Thursday, 24 January 2013

ඔක්කොම ගැලපෙනවා පුතා.. ඒත් පුංචි ප්‍රශ්ණයක් තියෙනවා - පුස්පාර්ට් යාළුවෝ 4




              පිටරටක ඉන්න අයට කසාද හොයන්න කට්ටිය සෑහෙන්න උනන්දුයි... අනේ මන්දා ඒ ඇයි කියලා.. ලංකාවට ගියොත් ලංකාවේ අයගෙනුයි, මෙහේ ඉනන්කොට මෙහේ අයගෙනුයි ඔය මාතෘකාවෙන් ගැලවිලා ඉන්න එකනම් ටිකක් විතර ලේසි පහසු දෙයක් නම් නෙමෙයි... කෙල්ලෝ කොල්ලෝ කියලා විශේෂයක් නෑ.. දැක්කොත් අහන්නේ බඳින්නේ නැද්ද කියලා..


මීට අවුරුදු දෙක තුනකට විතර කලින් ඔන්න ඔය දැන් බඳින්න හොදම වයස කියන තැටිය හැමදාම වාදනය උන කෙනෙක් තමයි අපේ අයියා.. ඔය තැටිය වාදනය කලේ වෙන කවුරුවත් නෙමෙයි.. කලින් දවසක ලිවුව කලිසම අමතක වෙලා පාරේ ගිය කමල්ගේ වයිෆ්ම තමයි... දවසක් අයියයි මමයි සෙනසුරාදා පොල පැත්තේ ගිය වෙලාවක අපිට කමල්ගේ යිෆ් හම්බුනා... අපිනම් පොලට ගියා ගන්න ඕන ඒවා ගත්තා, ලස්සන කෙල්ලෝ දිහා බැළුවා, ගෙදර ආවා උනාට රොයිටර් සේවාවේ වැඩ කරන කමල්ගේ වයිෆ් වගේ අය වරු ගනන් දකින දකින එකා එක්ක තියෙන ඕපදූප ඔක්කොම කියව කියව ඉන්නවා.. අදටත් සෙනසුරාදට පොලේ දෙතුන් දෙනෙක් වට කරගෙන මෙයා ඉන්නවාමයි... හරි හරි.. අපිට වැදගත් අතීත කතාවනේ..


එදත් පොලේදි අපිට කමල්ගේ වයිෆ් හම්බුනා...සුපුරුදු ඕප දූප බයිලාව.. අපේ අයියා දැක්ක ගමන් කට කනේ.. පොඩි කයියක් ගහන් ඉදලා සුපුරුදු තැටිය දැම්මා වාදනයට..


මහේෂ්, දැන් වයස කීයද කියලා බලනවා.. බඳිනවකෝ..”


ඉතින් අක්කම එකක් හොයලා දෙන්නකෝ..”


අපේ අයියට කෙනෙක්ව මුරුංගා අත්තේ තියන්න වැඩි වෙලාවක් යන්නේ නෑ... ඒකා කියන ඒවයේ දිග පළල දන්න එකම එකා මං හන්දා මං ඕවා ගනන් නොගත්තට අනික් අයට ඒවා මාර ෂුවර්..


මහේෂ් ශුවර්නේ.. එහෙනම් මම හොයනවා.. පුතා අයියා කියන්නේ ඇත්තනේ. ?”


අහ්.. ඔව් ආන්ටි.. කොහොමත් දැන් ගෙදරනුත් හොයනවනේ... ආන්ටිලත් හොයන්න..”


මාත් නිකන් හිටියේ නෑ.. අයියගෙම මලයනේ ඉතින්.. ඇන්ටිගේ මූණේ හිනාව බබලනවා.. බලන්න ලස්සනයි.. අපි තව හොදවයින් ටිකක් කියලා ආන්ටිව තියන්න පුළුවන් උසම මුරුංගා අත්තේ තිබ්බා... අයියත් ඔන්න ඔහේ හොයන සුදුසුකමුත් කිවුවද කොහේද... දැන් මට මතක නෑ.. කොහොම හරි එදා ආන්ටි ගියේ ෆුල් ෆන් එකේ හොදටම ඇදලා කියන එක අපි දන්නවා..


ටික දවසක් ගෙවිලා ගියා.. එදා එහෙන කිවුවට මොකො අපිටත් ඕක පස්සේ අමතක වෙලා ගියා.. ඒ උනාට හැබැයි ආන්ටිට නම් කතාව අමතක වෙලා තිබුනේ නෑ.. දන්න කියන හැම තැනකටම කියලා කෙල්ලො හොයලා.. දවසක් සෙනසුරාදාවක අපේ අයියට කෝල් එකක් ඇවිත් පහුවදා රෑ කෑමකට එහේ එන්න කියලා.. එදා කොහොම හරි මට යන්න බැරි උනා.. අයියා ගියා.. ආන්ටි කෑමක් ලෑස්ති කරලා එහෙම එන්න කියලා තියෙන්නේ මඟුලක් කතා කරන්න..


ලංකාවේ ඔන්න එයාලගේ කවුදෝ මන්දා කියලා කෙල්ලෙක්ගේ ෆොටෝ එකක් අයියට දීලා.. අයියා කියන විදිහටනම් කෙල්ල ටිකක් ලස්සනයිලු... හැබැයි ඉස්සෙල්ලම බැළුවම පේන්නේ මූණට වඩා වෙන තැනක්ලු හොදට.. එවුවා මෙවුවා ඔක්කොම බලාගෙන විස්තරත් අහගෙනම අයියා අතටම දුන්න හඳහන් කොපියත් අරගෙනම අපේ අයියා කාලා බීලා ගෙදර ඇවිත් මට පහුවදා ෆුල් සීන් කෝන් එකම කිවුවා...


අපේ එකාට ඉතින් බඳීන්න උවමනාවක් තිබුනේ නෑනේ... ආන්ටිව ෆෝම් කරලා තියලා ෆන් එකක් ගන්නනේ ඕන උනේ.. අපේ ගෙදරට යවන්නම් කියලා ගෙනාව හඳහන ගෙදට්ටට යැවුවේ නෑ.. ඒකට මොනා කලාද කියලවත් මම දන්නේ නෑ.. කොහොම හරි ඕක අරන් ඇවිත් ටික දවසක් ඒ ගැන වැඩි කතා බහක් නැතුව හිටියා කියලනම් මතකයි..


මාත් එක්ක ඒ ගැන කතා නොකලට අයියා ආන්ටි එක්ක කියලා හඳහන ගෙදරට යැවුවා තාම තැපෑලේ වෙන්න ඇති කියලත්.. ආන්ටිත් ඉතින් සෑහෙන බලාපොරොත්තු තියන් ඉදලා වැඩේ ගැන.. කෝම හරි මඟුල කතා කරන්නේ අයියට උනත් සති දෙක තුනක් වගේ යද්දි මුළු කතානියාම වගේ දන්නවා අපේ අයියට කමල්ගේ වයිෆ් මඟුලක් හොයන බව.. සමහරු අපේ අයියගෙන් කෙලින්ම ඇහුවේ අහවලා ගැන නොදැනද ඔය මඟුල් හොයන්න බාර දුන්නේ කියලා... හැබැයි ඉතින් අපේ අයියා ගැන දන්න අය නම් දන්නවා මේ ආන්ටිව බයිට් එකට ගන්න කරන වැඩක් බව..


ටික දවසක් යද්දි වැඩේ හොදට නැගලා ගියා.. අපේ අයියට තව ෆොටෝ දෙක තුනක්ම එවලා තිබුනා... අයියගේ ෆෝන් නම්බර් එක ඒ කෙල්ලට දීලා අයියටත් එයාගේ නම්බර් එක දීලා කපුවා හොදට වැඩේ කර ගෙන ගියා.. ඒ උනාට මං දන්න තරමින් අපේ අයියා කෝල් කලේ නම් නෑ ඒ කෙල්ලට..


මහේෂ් ගෙදරින් මොකො කිවුවේ ?”


.. හදහන් ගැලපෙනවා කිවුවා.. ඉතුරු දේවල් කතා කර ගන්න ඕනයි කිවුවා අපි කැමතිනම්...”


හරි මහේෂ්.. මං ඉතුරු වැඩ ටිකත් කතා කරලා දෙන්නම්..”


මොනා උනත් ආන්ටි හිටියේ හොදටම ඇදලා.. අපරාදේ කියන්න බෑ.. තව ටික කාලය මේ වගේම ගෙවිල ගියා.. ඔය ටික කාලේ ඇතුලත එක එක විස්තර අප්ඩේට් උනා... පවුලේ තොරතුරු, දෑවැදි ගැන එහෙම.. ගොඩ මඩ ඉඩම් එහෙම සෑහෙන දෙන කතාවක් කියලා තිබුනා... ඒ වගේම අපේ අයියවත් සෑහෙන වර්ණනා කරලත් තිබුනලු... නැති හොදත් කියලා.. එහෙම බලද්දි අපිට ඒ කෙල්ල ගැන කිවුව දේවල් වලත් අඩු වැඩි අත ඇරලා තමයි හිතන්න ඕන..


දවස් ඔහොම හෙවිලා යද්දි හොදම දවස ආවේ ඉරිදාවක.. එදා මාත් ගියා..


මහේෂ්, අපි පුතාගේ ෆොටෝ එකකුත් යවලා ඔක්කොම දේවල් කිවුවා... එයාලා ඔයාට කැමති..”


අහ්.. ඒකත් එහෙමද ? ඒත් ඉතින් අපි තාම කතා බහ කරලවත් නැහැනේ හරි වචනයක් කියන්න...”


බයිට් එකට අල්ලං ගියාට මොකද දැං අපේ අයියටත් මේක මල ඇනයක් වෙලා තිබුනේ... දැන් ආන්ටිගේ කල්පනාව අයියව බන්දලා දෙන්නමයි...


අහ්.. මං ෆෝන් නම්බර් එක දුන්නනේ.. මහේෂ් කතා කරලා බලන්න..”


හා.. හා..”

හැම දෙයක්ම හොදින් ගැලපෙනවා පුතා.. ඒත් පොඩි දෙයක් තියෙනවා...”


ඒ මොකද්ද ?”


මේ ළමයා බයිසිකල් පදිනවනේ.. දවසක් බයිසිකලේ පදින්න වාඩි වෙද්දී සීට් එක ගැවිලා වැටිලා මේ යා නොදැනුත්වාඩි වෙලා තියෙවා..


75 comments:

  1. Replies
    1. අහ් නැතුව නැතුව.. අපිට එයාව ඕන තරම් මුණ ගැහෙයි...

      Delete
  2. හිකිස් ඊයා හැක හැක හක
    බයිසිකලේ උඩම වාඩිවෙන්න ඇති තමා ලොල් :p

    ReplyDelete
    Replies
    1. අහ්.. මොකෝ ඊයා..

      නැතුව බයිසිකල් පැදලා තමයි එහෙම වෙලා තියෙන්නේ..

      Delete
  3. අය්යට කෙල්ලක් එහෙම ඉඳලා මේ බව එයාට ආරංචි උනා නම් ඉවරයි.

    හරි තැනක අරයා වාඩිවෙලා තියෙන්නේ....:D

    ආන්ටිත් බලාගෙන යනකොට නියම මඟුල් කපුවෙක්!!!

    ReplyDelete
    Replies
    1. අහ් අපේ නෑනා මේවා ගැන දන්නවා.. ශුවර් එකට මේක කියවයි.. බැළුවොත් ආයෙම රෑ කෑම මේසෙදී මේ කතාව ඇදිලා එයි.. රසබර සිද්දි නොවැ..

      පවුනේ ඒ ළමයා දන්නේ නැතුවනේ වාඩි වෙලා තිබ්බේ..

      Delete
  4. පව් බයිසිකලේ :P

    ReplyDelete
    Replies
    1. හෙහ්.. පස්සේ ආරංචි හැටියටනම් බයිසිකලේ මලකඬත් කාපු එකක් ලු... ;)

      Delete
  5. හි හි.. අන්න නියම කපුවෝ දිනේශ්...

    හිනාවෙලා පන ගියා බං..... හයියෝ....

    ReplyDelete
    Replies
    1. ඉතාලි කපුවෝ හිරූ අක්කේ ඉතාලි කපුවෝ..... නියමයි නේ..

      Delete
  6. අපොයි.... මාර කතාවක්නෙ ඒක. එහෙම වුනානම් ඉතිං හොස්පිටල් තමයි.

    අයියා බේරුනේ කොහොමද? අයිය fb එකේ මගෙත් යාලුවෙක්නෙ.මං ලගදි දැන ගත්තෙ.

    ReplyDelete
    Replies
    1. හෙහ්.. ඒකනේ කියන්නේ නිසු අක්කේ.. මේ මනුස්සයා ඒක අවුලක් නැතුව කිවුවනේ..

      ඔව් ඔව් මම දැක්කා අක්ක එක පාරක් උපන්දිනේටත් විශ් කරලා තිබ්බා අපේ අයියගේ..

      Delete
  7. ගොඩක් තුවාලද දන්නේ නෑ නේද....මේ බයිසිකලේට ...
    :D

    ReplyDelete
    Replies
    1. බයිසිකලේ ඊට පස්සේ බොහොම පරිස්සමින්ලු පැද්දේ... ;)

      Delete
  8. හෙහෙ.. බාගෙට පණ ගියා හිනා වෙලා.. බඩත් කොර වෙලා වගේ අයියා.. මොනා උනත් ලිපිය නම් සුපිරි.

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ.. හිනා වෙන එක කොච්චර හොද දෙයක්ද?

      Delete
  9. හයියෝ බයිසිකලේ කිව්වා ලු :D

    ReplyDelete
  10. හෆොයි!!! පව් නේද බං ඒ ළමයා...... ;) හිනා හිනා...

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද ඉතින් නරක වෙලාවට.... :)

      Delete
  11. ඈ වර්ණ බයිසිකලේ කැඩිලා කියලා දන්නෙම නැතිව ඉඳගන්න ඇති නේද? :D

    ReplyDelete
    Replies
    1. ඉද ගත්තට පස්සේ කැඩිලා තියෙන්නේ.... ;)

      Delete
  12. ලකෆ්‍රෑන්ස් වැඩ අරඹයි!
    නයිකාරයෝ, බොරුකාරයෝ, පොලුකාරයෝ, වංචාකාරයෝ, කොලුකාරයෝ, බඩුකාරයෝ පරිස්සමෙන්!!!!!!!!!!

    ReplyDelete
  13. ලොල්! ඇන්ටි බබා... කෙල්ල තොත්ත බබා... ;)
    අසරණ බයිසිකලේට රට්ටු කතා හදනවා... :ඩී

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ.. නිකාන් බයිසිකලේ බැනුම් අහනවා..

      Delete
  14. කෙල්ල පුරුද්දක් විදියටම මේක කරනවද දැන්නෑ නේද ? පව් රිදුනද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. ඒවා නොදනී ඉතින්.. ඇන්ටි ඔක කී දෙනෙක්ට කිවුවද දන්නේ නෑ..

      Delete
  15. :O :O :O :O :O
    හිකිස්... :D
    හයියෝ හයියෝ මරු ආන්ටි තමා..
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
  16. ඕං බලහං කෙල්ලගේ පතිවෘත්තාවට යන කල දසාව. කයිවාරුවටනං කියනවා අපි ඔය සුදු රෙදි බලන්නේ නෑ කියලා ඒත් හොයනවා.... අනේ කෙල්ලනේ ඕක පරිස්සං කොරගනිල්ලා. තාම ලංකාවේ උන් ලේ බිංදුව හොයනවා.

    ReplyDelete
    Replies
    1. නලීන් අයියා වැරදියට තේරුම් අරන් වගේ.. මට ඕන උනේ ඒ ගැන කියන්න නම් නෙමෙයි.. ආන්ටිගේ මඟුල් කපුකම ගැන කියන්න විතරයි.. කෝමත් අපේ අයියා ආන්ටිව බයිට් එකට ගත්තා මිසක් ඒකට කැමැත්තෙන් ඉදලා ඔය කේස් එක දැනන් මග ඇරියා නෙමෙයි..

      Delete
  17. ඒ ආන්ටි ට නම් පුදුම මොලයක් නේ තිබිල තියෙන්නේ... ඔහොම කරදරයක් උනත් කියනවද නේද? මන් අහන්නේ ආපහු ඒ බයිසිකලය කවුරුවත් පදින්න ගන්නේ නෑනේ මේක දෑනගත්තම....අය්යෝ...පව් බයිසිකලේ....

    ReplyDelete
    Replies
    1. ඒකනේ.. කියනවා උනත් කියන විදිහක් කලවල් තියෙනවනේ.. මෙහෙමත් කියනවද ?

      Delete
  18. දන්නැති නිසයි අහන්නෙ..?
    එක දවසද දන්නෑ නේ...අමතකවෙලා සීට් නැති බයිසිකල් වල වාඩි උනේ..?

    ReplyDelete
    Replies
    1. හික්ස්.. අපිට කිවුවෙනම් එක දවසයි කියලා.. ;)

      Delete
  19. මොන මාර්ගයෙංද දන්නෑ නේ වර්ණයියේ බයිසිකලේ එකේ දන්ඩ ගියේ?????

    ReplyDelete
    Replies
    1. අනේ අම්මපා උඹ අහන ඒවට මේ වගේ තැනක මට උත්තර දෙන්න බෑ.. හරි මාර්ගේ යන්න ඇති.. නැත්නම් අපිට කියන්න්න ඕනත් නැහැනේ..

      Delete
  20. සම්භාවිතාවයෙත් හැටි නේද? :P

    ReplyDelete
    Replies
    1. ඇ‍යි බන් 1/2,

      මම කිව්වෙ දෙකක් තියෙද්දි හරි එකෙන්ම ගිය එක ගැන

      Delete
  21. විලිලජ්ජාවේ සන්තෝසේ බැහැ.. කටවහන් හිටියා නං නම්බුයි..

    ReplyDelete
    Replies
    1. ආන්න තේරුණා.. ඒක උන් දෙන්නටම කියා ගන්න ඉඩ තිබ්බනම් ඉවරනේ.. සෑහෙන සෙනඟක් මැද්දෙනේ ඕක කිවුවේ..

      Delete
  22. හී හී .... කෝ දන්නේ නෑ බයිසිකලේ දැන් ? :-)

    ReplyDelete
  23. හෆ්ෆටසිලි!! මරු ආන්ටි කෙනෙක් නෙහ් ;) :D :D :D හික්ස්ස්....

    ReplyDelete
  24. අවංක ඇන්ටි මොනවා වුනත්. බොලා හිනා වුනාට

    ReplyDelete
    Replies
    1. එක පැත්තකින් බැළුවම බින්දි අක්කා කියන එකත් ඇත්ත.. හැබැයි කිවුව විදිහයි අක්කේ අවුල..

      Delete
  25. කිව්වත් වගේ හොර බොරු නැති කපුවෙක්. ගෑණු ලමයෙක් උනහම බයිසිකල් පදිද්දි ඔයිට වැඩිය පරෙස්සම් වෙන්න එපැයි! :D

    ReplyDelete
    Replies
    1. හෙහ්.. අනේද කියන්නේ.. බයිසිකලේ ගැන හොද අවදානෙන් එපැයි පදින්න..

      Delete
  26. අඩේ ෆට්ට ඕයි

    ReplyDelete
  27. ඇන්ටිගේ කපුකම නියමයි.. ඒත් ඒ දැරිවි ගැන දුකයි.. ඇත්තටම එහෙම දෙයක් වුනානම්

    ReplyDelete
    Replies
    1. ආන්ටි කිවුව වගේ දෙයක් උනානම් අයියේ ඉතින් නතර වෙන්න වෙන තැන ගැන කියන්න ඕන නෑනේ ඉතින්..

      Delete
  28. ඇන්ටිත් හොඳට බයිසිකල් පැඳල ඇති එහෙනම්... :P

    ReplyDelete
    Replies
    1. අහ් ඇන්ටි හොද බයිසිකල් රේස් ගහපු කෙනෙක්... ;)

      Delete
  29. අන්න අපේ උන්දෙලත් ආදර්ශෙට ගන්නවනම් කපුවො.....;)

    ReplyDelete
  30. අයියෝ... ෂික්... ඇන්ටිගෙ කපුකම වගේම දැන් ඔය කතාවත් හැමෝම දන්න ඇතිනේ... අර කෙල්ල පව්... දිනේෂ් කිව්ව වගේ ඉතාලි කපුවෙක්නේ... ඇත්තම කියන්න බලන්නැති... අන්තිමට අවංක කම වැඩිවෙලාද කොහෙද... ඒකටත් හදපු කතාව... හික්ස්...

    ReplyDelete
    Replies
    1. හෆ්ෆේ මියුරු අක්කව දැක්ක කල්.. කොහේද අෆ්ෆේ ගිහින් හිටියේ..

      ආයෙත් අහලා.. ඕක මම මේ බ්ලොග් එකේ දැම්ම වගේ මුළු කතානියාම දන්නවා.. ආන්ටි ආයේ කාට හරි මඟුලක් කතා කරන්න ඇහුවත් අර කලින් එක වගේද කියල තමයි කට්ටිය අහන්නේ..

      Delete
  31. Replies
    1. නැති තරමට හොදයි.. පේනවනේ කරන වැඩ..

      Delete
  32. මරු මඟුල් කපුකම....... :)))

    ReplyDelete
  33. පසුගිය 27 ඉරිදා දිවුලපිටියේ දී පැවති ආවාහ මංගල්ලයකට පැමිණියාද? ඔබ.

    ReplyDelete
  34. මරු කපුකමක් නෙව !

    ReplyDelete
  35. හි හි අන්තිම ටික නොතේරුණි If you know What I mean :P

    ReplyDelete
  36. බයිසිකලේ පව්.. ඇන්ටි සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ කකුලක් වගේ!!

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්