Monday, 21 January 2013

ලොක්කා නැති වෙලේ උස්සපු බඩු ටික

ලොක්කා නැති දාට අපිට කෝමත් රජ මඟුල් නේ ඉතින්... ඒක මේ මට විතරක් පොදු දෙයක් නෙමෙයි.. ඕනම සේවකයෙක් කැමතියි වැඩ කරන වෙලාවට එක පැයකට හරි තමන්ගේ ලොක්කා නැති වෙනවනම්.. ඒක අපි හැමෝගෙ ආසාවක්.. එහෙම බලද්දි අවුරුද්දෙන් භාගයක් වගේ අපේ ලොක්කා නැති එකක් අපිට කොච්චර සතුටක්ද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ... සිංදු කියලා, කලා බීලා, ගන්ගම් ස්ටයිල් නටලා අපි ෆුල් ෆන් එකේ ඉන්නේ අන්න ඒ නිසානේ..

කෝම උනත් මෙච්චර කාලෙකට ලොක්කා නැති උනාම ෆාමසිය බලා ගන්න දොස්තරයා අස් වෙලා ගියාට පස්සේ අපේ ලොක්කගේ අතක් පයක් කැඩුනා වගේ තමයි.. ඒ ඩොකා යන්න හද්දී මම අපේ ලොක්කට ප්‍රයිවට් එකේ කිවුවේ අරූට යන්න දෙන්න එපා ඒකා යන එක අපිට පාඩුවක් වෙනවා කියන එක... එදා ඉතින් මං කියන එක අහුවේ නෑනේ මේ පණ්ඬිතයා... ඊට පස්සේ ඉතින් ෆාමසිය පරිපානය අතින් පල්ලෙහට වැටුනා කියන එක දැන් හොදටම ඔප්පු වෙලා ඉවරයි..

කලින් ෆාමසි කතාවේ මම කිවුවා ලොක්කා නැති දවසට වෙන හොරකම් වලින් ටිකක්.. ඔය ඔක්කොම කරන්නේ ෆාමසියට එන බඩු කම්පූටර් එකට සේව් කරගෙන ස්ටෝස් වලට දාන බුවා තමයි... ඒ බුවාගෙම ගැණි තමයි ෆාමසියේ එකවුන්ට්ස් බලන්න එන්නේ...ඒ හන්දා දෙන්නා සෙට් වෙලා මොන ගේමක් දුන්නත් කවුරුත් දන්නේ නෑ,..

අපේ ලොක්කා දැන් දැන් කොහේ හරි ගියාම එනවා කියන දවසට කලින් එන්න පුරුදු වෙලා.. මං හිතන්නේ ලොක්කට දැන් ගොඩක් දේවල් තේරිලා තියෙන්නේ... මේ පාරත් එනවයි කියපු දවසට දවස් හතරක් කලිනුයි ආවේ.. මම ඇහුවම නම් කිවුවේ අම්මා අසනීප උන හන්දා ආවා කියලා.. අම්මගේ ඔපරේෂන් එකක් හෙට තියාගෙන අද ඇමරිකා ගිය අපේ ලොක්කා අම්මගේ ප්‍රෙශර් එක නැග්ගා කියලා ට්‍රිප් එක කැන්සල් කරන් ආව කතාව මට පිළිගන්න පුළුවද ? ලොක්කා කොහේද මාව අන්දන්නේ..

ටික දවසක් යනකන් ලොක්කා තියෙන ෆයිල් ඔක්කොම අවුස්ස අවුස්ස හිටියා... වැඩි කතා බහකුත් නෑ.. අපිත් අපේ පාඩුවේ අපේ වැඩ ටික කරගෙන හොද ළමයි වගේ හිටියා... ගිය බ්‍රහස්පතින්දා හදිස්සියේම අපිව පුංචි මීටිමකට කැදෙවුවා ෆාමසිය වැහුවට පස්සේ... කලින් දවස් වල හිටිය විදිහෙන්ම දැන ගත්තා හොදකට නම් නොවෙන බව.. ඒත් ඉතින් ගියා... මම මේ ගෙදර දුවන් එන්න බලන් ඉන්නවා... මේකා මීටින් තියනවා...

ලොක්කා කතාව පටන් ගත්තා 70 දශකයේ ලොක්කගේ තාත්තා ෆාමසිය ඇරපු දවසේ ඉදන්ම.. ඇත්තටම කියනවනම් මේක ලොක්කගේ අම්මා ෆාමසියක වැඩ කරන කාලේ කතානියා වල තිබ්බ හොදම දොස්තර තරගෙකින් දිනලා තෑග්ග විදිහට දාගන්න අවසර හම්බුන ෆාමසියක්ලු... ඒ කතාව මං දැන ගත්තේ එදාමනේ.. මාත් කට ඇරන් අහන් හිටියා ඉතිහාස කතාව... එක එක ස්වර්ණම යුගයන් පහු කර ගෙන ලොක්කා ආවා වර්ථමානයට.. අතීතය සුන්දර උනාට වර්ථමානය නම් කියන්න පටන් ගත්තු විදිහෙන්ම ඇඬෙනවා..

මෙතන හැමෝටම වැඩට වැඩිය උනන්දුව තියෙන්නේ වෙන වෙන දේවල් වලට.. එක්කෝ FACEBOOK එකේ.. එක්කෝ ෆෝන් එකේ.. උවමනාවක් උනාම කෑ ගගහා හොයන්න ඕන..”

ඒක නම් කෙලින්ම අදාල මටයි ලයින් අක්කටයි... අපි දෙන්න තමයි කොයිවෙලෙත් ෆෝන් එක ඔබ ඔබ ඉන්නේ.. ලයින් අක්කා හස්බන්ඩා එක්ක මල්.. මං ගැන ඉතින් කියන්න ඕන නැහැනේ.. මම මට නෙමෙයි වගේ හිටියට එතකොටත් ෆෝන් එක මගේ අතේ..

මං එන්න සුට්ටක් පරක්කු වෙයි ඩාලිං.. මේකා කියවනවා ඉවරයක් නෑ..”

හෙහ්, මම එතකොටත් මල් කඬනවලු.. ලොක්කා කියවගෙන ගියා.. ටිකකින් කතාව අස් වෙලා ගිය ඩොකා ගැන.. ඌ නැති පාඩුව දැන් දැනිලා.. හොද වැඩේ.. මම කිවුවා කලින්ම.. ටිකකින් කතාව මං හිතපු තැනටම ආවා..

මේ පාර නත්තල් තෑගි නත්තල් දවසටත් කලින්ම ඉවර උනේ කොහොමද ?”

දැන් ඉතින් දීපන්කෝ උත්තර... මට අදාල නැති හන්දා මං කට වහන් හිටියා.. මගෙන් ඇහුවත් මං කියන්නේ නෑ කියන ප්‍රතිපත්තියේ තමයි කලින් ඉදන්ම හිටියේ... ඒ හන්දා සද්ද වහලා හිටියා..

නෑ ෆ්‍රැන්චෙස්කෝ, මේ පාර කට්ටිය ආවා වැඩියි.. ඒකයි ඉක්මනට ඉවර උනේ..”

පෙට්ටි ගනන් තෑගි උස්සපු එකා ශේප් එකේ උත්තර දෙද්දි අපි සද්ද නැතුව හිටියා.. කෝමත් මං පෙටිටි ගනන් බඩු අරන් ආවේ නැති හන්දා මම මට නෙමෙයි වගේ ඒ වෙද්දිත් GTALK එකේ චැට්..

දැන් දැන් මෙතන වෙන්නේ මීට කලින් උන දේවල් නෙමෙයි... ගේන බඩු විකුණගන්න බැරුව අහක දාන එක තව කමක් නෑ.. ඒත් ගේන බඩු කම්පියුටර් එකේ ලොග් වල තියෙනවා විකිණිලා නෑ කියලා.. ඒත් ගබඩාවේ නෑ..”

ගෙවුන අවුරුදු පහටම මම ලොක්ක ඔච්චර කේන්ති ගිය දවසක්වත් ඔච්චර අවුලෙන් කතා කරපු දවසක්වත් දැකලා තිබුනේ නෑ.. ඒත් ඉතින් තමන්ගේ ව්‍යාපාර ගැන සැළකිලිමත් වෙන එක ලොක්කගේ වගකීම.. කෑ ගහලා ඉවර වෙලා ලොක්කා නැති උනා කිවුව බඩු ලිස්ට් එක එලියට දැම්මා..

  • උණ, හෙම්බිරිස්සාව, කැස්ස වගේ සාමාන්‍ය ලෙඩ වලට වෛද්‍ය සහතිකයක් නැතුව ක්ශණිකව ගන්න පැරසිටමෝල් වර්ග හතරකින් පෙට්ටි 6ක්,
  • කාන්තාවන්ගේ ඇගේ හැඩය හදා ගන්න පාවිච්චි කරන බෙහෙත් පැකට් 2ක්,
  • කාන්තාවන්ගේ හමේ රැලි වැටිම් වගේ එක එක එවුවා අඩු කරන ක්‍රීම් වර්ග කීපයක්,
  • ලදරු කිරිපිටි පැකට් 3ක්,
  • ප්‍රෝටීන වැඩි දියර කිරි පැකට් 4ක්.

තව මොනවද බෙහෙත් ජාති තිබුනා... ඒවනම් දැන් මතක නෑ..ඒ උනාට ඔය ලිස්ට් එකේ තිබ්බ මේ බඩු ටිකනම් කොහෙත්ම අමතක වෙන්නේ නෑ..


  • කාන්තා සනීපාරක්ෂක තුවා පැකට් 8යි,
  • කලින් ලෙඩේටම තුවා වෙනුවට පාවිච්චි කරන ( ඒකේ නම මම දන්නේ නෑ.. විස්තර කරන්න මේක සුදුසු තැනක් නෙමෙයි ) තවත් ජාතියකින් පැකට් 2යි,
  • විවිධ රසයෙන් යුත් කොන්ඩම් පැකට් 4යි,
  • ව්‍යාග්‍රා පැකට් 1යි.

ඔය ලිස්ට් එක බලද්දි මට හිනා ගියේ කවුද බොලේ ෆාමසියේ ව්‍යාග්‍රා ගහන එකා කියලා... මොන දේ උනත් ලොක්කා කතා කලේ සෑහෙන්න හිතේ අමාරුවෙන්... ඒක හොදට තේරුනා.. ඒත් අනික් උන්ට ඕවා එච්චර ගානක් නෙමෙයි.. අස්වෙලා ගිය ඩොකා ඉද්දි ලොක්කා නැති දවසට ෆන් ගත්තා උනාට කවදාවත් මෙහෙම දේවල් වෙන්න ඉඩ තිබ්බේ නෑ...

හැබැයි මෙහෙම දෙයක් තියෙනවා.. ඔය මම දෙවනියට කිවුව ලිස්ට් එකේ බඩු නම් තියෙන්නේ බෙහෙත් ගන්න එන අයට තෝර ගන්න පුළුවන් වෙන්න ඉස්සරහම වීදුරු ශෝකේස් වල දාලා.. ඒ හන්දා ඉතින් අපිත් නොදකින වෙලාවල ඔය එන මිනිස්සු එකක් දෙකක් උස්සනවා කියන සාදාරණ සැකයට අපිට යන්නත් බැරි නෑ.. ඒත් අරුන් බඩු උස්සපු හැටියට ඕකත් උස්සන්නේ නැතුව ඉදියි කියලාත් හිතන්න බෑ...

කතා බහ ඉවර වෙලා කට්ටිය යද්දි ලොක්කා මාව ටිකක් නතර කර ගත්තා.. ෆාමසියේ මගේ උපන්දින පාටියට මේ පාරත් ඉන්න බැරි උනානේ කියලා මාත් එක්ක ශේප්මන්ට් එකක් දා ගෙන ලොක්කා කතා කලා..

දිනේෂ්, උඹවත් දන්නේ නැද්ද මෙතන වෙන්නේ මොකද කියලා..”

නෑ දොත්තෝරේ.. උබ දන්නවනේ මගේ වැඩත් එක්ක මට ඕවා ගැන එච්චරම බලන්න වෙලාවක් නෑ කියලා..”

හ්ම්.. ඒකනම් ඇත්ත.. උබ මට මගේ දරුවෙක් වගේ.. හරියට බැළුවොත් උඹේ තාත්තා ගියාට පස්සේ උඹට මෙහෙ ඉන්න තාත්තා මම..”

ඔවු දොත්තෝරේ.. මම දන්නවා ඒක..”

මං නැති දවසට උඹ පුළුවන් විදිහට මේවා හොයලා බලපන්.. උබව මට විශ්වාසයි..”

ඔය කරලා තියෙන්නේ ඉතින්.. ලොක්කා ශේප් එකේ ඔක්කොම මගේ ඇගේ ගැහුවා... මේ වෙන දේවල් වැරදී තමයි.. මේ තරම් නිදහසේ වැඩ කරන්න පුළුවන් ලොක්කෙක් ඉද්දී ඒ ලොක්කටම වංචා කරන එක වැරදී තමයි.. ලොක්කා වගකීම් දුන්නට මං ඉතාලි කාරයෙක් නෙමෙයි හන්දා ප්‍රශ්ණ එන්න ඉඩ තියෙනවා... ඒ හන්දම කරන දෙයක් හැමෝවම අවුල් කර ගන්නේ නැතුව කරන්න ඕන බව නම් පැහැදිළි.. බලමු..





විශේෂයි : පොඩි දෙයක් කියන්නත් තියෙනවා.. සමහරු නම් දැනටත් දන්නවා.. ඉස්සරහට මමත් මදාරත් වෙනම නම් වලින් ලියන්න යන්නේ නෑ.. ලියනවා කිවුවට මේක වැඩියෙන්ම අදාල වෙන්නේ කියවද්දි... අපි ඉස්සරහට පාවිච්චි කරන්නේ "දිනේෂ් උමගිලිය ♥ සිහින මදාරා" කියන නම.. ඔන්න පටල ගන්න එපා..

මේකයි.. දැන් ටිකක් මටත් වැඩ වැඩි.. නඩුකාරිටත් ක්ලාස්.. ඔය හැම එකම අස්සේ අපි ලවු කරන්නත් ඕන.. ඕවා මේවා එහෙම වෙද්දි ලියන කියවන එකෙන් ඈත් වෙන්න හුගක් ඉඩ කඩ හැදෙනවා උනත් අපි දෙන්නම ඒකට කැමති නෑ.. මොකද අපි හම්බුනේ ආදරේ කරන්න ගත්තේ මේ බ්ලොග් අවකාශේ නිසා... ඒ හන්දා අපි දෙන්නම මේකට ආදරෙයි වගේම දාලා යන්නේ නෑ.. නම එක උනාට ලියද්දි වර්ණ ලියන්නේ මමම තමයි.. මහී එයා ලියයි.. බ්ලොග් කියවන එක විතරක් අපි දෙන්නා බෙදා හදාගෙන කරන්න කියලා කල්පනා කලා.. ඒකයි මේ වෙනස..




82 comments:

  1. මගසිටියත් තෝ නසී ගෙදර ගියත් තෝ නසී... පරිස්සමින් පුතේ..

    ReplyDelete
    Replies
    1. ඒ වගේ සීන් එකක් තමයි මී අයියේ.. බලමුකෝ මොකෝ වෙන්නේ ලියලා..

      Delete
  2. මම උදේ හිතින් බැන බැන හිටියේ..මේකා මේ කතාව ලියනවා කිව්වට තාම ලියලා නැහැනේ කියල..:) පව් හැබැයි ලොක්කා.. මම එහෙමනම් කෙලින්ම කිව්වේ නැතත් දැනගන්න විදිහක් හරි සලස්සනවා.. මොනා උනත් කන්න අඳින්න දෙන එකානේ..

    ReplyDelete
    Replies
    1. නොනා හරි වැඩක් කරන්න ඕන මේකට.. හැමදාම මං දන්නේ නෑ ලොක්කා කියලා ඉන්නත් බෑනේ.. ටිකක් හිතන්න ඕන.. රැවුලයි කැදයි ඔක්කොම ඕනනේ..

      හේ හේ.. මේක උදේම වැටනවා.. සුදු සනීප නෑ.. ඒ හන්දා මමයි උදේ යන්න කලින් දැම්මේ..

      Delete
  3. ඔයාගෙ කතාව කියවද්දි අපේ බොස්මයි මට මතක් උනේ . පන්තියේ දඟම ලමයා පන්තියේ මොනිටර් කරනවා වගේ , දැන් ඔයාටත් වගකීමක් බාර දුන්න නේද .

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඒ වගේ වැඩක් තමයි ගිම් අක්කේ.. හැබැයි ඉතින් මගේ තියෙන්නේ වැඩ කරන වෙලේ මල් කඩන අවුල තමයි.. නැත්නම් මම හොද ළමයා..

      Delete
  4. ලොක්කාව රකින්න පුලුවන් තැනදි රකින්න කියලා විතරයි කියන්න තියෙන්නෙ..අනික කන බොන තැනට වින කරන එවුන් දැක දැක බලන් ඉන්නත් එපා ඉතින්.....

    ReplyDelete
    Replies
    1. ඒ කතාව ඇත්ත.. ඒත් ඉතාලි කාරයෝ අස්සේ මං තනි එකා.. අන්න ඒකත් සුට්ටක් හිතන්න ඕනනේ..

      Delete
  5. හොරකම නරකයිනේ . අනික හිත හොඳ ලොක්කෙකුත් ඉඳිද්දී ...ලොකු වගකිමක්නේ දීලා තියෙන්නේ .

    ReplyDelete
    Replies
    1. ඔව් බින්දි අක්කේ.. බලාපොරොත්තු නොවුන වගකීමක්..

      Delete
  6. ara oya nama danne nethi eka tampon. mulma list eke deweniyata thiyena eka deliver karaganna beri weidha dhanne ne lankawata. ;)

    monawa wunath oya wagakeema bara wediy wage.parissamin male...

    Nisupa

    ReplyDelete
    Replies
    1. හැක්... මාත් හිතුවා ඒක වෙන්නැති කියලා.. කොහෙද.. මේකි පැනලා කලින්ම.. හි හි

      Delete
    2. නිසූපා අක්කේ, හෙහ් මන් නම් දන්නේ නෑ අෆ්ෆා.. ඉස්සරහටනම් දැන ගන්න වෙයි කෝමත්..

      අහ් නීසූ අක්කා එච්චර මහත නෑනේ... ;)

      Delete
    3. හිරු අක්කේ, ඒකනේ කියන්නේ ඉස්සර වෙන්න ඕන කියලා ඕනම දේකට.. කෝම හරි ඒවත් උස්සලාලු ඈ.. :)

      Delete
    4. ඔව් ඔව් හිරුවො අපායට ගියත් කලින් යන්න ඕනෙ. :D

      මහතයි අප්පා.දෝස්මුර එමටයි. :(

      Delete
    5. අහ් කවුද කවුද අපේ නිසු අක්කට දොස් මුර දාන්නේ...

      Delete
  7. කරන දෙයක් රැවුලයි කැඳයි දෙකම බේරන් කරන්න අයියේ අපේ රටවල් නෙවෙයිනේ. අන්තිම පැකට් එක උස්සපු එකාමදෝ මේ බ්ලොගේ ලියන්නේ කියල සැකයක් තියෙනවා. තාම පරීක්ෂණ මට්ටමේ තියෙන්නේ. ගෑනුන්ගේ හම රලිවටිලා නැත්තේ කාගේද ඇඟ හැඩ කාගේද බැලුවනම් හොරා අල්ල ගන්න පුළුවන්. (හැබැයි ඔය අනවශ්‍ය එව්වා බලන්න ගිහින් ගුටිකන්න උනොත් එකේ වගකීම තමන් අතේම බව කරුණාවෙන් සලකන්න)

    ReplyDelete
    Replies
    1. "කරන දෙයක් රැවුලයි කැඳයි දෙකම බේරන් කරන්න අයියේ අපේ රටවල් නෙවෙයිනේ."

      අන්න ඒක තමයි මලයා තියෙන ලොකුම ප්‍රශ්ණය.. කියන්න ඕන නෑනේ ඉතින් අමුතුවෙන් ඒ ගැන..

      ආ බොල මට දැම්ම අර පැකට් එක ඕන නෑ.. ඔක්කොම හොදට වැඩ.. මේ ගුටි කන්න වෙන වැඩ සෙට් කරන්න එපා.. උන් නම් ගහන එකක් නෑ.. මට ගෙදර එන්න වෙන එකක් නෑ.. ;)

      Delete
  8. //කාන්තාවන්ගේ ඇඟේ හැඩය හදාගන්ට පාවිච්චි කරන බේත්//

    මොනාද අප්පා මේ?

    //විවිධ රසයෙන් යුතු කොන්ඩම්// හී හී ....

    මේ ෆාමසියට නම් ඇවිත් බලන්ටම වෙනවා...:)

    ReplyDelete
    Replies
    1. කාන්තා ඔබ වෙනුවෙන්මයි.

      Delete
    2. හැඩේ හදන්න කටුමැටි ගහල ඊට පස්සේ ශේප් එක ගන්න වැලි කඩදාසි අල්ලනවාලු.. හැක් හැක් :P

      Delete
    3. පොඩ්ඩි අක්කේ, අහ් තිනවා XL-S කියලා බ්‍රෑන්ඩ් එකෙක්.. ඔය නමේම තියෙන්නේ XL ඒවා S කරනවා කියලම..

      අර දෙවෙනි එවුවා කැන්ගරු රටේ නැතෙයි.. ස්ට්‍රෝබෙරි, වැනිලා, බනානා, චොකෝ වගේ රස ගොඩක්ම තියෙනවා.. ;)

      Delete
    4. සුදීක, ඔව් ඔව් අයියේ.. එයාලා වෙනුවෙන්මයි..

      Delete
  9. අගෝස්තු මාසේ ඔය බඩු වලින් කොටසක් ලංකාවට එන එකක් නෑ නේද මලේ? පරිස්සමින් වැඩ කරන්න. ජය....!

    ReplyDelete
    Replies
    1. ඔතන මට ඕන වෙන එවුවා නෑනේ අෆ්ෆා.. ඒ හන්දා අවුලක් නෑ..

      Delete
    2. ඒ වුණාට ගිෆ්ට් දෙන්න පුළුවන්ලුනේ.......හික්ස්

      Delete
    3. ඇහ්.. දැන් මොනාද ගිෆ්ට් දෙන්න ඕන... ;)

      Delete
  10. මචන් මොනවා උනත් ප්‍රවේශමෙන් , ලොක්කොත් එක්ක වැඩි භජනෙත් හොද නෑ මොකෝ ඊර්ෂියාවට බෙහෙත් නෑ කියලා තියෙනවානේ , තමාගේ ජොබ් එක කරගෙන ප්‍රවේශමෙන් ඉන්න

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත.. අද කාලේ වැඩ පවරන ලොක්කත් ශුවර් නෑ.. බලමුකෝ..

      Delete
  11. Auguri.!..දිනේෂ් උමගිලිය ♥ සිහින මදාරා...

    ReplyDelete
  12. ම්..දැන් නම් වගකිව යුතු සේවකයෙක්නේ..වැඩ වැඩි වුනත් බ්ලොග් එකත් අප්ඩේට් කරන්න මලේ..

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු රූ අක්කේ.. ඒකනේ මේ කියවන ඒවා දෙන්නා බෙදාගෙන ලියන්න වෙලාව හදා ගත්තේ..

      Delete
  13. දැන් එතකොට ඔය නම ගැන මට තියෙන පුරස්නේ මගේ බ්ලොග් එකේ කමෙන්ට් එක දැම්මේ කවුද කියලා මං හොයා ගන්නේ කොහොමෙයි... හි හි... ( ඇයි බං එකෙක් නොවැ කිවයලා තියෙන්නේ...නඟාද මලයද.... හ්ම්ම්... )

    බොසා මේ පාර ස්පීච් එක ලියාගත්තෙ කෙල්ලෙක්ටම කියලද දන් නෑ නේ නේ.... අතීතයෙන්ම පටන් අරන් වර්තමානෙටම ඇවිල්ලා තියෙන්නේ... හි හි

    ReplyDelete
    Replies
    1. මෙහෙමනේ හිරූ අක්කේ.. අපි දෙන්න කතාබහ කරන විදිහ වෙනස් නේ.. ඔයා මාත් එක්ක චට් කරලත් තියෙන හන්දා මං කත කරන විදිහ අදුනනවනේ.. :)

      නෑ නෑ හිරූ අක්කේ, බොසා බොක්කෙන්මයි කතා කලේ.. පවු කියලත් හිතුනා..

      Delete
  14. අළුත් වගකීම හරියට කරහන්. ජය !

    ඔය සිහින මදාරා කියන්නෙ ඇත්තම නමද ? අන්වර්ථ නමක්ද ?

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ සෙන්නා අයියේ.. උත්තරේ දීලා එයාම ඇකිත්.. ටික කාලෙකින් ඕකට උමගිලිය කෑල්ලත් එකතු වෙනවා.. ;)

      Delete
    2. යකෝ මේ ජොයින්ට් වෙන්චර් එක අපිව පිස්සු වට්ටවනවා.. මොකාද කිව්වෙ කියලා හොයා ගන්නෙ කොහොමද ?

      Delete
    3. හෙහ්. ඔය නම කියලා ගිහින් තියෙන්නේ මදාරා... පහල එක මගේ... ;)

      Delete
  15. රැවුලයි කැඳයි දෙකම බේරගෙන වැඩ කරන්න වෙයි වගේ!

    ReplyDelete
    Replies
    1. ඔවු අයියේ එහෙම සීන් එකක් තමයි දැන් නම් තියෙන්නේ..

      Delete
  16. මල්ලි හොරකම් කරනවා කියල හෙතෙන එවුන්ට ඇඟට නොදනී කියපන්. "ලොක්කා මාත් එක්ක කිව්වා දෙන්නෙක් තුන් දෙනෙක් හෙට අනිද්දට ගෙදර යවනවා කියල අතට අහු කරන්"

    ReplyDelete
    Replies
    1. අන්න ඒකත් හොද අයිඩියා එක තමයි.. බලමුකෝ හිතලා..

      Delete
  17. ශික් කිට්ටුව පහතක තිබුණා නම් වේකන්සියකුත් තියන එකේ ෆාමසිය පැත්තේ ඇවිත් පොඩි හෙල්ප් එකක් දෙන්න තිබුණා... මෙවගේ ෆාමසි හැමතැනමත් නැති එකේ :P
    දැන් අරවා අරං ගිය එවුන් යහමින් රස බලනවා ඇති නේද? දැන් ඉතින් මලයා ලොක්කාගේ දෙවැනියා වගේ තමා නෙහ්..

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා.. ඒ වේකන්සියනම් දැන් පිරිලා තියෙන්නේ..

      අනිවා අනිවා.. රහ බලලා ඇත්තේ දැන් හොතට.. අන්තිම බිදුව තෙක්ම රසයි කියලා කියනවනේ..

      Delete
  18. අසනිපේ පැත්තකින් තියලා අවා කතාව කියවන්න. හික්. මෙයැයිට ලොක්කා මෙච්චර ආදරේ මොකෝ දන්නෙ නෑ. ;)

    ReplyDelete
    Replies
    1. අහ්.. උයාට දැන් සනීපයිනේ ඩාලින්.. ලොක්කා මට ආදලෙයි තමයි.. ඔයා එන්නකෝ බලන්න..

      Delete
  19. අයිය ඔව ගැන බලන්නෙ නැති ඒක අැගට ගුණයි....ඒත් වංචාව වෙන්න දීල බලං බන්න ඒකත් ටිකක් අවුල්....

    ReplyDelete
    Replies
    1. ඒකනේ මලයා.. නොදැක්ක වගේ ඉන්න එකත් හරි නෑනේ දැන්..

      Delete
  20. රස්සාව නැති උනොත් නම් පරස්තාවත් නෑ පුතෝ.. කරන දෙයක් පරිස්සමින්..

    ReplyDelete
    Replies
    1. අන්න පොඩි එකාට තේරුණා.. ඕක තමා බං මාත් මේ හිතන්නේ..

      Delete
  21. හිකිස්... "කාලා වරෙන්කො" වගේ දෙයක් තමයි කියන්න හිතෙන්නෙම.. ඒක නිසා කිවුව ඈ.. :p

    දෙන්නම එකම නමින් පෙනී සිටීම මට අවුලක් නෑ බට් ඒක තේරුම් ගන්න ගිහින් මගේ පණු මොලේ පැත්තක් මෙවුව වෙලා දැන්.. ඉතුරු ටිකත් මෙවුව වෙලා යන්න කලින් මං ඒ ගැන කම්පනා කොරන එක අතැරිය...

    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. හා හා.. කියන්න එපා.. මං දන්නෝ.... :)

      හෆ්ෆේ ලොකු දෙයක්.. ඔය පණු මොලේට මොනා හරි උනොත් අෆරාදෙනේ.. ඒ හන්දා වැඩිය හිතන්න එපා..

      Delete
  22. හික් හික්!!! අයියාට වෙලා තියෙන්නෙ මරු වැඩේ නොවැ!! කොහොම වුනත් ලොක්කාගෙ ආදරේ දිනගෙන තියෙන එකෙ, ලොක්කායි අනිත් අයවයි දෙපැත්තම බැලන්ස් කරන් යන එක තමා හොද. :)

    ReplyDelete
    Replies
    1. අහ්, ලොක්කා කොමත් ඉතින් මගේ පැත්තේ තමයි.. ඒකගේ හොර වැඩ වලටත් සපොට් මම නේ.. අනික් උන් ගැනත් බලමුකෝ හෙමීට..

      Delete
  23. හම්මූ....බලාගෙනයි පලිස්සමින්......අයියෝ....

    ReplyDelete
  24. රස්සාව පරිස්සමට මල්ලියේ....

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු අක්කේ.. මං ගැනත් මං හිතන්න එපැයි..

      Delete
  25. //විවිධ රසයෙන් යුතු කොන්ඩම්
    කොලේජ් එකේදී මාත් දැනගත්තා මෙවුවා ගැනනං..
    පාවිච්චි කලේ නෑ ඈ....
    කෙල්ලෝ තමා විස්තර කරලා දුන්නේ..
    අපි ඉතිං කොළඹ හිටියට හෙන ගොඩේ බයියා ටයිප්නේ..

    ReplyDelete
    Replies
    1. පාවිච්චි කලත් අපිට රහ බලන්න බෑනේ බං.. කෙල්ලන්ගෙන්ම ඒවා අහගන්න එක සෑහෙන වටිනවා..

      Delete
  26. බොහොම පරිස්සමින් කරන්න ඕන බරපතළ රාජකාරියක්නෙ ලොක්කා දිනේශ්ට පවරල තියෙන්නෙ. අර අස්වෙලා ගිය ඩොකා වෙනුවට ඉක්මනටම තව කෙනෙක් ගත්තනම් හරිනෙ...

    ReplyDelete
    Replies
    1. අහ්, ඒ වෙනුවට ඒ ඩොකා යද්දිම එකෙක් ගත්තා.. ඌ ලෝක හොරා.. ඒ ගැන නම් කියලා වැඩක් නෑ..

      Delete
  27. අඩේ කොන්ඩමුත් විවිධ රස වලින් තියෙනවද !!
    මං අප්ඩේට් වෙන වේගේ මදිද මන්දා. කොහෙද ඉතින් අපේ ගම්වලට ඔය දේවල් එනකොට ගොඩක් පහු වෙනවා නෙව.

    ප.ලි. - ඔය කමෙන්ට් කිරිල්ල නිසා මම් බැළුවේ ඒ ඒ කමෙන්ට් ලිව්වේ කවුද කියල. දැන් නේ සීන් කෝනය තේරුනේ !!

    ReplyDelete
    Replies
    1. අපොයි මෙහෙමත් කටවල්

      Delete
    2. අවංකව වැඩ කරන එක තමයි වටින්නේ.....ඒත් කලයුතු කරන්න පුළුවන් දේත් නොකරන එකත් හරි නෑනේ පරිස්සමින් හැමදේම කරන්න දිනේෂ්.....

      Delete
    3. මධූ අයියේ කොළඹ වැඩටත් එනෙ එකේ පොඩ්ඩක් හොයලා බලමු.. දැනන් ඉන්න එක කෝකටත් හොදයිනේ..

      හේ හේ, මං දැක්කා ගොඩක් තැන් වල අයියා කවුද මේක දැම්මේ අහලා තියෙනව..

      Delete
    4. සිත්තමි, ඔව් ඒක ඇත්ත.. හැම දෙයක් ගැනම හෙමීට හිතලා බලන්න ඕන..

      Delete
  28. පව් අනේ ඔයාලගේ බොසා.... ඔය වගේ හිත හොද මනුස්සයෙකුට මොකට වංචා කරනවද මන්දා..... කෝක වුනත් වැඩ කරද්දී පරිස්සමෙන්.....

    ReplyDelete
    Replies
    1. කොහෙත් එකයි බලන් යද්දි.. හොද එකාවමයි හූරන් කන්නේ..

      Delete
  29. ලොක්කා දුන්න වගකීම ඉෂ්ට කරන එක අතුරෙ යනවා වාගෙ වැඩක්. නැතිනම් දැලි පිහියෙන් කිරි කනවා වාගෙ කියන්නත් පුලුවන්. කල්පනාවෙන් වැඩ කරන්න වෙනවා දිනේෂ්.

    ReplyDelete
    Replies
    1. ඔව් ඩූඩ් අයියේ.. කරන එක කරන් මට ශේප් එකේ මලක් කඩන් ඉන්න තිබ්බනම් එකක්.. වෙලාවකට වගකීම් හරි ඇනයක් වෙනවා..

      Delete
  30. හ්ම්ම් වගකීමක් පැවරුවට පස්සේනම් ටිකක් වගකීමෙන් වැඩ කරන්න වෙයි :)

    ආ නම ගැනත් පැහැදිලි කරලා තියෙන්නේ...හිහි. ඒ නමෙන් කමෙන්ට් කරද්දී බහු වචනෙන් තමා කමෙන්ට් කරන්න ඕන. නැත්නම් පොඩ්ඩිට අහු වෙනවා.

    ReplyDelete
    Replies
    1. එකනේ ලොකු අක්කේ.. බලමු හෙමීට..

      හෆ්ෆේ කියලා වැඩක් නෑ ලොකූ එක ගැනනම්.. මේ පොඩ්ඩි අක්කත් අල්ල ගන්නේ මාර තැන් වලින්මයි.. ;)

      Delete
  31. අනේ මන්ද. ඔය කිව්වට පස්සෙන් පහු කිව ටික අරන් තියෙන්නේ මෙයාමද කොහේද ....... :D

    ReplyDelete
  32. දැන්නම් ඉතින් ලොක්කගෙන් පනින එක බොරු. ලොක්කා නියම ඔත්තු කාරයා හොයගෙන ඉන්න නිසා පොක්ක ගැන වැඩියෙන් බලන්න වෙයි.

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා රත්නායක අයියේ.. මගේ මල් කඩන එකට බාල්දි වැටුනොත් තමයි ලොක්කත් මගෙන් බැනුම් අහන්නේ හැබැයි..

      Delete
  33. මදෑ... දෑන් ඉතින් කොහොමත් වගකීම් ගන්න ඕනි කාලෙනේ...කොහොමත් වෑඩ කරන තෑනක හොරකම මටනම් බලන් ඉන්න බෑ... හෑබෑයි ඉතින් ඒවට කතා කරන්න ගිහින් මම වෑරදි උන වෙලාවලුත් නෑතුව නෙමෙයි...

    ReplyDelete
    Replies
    1. අහ් ඔවු ඔවු.. ඉස්සරහට ඩබල් වෙනවනේ..

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්