Thursday, 31 January 2013

එරිකෝ හන්ටර් - The Missing Girl 2

අධික සීතල නිසාම පැවතුන ඝණ මීදුම අතරින් හිරු එළියක් යාන්තමින් වත් වැටී නොතිබුන උදෑසනක, හතට පමණ අවදි වුණ එරිකෝ නිවාඩු නිකේතනයේ අවන්හල වෙත ගොස් උණුසුම් කෝපි කෝප්පයක් රස බලමින් සිටියේය.. දිගු කළු ගවුමකින් සැරසුන සිම්රන් අවන් හලට එද්දී හැමෝගෙම දෑස් ඈ වෙතට යොමු වූයේ ඇගේ තිබුන ආසියානු පෙනුම හා මතු වුන සුන්දරත්වයට කවුරුත් ආශා කල නිසාවෙනි...



සුභ උදෑසනක් එරිකෝ..”



සුභ උදෑසනක් සිම්රන්.. අද ඔබ ලස්සනයි..”



යාන්තමින් සිනාසුන ඇය මොහොතක් නිහඬව සිටියේ ඇගේ සුන්දරත්වය විදින්නට රහසින්ම ඉඩ ලබා දෙමිනි..



අද අපි මොනවද කරන්නේ එරිකෝ ?”



අහ් ඔවු.. අද අපිට අකමැත්තෙන් වුනත් ප්‍රාන්ත පොලීසියට යන්න වෙනවා..”



ඒ ඇයි ?”



අපි මේ දන්න තොරතුරු කොහෙත්ම ප්‍රමාණවත් නෑ.. ඒ නිසා අපි එහේ යන එක ගොඩක් වැදගත් වේවි..”



ජේම්ස් ලොරේන්ව එක්කන් එන්නම් කිවුවේ නැත්නම් ඇයි එදා ලොරේන් ඉස්කෝලේ නැවතුනේ. ?”



අපිට තාම මඟ හැරුණ තැන් ගොඩක් තියෙනවා සිම්රන්.. අපි ඒ හැම තැනක් ගැනම හොදට හිතමු.. එතකොට අපිට මේක අමාරු වෙන්නේ නෑ..”



හරි එරිකෝ..”



සිම්රන් හා උණුසුම් කෝපි කෝප්පයක් රස විදි එරිකෝ, ඈ හා කතා බස් කරමින් ටික වේලාවක් අවන්හලෙහිම රැදුනේ උදෑසන අට පසු වූ පසුව පොලීසියට යාම සුදුසු බව එරිකෝ අත්දැකීමෙන්ම දැන සිටි නිසාය.. නැවතී සිටි කාලය පුරාවට හැමෝගෙම සිත් වසඟ කර ගෙන සිටි ඈ පිටුපසින්ම එරිකෝ නික්මුනේ ඇගේ සුන්දරත්වය හිත යටින් තවත් මොහොතක් විඳ ගනිමිනි... එරිකෝගේ රථයෙහි නැගී ප්‍රාන්ත පොලීසියට යන අතරවාරයේ එරිකෝ ලොරේන්ගේ පරීක්ෂණයට වඩා සිම්රන්ගේ තොරතුරු දැන ගන්නට කැමැත්තක් දැක්වූවේය.. ඇයද ඔහුගේ කතාවට ටිකින් ටික ප්‍රිය කරන්නට විය...



ප්‍රාන්ත පොලීසිය අසල වාහනය නතර කල එරිකෝ ඈ සමගම පොලීසියට ඇතුළු වෙද්දී හැමෝම ඔහු දෙස සිනහවෙන් බැළුවේ මින් පෙර වූ මතකයක් නිසාය... ප්‍රධාන පොලිස් පරීක්ෂකගේ නිල කාමරයට ඇතුළු වන විට එහි ජේම්ස් රැඳී සිටිනු දැකීම එරිකෝට තරමක බලාපොරොත්තු නොවුන සිදුවීමක් විය...



ජේම්ස්, බලාපොරොත්තු නොවුන හමුවීමක්..”



ඔව් මටත්.. මගේ සහෝදරියගේ උවමනාවකට ආවේ..”



අළුත් තොරතුරු මොනවාහරි තියෙනවද මිස්‍ටර් ගානර් ?”



ජේම්ස් හා කතා කරමින් සිටි එරිකෝ හැරුනේ ප්‍රධාන පොලීස් පරික්ෂකයා දෙසටය... තම දිගු රාජකාරි මේසය මත ලිපි ලේඛණ දිග හැරගෙන සිටි ඔහු එරිකෝගේ ප්‍රශ්ණයට ක්ෂණිකව උත්තර දෙන්නට තරම් උනන්දුවක් නොදැක්වීය..



අහ්.. තාම මුකුත් නෑ..”



එදා ලෝරෙන් ඉස්කෝලේ වෙලාවෙන් පස්සේ බ්‍රොක්ලෑන්ඩ් උද්‍යානයේ හිටියා කියන කතාව ඇත්තද ?”



අපිට එහෙම කිසිම තොරතුරක් ආරංචි වෙලා නෑ.. එහෙම දෙයක් තිබුනනම් අපිට ඒක ගැන හොයලා බලන්න තිබුනා.. එහෙම තොරතුරක් තියෙනවද මිස්ටර් එරිකෝ ලග ?”



නැහැ එහෙම තොරතුරක් නෑ..”



හරි.. එතකොට මිස්ටර් එරිකෝ ආවේ ?”



නැහැ ලොකු වැදගත් දෙයක් දැන ගන්න නෙමෙයි..”



එතරම්ම වැදගත්යැයි නොහැගෙන කරුණු කීපයක් දිගේ ප්‍රධාන පරීක්ෂකගෙන් උවමනාවටත් වැඩියෙන් තොරතුරු විමසීම සිම්රන්ගේ හිතටද කුතුහලයක් විය.. ඒත් නොනැවතුන එරිකෝ ප්‍රධාන පරීක්ෂකගෙන් සියුම්ව හැම දෙයක් ගැනම විමසන බව තේරුම් ගන්නට සිම්රන්ට වැඩි කාලයක් අවශ්‍ය නොවීය... හෝරාවකට ආසන්න වන තුරුම ජේම්ස්ගෙනුත් ප්‍රධාන පොලිස් පරීක්ෂකයාගෙනුත් තමන්ට උවමනා බොහෝමයක් දේවල් සියුම්ව දැන කියාගත් එරිකෝ ප්‍රාන්ත පොලීසියෙන් නික්ම තම වාහනය ලගට එන තුරුම ඒ හැම දෙයක් ගැන තනිවම සිතන්නට විය..



ජේම්ස් කියන විදිහට ලොරේන්ව හවස ගේන්න ගියේ නැත්නම් ලොරේන්ට ඇත්තටම මොකද වුනේ එරිකෝ ?”



ඒක හොයන එකනේ සිම්රන් අපේ රාජකාරිය..”



හ්ම්ම්.. මෙතන තව මොනවා හරි අපි නොදන්න දේවල් තියෙනවා...”



ඔව් සිම්රන්..”



අපි ඊළගට මොකද කරන්නේ එරිකෝ ?”



අපි ලොරේන්ගේ ඉස්කෝලෙට යමු.. අපිට තව තොරතුරු හොයන්න ඉතුරු ඉස්කෝලේ විතරයි..”



වාහනය පණ ගන්වමින් ප්‍රාන්ත පොලීසියෙන් පිටතට ආ එරිකෝ තම අතැති වූ ඔරලෝසුව දෙස දෙතුන්වතාවක්ම බලමින් ලොරේන්ගේ පාසල දෙසට වාහනය පදවන්නට විය.. පාසලේ ප්‍රධාන පිවිසුම ලග අලවමින් තිබු දැන්වීම දෙසට එරිකෝගේ දෑස මොහොතකට නතු විය.. කලින් දවසේ ලොරෙන්ගේ මිතුරිය හා කතා කරද්දී ඈ කියු විද්‍යා නිර්මාණ දිනය ගැන එරිකෝගේ මතකය ආයෙම අවදි විය... පාසලේ පන්ති කාමර අසලින් හෙමින් ඇවිදන් ගිය ඔවුන් ලොරේන්ගේ පන්තියට යන විට අද සිටියේ වෙනත් ගුරුවරියකි...



ඔබ පන්තිභාර ගුරුතුමිය නෙමෙයි නේද ?”



නැහැ.. මං සංගීත ගුරුතුමිය.. ඔබලා කවුද ?”



මම රහස් පරීෂක එරිකෝ.. මේ මගේ සහායිකාව.. අපි තමයි ලොරේන්ගේ අතුරු දහන් වීම ගැන පරීක්ෂණ කරන්නේ.. අද ලොරේන්ගේ පන්තිභාර ගුරුතුමිය ඇවිත් නැද්ද ?”



ආවා.. ඇය විද්‍යා නිර්මාණ දිනයට ලෑස්ති වෙන නිසා ප්‍රධාන ශාලාවේ ඇති...”



හ්ම්.. අද ක්ලැරී ආවේ නැද්ද ?”



එරිකෝ පන්ති කාමරය දෙස බලමින් කලින් දවසේ ක්ලැරී වාඩිවී හිටි පුටුව හිස්ව තිබුන නිසා ඒ ගැනත් විමසුවේ ඇය හා කතා කිරීමට එරිකෝට උවමනා වී තිබුන නිසාය...



ක්ලැරී එයාගේ නැන්දත් එක්ක ඇති..”



නැන්දා ?”



ඔව් මිසිස් ඩීන්ස්.. පන්තිභාර ගුරුතුමිය.. ඒ ක්ලැරීගේ නැන්දා..”



අපි ඒ බවක් කලින් දැනන් හිටියේ නෑ..”



එරිකෝ තමා අසලම සිටි සිම්රන් දෙස බලමින් පවසද්දී ඇයද සෙමින් හිස සෙලවූයේ කලින් හමුවීමෙන් ඒ ගැන කිසිම දෙයක් ඇය නොකියූ නිසාය..



ලොරේනුයි ක්ලැරීයි හොද යාළුවොද ?”



හිටි හැටියේම එරිකෝ ඇසුව දෙය ගැන සංගීත ගුරුවරිය මෙන්ම සිම්රන්ද පුදුමයට පත් වූ බව ඔවුන්ගේ මූහුණු වලින් හොදින්ම පෙනෙන්නට විය...



ඔව්.. ඇයි ඔබ එහෙම දෙයක් ඇහුවේ ?”



නැහැ.. ඔවුන් කණ්ඩායම් වැඩ වලදී කොහොමද ?”



දෙන්නම එක වගේ දක්ෂයි.. ගොඩක් වෙලාවට ලොරේන් ඉස්සරහින්ම ඉන්නවා හැම දේකින්ම...”



හ්ම්ම්.. මිසිස් ඩීන්ස් මොන වගේ කෙනෙක්ද ?”



ගොඩක් ළමයි කැමතී මිසිස් ඩීන්ස්ට.. ඒත් සමහරු අකමැති එයාගේ නපුරු ගති නිසා...”



එතකොට ලොරේන්..”



ලොරේන් කවුරු එක්කත් හොදින් ඉන්න නිසා මං හිතන්නේ නෑ එයත් එක්ක ප්‍රශ්ණයක් ඇති කියලා...”



හරි.. අපි එහෙනම් ප්‍රධාන ශාලාවට යන්නම්.. සමාවෙන්න බාධා කරන්න වුනාට..”



ඒකට කමක් නෑ..”



පන්තිකාමරයෙන් නික්මුන එරිකෝ කොරිඩෝව දිගේ ප්‍රධාන ශාලාව දෙසට හෙමින් ඇවිදන් යන්නට විය....



ඇයි එරිකෝ එකපාරම අර වගේ ප්‍රශ්ණයක් ඇහුවේ ?”



මොන ?”



ලොරේනුයි ක්ලැරී ගැන ?”



සමහර දේවල් ගැන ඒ විදිහට අහන්න වෙනවා සිම්රන්.. එහෙම නැතුව ගොඩක් දේවල් වල ඇත්ත හොයා ගන්න අමාරුයි..”



හ්ම්ම්.. ඒකත් ඇත්ත..”



විද්‍යා ප්‍රදර්ශණයට සූදානම් කරන හැම දෙයක් දිහාම යාන්තමින් බලාගෙන ප්‍රධාන ශාලාවට ඇතුළු වුන එරිකෝ දෑස් යොමු කලේ ලොරේන්ගේ පන්තිභාර ගුරුතුමිය වෙතටය... ක්ලැරී සමග ශාලාවේ ඈත කෙලවරක තනිවී උන් ඇය දුර තියාම එරිකෝවත් සිම්රන්වත් හදුනා ගත්තත් ඔවුන්ගේ පැමිණිම ගැන සතුටක් ඇගේ මුහුණෙන් පෙනෙන්නට නොවීය..



මිසිස් ඩීන්ස්.. සුභ උදෑසනක්..”



සුභ උදෑසනක් ඔබලාටත්.. ක්ලැරී ඔයා ඔයාගේ නිර්මාණේ ඉතුරු වැඩ ටික කරන්න.. මං පස්සේ එන්නම්..”



ඉස්කෝලේ වැඩ වලදී නැන්දා දුවට ගොඩක් උදවු කරනවා නේද ?”



ඇගේ මුහුණ වෙනස් වූයේ මොහොතකිනි.. ක්ලැරී ටික දුරක් ඈතට යන තුරු ඇයත් එරිකෝත් නිහඬව සිටියේ ඔවුනොවුන්ගේ මුහුණු දෙස බලාගෙනය...



ඔව් මං පුළුවන් හැම වෙලාවකම උදවු කරනවා..”



හ්ම්ම්.. ඒක හොද දෙයක්.. හැම අවුරුද්දකම මේ ප්‍රදර්ෂණය සංවිධානය කරන්නේ ඔබද ?”



නැහැ.. මේ පළවෙනි අවුරුද්ද.



පහුගිය අවුරුදු කීපයම මේක දින්නේ ලොරේන් නේද ?”



හ්ම්ම්.. ඔව්..”



එදා ලොරේන් මාමා එක්ක යන්න ඉස්කෝලේ නැවතුන එක ඔබ දැනන් හිටියේ නැද්ද ?”



නැහැ..”



ඒත් ඔබ පන්තිභාර ගුරුතුමිය.. ඔබට දන්වන්නේ නැතුව එහෙම දෙයක් කරන්න අමාරුයි නේද ?”



ඉස්කෝලේ වෙලාවෙදි වේලස්සන එක්කන් ගියොත් ඇරෙන්න ඊට පස්සේ දේවල් ගැන මම දැනුවත් කිරීම අනිවාර්‍යම නැහැ..”



හ්ම්ම්.. ඒත් ඔබේ පන්තියේ සිසුවියක් ගැන මීට වඩා වගකීමක් ඔබට තියෙනවා නේද ?”



මෙහෙමයි.. ඒ හැම දේකටම අදාල සීමාවක් තියෙනවා...”



ක්ලැරීට වඩා ලොරේන් හැම වෙලේම ඉදිරියෙන් නේද හිටියේ. ?”



ඔව්.. ඒත් ඒක මෙතනට අදාල ඇයි ?”



මම කිවුවේ නෑ ඒක මෙතනට අදාලයි කියලා.. ඔබයි කිව්වේ..”



ඇය හිටි හැටියේම නිහඬ වූයේ කිසිවක් කියා ගන්නට සිතන්නටවත් නොහැකිවය... එරිකෝ ඇගේ මුහුණ දෙසම බොහෝ උනන්දුවෙන් බලාගෙන හිටියේ ඇගේ ඉරියව් තේරුම් ගැනීමේ උවමනාවෙන්ය...



මිසිස් ඩීන්ස්ගේ ගෙවල් තියෙන්නේ බ්‍රොක්ලෑන්ඩ් උද්‍යානය ලඟනේද ?”



ඔව් ඇයි ?”



මේ ලොරේන්ගේ නිර්මාණය නේද ?”



එරිකෝ සමගම කතාකරමින් වුන් ඈ අත තබාගෙන ඉන් නිර්මාණය දෙස බලා හිදි එරිකෝ එය අතට ගනිමින් ප්‍රශ්ණ කලේ එහි ලොරේන්ගේ නම පෙනෙන්ට තිබියදීමය...



ඔව්.. ලොරේන් මේක ඉවර කරලා තිබුනනම් එයා නැතත් අපිට මේක තියන්න තිබුනා... ඒත් දැන් මේ විදිහට අපිට මේක තියන්න අමාරුයි...”



එරිකෝ ලොරේන්ගේ නිර්මාණය දෙස ටික වේලාවක් හොදින් බලාගෙන සිටියේය... සරළ ජල නිර්මාණයක් වුන එය බොහෝ සිත් ඇද ගන්නා අයුරින් ලොරේන් නිර්මාණය කර තිබිණි..



දැන් මේකට මොකද කරන්නේ ?”



මං මේක ශාලාවේ පිටිපස්සේ ගබඩාවේ තියනවා...”



හරි අපි එහෙනම් ගිහින් එන්නම් මිසිස් ඩීන්ස්...”



හිටි හැටියේම වාගේ ඇගෙන් සමුගත් එරිකෝ පාසලින් නික්මී ඒම සිම්රන්ගේ හිතට මහත් කුතුහලයක් විය... ඔහු පසුපසම වාහනය් ලඟට පැමිණි ඈ එරිකෝ සමග කතා කරන්නට සූදානම් වුවද වාහනය වේගයෙන් පදවන්නට වූ එරිකෝට ඇය හා කතා කරන්නට තරම් උවමනාවක් නොවීය... අහන්නට හිතේ තිබූ ප්‍රශ්ණ බොහෝමයක් සමග එරිකෝගේ නිහැඬියාවට බාධා නොකල ඈ ඔහුගේ ඊළග පියවර ගැන තනිවම සිතන්නට වීය..








29 comments:

  1. කතාවේ අනිත් කොටස් ඉක්මනින් ලබා දෙන්න.

    ReplyDelete
    Replies
    1. සිකුරාදා වගේ වෙද්දි දෙන්නම්... :)

      Delete
  2. නියම රහස් පරීක්ෂක කතාවක්...ඔයාට හොඳ දක්ෂතාවයක් තියනවා මේ අංශෙන් දිනේශ්...:)

    ReplyDelete
    Replies
    1. හෆ්ෆේ.. තැන්කූ තැන්කූ පොඩ්ඩි අක්කේ... වෙනසකටත් එක්ක ලිවුවේ..

      Delete
  3. අඩේ දෙවැනි කොටස ඉක්මනට ආව

    ReplyDelete
    Replies
    1. තුන් වෙනි කොටසත් ඉක්මනට දෙනවා..

      Delete
  4. අතුරුදහන් උනු ගෑණුළමයා කෙසේවෙතත් අන්තිමට වෙඩිමක් තියෙයිද මන්දා..
    වෙනදා වගේම අදත් කතාව මරු දිනේශ් අය්යා. නියමයි.(Y)

    ReplyDelete
    Replies
    1. හෙහ්.. ඒවා කියන්න බෑ.. ඒ ඉතින් කතාවේ පොඩි අතුරු කතානේ...

      Delete
  5. අඩේ මරු නං ටික..
    අර සිම්රන් කියන නම මට හෙනට අහලා පුරුදුයිනේ ඈ...

    ReplyDelete
    Replies
    1. ආ ඇයි අනූ ඒ නම තියන චරිතයක් රඟපෑවද?

      Delete
    2. DDLJ එකේ ඉන්නේ සිම්රන් නේ... මේ දවස් ටිකේ උදේ හවස මගේ කම්පියුටර් එකේ ඕක දාලා තියෙන්නේ... තදබල හින්දි පිස්සුවක් හැදිලා.... ( දැන් අහපංකෝ ඒ මොකද්ද කියලා. දිල්වාලේ දුල්හනියා ලේ ජායින්ගේ...)

      Delete
  6. දිනේශ් මතකද මම කිව්වා උමගිලිය නම තියෙන පිරිමි ළමයෙක් පරිවර්තනය කරපු පොතක් දැක්කා කියලා... ඊට වඩා ඔයාගේ පරිවර්තනය රසවත්... තව උමගිලිය කෙනෙක් පරිවර්තන සාහිත්‍යයට එකතු වෙනවා නම් හොඳයි...

    ReplyDelete
    Replies
    1. ඔවු මතකයි හිරූ අක්කේ.. මේක හැබැයි පරිවර්ථනයක්වත් ඇත්ත කතාවක්වත් නෙමෙයි.. හිතේ ඇදෙන කතා මාලාවක් විතරයි..

      Delete
    2. ඔයා ඉංග්‍රිසි නම් පාවිච්චි කරන නිසා මට හිතුනේ පරිවර්තනයක් කියලා... අනිත් එක වාක්‍ය ගැලපෙන්නෙත් ඉංගීසි ඌරුවට... අවුලක් නෑ හැබැයි... හි හි

      Delete
  7. මෙන්න අලුත් කතාවක්. මේකේ මුල් කොටස මට මගහැරිලා.. පහුගිය ටිකේ කියවන්න බැරිවුණ නිසා..

    ReplyDelete
    Replies
    1. එක කොටසනේ රත්නායක අයියේ.. වෙලා තියෙන විදිහකට කියවලා එමු..

      Delete
  8. නියමයි කථාව දිනේශ්...කෙනෙක් ගැන පුංචි සැකයක් නම් හිතට ආවා..බලමුකො ඉස්සරහට:)

    ReplyDelete
    Replies
    1. අහ්, ඉතින් කියන්න එපැයි කවුද කියලා.. නැත්නම් අන්තිමේ මාත් හිතුවේ මෙයයි ගැන කියලා කියන්න ඔට්ටු නෑ..

      Delete
  9. මලයා බොහොම ලස්සනට වැඩේ කෙරෙනවා.... පොතකටම යන්න බලාගන වැඩේ ඇදගන යන්න. එය තමා හොඳ...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි නලීන් අයියේ.. පොතක් ගැනනම් මදාරත් නිතරම කියනවා.. බලමුකෝ ඉස්සරහට..

      Delete
  10. නියමයි! දැන් ඉතිං ඊලඟ කොටස එනකල් ඉවසන්න එපැයි :)

    ReplyDelete
  11. ඊලඟ කොටස......, ඒකත් මේ වගේම ඉක්මණින් දාන්න..

    ReplyDelete
  12. අයියා ++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  13. Ikmanata ithuru tika daanna
    Man kathava tikak hitja gaththa e vidihata ivara karaida danne naa habai :(

    ReplyDelete
  14. හම්මෝ ගියපු දුරක්.. මං මේ තුන් වෙනි කොටස කියවලයි දෙකට ආවේ... හිකිස්..
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්