Friday, 30 November 2012

සාරා අවසානය - පාපොච්චාරණය

සාරාගේ මිණිමැරුම සියදිවි නසාගැනීමක් ලෙස ඩේවිඩ් හැමෝම ඉදිරියේ ප්‍රකාශකර මසකුත් ඉක්මවා ගොස් තිබුනි.. රොනල්ඩ් හා ජෝන් අතර මතබේද සුපුරුදු පරිදිම වැඩිවෙමින් තිබියදී රොනල්ඩ් නිතරම විත් ඩේවිඩ් හමුවේ පැවසුවේ ඔහු සාරාගේ සියදිවි නසාගැනීම පිළිනොගන්නා බවය... ඒත් ඒ හැම දේකටඩේවිඩ් තමන් ලග වූ සාක්කි මත රොනල්ඩ්ට  ඇගේ සියදිවිනසාගැනීම ගැන ඒත්තු ගන්වන්නට බොහෝඋත්සාහ දැරීය..

ඩේවිඩ්ගේ සහායකයකු නිතරම ජෝන් ලුහු බැද ගියේ සාරාගේ මරණයට ජෝන් නිතැතින්ම සැකයට බදුන් වූ නිසාය.. සාරාගේ මරණය සිදු වූ දින ජෝන්ගේ නමින් නිවාඩු දිනයක් සදහන් උනේ කෙසේදැයි යන්න ගැන ඩේවිඩ් නිරතුරුවම තම පරීක්ෂණයන් මෙහෙය වීය...

මරියා ගැන තොරතුරු සොයා දින කීපයක්ම ලුසියානා වෙත ගිය ඩේවිඩ්ට ඉන් කිසිම ප්‍රතිඵලයක් ලබා ගන්නට නොහැකි විය.. ලුසියානා වලත් වික්ටෝරියා වලත් මරියාගේ නිවස ආසන්නයේ නිතරම ඩේවිඩ්ගේ සහායකයකු නැවතුනේ සාරාගේ මරණය සියදිවි නසාගැනීමක් ලෙස ප්‍රකාෂ වූවාට පසු ඈ යලි දැක ගැනීමට හැකී වේයැයි සිතු නිසාය..

හෙමින් දවස් එකින් එක ගෙවි යන්නට විය... වික්ටෝරියා වලට බටහිරින් සිදුවූ පැහැරගැනීමක් ගැන පරීක්ණ ඩේවිඩ්ට බාර විය.. මේ වන විටත් හැමෝගෙම අවදානය සාරාගේ මරණය තුලින් ඈත්ව යන්නට පටන් ගෙන තිබුනි...

සර් සාරාගේ පරීක්ශණය තාමත් එකම තැන වගේ නේද ?”

හ්ම්ම්.. අනිත් අයට පේන්න තියෙන්නෙ නම් එහෙම තමයි...”

ඒ කිවුවේ සර් මොනා හරි හොයාගත්තද ? මේ කේස් එක ගැන උනන්දු වෙන නිසා මට සාරා ගැන හොයන්න වෙලාවකුත් නැති උනා...”

හොයා ගත්ත දේවල් නම් එච්චර නෑ ස්මිත්.. ඒත් වැදගත් වෙයි කියලා හිතෙන ගොඩක් දේවල් මේ ටික දවසට හොයා ගන්න පුළුවන් උනා..”

ඒ මොනවද සර් ?”

තම සහයකයාට පිළිතුරු දෙන්නට සැරසෙත්ම නාද උන තම කාර්‍යාලයේ දුරකථනයට මොහොතක් සවන් දුන් ඩේවිඩ් හිදහගෙන උන් පුටුවෙන් නැගිටුනේ කලබලයෙනි...

ස්මිත්.. අපි දැන්ම රොනල්ඩ්ගේ ගෙදර යන්න ඕන...”

දුරකථක කතා බහ නිමා කරත්ම කාර්‍යාලයෙන් නික්මුන් ඩේවඩ් ස්මිත් සමග රොනල්ඩ්ගේ නිවස බලා ආවේ හැකි ඉක්මනිනි..මඟදී කිසිවක්ම නොකියූ ඩේවිඩ්, රොනල්ඩ්ගේ නිවස ලගදි තම හඬ අවදි කලේය...

අපි හදිස්සියෙම මෙහෙ ආව බව අඟවන්න එපා ස්මිත්..”

හරි සර්..”

රොනල්ඩ්ගේ නිවසට ඇතුළු ගේට්ටුව අසල නවතා තිබුන ලොරි රථ වල ඒ වන විටත් රොනල්ඩ්ගේ නිවසේ බඩු භාණ්ඩ අසුරා තිබුනේය... නිවස අසලින් වාහනය නැවතු ඩේවිඩ් හා ස්මිත් නිවසට ඇතුළු වන විටත් නිවසින් හරි අඩක් පාළු වී ගොස් තිබුනේය...

මහත්වරු මේ වෙලාවේ?”

නිවසට හිටි හැටියේම ඇතුළු උන ඩේවිඩ් හා ස්මිත් දුටු රෝනල්ඩ්ගේ සේවකයා ඔවුන් අසලට ආවේ මුහුණේ බැරෑරුම් පෙනුමක්ද මවා ගනිමිනි..

ඔවු කෝ රොනල්ඩ් නැද්ද ?”

ලොකු මහත්තයා තව ටිකකින් ඒවි...”

රොනල්ඩ්ගේ සුවිසල් නිවසෙහි වූ සෑම ගෘහ භාණ්ඩයක්ම නිවසින් බැහැර කර තිබෙනු ඩේවිඩ් හොදින්ම නිරීක්ෂණය කලේය... සෑම දෙයක් දෙසම බලාගෙන ආලින්දයට ආ ඩේවිඩ් ගිණි උදුන ලගින් හිද ගත්තේ ඩේවිඩ් එන තුරු අපේක්ෂාවෙනි...

ආලින්දයේ හැම අතක්ම පාළුවට යද්දි ඩේවිඩ්ගේ දෑස ඉබේටම යොමු උනේ සාරාගේ නිසල සිරුර වැරි තිබු තැනටය.. හදිසියේම ඩේවිඩ් දුටු දෙයින් ඔහුගේ දෑස් අදහා ගන්නට නොහැකි විය... හිද හිටි පුටුවෙන් නැගිටුනු ඩේවිඩ් සාරාගේ සිරුර තිබු තැනට විත් එහි කිසිවක් වෙනස් නොකරන්නයි හදිසියේම උපදෙස් දීය..

ඇයි සර් හදිස්සියේම ?”

අපි රොනල්ඩ් එනකම් ඉමු ස්මිත්..”

කිසිවක් නොකියු ඩේවිඩ් ආලින්දයේ කිසිවක් වෙනස් කරන්නට නොදී රොනල්ඩ් එනතුරු පැයක් පමණ මග බලා සිටියේය...

…..................................

මිස්ටර් ඩේවිඩ්.. අද හදිස්සියෙම මෙහෙ ?”

ඔවු රොනල්ඩ්.. අපි කතා කරමු.. සාරා ගැන..”

රොනල්ඩ්ගේ මුහුණ වෙනස්ව ගියේ මොහොතිනි... ආලින්දයේ ඉතිරිව තිබු පුටු අතරින් එකක වාඩි වු ඔහු ඩේවිඩ් දෙස බලා සිටියේ ඔහු කතාව පටන් ගන්නා තුරුය...

රොනල්ඩ් ඇයි මේ හදිස්සියෙම ගේ වෙනස් කරන්නේ ?”

එහෙම විශේෂ හේතුවක් නෑ මිස්ටර් ඩේවිඩ්.. පරණ මතකයන් වලින් ටිකක් ඈත් වෙන්න...”

ඈත් වෙන්නද එහෙමත් නැත්නම් යටපත් කරලා පැනලා යන්නද ?”

මට තේරුනේ නෑ මිස්ටර් ඩේවිඩ්..”

සාරා.. ඔබේ බිරිඳ.. ඇය සිය දිවි නසා ගත්තේ නෑ කියලා ඔබ හොදටම දන්නවා.. ඒක මිණිමැරුමක්..”

රොනල්ඩ්ගේ මුහුණ ටිකින් ටික අඳුරු වන්නට විය... හිදගෙන සිටි අසුනින් නැගිටුන රොනල්ඩ් දෙසට පැමිණියේය...

ඔවු.. රොනල්ඩ් ඇරෙන්න ඒ ගැන කියන්න දන්න වෙන කෙනෙක් නෑනේ..”

ඒ කිවුවේ ?”

සාරාව මැරුවේ රොනල්ඩ්.. රොනල්ඩ් තමයි සාරාගේ මිණිමරුවා..”

මේ මොන විකාරයක්ද ඩේවිඩ් ?”

විකාරයක් නෙමෙයි.. විකාරයක්නම් මේ මොකද්ද ?”

රොනල්ඩ්ගෙන් ඈත් උන ඩේවිඩ් සාරාගේ සිරුර වැටි තිබු තැන වූ විශාල සෝෆාව ඔසවනයි ආලින්දයේ ගෘහ භාණ්ඩ පටවමින් උන් තරුණයින් දෙදෙනකුට විදාන කලේය... මොහොතකින් රොනල්ඩ්ගේ දෑස මවිත විට.. සෝෆාව යටි පැත්තේ සාරා ලෙයින් ලියා තිබු රොනල්ගේ නම එතෙක් වේලා රොනල්ඩ් වසන් කරන් ඉන්නට උත්සාහ කල සියල්ලක්ම අසාර්ථක කරලීය..

සාරා එයාට තියන්න පුළුවන් වැදගත්ම සාක්කිය අපිට ඉතුරු කරල ගිහින් තමන්ගේ මිණිමරුවව හොයා ගන්න..”

මම්..ම්..”

රොනල්ඩ්, දැන් හැම දෙයක්ම එලි වෙලා ඉවරයි.. තවත් නීතියෙන් ගැලවෙන්න හිතාගෙන බොරු කරන්න උවමනා නෑ..”

ඔව්.. සාරාව මැරුවේ මම..”

දිගු සුසුමක් පිට කරමින් නීතියෙන් මිදි පලායන්නට හැදු වරද රොනල්ඩ් හැමෝම ඉදිරියේ පිළිගත්තේ තව දුරටත් පලා යන්නට මඟක් ඔහුට නොතිබූ නිසාය...

එදා මම හවස 7 වෙද්දි රෝහලේ වැඩට ගියා.. ගොඩාක් දේවල් හිතේ හොල්මන් කර කර තිබුනේ.. සාරා ජෝන් නිසා අම්ම කෙනෙක් වෙන්න හිටියේ... ඒත් සාරා මොකක් හෝ හේතුවක් නිසා ඒ දරුගැඹ නැති කරන් තිබුනා.. ඇය නොදන්නවා උනාට ඒකට ඇය උදවු අරන් තිබුනේ මම හොදින්ම අදුනන වෛද‍්‍ය වරයෙක්ගෙන්.. ඔය හේතුව නිසාම අපි අතර ගොඩක් ප්‍රශ්ණ ඇති උනා... රණ්ඩු ඇති උනා.. මට ඕන උනා මේ හැම දේකටම අවසානයක් තියන්න...”

ඒ හන්ද රොනල්ඩ් එදා කාටත් නොකියා රෝහලෙන් ඇවිත් සාරාව මැරුවා..”

ඔව්.. එදා රෑ 10 විතර වෙද්දි මට කරන්න ඒ තරම්ම රාජකාරියක් තිබුනේ නෑ... අනිත් හැමෝටම කියලා මම මගේ විවේකාගාරයට ගිහින් කාටත් නොපෙනෙන්න රෝහලෙන් පිට වෙලා ආවා... ඇවිත් මම මට උවමනා කල දේ ඉටු කරගෙන ආයෙම කාටවත් නොපෙනෙන විදිහට රෝහලට ගියා..”

සාරාට මානසික ආභාදයක් තිබ්බ බව රොනල්ඩ් දැනන් හිටියා.. එහෙම නේද? ඒ නිසයි සාරාව ඒ තරම් දරුණු විදිහට තුවලා කරලා මරණයට පත් කලේ... මොකද ඔබ දැනන් හිටියා එහෙම කලාම ඒක පස්සේ සියදිවි නසාගැනීමක් කියලා ඔප්පු වෙයි කියලා...”

ඔව්.. ඒ ගැන මම දැනන් හිටියා.. ටික කාලෙකදි සාරාගේ හැසිරීමේ ඒ බව මම දැක්කා.. සාරට හොරෙන් මම ඇගේ ලිපිගොණු පරීක්ෂා කරද්දි මට සාරාගේ පරණ වෛද්‍ය වාර්ථා හැම එකක්ම හම්බුනා... සාරා ගැන තොරතුරු හොයද්දි මේ දේවල් ගැන දැන ගත්තොත් මට වාසියක් වෙන බව මම දැනන් හිටියා... ඒ නිසයි ඒ හැම දෙයක්ම ඒ විදිහට කලේ..”

එතකොට ජෝන්.. ජෝන්ගේ බොරු නිවාඩු ඉල්ලුම හැදුවෙත් රොනල්ඩ්ම නේද ?”

ඔව්.. ජෝන් සාරාගේ ජීවිතේට ආයෙම එන්න කලින් සාරයි මමයි ගොඩක් සතුටින් හිටියා... ඒත් ජෝන් නිසා ඒ සතුට හැම එකක්ම නැති වෙලා ගියා.. මට ඕන උනේ ජෝන්ගෙනුත් පලි ගන්න.. ජෝන් වැඩ කරන තැන සේවකයෙක්ට මුදල් දීලා මේ හැම දෙයක්ම වෙනස් කලේ මම.. ඒ සාරාගේ මිණිමැරුමට ජෝන්ව අහු කරන්න.. මම බලාපොරොත්තු උනා වගේම ජෝන්ව මේ සිද්දියට පැටළුනා...ඒත්..”

ඒත්, නීතිය ඉස්සරහා ජෝන් වැරදි කාරයා කරන්න පුළුවන් උනේ නෑ.. එහෙම නේද රොනල්ඩ් ?”

ආලින්දය පුරාවට පැවතියේ මොහොතක නිහැඬියවකි... හැමදාම දුටු රොනල්ඩ්ගේ තේජාන්විත පෙනුම වෙනුවට පරාජිතයකුගේ පෙනුමක් රොනල්ඩ්ගෙන් පෙනෙන්නට විය...

මරියා මේ හැම දෙයක්ම දැනන් හිට්යා නේද රොනල්ඩ්. ?”

ඔව්..”

මරියත් ඔබත් අතර සම්බන්දයක් තිබුනා... මම හරි නේද ?”

ඔව්.. සාරාගේ ජීවිතේට ජොන් ආයෙම ආවට පස්සේ මට නොලැබුන දේවල් ලබා ගන්න මම මරියා ලගට ගියා.. ඒක ආදරයක්ම නොවුනත් මම මරියගේ ඇසුරට කැමති උනා..”

මරියා මේ හැම දෙයක්ම දැනන් හිටියා නේද ?”

ඔව්.. සාරාව මම මරපු බව මරියා දන්නවා.. ඒ ගැන දැන ගත්තම මරියා බය උනා.. ඒ හන්දම මට සිද්ද උනා මරියව මේ දේවල් වලින් ටිකක් ඈත් කරලා තියන්න...”

දැන් කෝ මරියා ?”

මම මරියව නිකොලෝසි වල මගේ වතුයායේ හිගින් නැවැත්තුවා...”

ගිණි උදුන අසල පුටුවකට වී සියල්ල අසාගෙන සිටි ඩේවිඩ් නැගිට සාරාගේ සිරුර තිබු තැනට පියවර කීපයක් ඇවිදන් ගියේය...

රොන්ල්ඩ් හිතුවට වැඩිය හැමදේම වෙනස් වෙනන් තිබුනා... සාරා රොනල්ඩ්ට ආදරේ කලා.. බීමතින් ජෝන්ගෙන් උන වරද නිවැරදි කරන්න තිබුන එකම විදිහ දරුගැඹ නැති කරන එක කියලා සාරා හිතපු නිසයි ඒ දේ කලේ.. ඒ රොනල්ඩ්ට ලං වෙන්න ඕන නිසා.. ඒත් රොනල්ඩ් ඉක්මන් වෙලා හැම දේම වෙනස් කර ගත්තා..”

පාපොච්චාරණයෙන් පසුව නිහඬවම බිම බලාගෙන උන් රොනල්ඩ් ලගට ලං උන ඩේවිඩ් ඔහු හිද හිටි පුටුව වෙතට බර විය..

රොනල්ඩ්, සාරා බ්ලැක්ගේ මිණිමැරුමට මම ඔබව අත් අඩංගුවට ගන්නවා...”


 නිමි..


ප.ලි - 

ත්‍ය සිද්ධියක් සුරිනි..

ඝා, ඝායා හා පොලිස් රීක්ලින් සු අසායේ ඝායා මු වූ අයුරු හැරෙන්තාවේ අනෙක් හැසිදුවීම් පෙලක්ගේ හිතේ දුතාවක් ලෙලියා ත..  



Wednesday, 28 November 2012

සාරා 8 - සියදිවි නසාගැනීමක් ?

බලාපොරොත්තු කඩ වී නිමා කරන්නට තිබුන දවසක් අවසානයේ රොබට් කියන්නට යන දෙය ඩේවිඩ්ගේ හිතට මහත් අස්වැසිල්ලක් සේ දැනෙන්නට විය... කලින් කිසිම කෙනෙකු නොකියූ සාරාගේ මානසික අභාදය සාරාගේ මරණය ගැන ඩේවිඩ් හිතා සිටි සියල්ල මොහොතකින් වෙනස් කලේය...

දිගටම කියන්න රොබට්..”

සාරා මැඩම් ගෙදර ඉන්න කාලෙත් කීප වතාවකම ජීවිතේ නැති කර ගන්න උත්සාහ කලා..”

සාරා කොයි කාලෙද අසනීප උනේ ?”

ගොඩක් පොඩි කාලේ.. සාරා මැඩම්ගේ තාත්තා නැති උනායින් පස්සේ තමයි මැඩම් ටිකින් ටික අසනීප වෙන්න පටන් ගත්තේ.. සාරා මැඩම්ගේ අම්මා දෙවනි විවාහය කර ගත්තට පස්සේ ලැබුන අඩු සැළකිලි එක්ක සාරා මැඩම් තව තව අසනීප උනා..”

ඉතින් ගෙදර කවුරුවත් සාරාට බෙහෙත් කරන්න උනන්දු උනේ නැද්ද ?”

මුල් කාලෙදි ඔවුන් ලැජ්ජා උනා මේ ගැන අනිත් අය දැන ගන්නවට.. ඒත් පස්සේ ගෙදරදි සාරා මැඩම්ව පාලනය කර ගන්න බැරි වෙද්දි තමයි මානසික රෝහලට ගෙනිච්චේ..”

එහෙදී සාරාට සනීපයක් ලැබුනද ?”

අවුරුදු එකහාමාරක් වගේ සාරා මැඩම් මානසික රෝහලේ හිටියා... එතනදි මැඩම්ට ගොඩක් සනීප උනා.. ඊට පස්සේ ආයෙම මැඩම්ව ගෙදර එක්කගෙන ආවා.. ඒත් සමහර වෙලාවල් තිබුනා අසනීපය ආයෙම අළුත් උනා..”

ඊට පස්සේ රොබට් ?”

අසනීප තිබුනා උනත් මැඩම් ඉගෙන ගන්නත් දක්ෂයි... ඒ හන්දම මැඩම් ගොඩක් ඉහලට යනකම් ඉගෙන ගත්තා.. ඒ අතරෙදි තමයි මැඩම් රොනල්ඩ් සර්ව බැන්දේ...”

කසාදෙන් පස්සෙත් සාරා අසනීප උනාද ?”

ඒ ගැනනම් කියන්න දන්නේ නෑ සර්... මොකද සාරා මැඩම් බැඳලා ගියාට පස්සේ මෙහේ වැඩිය ආවේ නෑ.. ආවත් ගොඩක් දවස් නතර වෙලා ඉදලත් නෑ..”

ඇයි රොබට් හදිස්සියෙම මේ විස්තර කියන්න හිතුවේ. ?”

නෑ මහත්තයෝ.. මැඩම් ගැන මේ දේවල් දැන ගන්න එක හොදයි කියලා හිතුනා.. අපේ ලොකු මහත්තුරු මේවා කවදාවත් කියන්නේ නෑ...”

ගොඩක් ස්තූතියි රොබට්.. ඇත්තටම අපිට මේ තොරතුරු ගොඩක් වටිනවා...”

වික්ටෝරියා බලා යන දුම්රියේ එන්ජිම ක්‍රියාත්මක වන හඬ ඇසෙද්දී හිද සිටි බංකුවෙන් නැගිටුන ඩේවිඩ් දුම්රිය දෙසට අඩි කීපයක් ගමන් කර නැවත් හැරුනේ රොබට් දෙසටය..

රොබට් කිවුව දේවල් එක්ක අපේ පරීක්ෂණ වෙන පැත්තකට යොමු උනා.. ඒකට ගොඩක් ස්තූති.. රොබට් මේ තොරතුරු දුන්න බව අපි කියන්න යන්නේ නෑ...”

වික්ටෝරියා බලා එන්නට ගමන් ඇරඹුව දුම්රියට නැගි ඩේවිඩ්ගේ මුහුණේ කලින් තිබුන කළකිරුණ බව පහව ගොස් තිබුනි.. ඔහුගේ දෑස් වල දීප්තියෙන්ම එය හොදින් පෙනෙන්නට විය...

අපි ජෝර්ජියෝ ආව ගමනෙන් පාඩුවක් උනේ නෑ නේද ස්මිත්..”

" ඔව් සර් රොබට් අපිත් එක්ක කතා කරනකම්..”

ඔව් ස්මිත්.. මේ මිනිස්සුන්ගේ පවුල් රහස් නිසා අපිටමයි කරදර...”

සර් අපි දැන් මොකද්ද කරන්න හිතන් ඉන්නේ ?”

මේ කතාවට අවසානයක් දෙන්න..”

සර් මිණිමරුවා හොයා ගත්තද ?”

නෑ ස්මිත්..”

එහෙනම්?”

ස්මිත් හෙට උදේම ජෝන්ටත් රොනල්ඩ්ගේ ගෙදරට එන්න කියලා පණිවිඩයක් යනවන්න.. අපි ඉතුරු ටික හෙට බලමු..”

හරි සර්..”

යාන්තමින් වැටුන රෑ අදුර දිගේ වික්ටෝරියා වලට ඇදෙන දුම්රියේ මැදිරියක කල්පනාවෙන් තනි උන ඩේවිඩ් සාරාගේ මරණය තුල කිමිදෙමින් එය විසදන්නට මහත් උත්සාහයක් දැරීය...තවම පැටළුම් ඉතිරිව තිබුනත් කලින්ට වඩා අදුර අතර පැහැදිළි එළියක් ඩේවිඩ් තුල දකින්න දකින්නට හැකි විය...

වික්ටෝරියා වෙත එන තුරුම තම සුපුරුදු නිහඬ බවෙහි ගිලි උන් ඩේවිඩ්ට භාදවක් වන්නට ස්මිත් නොගියේය... රෑ කරුවල අතරින් වික්ටෝරියා වෙතට ලං උන දුම්රියෙන් නික්මුන් ඔවුන් රථ ගාලේ නවතා තිබු තම නිල රථයේ නැගී ඩේවිඩ් නිවස බලා ගියේ වෙහෙසකර දිනයක් අවසන් කිරිමේ අදිටනි....

….................................................

නින්දත් නොනින්දත් අතර ගෙවුන පැය කීපයකට පසුව උදෑසන තම සුපුරුදු විදිහට ඇරඹු ඩේවිඩ් ස්මිත් එනතුරු මග බලාගෙන සිටියේය.. මනස පුරා විසදුමක් නැතුව දින ගනනක් ගෙවු අභිරහසකට අවසානයක් දෙන්නට හැකි මානයක් පෙනෙන්නට තිබීම ගැන ඩේවිඩ්ගේ හිතට සැනසීමක් විය...

ගුඩ් මෝර්නින්ග් සර්..”

අහ්.. ස්මිත්.. හැම දෙයක්ම ලෑස්තිද ?”

මම ඊයේ රෑම පීටර්ස්බර්ග් වල පෝලීසියට කත කරලා දැනුම් දීම කලා.. ජෝන් ඇවිත් ඇති මේ වෙද්දිත් රොනල්ඩ්ගේ හෙදරට..”

එහෙනම් අපිත් දැන් යමු ස්මිත්..”

ස්මිත් සමහ තම නිල රථයේ නැඩි ඩේවිඩ් රොනල්ඩ්ගේ නිවස බලා පිටත් උනේ සාරාගේ කතාවේ අවසානය සොයා යන්නටය... රොනල්ඩ්ගේ නිවසට යත්ම ජෝන් රොනල්ඩ්ගේ නිවස ඉදිරිපස රැදි සිටියේ රොනල්ඩ්ගේ රාජකාරිය තවත් පහසු කරමින්ය...

නිවසේ ආලින්දයේ තම සැප පහසු පුටුවට බර වී එදින උදෑසන පුවත් පත බලමින් උන් රොනල්ඩ්ට හැමොම අතර ජෝන් දැකිම මදක් නුරුස්සන්නට විය...

සුභ දවසක් රොනල්ඩ්..”

සුභ දවසක් මිස්ටර් ඩේවිඩ්.. මම හිතන්නේ ඔබ සාරාගේ මිණිමරුවා හොයාගෙන් ඉන්නේ ?”

ඔවු රොනල්ඩ්.. රොනල්ඩ් ඒක දැන ගන්නකම් නොඉවසිල්ලෙන් බව පේනවා...”

කලින්ට වඩා ඩේවිඩ්ගේ මුවින් පිට උන රළු වචන වලට රොනල්ඩ් මොහොතක් නිහඬ විය... මද වේලාවක් ඔහු දෙසම බලාගෙන උන් රොනල්ඩ් හැමදෙනාවම ආලින්දය වෙත කැදවාගෙන ගියේ ඩේවිඩ්ට තමන්ගේ කාර්‍යට අවශ්‍ය ඉඩ සලසමිනි.. ආලින්දයේ ගිණි උදුන ලග පුටුවල හිද ගත් හැමෝම ඩේවිඩ්ගේ කතාව පටන් ගන්නා තුරු බලා සිටියේය...

හැමදේකටම කලින් මම රොනල්ඩ්ගෙන් දෙයක් දැන ගන්න කැමතියි...”

ඔවු අහන්න..”

සාරාට මානසික අභාදයක් තිබුන බව රොනල්ඩ් දැනන් හිටියද ?”

මානසික ආභාදයක් ? නෑ එහෙම දෙයක් මම දැනන් හිටියේ නෑ..”

සාරා එක්ක ඉද්දි එහෙම දෙයක් දැනිලා නැද්ද ?”

නෑ.. සාරා සාමාන්‍ය කෙනෙක් වගේ හිටියේ...”

එතකොට ජෝන් ?”

රොනල්ඩ්ගෙන් හැරුන ඩේවිඩ් ජෝන් වෙතට හැරී ඔහුගෙනුත් ඒ ගැනම විමසුවේ රොනල්ඩ්ට වඩා යමක් ඔහු දන්නවා ඇතැයි සිතමිනි..

හ්ම්.. ඔව්.. මම දැනන් හිටියා..”

ඒ කොහොමද ?”

සාරා පොඩි කාලේ උන හැම දෙයක් ගැනම කියද්දි මේ ගැනත් මාත් එක්ක කියලා තියෙනවා...”

එතකොටත් සාරාට අසනීප උනාද ?”

නැහැ එහෙමටම අසනීප උනේ නෑ.. ඒත් සමහර වෙලාවට හැසීරිම අමුතු උනා.. මටත් තේරුම් ගන්න අමාරු දේවල් කිවුවා.. හැබැයි ටික වෙලාවක්..”

එහෙම දේවල් නම් මාත් එක්කත් උනා.. සමහර දවස් වල සාරා කරපු කියපු දේවල් මටත් තේරුම් ගන්න බැරි උනා..”

ජෝන්ගේ කතාවට භාදා කරමින් රොනල්ඩ් සාරාගේ හැසිරීම් ගැන කියාගෙන යද්දී ඩේවිට් ඊට භාදා නොකලේය...

ඊයේ මම ජෝර්ජියෝ වල සාරාගෙ ගෙදර ගියා සාරාගේ මානසික තත්වය ගැන තොරතුරු මම දැන ගත්තේ..ටික කාලයක් සාරා මානසික රෝහලක නැවතිලා බෙහෙත් අරන් තියෙනවා,..ඊට පස්සේ හොදටම සනීප උනා කිවුවත් සාරගේ ජීවිතේ පහුගිය කලේ ගැන කියන්න ඒ කවුරුවත් දන්නේ නෑ.. ඒත්..”

මොහොතකට කතාව නතර කල ඩේවිඩ් වාඩිවී සිටි පුටුවේන් නැගිට ගිණි උදුන දෙසට පියවර් කීපයක් ඇවිද නැවතත් තම කතාව කරගෙන යන්නට විය..

ඒත් ජෝන් කියපු දේවල් වලිනුත් රොනල්ඩ් කිවුව දේවල් වලිනුයි පැහැදිළි සාරාගේ මනසික තත්වය හොද අතට හරුනේ නෑ කියන එක.. සමහර විට රොනල්ඩ් නොදන්නවා උනාට සාරා ඊට පස්සෙත් ප්‍රතිකාර ගත්තා වෙන්න පුළුවන්..”

එතකොට සාරාගේ මරණයට මේ දේවල් සම්බන්ද ද ?”

ඔවු මේ දේවල් කෙලින්ම සම්බණ්දයි... සාරා මීට කලිනුත් කීප වතාවක්ම සියදිවි නසාගන්න උත්සාහ කරලා තියෙනවා මේ මානසික තත්වය නිසාම..”


එතකොට මිස්ටර් ඩේවිඩ් කියන්නේ සාරා සියදිවිනසාගත්තා කියලද ?”

ඔවු සාරා සියදිවි නසාගෙන..”

ඩේවිඩ්ගේ අන්තිම ප්‍රකාශයත් එක්කම සියළු දෙනාම මවිතයට පත්වූයේ එය මොහොතකට විශ්වාස කල නොහැකි දෙයක් වූ නිසාවෙන්ය...

මිස්ටර් ඩේවිඩ් ඒත් ඒක වෙන්නේ කොහොමද ?”

ඇයි වෙන්න බැරි රොනල්ඩ්.. සාරාගේ මරණයට හේතු උන තුවාල දිහා බලන්න.. ඒවා සාමාන්‍ය මනුස්සයෙක් කරයි කියලා හිතන්න පුළුවන් දේවල් නෙමෙයි...”

ඒත් එකපාරම සාරාට එහෙම දෙයක් කරන්න ඕන උන හේතුව මොකද්ද මිස්ටර් ඩේවිඩ් ?”

ඒක අපිට තාම අපැහැදිළි.. ඒ ගැන කියන්න අපිට තව ටික කාලයක් කල් ඕන වෙයි... දැනට කියන්න පුළුවන් සාරාගේ මරණය මිණිමැරුමක් නෙමෙයි සියදිවි නසා ගැනීමක් කියලයි...”

හැමෝගේම හිත් වල ප්‍රශ්ණාර්ථයක් ඉතිරි උන බවක් ඔවුන්ගේ මුහුණු වලින් හොදින්ම පෙනෙන්නට විය .. ඩේවිඩ් තමන් හොයාගත් හැම දෙයක්ම එකින් එක කරුණු ඉදිරිපත් කරමින් සාරාගේ මරණය ගැන තමන්ගේ අවසාන නිගමණය හැම දෙනාම ඉදිරියේ කියද්දි කිසිවක් විශ්වාස කර ගත නොහැකි දෑස් පමණක් ඩේවිඩ් දෙස බලාගෙන සිටියේය...

මේ කිසිම දෙයක් හිතාගන්නත් අමාරුයි සාරා එහෙම දෙයක් කර ගනිද ?”

විශ්වාස කරන්න ජෝන් එහෙම තමයි උනේ..”

දැන් අපි ඊළගට මොනවද කරන්නේ මිස්ටර් ඩේවිඩ් ?”

මම මරණය ගැන මගේ වාර්ථාව හදන්න ඕන මේම මිනිමැරුමක් නෙමෙයි කියලා...මේ කරපු හැම පරීක්ශණයකටම හැමෝම දුන්න සහයෝගයට ස්තූතියි...”

ආලින්දයේ අනෙක් හැමීම ඉතිරිවෙද්දී එයින් නික්මුන ඩේවිඩ් නිවසින් පිටතට එද්දී ඔහු පසුපසින්ම ස්මිත්ද ආලින්දයෙන් නික්මී ආවේය...

සර් මට මේක තාමත් අපැහැදිළියි..”

මොකද්ද ස්මිත් ?”

ඇත්තටම සාරාගේ මරණය සියදිවි නසාගැනීමක්ද ?”

නැහැ ස්මිත්.. ඒක මිණිමැරුමක්.. දැන් තමයි අපිට ඒක ඇත්තටම ඔප්පු කරන්න පුළුවන් වෙන්නේ.. ටිකක් ඉවසන්න..”


 සාකොසින් මුවෙමු..


Monday, 26 November 2012

සාරා 7 - සාරා සොයා..

ඩේවිඩ් විශ්‍රාම යාමට ඉතිරිව තිබෙන්නේ තවත් මාස කීපයක් පමණි... ජීවිතේ වසර 30ක්ම විවිධ තරාතිරම් වල අපරාදකාරයින් සමග මුහු උන ජීවිතය සිනමා කතාවක් වගේ නොවේදැයි ඩේවිඩ් නිතරම සිතුවේය... තව මාස කීපයකින් තමන් වැඩියෙනම් ආදරේ කල, ආසා කල ජීවිතයෙන් මිදී හුදෙකලා වන්නට ඩේවිඩ්ගේ හිත ආශා නොකලේය.. ගෙවෙන හැම දවසක්ම ආපසු නතර කර ගන්නට ඇත්නම් යන හැගීමක් නිතරම ඩේවිඩ්ගේ හිතේ ඇදි තිබුනේය...

උදෑසන තේ කෝප්පය බී හමාර කල ඩේවිඩ් තමන් බෙහෙවින්ම ප්‍රිය කරන තණපිස්ස මත ඇවිදිමින් තම සහායකයාට ඇමතුමක් අර ගත්තේය..

ස්මිත් පැය භාගයක් ඇතුලත එන්න.. අපි අද ජෝර්ජියෝ වෙනකම්ම යන්න ඕන..”

දුරකථනය විසන්දි කල ඩේවිඩ් ගෙවුන දවස් කීපය ගැන මොහොතක් කල්පනා කලේය... “සාරා" ඇත්තටම ඇය කවුද? ඈ ගැන දන්නා දේ වලට වඩා ඇගේ ජීවිතේ නොදන්නා පැතිකඩ ඇගේ මරණය තව තවත් අභිරහසක් කරන බව ඔහු ඔහුගේම හිතට කියා ගත්තේය...

ජෝන්, රොනල්ඩ්, මරියා අතර මැදි උන සාරාගේ කතාවේ අවසානයේ සැග උන තැන් ගැන ඩේවිඩ් මොහොතක් කල්පනා කලත් හැම සිතුවිල්ලක්ම හිස් අවකාෂයක නතර වන්නාක් මෙන් ඔහුගේම හිතට දැනුනි..

රොනල්ඩ් ඇගේ සැමියා.. ජෝන් ඇගේ ඉස්සර වගේම දැනුත් පෙම්වතා.. මරියා ඇගේ සේවිකාව.. මේ තිදෙනාම ඇගේ ජීවිතේට කොයි ආකාරයක බලපෑමක් කරන්නේදැයි ඩේවිඩ් තනිවම කල්පනා කලේය...

ගුඩ් මෝර්නින්ග් සර්...”

ගුඩ් මෝර්නින්ග් ස්මිත්... ජෝර්ජියෝ වලට යන්න ටිකට් ගෙනාවද?”

ඔව් සර්.. දොලහයි විස්සර කෝච්චිය..”

හරි අපි එහෙනම් ඉස්සෙල්ලම මරණ පරීක්ෂණය කරපු වෛද්‍යවරයා මුණගැහිලා ඉමු.. තව වෙලාව තියෙනවනේ අපිට..”

හරි සර්..”

තම හිස් වැසුමත් දිගු කඹායත් අතට ගත් ඩේවිඩ් ස්මිත් සමගම වාහනයට ගොඩ වැදුනේ වික්ටෝරියා වලට මදක් එහායින් තිබූ රෝහල වෙත යාමට පිටත් විමටය.. වික්ටෝරියාහි කඳුකර පෙදසක ඉදිඋන ඩේවිඩ්ගේ නිවසේ හිද රෝහල වෙත යන්නට පැය භාගයක් පමණ ගත විය.. රෝහලේ ර‍ථ ගාලේ වාහනය නතර කල විගසින් රෝහලට ඇතුළු උන ඩේවිඩ් හා ස්මිත් නතර උනේ රෝහලේ මෘත ශරීරාගාරය ලගය...

ඩොක්ටර් ජේම්ස්..”

ඔව්..”

මම ඉන්ස්පෙක්ටර් ඩේවිඩ් කෲසෝ.. මේ මගේ සහායකයා ස්මිත්.. අපිට සාරා බ්ලැක්ගේ මරණය ගැන තොරතුරු ටිකක් දැන ගන්න ඕන..”

සාරා බ්ලැක්..” ආ හරි.. ඉන්න මම ෆයිල් එක අරන් එන්නම්...”

තම කාර්‍යාලයේ ලිපි ලේඛණ අතර මොහොතක් තනි උන ඔහු සාරාගේ නම ලියා තිබූ ෆයිල් කවරයද රැගෙන නැවතත් තම රාජකාරි මේසය මතට පැමින් එය ඩේවිඩ් ඉදිරියේ දිග හැරියේය...

හරි.. මොනවද මිස්ටර් ඩේවිඩ්ට දැන් ගන්න ඕන.?”

සාරාගේ මරණය වෙද්දි සාරා ගැඹිණියක්ද ?”

වෛද්‍ය වරයා මොහොතක් සාරාගේ ලිපි ගොනුවේ පිටු ඒ ඒ අත පෙරලින් පරීක්ෂා කර බැලීය...

නැහැ.. එහෙම සදහනක් නෑ..”

මරණ පරීක්ෂණය කලේ ජේම්ස් මද ?”

ඔව්.. මමයි මගේ සහායකයයි..”

ඒත් සාරාගේ පවුලේ අය කියන්නේ සාරා ඒ වෙද්දි ගැඹිණියක් කියලා...”

ඒක වෙන්න බෑ මිස්ටර් ඩේවිඩ්.. මට මේ වාර්ථා වල බොරු ලියන්න උවමනාවක් නැහැනේ.. අනික මම මේ පුරුදු වෙන්න කරන රස්ස්සාවකුත් නෙමෙයි නේ..”

සාරාගේ මරණ පරීක්ෂණ වාර්ථාව ගැන තොරතුරු අහන්න තව කවුරු හරි ආවද ?”

සාමාන්‍යෙන් පොලීසියට දෙන එක ඇරෙන්න වෙන කවුරුවත් ආවේ නෑ...”

හරි ජේම්ස් බොහොම ස්තූතියි .. අපි ගිහින් එන්නම්...”

වෛද්‍ය ජේම්ස්ට සමුදුන් ඩේවිඩ් හා ස්මිත් පිටතට පැමිණියේ විසදාගත නොහැකි ප්‍රශ්ණයක තවත් පැටලෙමිනි..

සර් ජෝන් අපිට කිවුවේ බොරුද ?”

ජෝන් අපිට කිවුවේ බොරුද එහෙමත් නැත්නම් සාරා ජෝන්ට කිවුවේ බොරුද ? අන්න ඒක අපිට ප්‍රශ්නයක්..”

ඒත් සාරාට එහෙම බොරුවක් කරන්න තිබ්බ උවමනාව මොකද්ද ?”

අපි හොයා ගන්න ඕනත් අන්න ඒකමයි ස්මිත්.. අපේ කෝච්චියට වෙලාවත් හරිනේ අපි යමු...”

රෝහලෙන් පිටත්ව දුම්රිය නැවතුම වෙතට ඔවුන් එන විටත් ජෝර්ජියෝ බලා යන දුම්රිය වේදිකාවෙහි නවතා තිබුනේය... සීග්‍රගාමි දුම්රියේ සුවපහසු ආසන වල හිදගෙන ස්මිත් තමන් භාගෙට කියවමින් උන් පොත කියවද්දි ඩේවිඩ් සුපුරුදු පරිදිම කල්පනාවට වැටුනේය...

දුම්රියේ වීදුරුව අතරින් ඈත පේන මිටියාවත් දිහා බලාගෙන තම සිතුවිළි අතරම සාරාගේ මරණයේ අභිරහස විසදන්නට ඩේවිඩ් අසාර්ථක උත්සාහයක යෙදුනේය... තවමත් නොදන්නා කරුණු බොහෝමයක් ඩේවිඩ්ගේ මනසට විටින් විට වද දෙන්නට විය... එක අතක මරණයකුත් අනෙක් අත සැකකරුවන් කීප දෙනෙකුත් අතර ඩේවිඩ් මැදි වී සිටියේය...

පැය එකහමාරක දිගු ගමනක් අවසානයේ දුම්රිය ජෝර්ජියෝ දුම්රිය නැවතුමට පැමිණියේය... ලග පිහිටි කුලී රථ නැවතුමින් කුලී රියක් සපයා ගත් ඔවුන්ගේ නැවතුම වූයේ සාරා කුඩා කල සිටම හැදී වැඩුන නිවසය... ගොවිපලක් මැදිව ඉදි උන තරමක් විශාල නිවස එතරම්ම පොහොසත් පෙනුමක් නොපෙන්නුවත් ගමේ අනෙක් නිවාසයන්ට වඩා මනාවට තිබුනි..

ඩේවිත් තමන්වත් ස්මිත්වත් ඔවුන්ට හදුන්වාදී තමන් හදිසියේම පැමිණි කාරණය ගැන ඔවුන් දැනුවත් කලේය..

අපේ දරුවට කිසිම ප්‍රශ්ණයක් තිබුනේ නෑ... මේක කාගෙ හරි කුමත්‍රණයක්..”

අපිටත් ඕන ඒ ගැන දදැන ගන්න... සාරාට මෙහේ තරහා කාරයෝ එහෙම හිටියද ?”

නෑ.. සාරා මෙහෙ වැඩි කාලයක් හිටියේ නෑ.. පොඩි කාලේ හිටියට පස්සේ විශ්ව විද්‍යාලේ ගිහින් රොනල්ඩ් කසාද බැන්දා.. ඊට පස්සේ මෙහෙ ආවේ කළාතුරකින්..”

සාරට රොනල්ඩ්ව යෝජනා කලේ ගෙදරින් ?”

ඔව්.. රොනල්ඩ් හොද වැදගත් ඉගෙන ගත්ත මහත්මයෙක්..”

එතකොට ජෝන්..”

ජෝන් සාරාට කොහෙත්ම ගැල පෙන්නේ නෑ.. ගොඩක් හේතු නිසා..”

සාරා මෙහේ ජීවත් උනේ කොහොමද ?”

සාරා ගොඩ්ක් තැම්පත් කෙනෙක්.. කා එක්කවත් වැඩි ආශ්‍රයක් තිබුනේ නෑ...”

රොනල්ඩ් එක්ක සාරාගේ පවුල් ජීවිතය කොයි වගේද ?”

හ්ම්ම්.. හොදයි..”

ඒ කියන්නේ එතරම්ම සතුටක් තිබ්බේ නෑ ?”

මුල් කාලයේ ජොන්ගේ සම්බණ්දය නිසා ටිකක් ප්‍රශ්ණ තිබුනා... ඒත් පස්සේ ඒ දෙවල් වෙනස් උනා..”

සාරා දරුවෝ ගැන හිතුවේ නැද්ද ?”

සාරාගේ පවුලේ අය ඔවුනොවුන් දෙස බලා ගත්තේ ඩේවිඩ්ගේ ප්‍රශ්ණ ඉදිරියේ මදක කල්පනා කරමිනි...

සාරා බැඳලා වැඩි කාලෙකුත් නෑනේ..”

හරි.. අපිට සාරාගේ කාමරේ ටිකක් පරික්ෂා කරන්න පුළුවන්ද ?”

ඒකනම් කරන්න බැරි වෙයි.. සාරා කාමරේ යතුරු හැම වෙලේම තියා ගත්තේ එයා ලඟමයි...”

පෙරට වඩා ඔවුන්ගේ කතා බහ විලාශය මොහොතින් වෙනස් උන අයුරු ඩේවිඩ් හොදින්ම නිරීක්ෂණය කලේය.. ඩේවිඩ්ගේ ප්‍රශ්ණ වලට පිළිතුරු දීම ඔවුන්ට අපහසුවක් වූ බව ඔවුන්ගේ මුහුණු වලින් පෙනෙන්නට විය.. ඒත් තමන්ට උවමනා දේ ගැන තොරතුරු කෙසේ හෝ ඔවුන්ගෙන් ලබා ගන්නට ඩේවිඩ්ට හැකි විය...

සවස නැවතත් වික්ටෝරියා වෙත එන දුම්රියෙහි නැගීමට ඩේවිඩ් හා ස්මිත් දුම්රිය පොලට ආවත් ඩේවිඩ් පසුවූයේ කළකිරීමෙනි..

ඔවුන් අපිට ගොඩක් දේවල් හැංගුවා ස්මිත්..”

මටත් එහෙම හිතුනා ස්‍ර්..”

බලපොරොත්තු කඩ උන හැගීමක් ඩේවිඩ්ගේ හිතේ තැනක ඉතිරි වෙද්දි ආපසු එන දුම්රියට නගින්නට අඩිය තිබ්බේ උදේ එද්දි තිබුන හිස් බව හිතේ තැනක රදවාගෙනමය...

මහත්තයෝ..”

දුම්රියට නැගෙන්නට සැරසෙත්ම ඩේවිඩ්ගේ පසුපසින්ම් ඇසුන හඬින් ඩේවිඩ් මොහොතක් නතරවී ඔහු පිටි පසින් උන් වයස්ගත පුද්ගලයා දෙස බැලීය..

මේ බ්ලැක් පවුලේ ප්‍රධාන සේවකයා නේද ?”

ඔව්.. මම රොබට්..”

කියන්න රොබට් අපිට මොනා හරි අමතක උනාද ?”

නෑ මට මහත්වරු එක්ක ටිකක් කතා කරනන් ඕන..”

කියන්න රොබට්.. මොනා ගැනද කියන්න තියෙන්නේ..”

සාරා මැඩම් ගැන..”

ඩේවිඩ් ස්මිත් දෙස මොහොතක් බැළුවේ තම කළකිරුන ස්භාවය අමතක කරමිනි.. රොබට් සමග දුම්රිය වේදිකාවේ බංකුවක් මත හිදගත් ඩේවිඩ් ඔහුගෙන් තොරතුරු විමසන්නට විය...

සාරා මැඩම්ගේ පවුලේ අය කිවුව ගොඩක් දේවල් බොරු... පවුලේ රහස් විදිහට ගොඩක් දේවල් ඔවුන් ඔබලගෙන් හංගුවා..”

ඒ මොනවද රොබට්..”

සාරා මැඩම් මානසික රෝගියෙක්.. සාරා මැඩම්ම මේ අනතුර කර ගත්තා වෙන්න පුළුවන් මහත්තයෝ..”



තු සම්බන්යි..


Friday, 23 November 2012

සාරා 6 - ජෝන්ගේ අනාවරණය

නොවිසදුන අභිරහස දිගේ ලිහා ගන්නට නොහැකි පැටළුම් අතර ඩේවිඩ් තව තවත් සිර වෙමින් සිටියේය... සාරාගේ මරණය දින තමන් රැකියාවේ සිටි බවට ජෝන් විශ්වාසයෙන් ඔප්පු කරද්දි ඔහුගේ නම ඉදිරියෙන් එදිනට නිවාඩුවක් සටහන් උනේ කොහොමදැයි ඩේවිඩ් තම නළල රැලි කර ගනිමින් කල්පනා කලේය...

ජෝන් දන්නවද සාරාගේ මරණේ දවසෙම ජෝන් නිවාඩු ගත්තා කියලා මෙහේ ලේඛණ වල සටහන් වෙලා තියෙනවා කියලා?”

මොනවා.. ඒක වෙන්න බෑ.. මම කලිනුත් කිවුවා වගේ මට පුළුවන් මම වැඩ කලා කියලා ඔප්පු කරලා පෙන්නන්න...”

හ්ම්ම්.. ජෝන් අන්තිමට නිවාඩුවක් ගත්තේ කවද්ද ?”

ගිය මාසේ දවසක..”

ජෝන් අදත් වැඩ කරන්නේ එදා වැඩ කල කට්ටිය එක්කමද ?”

ඔව්..”

අපිට පුළුවන්ද ජෝන්ගේ සහයකයොත් එක්ක ටිකක් කතා කරන්න?”

ඔවු පුළුවන්..”

ඩේවිඩ්ගේ ඉල්ලීමෙන් ජෝන් ඔවුන් සමග කර්මාන්තශාලාව ඇතුලට විත් ඔහුගේ සහායකයන් ගෙන් ප්‍රශ්ණ කලත් ඔවුන් හැමෝම ජෝන්ගේ නිවැරදි බවට සහතික වෙද්දී ඩේවිඩ්ගේ හිත රැදුනේ ජෝන්ගේ නිවාඩු ලේඛනය ගැනය...

ජෝන්ගේ සහායකයන් හා කතාබස් කල ඩේවිඩ් පසුව ජෝන් සමගම පැමිණියේ එහි සේවක තොරතුරු සටහන් කරන අංශ වෙතටය.. එහි සහායිකාවගෙන් නිවාඩු සටහන් පොත පටික්ශා කල ඩේවිඩ් එහි සදහන් උන ජෝන්ගේ නිවාඩු අයදුම් පත හොදින් පරීක්ශා කලේය...

ජෝන් මේ තියෙන්නේ ඔබේ අත්සනමද ?”

හ්ම්ම්.. ඔව්.. ඒත් මේ "එච්" අකුර මම යොදනවට වැඩිය ටිකක් වෙනස්..”

ඔබට මේ නිවාඩු ඉල්ලුම ගෙනත් දුන්නේ කවුද ?”

ජෝන් හා කතා කරමින් උන් ඩේවිඩ් මොහොතකට හැරුනේ කාර්‍යාලයේ සිටි සේවිකාව දෙසටය...

මම මෙතන වැඩ කරන්නේ දවල්ට විතරයි.. ඒ වෙලාවට කවුරුහරි නිවාඩු ඉල්ලුමක් ගෙනාවොත් බාර දෙන්නේ මට.. රෑ වැඩ කරන කෙනෙක් ගෙනාවොත් නම් ඔය දොර ලග තියෙන කවුළුව ලගින් තියලා යනවා.. පහුවදා උදේට ඇවිත් මම ඒවා අනුමත කරනවා..”

දවස් හතරකට කලින් මොහු ඇවිත් නිවාඩු අයදුම් පතක් දුන්නද ?”

හ්ම්ම්.. නැහැ..”

ඔබට ඒ ගැන හොදටම විශ්වාසද ?”

ඔව්..”

හොදයි..”

කාර්‍යාලයෙන් පිටතට ආ ඩේවිඩ් ජෝන් ගෙන් සමු ගෙන යලිත් වික්ටෝරියා බලා ඒමට හැරුනේ සාරාගේ මරණයේ මරණයේ අභිරහස අතර තවත් නොවිසදුන ප්‍රශ්ණ රැසක්ද සමගිනි...

යාළුවෝ එක්ක එකතුවෙලා ජෝන් කරන්නේ බොරුවක්...”

ස්මිත් ඇයි එක පාරම එහෙම හිතුවේ ?”

නෑ සර් ඔක්කොම සාක්කී ජෝන්ට විරුද්දව තියෙද්දි මට නම් සැක ජෝන්ව...”

ස්මිත් අපි ආයෙම රොනල්ඩ්ගේ ගෙදරට යමු.. මට දැන ගන්න ඕන කාරණා කීපයක් තියෙනවා..”

රෑ අදුර අතරින්ම පීටර්ස්බර්ග් පසුකරම්න් වික්ටෝරියා වෙතට දිගු මාවත දිගේ ආපසු එමින් සිටි ඩේවිඩ් හිටි හැටියේම වාහනට මග නතර කරන්නට ස්මිත් හට කීය...

ස්මිත් ආයෙම හරවන්න.. අපි කෙලින්ම ජෝන්ගේ කුලී ගෙදරට යමු..”

හ්ම්ම්.. හදිස්සියෙම ?”

ඔව් ස්මිත්..”

පීටර්ස්බර්ග් පසුකර සැතපුමක් පමණ ආ ගමන ආපසු හරවාගන ජෝන්ගේ නිවසට යාමට ඩේවිඩ් හිටිහැටියේ උනන්දු වූයේ ඇයිදැයි ස්මිත්ට ගැටළුවක් විය... රාත්‍රී අදුර අතරෙම යලින් වතාවක් පීටර්ස්බර්ග් පසුකරගෙන ජෝන් නවාතැන් ගෙන උන් නිවස වෙතට ආ ඔවුන් ජෝන්ගේ නිවසේ දැල්වෙන විදුළි එළි අතරින් මොහොතක් ඒ දෙස බලා හිද නිවස දෙසට පිය මැන නිවසේ සීනුව කීප වරක්ම නාද කලේය...

ජෝන් අපි තව ටිකක් කතා කරමු.. මේ වෙලාව කරදරයක් නෑ නේද?”

නිවසේ දොර විවර කල ජෝන් බලාපොරොත්තු නොවුන වෙලාවක ඩේවිඩ්ව නැවත දැකීමෙන් පුදුමයෙන් මෙන් ඔවුන් දෙස බලා සිටියේය...”

අහ් .. නෑ..”

ජෝන්ගේ ඇරයුමින් නිවසට ඇතුළු උන ඔවුන් ආලින්දයේ වූ ගිණි උදුණ අසලින් හිද ගත්තේය...

ජෝන් මරියා ගැන මොනවද දන්නේ ?”

එහෙම ලොකු තොරතුරක් දන්නේ නෑ.. මම සාරාව මුණගැහෙන්න ගිය වෙලාවල් වල ටිකක් කතා කරලා තියෙනවා..”

රොනල්ඩ් මරියත් එක්ක සම්බණ්දයක් තිබුන බව ජෝන් දන්නවද ?”

නෑ එහෙම දෙයක් මම දැනන් හිටියේ නෑ..”

සාරා කවදාවත්ම එහෙම දෙයක් ගැන කියලත් නැද්ද ?”

එහෙම දෙයක් ගැන අපි කවදාවත් කතා වෙලා නම් නෑ..”

සාරා රොනල්ඩ් එක්ක සතුටින්ද හිටියේ. ?”

ඇත්තෙන්ම නෑ.. ඒ නිසානේ සාරා මට ආයෙම වතාවක් ලං උනේ..”

සාරට දරුවෙක් ලැබෙන්න හිටිය බව ජෝන් වගේම රොනල්ඩ් දැනගෙනත් හිටියද ?”

හ්ම්ම් නෑ.. දරුවා මගේ නිසා සාරා ඒක රොනල්ඩ්ගෙන් හැංගුවා...”

ඒත් ඒක හැමදාටම හංගන්න පුළුවන් දෙයක් නෙමෙයි.නේ.. ජෝන් ඊළගට මොනවා කරන්නද හිතාගෙන හිටියේ ?”

ඒ ගැන අපි හිතලා තිබුනේ නෑ .. ඒත් ඒ හැම දේකටම කලින් සාරා යන්න ගියා...”

ජෝන්ට පුළුවන්ද අපි ආයෙම එන්න කියන ඕනම වෙලාවක වික්ටෝරියා වලට එන්න.?”

හරි මම එන්නම්..”

හරි ජෝන් අපි දැන් පිටත් වෙන්න ඕන..”

ජෝන්ට සමුදුන් ඩේවිඩ් ස්මිත් සමගම වික්ටෝරියා බලා එන ගමන නැවත අරඹද්දි මැදියමටලං බී තිබුනි...

සර් තව එක ප්‍රශ්ණයක් ?”

වික්ටෝරියා වෙත එන අතර වාරයේ නිහැගියාව බිදිමින් හඬ අවදි කල ස්මිත් ඩේවිඩ්ගේ දිගු කල්පනාවටද බාදා කලේය...

කියන්න ස්මිත්..”

සාරාගේ මරණ පරීක්ෂණ වාර්ථාවේ ඇය ගැඹිණියක් කියලා සදහන් වෙලා තිබුනේ නැහැනේ...”

" හොද ප්‍රශ්ණයක් ස්මිත්.. මාත් මේ හිතන්නේ ඒක ගැන..”

සර් ඇයි ජෝන්ට නොකිවුවේ ඒ ගැන ?”

නෑ ස්මිත් මේ ඒකට සුදුසු වෙලාව නෙමෙයි..”

ඒ ඇයි ?”

මම හිතන්නේ අපි මේ හැම දේකටම කලින් සාරා ගැන තව විස්තර හොයන්න ඕන.. සාරා මොන වගේ කෙනෙක්ද කියන එක..”

ඔව් සර්..”

සාරාගේ උපන් ගම කොහෙද ස්මිත් ?”

ජෝර්ජියෝ වල..”

හ්ම්ම්.. ජෝර්ජියෝ වල කෙනෙක් වික්ටෝරියා වල පදිංචියට එනකම් අපි නොදන්න කොච්චර නම් දේවල් වෙන්න ඇත්ද ?”

අපි ජෝර්ජොයෝ වලට කතා කරලා විස්තර ඉල්ලමු...”

බෑ ස්මිත් අපිට ඕන හැම දෙයක්ම එහෙම අපිට ලැබෙන්නේ නෑ.. හෙට දවසත් අපි ඉදලා අනිද්දම යමු ජෝර්ජොයෝ වලට..”

හෙට අපි යොදා ගත්ත වැඩක් තියෙනවද ?”

නෑ.. ඒත් අපි හෙට යන්න ඕන සාරාගේ මරණ පරීක්ෂණය කරපු වෛද්‍ය වරයා මුණගැහෙන්න... ජෝන් කියන දේවලුත් එක්ක අපිට මරණ පරීක්ෂණ වාර්ථාවේ තියෙන දේවල් ගැන ආයෙම හිතන්න වෙනවා..”

ඔව් සර්..”

ඉදහිට ඇති උන කෙටි කතාබහ දොගේ වික්ටෝරියාහි තම නිවස වෙතට පැමිනෙද්දි මැදියම පසුවී හෝරා කීපයක් ගෙවී තිබුනි..”

ස්මිත් අපේ ගෙදරින් රෑ කෑම අරගෙනම යමු...”

විඩාබර දවසක් අවසානයේ වාහනයෙන් නික්මුන ඩේවිඩ් තම සහායකයාටද නිවසට ආරාධනා කරමින් තව කෙටි වේලාවක් සාරාගේ මරණ ගැන තොරතුරු සාක්ච්ඡා කලේ තමන්ට හමු උන බැරෑරුම්ම පරීක්ෂණ වලින් එකක් බවට සාරාගේ අභිරහසද පත්වෙමින් තිබුන නිසාය...