Monday, 11 February 2013

උඩ පාවෙන කොට ගවුම්


සොදුරු පාසල් දිවිය එකල

හිතේ මතක ගොඩ ගැහුව

හැමදාම මතකයේ රැදෙන්නට නිඹද

මැකී නොගිහින් කාලයෙන් රහසේම..


රණ්ඩු, ආදර කතා අතරම

උන රසබර මතක අතරට

විනෝදෙන් ගෙවුන මොහොතවල් හැම

අමතක නෑ දිවියෙහි තව..


ක්‍රීඩා උළෙල අප සිත් මත් කල

සතුටින්ම පිරුණ හොදම කාලය

එහේ මෙහෙ දුව දුව තරග වලට

කඩිමුඩිය ඉස්කෝලේ හැමදාම..


ආස නෑ ගෙවෙද්දි දවස් ටික

ක්‍රිඩා උළෙල ඉක්මනටම

ක්‍රිකට්, වොලිබෝල් මළල ක්‍රීඩ අතරට

ආවේ නෙට්බෝල් තරගත් හෙමිහිට..


තහනම්ය කොල්ලන්ට පිට්ටනිය එතකොට

බලන්නවත් බෑ රහසින්වත් එදෙස

සිර කලා වාගෙයි අපි පන්ති වලම

උන්ගේ පාවෙන කොට ගවුම් හින්දම...


පන්ති කාමර වල ඇද වුන මුණු

හූල්ල හුල්ල ඉද්දි නොදැකම

පිට්ටනිය ලග හිටගෙන ආරක්ශාවට

ප්‍රධාන ශිෂ්‍ය නායක මම..


එන්න නොදී කාටවත් එදෙසට

ඉන්නලු මට පවුරු බැදගෙන

හරි හැටි නොකී නිසා මට

මම හිටියේ පිට්ටනිය බලාගෙන..


හරි ලස්සනයි දුර ඈතට

අපේ ඉස්කෝලේ කෙල්ලෝ ටික

උඩ පැන පැන ඉන්න අපූරුව

හිත වාවගෙන බලන් ඉන්නේ කෝම...


මහ දවාලේ අවුව දැනුනේ නෑ ගතට

දිය පිපාසයක් දැනුනේ නෑ මට

හිට ගෙන ඉද්දී බලාගෙනම එදෙස

මා ලගට විත් නැවතුන විනය භාර ගුරු තෙම..






අසන්ත, මොනවද මනුස්සයෝ මේ කරන්නේ ?”

අහ් සර්.. ඇයි මොකද්ද අවුල..”

අර බලනවා අරුන් ඔක්කොම තාප්පේ එල්ලිලා වවුල්ලු වගේ.. තමුසෙත් මෙහේ කට ඇරන්..”




විළිලැජ්ජාවක මහත

දැක්කේ නෑ මං උන්ව

හීනෙන් වගේ ඇහුන තව

මොන මොනවද සෑර් කියන...





විශේයි : මේතක් උනේ රිගේ කෙරුවාවේ මෙන් මේ පෝස්ට් එකිද්දි.. ට අප්සට් වියක් තක් ලාට උට ස්තූතිය..  ;)




69 comments:

  1. Replies
    1. අතීතය සිහිනාක් පමණයි
      සැබෑ සුවදක් නෑ..
      එදා එලෙසින් නොබැළුවා නම්
      අද ලියන්නත් බෑ...

      Delete
  2. අවුරුදු ගානක් ගිහිල්ලත් අද ඊයෙ වගේ මතකයි මේ වගේ ඒව නම් . ඇත්ත තමා හරිම පැණියෙක් :D

    ReplyDelete
    Replies
    1. මේවා කොහොම අමතක වෙන්නද ගිම් අක්කේ... හලේ තලායි හොදේ පැණියා කිවුවට..

      Delete
  3. මේ ලගදි නංගියි එයා බැදපු මල්ලියි මමයි ගමනක් යද්දි ෆුට් බෝල් ගහන එකක් දැකල ඒක ගැන කියවද්දි, නෙට් බෝල් කතාවකුත් ආවා.. අනේ මේකා නෙට්බෝලෙ ගැන දන්නෙ නෑ.. ඇයි ඉතින් බලන් ඉන්නෙ කෙල්ලන්ගෙ ගවුම උඩ යන එකනෙ.. එයත් මේ වගේම හෙඩා තමයි..අන්තිමට නංගිගෙන් බැනුම් අහ අහා ගියා මුන්ට ඉතින් මොකද ගැනු ළමයි කොටට ඇදගෙන උඩ පනිනව නම් ලෝක ගෝලෙන් බෝල ගැහුවත් ඔහේ කට ඇරගෙන ඉදි කියල... හෙඩා ගනිද්දි පැනි පෙරීමේ දක්ෂතාව බලලද ගන්නෙ මල්ලි?

    ReplyDelete
    Replies
    1. "හෙඩා ගනිද්දි පැනි පෙරීමේ දක්ෂතාව බලලද ගන්නෙ මල්ලි?"

      හික්ස්.. නෑ අක්කේ.. ඒක පට්ටම දුන්නම ඉබේම එනවා මං හිතන්නේ... මට දුක අර නංගිගේ මහත්තයා ගැන.. නිකන් බැනුම් අහලනේ...

      Delete
  4. කවුරුත් කියන්න වගේ ලොල් තමා බං..!

    ෂික් මුගේ මූනෙ පැණි බේරිලා..!

    සර් ගැහැව්වෙ නැද්ද බං..?

    ReplyDelete
    Replies
    1. සෑර් මොකටද බං ගහන්නේ.. ඒකත් මාත් එක්ක කතාවක් දාන ශේප් එකේ බලාගෙන හිටියා..

      Delete
  5. හෆ්ෆේ...හලීම පැණියෙක් මූ!!!

    ReplyDelete
    Replies
    1. අඩේ එහෙම කියන්න එපා බං..

      Delete
  6. ඒ මොකටද කොල්ලන්ව හිර කළේ.. තමන්ගේ ඉස්කෝලේ කෙල්ලො සෙල්ලම් කරන‌ෙකාට උන්ට චියර් කරන්නවත් ‌කොල්ලෝ නැති උනාම වැඩක් තියෙනවයැ මැච් ගහලා... ගුරුවරු තමයි ඔය වගේ ගොන්කම් කරලා ළමයින්ව අවුස්සන්‌ෙන්.. හි හි..

    ඇත්තටම අපේ ඉස්කෝලේ නම් එහෙම එකක් තිබ්‌ෙබ් නෑ.. අනිත් හැම එකම වගේ ඔය වගේ මැච් වලදිත් කිසි ගානක් තිබ්‌ෙබ් නෑ කොල්ලෝ කෙල්ලෝ කියලා... ( මං මේ කිව්වේ අපේ මල්ලිලගේ කාලේ වෙච්ච සිද්ධිත් කල්පනා කරලා බලලා... මම පහ වසරෙන් ධර්මපාලෙන් අයින් උනානේ..)

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත හිරූ අක්කේ.. අපේ ඒවට නම් උන් ආවා හැමදාම.. අපිට තමා යන්න දුන්නේ නැත්තේ.. වෙලාවකට පිස්සු අෆ්ෆා..

      Delete
  7. :D ප්‍රධාන ශිෂ්‍ය නායකය වුනත් ඇස් කන් පියාන හිටිය හැකිද නේද!

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ ගිමන් අයියේ.. ඕන දෙයක් කරන්න ලයිසන් දීලම තියෙද්දී... :)

      Delete
  8. අයියෝ හිනාවෙලා පණ ගියා මේක කියවලා... මට මැවිලා පෙනුනා සීන් එක... අර විනය භාර ආචාර්යතුමා කියපු ටික අනුව හිතා ගත්තැකි කට්ටිය කොහොමද හිටියෙ කියල... ඒ දවස්වල අපේ ඉස්කෝලෙත් ඔහොමයි... හැබැයි බලන්න එපා කියල නීති දාල තිබ්බෙ නම් නෑ... ඒ නිසා හවසට නෙට් බෝල් ගහනකොට, බාස්කට් බෝල්, කැඩෙටිං, තව පිටියෙ ඉසව්වල ප්‍රැක්ටිස් වෙන්න නැවතුනු කොල්ලො ඔක්කොම නෙට් බෝල් ගහන තැන වටේ... කොල්ලො විතරක් නෙවේ අනේ, සමහර ගුරුවරුත් ඉන්නව ඕව්ව බලන් ඉන්න කැමති... :D

    ReplyDelete
    Replies
    1. මාත් දන්න තරමින් කිසිම මිශ්‍ර පාසලක එහෙම අවුලක් නෑ.. ඒත් අපේ ඒ අවුරුද්දේ එහම් පිස්සු වැඩක් කලා.. හැබැයි ඒ උනාට අපි කෝම හරි බැළුවා..

      Delete
  9. පාසල් කාලයේ හැම දෙයක්ම සුන්දරයි.මේ විදියට හරි දැකලා විඳ ගන්න පුළුවන් විම කොච්චර දෙයක්ද.බ්ලොග් එකට චාම් බවක් ඇති කරලා.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඒ මතකය හුගාක් සුන්දරයි.. කවදාවත් අමතක කරන්න බැරි තරමටම..

      ඔව්, බ්ලොග් එක ටිකක් වෙනස් කලා..

      Delete
  10. විලි ලැජ්ජාව බාල්දියෙන් එකයි...

    ReplyDelete
    Replies
    1. හික් හික්.. සන්තෝසයි නේ..

      Delete
  11. ආසයි නේ...
    නෙට්බෝල් කෙල්ලෙක් නැත්තං සිංදු කියන්න පුළුවං කෙල්ලෙක් දා ගත්තොත් ගොඩ...
    නැටුම් කරන කෙල්ලෙක් දා ගත්තොත් ගොඩේ ගොඩ....
    හැබැයි ඉස්කෝලෙ හරි වැරදියි අප්පා...
    මම ප්‍රින්සිපල්නං කියනවා ඕනතරං බලාගනිං අල්ලන්නේ නැතුව කියලා....

    ReplyDelete
    Replies
    1. ආසයිදත් අහනවා.. උඹ තමා මේක මටත් මතක් කරලා දුන්නේ..
      නැටුම් කරන කෙල්ලෙක්? හික්ස්.. මං ඊට එහා මුකුත් නොකියා ඉන්නම්..

      Delete
  12. අයියෝ අපේ ඉස්කෝලේ ඉතිං පිරිමි පාසලක්නේ . . අපිට කොයින්ද පූසෝ මාලු . . . හ්හ්ම්ම්ම්ම් :D

    ReplyDelete
    Replies
    1. සේම් හියර් අප්පා!! :(

      Delete
    2. දුකා අයියේ, ඒ කාලේ අහල පහල කාන්තා පාසල් වල ක්‍රීඩා බලන්න ගියේ නැතෙයි?

      Delete
    3. රජා, ඇයි බොට මාලිගේ කට්ටිය නැතෙයි ?

      Delete
  13. මට මතක් උනා ගෝතමී එකේ ස්පොර්ට් මීට් එක වෙලෙ දන ගහගෙන ඒ දිහා බලන් හිටපු මගෙ මිතුරන් රැලක්

    ReplyDelete
    Replies
    1. ලොකු අයියත් එතන හිටියලු නේ?

      Delete
  14. ලබන ආත්මෙවත් එයින් එකක් මූට සෙට් වේවා!!!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හික්ස්.. එයින් එකක් උඹට සෙට් වේවා!!!!

      Delete
  15. ඔය ඉතින් ඕවට තමා කියන්නේ දෙයියෝ දෙනකොට ටොකු ඇන ඇන දෙනවා කියලා.

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව.. හෙඩා වීමේ වාසි තමයි ඉතින්..

      Delete
  16. මහ පැණියෙක්. ප්‍රධාන ශිෂ්‍ය නායකයා ඒ කිවුවේ ඉස්කොලේ වෙන ළමයි නැද්ද? පදුරු ඉස්කොලේ හැක හැක.

    ReplyDelete
    Replies
    1. මකළව සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට.. මෙහෙමයි මචං, ඉස්කෝලේ කට්ටිය හිටියා ඒකනේ උන්ව මෙහෙයවන්න මට බාර කලේ... ;)

      Delete
  17. ඒ වගේ වෙලාවට බලන්නේ නැත්නම් ඉතින් වැඩක් නෑ. අන්න කොල්ලෝ....ජයවේවා ......! :D

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා.. ඔහොම චාන්ස් එනවයි හැමදාම මං අහන්නේ?

      Delete
  18. හිකිස් මෙයා කට අරන් බලන් ඉන්නවා මට මැවිලා පෙනවා අෆ්ෆා :P

    ReplyDelete
    Replies
    1. හෆ්ෆේ, කොල්ලගේ කරේ අත දාන් සෑරුත් ඉන්නවා මවා ගන්න හොදේ... ;)

      Delete
  19. මදාරා උඩින්ම හොරා කියල තිබ්බට හොරකං කොලේ නං මොනවද කියලා අපි දන්නවෝ.... දෙන්නටම ජය..

    ReplyDelete
    Replies
    1. හී හී.. එයාට ඉතින් මාව කෝමත් හොරා තමයි..

      Delete
  20. මේ දවස්වල ස්පෝර්ට් මීට්.. :D

    ReplyDelete
    Replies
    1. හෙහ්,, අපරාදේ ලංකාවේ ඉන්න තිබ්බේ...

      Delete
  21. මම දැන් පොඩි ප්‍රශ්නයක් දානවා.සර් කියපු විදියට කොල්ලො ටික තාප්පේ එල්ලිලා ඉන්නෙ වවුල්ලු වහේ. ඒත් වවුලා ඔලුව පහලට නේද එල්ලෙන්නේ. ඒතකොට ඒ සමීකරණ දෙක එකට ගත්කල කොල්ලන් තාප්පේ එල්ලී සිටි‍යේ කොහොමද යන්න සාධනය කරන්න.

    ReplyDelete
    Replies
    1. තොටියත් එක්ක බෑනේ.. සෑරුත් අරක දිහා බලන් කිවුවේ අප්සට් එකෙන්ද දන්නේ නෑ.. කෝම උනත් කිවුවේ ඕක තමා.. :)

      Delete
  22. හයියෝ ටයිප් කරපු කමෙන්ට් එකට මොනාව වුනාද මන්ද....:/

    මං බබී ගියෙ බාස්කට් බෝල් වලට සෑහෙන්න ප්‍රසිද්ධ ඉක්කෝලෙකටනේ.......මාත් කාලයක් කලා....
    දවසක් අපිව ට්‍රේන් කරන්න ආව අයියකෙනෙක්ට වැරදි බම්ප් එකක් විදියට අඟවල දුන්න මම බාස්කට්බෝලෙන් මූණෙ පාර හිටින්න... හිතාගන්නකො එච්චර යකානඟින්න කොච්චර ඌ සෙවෙල පෙරන්න ඇද්ද කීල...:/

    හැබැයි පස්සෙ උගෙ මූණ දැක්කමනම් පවු කියල හිටුන අෆ්ෆා......;)

    ReplyDelete
    Replies
    1. හෆ්ෆේ මේ අග්නියා හෙන සැලයිනේ බලන් යද්දී.. පවු අෆ්ෆා බුවා.. ඒ ඔයාගේ ඉස්කෝලේ මොකද්ද ?

      Delete
  23. //අර බලනවා අරුන් ඔක්කොම තාප්පේ එල්ලිලා වවුල්ලු වගේ.. තමුසෙත් මෙහේ කට ඇරන්..//
    මේ ටික මට මැවිල පෙනුනා :))

    ReplyDelete
    Replies
    1. හික්ස්.. හිතාගන්න පුළුවන්නේ කට්ටිය හිටිය විදිහ..

      Delete
  24. කන බොන දෙයක් වුණත් බෙදාහදාගෙන කන්න එපැයි, නැද්ද මලයෝ!

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ ලහිරු අයියේ.. මොනා උනත් කොල්ලොනේ..

      Delete
  25. මම ඇහුවාමයි බොල ඔහොම ගොං නීතියක්! හැබැයි පට්ටයි කියනවට වඩා හොඳ වචනයක්මට කල්පනා වෙන්නෙම නෑ බං. මට පේන්නෙ උඹ අර විචාරක කිව්ව විදියෙ සයි ඔප් පාරක් දාන්නෙ ගෙදර උන්දැට.

    ReplyDelete
    Replies
    1. කරුමෙට වගේ තිබ්බා ඩූඩ් අයියේ.. මොනා කරන්න්ද ඉතින්.. මොකද්ද අප්පේ ඒ විචාරකගේ ඛේස් එක.. මං දන්නේ නෑනේ.. ගෙදර උන්දෑ මේවා දන්න කලින්ම දන්නවා..

      Delete
    2. මෙන්න මේකට කොටලා බලපං. මේ පලවෙනි කොටස. Psychological Operations

      http://jangun.wordpress.com/2013/02/01/%e0%b7%80%e0%b7%99%e0%b6%b1-%e0%b6%85%e0%b6%ba-%e0%b7%80%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b1%e0%b7%99%e0%b7%80%e0%b7%99%e0%b6%ba%e0%b7%92-%e0%b6%85%e0%b6%b4%e0%b7%92-%e0%b6%9c%e0%b7%84%e0%b6%b1%e0%b7%8a/

      Delete
    3. බැළුවා බැළුවා.. මං ඒත් කලින් කල්පනා කලේ මොකද්ද මේ සයි ඔප් කියන්නේ කියලා.. දැන්නේ තේරුණේ..

      Delete
  26. කල්පනා සයුරේ කිමිදෙන විට ඉන්න තැනත් අමතක වෙලා. ඒකනේ

    ReplyDelete
    Replies
    1. මේ මොනවා අහනවද රත්නායක අයියේ.. ගැඹුරටම කිමිදිලා හිටියේ..

      Delete
  27. හපොයි.... දැං එතකොට ඉන්න රටේ කට ඇරගෙනම වෙන්නැති ඉන්නෙ හි හි....

    ReplyDelete
    Replies
    1. අළුත් උනත් මාව හොදට දන්න කෙනෙක් වගේ.. මෙහෙමනේ ආව අළුත මෙහෙත් එහෙම තමා.. දැන් නම් ඒක සාමාන්‍යයි..

      Delete
  28. චික් විතරක්..

    කවුද මදාරා දැන් වල්???

    මූද,අපිද?

    ReplyDelete
    Replies
    1. අනේ ෆල යන්න.. උඹ ගැන ඉතින් මං නොදන්නවයි.. අහලා බලපන් මදාරගෙන් මං ගැන.. ;)

      Delete
  29. හී හී පැණි මුට්ටියක්ම තමා. කවිත් ලියලා...:D:D:D

    ReplyDelete
    Replies
    1. හී හී.. එහම කියන්න එපා පොඩ්ඩී අක්කේ ඉතින්... ;)

      Delete
  30. හික්.... මරු ප්‍රධාන ශිෂ්‍ය නායකයා..... :p

    ReplyDelete
    Replies
    1. ආදර්ශමත් නේ??

      Delete
  31. කොල්ලට අන්තඃපුරයක් මුර ක්‍රන්න ලැබිලනෙ පොඩි කාලෙම..

    අපිට ඔය චාන්ස් තිබුනෙම නෑනෙ..බාළක පාසල්නෙ.. දැන්නම් ඔක්කොම මික්ස් කරන්ඩ යනවලු නේද ?

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව සෙන්නා අයියේ.. එහෙම චෑන්ස් කවද එන්නද ආයෙම..

      එහෙමත් එකක්ද? ඒ ගැන නම් දන්නේ නෑ.. හැබැයි එහෙම කරනවනම් හොදයි..

      Delete
  32. ඒ දවස් වල අපේ ස්පෝට් මීට් එකේ රියර්සල් තියෙන්නෙ සමනල ග්‍රවුන්ඩ් එකේ(ගාල්ලේ ).ඉතින් ඕක එන්නෙ අපේ ඉස්කෝලෙන් විතරක් නෙවෙයිනේ.ගාල්ලෙ බාලිකා ස්කෝල ඔක්කොම වගේ සැරින් සැරි අපිත් එක්ක පූට්ටු වෙනව.....අඹ කොලේ ස්කෝලෙ,වවුල් බංගලාව එතකොට ලංකට් ස්කෝලෙ, ගැරඬි ස්කොලේ.......එහෙම සෙට් වෙච්ච දවස් වලට ඉතින් කොල්ලොන්ට රජ මඟුල්...........මෙව්ව මතක් වෙනකොට නම් ඉතින් පපුවම හිර වෙනව වගේ වර්ණ අයියේ......

    ReplyDelete
    Replies
    1. හෆ්ෆටසිරි.. අර නික් නේම් වලින් කිවුව ඉස්කෝම මොනාද බං.. කෝම උනත් අපිට වැඩිය ආතල් උඹලට තිබිලා වගේ.. පපුව හිර කර ගන්න එපා බං.. ඔය යුනි එකේ එකක් දිහාවත් බලපං..

      Delete
  33. නැස්තම් නැස්තම්....නුවර ගර්ල්ස් ස්කෝල ගොඩකම ස්පෝට් මීට් තියෙන්නෙ පේරා ග්‍රවුන්ඩ් එකේනෙ.......ආයිෂම ගුණ්ඩු...

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්