

      Delete
  23. මේ දවස්වල බ්ලොග් ලියන්න කියවන්න මම හෙනම කම්මැලි වෙලා.. දෙයියනේ,, මෙ කතාව කියෙව්වාට පස්සෙ මගෙ කම්මැලිකම කොහෙ ගියාද මංදා... අනේ ඇත්තටම හරිම ලස්සනයි අයියෙ!!! ශෝයි!!! මම කවදත් සුරංගනා කතා වලට හෙනම ආසයි!!! ඊල්ඟ කොටස ඉක්මනීන්ම ලියන්නෝ...... මේක නියමම් නියමයි!!!

    ReplyDelete
    Replies
    1. අහ් හොද වෙලාවට මෙයාට විටමින් එකක් ලැබුනේ.. ඊළග ටිකත් කම්මැලි නැතුව බලන්නකෝ..

      Delete
  24. මට කතාව අමතක වුනා අප්පා රපොන්සල් දැක්කාම.. මම ආසම එක්කෙනා.. ආයේ පස්සේ කියවන්නම්...

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු අපි දන්නෝ ආස බව.. බ්ලොග් එකේ උඩම දාගෙන ඉන්නේ..

      Delete
  25. venas vidihaka kathawak.. digatama liyan yamu male......

    ReplyDelete
  26. ඔන්න ඉතිං මට කේන්ති යනවා හරිද... කවුද අනේ අර ආවේ.???
    සෝයි කතාව.. මං නම් ඩබල් නෙමෙයි ත්‍රිබල් ලයික්...
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. අපි බය වෙයි මේ පණුවට කේන්ති ගියා කියලා.. අරයට කීනවා හලී..

      ලයික් නම් ඕකේ..

      Delete
    2. ඈ... බය වෙයි මං එයාට.. :p :p (මෙයත් එනවා මාව බය කරන්න :/ )

      Delete
  27. නවීන පන්නයේ සුරංගනා කතාවක්. තව ඉදිරියේදි මෙවැනි කතා බිහිවෙන්න පුලුවන් එතකොට අපිට මතක්වේවි දිනේෂ්ගේ නිර්මාණත්.

    ReplyDelete
    Replies
    1. පරණ කතා ටිකම තැනින් තැන අරන් ටිකක් මොඩ් කලා.. වෙනසකටත් එක්ක.. හිතුවේ නෑ කට්ටියට අල්ලලා යාවි කියලා..

      Delete
  28. Replies
    1. දැන් යන විදිහට මනස සැනසෙන්නේ සුරංගනා කතා වලින් විතරයි.

      Delete
  29. හී හී...අලුත්ම පන්නේ සුරංගනා කතාවක්!!!

    //මැට්ටා වගේ බලා ඉන්නේ කිස් කරනවකෝ...// :D:D:D

    ReplyDelete
    Replies
    1. නිවු වර්ශන් එකක් කලා.. උයා මොකෝ වැදගත් කෑල්ලම උස්සලා දැම්මේ.. කාට හරි කිවුවද ඈ.. ;)

      Delete
  30. විසේකාර සුරංගනාවියක්... ලේසිවෙන එකක් නෑ කුමාරයට... කුමාරය පව්..

    අදමද මන්දා ආවෙ දිනේෂ්... සුභ පතනවා කාල වෙලාව, හිතේ නිදහස ලැබෙන්න කියලා ඉතිරි ටික ලියන්න..

    ReplyDelete
    Replies
    1. හී හී.. විසේකාර කුමාරිකාවොත් ඉන්නවනේ ඉතින්..

      සාදරයෙන් පිළිගන්නවා වර්ණයට.. පුළුවන් වෙලාවට ඇවිත් යන්න එන්න..

      Delete
  31. කවුද හැබෑටම ආවේ...වැඩ කරන එක පැත්තක තියලා මං කියවනවා දෙවෙනි කොටසත්.

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්