Wednesday, 19 December 2012

වර්ණයක අවසානය



ඕනම දේකට ආරම්භයක් තියෙනවා වගේම අවසානයකුත් තියෙනවා... ඒ දේ වෙනස් කරන්න කාටවත් බෑ.. එහෙම පුළුවන් උනානම් ලෝකේ ගොඩක් දේවල් මේ වෙද්දි සෑහෙන්න වෙනස් වෙලා.. ඒත් එහෙම නෑ වෙන දේවල් දිහා ඔහේ බලාගෙන ඉන්නවා ඇරෙන්න අපිට කරන්න පුළුවන් මහ ලොකු දෙයක් නෑ..



වර්ණය, සිහින නමින් පටන් අරගෙන වර්ණවත් වෙලා ගලාගෙන ආව මේ ගමන අවසාන නැවතුම් පලකට ඇවිත්දෝ කියලා හිතෙනවා.. මේක පටන් ගනිද්දිම මම තීරණය කරපු අවසානයක් තිබුනා.. එක්තරා තැනකදි හිතුව සමුගැන්මක් නැත්නම් වෙන්ව යාමක්... ඒත් ඒ කලින් හිතාගෙන හිටපු හැම දෙයක්ම වෙනස් කරන්න කාලය බලාපොරොත්තු නොවුන විදිහට ලං වෙලා.. ඒත් අවසානය ලියවෙන්නේ ඒ විදිහටනම් අපිට ඒක වෙනස් කරන්න බෑ.. ඒකට මූණ දෙනවා ඇරෙන්න..



ගොඩක් ආසාවෙන් පටන් ගත්ත කිසිම දෙයක් ඉක්මනට නවත්තන්න මට තියා කවුරුවත්ම කැමති වෙන්නේ නෑ.. දෙයකට වැඩියෙන් ආස වෙන්න වෙන්න ඒ දේ අපි ලගම තියා ගන්න වැඩියෙන් ආස කරනවා.. ඒක අපේ හැටියක්.. මේ වර්ණයත් එක්ක ජීවිතේ ගොඩක් දේවල් මං ලබා ගත්තා.. මං ආසම විදිහට ජීවිතේ වෙනස් උනානම් ඒ මේ වර්ණය නිසා.. ඒ කාලේ ඉදන්ම මේක කියවාපු අය සිහිනයත් වර්ණයත් අතර වෙනස හොදටම දන්නවා.. මගේ ජීවිතේ පහුගිය කාලේ කොච්චර වෙනස් උනාද කියලා වර්ණය කියෙවුවනම් හොදටම බලාගන්න පුළුවන්..



ඒත් ජීවිතේ එච්චරම වෙනස් කරපු තැනක් උනත් අකමැත්තෙන් හරි දාලා යන්න එන වෙලාවල් එනවා... ආසයි මෙතනම නැවතිලා ඉන්න.. ඒත් හෙට දවස ගැන වැඩි විශ්වාසයක් නෑ.. යන්න කලින් මෙච්චර කාලයක් වර්ණයත් එක්ක හිටිය හැමෝටම ගොඩක් ස්තූතියි කියලා කියන්නම්.. මොකද ආයෙම එහෙම කියන්න වෙලාවක් නොඑන්න පුළුවන්.. ඒ හන්දා දැන් මෙහෙම කියලා යන එක හොදයි.. සමුගැන්ම වේදනාවක්.. ඒ වේදනාව මං හොදටම විදලා තියෙන නිසා ඒක කොහොමද කියන්න මම දන්නවා.. ඉතින් මේ තියන්නේ අද වර්ණයේ තියන අන්තිම සටහන වෙන්න පුළුවන්.. අකුරු කරන්න තව හුගාක් දේවල් තියෙනවා.. හුගහ් ඕන කමත් ආසාවත් තියෙනවා. උනත් නිමාවකට ලං වෙද්දි ඒක වලක්වන්න අපි කාටවත් නෑ.. ඒ හන්දා මේ විදිහට වර්ණයේ අවසානය ලියලා තියන්නම්...



වර්ණයට අවසානයක් දෙන්න ලොකු හේතුවක් නෑ.. තියෙන්නේ එකම එක හේතුවක් විතරයි.. අනිද්දා ලෝක විනාසේ.. :) 





ඊට පස්සේ මොනවා ඉතුරු වෙයිද නැද්ද, අපි ඉදියිද නැද්ද කියන්න දන්නේ නැහැනේ.. ඒ හන්දා නොකියාම යනවට වඩා කියලා යන එක හොදයි කියලා හිතුනා.. අනික ඉතින් කට්ටිය දන්නවනේ මං ඉන්නේ ලෝකයේ සක්‍රීය තත්වයෙන් වැඩිම ගිණි කන්ද පාමුල කියලා.. හැබැයි මාස දෙක තුනක් තිස්සේ ඒක දොයි.. කවුද දන්නේ නිදි කියලා වැඩේට ලෑස්ති වෙනවද කියලා.. අර ෆිල්ම් එකේ වගේ ගිණි කන්ද පිපුරුවොත් ආයෙම බ්ලොග් ලියනවා බොරු .. ඒ හන්දා ඔන්න කලින්ම කිවුවා.. පහුගිය ටිකේ බයේ හිටියට මොකද දැං නම් ඕක ගැන හිතලා බය වෙන්න තරම් අවුලක් නෑ.. මොකො ලගදි මං මෙන්න මේක දැක්කනේ.. හික්ස්..

 ( ෆොටො එක ඉස්සුවේ බුකියෙන් )



ලෝක විනාසේ ගැන කියනවනම් ඉතින් ඉතාලි කාරයො හිතන් හිටියේ ඕක වෙන්නේ 12,12,12 කියලනේ.. ඒත් එදා උනේ නෑ.. දවස ගෙවිලා ගියා.. දැං කියනවා 21 වෙනවලු.. අනේ ඇත්තටම මෙහෙමත් උන්.. ලෝක විනාසෙට කලින් ලංකාවට ගිහින් එහේ ඉදපං කියන උන්ම නත්තලට ෆාමසිය ඇරලා උඹ වැඩට එනවද අහනවා.. මේවට ඉතින් මං මොනවද දෙන උත්තර.. ඒ අස්සේ ලයින් අක්කා.. අවුරුදු හතරක්ම ලිවින් ටුගෙදර් ඉදලා ටෙස්ට් කරලා බලලා ලෝක විනාසෙට කලින් උගේ වෙන්න ඕන කියලා ඔන්න කලබලේ සෙනසුරාදා බැන්දා.. සතියයිනේ ඉතින් පවුල් කන්න වෙන්නේ.. නෑ මං කිවුවේ ලොක විනාසේ උනොත්..



ලෝක විනාසේ ගැනනම් ඉතින් අපේ අයත් ගොඩක් දේවල් ලිවුවනේ... සොදුරු සිතක වත්සලාවෝ කවියෙන්ම කිවුවා ඕක වෙන්නම කියලා.. ඒ අස්සේ මාරයා බඩු ලිස්ට් එකත් හැදුවා.. ඒ මදිවට තියෙන හෙනම කරදරේ තමයි අංකල් ජොන්සන්.. ඒකා හැමදාම රෑ කෑම මේසේ ඉදන් තව ඉතුරු දවස් මෙච්චරයි කියලා ගැනලා හොදට කාලා බීලා ඉන්න ඕනයි කියලා තියෙන ඔක්කම දාගෙන කනවා.. කස්ස්ටිය කිවුවට විශ්වාස කරන්න නැත්නම් ඒත් විශ්වාස කරන්න, ඉස්සර මේවයේ කොලෙස්‍ට්‍රොල් අරකේ සීනි කියලා තෝරලා බේරලා කාපු මනුස්සයා දැන් අහු වෙන එක ගිලලා දානවා.. හික්ස්.. කාලා මලත් සැපයි කියනවනේ.. ඒ හන්දා වෙන්න ඇති.. අපේ අයියනම් මොන හු++++ අංකල් කියලා පටන් අරන් තමයි දවස් ගනින එකට උත්තර දෙන්නේ.. අපරාදේ කියන්න බෑ.. කෑම ටිකත් ඉක්මනට දිරවනවා අරක අහන් ඉද්දී...



එහෙනම් ඔන්න මං කට්ටියට කිවුවා.. ගිණි කන්ද පිපුරුවොත් මං නෑ.. වර්ණයත් නෑ.. එහෙම නොවුනොත් පහුවදාට පෝස්ට් එකක් තියෙවි වෙනදා වගේම හොදේ.. එතකන් කස්ටිය හොදින් ඉන්නලා... :)

Monday, 17 December 2012

ලොක්කා නැති දා

අපේ ලොක්කා ෆාමසියේ නැති බව ඉතින් අමුතු අළුත් දෙයක් නෙමෙයි නේ මගේ කලින් ඉදන් ෆාමසි කතා බලන් එන අයට.. ඒකා කවදත් නෑ.. හිටියත් ඉතින් නෑ වගේ තමයි.. ඒකා ඔෆිස් එකට රිංගගත්තට පස්සේ ආයේ මෙහෙ වෙන දේවල් දන්නේ නෑ.. ඔය ඉදලා හිටලා ෆොටො කොපි මැශින් එකට කොලයක් ගන්න හරි එක්කො මාව හොයාගෙන ආවොත් ඇරෙන්න ඒකා එලියටනම් එනවා බොරු.. දැං ඉතින් හිතනවා ඇති කට්ටිය ලොක්කා බරටම වැඩ කියලා.. මොන පික්ශුද? ඒකා Youtube රිංගලා අර ඌ නටන්න යන නැටුම් වල වීඩියෝ බල බල ඉන්නවා.. එහෙමත් නැත්නම් ස්කයිප් එකේ මල් කඩනවා.. මේ ලගදි මොකද්ද එහෙකට මං ඔෆිස් එකට රිංගද්දි මේකා කඩ්ඩෙන් කතාව..



“ you are my english teacher darling..”



ඒකා ස්කයිප් එකේ ඔන්ලයින් කඩ්ඩ මුවහත් කරනවා... ඒකත් පැණි හලන ගමන්ම.. හික්ස්.. අපේ මොකෝ ඉතින්.. උගේ කාර්.. උගේ පැට්‍රල් කිවුවලු... මං ලාවට හිනාවක් දාලා මගේ වැඩේ කරන් මං මාරු වෙලා ආවා..



හරි දැං කියන්න ආවේ ඒක ගැන නෙමෙයි නේ.. ලොක්කා මේ ටිකේ නෑ.. සති 2කට කොහේද ගිහින්.. ඔය කිවුවට ඕකා ඊට පරක්කු වෙනවා එන්න.. ටික දවසකට කලින් ලොක්කගේ දෙවනියා අයින් වෙලා ගිය හන්දා ඒ තැනට ආවේ ලයින් අක්ක.. ලයින් අක්කත් මේ පහු උන සෙනසුරාදා බැන්දලුනේ.. මාර දුකයි අෆ්ෆා.. ඉතින් අක්කත් වැඩට එන්නේ නෑ.. හනිමූන්.. එතකොට ඊට පස්සේ ඉන්නේ මම... කෝමත් ඉතින් යතුරු තියෙන්නේ මං ලගනේ... දැන් ඉතින් මේ ටිකේ ඔය මට උඩහින් ඉන්න අය ඔක්කොම නෑ.. මං තමා දං ලොක්කා..



ඔය අපේ ස්ටොක් මැනේජ් කරන්න ඉන්න එකා හෙනම ගල් ආදා... ඌ මාටියා පාර දෙන බවනම් මං හොදටම දන්නවා.. වැඩි දෙයක් ඕන නෑ.. ඌ ගෙදර බඩු ඉවර උනාම පුක පිහිදන කෝල රෝල් එක පවා උස්සන් යන්නෙත් ෆාමසියෙන්.. අන්න ඒ වගේ තමයි මිනිහගේ වැඩ.. තව තව දේවල් ගැන නම් ඉතින් කියන්න වචන නෑ.. මට පස්සේ ඉන්නේ ඒකා.. ඌට පස්සේ ඉන්න උන්ටනම් පොර හෙන සද්දේ දාගෙන ඉන්නේ.. මට නම් මගේ ලගට හොයාගෙන ඇවිත් ඌ අහන්න තියෙන දෙයක් අහන්නේ...



මේ දවස් වල අපිට නත්තල්නේ.. ඔය මේ කාන්තා පාර්ශවයේ බියුටි කචල් කරන බඩු විකුණන කම්පැනි වලින් මේ නත්තලට දෙන්න තෑගි එක එක එවුවා එවනවා..ආයෙ ඉතින් අහන්න දෙයක් නෑ.. වටින කමින් වැඩි මොනා හරිනම් ක්ලයන්ට්ලට බෙදනවා බොරු.. ඒවා බෙදා ගන්නේ අපි. අපිම තමයි.. ඔය වැඩකට නැති ලස්සන නැති මොනා හරිනම් ඒක අපි බෙදනවා.. ඒකත් ඉතින් අර අපේ අය සහනාධාර බෙදන ක්‍රමේට තමයි.. එන අයගෙනුත් තෝරලා බේරලා තමයි දෙන එකක් දෙන්නේ..



මේ පාරත් මොකද්දෝ ක්‍රීම් එකක් එවලා තිබුනා ක්ලයන්ට්ලට බෙදන්න... ඒක මෙන්න ගිය සඳුදා වෙද්දී ආවා.. ඒ එක්කම ෆාමසියෙන් ගහන කැලැන්ඩරෙත් ආවා.. මම නම් ආව ගමන් ගත්තේ ඒක... සමර් එකට ෆාමසි වහන කාලේ බලන්න.. ලංකාවට එන්නත් එපැයි.. කෙල්ලෙක් උස්සන් යන්න තියෙනවනේ ඉතින් මට.. ඕක අරන් එන්න දින වකවානු හිතා ගත්තට මොකද මට අර කිවුව තෑගි ගන්න අමතක් උනා... බදාදා මං වැඩ කර කර ඉද්දි අර බුවා එනවා මගේ ලඟට..



දිනේෂ් උඹ තෑගි ගත්තද ?”



ආ නෑ.. මං කැලැන්ඩරේ ගත්තා විතරයි..”



අමතක කරන්න එපා.. උඹත් අර ගනින්..”



හරි මං යද්දී ගන්නම්..”



නෑ එක්කො හිටපන් මං ගෙනත් දෙන්නම්..”



එහම කියලා මෑන්ස් ගියා.. මම ඒත් කල්පනා කලා හදිස්සියෙම මොකෝ කියලා..මටත් මොකෝ කියලා ඉද්දි මෙනන් මේකා එනවා අර තෑගි ජාති 6ක් දාලා බෑග් එකක් උස්සගෙනම..



දිනේෂ් මෙන්න මේක අරන් පලයන්.. මහ ගැණිට පේන්න ගෙනියන්න එපා..”



මාත් ඉතින් මට මොකෝ කියල ගත්තා.. අරගෙන ඒක පැත්තකින් තියලා හැරෙද්දි තමයි කේස් එක දැක්කේ. මට අරහෙම දීලා මෙන්න මූ අර තඩි තෑගි තියෙන පෙට්ටියක්ම ගිහින් දා ගත්තා උගේ කාර් එකට.. මාත් ඉතින් දැක්කා නොදැක්කා වගේ හිටියා මටත් මොකො කියලා..



ඊට පස්සේ කේ ස් එක උනේ මේ ගිය සිකුරාදා.. අර මම ෆාමසියට ආව අළුත් දොත්තොරෙස්සා ගැන කිවුවා මතක ඇතිනේ.. අන්න එයා තමයි මේ වැඩේ කලේ.. සුට්ටක් වැඩ නැති වෙලාවක මමත් හොරාට ලැබ් එකේ සයිඩ් එකක් අල්ලන් පොඩි මලක් කඩ කඩ හිටියා මගේ මදාරා මලත් එක්ක... එතකොට දැක්කා මෙයා හොර ගල් අහුලනවා.. මං ඉන්න තැනින් යන ගමන් හිනා වෙනවා.. එක විකාරයයි.. ටිකකින් එක පාරම පේන්නවත් නැතුව ගියා.. මං මගේ මලට පොඩ්ඩක් ඉන්න කියලා ටිකක් ඔළුව දාලා බැළුවා ඒ පැත්තට..මං ලොක්කගේ ඔෆිස් එක පැත්තට යනකොට මෙයා ඉන්නවා තෑගි වගයක් පාර්සල් කර කර... මං ලඟට එද්දි මං දිහා බලලා හිනා උනා.. මාත් හිනා උනා..



තෑගි වගයක් පාර්සල් කරනවා දිනේෂ්..”



අහ්.. හා.. හා..”



මාත් එහෙම කියාගෙන ලොක්කගේ ඔෆිස් එකට ගිහින් ආයෙ එන ගමන් ෆාමසියේ ඉස්සරහට ඔළුව දැම්මා.. ෆාමසිය වේලෙනවා.. මොකෙක්වත් නෑ බෙහෙත් ගන්න.. ඒ කියන්නේ මේ තෑගි ගන්නේ මෙයාට කියන එක.. අපිට ඉතින් ඔතන ඕනම බඩුවක් ගන්න පුළුවන්.. බෙහෙත්නම් සම්පූර්ණයෙන්ම නොමිලේ.. ගියා බාර් කෝඩ් එක රෙජිස්රට් කලා අරන් ආවා.. ඒකනේ මං නම් මෙහේ අසනීප වෙනවට බය නැත්තේ.. බෙහෙත් නිකන්නේ.. ඒ උනාට ඔය ක්‍රීම් අනන් මනම් නම් ගානෙන් භාගයක් ගෙවන්නම් ඕන... මෙයා ඒවා මුකුත් නෑ.. අර ටික ගත්තා පාර්සල් කර ගත්තා ගෙනිච්චා..



මීට මාසෙකට විතර කලින් ලොක්කා එක්ක මං කොහේට හරි යද්දී ඌ මාත් එක්ක කියනවා ෆාමසියට ගේන සමහර බඩු වලට වෙන දෙයක් නෑලු.. ස්ටොක් කම්පූටරේ රෙජිස්ටර් වෙලා තියෙන ගාන ඇත්තටම ස්ටොක්ස් වල නෑලු.. ඕක ඉතින් අහන්නත් දෙයක් යැ ඉන්න උන් මෙහෙම ඉහගෙනම නාද්දී.. දැං මට ඉහල ලොක්කො ඔක්කොම නෑ තව සතියකට.. මුං තව මොන මොනවා උස්සයිද දන්නේ නෑ..


දැං කස්ස්ටිය මොකද හිතන්නේ.. මං මේවා කියන්න ඕනද? පික්ශුද මං කියන්න නොයමි.. ඒකට හේතු දෙකයි..



  1. ලොක්කා අයිති කාරයා විදිහට දැන ගන්න ඕන මීට වඩා වගකීම්න් වැඩ කරන්න... ඇතුලේ මොකක් හරි වෙන බව දැන දැනම ඌ කෙල්ලෝ අරන් ලෝකේ වටේ යනවට මට කරන්න දෙයක් නෑ.. ඒක උගේ වරද.. ඒ හන්දා මම නොකියමි..

  2. උන් ඔක්කොම ඉතාලි කාරයෝ.. මම තමයි ඉන්න එකම හම කළු එකා.. උන් ඔක්කොම අන්තිමේ එක පැත්තක් වෙලා මටම ඇරලා දාලා ඉදියි..ඒ වගේ සත පහක ෂුවර් නැති බුවාලා ඉන්නෙ..හෙට අනිද්දා පවුලක් පන්සලක් වෙනන් ඉන්න මම ඕවා කියන්න ගිහින් ඉල්ලන් කන්න ඕන නෑ.. ලොක්කා මට කොච්චර හිතවත් උනත් කරන්න දෙයක් නෑ.. තමන් ගැන හිතන්න ඕන තැනුත් එනවනේ.. ඒ හන්දා මෙන්න මේ පින්තූරේ ඉන්නවා වගේ ඉන්න එක ශරීර සෞඛ්‍යට හිත කරයි...





දැන් ඔන්න ඔහොමලු තත්වේ.. හැබැයි ඉතින් ඕවා කොච්චර ඔහොම උනත් මේක පාඩු වෙලා වැහිලා නම් යන්නේ නෑ.. ඒ හන්දා කෝකත් එකයි..




Thursday, 13 December 2012

Twilight



Twilight නම් වැයම්පයර් වරුන් හා සම්බන්ද කරගෙන මනක්කල්පිත ලෝකයක ලියවුන කොටස් හතරකින් සමන් විත උන ආදර අන්දරය ඇමරිකානු ලේඛිකා Stephenie Meyer ගේ රචනයකි.. Washington හි Forks නගරය පාදක කරගෙන ලියවුන මෙහි කතාව ගලායන්නේ එහි ප්‍රධාන චරිතය වන Isabella Marie "Bella" Swan වටාය.. අවුරුදු 104ක් වයසැති Edward Cullen නම් වැයම්පයර් හා පෙමින් බැදෙන ඇගගේ කතාවේ ගලායාම මමේ කෘති හතර පුරාවටම දැකගන්න ලැබෙනවා...



2005 වසරරේ නිකුත් උන පළමු කෘතිය වන Twilight හි වෙළද පොල ප්‍රවේෂයත් සමග මෙම කෘතිය ලොව පුරාම ඉමහත් ජනප්‍රියත්වයක් ලබා ගන්නට සමත් වෙනවා... ඒ නිසාම ආර්ථිකමය අතිනුත් වැඩි ලාබයක් ලබන්නට මෙම කෘතිය සමත් වෙනවා..මෙම කෘතිය වටා එකතු උන වැඩි පිරිස යෞවනයන් වීම විශේෂත්වයක්.. මෙම කෘති හතරට ලැබුන සම්මානයන් අතර 2008 වසරේ British Book Awards හි වසරේ ළෑමා කෘතිය සදහා වන සම්මානය Breaking Dawn කෘතිය හිමි කර ගනිද්දි මෙමෙ කෘති හතරම Kids' Choice Awards හි ජනප්‍රියම කෘතිය සදහා වන සම්මානය දිනා ගෙන තියෙනවා...



2010 වසරේ ඔක්තෝඹර් මාසය වන විට මෙම කෘති හතරෙහිම අලෙවිය පිටපත් මිලියන 116ක් ලෙස දැක්වෙනවා.. එය භාෂා 38කින් ලොව පුරා නිකුත් කර හැර තියෙනවා...



මෙම Twilight කෘති මාලාව වැඩිම අළෙවියක් ඇති කෘති මාලාව ලෙස USA Today හි වාර්ථා අතර හුවා දැක්වෙනවා..ඒ අතරම මෙය The New York Times සඟරාව ප්‍රකාශයට පත් කරන වැඩිම අලෙවියක් ඇති කෘති ලේඛණයේ සති 235 පුරාවට රැදෙන්නට හැකිවි තිබෙනවා...



‍මෙම කතා මාලාව 2008 වසරේ සිට Summit Entertainment මගින් චිත්‍රපට මාලාවක් සදහා යොදා ගන්නවා.. 2008, 2009, 2010 වසර වල පළමු කෘති තුනත් සිවුවන කෘතිය කොටස් වදයෙන් 2011 සහ 2012 වසර වල තිරගත වෙනවා..



Twilight



කෘති මාලාවේ පළමුවැන්න මෙයයි.. 2005 වසරේ ඔක්තෝඹර් මස 5 වන දින ප්‍රකාශයට පත් කරනු ලැබුවා.. දාහත් හැවරිදි Isabella Marie "Bella" Swan, Arizona හි සිට Washington වෙත එන මොහොතින් මෙම කෘතිය ආරම්භ වෙනවා.. Washington හි පැමිණිමෙන් පසුව පාසල් සමයේදි වැම්පයර් කෙනෙක් හා ඇති කර ගන්නා පෙම් සභදතාවයත්, ඉන් අනතුරුව ඇගේ ජීවිතයට ඔහු නිසාම ඇතිවන නොයෙකුත් ප්‍රශ්ණ හා අනතුරු අතර පළමු කෘතිය විහිදි යනවා..



ඝණකවරයක මුද්‍රිත මෙමෙ කෘතිය 2005 වසරේ නිකුත් වීමත් එක්ක ඇසිල්ලකින් වැඩිම අලෙවියක් ඇති කෘතිය බවට පත් වෙනවා..පළමු සතියෙම The New York Times සඟරාවේ වැඩිම අලෙවියක් ඇති පොත් ලයිස්තුවේ 5 වන තැන හිමි කරගත් මෙය මසක් ඇතුලත එහි පළමු තැනට එන්න හැකියාව ලබා ගන්නකා..මෙම කෘතිය භාෂා 37කට පරිවර්ථනය කර ලොව පුරාම අලෙවිය සදහා බෙදා හැර තියෙනවා...



පළමු කෘතියෙන්ම මෙය විචාරකයන්ගේ බොහෝ පැසසුම් වලට ලක් වෙනවා.. බොහෝ විචාරකයන් මෙය හදුන්වන්නට යෙදුනේ "dark romance that seeps into the soul" ලෙසයි.. ඒ වගේම මෙහි ප්‍රධානම චරිතය වන Bella Swan ගේ චරිතය දුර්වල කාන්තා චරිතයක් ලෙසත් ඔවුන් හුවා දැක්කුවත් මෙය අතිශය ජනප්‍රිය කෘති පෙලක ආරම්භය වෙනවා...



මෙමෙ කෘතිය ආරම්භයේදි මුද්‍රණ සමාගම් 14ක් මගින් මෙහි මුද්‍රණය බාර ගැනිම ප්‍රතික්ෂේප කිරිමෙන් පසුව Little, Brown සමාගම මෙම කෘතියේ මුද්‍රණයයට කැමැත්ත පල කරනවා..





New Moon



දෙවන කෘතිය වන මෙහි ආරම්භයේ සිටම Edward සහ Bella ගේ ආදර අන්දරය විස්තර කෙරෙනවා.. කෙසේ නමුත් Edward තම සොහොයුරෙකුගෙන් Bella ට වන පහරදීමෙන් පසුව ඈව හැර යන්න තීරණය කරනවා.. Edward ගේ වෙන්ව යාමෙන් වේදනාවෙන් සිටින Bella ට ඇගේ වේදනාව අඩු කර ගන්න උදවු වෙන්නේ ඇගේ හොදම යාළුවෙන් විදිහට ඈට ලං උන Jacob "Jake" Black.. කෙසේ උවත් Edward ගේ සොහොයුරිය ඈ මුණ ගැසිමට පැමිණිමත් Jacob වෘකයෙක් බව දැන ගැනීමත් එක්ක ඇගේ ජීවිතේ ආයෙම කෙමෙන් පෙර තත්වයට පත් වෙනවා..



Stephenie Meyer ගේ අදහසට අනුවේ මෙම කෘතියෙන් ආදරය අහිමි වීම ඈ ලියන්න උත්සාහ කරනවා.. මෙම කෘතියෙහි Bella Swan ගේ ජීවිතේ අදුරු පැතිකඩ ඈ මනාවට නිරූපනය කරනවා.. Stephenie Meyer විසින් මෙම කෘතිය මෙහි පළමුවැන්න වන Twilight හි ප්‍රකාෂණයත් මත්තෙන් ලියා තබනවා.. Stephenie ගේ ප්‍රකාෂයට අනුව මෙය ලිවිමේදි ඈ බොහෝ අපහසුතාවන්ට ලක් වෙනවා... ඒ පළමු කෘතියට ලැබෙන පාඨක ප්‍රතිචර ගැන අවභෝදයක් නොමැති වීමයි...



2006 වසරේ සැප්තැම්බර් 6 වන දා පිටපත් ලක්ෂයකින් මේ මෙම කෘතිය ප්‍රකාෂයට පත් කරනවා.. ඇමරිකාව් ඒය ප්‍රකාෂයට පත් කිරීමත් එක්කම මෙය වැඩිම අලෙවියක් ඇති පොත් ලැයිස්තුවේ ඉහළටම එන අතරම එම වසරේ වැඩි දෙනෙක් බලාපොරොත්තුවෙන් උන් කෘතිය බවට පත් වෙනවා... ඒ වගේම 2008 වන විට මෙහි කෘති මිලියන 5,3ක් භාෂා 38කින් අළෙවි වෙනවා..





Eclipse



මෙම කෘතියේත් Edward, Bella ආදර කතාව විකාෂණය වෙන අතරම මෙමෙ කෘතිය පුරාවට් Edward අතරත් Jacob අතරත් සිදුවෙන Bella ගේ තේරිම කියවෙනවා.. 2007 අගෝස්තු 7 වන දින නිකුත් උන මෙම කෘතිය නිකුත් උන දිනම පැය 24 කාල සීමාවේ පිටපත් 150,000ක් විකිණි අවසන් වෙනවා...මෙම කෘතිය 2008 වසරේ සිව් වෙනියට වැඩිම ඇළෙව්යක් වාර්ථා කල කෘතිය බවට පත් වෙනවා.. තුන් කොන් ආදර කතාවක සුමට ගලායාම මනාවට ලිය වුන බව මෙම කෘතිය ගැන අදහස් දක්වන විචාරකයන් කියා සිටිනවා.. ඒ අතරෙම මෙහි අවසනයේ ඇතුලත් උද්දීපනය හා අවිනිෂ්චිත බව ඔවුන්ගේ දැඩි ප්‍රශංසාවට ලක් වෙනවා...





Breaking Dawn



Twilight කතා මාලාවේ සිව්වන සහ අවසාන කෘතිය ලෙස මෙය 2008 වසරේ අගොස්තු 2 දින ප්‍රකාෂයට පත් කෙරෙනවා.. මුල් කතා තුන පුරාවට ආදරයෙන් පෙළුන Edward සහ Bella ගේ විවාහය හා එයින් පසු තනිවෙන Jacob ගැන කෘතියෙහි මුල් කොටසින් කිය වෙනවා... විවාහයෙන් පසුව Bella මුහුණ දෙන අනපේක්ෂිත සිදුවීමුත්, ඇගේ වැම්පයර් කෙනෙකු ලෙස මාරු වීමත් අවසානයේ තම ආදරය රැක ගන්න කරන සටන මෙහි දෙවන අදියරෙන් කියවෙනවා..



2003 වසරෙදි Stephenie Meyer මෙහි කටුසටහනක් ලියූවත් ඇය එය පළමු කෘති තුනේ ජනප්‍රියත්වයත් එක්ක එහි අවසානයේ ඇය අවසන් ටික වෙනස් කරනවා.. කෙසේ උවත් ඇය කතාවේ ගලා යාමටකිසිම වෙනසක් කරන්නේ නෑ..



2008 වසරේ නිකුත් උන මෙම කෘතියෙහි වෙළද සැල් 4000ක පිටපත් මිලියන 3,7ක් අලෙවියට බෙදා හරිනවා..ඉන් ඇමරිකාව ඇතුලත මිලියන 1,3කුත් එංගලන්තය ඇතුලත් පිටපත් 20,000කුත් පලමු පැය 24 අතුලත අළෙවි වෙනවා.. මම කෘති පෙල ඉහල සාර්ථකත්වයක් හිමි කර ගන්නවා.. 2008වසර තුල පමණක් එහි පිටපත් මිලියන 6ක් අළෙවි වෙනවා.. එය 2008 වසරේ වැඩිම අළෙවියක් හිමි කර අත් කෘති අතර තුන් වන තැනට පත් වෙනවා..



කෙසේ නමුත් Breakking Down සදහා හොද හා නරක විචාර සම සමව ලැබෙනවා.. මෙමෙ කෘති පෙලෙහි මතබේදාත්මකම කෘතිය ලෙසත් මෙය සදහන් වෙනවා... භාෂා 38කට පරිවර්ථනය කල මෙය රටවල් 50ක ඉහළ අළෙවියක් ලගා කර ගන්නවා...





Isabella "Bella" Marie Swan




ඇය මෙම කතා මාලාවේ ප්‍රධාන චරිතයයි.. මෙම කතා මාලාවම ඈ වටා නිර්මාණය වි තිබෙනවා.. 1987සැප්තැම්බර් මස උපදින ඇය වයස අවුරුදු 17 දී Washington හි පදිංචියට නැවතත් එනවා.. breaklin down කෘතියෙන් Edward Cullen හා විවාහ වන ඇය Olympiv Coven නම් වැයම්පයර් පවුළට එකතු වෙනවා.. නමුත් ඇය තම කුළුදුල් දරු උපත වෙන තෙක්ම වැයම්පයර් කෙනෙකු නොවී සිටියත්, දරු උපතෙදී සිදුවන දැඩි වේදනාවෙන් මියදෙන්නට මත්තෙන් Edward ඇයව වැම්පයර් කෙනෙකු බවට පත් කරනවා..



මනුෂ්‍ය දියණියක්ව සිටියදි ඇය වැම්පයර්වරුන්ගේ මානසික ශක්තිය පිළිබදව හැදෑරීමක් කරනවා... පසුව ඇය වැම්පයර් කෙනෙකු වීමෙන් පසුව එම හැකියාව පලිහක් කරගෙන අනෙක් වැයම්පයර් වරුන්ගෙන් ආරක්ෂා වීමට යොදා ගන්නවා...





Edward Cullen





1901 ජුනි 20 වන දින චිකාගෝ ඉලනොයිස් හී උපත ලද Edward අති දක්ෂ පියානෝ වාදකයෙක්.. නමුත් පසු කලෙක හමුදා සෙබලෙකු වී වයස අවුරුදු 18 වන විට පලමු ලොක යුද්දය සදහා එකතු වෙනවා.. කෙසේ නමුත් Edward හා ඔහුගේ දෙමවුපියන්ගේ ජීවිත වල වෙනසක් ඇති වන්නේ 1918 ඔවුන්ට සෑදෙන රෝගයක් හේතුවෙන්.. එයින් අසාද්‍ය තත්වයට පත් වෙන Edward ගේ පියා මරණයට පත්වෙනවා.. ඉන්පසු ඔහුගේ මව ඔවුන්ගේ ප්‍රතිකාර සදහා වෛද්‍ය Carlisle Cullen වෙත ගෙන ගොස් ඔහුගේ සියළුම හැකියාවන් යොදා තම Edward ගේ ජීවිතය බේරා දෙන්නයි ආයාචනා කරනවා.. Carlisle ඇගේ ඉල්ලීම බාර ගන්නා විටත් Edward සිටින්නේ මරණාසන්නව.. Edward ගේ මවගේ මරණයෙන් පසුව Carlisle තම නිවස වෙත ගෙන ගොස් ඔහුව වැයම්පයර් කෙනෙක් බවට පත් කරනවා..



Edward හා Carlisle අතර තිබුන කිට්ටුම බැදිම නිසා Edward ඔහුට සලකන්නේ පියෙකුට වගේ.. Edward සතු අනික් අය කියවීමේ හැකීයාව මුලින්ම හදුනා ගන්නෙත් Carlisle.. Edward ඔහු සතු මෙම හැකියාව උපයෝගී කර ගෙන සමාජයේ වරදි සහගත් මිනිසුන්ගේ හිත් කියවා ඔවුන්ව ඝාතනය කරමින් ඔවුන්ගේ ලේ බොන්න පුරුදු වෙනවා.. වසර කීපයක් මේ දේට පුරුදු වීමෙන් පසුව ඔහු ඔහුගේ තීරණය වෙනස් කරමින් ඔහුගේ පවුලේ අය සොයා ගොස් සතුන්ගේ ලේ පානයට හුරු වෙනවා.. Emmett Cullen නම් ඔහුගේ සහෝදරයාව Edward ට හමු වෙන්නෙත් මරණාසන්නව සිටියදි ඔහුට Edward ට මෙන් ජීවිතය ලබා දීමෙන් අනතුරුව..



Edward හා ඔහුගේ පවුලේ අය ඇලෙස්කාවේ සිටින කාලයේ ඔවුන්ට Denali Coven නම් වූ අනෙක් සත්ව රුධිරය පමනක් බොන කණ්ඩායම මුණ ගැහෙනවා.. එම කණ්ඩායමනේ නායිකාව වෙන Tanya ඔහුට කැමැත්තක් දැක්කුවත් Edward ඇයට ආකර්ෂණය  වන්නේ නෑ... 2005 වසර වන විට Edward පාසල් හා විශ්ව විද්‍යාල කීපයකටම ඇතුලත්ව වෛද්‍ය විද්‍යා උපාදි දෙකක් සහ විවිධ විශයන් විශාල ගනනක් හදාරනවා..





Jacob Black




1990 උපත ලබන Jacob කුඩා කල සිටම Bella ගේ මිතුරෙක් උවත් ඇය Washington haa Arizona වල කාලය ගත කිරීම නිසා ඇයා හා සමීප කිට්ටු සබදතාවක් ඇතිකර ගන්න ඔහුට බැරි වෙනවා... ඔහුට වයස අවුරුදු 9 වන විට වාහන අනතුරකින් ඇගේ මව මිය යනවා..ඒ අනතුරින් ඔහුට ඉක්මනින් සුව අතට එන්න ඇගේ සොහොයුරියන් දෙදෙනා උදවු කරනවා.. නමුත් ඔවුන් නිවසින් නික්ම යාමත් එක්ක නිවසේ පියා හා තනි වෙන්නේ Jacob.. තම පියා හා වාසය කිරිමට Jacob ප්‍රිය කලත් ඔහු ගැන වැඩි හොයා බැලීමක් කරන්න ඔහු පෙළබෙන්නේ නෑ.. ඔහු ඔහුගේ පවුලේ සංස්කෘතින් පිළිගැනීම එක හෙලාම බැහැර කරනවා..



Cullen පවුල Forks වෙත පැමිනෙද්දි ඔහුගේ පියා ඊට දැඩි ලෙස අකමැති වෙන්නේ ඇයිදැයි ඔහුට හැගෙන්නේ නෑ.. නමුත් ඉන් පසුව ඔහුගේ පියා කියා තිබූ පරිදිම ඔහුගේ සැබෑ සරූපයට ටිකින් ටික මතුවන්නට ඔහු පටන් ගැනෙනවා..





Twilight කෘතියක් ලෙසත් චිත්‍රපටියක් ලෙසත් ලොව පුරාම ඉමහත් ජනප්‍රියත්වයක් ලබා ගන්නවා.. කෘතියෙහි සදහන් වන තොරතුරු මෙම සටහනට පාදක අර ගෙන ඇත..










Sunday, 9 December 2012

සුරංගනාවියකට

ජීවිතේ එක කාලයක් තිබ්බා.. අඳුරුම අඳුරු, ගහක් කොලක් නැති මාවතක් දිගේ ඇවිදන් ගියපු.. කිසිම අරමුණක් තිබ්බේ නෑ.. ඒත් දවසක් අහම්බෙන් වගේ ඒ මාවතේ ඈත කෙලවරක මම පුංචි හෙවනක් දැක්කා.. ලස්සන කොල පාටට ඈතින් දැක්ක හෙවනක පොඩ්ඩක් නැවතුනේ කිසිම බලාපොරොත්තුවක් නැතුව..


ඒත් එදා එතනදි අහම්බෙන් වගේ සුරංගනාවක් මගේ ලෝකෙට ආවා.. කතා කලා.. එයාගේ වචන විතරක් මට ඇහෙන්න ඉඩ දුනා.. ඇත්තටම ඒ වචන මිහිරියි.. විඩාබර හිතට පුංචිම පුංචි සතුටක් ඒ වචන වලින් ලැබුනා..


ගොඩක් වෙලා ඒ වචන අතරේ තනි වෙලා මම ඒ සුරංගනාවි එක්ක කතා කලා.. ජීවිතේ වෙනස් කරන තරමේ බලාපොරොත්තු මේ පාළුවෙන් තිබ්බ හිතට ඒ සුරංගනාවි අරන් අවා..



ඒ වචන අතරින් මිදිලා මට ඒ ලස්සන සුරංගනාවි දකින්න ඕනවුනා.. මම පුංචි ඉල්ලීමක් කලා.. මුලින් ටිකක් අකමැතිවුනත් පස්සේ ඒ සුරංගනාවී මගේ ඉස්සරහට ආවා.. වචනයෙන් කියන්න බැරි තරමට ඒ ලස්සන හිනාවට ඒ ලස්සන ඇස් වලට මම ටිකින් ටික ආදරේ කරන්න පටන් ගත්තා.. නොදැන්නුවත්වම මගේ හිත ඒ සුරංගනාවිට ඇදිලා ගිහින් තිබ්බා..



තව කාලයක් හංගන් ඉන්න ඕන නැති නිසාම ඒ ආදරේ මම ඒ සුරංගනාවිට කිවුවා.. එච්චර වෙලා මූනේ පිරිලා තිබ්බ හිනාව ටිකකට වෙනස්වුනා.. එක කඳුළු අතීතෙක රිදුන හිතයි ඒ බැඳුන අත්තටුයි හෙමින් ඒ සුරංගනාවි මට පෙන්නද්දි මේ හිත තවත් ඒ සුරංගනාවිට ආදරෙන් බැඳුනා.. කලින් තිබ්බටත් වැඩිය ආදරයක් මේ හිතේ ඒ සුරංගනාවි ගැන ඇති වුනා..



මම හෙමින් හෙමින් ඒ බැඳුන අත්තටු ලිහුවා.. කාලෙකින් නිදහසේ දිග නොහැරුන පියාපත් ආදරෙන් පිරිමැද්දා.. ඒ තුවාල වුන හිතට ආදරේ අරන් ගියා.. දැනුන වේදනා ටිකක් අඩු වෙද්දි ඒ සුරංගනාවි වෙනද වගේම ආදරෙන් හිනාවුනා.. ජීවිතේ සතුට වෙනද වගේම දකින්න විඳින්න පුරුදුවුනා..



ඒ සුරංගනාවිට මම මගේ ජිවිතේ තරමටම ආදරේ කලා.. සුරංගනාවිත් ඒ තරම්ම ආදරයක් මට අරගෙන ආවා.. ඒ ආදරේ හින්දම සුරංගනාවිගේ පියාපත් වෙනද වගේම ලස්සනට දිග හැරුනා.. ඒ මූණ වෙනදටත් වැඩිය එළිය වෙලා.. මෙච්චර කාලයක් දැක්ක ලෝකෙට වඩා ගොඩාක් ලොකු ලෝකයක් ඒ දෑස් වලින් දකින්න පටන් ගත්තා..



මේ පියාපත් එක්ක මට දැන් නිදහසේ පියාඹන්න පුළුවන් කියලා සුරංගනාවි කියද්දි මගේ හිතට ලොකු සතුටක් දැනුනා..ඒ මූණේන් මම දැක්ක සතුට මගේ හදවතින් මම විඳින්න පුරුදුවුනා.. ඒ පියාපත් එක්ක ජීවිතේ නිදහස විඳිද්දි පියාපත් වගේම වෙනද දුකින් තිබිලා සැනසුන හිත ගැන මම අහුවා..



" ඒ හිත දැන් ඔයා ලඟ.. ඔයා ලඟ විතරමයි.."



සුරංගනාවි ආදරෙන් තුරුල් වෙලා කියද්දී මේ හිත ගොඩක් සතුටු උනා.. කාලයක් එකම තැනක එක ලෝකෙක හිර වෙලා හිටිය ඒ සුරංගනාවි අද අහසේ නිදහසේ ඉඟිල්ලෙනවා.. ඒත් තාම අර පරණ පුරුදු කොළ පාට ගහ ලග විතරයි කියලා මම දන්නවා..



දැන් එතනිනුත් එහාට පියාඹන්න කාලේ ඇවිත්.. සුරංගනාවි ජීවිතේට ලංවුන හින්දම කාලයක් අඳුරේ පාළුවට ඇවිදන් ආපු මාවත දැන් ගොඩක් කල එලි වෙලා.. ටිකක් දුරින් පේන සොදුරු නිම්නයක් අපි දෙන්නම එනකම් මග බලන් ඉන්නවා ..



මේ මාවත දැන් ලස්සනයි.. ආදරය ඒ මාවත ලස්සනට සරසලා.. ගොඩක් දුර ඈතක නැති නිම්නය අපි එකනම් මඟ බලනවා.. "ආදරෙයි මම මගේ ලස්සන සුරංගනාවිට.. මේ ජිවිතේ තියෙන තුරාවට.."



මේ මාවත දැන් ලස්සනයි.. ඇත්තමයි.. ඒක මම වගේම ඔයත් විශ්වාස කරනවා.. මෙච්චර දුරක් ඇවිදන් ආපු මඟ දිගට වැටුන කඳුළු වලින් ලස්සන ගහ කොල මල් පිපිලා ඔයා ආයෙම හැරිලා බැලුවොත් පෙනේවි..

අපේ ජීවිත අළුත් වෙලා.. අපි අපිට මුන ගැහුන දවසේ ඉදන් අපේ ජිවිත කොයි තරම් අළුත් වෙලාද.. අළුත් බලාපොරොත්තු අළුත් හීන මේ ජිවිතේට දැන් ගොඩක් ලං වෙලා..

ඒත් ඒ හීන අතරේ තියෙන ලොකුම හීනේ අපි එකතු වෙන්නේ කවද්ද කියන එක.. ඇත්තටම මම ඒ දවස ගැන ලොකු හීන දකිනවා සුදු.. ඔයා ලස්සනම ලස්සන මනාලියක් වෙලා අපිට ආදරේ කරන හැමෝම අතරෙන් ඔයා මගේ ලගට එන දවස ගැන ලොකුම ලොකු හීනයක් මේ හිතේ තියෙනවා..

ලැජ්ජාවෙන් බිම බලන් ඉන්න ඔය ඇස් දිහා මාත් හොරෙන් බලන්න.. වෙනදට හැංගුවට එදාට හංගන්න බැරි හිනාව දිහා හොදට බලන් ඉන්න.. ඔය අතට මංගල මුදුවක් දාලා ඔයාව හැමදාටම මගේ නමට ලියාගන්න මේ හිතේ ලොකු හීන තියෙනවා සුදු..

අත්සනක් නැතිවුනත් අපි දැනටත් හිතින් අපේ පවුල් ජීවිතේ පටන් අරන් ඉවරයි.. ඒ වුනත් සුදු ලස්සන මංගල සාරියක් ඇඳලා සුදු ලස්සන මල් කලඹක් අතේ තියන් මං දිහා බලාගෙන හිනා වෙලා එන ඔයාව හිතින් මවා ගත්ත වෙලාවල් අනන්තයි සුදු.. හිතේ ඒ වෙලාවට මැවෙන ඔයා එදාට තවත් ලස්සනට ඉඳියි..

ඒ දවස වැඩි ඈතක නෑ කියලා මගේ හිතට ගොඩක් විශ්වාසයි සුදු.. ඒ ලස්සනම ලස්සන දවස එනකන් මම මඟ බලාගෙන ඉන්නවා...



මාස 6 ගෙවිලා ගියා තේරුණේ වත් නෑ සුදු.. ඇත්තටම මේ දවස් හරි ලස්සනයි.. ජීවිතේ වැඩියෙන්ම හිනාවුන දවස් මේ මාස 6යේ ඕන තරම් ලියවිලා ඇති.. ඒ එක්කම අද ඔයාගේ උපන්දිනේ.. හරියටම රෑ 12ට ඔයාට කතා කරලා සුභ පතද්දි මං ලඟින් හිටියනම් කියන හැඟීම ඔයාගේ ඇස් වල මං ගොඩක් දැක්කා... දැනෙන්න විඳගන්න අපි ලඟ නැතිවුනත් ඔයා ගාව මං හැම වෙලාවකම ඉන්නවා..



ගෙවිලා ගිය මාස 6 වගේම තව ඉතුරු වෙලා තියෙන්නෙත් මාස 6ක් විතරමයි.. ඔයා හැමදාටම මගේම වෙන්න.. මගේ ආදරණීය බිරිඳ වෙන්න.. ඊට පස්සේ ඔයා ආසම කරපු වාසගම හැමදාටම ඔයාගේ.. "ඔයාට මං ගොඩාක් ගොඩාක් ගොඩාක් ආදරෙයි මගෙ පැටියෝ.." ඔයා සතුටින් බව දන්නවා.. ඒ හන්දා සතුටින් ඉන්න කියලා කියන්න ඕන නෑ.. මං ලඟට එනකන් පරිස්සමින් ඉන්න... ඔයාට සුභම සුභ උපන්දිනයක්.. බුදුසරණයි මගෙ පැටියෝ..


ප.ලි - ඔයා මාව අමාරැවේ දලා ගියානේ හොරාට. මෙන්න මගෙන් කට්ටියටම කෙක්. = සිහින මදාරා.