Monday, 28 January 2013

එරිකෝ හන්ටර් - The Missing Girl 1

සීත සෘතුවේ තුහින අතරින් පටු මාවතක් දිගේ නිවෙස් අතර වූ නාම පුවරු වලට එබෙමින් ඇවිදන් ගිය ඇයට නුහුරු මාවතේ කෙලවරක බොහෝ වෙලාවක් හොයමින් ආ නිවස හමුවෙද්දී ඇය බොහෝ සෙයින් වෙහෙස වී සිටියාය.. ගතට දැනුන දැඩි සීතල ඇගේ වෙහෙස තව තවත් වැඩි කලාය.. බොහෝ දුර ගමනක අවසන හමුවූ ඈ සොයා ආ අරමුණ ලඟ මොහොතක් නතර හිතටත් ගතටත් නැවුම් හුස්මක් මුසු කරේ ඔහුගේ හමුව ඇගේ ජීවිතයට බොහෝ සෙයින් වැදගත් වු නිසා...



නිවස ඉදිරියේ වූ නාම පුවරුව ලඟ මොහොතක් නතර වුන ඇය, සීනුව නාද කරන්නට මොහොතකට පෙර ලිපි ගොණු අතරට ආයෙම නෙත් යොමු කල ඈට හදිසියේම විවර වුන ඉදිරිපස දොර ගැන අවදානයක් නොවූවාය..



ගුඩ් මෝර්නිග්..”



තමන් ඉදිරියේ හදිසියේම සිට ගත් ඔහු දැක ඈ මදක් තැති ගත්තාය... නමින් බලාපොරොත්තු වූවාට වඩා තරුණ පෙනුමකින් යුතු ඔහු දෙස ඈ තම දෑස් දල්වාගෙන බලා සිටියාය..



හෙලෝ.. ගුඩ් මෝර්නිග්..”



ගුඩ් මෝර්නිග් සර්..”



මදක් ලැජ්ජාවෙන් ඇය තම හඬ හෙමින් අවදි කලාය..



මම සිම්රන් මල්හෝත්‍රා.. ඔක්ස්ෆර්ඩ් වල නීති අංශයේ අවසාන වසරේ ඉගෙන ගන්නේ.. නීතීඥ එරිකෝ හන්ටර් ඔබ වෙන්න ඇති..”



ඔවු සිම්රන්.. මම ඔබේ පැමීණිම බලාපොරොත්තුවෙන් හිටියේ..”



නිවසට ඇතුළු වුන ඇයව ඔහු කෙලින්ම කැදවාගෙන ගියේ තම කාර්‍යාලය වෙතටය.. සුව පහසු කාමරයක් වුන එහි හැම පැත්තකම විහිදුන පොත් රාක්ක අතර මැද ගිණි උඳුනට මුහුනලා තිබුන රාජකාරි මේසයේ හිඳගත් ඔවුන් ඔවුන්ගේ කතාවට වැටුනේය...



සිම්රන් අවුරුද්දක් මගේ වැඩ වලට උදවු වෙනවා..”



ඔව් සර්..”



සර් නෙමෙයි.. මට එරිකෝ කියලා කතා කරන්න..”



ටිකින් ටික ඔවුන් අතර හැම තොරතුරක්ම හුවමාරු වෙද්දී ඇය අහම්බයෙන් ඔහුගේ මේසය මත තිබූ ලිපියක ඔහුගේ නම සදහන්ව තිබූ අයුරු දෙස හොදින් පරීක්ෂා කලාය...



රහස් පරීක්ෂක එරිකෝ හන්ටර්..”



ඇගේ දෑස් කතාබහ අතරම වෙනතකට යොමුවෙනු දුටු ඔහු ඒ ලිපි කවරය අතට ගෙන ඈ වෙතටම දිගු කලේ එය කියවන්නටද අවසර ලබා දෙමිනි..



රහස් පරීක්ෂක ?”



ඔව් සිම්රන්.. නීති ශේත්‍රයට වඩා මම වැඩියෙන්ම ආස කරන්නේ මේ දේට... ඉස්සරහට ඔබටත් ඒකට සහාය දෙන්න පුළුවන් වේවි..”



මම ?”



ඔව්.. ඕක කියවන්න.. ඕක අපි හඹාගෙන යන පළවෙනි අභිරහස වේවි..”



කුතුහලයෙන් ලියුම් කවරය අතට ගත් ඇය එය උනන්දුවෙන් විවර කරත්ම ඒ අතර තිබී බිම වැටුන කුඩා දැරියගේ සේයාරුව ඇගේ සිතුවිළි අතර මොහොතකට ගැටළු රාශියක් මවාලන්නට හැකි විය...



ලොරේන් පාකර්.. වයස අවුරුදු 12 යි.. අදට දවස් තුනකට කලින් හදිස්සියෙම අතුරුදහන් වෙනවා... හැමෝම සැක කරන්නේ ඒක පැහැර ගැනිමක් කියලා.. ඒත් මේ වෙනකම් කප්පම් ඉල්ලලාවත් එක දුරකථන් ඇමතුමක්වත් ලැබිලා නෑ..”



මේ පොඩි දරුවව පැහැර ගන්න තියෙන උවමනාව ?”



අන්න ඒ දේ තමයි අපි හොයන්න ඕන සිම්රන්.. තව ටිකකින් මම මේ ගැන තොරතුරු හොයන්න තැන් කීපයකටම යනවා.. සිම්රන්ටත් පුළුවන් වෙයි නේද මාත් එක්ක මේ ගමනට එකතු වෙන්න..”



ඔව් අනිවාර්යෙන්ම..”



ඇය බලාපොරොත්තු නොවූ ලෙස නීති අධ‍්‍යයනයට වඩා අපරාධ පරීක්ෂණයක් හඹා යන මාවතට ඇය ඉබේම ආ හැටි ගැන ඇයට සිතන්නටවත් ඉඩක් නොවීය.. එරිකෝගේ වාහනයේම පිටත් වුන ඔවුන් ලන්ඩනයේ කලබලකාරී මාවත් වලින් මීදී "East Grinsted ” බලා දිවෙන A 22 මාර්ගය දිගේ හෝරා කීපයක ගමනකින් පසුව Shally Rd හි එරිකෝගේ උදවු බලාපොරොත්තු වූ නිවස කරා එන විට හිම පතනය බොහෝ සෙයින් වැඩි වී තිබුනේය...



ලිපියේ පිටුපස සදහන් කර තිබූ ලිපිනය දිගේ නිවස සොයා ගත් එරිකෝ හා සිම්රන් එහි යන විටත් ප්‍රාන්ත පොලීසියේ නිල ර‍ථ කීපයක්ම නවතා තිබුනේය...



මිසිස් පාකර්, මම රහස් පරීක්ෂක එරිකෝ.. මේ මගේ සහායිකාව සිම්රන්.. අපිට අද උදේ ඔබ එවපු ලිපිය ලැබුනා..”



ඔබලා මෙහි ආව එක අපිට ගොඩක් ලොකු සහනයක් වේවි..”



ප්‍රාන්ත පොලීසියේ පරීක්ෂණ වලින් මොනවද ලැබුන තොරතුරු ?”



තාම කිසිම දෙයක් හොයාගෙන නැහැ..”



කවද්ද මේ සිදුවීම වුනේ ?”



දවස් දෙකකට කලින්.. ලොරෙන් ඉස්කෝලෙ ගිහින් එන අතර වාරයේ තමයි එයාව කවුරු හරි පැහැර ගෙන තියෙන්නේ..”



ලොරේන්ගේ ඉස්කෝලේ මොකද්ද?”



“ Central Sussex College..”



මගේ දැනුමේ හැටිය Shally වල ඉදන් ගොඩක් දුර..”



ඔව්.. ඒත් ඉස්කෝලේ ප්‍රවාහන පහසුකම් තියෙන නිසා ඒක ඒ තරම් ප්‍රශ්ණයක් නෙමෙයි..”



එහෙමනම් ප්‍රාන්ත පොලීසිය එක්ක කතා කරන එක තේරුමක් නැති දෙයක්... අපි ඉස්කෝලේ ඇරෙන්න කලින් එහාට යන්නම්..”



පාර්කර් මහත්මියගේ නිවසින් නික්මුන් ඔවුන් දෙස ප්‍රාන්ත පොලිසිය බැළුවේ නොරිස්සුම් බැල්මකිනි... සිම්රන්ට වඩා ඔවුන්ගේ බැල්ම යොමු වූයේ එරිකෝ වෙතටය...



ඔවුන් ඔබට කැමති නෑ වගේ..”



ඔව්.. මීට කලිනුත් මම මෙහේ පරීක්ෂණ වගයකට ආවා.. ඒ අමිහිරි මතක තාම ඔවුන්ට අමතක නැතුව ඇති..”



අමිහිරි මතක..”



ඒක දිග කතාවක් සිම්රන්.. මට ඔබේ විස්තර ටිකක් කියන්න... ඉන්දියාවෙන් ඇවිත් ලන්ඩන් වල පදිංචි වෙලා ගොඩක් කල්ද?”



ඔව්.. මම දෙමවුපියොත් එක්ක ලන්ඩන් ආවේ ගොඩක් පොඩි කාලේ..”



ඊට පස්සේ ඉන්දියාවට ගියේ නැද්ද ?”



දෙතුන් වතාවක් ගියා.. ඒත් දැන් අවුරුදු කීපයකින් යන්න බැරි වුනා..”



Shally හි සිට Orchard Way හි පිහිටි ලොරේන්ගේ පාසලට යන අතර වාරයේ කාලයේ එරිකෝ හා සිම්රන් තම පෞද්ගලික තොරතුරු බොහෝමයක්ම විමසමින් ගමනාන්තය වෙත ආවේ පරීක්ෂණයේ ඊළග පියවරට අවශ්‍ය කරුණු දැන ගැනීමේ අපේක්ෂාවෙනි...



අපිට තුන්වෙනි ශ්‍රේණියේ ලොරේන් පාර්කර්ගේ පන්තිභාර ගුරුතුමිය එක්ක ටිකක් කතා කරන්න පුළුවන්ද ?”



ඔබලාට පාසල නිමා වෙනකන් ඉන්න පුළුවන්ද ?”



බැහැ.. අපි ආවේ ලොරේන්ගේ අතුරුදහන් වීම ගැන පරීක්ෂණ කරන්න...”



එරිකෝගේ දැඩි ඉල්ලීම හමුවේ ඊට කැමති වුන ඔවුන් පාසලේ තෙමහල් ශාලාවක පිහිටි ප්‍රාථමික අංශයේ ලොරේන් ඉගෙන ගත් පන්තිය වෙතට ඔවුන්ව කැදවාගෙන ගොස් ඇගේ ගුරුතුමිය හා කතා කිරීමට අවස්තාව ලබා දුන්නේ ගුරුතුමියගේද අකමැත්ත අතරේය...



මේ වෙලාවේ අපිට භාහිර අය එක්ක කතා කරන්න බෑ..”



දන්නවා.. ඒත් මේ ඔබේම පන්තියේ දරුවෙක්.. ඒ නිසා මේ කතාව ඉක්මනින්ම කරන එක වැදගත්..”



හරි මොනවද ඔබලාට දැන ගන්න ඕන..”



දවස් දෙකකට කලින් ලොරේන්ගේ අතුරුදන් වීම වුන දවසේ ලොරේන්ගේ විශේෂ වෙනසක් එහෙම තිබුනද ?”



නැහැ.. එදත් ලොරේන් වෙනද වගේම පන්තියේ හිටියා... අනිද්දා තියෙන විද්‍යා ප්‍රදර්ශණයට එයාගේ නිර්මාණය හදන්න මහන්සි වෙවී හිටියේ..”



මට ලොරේන්ගේ යාළුවන්ගෙන් තොරතුරු දැන ගන්න පුළුවන්ද ?”



මං හිතන්නේ නෑ ඒක හොද අදහසක් වේවි කියලා..”



නැහැ.. ගොඩක් බරපතල දේවල් නෙමෙයි මං අහන්නේ...”



හරි..”



කවුද ලොරේන්ගේ හොදම යාළුවා..”



ක්ලැරී ඩීන්ස්.. තුන්වෙනි පේලියේ තනියම ඉන්නේ ඇය...”



රත් පැහැ කොණ්ඩයකට හිමිකම් කී ඇය පන්තියේ අන් හැමෝටම වඩා ලස්සන දැරියක වූවාය.. නමුත් මුහුණෙහි වු මළානික බව තම මිතුරිය නැති අඩුව වැඩියෙන් ඈට දැනී ඇති බව හොදින්ම කියා පෑවාය....



ක්ලැරී, අපි ලොරේන්ගේ යාළුවෝ.. එයා අපිට ගෙදරදී ඔයාගේ විස්තරත් කියලා තියෙනවා... ඔයා එයාට ඉන්න හොදම යාළුවා.. ලොරේන් ඔයාගෙ හොදම යාළුවා නේද ?”



ඔව්..”



ලෝරෙන් ඉස්කෝලේ යන්නේ එන්නේ ඔයා එක්කම නේද ?”



ඔව්.. ලොරේන්ට කලින් මම බස් එකේ නඟින්නේ.. මම හැමදාම අපි යන්න ආස මැද පේලිය අල්ලගෙන ලොරේන්ගේ ගෙවල් ගාවට එනවා..”



එදත් ලොරේන්, ක්ලැරී එක්කම ඉස්කෝලේ ආවා නේද ?”



ඔව්.. ඒත් ආපහු යන්න ආවේ නෑ..”



ආවේ නෑ.. ඒ ඇයි ?”



එදා හවස ලොරේන්ගේ මාමා එනවා කියලා එයා නැවතුනා ඉස්කෝලෙම..”



ක්ලැරී හිදගෙන සිටි කුඩා මේසය ලගම බිමට නැවුනු එරිකෝ පන්තියේ ගුරුතුමිය දෙස බැළුවේ මේ ගැන ඈ දන්නවාදැයි දැනගැනීමටය... ඒත් ඇය හිස දෙපසට සැළුවේ ඇයද ඒ කිසිවක් නොදන්නා බව පැවසීමටය...



හැබැයි අපි Orchard පාර දිගේ එද්දි මං දැක්කා ලොරේන් බ්‍රොක්ලෑන්ඩ් පාර්ක් එකේ ඉන්නවා...”



බ්‍රොක්ලෑන්ඩ් පාර්ක් එකේ... ලොරේන්ගේ මාමත් හිටියද ?”



නැහැ.. බස් එක වේගෙන් ආව නිසා මං දැක්කේ ලොරේන්ව විතරයි...”



හරි ක්ලැරී..”



ඈ හිද හිටි මේසය ලගින් ඈත් වෙන්නට හැදූ එරිකෝගේ අතින් ඇල්ලූ ක්ලැරී මොහොතකට ඔහු නවතාලීය...



ලොරේන්ව ඉක්මනට හොයා ගන්න.. මට එයා නැතුව පාළුයි..”



මලානිකව තිබු ක්ලැරීගේ මුහුණ ආදරයෙන් අතගෑ එරිකෝ සිම්රන් සමග පාසලෙන් නික්මුනේ නැවතත් පාකර් මහත්මියගේ නිවසට ඒමේ අරමුණිනි...



අපිට ක්ලැරී කිවුව තොරතුරු කිසිම දෙයක් පාකර් මහත්මිය කිවුවේ නැහැනේ...”



ඔව් සිම්රන්.. දැන් අපි යන්න ඕන ඒ ගැන දැන ගන්න...”



ලොරේන්ගේ මාමා පාකර් පවුලත් එක්ක මොකක් හරි ආරවුලක් තිබුනද කියන එක අපි හොයලා බලන එක වැදගත් කියලා හිතෙනවා.. එතකොට අපිට එක සැක කාරයෙක් හරි ඉන්නවා මේ අභිරහසට...”



සිම්රන් දැනටමත් මාත් එක්ක වැඩ කරන්න ඕන පිළිවෙලට ඇවිත් වගේ..”



ඇය යාන්තමින් සිනා සෙද්දී වාහනය නැවතත් Shally හි පිහිටි පාකර් නිවස වෙතට පදවාගෙන ආ එරිකෝ අතර මග හමු වූ බ්‍රොක්ලෑන්ඩ් උද්‍යානය ලඟද මොහොතක් නතර විය... නැවතත් සවස් යාමයේ පාකර් නිවස වෙත පැමිනෙද්දි එහි පොලිස් රථ නොතිබෙනු දැකීම එරිකෝගේ හිතට අස්වැසිල්ලක් විය...



අළුත් තොරතුරු මොනවා හරි තියෙනවද පාකර් මහත්මිය...”



තවම නැහැ.. ඔබලාට ?”



දන්නේ නෑ.. ඒත් අපිට දැන ගන්න ප්‍රශ්ණ කීපයක් තියෙනවා...”



ඔව් අහන්න..”



එදා ඉස්කෝලේ ඇරිලා ලොරේන්ව එක්කන් එන්න ඔබේ සහෝදරයෙක් ගියාද ?”



නැහැ.. මම මගේ සහෝදරයව යවලා නෑ කවදාවත්ම.. යවන්න අදහසකුත් නෑ.. ඇයි ඔබ එහෙම දෙයක් ඇහුවේ ?”



දැන් කෝ ඔබේ සහෝදරයා ?”



රෑ කෑම වෙලාව වෙද්දි ගෙදර ඉදීවි.. ඇයි ඔබ ඔහු ගැනම අහන්නේ ?”



අපි ඒ ගැන රෑටම කතා කරමු එහෙනම්..”



පාකර් මහත්මියගේ හිතේ ප්‍රශ්ණාර්ථයක් මතු කරමින් ඈට තම සොහොයුරා ගැන කිසිවක්ම නොකියූ එරිකෝ නිවසින් පිටව තම වාහනය වෙතට පැමින හිද ගත්තේය...



මම අද මෙහේම නතර වෙන එක හොදයි කියලා හිතෙනවා.. සමහර විට මේ අපරාධය විසදනකම්ම.. සිම්රන්ට ආයෙමත් ලන්ඩන් වලට යන්න මම ලෑස්ති කරලා දෙන්නම්..”



නෑ එරිකෝ මම ඉන්නම්.. මාත් කැමතී මේකේ අවසානය දකින්න..”



ඒත් සිම්රන්ගේ විශ්ව විද්‍යාල වැඩත් එක්ක මෙහේ නතර වෙන එක ප්‍රශ්ණයක් නෙමෙයිද ?”



ඒක කොහොම හරි කවර් කර ගන්න පුළුවන්.. ඒත් මේ දේ මඟ ඇර ගන්න මගේ හිත කියන්නේ නෑ...”



හරි අපි එහෙනම් මෙහේ නවාතැන් ගන්න තැනක් බලමු..”



පාකර් මහත්මියගේ සොහොයුරා හමුවී කතා කිරීමට කලියෙන් ඉතිරි වී තිබූ කාලය ඇතුලත නිවාඩු නිකේතනයක් සොයා එහි නවාතැන් පහසුකම් සලසා ගත් එරිකෝ සිම්රන් සමග බ්‍රොක්ලෑන්ඩ් උද්‍යානයෙහි කෙටි සවාරියක යෙදුනේ තම අතෙහි වූ ලොරේන්ගේ සේයාරුව උද්‍යානයේ ගමන අතර වාරයේ හමුවන ආරක්ශකයන්ට පෙන්වමිනි.. නමුත් ඒ කිසිවෙකුත් ලොරේන්ව නොදැකීම ඇගේ පැහැර ගැනීම ගැන පුංචිම හෝ තොරතුරක් ලබා ගන්නට තිබූ අවස්‍ථාවක් මග හැරී යාමක් බව එරිකෝ හොදින්ම දැන සිටියේය...



හෝරාවක් පමණ උද්‍යානය පුරාවට සැරිසැරූ එරිකෝ හා සිම්රන් පාකර් නිවස වෙතට ආවේ රෑ කරුවලද අතරිනි.. නිවසේ විදුළි පහන් එළි අතරින් බොහෝ දෙනෙක් නිවසෙහි හිදින බව ඔවුන්ට ඒත්තු ගියේය...



අපිට උවමනා කෙනා හිටියොත් ඒ හොදටම ඇති...”



නිවසේ සීනුව නාද කරමින් දොරකඩ අසල නැවතුන එරිකෝ විදුළි එළි අතරින් එහා මෙහා යන අය දෙස හොදින්ම බලා සිටියේය... මොහොතකින් විවර වුන දොර ලගදී උදෑසන මෙන්ම පාකර් මහත්මිය එරිකෝව පිළිගත්තේ මුහුණේ සිනාවක්ද නොමැතිවය...



මගේ සහෝදරයා ඉන්නවා.. ඔබට කතා කරන්න පුළුවන් වේවි..”



බොහොම ස්තූතියි පාකර් මහත්මිය...”



ඇතුළු වන තැනම පිහිටි ආලින්දය කිට්ටුවටම වන්නට තිබූ කෑම කාමරයෙහි දවාලෙහි රැදී සිටි අයට වඩා වැඩි දෙනකු රැදී සිටියේය.. ඒ අතුරින් තරමක් උස තරුන පුද්ගලයෙකු වූ ජේම්ස් ගානර් නම් ලොරේන්ගේ මාමා එරිකෝ හට හදුන්වා දුන්නේය...



ජේම්ස් ලොරේන් අතුරුදහන් වුන දවසේ එයාව ඉස්කොලෙන් එක්කන් එන්න ගියාද ?”



නැහැ..”



කෑම කාමරයේ සිටි හැමෝගෙම ඇස් යොමු වූයේ ජේම්ස් දෙසටය... ඔවුන් කිසිවකුත් ඒ ගැන දැන නොසිටි බව ඔවුන්ගේ මුහුණු වලින් පෙනෙන්නට විය...



එහෙනම් ලෝරෙන්ගේ හොදම යාළුවා කියන්නේ ජේම්ස් එදා එයාව එක්කන් යන්න එනවා කියපු නිසා ලොරේන් හවස බස් එකේ නැග්ගේ නැති බව...”



ඒක වෙන්න බෑ.. අපි කවදාවත්ම ලොරේන්ව ඉස්කෝලෙන් එක්කන් එන්න යන්නේ නෑ.. අනික් කාරණේ තමයි ඉස්කෝලේ නීති රිති වලට අනුව ළමයෙව දෙමව්පියන්ට ඇරෙන්න වෙන කාටවත් භාර දෙන්නේ නෑ..”



එතකොට ලොරේන් නැවතුනේ ඇයි ?”



එරිකෝ ඔහුගේ හිතින්ම ප්‍රශ්ණ කරන්නට විය.. පාකර් නිවසින් සමුගත් එරිකෝ සිම්රන් සමග නිවාඩු නිකේතනය කරා ආවේ බලාපොරොත්තු කඩ වුන හැගීමෙනි.. ලොරේන්ට සිදු වූයේ කුමක්ද ? වෙහෙසකර දවසකට නිමාවක් දෙමින් එරිකෝ විවේකයක් ලබා ගත්තේ උදෑසනම කරන්නට තවත් බොහෝ දේ හිතේ තබා ගනිමිනි..








45 comments:

  1. ම්..අළුත් රහස් පරීක්ෂක කතාවක් වගේ..මේ කතාවත් දිගට ඇදිලා යන එකක්ද දිනේෂ්?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ රූ අක්කේ.. සිකුරාදට ඉවරයි.. එච්චර දුර අදින්නේ නෑ..

      Delete
  2. මගෙත් ආසම රහස් පරීක්ෂක කතා කියවන්න ,දෙවන කොටසත් ඉක්මනින් බලමු .දිනේෂ්

    ReplyDelete
    Replies
    1. මගෙත් ප්‍රියතම ඒවා තමයි.. ඒකයි ලියන්න හැදුවේ.. බදාදට දෙනවා ඊලග එක..

      Delete
  3. Replies
    1. හෙහ්.. එහෙම තමා.. මෙයා වේලස්සනම කියවලා දැන් හොරා වගේ අගේ කලාලු..

      Delete
  4. මක්කෙයි බොල මේ ............... මෙගා එකක්ද ?

    ReplyDelete
  5. නියමයි නියමයි. ඉක්මනට දාමු ඉතුරු ටිකත් ඈ :D

    ReplyDelete
  6. Good one. waiting for the next episode...

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස්.. බදාදට දෙනෝ බින්දි අක්කේ..

      Delete
  7. ෂා...තවත් රහස් පරීක්ශක කථාවක්. හොඳයි හොඳයි :) ඉතුරු ටිකත් කියවන්න ආසාවෙන් ඉන්නව :)

    ReplyDelete
    Replies
    1. එන්නෝ එන්නෝ.. මේ පටන් ගැන්ම විතරයි... ;)

      Delete
  8. හොද ලිපියක් යාළුවා අපේ පැත්තෙත් එන්න http://sinhapedia.blogspot.com/

    ReplyDelete
  9. නියමෙට පටන් අරං....දිගටම බලමු....

    ReplyDelete
  10. හම්මියෝ මේකේ උඩ ඉඳන් පල්ලෙහාට එන්න ත්‍රීවීල් එකක් එපැයි අප්පා..
    එරිකෝ හන්ටර් කිවුවම මං හිතුවේ එයා ගෑනු ලම් කීලා.. :p
    එනිවේ.. තවත් රාස් පරීක්සක මෙවුව එකක්..
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!
    (මේ ලෝබකං නැතුව ඉක්කන්ට ඉක්කන්ට දිගට දිගට දාන්න හරිය.. )

    ReplyDelete
    Replies
    1. අම්මපා මේ පණුවා මගේ ලේ කෝප කරනවා.. අරයා ලිවුවම සුට්ටම සුට්ටලු.. මං ලිවුවම ත්‍රීවීල් ඕනලු.. මේවට ඉතින් දෙන්න උත්තර මන් කොහෙන් හොයන්නද..

      Delete
  11. ශහ්.. පළවෙනි එපිසෝඩ් එකෙම්ම සෙට් උනා.. දැන් දෙන්නං..

    ReplyDelete
  12. Patta patta maath rahas parikshaka evvata aasai
    Ithuru tikath daanda vigadam nokara :)

    ReplyDelete
  13. ශා... නියමයි!!! තවත් කතාවක්!!! අනිත් කොටසත් ඉක්මණින්ම දාන්න :) අහ්හ්හ් මට සිම්රන් මල්හෝත්‍රා කිව්වාම එකසැරේම ඔලුවට ආවෙ කාජල් ව නෙහ්.., මාර කෙස් එක.. :D

    1වෙනි කොටස මරු!!

    ReplyDelete
    Replies
    1. හික්ස්.. කතාවේ ඔක්කොම නම් දැම්මේ මදාරා.. එයාට හිතුන හැටි තමයි ඉතින්.. ඊලග එක බදාදා..

      Delete
    2. Ammata udu mata nam mathak une raani mukarji akkiva ;)

      Delete
  14. අම්මටඋඩු රාස් පරීස්සක මෙවුවා...
    එල එල..

    ReplyDelete
  15. ලස්සන කතාවක්. ඇත්ත එකක් නෙමෙයි නේද?

    ReplyDelete
    Replies
    1. නෑ පොඩ්ඩි අක්කේ.. මේකනම් ඇත්ත එකක් නෙමෙයි..

      Delete
  16. ඕන් අයියේ ආතර් අයියා පරාද වෙන්න ලියල තියෙනවා. ඔතන රහස් පරීක්ෂකයට මල්හොත්රා කියල දාන්නේ නැතිව මගේ නම දැම්මනම් මොකද වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ආතර් සර් වගේද මලයා මේ මං..

      ඕකනේ කියන්නේ පටලන්නේ.. ඒ කෙල්ලගේ නම බං..

      Delete
    2. හත් ඉලව්වයි කිව්වලු...... වස විලි ලැජ්ජාවයි.

      Delete
  17. නියම කතාවක්. ඉක්මනට අනිත් කොටසත් දාන්න.

    ReplyDelete
  18. ෴සාරණ්‍යයා෴29 January 2013 at 23:19

    බලාගෙන ඉන්නවා ඊ ළඟ කොටස එනකල්.. :)

    ReplyDelete
  19. කාලෙකින් රහස් පරීක්ෂක කතාවක්! මරු

    ReplyDelete
  20. මෙන්න තවත් එකක්.... නියමයි... මාත් ආස මෙව්වට තමා....

    ReplyDelete
    Replies
    1. අපි ආසයිනේ.. ඒකයි ලියන්න හිතුවෙත්..

      Delete
  21. මේකත් ඇත්ත සිද්ධියක්ද? ඉක්මනට අනිත් කොටසත් ඕනේ...

    ReplyDelete
    Replies
    1. අහ් නෑ ලොකු අක්කේ.. මේකනම් හිතුන එකක් විතරයි.. කතාවේ අයිඩියා එක දුන්නේ සුදූ.. ලියන්නේ මම... ;)

      Delete
  22. තවත් ලස්සන කතාවක ඇරඹුමක් .. නියමයි මලයා...

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්