Tuesday, 5 February 2013

අනේ අසන්ත අයියේ අපිත් පදිමු.. ඉස්කෝලේ කතා 13

විදුහල්පති පෙම අතටම අහු උනාට පස්සේ ගෙවුන දවස් ගැනනම් කියලා වැඩක් නෑ.. තව සිද්දියක් ඉස්සරහට සම්බන්ද වෙන නිසා මං ඒක ඒ පෝස්ට් එකේදිම කියන්නම්... මේ ඒ ලවු හුට පට අස්සේ උන වෙන සීන් කෝන් එකක් ගැන මං අද කියන්නම්..



ඉස්කෝලේ යන කාලේ ඉතින් අතේ සතේ නැති එම්ටි පොකට් කාලෙනේ.. ඔය ගෙදරින් ලැබෙන සම්තින් එකකින් තමයි රස්තියාදු වියදම් කවර් කර ගත්තේ.. හැබැයි ලොකු වියදමක් ඕන උන දාට අපි පොඩි වැඩක් කලා.. මම අමතර පන්ති ගියේ සාක්‍යා එකටනේ.. ඕකේ මුල්ම සති දෙක අතුලේ පන්ති සල්ලි දෙන එක අනිවාර්‍යම දෙයක්නේ.. මුල්ම සතියේ පන්ති සල්ලි ගෙවලා ඊලග සති තුන පන්ති යන්න බැරි උනා කියලා හිතන්න.. අන්න එතකොට කැශියර් එකට ගිහින් ඊලග මාසෙට පන්ති සල්ලි ගෙවද්දි කියන්න තියෙන්නේ මට කලින් මාසේ ෆීස් ගෙවුවට එන්න බැරි උනා මොකද කරන්නේ කියලා... එතකොට කට්ටිය කාඩ් එක චෙක් කරලා බලලා වැඩේ ඇත්ත නම් මූණ බලලා බොරුව උනත් ඇත්ත වගේ කියන අහිංසක පෙනුමක් තියෙනවනම් කලින් ගෙවපු මාසේ ෆීස් වලින්ම ඊළග මාසේ පන්ති යන්න දෙනවා... මේවා ඉතින් දන්නෝ දනිති.. මං හිතන්නේ.. මාත් ඔය වැඩේ දෙපාරක්ම කලා..



කොහොම හරි දැන් ලබන මාසේ සල්ලි ඕන නම් මේ මාසේ පන්ති නොගිහින් ඉන්න ඕන... ඒකනේ තියරි එක.. මාත් පළවෙනි සතිය පන්ති ගිහින් අනිත්ම සති තුනම කට් කලා... පන්ති කට් කලා වගේ නෙමෙයි කරන්න දෙයක් තියෙන්නත් එපැයි... වැඩි හරියක්ම කලේ එක එක දිහා වල රස්තියාදුවේ යන එක තමයි.. වෙන මොනවා කරන්නද ඉතින්..



ඉස්කෝලේ හැමදාම හරියට ගියාට මොකද පන්ති කට් කිරීමනම් ටිකක් එන්න එන්නම වැඩි උනා... එක පාරක් මේ වගේම මොකක් හරි හේතුවක් හන්දා මම පන්තිය කට් කලා.. මුල් සතිය ගියා.. දෙවනි සතිය කට් උනා කොල්ලෙක්ට උගේ කෙල්ලට දෙන්න තෑගි තෝරන්න ගිය හන්දා... තුන් වෙනි සතිය ඉස්කෝලේ ට්‍රිප් එක.. හතර වෙනි සතිය යන්න ඉද්දි මතක් උනා ඒකත් නොගියොත් ලබන පාර සල්ලි අතේ නේද කියලා... ඒත් යන්න තැනක් නැතුව කල්පනා කර කර හිටියා.. තනියම රස්තියාදුවේ යන්නත් කම්මැලී නේ..



සහායට එකෙක් හොය හොය ඉද්දී යාන්තම් එකෙක් හම්බුනා... ඒකත් ඌ කෙල්ල හම්බුවෙන්න යන්නත් එක්ක..ඒකත් අවුලක් නෑ කියලා ඌ එක්කම සෙට් උනා.. ඒකත් මං කරපුම කපුකමක් තමයි.. කෝම හරි ඉතින් එදා උන් දෙන්නත් එක්ක යන්න සෙනසුරාදා දවාලේ පන්නිපිටිය හන්දියට සෙට් උනා.... අරූගේ කෙල්ලට ක්ලාස් තිබුනේ විද්‍යාලංකාර පිරිවෙනේ හන්දා ධර්මපාලේ ඉස්සරහට වෙලා හිටගෙන හිටියා මුං දෙන්න එනකම්.. ටිකකින් මුං දෙන්නා ආවා කෙල්ලගේ තව යාළුවෙක් එක්ක.. ඒ කෙල්ලත් අපේ ඉස්කෝලෙම තමයි.. මගේ ප්‍රිෆෙක්ට් බෝඩ් එකේමයි...



.. අද අසන්ත අයියත් ඇවිත් තියෙන්නේ...”



ඇයි අපිට එන්න බැරිද ?”



පුළුවන් පුළුවන්.. තනියමද ආවේ ?”



නැතුව ඉතින්.. අපි තාම එහෙ මෙහෙ යන්නේ තනියම තමයි..”



අරුන් දෙන්නා මල් නෙලන අතරේ අපි දෙන්නත් පොඩි චැටක් දා ගෙන හිටියා පැත්තක.. පොඩි කිවුවට ඉතින් පොඩිම නෑ.. එදා වෙනකන් මම ඉස්කෝලෙදි ඒ කෙල්ල එක්ක ප්‍රිෆෙක්ට් බෝඩ් එකේ වැඩක් ඇරෙන්න වෙන කිසි කතාවක් තිබුනේ නෑ... මාත් එකක් නිතරම කතා බහ කරන මට දවල් කෑම එක ගේන වෙනමම සෙට් එකක් හිටියා.. එවුවා දැන් මෙතන්ට ඕන නෑ.. අනික ඕවා කියලා නඬු දා ගන්නත් බෑ.. ඉතින් ඒ හන්දා අපි දෙන්නා එදා ඔය කතා කලාමද කොහේද.. ඉස්කෝලෙදි දැනන් හිටියට වඩා දේවල් දැන ගත්තේ එදා කතා කරද්දි තමයි මම හිතන හැටියට..



ආ උඹලත් මල් කඬනවද ?”



අපේ මේ හොද වැදගත් කතා බහට අස්සේ අරුන් දෙන්නා කඩන් පැන්න මැද්දට මොක්කුන්ද වගේ... වෙන වෙලාවක් නම් හොදවයින් දෙකක් කියනවා... ඒත් ඉවසං හිටියා..



මේ අසා.. අපි පන්ති කට් කරනවා.. උඹ මොකෝ කරන්නේ ?”



මම කොහොමත් පන්ති කට් කරපු එකානේ..”



අහ් ඔයාලා කොහේද යන්නේ.. මෙයා නැතුව මටත් පන්තියේ ඉන්න කම්මැලි.. මාත් එන්නම්..”



මං අර නංගී දිහා බැළුවා නෙමෙයි බැළුනා.. යකඩෝ මේකි ඉස්කෝලේ ඉන්නේ හරියට ඉන්න පන්තියේ ගානටවත් ගැන ගන්න බැරි ගානට.. හෆ්ෆේ එලියෙදි දෙන ටෝක් දැක්කම මාත් නිකන් කොර වෙලා ගියා.. මාත් ඉතින් ඒ ගැන නොහිතා හිටියා මොකද යන්න එන්න කියන්න මට බෑනේ.. ඒක අරුන් දෙන්නගේ තීරණේ හන්දා...



අහ් අවුලක් නෑ ඔයත් යමු.. අපි එක්ක ආවොත් අසාත් තනියමනේ..”



මට අරූව කන්න හිතුනේ නැති ටික විතරයි.. කට් කරලා යන්න තැනක් නැති හන්දා ඌට සෙට් වෙලා දැන් මුන්ගේ තනි රකින්න යන්නත් වෙලා.. ඒකත් මුන්ගේ සපොටරුත් එක්ක..



හා එහෙනම් යමු..”



මට කියන්න දෙයක් ඉතුරු උනේ නැති ගානයි... මං කොහේ හරි යන්න ආව එකා හන්දා මං සද්ද නැතුව යන්න ආවා.. අඩුගානේ කොහේද යන්නේ කියලවත් ඇහුවේ නෑ.. කපල් එකට ඕන උනා අර බෙල්ලන්විල පන්සල් යන අතරමග අහුවෙන වැවේ බෝට්ටු පදින්න යන්න... එතකොට ඒක හොදට හදලා කරලා ඕපන් කරපු අළුතම වගේ.. මාත් ගිහිල්ලම තිබ්බේ නැති හන්දා ඔන්න ඔහේ යමු කියලා මාත් ගියා... මගේ වියදම් ඔක්කොම අරුන් දෙන්නා ගානේ හන්දා මගේ පර්ස් එකට වාසී.. යන අතර වාරෙත් අර නංගී කටර් එක වගේ මගෙත් එක්ක කියවිල්ල.. මගේ කම්මැලි කම යන්න සෙට් උනාට මොකද ඒක සෙට් නොවුනනම් කියලා දෙතුන් පාරක් හිතුනේ නැත්තෙමත් නෑලු...



පන්නිපිටියෙන් මහරගමට ඇවිල්ලා දෙහිවල බස් එකක් අල්ලගෙන ආවා අදාල තැනට.. එද්දි වැඩිය සෙනඟත් නෑ.. හංස බෝට්ටු ටික තියෙනවා තොටු පලේම..



ඒ උඹලත් පදිනවද ?”



අරූ ඌට බිල ගෙවන්න ගිහින් පැන්න ගමන් අපෙනුත් ඇහුවා... ඕක ඉතින් තනියම පදින්න පුළුවන් එකක්යැ.. දෙන්නෙක් එපැයි.. ඌ මගෙන් කෑ ගහලා ඇහුවේ නැත්නම් මම ශේප් එකේ බෑ කියනවා...



අනේ අසන්ත අයියේ අපිත් පදිමු...”



අර කෙල්ල නාහෙන් අඬන්න ගත්තු හැටියට වටේ හිටිය ටික දෙනා හරි මගේ දිහා බැළුවේ නැත්තෙම නෑලු... මටත් කර ගන්න දෙයක් නැති කමට මාත් හා කිවුවා.. අරුන් දෙන්නා එක බෝට්ටුවක නැගලා යද්දී මායි අර නංගියි එක බෝට්ටුවක නැග්ගා.. ඒක පදින එක හිතන තරම් ලේසිත් නෑ කියලා දැනුනේ එදාම තමයි...එතකොට ටිකට් එකෙන් ඕන තරම් වෙලාවක් පදින්න පුළුවන්ද කොහෙද.. කොහොම හරි අරුන් දෙන්නා උන්ගේ මල කඩලා එනකන් අපි දෙන්නත් බෝට්ටු පැද්දා... අන්තිම වෙද්දි කකුල් දෙකට හොද ගනන්.. කොහොම හරි අරුන්ගේ පන්ති වෙලාව ඉවර වෙනකම් රස්තියාදු ගහලා වස් වෙන්න ඇරලා මාත් ගෙදර එන්න ආවා..



මේ කොටස මෙතනින් ඉවර කලාට මොකද මේ නංගී එක්ක ඊට පස්සේ උන හොදම හරිය තව පස්සේ එනවා හොදේ.. ;)







51 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. සා...
      කටර් එකක් වගේ සපෝටර් කෙනෙක්ම සැට් උන එකනං පින තමා...
      ඒකට මට හම්බෙච්ච උංනං ඔක්කොම ගොලු හදවත්...
      ඉස්සරහා කතා වලදී කටර් එක සැට් වෙයි නේ????????????


      (පල්ලෙහාට ගිහිං කොටන්න කම්මැලි නිසා මෙතැන කෙටූ බව සලකන්න)

      Delete
    2. අහ්.. අන්න බලන්න මං හරි අහිංසකයි කියලා මෙයාම කියලා.. උයා හලි ශෝක් පැටියෝ.. උම්ම්ම්ම්ම්ම්ම්මා..

      Delete
    3. තරියා, ආයෙත් අහලා.. ගොළු හදවත් ගැන මතක් කරන්න එපා බං.. ඒ කටුත් කාලා තියෙනවා.. ඔවු ඔවු.. ඒවත් බලමු..

      අනේ ඇත්තට මුගේ කම්මැලි කම ටික පහලට යන්න..

      Delete
  2. ///මගේ කම්මැලි කම යන්න සෙට් උනාට මොකද ඒක සෙට් නොවුනනම් කියලා දෙතුන් පාරක් හිතුනේ නැත්තෙමත් නෑලු...///

    අනෙ දුවපිය යන්න... අපි දන්නේ නැද්ද කොල්ලගේ හැටි... හි හි

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි ඉතින් හිරූ අක්කේ කියද්දි කියන්න ඕන.. දන්නේ නැද්ද ඉතින්.... ;)

      Delete
  3. අඩෝ පට්ට කතව සහෝදරය.... ඇත්තටම ලස්සනයි... පාසල් කාලය හරිම සුන්දරයි... ඒකලෙ කරපු විකාර මතක් වෙද්දි මැරෙනකන් හිනා... වෙලාවකට දුකකුත් ඇති වෙනව... නැතුවමත් නෙමේ...මමත් ලිවුව මගේ ජීවිතේ ගැන මෙන්න බලන්නකො පොඩ්ඩක්...http://jeevithayasundharai.blogspot.com/2013/01/03.html

    ReplyDelete
    Replies
    1. ඇත්තටම.. කවදා කොහොම කතා කලත් කතා කරන්න දේවල් ඉස්කෝලේ කාලේ ගැන නම් ඕන තරම් තියෙනවා.. ඒවා අඩු වෙන්නේ නෑ.. ඒ මතකයන් සුන්දරයි..

      Delete
  4. හප්පටසිලි,ක්ලාස් කට් කරන්න ගිහිල්ලා වෙච්චි නස්පැත්තිය..

    ReplyDelete
    Replies
    1. පිස්සුද ශම්මි ඒ උන නස්පැත්තිය මොකක්ද දැන්නෙ හරිම එක වෙන්නෙ... දැන් මේකට එන කමෙන්ට්ස් බලමුකෝ.. එතකොට මදාරාගේ කමෙන්ට්ස් දිනෙශ්ට හම්බවෙයි... හි හී...

      Delete
    2. ශම්මි, ඒකනේ කියන්නේ.. ඉගෙන ගන්න උනන්දු උනානම් මෙහෙම වෙන්නේ නෑ..

      Delete
    3. නදිනි අක්කේ, හෙහ්.. එහෙම වෙන්නේ නෑ... ;)

      Delete
  5. මලයා , බලාගෙන මමත් බදින්න කලින් අපේ මනුස්සය ශේප් කරගෙන විස්තර සේරම අහගත්ත,,, අනේ ඉතින් රන්ඩුවක් එහෙම උනාම එයා හරියට විස්සෝප වෙනව කරගත්ත වැරැද්ද ගැන....

    ReplyDelete
    Replies
    1. ඔන්න බලන්න ඉතින් මෙයාලගේ කපටි වැඩ.. ඒකනම් එහෙම තමයි.. ඒත් අපරාදේ කියන්න බෑ අරයා බනිද්දි ඕවා මතක් කරන්නේ නෑ.. :)

      Delete
  6. ඇයි අපේ ඉස්කෝල වල ඔහොම නන්ගිලා නොහිටියේ,,,

    ReplyDelete
    Replies
    1. සිරාවට ඇයි දෙය්යනේ??

      Delete
    2. ඇයි අපේ අම්මලට මාව මික්ස් ස්කූල් එක්කා දාන්න බැරි වුණේ.....?/

      Delete
    3. එහෙම චාන්ස් හැම තැනම නෑ.. :)

      Delete
  7. නංගි එන්නෙ නම් හොඳ පොටකට නෙවෙයි වගේ :D

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු අයියේ.. ආව පොට අන්තිමේ හොද උනේ නෑ..

      Delete
  8. අනේ,,,,කුරුණෑගල වැවේ බෝට්ටු පදින්න බෑනේ! අපරාදේ!

    ReplyDelete
    Replies
    1. අපි බෝට්ටු දාලා හරි පදිමු..

      Delete
  9. Ade shik..
    Ape iskole kello hitiye na ne..
    Misla nam hitiya..

    Ara Naadiya kiwwa wage..
    Hitiyath bottu padinna tanak nane.. :D

    ReplyDelete
    Replies
    1. හෙහ්.. දැන් ඉතින් ඕවා හිතලා වැඩක් නෑ..

      Delete
  10. මැරිච්ච කපුටෙක් ගිරවෙක් වෙලා ඉපදිලා
    හරි ලස්සන කතා කියනවා . ..

    වගේ පරන ස්ටෝරි ඔක්කෝම කිව්ව වගේ නෙමේ පුතෝ පස්සෙන් පහු කසාද බැඳපු කාලෙක ගෑනු ඕවා එකක් නෑර මතක තියාගෙන ඉඳලා රන්ඩු වෙන වෙලාවල් වලට යූස් කරනවා . . .

    ඔව් ඔව් යකෝ අත්දැකීම්න් තමා කියන්නේ . .

    හික් හික් හික්

    ReplyDelete
    Replies
    1. මලයා ඒවට ප්ලැන් ගහල තමා මේ ලියන්නේ...

      Delete
    2. දුකා අයිය කිව්ව නම් ඇත්ත තමයි......

      Delete
    3. ඔය තියෙන්නෙ මට උඩින් කියපු දේට ඕන හැටියෙ සාක්ශි...

      Delete
    4. දුකා අයියේ, ඒකනම් එහෙම තමා දුකා අයියේ.. වලි වලදි නැතත් ඔය බයිට් කරන වෙලාවල් වලනම් මාව අල්ලගෙන බයිට් කරනවා හොද හැටි.. මොනා කරන්නද අෆ්ෆ ඉතින්..

      Delete
    5. නලීන් අයියේ, ඔවු ඔවු.. එයාව කලින් ශේප් කරන් දැම්මේ..

      Delete
  11. අම්මියෝ... මහා කට්ට වෙතට පිත්තලයෙක් නේ.. මං කියන්නම් සක්‍යා එකේ ඉන්න කස්ටියට..
    දෙන්නම් බැටේ..
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. අහ්, දැන් එයාලට කියලා වැඩක් නෑ හලෝ.. ඔයා ඒකට යනවනම් ඔය ක්‍රමේ අත්හදා බලන්න.. අත්දුටුවයි..

      Delete
  12. අනේ මට ලැජ්ජයි ඕයි මේවා කියෝනකොට! :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අනේ උඹ බබා.. මං කියන්නේ නෑ ඉතින්..

      Delete
  13. හරිම වස ලැජ්ජාසහගතයි ඕනි..මට නිකත් කිති කිති වගෙ ඕයි !

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. සාදරෙන් පිළිගන්නවා මේ පැත්තට..

      Delete
  14. පොලෝසියෙන් ගැටලුවක් නැති හැඩයි.උඩින්ම ඒක දැනෙනවානේ. එහෙමනං ඉතිං අපට කියන්න තියෙන්නේ සුපිරිම තමා කියලයි. ඒ වගේම තමා මටත් අතීතය මතක් කළ පෝස්ටුවක්. මට නං දැන් ඒව ලියන්න අවසරයක් නෑ.

    ReplyDelete
    Replies
    1. අපරාදේ නලින් අයියේ.. අපිට එහෙනම් හොද පෝස්ට් එකක් කියවන්න තිබුනා.. අහ්, මේකේ ඊලගට ලියන්න තියෙන ටිකටත් පොලීසියෙන් අවසර ලැබිලනේ තියෙන්නේ.. ඒ හන්දා අවුලක් නෑ..

      Delete
  15. අනී අනී මෙයාලගෙ වැඩනම්...............

    හික්.... අක්කියගෙ කමෙන්ට් එක ටමා කමෙන්ට් එක..... හික් හික්...^_^

    ReplyDelete
    Replies
    1. හරි සෝයි නේ?

      ඇයි ඇයි මුකෝ එයාගේ කමෙන්ට් එක??

      Delete
  16. පන්ති කට් කරපුවට දඬුවම් දෙයි. පන්තිත් නැ බෝට්ටු පැදලා අතේපයේ අමාරුව.. මේ කොල්ලංගෙ වැඩ..

    ReplyDelete
    Replies
    1. කිවුවත් වගේ අයියේ, කකුල් දෙකනම් හොද ගනන් පහුවදා වෙද්දි එක දිගට බෝට්ටු පැදලා..

      Delete
  17. ඔය කියන්නේ අර බොරලැස්ගමුව වැවද?
    පිනා චාන්ස් නේද කෙල්ලෙක් එක්ක ඔරු පදින්න...හික්....

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු ඒක තමයි.. පිනා චාන්ස්දත් අහනවා... :)

      Delete
  18. මේව මෙහෙම ලියන එක හොඳයිද බං?....මේව කියවල බවලත් උදවිය බෙලි කටු මලු හොල්ලෙන්නෙ නැතැයි?

    ReplyDelete
    Replies
    1. අහ්, ඒකේ අවුලක් නෑ බං.. ඔය උඩින්ම ඇවිත් කමෙන්ට් කරලත් ගිහින් තියෙන්නේ.. :)

      Delete
  19. ඔයාට තියෙන්නෙත්, බොරු කීවත් ඇත්ත කීව වගේ පේන අහිංසක මූනක්ද? :D:D

    ReplyDelete
  20. මේකනම් වෙන්න බෑ...මේකේ තියෙන්නේම අර අයියත් එක්ක ආපු කෙල්ල හැමදේම බලෙන්න කරගත්තා කියලනේ. මෙහෙම වෙන්න පුළුවන්ද අෆ්ෆා. කොච්චර දෙයක්ද එහෙම වෙනවනම්... ;)

    ReplyDelete
  21. හොඳම හරිය ලියල නැද්ද කොහේදෝ....හහ් හහ්. නිතරම බ්ලොගය පැත්තේ එන්න බැරි වෙන එකට සමාව භජනය කොරන සේකුවා......!

    ReplyDelete
  22. ඊළඟ කොටසින් හොඳ හොඳ සෙල්ලම් පේන පාටක් තියනවා..:D

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්