Wednesday, 13 February 2013

සරාගික සැදෑවක මිහිර

ඇතින් හැන්දෑව ඇවිත්.. අන්තිම හෝරා දෙක තුන ගෙවෙනකම් නොඉවසිල්ලෙන් ඔරලෝසුව දිහාම බල බල ඉන්නේ දුවගෙන ඇවිත් ඔය උණුසුමේ තුරුළු වෙන්න.. ඔය උණුසුමට මේ හිත හුඟාක් ආදරෙයි.. ලං වෙලා ඉන්න පටන් ගත්තු දවසේ ඉදන් අද වෙනකම් හුඟාක්ම ලස්සනට ගෙවුනේ මේ හැදෑව... ඇත්තටම කිවුවොත් මේ සරාගික හැදෑව..



වැඩ ඉවර වෙන්න ඉතුරු තව ටික වෙලාවයි.. වැඩ ඉවර වෙන්න පැය භාගයක් විතර තියලා වැඩ ඉවර කලාම වෙලාවකට පිස්සුයි වගේ.. වෙලාව යන්නෙත් නෑ.. හවස පහ වෙන්නේ කීයටද කියලා හිතලම හැමදාම හිත නොසංන්සුන් වෙලා... ඉස්සර ඉස්කෝලේ යද්දි යාළුවෙක් කිවුව කතාවක් මතක් වෙනවා මේ වෙලාවට..



දැන් ඔරලෝසුව අමාරුවෙන් නඟින වෙලාව බං.. මේ පැය භාගේ යන්න තව වෙලා යනවා..”



ඒ දවස් වල ඒ කතාවට හිනා වෙනවා ඇරෙන්න ඒ හැටි තේරුම් ගන්න දෙයක් තිබුනේ නෑ.. ඒත් එදාට වැඩිය අද හුඟක් වෙනස්.. එදා කාලය කොච්චර ගියත් නොගියත් අපිට කිසි ගානක් තිබ්බේ නෑ... මඟ රැදෙනවාට වැඩිය සතුටක් තිබුනේ නෑ... ඒත් අද ඒ සතුටට වැඩිය සතුටක් ගෙදර රැඳිලා..



වැඩ ඉවර වෙන්න වෙලාව හරි නේද බබෝ ?”



කල්පනාව එක පාරම කැඩුනේ ෆෝන් එකට ආව මැසේජ් එකේ සද්දෙට.. හරියටම තව විනාඩි පහයි තියෙන්නේ... මං වගේම මේ කෙල්ලත් බලන් ඉන්නේ මං එනකන් තුරුල් වෙන්න... හැමදාම හරියට වෙලාවට මැසේජ් එකක් එවනවා.. ඉක්මනට කම්පියුටරෙත් ඕෆ් කරලා බෑග් එකත් අරන් කැබින් එකෙන් එලියට එද්දී හවස පහ පහුවෙලා.. උදේට ඇවිත් කියව කියව හිටියට හවසට ඉක්මනට යාළුවෝ මඟ ඇරලා පැනලා එන්න ඕන.. නැත්නම් පරක්කු වුනොත් ඒ කෙල්ල හිත නරක් කර ගනීවි..



ඉක්මනට ඔෆිස් එකෙන් එලියට පැනලා ටිකක් දුර ඇවිදන් එද්දි මතක් වුනේ අද මොනවද එයාට ගෙනියන්නේ කියන එක.. නගරය මැද්දේ ඉඳන් ටිකක් ඒ මේ අත බැලුවත් මුකුත්ම හිතා ගන්න බැරි වුනා.. මං හිටපු තැනට එහා පැත්තේ තිබුනේ පුංචි සුපර්මාකට් එකක්.. හිතට ආවා පුංචි අදහසක්.. දඟකාර අදහසක්..



….....................................


පුරුදු විදිහට මං එනකන් එයා පාරට පේන බැල්කනියේ හේත්තු වෙලා බලාගෙන ඉදන් ඈත තියාම මට අත වනද්දි දැනෙද්දී අමුතුම හැගීමක්... ෆ්ලැට් එකේ පඩිපෙල ඉක්මනට දුවලා නැගලා එද්දී භාගෙට ඇරුන දොරෙන් ඔයා එළිය බලන් ඉද්දී හිතට දැනෙන දේ කියා ගන්න බෑ... දොර ගාවදිම ආදරෙන් ලං වෙලා නිමාවක් නැතුව හම්බුවෙන හාදු වල තියෙන්නේ පුදුමාකාර ආදරයක්..



කෝ කෝ දඟයා වෙන්නේ නැතුව වොශ් දාගෙන එන්න..”



ම්ම්ම්ම්... ඔයානේ පටන් ගත්තේ.. කෝ එන්න එහෙනම් මාත් එක්ක වොශ් දාන්න යන්න...”



ආව ගමන් දැගලිල්ල..”



නැතුව ඉතින්..”



ආදරෙන් ලං වෙවී ඒ උණුසුමට තුරුල් වෙද්දි වෙලාව යන හැටිවත් දැනෙන්නේ නැති තරම්... හවස් වරුවම ඒ උණුසුම පස්සේ වැටිලා ඉද්දී දැනෙන්නේ ජීවිතේ හුඟක්ම විඳිනවා කියන එක... ඒ හිනාවයි ආදරෙයි එක්ක ජීවිතේ මොනවද ලබන්න බැරි..



කෝ.. අද මට මොනවද ගෙනාවේ ?”



ආව වෙලේ ඉදන් ලඟම දැවටුනාට මොකද ගෙනාව දේ ගැනවත් කතා කරන්න සිහියක් තිබුනේ නැති තරම්... රෑ කෑමත් එයාටම කියලා කවාගෙන මගේ ලගට වෙලා ඉද්දී පොඩි එකා වගේ එයා අහන දේට මං හිතින් හුඟක් ආසයි...



ස්ට්‍රෝබෙරියි අයිස්ක්‍රීමුයි... අද මොකෝ මේවා ගේන්න හිතුනේ ?”



නිකමට වගේ..”



වැඩි දෙයක් නොකියම ස්ට්‍රෝබෙරි ගෙඩියක් අරගෙන ඒකේ අයිස්ක්‍රීම් ටිකකුත් තවරගෙන මං කන්න ලෑස්ති වෙද්දී එයා මගේ දිහා බලන් හිටියේ හරියට මං තනියම කන්න ලෑස්ති වෙන්න හදනවා වගේ මුණ බෙරි කරගෙන.. ස්ට්‍රෝබෙරි ගෙඩිය කටේ තියන් එයාගේ අතින් ඇදලා ගනිද්දී මගේ උකුල උඩම ඇවිත් වාඩි වුනේ ඊළගට වෙන දේ ගැන දැනගෙන හොරා වගේ හිනා වීගෙනම...



අයිස්ක්‍රීම් තැවරුන ස්ට්‍රෝබෙරි ගෙඩිය අතර මැද දෙතොල් වල පහස දැනෙද්දී ඒ රසට වැඩි රසයක් දෙතොල් වලට හෙමීට දැනුනා.. එයත් ඒකට ආසයි.. වෙලාවකට වැඩියෙන් කන්න පොර කනවා පොඩි එකා වගේ.. ඒ දැගලිල්ල අස්සෙම දන්නෙම නැතුව අයිස්ක්‍රීම් බිංදු දෙක තුනක් දෙතොල් අතරින් බේරිලා ඇවිත් එයාගේ පපුවටත් වැටිලා..



බලන්න ඇගෙත් හැළුවා මගේ.. මෙයාගේ දැගලිල්ල තමයි.. ඉන්න මම සර්වියට් එකක් අරන් එන්න...”



සර්වියට් මොකටද ? ඔහොම ඉන්න..”



දෙතොල් වලට හාදුවක් දීගෙනම මම හෙමීට පහත් උනේ තව සොදුරු රසයක් හොයාගෙන යන්න... පපුවට දෙතොල් ලං වෙද්දි එයාගේ දෑතින් මාව තවත් ලං කර ගන්නේ හැඟීම් වලට තවත් ආරාධනා කර ගෙනම.. ඉතින් ඊට පස්සේ...





63 comments:

  1. හිහී :))

    ඉතින් ඊට පස්සේ??

    මොකද මන්දා දැන් මෙහෙම එව්වා හිතෙන්නේ නේද.. :)

    ReplyDelete
    Replies
    1. මාස ගානකට පස්සේ එක උනාමද කොහෙද

      Delete
    2. ඉතින් ඊට පස්සේ .................................

      ඔයා ඉතින් දන්නවනේ ලොකු.. හිතෙන්නේ නැතුව කෝමද?

      ඇත්තමයි.. සෑහෙන කාලෙකින් එක වෙලා..

      Delete
  2. Replies
    1. මුගෙත් සරල බව කෙසේ වෙතත් තදබල උනන්දුවක් තමයි තියෙන්නෙ ගයනී. :D

      Delete
    2. ගයනි, තැන්කූ තැන්කූ..

      Delete
    3. Dude, සර්ලට ළමයි හැරෙනකොට තේරෙනවා කියන්නේ ඇත්ත තමා බලාගෙන යද්දී.... ;)

      Delete
    4. දැන් නම් සෑහෙන උනන්දුවක් තියෙන පාටයි.. ඔහොම යං..

      Delete
    5. නුවන්, නැතුව නැතුව..

      Delete
  3. හම්මෝ බං මේ අපිත් නාක් වෙනවා උඹ ලියන ඒවට. බයේ බෑ මේක කොහෙන් නතරවෙයිද කියලා.

    මොකෝ බං මේක කලුපාට වෙලා සෑහෙන වෙලා තිබිලා සුදුපාටට ලෝඩ් වෙන්නෙ.

    මම කිව්වෙ බ්ලොග් එක.

    ReplyDelete
    Replies
    1. අනේ ඉතින් මම නරක් වෙන එක ගැන මොනා කියන්නද අයියේ.. ;)

      අහ් වෙන්න බෑනේ.. හොදට තීනවා.. ඒත් මං බලන්නම්කෝ..

      Delete
  4. හික්ස්.....

    ආසාවේ බැ ස්ට්‍රෝබෙරියි අයිස්ක්‍රීමුයි කන්න.. රහ ඇති නේද??

    ReplyDelete
    Replies
    1. කාලම බැලුවනම් හරි නේ?

      Delete
  5. භයානක විදියට තාත්විකව ලියල තියෙනවා අපරාදේ කියන්න බෑ ;)

    ReplyDelete
    Replies
    1. බොහෝම සංයමයකින් ලිවුවේ.. ලියලා මකපු තැන් එහෙම නැත්තෙම නෑලු.... ;)

      Delete
  6. ඉතින් ඊට පස්සේ,

    අයිස් ක්‍රීම් එකේ ඉතුරු ටික තව තව තැන්වලට හලා ගත්තේ නෑ ලූ. කොල්ලා ඒ ටික දිවෙන් පිහිදැම්මෙත් නෑ ලූ. :)

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔන්න මධු අයියා නරක් වෙලා..

      ඕන කමින් වගේ පස්සේ අයිස්ක්‍රීම් හැලෙනවලු... ඊට පස්සේ......

      Delete
    2. ඔවු ඔවු ඊට පස්සේ?????

      Delete
    3. ඊට පස්සේ....

      Delete
  7. Replies
    1. ඒ ටිකට ඔයා එන්නකෝ ලගට..

      Delete
  8. සමහර මතකයන් ආයෙ ඔලුව ඇතුලෙ දඩිබිඩියෙ ෆ්ලෑශ් වෙලා ගියා වගේ. හෙ හෙ. වල් නොවෙන විදියට සෘංගාර රසය උපරිමව තියාගෙන ලියලා තියෙනවා. මාරයි.

    ReplyDelete
    Replies
    1. මේ වගේ මතකයන් කොහොම අමතක කරන්නද අනුරාධ..

      බොහොම අමාරුවෙන් ලිවුවේ කට්ටිය වල් කියලා නොකියන්න..

      Delete
  9. අපිව පිස්සු වට්ටවනෝ....

    ReplyDelete
    Replies
    1. හෆ්ෆේ.. එහෙම වෙන්න එපා නලීන් අයියේ.. සමකය වටේ දුවන්න කවුද එතකොට..

      Delete
  10. ඔන්න එතකොටම වර්ණ අයියා ඇහැරෙනව...එතකොටම ගෙදර ඉන්න නාකි ලොම් හැලිච්ච බල්ලෙක් බුහ් බුහ්...කියාගෙන පැනල දුවනවලු....

    ReplyDelete
    Replies
    1. ඕකනේ ඉතින් බැරි.. ඇයි බං නිකන් අප්සට් කතා කියන්නේ?

      Delete
  11. ම්..වැලන්ටයින් කාලේ මේ වගේ පෝස්ටු ලියවෙන එක අහන්නත් දෙයක්ද? හික්ස්..

    ReplyDelete
    Replies
    1. අන්න රූ අක්කට තේරුණා කතාව.. ;)

      Delete
  12. හැඃ හැඃ..එතකොට ඉතුරු ටික...කොටු කොටුද...!!! හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු.. ඒවා හිතා ගන්න එකයි ඇත්තේ ඉතින්..

      Delete
  13. මොනව කියන්නද මංදා... කවුද මේවට වගකියන්න ඕනි???

    ReplyDelete
    Replies
    1. මොනා හලි කියන්න නදිනි අක්කේ.. හික්ස්.. මගේ හිත තමා ඉතින්... ;)

      Delete
  14. හෆ්ෆේ... මරු ඈ අයියේ... ;)

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ මලයෝ..

      Delete
  15. maru kathawa.. sirawatama liyala.. supiri..

    ReplyDelete
  16. අනේ මන්දා...මට නම් නිකම් කිචි කිචි වගේ!!! හික්ස්! සුන්දර වචන ටික...

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. වැඩිය හිතන්න එපා නාඩියෝ..

      Delete
  17. මට තාම ලියාගන්න බෑ. මොකද්ද වෙච්ච ගමන් ඉන්නේ....

    ReplyDelete
    Replies
    1. කොහාටද මොකද උනේ?

      තාම එහෙමද දන්නේ නෑ.. ;)

      Delete
  18. අම්මටසිරි දින්නා.. උඹ වර්ණ වෙනස් කල ගමන් මේකත් වෙනස් වෙලානේ.. මරු මරු ඈ..

    ReplyDelete
    Replies
    1. හෙහ්.. එහෙමම නෑ නුවන්.. දන්නේ නැද්ද ඉතින් වෙනසකට වගේ..

      Delete
  19. හපොයි අද සැඳෑ අඳුරට මම දැම්ම කොටසේ නමත් චොක්ලට් අයිස්ක්‍රීම් සහ ස්ට්‍රෝබෙරි....:D

    හෙට දෙන තෑග්ග ගැන දිනේශ් අදම කතා කරලා වගේ.

    දෙන්නාටම සුබ ආදරවන්තයින්ගේ දිනයක් වේවා...

    ඔය දෙන්නගේ ගෙදර මාර රොමැන්ටික් මූනු වරක් අරන්.:)

    ReplyDelete
    Replies
    1. අහ් එන්නම් එන්නම් ඒකත් බලන්න මල් කඩලා එහෙම ඉවර වෙලාම..

      අපි බඳිනකම් වැලන්ටයින් සමරන්නේ නෑ අක්කේ.. මෙහෙම ඉදන් මොන වැලන්ටයින්ද? ලග හිටියනම් ඉතින් කියන්න ඕන නෑනේ නේ.. ;)

      Delete
  20. මම එක හුස්මට කියවගෙන ගියා... හරිම අපූරුවට ලියලා තියෙනවා..

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ.. හුස්ම කල්පනාවෙන් හොදේ..

      Delete
  21. මෙන්න ඊට පස්සේ කොටු කොටු කොටු..... ඊට පස්සේ වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි... හරියට තුන්වන මණ්ඩලයේ චිත්‍රපටයක් වගේ

    ReplyDelete
    Replies
    1. හෙහ්.. ඔවු ඔවු.. ඒකනේ ඒ ටික නොලිවුවේ.. තහනම් වෙයි කියලා වර්ණයම... :)

      Delete
  22. ආව්... ආව්.... ඉතිං ඊට පස්සේ?????

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා ඉතින් මේවට කොහොම උත්තර දෙන්නද කියලා..

      Delete
  23. අඩේ මරු ඈ... ස්ටේබෙරි , අයිස්ක්‍රීම් වලට ජය වේවා!

    ReplyDelete
    Replies
    1. ස්ට්‍රෝබෙරි වලට කැමති තවත් කෙනෙක් මෙන්නෝ..

      Delete
  24. එයා කැමැති ස්ට්‍රොබෙරි අයිස් ක්‍රීම් වලටද? ඉතිං ඉතිං ඊට පස්සෙ පොඩිහිටියන්ට තහනම්! වැඩිහිටියන්ට??? :D :D

    ReplyDelete
    Replies
    1. කවුද මදාරද? නෑනේ එයා කැමති වැනිලා..

      මේ ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් නෙමෙයි ෆාතිමා අක්කේ.. ස්ට්‍රෝබෙරියි වැනිලා අයිස්ක්‍රීමුයි.. දෙක මික්ස් කරලා කද්දි මාර ගති නේ..

      Delete
  25. supiri kathawa... naraka welawakane meka kiyewwe.. ekai awla..

    ReplyDelete
  26. මරු...
    දැන් බ්ලොග් එක පට්ට මචන්

    ReplyDelete
  27. :) ඔහොම යමන්කෝ.. ඔහොම යමන්..

    ReplyDelete
  28. අපේ පැත්තට වහිනවා... වැස්සේ මේක කියවද්දි පට්ට ආතල් ඕයි!!! :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  29. අපොයි............ මෙන්න මෙයා..... :))))))))))))))

    ReplyDelete
  30. ලවු කරන උං හෙන වල් නේ...
    හොද වෙලාවට මං ලවු කරන්නෑ...

    ReplyDelete
  31. මේක මග ඇරිලනෙ!
    හොඳ වෙලාවට දැක්කෙ. කෝ ඉතින් මේකෙ ඉතුරු ටික?

    ReplyDelete
  32. හරිම ලස්සනයි මේකේ ඉතිරි කොටසත් මේ වගේ සංයමකින් දෙම්මනම

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්