Tuesday, 1 January 2013

වසරක පිළිගැන්ම



අවුරුද්දක් ගෙවිලා ගිය ඉක්මන... මං දන්න තරමින් මගේ ජීවිතේ ගෙවුන අවුරුදු 24න් වැඩියෙන්ම කතා බහට ලක් උන අවුරුද්ද තමයි 2012. ඒ ඉතින් වෙන මොකක්වත් හින්දා නෙමෙයි... අර මායා ගොයියලගේ අපූරු විහිළුව නිසා.. ඔය මායා ගොයියලගේ විහිළු කතාව ඒ ගොල්ල ඇරුනම ලෝක ජනගහනයෙන් 1% වගේ පිරිසක් විතර ඒක විශ්වාස කලා.. විශ්වාස කරලා ඒකට සෑහෙන්න කල් ඉදලම ලෑස්ති උනා.. හැබැයි ඉතින් වෙනදටත් වැඩිය සාමාන්‍ය විදිහට ඒ දවසත් ගෙවිලා ගියා... නැත්නම් ඉතින් මං මේ ලිපිය ලියන්නේ කොහොමද? 2009 අවුරුද්දෙදි 2012 ෆිල්ම් එක පෙන්නපු දවසේ ඉදන් කට්ටිය මේකට ලෑස්ති උන හැටියට අර අප්‍රේල් පළවෙනිදට තියෙන මෝඩයගේ දවස සංශෝදනය කරලා දසැම්බර් 21ට මාරු කරන්නම වටිනවා.. නැද්ද මං අහන්නේ?



හරි දැං ඔය මායා ගොයියලගේ කතා ඇති.. පහු උන අවුරුද්දේ කතා කරන්න ඉතුරු උනේ ඔක විතරද? තව කොච්චරනම් දේවල් උනාද.. ලැම්බෝගොණි රේස්, චන්ද්‍රිකා උඩ යැවීම්, නෙළුම් පොකුණු, අමුතු අමුතු එළි, පාට පාට වැහි වගේ එකී මෙකි නොකී කොයිතරම්නම් දේවල් සිද්ධ උනාද? අපිට ඉතින් ඒවායිනුත් වැඩක් නෑනේ.. ඒ හන්දා ඒ කාරණා ටිකත් අමතක කරලා දාමු..



ගිය අවුරුද්ද මට කාරණා දෙකක් හින්දා සෑහෙන්න වටිනවා.. මේ කාරණා දෙකටම සම්බන්ඳ ගෑල්ලමයි දෙන්නෙක්.. ඔව්.. මේ දෙන්නම මගේ ජිවිතේට ගිය අවුරුද්දේ ඉදන් ගොඩාක් ලං උනා.. ඒ එක්කෙනෙක් තමයි මලින්සා සෙසත්මි දෙවුහාරා... අහ්.. ඒ කවුද ඒ? හෙහ්.. කට්ටිය මුකුත් හිතුවද මන්දා.. ඒ තමයි අපේ අක්කගේ දූ පොඩ්ඩ.. හෆ්ෆේ මෙයා ගිය අවුරුද්දේ ඉදන් මාව මාමා තනතුරට උසස් කලානේ.. මෙයා ආවේ හරියටම දෙසැම්බර් 21 වෙනිදා.. අපේ ගෙදර තිබුන අඩුව මෙයා ආවට පස්සේ නැති වෙලා ගිහින්.. තාම ඉතින් ඔයා හොර ගෙඩියා වගේ නිදා ගෙන ඉන්න කාලෙනේ.. මං ලංකාවට එද්දි අනිත් කට්ටියට අතට හුරු වෙලා ඉදලා මාමා ලගට ආව ගමන් පුරුදු නෑ කියලා අඬන්නේ එහෙම නැතුව හුරතලේට ඉන්න ඕන...



අනික් එක්කෙනා තමයි ඉතින් මේ වගේම හුරතල් මගේ එක්කෙනා... ඔවු ඔවු.. අර අරයා තමයි.. හෆ්ෆේ එයාගේ හුරතල් නේද? දැන් ඉතින් කට්ටිය එහෙම කිවුවට මමනේ දන්නේ මගේ පැටියගේ හුරතල් ගැන .. නැද්ද ඩාර්ලින්ග්.. අක්කගේ දුව එනවයි කිවුවම මේ බ්ලොග් වල ඉන්න අනිත් මාමලා නැන්දලා කිවුවේ මටත් අළුතින් එන අමුත්තට නැන්දා කෙනෙක් එක්කන් එන්න කියලා... ඉතින් එහෙම කිවුවම බෑ කියලා පැත්තකට වෙලා ඉන්න පුළුවන්ද? එහෙම කරන එක හරි නෑනේ.. ඔන්න ඉතින් ඒ හන්දම මහන්සි වෙලා හොයලා බලලා මේ නැන්දිව හොයා ගෙන, ලයින් දාලා, පස්සෙන් ගිහින්, යාළු කර ගත්තේ ගිය අවුරුද්දේ ජුනි මාසේ..



බලාගෙන යද්දි මගේ ජීවිතේට ගෙවුන අවුරුද්දේ අළුතින් සම්බණ්දකම් දෙකක්ම එකතු වෙලා... ඒ මගේ ජිවිතේටත් වැඩිය වටින මගේ ආදරය... අනික අපේ අක්කගේ දු පොඩ්ඩ.. මගේ ජිවිතේ පැත්තෙන් ගත්තම ගෙවුන අවුරුද්ද මට ගොඩක් වටිනවා..



මගේ ආදරයට, මගේ ජීවිතයට පස්සේ මට වටින කියන දේකට තියෙන්නේ මෙන්න මේ වර්ණය... වර්ණය කියන්නේ මගේ ජීවිතේම කොටසක්... වර්ණයේ ලියවුන දේවල් වලින් 50%කම මම, මම විදිහට ජීවත් වෙනවා.. සිහිනයෙන් වර්ණයට හැරිලා 360°ක හැරවුමක ඉදන් හිතන්න ලියන්න පටන් ගත්ත මේ හැම දේකම වැඩගත්ම කාලය පහුගිය අවුරුද්දේ ලිය උනා... ඒ ගැන ඇත්තටම සතුටුයි.. ගිය අවුරුද්ද ඇතුලත වර්ණය ගොඩක් දෙනා අතරට ගියා.. ගොඩක් දෙනා අදුන ගත්තා.. කියෙවුවා.. හැමදාමත් එන්න පුරුදු උනා.. 2011 අන්තිම වෙනකන්ම මන්දගාමී ගමනක් තිබුන වර්ණය ගෙවුන අවුරුද්දේ වේගවත් ගමනක් ගියා .. ඒ ගැන මම අවංකවම සතුටු වෙනවා..



හැම සතුටක් අතරෙම රැදුන පුංචි දුකක් නැත්තෙමත් නෑ.. මගේම සහෝදරයෙක් වගේ මට ලං වෙලා හිටිය උඹ අපිටත් නොකියම යන්න ගියේ ගෙවුන අවුරුද්දෙදි... උඹ නැති අඩුව ගොඩක් දැනෙනවා.. නිකන් ඔහේ කොල කෑලි වල කුරුටු ගෑව මට මේ බ්ලොග් එක අටවලා දීලා මේ විදිහට ලියන්න පුරුදු කලේ උඹ... එහෙම උඹ මගෙන ගොඩක් ඈතට යන්න ගිහින්.. උඹ දැනටමත් හොද තැනක ඉපදිලා ඇති.. මේ සංසාරේ ආයේ කොහේදි හරි අපි එකට මුණ ගැහේවි...



2012 ගැන කතාකරන්න පුළුවන් ගොඩක් දේවල් තිබුනත් ගෙවිලා ගිය දේවල් ගැන ආයෙම හැරි හැරි බලන එක වෙලාවකට තේරුමකුත් නැති දෙයක් නේ.. කොම උනත් උඩින් ලියලා තියෙන වගේ වැදගත් දේවල් ජීවිතේ ආයෙම ගෙවෙන කිසිම අවුරුද්දක අමතක නොවේවි.. 2012 ගෙවිලා ගියා.. එයිදෝ නැද්දෝ කියලා සැකෙන් බලාගෙන හිටපු 2013 ඔන්න ඇවිල්ලා.. අද ජනවාරි පළවෙනිදා..



ගෙවුන අවුරුදු වලනම් ජනවාරි පළවෙනිදා වෙද්දි ඒ අවුරුද්දේ කරන්න කියලා බලාපොරොත්තු ගොඩක් හිතේ තියා ගන්නවා..ඒත් මේ අවුරුද්දට තියෙන්නේ එකම බලාපොරොත්තුවයි.. ඒ ජුලි මාසේ මං ලංකාවට එනකම් ඇඟිලි ගැන ගැන ඉන්න ඒ කෙල්ල ලගට ගිහින් හැමදාටම ඒ කෙල්ල මගේ කර ගන්න එක... ඔවු ඔවු.. මේ අවුරුද්දේ මං බඳිනවා.. මගේ ජීවිතේ පැත්තෙන් තියෙන එකම එක බලාපොරොත්තුව ඔන්න ඕක විතරමයි..



බ්ලොග් එක ගත්තොත් මෙච්චර කාලෙකට මාව දැක්ක රාමුවෙන් ටිකක් එළියට යන්න පොඩි උවමනාවක් තියෙනවා.. ඒකත් කරලා බලමු ඒකේ සාර්ථකත්වය කොහොමද කියලා.. මේ අවුරුද්දේ ලියන්න නව කතා 3 තියෙනවා.. ඉස්සරට වඩා ටිකක් දිර්ඝ කතා වලට යන්න නිදහස් කාලයක් නැති එක ප්‍රශ්ණයක් උනත්, ඒ කතා තුනෙන් දෙකක්ම මදාරගේ ඉල්ලීම් නිසා ඒක මඟ ඇරලා බෑ.. ඒ හන්දා ඒක අනිවාර්‍යෙන්ම ලියනවා... ලියාගෙන ආපු ඉස්කෝලේ කතා සීරිස් එක ඉවර නෑ.. දැන් ඒකේ කොමත් ලියවෙන්නේ හොදම කතා ටික.. පූස්පාර්ට් යාළුවෝ උනත් එහෙමයි...ෆාමසියේ කතානම් ඉතින් මේ වගේ ආදර්ශමත් ලොක්කෙක් ඉන්නකම් ලියන්න ඕන තරම් දේවල් තියේවි.... අහ්.. ඉස්සරහට කවි නිර්මාණ වර්ණයේ ලිය නොවේවි.. ඒකට වෙන් වෙච්ච අළුත්ම තැනක් මම මාදාරත් එක්ක එකතු වෙලා හැදුවා.. ඒ තමයි සිහිවර් .. අපේ කවි, නිසදැස් වලට කැමති අය ඒ පැත්තටත් ගොඩ වෙලාම යමු ඉතින්..



ලබපු නව වසරේ මට වගේම මගේ යාළුවෝ හැමෝටමත් නැවුම් බලාපොරොත්තු ගොඩක් ඇති... ඒ හැම එකක්ම සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම සුභ පතනවා.. හැමදාමත් කියනවා වගේ කවදාවත්ම හැබැහින් නොදැකපු, අකුරු අතරේ විතරක් එකතු වෙලා බැදුන මේ අපුරු බැදීමට, මිතුදමට මම හුගක් ආදරෙයි.. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න... හැමෝටම සුභ නව වසරක්.. බුදුසරණයි!!









101 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මෙයා හොලා.. මං දානකන් ඉදලා ශේප් උනා නේ? හා හා.. තව ටික දවසනේ බබා... උම්ම්ම්මා..

      Delete
  2. ඔන්න මම මුලින්ම කියවපු බ්ලොග් එකක් විදියට පහුගිය අවුරුද්දෙ වර්ණයේ සිදුවෙච්ච වෙනස්කම්වලට හදවතින්මයි සුබ පතන්නේ.

    මේ බ්ලොග් එකේ ලියැවුණු බො‍හොමයක් දේවල්වලින් වර්ණය කියවපු අපි ඔයාව අදුනාගත්තා.ඉදිරියටත් ඒ වගේ සරල,සුන්දර,අව්‍යාජ ගමනක් යන්න බොහොම ආදරෙන් සුබ පතනවා මුලින්ම..

    ඒ වගේම මදාරා අක්කගෙත් ඔයාගෙත් ජීවිතවල ඔය ලස්සන බලාපොරොත්තු ඉටු වෙලා මේ අවුරුද්ද ඔයාලට වාසනාව ගේන අවුරුද්දක් වෙන්න කියලත් ආදරෙන් ප්‍රාර්ථනා කරනවා.

    වර්ණයටත්,දිනේෂ් අය්යටත්,මදාරා අක්කටත්,මේ වර්ණය කියවන හැමෝටමත්,සියලු යහපත් බලාපොරොත්තු ඉටු වෙන වාසනාවන්ත නව වසරකට සුබ පතනවා!

    ReplyDelete
    Replies
    1. වර්ෂා නංගිටත් සුභ නව වසරක් ප්‍රාර්ථනා කරනවා..

      ඔයාගේ මම පළවෙනි පෝස්ට් එකේ ඉදන්ම වගේ කියෙවුවනේ නංගියෝ.. දැන් විභාගෙත් ඉවර එකේ ආයෙම හොදට ලියමු.. මගේ හොදම අවුරුද්දේ ඔයා වර්ණයට ගොඩ උන නිසා ගොඩක් දේවල් මගේ දැන ගන්නම ඇති..

      Delete
  3. ජීවිතේ සිදුවෙන්නට තියන සතුටුදායක වෙනස් කම් වලට කලින්ම සුභ පැතුම් දිනේෂ්..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි රූ අක්කේ...

      Delete
  4. සුභ පැතුම් හැමදේටම.............!!!

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ කැරලියෝ..

      Delete
  5. අලුත් අවුරුද්දේ ඔයා දෙන්නගේ ඔය සිතුම් පැතුම් සියල්ල ඒ විදියටම ඉටුවෙන්ට කියලා ඔයාටත්, මදාරටත් ප්‍රාර්ථනා කරනවා දිනේශ්...:)

    2013 සුබ අවුරුද්දක්ම වේවා...

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කු පොඩ්ඩි අක්කේ.. ඒ වෙද්දි ඔයත් ලංකාවේ ඉදිවා කියලා මං ප්‍රාර්ථනා කරනවා..

      Delete
  6. ඔයාටත් සුබ නවවසරක් වේවා අයියේ ....
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා!
      එසේම වේවා!!

      Delete
  7. මට මේක කියවලා හෙන ජාති ගොඩක් ආවා බං කියන්න.. ඒත් එච්චර කොටන්න බෑ අද .. පස්සේ බලමු ... හි හි...

    සුභ නව වසරක් වේවා.. ඒ වගේම දෙන්නම පෙරැම් පුරාගෙන යන්න හදන ගමන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා පතනවා...

    අමතක උනා... වෙඩ්න් කේක් ඕඩර් එක අපේ අම්මට දුන්නේ නැත්තම් බලගත්තෑකි.... හි හි....

    ReplyDelete
    Replies
    1. මං තරහයි හිරු අක්කේ කිවුවේ නැතුවට.. හෙහ්..

      තැන්කූ තැන්කු අක්කේ.. හෆ්ෆේ හා හා එහෙනම් ඒකත් අපි ඒ විදිහට කරමු.. මේක කොමත් බ්ලොග් වෙඩිමක් වෙලා දැන් 50%ක්ම.. දෙවෙනි මනමාලයෝ හිටන් ඔක්කොම බ්ලොග් කාරයොනේ.. ;)

      Delete
    2. මට කියන්න ආපු ටික කිව්වනං එහෙම ඔයා මාව හොයාගෙන ඇවිත් ගහලා යනවා කොල්ලෝ.. හි හි...

      Delete
    3. හෆ්ෆා.. ඒ කියන්නේ සෑහෙන දෙයක් කියන්න හිතිලා තියෙනවා... එහෙනම් කියන්න එපා අක්කෝ.. මං පවුනේ ඉතින්....

      Delete
  8. සියළු බලාපොරොත්තු සඵල වෙන 2013ක් වේවා ඔබ දෙපලටම :ඩී

    ReplyDelete
    Replies
    1. එසේම වේවා ඔබටත්..

      Delete
  9. අළුත් අවුරුද්ද සුභ වේවා
    ඔන්න කිව්වා

    ReplyDelete
    Replies
    1. එසේම වේවා..
      ඔන්න මාත් කිවුවා..

      Delete
  10. වර්ණවත් 2013 ක් වේවා !!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. සෙන්නා අයියටත් සුභ 2013 වේවා!!

      Delete
  11. සියලු බලාපොරොත්තු ඉටුවන්නවු නව වසරක් පතනවා

    ReplyDelete
    Replies
    1. ලොකු අයියටත් එසේම වේවා!!

      Delete
  12. සුභ නවවසරක්...!!!
    ඔය මාම ප්‍රශ්නෙ තමයි මට තියෙන ජාතිකම ප්‍රශ්නේ...:(
    මොකද පාරෙ දකික දකින පොඩි උන්ට එවුන්ගෙ අම්මල මාව පෙන්නල බය කරනව පුතේ අර මාම ගහයි කියල.. ඇයි යකෝ අවුරුදු දානමයක් වෙනකොට මාමා කෙනෙක් වෙනවද?

    ReplyDelete
    Replies
    1. හික්ස්.. පාරේ යද්දිත් එහෙම වෙනවනම් ඒක සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්ණයක් බං.. අහ්.. දානමයක් නම් මාමා කෙනෙක් වෙන්න හොදම වයස... මේ මං ටිකක් පරක්කු උනාට.. හික්ස්..

      Delete
  13. දිනේශ්ටත් මදාරටත් දෙන්නටම සියලු පැතුම් ඉටුවන සුබම සුබ වාසනාවන්ත නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. අයියටත් එසේම වේවා!!

      Delete
  14. එල කිරි දිනේෂ් අයියේ. සියලු පැතුම් ඉටුවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
    Replies
    1. තැන්කූ සිතුමෝ.. උඹටත් එසේම වේවා..

      Delete
  15. සුබ නව වසරක් මලේ ජය මේ අවුරුද්දේ මගුල් උත්සවයකුත් තියෙනව කියලයි ආරංචී සුබ සුබ

    ReplyDelete
    Replies
    1. අහ් ඔව් ඔව්.. ඒවා ඉතින් අයියලාට අනිවා කියනවනේ.. වෙඩිමෙම හම්බුවෙමු හොදේ.. :)

      Delete
  16. උඹලා දෙන්නටම සැපෙන් බර දුකින් තොර සුභ නව වසරක්, සුභ අනාගතයක් වේවා :)

    ReplyDelete
    Replies
    1. තැන්කූ රෙප් අයියේ..

      සුභ නව වසරක් අයියටත්..

      Delete
  17. දෙන්නටම පැතුම් ඉටුවන නව වසරක් වේවා මේ අවුරුද්ද...

    ReplyDelete
    Replies
    1. අයියටත් එසේම වේවා!!

      Delete
  18. නේක වර්ණයෙන් දිලිසෙන..
    සුබ නව වසරක් වේවා..!!

    ReplyDelete
    Replies
    1. වීයාව මේ පැත්තට ආවමද කොහේද මගේ මතකේ හරිනම්.. සාදරයෙන් පිළිගන්නවා වර්ණයට..

      Delete
  19. සියලු පැතුම් ඉටුවෙන, වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!! :)

    ReplyDelete
    Replies
    1. හිතූටත් එසේම වේවා!!

      Delete
  20. සුබ පැතුම් වාසනාවන්ත අනාගතයකට !

    ReplyDelete
    Replies
    1. වෙනී අයියටත් එසේම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

      Delete
  21. සියලු පැතුම් ඉටුවෙන වාසනාවන්ත සුබ නවවසරක් වේවා 2013 ..............

    ReplyDelete
    Replies
    1. සන්ජයටත් එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..

      Delete
  22. 'පස්සෙන් ගිහින් ලයින් දාලා....' හෙහෙ ...සන්තෝසයි කොහොම හරි ජය ගත්තු එකට. ඉස්සරහ අවුරුද්ද දිනේෂ් අයියට සෑහෙන්න බිසී වේ වි වාගේ...බඳිනවා කියන්නේ සෙල්ලමක් නෙමෙයිනේ...දිනේෂ් අයියත් දැන් ලොකු ළමයෙක් වෙලානේ...මම හැමදාමත් කියනවා වාගේ අපට වෙඩින් කේක් ඕන....


    ඇත්තටම වර්ණ බ්ලොග් අවකාශයේ වර්ණයක්. මගේ ලිස්ට් එකේ උඩම තියෙන්නේ වර්ණ ( දෙවෙනි එක අපේ සඳරුගේ හිස් අහස ).හදවතට දැනෙන තැනක් විදිහට වර්ණ හැමදාම අපේ හදවත් වල ඉඳීවි.ඔබට ජය - දිනේෂ් අයියේ!!

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. ලොකු ළමයෙක් නේන්නම්.. දැන් 25ක් නේ.. හරි මලයා අනිවා කේක් දෙනවා.. උඹට නොකියා කොහොමද?

      Delete
  23. නියම ලිපියක්.ඔයාට සුභ නව වසරක් වේවා.මම සිංහ පීඩියාව ලියන යසිරු
    http://sinhapedia.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඒ පැත්තෙත් ගොඩ වෙන්නම්.. සුභ නව වසරක් වේවා!

      Delete
  24. කරන කියන වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
    Replies
    1. මධු අයියටත් එසේම වේවා කියලා අපි දෙන්නම විශ් කරනවා..

      Delete
  25. ලැබුවා වූ 2013 වර්ෂයේදී ඔබ දෙපළගේම ජීවිත, සතුටින් සෞභාග්‍යයෙන්, සාර්ථකත්වයෙන් වර්ණවත් වේවා!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි.. ඔබටත් සුභ නව වසරක් වේවා!!

      Delete
  26. ඔයාට හිතේ තියන සියලුම බලපොරොත්තු ඉටුවෙන වාසනාවන්ත නව වසරක් පතනවා මල්ලි......

    ReplyDelete
    Replies
    1. අක්කටත් එසේම වේවා කියලා පතනවා..

      Delete
  27. ජෝඩුවටම සුභ ප්‍රාර්ථනා ඉටුවන නව වසරක් වේවා!

    2013 මමත් ගෑල්ලමයෙක් හොයා ගන්න ඕන :P

    ReplyDelete
    Replies
    1. අහ් අන්න නියම වැඩේ.. මේ බ්ලොග් වලින්ම හොයා ගනින් බං.. වෙන කොහේවත් දුවන්නේ නැතුව.. අපි දෙන්නම් ඕන සප් එකක්..

      එහෙනම් උඹටත් ඒ වැඩේ හරියන සුභ නව වසරක් වේවා!

      Delete
  28. 2013 ඔයාගෙ එකම පැතුම පැතුම් දහසක මූලාරම්භයක් වේවි.... සුබ අළුත් අවුරුද්දක් වේවා මල්ලී.

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ.. ඒ පැතුම ඉටු වෙනකන් මග බලාගෙන..

      Delete
  29. සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා අයියෝ..............

    ජීවිතේ අළුතෙන් තියන්න යන පියවරට ඔය දෙන්නටම සුභ පතනව හදවතින්ම....^_^
    ආව් ආව්.....කේක් කේක්......^_^

    ReplyDelete
    Replies
    1. කේක් නම් අග්නියෝ ඔයාට දෙන්නම ඕන.. ඒකට ලොකු හේතුවක් තියෙනවා.. ඒක මෙතන කියන්න බෑ ඉතින්.. වෙඩිමෙදි හම්බුවෙමු..

      Delete
  30. ඔබටත් එසේම වේවා මලේ....!!!

    ReplyDelete
    Replies
    1. මාතලන් අයියගෙත් සියළු පැතුම් ඉටු වේවා!!

      Delete
  31. ඊලඟ අවුරුද්ද තවත් රසවත් මචං!

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා.. ඒ ගැන මතක් උනාම තව හදිස්සි මචෝ.. :)

      Delete
  32. සුබපැතුම් මල්ලි අළුත් අවුරුද්දට. කව්ද අර අහිංසකයි කිව්වේ.... අපරාදෙ කියන්න බෑ අහිංසක කම. ජය...!

    ReplyDelete
    Replies
    1. අන්න අන්න.. ප්‍රදීප් අයියා එහෙම කියන්න එපා ඉතින්.. ඇත්තටම කියන්නේ.. ඔයාලා ඔය දකින කතා කරන මදාරා නෙමෙයි අයියේ ඇත්තටම එයා.. ඒක ඉතින් දන්නේ මං විතරනේ.. :D

      Delete
    2. විහිළුවට කිව්වේ. සුබ උපන් දිනයක් වේවා. සුබ වෙඩිමක් වේවා....!

      Delete
    3. අහ් දන්නවා දන්නවා ප්‍රදීප් අයියේ.. එයා ගැන කට්ටිය ඔය හිතන් ඉන්න විදිහටම හිටපු දෙන් ඒකේ අවුලක් නෑ.. අයිතිකාරයා වෙච්ච මං අනික්වා දැන ගත්තම ඇති අෆ්ෆා....

      Delete
  33. නිදුක් නිරෝගි සුභ නව වසරක් වේවා! මොකද අපේ පැත්තට නොයෙන්නේ

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. අහ්, මං ඇවිත් නැද්ද ඒ පැත්තේ.. එහෙනම් අදම එන්නම්.. අළුත් අවුරුද්දෙම..

      Delete
  34. සියලු ඩේ සාර්ථක වන සුබම සුබ නව වසරක් වේවා දිනේෂ් මල්ලි. 2013 මේ අවුරුද්දටත් වඩා හොඳ එකක් වේවි. වර්ණය තව තවත් වර්ණවත් වේවා :) !!

    ReplyDelete
    Replies
    1. 2013 බලාපොරොත්තු ටිකයි.. හැබැයි ඒ තියෙන ලොකුම ඒවා.. දවස් ලං වෙද්දි සුභ ආරංචි කියන්නම්කෝ අක්කේ...

      Delete
  35. සියලු බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටුවෙන සුබ නව වසරක් වේවා...!

    ReplyDelete
    Replies
    1. සුමිත් අයියටත් එසේම වේවා!!

      Delete
  36. සියලු යහපත් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා මචෝ!!!

    ReplyDelete
    Replies
    1. ඉතාලියේ අපේ අවුරුදු කියන්නේ වෙනමම දෙයක් නේද මචෝ.. උඹටත් සුභ නව වසරක් වේවා!!

      Delete
  37. සුභ නව වසරක් වේවා දිනේශ් මල්ලි...

    ReplyDelete
    Replies
    1. එසේම වේවා බිට්ල් අයියේ..

      Delete
  38. සියලු බලාපොරොත්තු ඉටුවෙන අවුරුද්දක් වේවා !

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ගිම් අක්කේ...

      Delete
  39. සුභ නව වසරක් වෙවා.....

    ReplyDelete
    Replies
    1. එසේම වේවා මලයා..

      Delete
  40. දිනේෂ් අයියටත් මදාරාටත් සුභ නව වසරක් වේවා!!!
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. මලයටත් නෝනාටත් එසේම වේවා!!

      Delete
  41. දිනේෂ්- මදාරා දෙපළටත් බ්ලොග්වාසී සියළු දෙනාටමත් උදා වූ 2013 වසර සියළු යහපත් සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත වසරක් වේවා....!

    ReplyDelete
    Replies
    1. අහ්.. තවත් බට්ටි කෙනෙක්.. මං ඒත් බැළුවා අපේ බට්ටි අක්කා ඉමේජ් එක වෙනස් කරලාවත්ද කියලා..

      එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..

      Delete
  42. ඔය දෙන්නගෙම පැතුම් ඉටුවන සුභම සුභ නව වසරක් වේවා...!!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සමනළි.. ඔයාටත් සුභ නව වසර්ක්..

      Delete
  43. 2013, දිනේශ්ටත් මදාරාටත් වාසනාවන්ත, සුභම සුභ වසරක් වේවා...!

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස්..

      Chamsටත් සුභ නව වසරක්..

      Delete
  44. සුබ නව වසරක් වේවා!

    ReplyDelete
  45. හැපි 2013ක් ඈ....

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. උඹටත් හැපි 2013 ඈ..

      Delete
  46. ජයපැන් කරඬුව දෝත දරාගත් සුබම සුබ නව වසරක් වේවා...ඔබ දෙදනාටම

    ReplyDelete
    Replies
    1. හොඩක් ස්තූතියි රත්නායක අයියේ..

      සුභ නව වසරක් ඔබටත්..

      Delete
  47. සුබ වේවා ඈ.......

    ReplyDelete
  48. ප්‍රාර්ථනා මල් පල ගැන්වෙන සුබ නව වසරක් වේවා !!!

    ReplyDelete
  49. දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
    ලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
    මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
    ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්