Monday, 18 February 2013

ලං වෙන්න බෑ ඔබව තහනම් නිසා..

පන්ති කාමර පුරාවටම රැදිලා තිබුනේ මතකයන් විතරයි.. කාලයත් එක්ක ජීවිතේ හුඟක් ඈතට ඇදිලා ගිහින් වුනත් තවමත් ඒ මතක හිත ලඟ තැනක නතර වෙලා.. හිතෙන් එළියට ඇදලා දාන්න බැරි තරමටම හිතට හුගාක් සමීප වුන මතක.. සාරණ්‍යයාත් මාත් ආදරේ කරන්න පටන් ගත්තු ඒ හැම මතකයක් එක්කම තාමත් මේ සුවද රැදිලා තියෙනවා වගේ.. ඒ හින්දමයි ඉස්සර වගේම හැමදාම උදේට පන්තියට එද්දී තාමත් ඒ සුවඳ දැනෙන්නේ.. කාලෙකට කලින් ඉගෙන ගත්තු පන්තියේම අද මම ගුරුවරයෙක් වුනත් පන්තියේ හැම පුංචි විවේකයකදිම තාමත් හිත ලග අන්තිම පේලි වල වාඩි වෙලා හිටපු අපිව නිතරම දකිනවා.. ඔවු.. මමත්, අනුත්තරාත්, සාරණ්‍යයාත් තාමත් මේ පේලි අතර ඉන්නවා හිතට තදින්ම දැනෙනවා..

…...........................................

හැමදාම පන්ති වෙලාවට කලින් දුවගෙන එන්නේ සාරණ්‍යයාව දකින්න.. ක්ලාස් එකේ ගේට්ටුව පේන මානෙට වෙලා ඉන්නේ කොයි වෙලේ හරි ඈතින් මතු වෙන ඔයාව දැක ගන්න.. පන්ති පටන් ගත්තු මුල් කාලෙම ඉදන් ඔයා පස්සෙන් ඇවිත් ආදරේ දිනා ගත්තූ හැටි මතක් වෙද්දිත් හිතට දැනෙන්නේ අමුතුම හැගීමක්..

සදහම් කොහේද බලන් ඉන්නේ ?”

නොඉවසිල්ලෙන් බලාගෙන හිටිය දෑස් තිබුනේ ඈතක හන්දා ලග ඉන්නේ කවුද කියන එකවත් තේරුණේ නෑ...

අහ් අනුත්තරා.. මම සාරණ්‍යයා එනකම් මේ බලන් ඉන්නේ..”

ඇයි තවම ආවේ නැද්ද? වෙනදට මේ වෙද්දී ඇවිත්නේ..”

හ්ම්ම්.. තව ටිකකින් ඒවි.. ඔයා යන්න අපි එන්නම්..”

ගියත් මට කරන්න දෙයක් නෑනේ සදහම්.. මම ඉන්නම් ඔයත් එක්ක..”

කොහොම කාත් එක්ක කතා කරා වුනත් හිත තිබුනේ සාරණ්‍යයා ලඟ.. ටිකකින් ඈතින් මතුවෙන ඒ මුණ දැක්කම හිනාවත් එක්ක එයා එන මගට ඇවිදන් යන්නේ ආදරෙන් තුරුළු කර ගන්න හිතාගෙන.. ඒත් හුඟක් දෙනෙක් ගැවසෙන පරිසරයක එහෙම කරන්න බැරි හන්දම ඔය ඇස් වලටම එබිලා ඉන්නේ අන්න ඒ හන්දා.. හැමදාම පන්තියේ අන්තිම පේලි වල ලියවුන ආදර කතා අතරට අපි තවත් ආදරවන්තයෝ දෙන්නෙක් විතරක්ම වුනාට ඔයාටත් මටත් මේ ආදරේ මුළු ජීවිතේම..

සදහම්, සාරණ්‍යයාගේ වෙනසක් ඔයා දකින්නේ නැද්ද ?”

වෙනසක්.. ඒ මොකද්ද අනුත්තරා ?”

අහ් නෑ නිකන්..”

අනුත්තරා මට කලින් දවසේ නෝට්ස් ටික දෙන්න හවසට.. එදා පන්ති මඟ ඇරුණනේ..”

හා සදහම්..”

අනුත්තරා හිතට ලං වුන හොද මිතුරියක්.. දැන අදුන ගෙන මාස කීපයක් විතරක් ගෙවුනා වුනත් අනුත්තරාත් අපිත් අතරේ තිබුනේ හුගක් කිට්ටු මිතුරුදමක්.. ඒත් සමහර වෙලාවට අනුත්තරාව තේරුම් ගන්න අමාරු වුනත් ඒ දේවල් තේරුම් ගන්න ඕනකමක් නොවුනේ හිත තිබුනෙම සාරණ්‍යයා ලඟ නිසා..

ආ සදහම් නෝට්ස් ටික..”

තෑන්ක්ස් අනුත්තරා..”

අනුත්තරාගෙන් නෝට්ස් ටික අරගෙන පන්ති ඉවර වෙද්දිම දිවුවේ අන්තිම විනාඩිය හරි සාරණ්‍යයා ලග රැදෙන්න.. ආදරේ කියන්නේ ඒක වෙන්න ඇති.. සාරණ්‍යයා යනකම් ඉදලා ගෙදර එන්න ආවේ දවස පුරාම වින්ද ආදරේ හිත පුරාවටම ලග තියාගෙන හුගක්ම සතුටින්.. ජීවිතේ විදිනවා දැනෙන්න මේ ආදරේ ඇරෙන්න තව වෙන මොනවත් ඕනද කියලත් හිතෙනවා.. ඒ තරමටම මම සාරණ්‍යයාට ආදරෙයි..

රෑ වෙනකම්ම හීන ලෝකෙක අතරමං වෙලා ඉදලා අන්තිම මොහොතේ අනුත්තරාගෙ නෝට්ස් ටික මතක් වුනේ හෙට දෙන්න පොරොන්දු වුන නිසා.. හීන ලෝකෙට ටිකක් සමුදීලා නෝට්ස් කොපි කර ගන්න කියලා ඉක්මනටම නෝට්ස් චෙක් කලේ වැඩිය රෑ වෙනකම් ඉන්නේ නැතුව නිදාගන්න කියලා සාරණ්‍යයා නීතිදාලා තියෙන හන්දා.. ඒත්,

හදවතක රැඳුන සෙනෙහෙ බර සුවඳ
උදෑසන විකසිතව පරව යන ලෙසින
ඇයත් හා බැඳුන නුඹ මතක පෙතම
දුරින් හිඳින්නවත් මට මාව අහිමිය

මිතුදමින් බැඳුන මුල් අකුරු පෙලම
සෙනෙහසක් ලියැව ඒ වචන තුලම
දහසකුත් අතර මැද දෙනෙත් යළි සොයන
දයාබර සදහම්.. නුඹ පතමි හදම..!

අනුත්තරාගේ අකුරු වලින්ම මගේ නමට ලියවුන කවි පේලි වලට හිත නොහිතන තරම් දුරක ඇදිලා ගියා.. ඇයි? හිතේ රැදුන එකම ප්‍රශ්ණය වුනේ ඒක.. අනූ ගැන හැමදේම දැනගෙනත් ඇයි අනුත්තරා අහිමි හීනයක් වෙනුවෙන් බලාගෙන ඉන්නේ කියලා එක පාරම හිතුනත් වෙනස් කරන්න බැරි කොච්චරනම් දේවල් හිත් වල රහසින්ම රැදෙනවාද කියලා මම ඒ කවිය බලන ගමන් කල්පනා කලා..

දැනුවත්ව හරි නොදැනුවත් හරි නෝට්ස් එක්ක අනුත්තරා දුන්න කවිය එක්ක ගෙවුන දවස් වල එයා කියපු කරපු හැම දෙයකටම හිත ඉබේම ඇදිලා ගියා.. ඉදලා හිටලා සාරණ්‍යයා ගැන තේරුමක් නැතුව කියපු දේවල් මතක් වුනත් මතකයට ඒවා දිගේ ඈතට දුවන් යන්න ඕන වුනේ නැහැ... ෆෝන් එක අතට ගත්තත් අනුත්තරාට කෝල් එකක් ගන්න එක ටිකකට පස්සට දැම්මේ ඇත්තටම ඒක නිදැනුවත්වම මට එවුවද නොදන්න නිසා..

ඒත් ඒ හීනේ මට අයිති නෑ කියලා කියන්න මොකක් හරි විදිහක් තියෙන්නම ඕන.. සාරණ්‍යයා එක්ක පටන් ගත්තු ජීවිතේ ලග තව හීනෙකට ඉඩ නැති හන්දම පරණ පොතක කොලයක් කඩලා අරගත්තේ කවියට පිළිතුර ලියන්න..

ලග ඉන්න පැතුවාට මට ලං වෙලා
ඉඩ දෙන්න බෑ හිතේ ඉඩ ඇහිරිලා
පෙම් සිහිනේ රැදුනාට මා එක්කලා
ලං වෙන්න බෑ ඔබව තහනම් නිසා..

නිල් දෑසේ රැදිලාම උන්නත් එදා
එක් වෙන්න බැරි වබැවු නොදනී ඔයා
තහනම් මලක සුවද ගන්නට නෙලා
දැන් ඵල නොවේ තවත් තුරුලක් පතා..

පෙම් ගහැගුම් ගැළුවාට රහසේ නුරා
සඟවා තියාගන්න කාටත් හොරා
ඔබ දන්නවා නේද මා හිමි කෙනා
මා හිමි එයාටයි දිවි ඇති තුරා..

…...............................

මේ පන්ති කාමරේම අන්තිම පේලියක නෝට්ස් ටිකත් එක්ක ලියපු කවිය දුන්නා තාමත් මතකයි.. වෙනදා වගේම ගෙවුන උදේ වරුවේ අනුත්තරා පුරුදු විදිහට හිටියත් එදා මමත් සාරණ්‍යයාත් අනුත්තරාව දැක්ක අන්තිම දවස වුනා බලාපොරොත්තු නොවුන විදිහට.. ආයෙම කිසිම දවසක නොදකින්න තරම් ඈතක අනුත්තරා එක පාරම හැංගිලා යාවි කියලා ඇත්තටම එදා හිතේ කොතනකවත් බලාපොරොත්තුවක් තිබුනේ නෑ..



කාලය හුගක් ගෙවුනා.. සාරණ්‍යයාත් මමත් අද එකම ගෙදරක ආදරේ සුවඳ විදගනිද්දී අනුත්තරා අද කොහේ හරි ඈතකට වෙලා ඇති.. වෙනස් ජීවිතේක..






23 comments:

  1. මොකෑ මේ දෙන්නම එකම ටයිප් එකේ කතා දෙකක් ලියල තියෙන්නේ..??

    ReplyDelete
  2. ලව් ලව් මල ඉලව්....

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  3. දැන් මේ කතා කියවන්න වෙන්නේ දෙන්නගෙම ඒවත් එක්ක එකට ම තබා සන්සන්ධනය කරමින්... නියමයි දෙන්නටම සුබ අනාගතයක්.

    ReplyDelete
  4. මේ ජාතියේම කතාවක් කියවලා ආවේ. දන්නවනේ කාගෙද කියලා

    ReplyDelete
  5. කතාව සිරාම සිරා.."අනුත්තරාව දැක්ක අන්තිම දවස වුනා බලාපොරොත්තු නොවුන විදිහට." අනුත්තරාට මොකෝ වුනේ හදිසියේ..ගමෙන් ගියාද...?...ඉස්කෝලේ ගමන නැවතුනාද.........?

    ReplyDelete
  6. අයියට තියෙන්නෙ පට්ට අදහස්.....

    ReplyDelete
  7. ලග ඉන්න පැතුවාට මට ලං වෙලා
    ඉඩ දෙන්න බෑ හිතේ ඉඩ ඇහිරිලා
    පෙම් සිහිනේ රැදුනාට මා එක්කලා
    ලං වෙන්න බෑ ඔබව තහනම් නිසා..

    හ්ම්ම්...අනේ මන්දා..හැමෝම කියන අනිත් එකත් බලන්න යන්න ඕනි...

    ඒක නෙවෙයි මේ දෙපැත්තේ අපිව බය කරන්න බලා ගෙන හිටිය හැන්ඩි බෝයියා කෝ දැන්...

    ReplyDelete
  8. හරිම ලස්සනයි..(අනිත් පැත්තේ පෝස්ටුවත් ලස්සනයි..ඒකට කොමන්ටුවක් දාන්න බැරිවුනා..)

    ReplyDelete
  9. අනුත්තරාත් පව්.... ඒත් මොනව කරන්නද... එයා එන්න කලින් හිත හොරකම් කරපු කෙනෙක් ඉන්නවනෙ, නේද....
    මාත් අනිත් පැත්තෙ පෝස්ට් එක බැලුවට කමෙන්ට් එකක් දාන්න නම් බැරි වුනා ලොග් නොවීම කියවපු නිසා....

    ReplyDelete
  10. වර්ණ ඉස්සර වගේ නෙමෙයි.. දැන් සැබෑ වෙනසක් දකිනවා. ඒත් ඒක අපූරුයි.. ලස්සනයි :)

    ReplyDelete
  11. "අනුත්තරා" මං අකමැතිම නමක්.. :/
    ආ මෙයා අලුත් වෙලා, වෙනස් වෙලා බොලේ..
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
  12. ඉගන ගත්තු පන්තියෙම ගුරුවරයෙක් වෙන එක අමුතුම අත්දැකීමක් වෙයි කියලා මටත් හිතෙනවා.. විශේෂයෙන්ම ඔහොම ආදර කතාවක් තිඹුන තැනක..

    අනුත්තරා මැරුණද ??

    ReplyDelete
  13. අපොයි. මට ලව් ඉස්ටෝරි දිරවන්නෙම නැහැනේ. :(

    ReplyDelete
  14. tikak withara kuch kuch hotha hai wage neda...mula kotasa witharai :)

    ReplyDelete
  15. මෙන්න ආපහු පරණ පෙම්වතා එලියට ඇවිත්...:)

    ReplyDelete
  16. මීට කලින් මේ සිංදුව ඇහිල තිබ්බට අද තමයි හරියටම වචන ටික දැනගත්තෙ. ගීතයට අපූරුවට ගැලපෙන විදිහට කථාව ලියල...

    ReplyDelete
  17. මචං මේ සිරා කතාවක්ද??

    කොහොම උනත් පට්ටයි මචං...
    අනුත්තරා කරපු දේ ගැන හරිද වැරදිද කියන්න මං දන්නෑ...

    ReplyDelete
  18. ෴සාරණ්‍යයා෴19 February 2013 at 13:17

    සිංදුවනම් ඇහුවෙ අද. කොහොමද අනුත්තරා ඒ පාසැලේම ගුරුවරියක්ව නැවත මුණගැහුණොතින්. ගීතයට ලස්සන අනුව කතාවෙ ගැලපුම ලස්සනයි.

    ReplyDelete
  19. සාරණ්‍යා?????????
    කොහෙං එන නම්ද මංදා...

    ReplyDelete
  20. දැන දැනම අයිතිකර ගන්න බැරි දේකට ආදරේ කරන එක මෝඩ කමක්. ඒත් ඉතින් හිත හදා ගන්න බැරි නම් මොනවා කරන්නද. හැමදාම වගේ ලස්සනට ලියලා තියෙනවා

    ReplyDelete
  21. දැන දැනම අයිතිකර ගන්න බැරි දේකට ආදරේ කරන එක මෝඩ කමක්. ඒත් ඉතින් හිත හදා ගන්න බැරි නම් මොනවා කරන්නද. හැමදාම වගේ ලස්සනට ලියලා තියෙනවා

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්