Thursday, 3 January 2013

සිරකුටියෙන් නික්මුන සමලිංගිකත්වය

ජීවිතේ මිනිස්සු අතින් වැරදි සිද්ද වෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩියි... පුංචිම පුංචි අත්වැරැද්දක් වුනත් ජීවිතේ ලොකුම ලොකු වන්දියක් ගෙවන්න වෙන තරමේ වරදක් වෙන්න තියෙන්නේ එක මොහොතක දෙකක ඉඩකඩක් වෙන්න පුළුවන්.. ජීවිතේ එහෙම තැනකදි නීතිය ඉදිරියේ අසරණ වෙන මිනිස්සු අපි ඕන තරම් දැකලා තියෙනවා.. අපි නොදන්නවා වුනාට ඒ අය ජීවිතේ ලොකු වන්දියක් ඒ යකඩ කූරු අතරේ ගෙවා දමාවි.. රහසේම..



මේකත් ඒ වගේ කතාවක්.. අපි ඔහුට සුරේශ් කියමු... සුරේශ් ඉපදුනේ හැදි වැඩුනේ මී ගමුවේ... වයස අවුරුදු 27ක් වෙද්දි සුරේශ් මීගමුවෙන්ම ධිවර බෝට්ටුවක නැගලා ඉතාලියට අනවසරයෙන් ඇතුළු වුනේ මීට අවුරුදු 16කට විතර කලින්.. අනවසරයෙන් ඉතාලියට ඇතුළු වෙන ගොඩක් ලාංකිකයන්ට වගේ සුරේශ්ටත් වුනේ අහුවෙන පුංචි පාර්ට් ටයිම් එකකින් ජොබ් එකක් කරලා ජීවත් වෙනවා... අනවසරයෙන් මේ වගේ රටකට ඇවිල්ලා කන්න බොන්න , ඉන්න හිටින්න තැන් ගැන ප්‍රශ්ණ වල හිත නතර වෙද්දි අහුවෙන ඕනම දෙයක් කරන්න පෙලඹෙන එක මහ ලොකු අමුතු දෙයක් නෙමෙයි..



සුරේශ්ගේ ජීවිතෙත් ප්‍රශ්ණ තිබුනා... අනවසරයෙන් ඉතාලි එන්න පොළඹවපු තැන  ඉදන් සුරේශ්ගේ ජීවිතේ ප්‍රශ්ණ ආවේ එකක් පිටි පස්සේ එකක්... කාය වර්ධන ආයතනයක පිරිසිදුකරන්නෙක් විදිහට මිතුරෝම හොයලා දුන්න රැකියාවත් එක්ක සුරේශ්ගේ ජීවිතේ ඊට කලින් තිබුන ප්‍රශ්ණ හැම එකක්ම වගේ හෙමින් විසදෙමින් තිබුනා... ඒත් තමන්ගේ ඉරණම වෙනස් කරන්න සුරේශ්ටවත් පුළුවන් කමක් ලැබුනේ නෑ..



බීමත්කම මිනිස්සුන්ගේ ජීවිත වල ලියලා තියෙන්නේ අදුරු අමිහිරි අත්දැකීම් විතරක්මයි කියලා අමුතුවෙන් ලියන්න උවමනාවක් නෑ.. සුරේශ් එක්ක එකතු වුන මිතුරු කල්ලිය හැම වෙලේම වගේ බැස්සේ සුරේශ්ගේ සාක්කුවට.. ලබාගන්න විදින අමාරුව වියදම් කරන මොහොතකට නොදැනෙන තත්වයට සුරේශ් ඉක්මනින්ම ආවේ ඔහුටත් නොදැනිම..සල්ලි තියෙන වෙලාව වැඩි වෙද්දි එන්න එන්නම ලගට එකතු වුන යාළුවෝ ප්‍රමාණයත් වැඩි වුනා...හැමෝගෙම ලොකුම ගොදුර වුනේ සුරේශ්.. සාමාන්‍ය කතා බහේ තියෙන මෝරා විදිහට අල්ල ගැනීමේ මෝරා වුනේ සුරේශ්... කාලය ගෙමින් ගෙවිලා ගියා.. බීමත් කමට හැම දෙයක්ම වියදම් වෙද්දි අනිත් හැම වගකීමක්ම එකින් එක සුරේශ්ට අමතක වුනා.. නොගෙවපු බිල්, ගෙවල් කුලී එකින් එක ගොඩ ගැහෙද්දී සුරේශ් ගේ අයිති කාරයාගෙන් පවා හැංගෙන තත්වයට පත් වුනා...



හැමෝගෙන්ම හැංගී හැංගී ජීවත් වෙන්න පටන් ගනිද්දි කලින් හිටපු යාළුවෝ හැමෝම වගේ එකින් එක මග හැරලා යන්න පටන් අරන්.. ඒ බව දැනෙද්දි සුරේශ් ආපහු හැරෙන්න බැරි තරම් හුගක් දුරකට ගිහින් ඉවරයි.. යාළුවෝ හැම කෙනෙක්ම මග ඇරුනත්, මග නොඇරුන මදු විත බෝතලය එක්ක දවස ගත කරන්න පුරුදු වුන සුරේශ්ට ඔහුගේ ජීවිතේ අසුන්දරම දවස උදාවෙන්නේ ඔහු කවදාවත්ම බලාපොරොත්තු නොවුන විදිහට..



ඉහටත් උඩින් ගොඩ ගැහුන ගෙවල් කුලී හොයාගෙන ගෙදර අයිතිකාරයා ආවේ වරක් දෙවරක් නෙමෙයි... හැමදාම වුන මගහැරීම් හැංගීම් වල අවසානයේ තමන් ලග තිබුන අමතර යතුරකින් දොර ඇරන් ගෙදරට ඇතුළු වෙන්න තීරණය ගන්න ගේ අයිති කාරයට සිද්ද වුනා.. වැඩට වඩා ආදරේ කරපු මදු විත බෝතලේ භාගයක්ම හිස් කරපු සුරේශ් හිටියේ ටිකක් විතර අසිහියෙන්... ඔවුන් අතර ඇති වුන බහින් බස් වීම දුර දිග යන්න වැඩි වෙලාවක් ගතවුනේ නෑ.. ඒ ආවේගකර කතා බහේ අවසානය ඔවුන් දෙදෙනාම කොහෙත්ම බලාපොරොත්තු නොවුවක් වුනා.. හිතේ කේන්තියට සුරේශ් තම අත රැදුන අඩක් හිස් වුන මදුවිත බෝතලයෙන්ම ගෙදර අයිතිකාරයාගේ හිසට පහරක් ගැහුවේ කේන්තියයි ආවේගයක් එක්ක මුසු වුන මත් බව හින්දම..



හැම දෙයක්ම මොහොතින් නිහඬ වුනා.. පුංචි මොහොතක රැදුන විලාපය තට්ටු නිවාසයේ වැඩි දෙනෙක්ට මේ අත්වැරැද්ද ඒත්තු ගැන්නුවා... අවසානය, සුරේශ් ජීවිතේ බලාපොරොත්තු නොවුනම දෙයක්.. අවුරුදු 12ක සිරදඬුවම සුරේශ්ගේ ජීවිතේ ආපස්සට සම්පූර්ණයෙන්ම ඇදගෙන ගියේ ලංකාවෙන් නික්මෙද්දි තිබුන බලාපොරොත්තු ගොඩක් මදුවිත බෝතලයට සින්න කර ගෙනම..



කතාවේ මාතෘකාවේ යෙදුන කියන්න ආව කතාව පටන් ගැනෙන්නේ ඒ මොහොතේ ඉදන්.. සිරකුටිය කොහෙත්ම සුන්දර තැනක් නෙමෙයි.. එක එක තරාතිරම් වල එක එක විදිහේ වැරදි කරපු ම්නිස්සුන්ගෙන් පිරුන සිර කුටි වල ජීවිතය ඒ යකඩ කූරු උස් තාප්ප වලට මෙහායින් තියෙන ජීවිත වලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්.. හිත ඇතුලේ කාලයක් තිස්සේ තෙරපෙන හැගීම් වලට ආශාවන් වලට නිදහසේ ගලාගෙන යන්න යකඩ කූරු ඉඩ නොතියන කොට ඒ හැගීම් වලට නිදහසේ ගලාගෙන යන්න ගොදුරු වෙන්නේ ඒ යකඩ කූරු අතරෙම හිර වුන අහිංසකයෝ..



සමලිංගිකත්වය.. කෙනෙකුගේ අදහසට මතයට අනුව සමලිංගිකත්වය කියන්නේ ඒකට කැමති වුන අයගේ තියෙන මානසික විකෘතියක්... තවත් සමහරකට ඒක තමන්ගේ අයිතිවාසිකමක්... කවුරු කොහොම ඒ දේ නිර්වචනය කලත් ඒක තමන්ගේ කැමැත්තට අනුව වෙන දෙයක්.. විරුද්ධ ලිංගිකත්වයට ආශා කරන්න අපි ඕනම කෙනෙක්ට පුළුවන් වගේම සමලිංගිකත්වයට ආශා කරන්න කැමති වෙන්න ඒකට කැමති ඔනම කෙනෙකුටත් ඉඩ තියෙනවා..



ඒත් බලහත්කාරයෙන් සමලිංගිකත්වයේ යෙදීම කොහෙත්ම සාදාරණිය කරණය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.. කලින් කතාවේ කියාගෙන ආව සුරේශ්ටත් මුහුණ දෙන්න උනේ අන්න ඒ අමිහිරි අත්දැකීමට...



පළවෙනි දවසේ රෑ කෑමෙන් පස්සේ මං මගේ හිර කූඩුවට යද්දි ටිකක් වයසක පෙනුමක් තිබුන, ඇගෙන් මට වැඩිය ටිකක් ලොකු ඉතාලි කාරයෙක් මගේ ඇදේ හිටියා... මම මගේ ඇද ඉල්ලද්දි ඌ කලේ මගේ කට වහලා මාව ඇදේ පැත්තකට හේත්තු කර ගත්ත එක.. කෑ ගහන්න මට ඕන වුනත් උගේ අතට මගේ කට විතරක් නෙමෙයි මුණෙන් භාගයක්ම වැහිලා තිබුනේ.. අනිත් අතින් මගේ කලිසම පහලට ඇදලා දාලා ටික වෙලාවකින් මගේ ජීවිතේ ලබන්න පුළුවන් අමිහිරිම අත්දැකීම ඌ මට දුන්නා.. එක දිගට දැනුනේ මහ වේදනාවක් විතරමයි.. දගලලා උගෙන් ගැලවෙන්නවත් බැරි තරමටම මම උගේ ශක්තියට යට වෙලයි හිටියේ.. මුකුත් කර ගන්න බැරි උන මට ඌට උගේ උවමනාව ඉශ්ඨ කර ගන්නකම් ඒ වේදනාව ඉවසන්න උනා..”



ආවේගයයි බීමත්කමයි එක්ක අත්වැරදීමෙන් වුන වැරැද්දට නීතියෙන් ලැබුන දඬුවමටත් වැඩිය දඬුවමක් යකඩ කුරු අතර හිර වෙලා දැනෙද්දි ඕනම කෙනෙක්ට ඒ ජීවිතේ අපායක් වෙන්න ගත වෙන්නේ එක මොහොතක් විතරයි..



ඌ උගේ වැඩේ ඉවර වෙලා යද්දිම මගේ ලගින් ඇවිත් හිට ගත්තේ ඒ වගේම ඉතාලි කාරයෙක්.. කලින් එකාට වගේම ඌටත් ඕන වුනේ එක දෙයක් විතරයි.. ඒත් ඉඩ ලැබුන වෙලේ මම උදවු ඉල්ලලා කෑ ගැහුවා.. උදවුවක් වෙනුවට මට අනිත් හිර කූඩු වල අයගෙන් ලැබුනේ හිනාවක් විතරයි... ඒ විදිහට දෙවෙනියට ආපු එකා උගේ වැඩේ ඉවර කරන් ගියාම තුන් වෙනියත් ආවා.. පළවෙනි දවසෙ රෑට විතරක් දොළොස් දෙනෙකුට උන්ගේ ආසාවන් ඉශ්ඨ කර ගන්න මට නැවිලා ඉන්න වුනා..”



පහුවදා උදේ නැගිට ගන්න බැරි තරම් අමාරුයි... ඇවිදින්නත් බෑ.. උදේ බාත්රූම් යද්දි දැනුන වේදනාව තරම් වේදනාවක් කාටවත්ම නොදැනේවි... හිර ගෙදර බලාගන්න ඉන්න අයට කියන්න ඕන හැම විදිහකටම කිවුවත් ඒවා නිකන්ම නිකන් වචන ගොඩක් විතරක්ම වුනේ උන්ගේ හිනාවට, විහිළුවට තව තවත් හිතේ වේදනාව වැඩි කරන ගමන්.. කියන දේ අහන්න කෙනෙක් නැති හන්දම හරියටම සතියක් විතර මේ දේට එක දිගට මුහුණ දෙන්න මට වුනා..අන්තිමේ බාත්රූම් යද්දි ලේ ගිහින් ඉස්පිරිතාලේ යන තත්වෙට පත් උනා.. ඉස්පිරිතාලේ සුමානයක් විතර ඉදලා ආවට පස්සේ ඒ දේවල් ටිකක් වෙනස් වුනා.. මාව වෙනමම කාමරයකට දැම්මා.. ඒත් ඉදලා හිටලා නාන වෙලාවට උන්ගෙන් බේරෙන්න මට බැරි වුනා.. ඒත් හැම දෙයක්ම තිබුනේ අළුතින් හිර කාරයෙක් එනකන් විතරයි...



ජීවිතය කියන්නේ වේදනාව විදින්නම ලැබුන දෙයක් නෙමෙයි... ජීවිතයට හරි ගමනක් තියෙනවා... හරි අරමුණක් තියෙනවා... අරමුණක් නැති හරි ගමනක් නැති ජීවිත අපිට හමුවෙලා නැතුවම නෙමෙයි.. වෙලාවකට සුරේශ්ගේ ජිවිතයත් අන්න ඒ වගේ.. ඒත් සුරේශ්ට ජීවිතේ හරි මගට ගන්න ඕන තරම් ඉඩ තිබුනා.. ඒත් ඒ හැම දෙයක්ම එක මොහොතකින් වෙනස් උනා.. සුරේශ් කියන විදිහට ඒ හැම දේකටම හේතුව තමන්ගේ නරක පුරුදු.. ඒදේ එහෙම වුනත් නැතත් දැන් කිසිම දේකට හරි කෙනෙක්ට හරි ඇගිල්ල දික් කරන්න කාලය නෙමෙයි..



සුරේශ් නමින් හදුන්වපු ඔහුව මට හම්බුනේ මීට අවුරුද්දකට විතර කලින්.. වචනයක්වත් කියා ගන්න බැරුව මං අහගෙන හිටපු සුරේශ්ගේ කතාව මේක.. දැන් සුරේශ් කොහේද, ලංකාවෙද ඉතාලියේද, දැන් මොකද කරන්නේ කියන දේවල් ගැන මම මුකුත්ම කියන්න යන්නේ නෑ... සුරේශ්ගේ අතින් වුන වරදට යකඩ කූරු අතරට හිර කරලා දුන්න දඬුවමට වැඩිය ඒ යකඩ කූරු අතරේ හිර වෙලා වින්ද මානසික වේදනාව, පීඩනය වැඩි කියලයි මට හිතෙන්නේ.. අදටත් ඒ හැම දෙයක්ම නිසා සුරේශ් මානසිකව ලොකු වේදනාවක් විදිනවා ඇති..



බලහත්කාරය කොයිම ආකාරයකින්වත් අනුමත කරන්න පුළුවන් දෙයක් නෙමෙයි... සමලිංගික හෝ වේවා විරුද්ධ ලිංගික හෝ වේවා බලහත්කාරය කියන්නේ නිතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක්... ඒත් වැරදිකාරයන්ව නීතියෙන් ආරක්ශා කරන තැනක් මෙහෙම දේවල් වෙද්දි ඒ අතවරයට ලක් වෙන සුරේශ් වගේ අය ඒ දේ දරාගෙන ඉන්නවා ඇරෙන්න වෙන මොනවා නම් කරන්නද?










50 comments:

  1. ගැහැණු රේප් කරන එවුන්ට මේ වගේ දඬුවමක් දෙන්න කමිටුවක් හදන්න ඕනේ... :D

    ReplyDelete
    Replies
    1. අහ්.. ඔයා කියන්නේ එහෙම උන්ව හිරේ දාලා මේක කරවන්න කියලද? ඒ වගේ උන් තමා තියෙන අසහනයට හිරේට එකෙක් එනකන් බලන් ඉදලා මෙහෙම කරන්නේ..

      Delete
  2. අනිවාර්යෙන්ම...ඇයි අපි මේ අසාධාරණයට ලක් වූවන් ගැන වපර ඇහින් බලන්නේ...?

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. ඒ පුරුදු වෙලා තියෙන හැටිනේ..

      Delete
  3. අපේ මිනිස්සු වරදක් කරද්දී හිතන්නේ නැහැ මේක වරදක් කියල වරද කලාට පස්සෙයි පසුතැවෙන්නේ. මේ ලෝකේ ආගමක් දහමක් කියල දෙයක් තියෙන්නේ. මිනිස්සු වැරදි කරන එකෙන් මුදවගන්නයි. නමුත් අපේ මිනිස්සු යන්නෙම වැරදි පාරවල් වල කොහොම උනත් මම අවන්කවම කනගාටුවෙනවා ඒ මනුස්සයා ගැන.
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. ඇත්තටම දුකයි තමයි.. කරපු වරදට දඬුවම ලැබෙන්නම ඕන.. ඒක නීතියෙන් නැතත් ස්භාව දර්මයාගෙන් හරි ලැබෙනවා.. ඒක වලක්වන්න බෑ.. ඒත් ප්‍රශ්ණේ තියෙන්නේ ඒවා අතරේ වෙන මේ වගේ සිද්දි..

      Delete
  4. මොනව කියන්නද කියලා හිතාගන්න බෑ .මේ තත්වය වෙනස් විය යුතුයි අනිවාර්යෙන්ම

    ReplyDelete
    Replies
    1. මේ වගේ රටවල් වල මේවා වැඩියි.. ඒවා වලක්වන්න බෑ කාටවත්ම..

      Delete
  5. වෙනස් විය යුතු තත්වයක්....

    ReplyDelete
    Replies
    1. එහෙම උනොත් හොදයි..

      Delete
  6. ඕක තමයි මං කිව්වේ.. ගැහැනියක් දිහා අපේ අය බලන්නේ කන්‍යාභාවයට නැති උ‌නොත් කසාදයක් කරගන්න බැ කියලා හිතලා... නැතුව ඒ අය විඳින මානසික පීඩාව ගැන සත හකට ගනං ගන්නේ නෑ... උසාවි වලත් තුවාලේ පාර පාර අවුරුද ගනං නඩු අහනවා... කොල්ලෙක් රට වටේ ගිහින් ආවත් කමක් නෑ කියලා කියන ගොන් කතාව නිසා කොල්ලන්ට මොන මොන කරදර වෙනවද කියලා හිතන්නෙ වත් නෑ.. සමහරු ජීවිත කාලෙම විඳොනවා... එත් අර කන්‍යාභාවය කියන මස් කෑල්ල කොල්ලන්ට නැති නිසා අපේ උන් ඒ ගැන හිතන්‌ෙන් නෑ.. අපේ උන් මිනිස් ජීවිතක් මනින්නේ, ඒ ජීවිතයේ වටිනාකමෙන් නෙවෙයි... අර මස් කෑල්ලෙන් කියන එකට හොදම සාක්ෂි මේවා තමා...

    මිනිස්සු හැටියට බලහත්කාරයේ වේදනාව ගැණු පිරිමි දේපාර්ශවයටම එකයි... දැං වත්, අඩුම ගානේ අපේ පරම්පරාව වත් මේවයින් පාඩමක් ඉගෙන ගෙන හැදෙනවනං....

    මේවා උදාහරණ විතරයි.. නැතුව කුණු රසයක් ලබන්න තියෙන දේවල් නෙවෙයි.... නාට්ටියකට, චිත්‍රපටියක කෙල්ලෙක් දූෂනය කරන, ගෑණියෙක් බිම පෙරළගෙන ගහන සීන් එකක් නැතුව සාර්ථක වෙන්‌ෙන් නෑ.. ඇයි ඉතිං අපේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ ඒ කුණු රසයට නේ... ඕවා තමයි වෙනස් වෙන්න ඕනේ දේවල්...

    ගහ මරාගන්න සීන් තියෙන චිත්‍රපටි වලට තියෙන විරෝධයම මේ වගේ කතා ඇතුලත් චිත්‍රපටි, රෑ 8 ඉඳන් 10 වෙනකම් පෙන්නන නාට්ටි වලට එන්න ඕනේ... හැබැයි ඒක නීති වලින් නෙවෙයි.. මිනිස්සුන්ගේ හිත් වලින්ම එන්න ඕනේ... නීති දාලා වැඩක් නෑ...

    ReplyDelete
    Replies
    1. නාට්ටියකට, චිත්‍රපටියක කෙල්ලෙක් දූෂනය කරන, ගෑණියෙක් බිම පෙරළගෙන ගහන සීන් එකක් නැතුව සාර්ථක වෙන්‌ෙන් නෑ.. ඇයි ඉතිං අපේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ ඒ කුණු රසයට නේ...

      ++++++++++++++++++++++++++++++++

      Delete
    2. @හිරු අක්කා- +++++++++++++++++++++++++

      Delete
    3. හිරු අක්කගේ කතාව හැමෝම අගට කරපු එක පුදුමයක් නෙමෙයි.. මේ බ්ලොග් වලට ආව මුල් කාලේ ඉදන්ම මම ඔය කන්‍යාබාවය ගැන අනන් මනන් ලිය උන හැම පෝස්ට් එකකටම කිසි වෙනසක් නැතුව දාපු කමෙන්ට් එකක් තියෙනවා.. ඒ තමයි

      " මිලිමීටරෙන් දශමෙකටත් අඩු සිවියකට ජීවිතයක් මනින්න බෑ.."

      මන් එක අවංකවම කියපු දෙයක්.. ඔය ගැන ගොඩක් දිගට ගිය තර්ක වල බැනුම් අහ අහා උනත් මං ඔක සාධාරණි කරනය කලා.. දැන් මගේම බ්ලොගේ එක ඕන නෑ..

      අක්ක කිවුව දේ ඇත්ත.. මිනිස්සු කැමති අර වගේ දේවල් දකින්න.. දැකලා තෘප්තිමත් වෙන්න.. ඔය දේවල් වෙනස් වෙන්න ඕන උනත් හැමදාම ඕවා ඔහොමමයි අක්කේ.. ඒත් ඉස්සරහට ටිකක් වත් මේ දේවල් අඩු වෙනවනම් ලොකු දෙයක්..

      හැම දේම සුද්දගෙන් උස්ස ගන්න එකේ අපේ අය ඕක නැතත් ඒත් මනුස්ස ජීවිතයක් කියලා ඒකට ගරු කරන එක සුද්දගෙන් උස්ස ගන්නේ නෑනේ..

      Delete
  7. මේකට මොනවා කියන්නද....කෝරලේ කිව්වා වගේ දෙයක් වෙන්න කලින් ඒක වලක්වා ගැනීමයි වටින්නේ..

    ReplyDelete
    Replies
    1. ඇත්ත තරුවෝ.. එහෙම උනානම් මානසික වේදනාවක් විදින්න ඕන නෑ මේ වගේ..

      Delete
  8. apoi...
    Bohoma kedaniyai..
    Oya wage thawa kidenek nam duk widinawa athda..
    Ai minissunta bari minis hagim gana manushthwaya gana hithala katayuthu karanna. .
    Wiwahayata pera Kanya bawaya ahimi una kellekwa awlangu kasiyak bawata path karana eka nam kohethma anumatha karanna ba.ai minissunta bari e ayage manasikathwaya gana hithala katayuthu karanna.
    Samajaye boho denek hithanne ekama konayakin.
    Boho denek mewan de gana katha kirimath waradak,nindashili deyak widiyatai hitanne.

    Api apiwath me dewal gana awabodayakin hademu..

    Jayama wewa !!!

    ReplyDelete
    Replies
    1. ඇත්ත මලයා.. එහෙම දෙයක් උනාම ඒක ලෝකේ තියෙන ලොකුම වරද කලා වගේ හැගීමකින් තමයි හැමෝම බලන්නේ.. කතා කරන්න ඕන.. කතා කල යුතුයි.. අද ගොඩක් තැන් වල කතා වෙනවා.. ඒත් වචන වලට විතරක් සීමා වෙනවද කියන එකයි තියෙන ප්‍රශ්ණේ..

      Delete
  9. හිර ගෙවල් වල ඕක සාමාන්‍ය දෙයක් . අයි ඉතින් ඌකේ ඉන්න නොසන්ඩාල බල්ලෝ අවුරුදු ගානක් උන්ගේ අමාරුව යවා ගන්න බැරුව නේ ඉන්නේ. The Shawshank Redemption චිත්තර පටිය මතකද ?

    ReplyDelete
    Replies
    1. මතකයි මතකයි සහෝ.. ඔය කතාව අහන් ඉද්දි මගේ ඔළුවට ආවේත් ඕක.. අළුතින් එන එකාට ඉන්න උන් කරලා උන්ගේ අසහනය නැති කර ගන්නවා.. ඒ අළුතින් ආව එකා ඊගාවට අළුතින් එකෙක් එනකන් ඉන්නවා තමන්ට උන දේම උටත් කරන්න.. චක්‍රයක් වගේ ඕක කැරකෙනවා..

      Delete
  10. සුරේෂ්ගෙ කතාව ඇහුවම කියන්න තියෙන්නෙ එකම දෙයයි.
    කරන කලට පව් මිහිරිය මී සේ
    විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ!

    ReplyDelete
    Replies
    1. ඒකනම් සහතික ඇත්ත රාජ් අයියේ..

      Delete
  11. ඔය හිර ගෙවල් ඇතුලෙ ඔහොම සිද්ධි වෙන බව මම අහලා තියෙනවා. එක්තරා ප්‍රසිද්ධ සර් කෙනෙක් දවසක් පංතියකදිත් එහෙම සංවේදි කතාවක් කතාවක් කිව්වා මට ඒක මතක් වුනා මේක කියෙව්වාම.... :(

    ඕවා වෙනස් වෙන්න ඕනෙ දේවල් තමයි!!ඒත් වෙන්නැති එකනෙ අවුල..

    එක පුංචි තත්පරයක් ඇති මිනිහෙක්ගෙ මුළු ජීවිතයක්ම කාලකණ්ණි වෙන්න.. පවු ඉතින්..

    ReplyDelete
    Replies
    1. මාත් අහලා තිබ්බට මේ තරම්ම හිතට දැනෙන කතාවක් මේ අහුවමයි.. ඕවා ඇතුලේ ඒවට කැමති උන ඒවම හොයාගෙන යන උන් ඉන්නවලු.. ඔක්කොටම වඩා අවුල ලමේවා හන්දා ලෙඩ ඉක්මනට බෝ වෙන එකලු..

      වැඩක් නෑ හිතූ.. මේවා වෙනස් කරන්න කාටවත් බෑ.. තනි තනියෙන් හිර කාරයෝ තිබ්බත් එකෙක්ගේ ඔළුවේ තියෙන විකාරය අදහස් ඌ කොයි වෙලේ හරි ඉඩක් ලැබුන ගමන් කර ගන්නවා.. ඒක කාටවත් වලක්කන්න බැහැනේ..

      Delete
  12. ඇඩෙනවා නෙහ්?

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. සමාජයේ එක්තරා පැත්තක් බං..

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. තම්න් කැමතිනම් සමලිංගිකයෝ වෙන එක ඒ ඒ කෙනාගේ කැමැත්ත.. ඒ කරන්නේ ඒ කෙනා ඒකට තියෙන ආසාවට.. ඒත් බලෙන් කරන එක ශක්තිය තියෙන මිනිහගේ මොහොතක ජයක් විතරයි..

      දන්න තරමට මේ වගේ රටවල මේවා වැඩියි..

      Delete
  14. වරද වරදමයි. වරදක් වූ තැන දඩුවම් ලැබෙන තැන මේ දේවල් වෙත්දි කුමන ආරක්ෂාවක් ද? ජීවිතේට පාඩමක් එකතුකරගෙන වැරදි දෙයින් අත්මිදෙමු.

    ReplyDelete
    Replies
    1. ආරක්ශාවක් දෙන අය ඒක හරියට කරනවනම් මෙහෙම දේවල් ඇත්තටම වෙන්නේ නෑ.. ඒ යගෙත් උනන්දුවක් නැති කම වෙන්න ඕන..

      Delete
  15. මිහිපිටම අපාගත වුණා වගේනේ

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. ඔව් ඇත්තෙන්ම හසිත මලයා..

      Delete
  16. ලංකාවෙ හිරෙත් මෙහෙම දේවල් වෙනවද දන්නෑ.. හපෝයි..මට ඔළුවෙ කැක්කුමත් හැදුනා :(

    ReplyDelete
  17. එහේ විතරක් නොවේ මෙහෙත් මේ දේවල් ගෑනු පිරිම් බේදයකින් තොරවම සිදුවෙනවා මලේ..

    ReplyDelete
  18. //පුංචිම පුංචි අත්වැරැද්දක් වුනත් ජීවිතේ ලොකුම ලොකු වන්දියක් ගෙවන්න වෙන තරමේ වරදක් වෙන්න තියෙන්නේ එක මොහොතක දෙකක ඉඩකඩක් වෙන්න පුළුවන්.. //
    ඇත්ත. මං හිතන්නෙ මේ කතාවෙන් ඒක තවත් තහවුරු වෙනව.

    ReplyDelete
  19. හිර ගෙවල්වල ඔය වගේ ඒවා හරියට වෙනවා කියලා මාත් අහල තියනවා. ඉංග්‍රීසි ටෙලි වල එහෙමත් තියෙන්නේ. බලහත්කාරය ගෑනු කෙනෙක්ට කරත් පිරිමි කෙනෙක්ට කරත් වරද වරදමයි.

    ReplyDelete
  20. :( පව් කියල තමයි කියන්න තියෙන්නේ නම්..
    බලහත්කාරකම් නේ..
    ඕකට කැමති එවුන් හැබැයි හම්බ කරන්නේ ආයි ගණන් කරන්න බැරි තරමින්.
    හොඳ සුද්දෙක් අහු වුන ගමන් උන්ට ලංකාවේ හෝටලයක් ගහන්න තරම් සල්ලි හම්බ කරන්න පුළුවන්.

    ReplyDelete
  21. ප්‍රිසන් බ්‍රේක් ටීවි සීරිස් එකෙත් ඔහොම සිද්දියක් පෙන්වනව.ඒකෙදි නම් අන්තිමට ඒ කොල්ල ඉවසන්න බැරිව සිය දිවි හානි කර ගන්නව.

    සුරේෂ්ට ඒ දේවල් ඉවසන් ඉන්න පුළුවන් ශක්තියක් තිබ්බ එක ගැනවත් සතුටු වෙමු....

    ReplyDelete
  22. අම්මෝ මගෙ ඈගත් හිරි වෑටුන..... ඉස්සරහට තව මොන මොන දේවල් අහන්න දකින්න ලෑබෙයිද මන්දා....

    ReplyDelete
  23. බලහත්කාරයෙන් කරන විරුද්ධ ලිංගික අතවරයක් වගේම සමලිංගික අතවරයත් බරපතල වරදක්. අපේ රටේ වුනත් බන්ධනාගාර වල ඔය තත්වය පොදුයි. නමුත් බන්ධනාගාරගත වෙලා ඉන්නකොට ලිංගික තෘප්තිය ලබාගන්න විෂම ලිංගික අය වුනත් සමලිංගික සම්බන්ධතා පවත්වන්න පුළුවන්. වැඩිය කතා නොකෙරෙන මාතෘකාවක්. ජය...!

    ReplyDelete
  24. හොඳ කතාවක් දිනේශ්.

    ගැහනු, හෝ පිරිමි වේවා අනවසරයෙන්, බලහත්කාරයෙන් යමක් සිදුවෙද්දි සිරුරට, වගේම මනසට දැනෙන වධය එය විඳින තැනැත්තාටම ඇර වෙන කාටවත් තේරුම්ගන්ට පුලුවන් කියලා මට නම් හිතාගන්ටත් බෑ. මේ හන්දා මුලු ජීවිත කාලයම මානසික රෝගීන් වෙන අය ඉන්ට පුලුවන්.

    අනෙක හිර ගෙවල්වල මේ වගේ දේවල් වඩාත්ම සිදු වෙන්නේ මානසික පීඩනය හන්දා. හරියට අර යුද්ධ කාලවලදී සිදුවන කාන්තා දූෂණ වගේ. බලධාරීන්හට මේවා වෙනස් කල හැකි උනත්, ඒවා නොපෙනනවා වගේ ඉන්නේ මොන හේතුවක් හන්දද යන්නයි තේරුම් ගන්ට බැරි.

    කොහොම උනත්, සමහරු මේ දේවල්වලට මුහුන දෙන්නේ තමන්ගේම මෝඩ කම හන්දයි. ඒක නම් සහතික ඇත්ත.

    ReplyDelete
  25. වෙනස් කතාවක්..!

    ඔය සිද්ධිය වෙන්නේ හිර ගෙවල්වල විතරක් නෙමෙයිනෙ දිනෙයි අයියේ. අපි හීනෙකින්වත් නොහිතන ප්‍රසිද්ධ, ගෞරවනීය,(............)තැන්වල ඔය දේ වෙනවා...ඒ කොහෙද කියලා කෙලින් කියා ගන්න මගේ දිව නැමෙන්නේ නෑ.හැමෝම දන්නවා ඇති, සමහර විට නොදන්නවා ඇති.

    ReplyDelete
  26. මට අහන්නට ලැබිලා තියෙනවා සිරගෙවල්වල විතරක් නෙවි (කියන්නත් ලැජ්ජයි)සමහර වෙලාවට පල්ලි, පන්සල් වගේ ආගමික ස්ථානවලත් ඇතුම්විට පාසල් වලත් මෙවන් සිදුවීම් වෙනවා කියලා. ඊට ගොදුරු වූවන් ලැජ්ජාව නිසා එය සඟවගෙන හිටියත් මුළු ජීවිත කාලය පුරාවටම එයින් ඇතිවූ තුවාලය විඳවනවා

    ReplyDelete
  27. සමාජයේ එලියට නොඑන ගැටළුවක් මේ ආකාරයෙන් ඒ ගැන ලිපියක් ලිවීම වටිනවා.

    ReplyDelete
  28. සමහර වෙලාවට අන්තිම පිදුරු ගහත් නැතුව ජීවිතේ අසරණ වෙද්දි මේ වගේ මානසික පීඩාවලට ලක්වෙලා මිනිස්සු ජීවත් වෙන එකත් පුදුමයි..

    ReplyDelete
  29. සම ලිංගික හෝ විරුද්ධ ලිංගික ක්‍රියාකාරකමක් අකමැත්තෙන් සිදුවෙනවානම් එය කොහොමත් බලහත්කාරකමක් තමයි. ඒ දෙයින් අතවරයට ලක්වෙන තැනැත්තාට දැනෙන මානසික පීඩාව ඒ අවස්තාවේදී විතරක් නෙවෙයි මුළු ජීවිත කාලෙම පවතිනවා ඇති කියලයි මට නම් හිතෙන්නේ...

    ReplyDelete
  30. යුරෝපයේ ලංගික සූරාකෑම සිදුවෙන්නෙ නැහැ කියලයි මම හිතාගෙන හිටියේ. ඒ ඇරත් හරගෙවල්වල හිරකරුවන්ට හොදට සලකන බව නම් අහල තියෙනවා. මේ සැලකිල්ල නොවේ.

    ReplyDelete
  31. ලෝකේ කොතන වුනත් වෙන්නේ බලයට අනිත් සියල්ල යටවන එක කියල මෙතනින් කියන්න පුළුවන්.

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්