Tuesday, 31 January 2012

ඇගෙයි, මගෙයි කවිකම


ඇය,


පන්සලක් වගේ නුඹෙ හිත
හිත නිවනවා මගෙ හැමවිට
මලක් වී පුද සුනක් මත
ඉන්න ඇත්නම් නුඹ ලගම මට..

සොයා ඇවිදින් නුඹම මගෙ හිත
ලැගුම් ගෙන හිත පතුලෙම
මටත් නොදැනිම කියාදි ආදරය
ජීවිතය මගේ වෙනස් කලේ නුඹමය..

කවියක් ගීතයක් වි සිත් ගැඹ
නුඹමයි ඉන්නේ හැම මොහොතකම
පිසදා දෙනෙත් අග තිබු කදුළු
හිනැහෙන්න ඉගැන්නුවෙත් නුඹමයි මට..

නිම්තෙරක් නොදකින අහසක් තරමටම
ආදරෙයි මං ජීවිතේ ඇති තුරාවට
මේ කුසුම පරවන්නට පෙරාතුව
වදින්න හිතයි පන්සලක් වගේ නුඹේ හිත..



මම,


අරණක හිද සංසුන්ව
භාවනා කලා වෙගේ මගේ හිත
ඒ තරම්ම සැනසිලා නුඹ නිසාම
මගේ ජීවිතේට නුඹ ආදා ඉදන්ම..

දඩබ්බර මගේ හිත ඉස්සර තිබුන
අද කොහේද නොදනිමි මමම
නුඹ ඇවිදින් එක්තැන් කර මගෙ හිත
සැනසුව ජීවිතය නුඹටමයි උරුම..

අරමුණක් නැතිව ගෙවුන කාලය
කොතරම් අමිහිරිද දැනෙන්නේ අද මට
වාසනාවට නුඹ මට හමු නොවන්න
මගේ ලෝකය කොතැන නවතීවිද..

ආදරේ පහන් සිළුව වී නුඹ
මගේ හද පතුලේ දැල්වෙන
නුඹ මට දුන්න ජීවිතයට
මම ණයගැතියි නුඹට හැමදාම..

 

මේ මීට කාලෙකට කලින් පූජා අතින් ලිය උන කවියකට මම ලියපු පිළිතුරු කවියක්.. මම නොදැන හිටපු ඇගේ සුන්දර කවි හිත ජීවිතේ දවසක මට සතුටු වෙන්න ලියලා තියලා ගිය සුන්දර මතක මට කියවන්න පුළුවන් උනත් ඇය නිසාම කවියෙක් උන මම ලියන එකම එක කවියක් හරි කියවන්න ඇය මගේ ලග හිටියනම්..






Monday, 30 January 2012

යුක්තිය ( කෙටි කතාව )

අවසන් තීරණය එය විය..

අධිකරණ භූමිය තුලින් එහෙට මෙහෙට පාවෙන සුදු හැඳගත් රෑප ඇ‍යගේ බොඳවූ දෙනෙත තවත් වෙහෙසුවේය.. දවස් ගණනක් මේ භූමිය තුළ තම නම දැන් දැන් අඬගසාවියැයි බලාපොරොත්තු වූවත්.. තවත් කෙනෙක් වෙනුවෙන් කල පරිත්යා ගය මෙතරම් චෝදනා රැසක වරද කාරියක් යැයි ඇය නිකමටවත් දැන නොසිටියාය.. දෙතොල වියලී ගොසින්ය.. උදේ සිට තවමත් දිය පොදකුදු නොදුටුව දෑස එහි අඩුව කඳුළු වලින් ‍පිරෙව්වේය..

අදින් වසර ගණනක පෙර හඬන හදවත මැදි කොට සිර කර ගත් දරුවන් දෙදෙන රැකගන්නට සුමනා තම ජීවිතයත් සමඟ පොර බැදුවාය..තත්පර ගණනක වෙනසක් ඇති නිඹුන් දරු කැටියන් උපදින විටත් ඔවුන්ගේ පියා තම රැකවරණයෙන් අකරුණාවන්ත ලෙස ප්රතතිකෂේප කොට සිටියේය..  ජීවිතයේ කටුක බව තම පසුපස ලුහුබඳිද්දී.. ඇය තම දරුවන් දෙදෙනට ඒ බවක් නොදැනෙන්නට සිනහ මුවින් හැම විටම කියා පෑයේ ඇගේ ආත්මයේ අසරණබවත්, මව් ස්නේහයේ උත්තරීතර බවත්ය.. ලිපිකාරිණියක වූ සුමනාගේ අත් උදව්වට හිටියේ තම දයාඹර මෑණියන් පමනක්මය..

                                  ..............................

“ දුවේ නරකද උඹ තව කසාදයක් ගැන හිතුවනම්..”

“ මොනවද අම්මේ මේ අම්මා කියන්නේ?”

“ නෑ ඉතින් මේ දරුවෝ දෙන්නත් එක්ක උඹ කොහොමද මෙහෙම හැමදාම ජීවත් වෙන්නේ.. එකයි මම එහෙම කිවුවේ..”

“ පුළුවන් තරම් කාලයක්..”

අම්මාගේ වයසත් එක්ක ඇය නැති දාක තම දියණියට අත්වන ඉරණම කෙබදු වේදැයි ඇය නිතරම කල්පනා කලාය.. ඒ නිසාම හැම රෑකම දියණියත් මවත් අතරේ හුවමාරු උන මේ වචන කීපය රෑ ලිපේ ඉදෙන බත් මෙන්ම හුරුපුරුදු උවාය.. ඒත් සුමනා කෙදිනකවත් තම මෑණියන් ඇන අහිතක් නොහිතුවාය.. පුංච් පැලට අහිමි උන සතුට අරන් එන්නට ඇය හැම මොහොතකම වෙහෙස වූවාය..

කාලය ගෙවී ගියේය.. මෑණියන්ගේ අසනීප තත්වය ටිකින් ටික වැඩි වත්ම වැඩි වගකීම පැවරුනේ සුමනාගේ කර මතය.. ඒත් ඇය නොසැලුනාය.. රාජකාරි වගකීම් අතරේම නිවසේ වගකීම් ගැනත් ඇය බොහෝ සේ උනන්දු වූවාය..

දිනක් ඇය රාජාකාරියට පැමිණියේ උදෑසනමය.. දරුවන් පාසලට යවමින් වෙනදාට රාජකාරියට පැමිනෙන සුමනා අද එය තම නෑදෑ සොයුරියකට පැවරුවේ හැමදාම පරක්කු වූ දිනට ප්‍රධානියාගෙන් ලැබෙන ගැරහුම් නිසාවෙන්ය.. ඒත් වෙනදාට කාර්ය බහුල ආයතනය අද පාළුවට ගිහින්ය.. ඒ ඇය වෙනදාටත් වඩා වේලාසනින් ආ නිසාය..

“ සුමනා අද වේලස්සන?”

“ ඔවු කාන්ති.. තාම කවුරුවත් නැද්ද?”

“ කට්ටිය එද්දි ටිකක් පරක්කු වෙයි සුමනා..”

ඇගේ හැසිරීමේ කුමක් හෝ වෙනසක් සුමනාට දැනුනත් ඇය ඒ ගැන උනන්දුවක් නොකලාය.. වැඩ ඇති වේලාවන් වල බලෙන්ම කතාවට එන ඇය අද ඉක්මනින් මග හැර ගියේ ඇයි දැයි සුමනා නොසිතුවාය.. තම අසුනේ මොහොතකට ඉද ගත් ඇය යලි නැගිට්ටේ තන්ට උවමනා ලිපි කීපයක් සියා ගැනීමේ අරමුනින්ය.. කන්තෝරුවේ ඇතුලට වන්නට තිබු කාමර අතරින් ඇවිද යද්දි සුමනා දුටු දෙයින් ඇය මොහොතකට කලබල වූවාය..

කළමණාකරුගේ කන්තෝරු කාමරයට වී ලිපි ලේඛණ අවුස්සන කාන්ති දෙස ඇය මොහොතකට විමසිලිමත් වූවත් ඇය යලි එතැනින් එවත්ව යන්නට ගියේ කිසිවක් නොදුටු විලසටය.. ඒ කාන්ති කළමණාකරුගේ ලිපි ලේඛණ හා රාජකාරි කටයුතු කරන නිසාවෙන්ය..

දින දෙකක් ගෙවි ගියේ වැඩි වෙනසක් නැතුවමය..  හදිසියේම දවසක දහවලේ කළමණාකරුගේ හදිසි කැදවීම ගැන ඇය මදක් පුදුම වූවාය.. කාර්යාල කාමරයේ ඒ මේ අත ඇවිදිමින් උන් ඔහුගේ ඉරියවු ඇයව තවත් හිතින් බය කලාය..

“ සර්..”

“ අඟහරුවාදා තමුන් උදේම කන්තෝරු ආවද?”

“ ඔව් සර්..”

“ එදා මගේ කාමරේ තිබුන මුදල් වගයක් නැති වෙලා බව තමුන් දන්නවද?”

“ නෑ සර්.. මම එහෙම දෙයක් ගැන දන්නේ නෑ.”

“ ගත්තේ තමුන් වෙනකොට ඒ ගැන නොදැන ඉන්න විදිහක් නෑනේ..”

“ සර්..”

හිටිහැටියේම තමන් වෙතට එල්ල උන චෝදනාවෙන් සුමනා මවිත වූවාය.. ඉකුත්දා කමලා කලබලයෙන් හෙවුවේ මෙය වන්නට ඇතැයි ඇය කල්පනා කලාය..

“  ඇයි දෙන්න උත්තර නෑ නේද? වරද පිළිගන්නවනම් මට සමාවක් දෙන්න පුළුවන්..”

“ මේ ඇත්තමයි සර්.. මම එහෙම දෙයක් කලේ නෑ..”

“ එදා කාන්ති දැකලා තියෙනවා තමුන් මගේ කාමරේ ඉන්නවා..”

“ නෑ සර්.. මම නෙමෙයි එදා කාන්තියි සර්ගේ කාමරේ හිටියේ..”

“ ඒ පාර ඒ මනුස්සයව මේකට පටලනවද? වරද පිළිගත්තනම් මම සමාව දෙන්න හිතන් හිටියේ.. ඒත් දැන් කරන්න දෙයක් නෑ..”

එදා සුමනා ඔහුගේ දෙපා පාමුල කොතරම් බැගෑපත් උනත් ඒ කිසිවක් ඔහු තේරුම් නොගත්තේය.. කිසිවකට ඇහුම් කන් දෙන්නට ඔහුට උවමනාවක් නොතිබුනේය.. කාන්ති හා හිතේ තරහක් ඇති උනත් ඇය කිසිවක් කියන්නට සුමනාට නොහැකි උනේ ඇය දින කීපයක්ම රාජකාරියට නොආ නිසාවෙන්ය..

                                .....................................

අධිකරණ භූමියේ බංකුවක වාඩි වී උන් සුමනාට හැම දෙයක්ම එකින් එක මතක් උනේ පුංච් දරුවන් දෙදෙනාගේ අනාගතය ගැන ඇති වූ බිය නිසාය.. කිසිවක් හරි හැටි නොදත් ඔවුන් අම්මා ලගට වී උන්නේ ඔවුන්ගේ හිසට ඉහලින් අනාගතේ එන අඳුරු වළාකුල ගැන හරි හැටි  නොදැනය..

“ දුවේ ඊළගට තියෙන්නේ අපේ නඩුවලු..”

තමන් ලගට විත් රහසින් අම්මා කියත්ම ඇගේ දෑස දෙස ඕනෑකමින් බැලුවේ ඒ දෑස් වල කදූළු කියවමින්ය.. දිගු හුස්මක් ඉහලට ගත් ඇය හිද ගෙන සිටි තැනින් නැගිට්ටේ තම දරුවන් දෙදෙනාව ආදරයෙන් වැළද ගනිමින්ය.. මෙහි අවසාන තීරණය කුමක් වේවිදැයි ඇය නොදන්නීය.. ඒත් කිසිවක් තමාගේ වාසියට සිදු නොවන බව ඇයට පැහැදිළිය..

“ අම්මේ දරුවෝ ගැන බලාගන්න.. උන් ලොකු වෙද්දී මේ හැම දෙයක්ම උන්ට කියලා  මිනිස්සු ගැන උන්ට කියලා දෙන්න..”

මේ තිරණය තමන්ටත් වඩා බලපාන්නේ තම දරුවන්ට බව  ඇය හොදින්ම දන්නීය.. අවසානයේ ඔවුනුත් දවසක තමන්ට වෛර කරාවිදැයි තම සිතින්ම අසමින් ඇය විත්ති කූඩුවට නැග්ගාය..







Sunday, 29 January 2012

මම සහ මම




අම්මා තාත්තා ලග උණුසුමට 
ආදරෙන් හැදුන පොඩි එකා මම,
දුර ඈතක තනිවී ඒ උණුසුම
ආදරය සොයන ලොකු එකා මම..

පුන්චි ඉස්කෝලේ ඉස්සරහ පේලිවල
හිටිය පොඩි එකා මම,
පන්ති ගිහින් පස්සෙම පේලිවල
රැදුන ලොකු එකා මම..

සිස්සත්තේ මහ ඉහලින්
ජය අරගෙන අපු  පොඩි එකා මම,
A/L යන්තමින්
ගොඩදාගත්තු  ලොකු එකා මම..

අනාගතේ ලොකු හීන
නොදැකපු පොඩි එකා මම,
ඉහිරුන හීන කන්දක් ලග
වැලපෙන ලොකු එකා මම..

අඹ යාළුවන් සොයාගෙන
දිවගිය පොඩි එකා මම,
හිත රිදුම් දෙන තරමින්
යහළුවන්ගෙන් බැටකෑ ලොකු එකා මම..

ගෑනූ ළමයි ළග මොහොතක්
නොරැදුන පොඩි එකා මම,
කෙල්ලන් එනතුරු හන්දි වල
චාටර් උන ලොකු එකා මම..


අනාගතේ යන වචනය
නොදැන හිටපු පොඩි එකා මම,
හෙට දවස ගැන හිතන
වගකීම් ඇති ලොකු එකා මම..

තෑගි බෝග වටකරගෙන
උපන්දිනේ සැමරපු පොඩි එකා මම,
වෙනද වගේම ගෙවුන දවසක
උපන්දිනේ දා තනිඋන ලොකු එකා මම..

කතාකරන්න ගොඩ දේවල්
හිතේ තිබුන පොඩි එකා මම,
කවුරුත් නැති හින්දම මගේ ලග
ඒ කතා අකුරු කරන ලොකු එකා මම..

අම්මගේ අතේ එල්ලි
ගමන් ගිය පොඩි එකා මම,
කවුරුවත් නැතිව තනියම
රස්තියාදුවේ යන ලොකු එකා මම..

දැන් ඉන්න මම වෙන්න
හීන දැකපු පොඩි එකා මම,
ඒ දවස්වල හිටපු මට
ආදරේ කරන ලොකු එකා මම..

උඩ පින්තූරයේ ඉන්න
ජීවිතේ දකින ලොකු එකත් මම
පහල පින්තූරයේ ඉන්න
නිදහස් පොඩි එකත් මම..












Friday, 27 January 2012

රණවිරුවා ( කෙටි කතාව )

යුද්ධයේ තීරණාත්මක මොහොත එළබෙමින් තිබුණේය.. කාගෙත් දෑස් යොමුව තිබූ සටන් බිම දිගේ මමත් මගේ මිතුරනුත් ඉදිරියට අදුනේ අදුරු කාලපරිච්චේදයක අවසානය ලියන්නවුන් හැටියට.. ජගත් මට හිටිය හොදම මිතුරා.. ඉස්කෝලේ යන දවස් වල ඇති උන මිතුදම අද මේ වන තුරුත් මගේ හිතේ රැදිලා තියෙන්නේ ඔහු ලග තිබුන උතුම් මනුස්සකම් නිසයි.. පාසලට සමුදීලා කාලයක් විනෝදයෙන් ඉද්දී මගේ හිතට ආපු අදහස මම ජගත්ට කියලා හමුදාවේ සම්මුඛපරීක්ෂනේට ගිය මොහොතේ ජගත්ගේ මුහුණ මම වගේම එදා ඇවිත් හිටපු අය අතරිම් මතු වෙද්දි මම පුදුම උනා..

“ ඇයි උඹ විතරද රට වෙනුවෙන් යුතුකම් ඉටු කරන්න ඕන..”

ඔහු එදා වෙනදා වගේම සැහැල්ලුවෙන් කීවේ අනාගතේ ගැන හරි බලාපොරොත්තුවක් නැති ගානට.. විශ්ව විද්‍යාලේ යන්න පුළුවන් කම තියෙද්දි ඔහු මෙහෙම තීරණයක් ගත්තේ ඇයි කියලා මට සිතුනත් මම කවදාවත් ඒක ඔහුගෙන් අහන්න ගියේ නෑ.. අපි දෙන්නම එකම රෙජිමේන්තුවක පුහුණුව ලබද්දි ජගත් පාසලේදි වගේම මට වඩා හොදින් දක්ෂකම් පෑවා.. යුධ බිමේ ඔහුගේ නායකත්වෙන් සටනට යන්න ලැබුන එක ගැන මම ගොඩක් සතුටු උනා..

“ මගේ ලගින් උඹ ඉන්නකම් මට මුකුත් වෙන්නේ නෑ කියලා මම දන්නවා..”

සටන් බිමට නික්මෙන්න කලින් හැමදාම ජගත් මාත් එක්ක කියන ඒ වචන පෙල මං ගැන ඔහු තිබ්බ විශ්වාසයේ එක සළකුණක් උනා.. මේ සටනට එන්න කලිනුත් ජගත් මාත් එක්ක එහෙම  කියද්දි වෙනදට වඩා වෙනසක් ඒ හඩේ මම දැක්කා..

“ මේ දවස් ටික ගොඩක් තීර්ණාත්මකයි විමලේ.. සමහරවිට අපි ආයෙම මේ වගේ කතා නොකරන්නත් පුළුවන්..”

“ උඹ මොනවද ජගත් මේ කියන්නේ?  මේ අපි ඉස්සෙල්ලම තුවක්කුව අතට ගන්න දවස නෙමෙයිනේ..”

“ ඒක ඇත්ත විමලේ.. හරි අපි යමු..”

තීරණාත්මක ගමනක පළමු පියවට තියලා අපි ගොඩාක් දුර ආවා.. සතුරන් එකින් එක අපේ ගිණි අවි ඉදිරියේ නිහඩ වෙමින් බිම අද වැටෙද්දි අපි අවසානය පේන මානයට ආවා.. මොහොතක් නැවතුන අපි ඉදිරි සැළසුම් ඇන්දා.. ඒත් නොහිතූ මොහොතක අප අතරට එල්ල උන වෙඩි වරුසාව අතරින් ඉදිරියට ඇදෙන්නට හදද්දී  සවනතට වැටුන හඩ මගේ හිත මොහොතකය සසළ කලා..

“ විමලේ..”

ලෙයින් නැහැවුන ජගත්ගේ සිරුර පණ නල අදිමින් සිටියා..කඳූලින් පිරුන ඒ දෑස් මට කුමක් හෝ පවසන්න උත්සාහ කලත් ඊට මත්තෙන් දෑස් පියාගත් ජගත් යුධ බිමේ අවසන් සුසුම හෙළුවේ මගේ හිතේ ඔහු සබෑ වීරයෙක් වෙමින්.. මිතුරා තනිකරන්නට හිත් නොවුන නිසාම අපි අසල පතිත උන අත් බෝම්බය දෑස් ඉදිරියේ ගිණි ජාලාවක් මවමින් සියල්ල නිහඬ කලා..

                               ....................................

වසර ගානක් රෝහලේ ගත් කල මම අද එයින් පිටව යන්නට තරම් සනීපයක් ලබා ඇතත් මේ දෑත අද්දරම පණ අදිමින් උන් ජගත් වෙනුවෙන් කිසිවක් කර ගන්නට නොහැකී වීම හිතට තවමත් දරගත නොහැකක්.. ජගත්ගේ ජීවිතය අහිමි කල තුවක්කුකරුවන් හැම දැන් නිහඬය වෙලා..

“ විමල්ට දැන් ඇවිදින්න අපහසුවක් නෑනේ..”

“ නෑ ඩොක්ටර්..”

“ විමල්ට දැන් හොදටම සනීප නිසා කැමතිනම් ගෙදර යන්න පුළුවන්..”

“ මං වෙනුවෙන් කරපු හැම දේකටම ඩොක්ටර්ට පිං..”

මං වගේම තවත් තුවාල ලැබූ තවත් මිතුරන්ගෙන් සමුගනිමින් රෝහල් කාමරයෙන් එළියට එද්දි මම වෙනුවෙන් මග බලාගෙන උන් අම්මා දෑසේ කඳුළු පුරවා ගත්තේය..  ගෙවුන කාලයට  ඇය කොතරම් නම් ගින්දරක් උසුලන්නට ඇත්දදැයි මට සිතුනි.. අම්මට දණ ගසා වදින්නට තරම් පුළුවන් කමක් මට නොතිබුනේය.. රිදුම් දෙන දකුණු කකුල මගෙන් එය උදුරා ගෙන තිබුනි..

“ මගේ පුතාට කොහොමද දැන්?”

“ හොදයි අම්මේ.. මේ ටික දවසට අම්මා ගොඩක් වෙනස් වෙලානේ..”

“ අවුරුදු 4ක් කියන්නේ පොඩි කාලයක් නෙමෙයිනේ පුතේ.. අපි යමු ගෙදර..”

එතරම් කාලයක් ගෙවුනාදවත් මට නොදැනිනි.. මගේ පඩියෙන් ජීවත් උන අම්මා මම ගෙදර නැති කාලයේ විදි දුක ඈ දෙස බලද්දි හොදින් තේරුම් ගන්නට හැකිය.. ගෙදරට එන මග තොට අවට පරිසරය සියල්ලක්ම වෙනස් වී ගොසිනි.. ඒත් අවසන් වරට මා දුටු අපේ නිවස තවමත් ඒ වගේමය.. පැහැයෙන් තවත් එය දුර්වර්ණ වී ඇත..

“ ජගත්ලගේ අම්මට දැන් කොහොමද අම්මේ?”

සවස ඇදිරි වැටෙද්දි බුදු පහන තියා ගෙට ගොඩ උන අම්මාගෙන් ඇය ගැන විමසුවේ ඇය හමුවීමට යන්නට සිතාගෙනය..

“ ඒ මනුස්සයන් දැන් අවුරුද්දකට විතර උඩදි නැති උනා පුතේ..”

“ නැති උනා? ඒ මොනවා වෙලාද අම්මේ?”

“ ඒක දිග කතාවක් පුතේ..”

අම්මා ඇදි පුටුවෙන් හිදගෙන  සුසුමක් හෙළුවේ දිගු කතාවක් පවසන්නට බැව් මට හැගුනේය..

“ ජගත් පුතා නැති උන දවසේ ඉදන් ඒ මනුස්සයට හරියට කරදර ආවා.. කන්නවත් නැතුව හිටපු දවස් තිබුනා.. අන්තිමේ ඔය හිටපු කුලී ගෙයින් එළියට බහින තැනටම වැඩ සිද්ද උනා..”

“ ඇයි ජගත්ගේ වන්දි මුදල හම්බුනේ නැද්ද?”

“ ඒක අරගන්න ඒ මනුස්සයා කොළඹ කී දවසක්නම් යන්න ඇත්ද.. ඒත් අද දෙන්නම් හෙට දෙන්නම් කිවුව මිසක කවදාවත් හම්බුනේ නම් නෑ.. අන්තිමේ ගෙදරිනුත් එළියට ඇදලා දැම්මට පස්සේ අන්තිම වෙනකන් මෙහේ මාත් එක්ක හිට්යේ..”

“ එතකොට ජගත්ගේ අම්මා නැති උනේ?”

“ හිතේ දුකට පුතේ.. හැමදාම රෑට ජගත් පුතාගේ නම කිය කිය අඬනවා.. මගේ පුතා සිහිය නැතිව හිටපු කාලෙත් පුතා ලගට වෙලා ජගත් පුතාගේ නම කිය කිය අඬනවා..”

ඉන් එහා සිදුවූ හැම දෙයක්ම එකින් එක අම්මා විස්තර කරද්දි ජගත් ගැන හිතේ ඇති උන දුක කොතරම්දැයි කියා නිම කරන්නට බැරි තරම්ය.. අවසන් හුස්ම හෙලන තුරුම ජීවිතේ බොහෝ කාලයක් ලගින් උන් මිතුරාට අවසානයේ උදවුවක් කරන්නට නොහැකී වීම ගැන මගේ හිතේ ඇති උයේ කනස්සල්ලකි..

ඒත් දැන් සියල්ල සිදුවී හමාරය.. රට වෙනුවෙන් දිවි පිදූ ජගත් දැන් මතකයක් පමණක් වී ඇත.. ඒ රටට ආදරය කරන මිනිසුන්ගේ හිත් වලය.. ඈතින් ගොම්මන් කරුවළ වැටි එද්දී මම නිවසින් නික්මුනේ වේදනාවෙන් රිදුම් දෙක කකූළට වාරු දෙමින්ය..

“ මගේ පුතා කොහේද යන්නේ?”

“ මම ජගත්ගේ සොහොන ලගට ගිහින් එන්නම් අම්මේ..”




නිමි..









Thursday, 26 January 2012

කටු ඔටුන්න







හිසට බර කටු ඔටුන්නකට
හැමෝම පිටු පෑ දිනයක
සතුටින් තබාගෙන එය හිස මතට
ගමන් කල කාලය නිමා උනිද අද..

සතුටින් කරට ගෙන ඔල්වරසන් මැද
විදී දිගේ නූඹට ජය ඝෝශා කල දින
දැන සිටියා නුඹ
මේ කටු ඔටුන්නේ රුදුරු බව..

එකින් එක එකින් එක
ගිලිහෙද්දි ජය අනිකට
එරෙහිව නැග ආවේ නුඹට
පූජාසනයේ නූඹ තැබූ අයම..

කෝ ඒ සොදුරු සිනහව
සැගවිලා ප්‍රශ්ණ අතරෙම
හුදෙකලාව තනිවී බංකුවක් මත
නුඹ සිටිනු දැක්කේ නෑ මින් පෙර..

ඇනී කටු හිස රිදුම් දෙන කල
තවත් සිර කල කටු ඔටුන්න මත
පැට උන තව පරාජයේ බර
කොහොම උසුලන්නද නුඹ තනියම..

අමාරුවෙන් ගලවා කටු ඔටුන්න
විජයග්‍රාහී ඇරඹුමක් ලග
නුඹ නික්ම යාවියි මෙලස
හිතුවේ නෑ වසරකට පෙරාතුව..

ඔටුනු ඕනේ නෑ ජය ගෙනෙන්නට
නුඹ පසක් කල හැටි මතකයි තව අපට
එදා අප දුටු පිතිකරුවාවම
දකින්න පතනවා අනාගතෙත් අප..




Wednesday, 25 January 2012

මගේ අළුත්ම එකතුව

එදා මම මගේ පරණ එකතුන් දාපු වෙලාවේ මගේ අළුත් එකතුව ගැන කියනවා කියලා කිවිවනේ.. ඉතින් අද ඒක ගැන කියන්න තමයි කල්පනාව.. මේ පිස්සු අදහස ආපු හැටි ගැන මම කියන්නම්.. ඊට කලින් මම පින්තූර ටික දාලා ඉන්නම්කෝ.. මොකද මම ලියපු දේට වඩා කට්ටිය ඉස්සෙල්ලා බලන්නේ පින්තූර ටික කියලා මම දන්නවනේ..













දැක්කනේ.. මොනවද කියලා ඉතින් මම අමුතුවෙන් කියන්න ඕන නෑනේ.. දැං ඉතින් කට්ටිය බනිනවා ඇති මට මූ වගේ පිස්සෙක් කියලා.. එහෙම කියනවනම් ඒක සාධාරණයි.. නැත්නම් ඉතින් මෙහෙම දෙයක් හිතෙනවයි.. මේ තියෙන්නේ මගේ ලග තියෙන ඒවයින් ටිකක් විතරයි.. ෆොටො ගහලා බ්ලොග් එකේ ඔක්කොම දාන්න සෑහෙන වෙලාවකුයි ඉඩකුයි යන නිසා ටිකයි දැම්මේ..

ඉස්සෙලම ඉතින් මේ විකාර අදහස් ආපු හැටි ගැන කියන්නම්කෝ.. ඇත්තටම දවසක් සාප්පු සවාරියේ ගිහින් ඉන්න වෙලාවක තමයි මේ අදහස ආවේ.. මමයි අපේ අංකල් ජොන්සනුයි ඉරිදා දවසක මෙහෙම ගිය වෙලේ කතා උනා එදා රෑට අපි ගෙදර පීසා ගෙනිහින් කන්න.. මොකද අපි ඉතින් උයන්න හරි උනන්දුයිනේ.. පීසා කනවනම් මට බියර් එකකුත් ඕන කියලා අංකල් ගියා බියර් තෝරන්න.. මෙහේ සුපර්මාර්කට් වල ඉතින් පැත්තක්ම වෙන් වෙලා තියෙන්නේ බොන ජාති වලටනේ.. ඉතින් ඔය අස්සෙන් ගිහින් අංකල් බියර් තෝරද්දි මාත් ගියා ලගට..

“ මොනවද මනුස්සයෝ ඔච්චර තෝරන්නේ?”

“ පොඩ්ඩක් ඉන්නවකෝ කෑ නොගහා.. මට හරියන එකක් හොයා ගන්නකන්..”

අපේ කතාව ඔහොම තමයි.. අංකල් මට වඩා දෙගුනයක් වැඩිමල් කියලා සමහර වෙලාවට අමතක වෙනවා.. ඉතින් ඔහොම අංකල් එක එක ජාතියේ ඒවා අරං බලද්දි මගේ ටිකිරි මොලේට පොඩි අදහසක් ආවා.. මම එතන තිබ්බ ඔක්කොම ජාතියෙන් එක එක අරං ලගින් තිබ්බා.. තියලා බලද්දි ඒකේ පොඩි ගතියකුත් තියෙනවා.. හැම ජාතියෙන්ම එක ගානේ අරං මම එකතු කරනවා කියන පිස්සු විකාර අදහස ඒ වෙලාවේ තමයි මගේ ඔළුවට ආවේ..

අපේ අයියා මට බනිනවා.. බොන්නේ නැති එකාට මොකටද මේවා කියලා.. එකතු කරන්න බොන්නම ඕනද.. බිබී එකතු කලානම් එකතු කරන්නේ වෙන්නේ හිස් ටින් විතරයි.. කොහොමහරි මම දැන් මාසෙක විතර ඉදන් මේ වැඩේට බැහැලා ඉන්නේ.. එක එක ජාතියේ බියර් වර්ග 56ක් තියෙනවා දැනට මගේ ලග.. එතකොට තව ගන්න? තව ගන්නත් ඒ වගේම තියෙනවා.. මොකද එක සුපිරි වෙලද සැලක තියෙන එවා තව තැනක නෑ.. ඉතාලියේ ගහන ඒවා ඇරුනම තව පිටරටවල් වලින් ගේන ඒවා.. ඒ නිසා ඒ හරිය ගැන අපු කතා නොකර ඉමු..

ඒත් දැන් පොඩි ප්‍රශ්ණයක් තියෙනවා.. මේ ටික ලංකාවට යවන එක ගැන.. වෙනදාම් නැවේ බඩු යවද්දී ඒවා අස්සේ හංගලා දැම්මා.. ඒත් ලගකදි ඉදන් හාබර් එකේ කන්ටේනර් බඩු චෙක් කරන්නේ අර එයාපෝට් වල බැගේජ් චෙක් කරනවා වගේ කම්පියුටර් එකෙන්ලු.. ඒ කියන්නේ ඉතින් කොච්චර හංගලා ගැහුවත් වැඩක් නෑ කියන එක.. අහු උනොත් ටැක්ස් එකයි දඩෙයි දෙකම.. මීට කලිනුත් අපි ඕන තරම් බෝතල් දාලා තියෙනවා කිසිම අවුලක් නැතුව.. ඒවට ක්රම් තියෙනවා.. ඒවා දේව රහස් නිසා මෙතන කියන්න බෑ..

අපේ ගේ ලගම ඉන්නවා කස්ටම් එකේ අංකල් කෙනෙක්.. අංකල් වෙඩින් එකට ආපු වෙලේ අපි මෙහෙන් දාපු බෝතලයක් සප්පායම් වෙන ගමන් අපේ තාත්තා එක්ක මෙහෙම කිවුවා..

“ මහත්තයා කොහොමද මේ බෝතල් ගෙනාවේ?”

“ මහත්තයාලගේ කස්ටම් එකෙන්ම තමයි..”

අංකල් ඊට එහා මුකුත් ඇහුවේ නෑ.. කොහොම හරි ගෙනාපු එකනේ කියලා අංකල් බෝතලේම ගහලා දැම්මා.. ඒත් දැන්නම් ටිකක් හිර වෙනවා මේ අළුත් වැඩේ නිසා.. ඒ ආරංචිය ඇත්තද කියලා දැනගන්නකම් ටික කාලෙකට මේ වැඩේ නවත්තනවා.. මොකද නැත්නම් අරගෙන වැඩක් නෑනේ.. දැනටත් අංකල්ගෙනුයි අයියගෙනුයි මේක පරිස්සම් කර ගන්නේ හෙනම ගේමක් දීලා..

මම කලින් පෝස්ට් එකේ පුළුවන්නම් ගෙස් කරන්න කියපු වෙලාවේ සමහරු කිවුවේ මොනවා උනත් වැදගත් කලෙක්ශන් එකක් වෙන්න ඇති කියලා.. මම දන්නවා සමහර විට ඔයාලා මට බනීවි.. ඒත් මනුස්සයෝ වෙච්ච අපිට එක එක සිතුවිලි පහල වෙනවනේ.. මේකත් එහෙම එකක් තමයි..




Tuesday, 24 January 2012

වහල්ලු - දහවෙනි දිගහැරුම


පළමු කොටස   දෙවෙනි කොටස   තුන්වෙනි කොටස   හතරවෙනි කොටස   පස්වෙනි කොටස   හයවෙනි කොටස   හත්වෙනි කොටස  අට වෙනි කොටස  නමවෙනි කොටස
 
“ ගුණේ අයියේ.. ගුණේ අයියේ..”

උදෑසන හිරු කිරණ පොළවට වැටෙන්නට නොදී නවතාගෙන උන් මහා වැහි වළාකුළ දෙස බලාගෙන සිටි ගුණදාස සොයාගෙන වත්තේ අයෙකු දුව ආවේ හති දමමින්ය..

“ මොකද බං මේ හති දාගෙනම උදේ පාන්දර?”

“ ගුණේ අයියා දන්නේ නැද්ද?”

“ මොකක්ද?”

“ ඊයේ සුනිල් මලයගේ පෝස්ටර් අලවන්න ගිය අපේ අයට ගහලා.. ගාමිණි අයියා..”

ඔහුගේ හඩ මදකට නැවතුනේය.. කුතුහලයෙන් සිටි ගුණදාස ඔහුට බලකලේ කතාවේ අවසානය දැනගන්නටය..

“ ඇයි මොකද ගාමිණියට?”

“ සෝමේ, ගාමිණි අයියට වෙඩි තියලා ගුණේ අයියේ..”

“ මොනවා..”

ගුණදාසගේ අත තිබූ උදෑසන කහට කෝප්පය අතින් ගිලිහී බිම ඉහිරි ගියේ නොපැතු මොහොතක සවනත වැටුන ආරංච්ය නිසාය..

“ ඉතින් කියපං.. ගාමිණියාට දැං කොහොමද?”

ගුණදාස ආවේගයෙන් ඔහුගෙන් විමසද්දි නිරුත්තරව බිම බලාගත් ඔහුගේ දෑස ඉතිරි හැම දෙයක්ම පැවසුවේය.. උළුවස්ස ලගින්ම බිම හිදගත් ගුණදාස හිසට අත තියා ගත්තේ කිසිවක් හිතා ගත නොහැකිවය.. මොහොතක් නිහඩව උන් ගුණදාස කතා කරන්නට වචන ගලපා ගත්තේ අපහසුවෙනි..

“ දැන් එතකොට කෝ අනිත් උන්?”

“ උන් ඉස්පිරිතාලේ ගුණේ අයියේ.. උනුත් හොදටම ගුටි කාලා..”

ඉන් එහා කිසිවක් නෑසූ ගුණදාස වළාකුළින් බර අහස දෙස බලාගෙන හිටියේ නෙත් කදුළින් පුරවාගෙනය..

“ ඇයි ගාමිණියෝ ඊයේ උඹත් එක්ක යන්න මට කතා නොකලේ..”

හිතේ වේදනාවටම ගුණදාස තමන්ටම කියාගනිද්දි නොකියාම වෙන්වී ගිය මිතුරා වෙනුවෙන් කඳූළු බිදුවක් දෑසින් පිටවී ඇවිත් මහ පොළව සිඹ ගත්තේ ගාමිණි නැති අඩුව ගුණදාසට කොතරම් දැනෙනවාදැයි කියාපාමින්ය.. හිද ගෙන උන් තැනටම වී උළුවස්සට හිස තියාගත් ගුණදාස තම මිතුරා ගැන සිහිකලේ කිසිවක් සිතාගත් නොහැකිවය..

වැඩි කාලයක් යන්නට මත්තෙන් මුළු වත්තට ගාමිණිගේ මරණය සැලවිය.. සමහරු පෙරදා රාත්රියේ ඔහුට වෙඩි වැදුන තැනට දිව ගියේය.. ඇතමුන් තම අත රැදි ආයුදද සමගින් ඉදිරියට ඇදුනේ සෝමේ ඉන්නා තැනකින් සොයාගෙන ඔහුවත් ගාමිණි ගිය තැනටම යවනවායැයි දිවුරමිනි..

“ මේ මොකක්ද උනේ ගුණේ මල්ලි..”

උළුවස්ස ලග හිදගෙන උන් ගුණදාස ලගට දුවගෙන ආ කමලා විමසුවේ මහා හයියෙන් හඩා වැලපෙමිනි.. කිසිවකටවත් උත්තර නුදුන් ගුණදාස නිරුත්තරව බලා සිටියේය..

“ අනේ කතාකරපං මල්ලියේ..”

“ සුනිල් පුතා කෝ අක්කේ?”

එතෙක් වෙලා නිහඩව උන් ගුණදාස තම හඩ අවදි කලේය..

“ කොල්ලා ගෙදර මල්ලියේ.. ඌටත් මේ කිසි දෙයක් හිතා ගන්න බැරුව බලාගෙන ඉන්නවා..”

“ උඹ කොල්ලා ලගට පලයන් කමලා අක්කේ.. මේ වෙලාවේ කොල්ලව තනි කරන්න එපා..”

හිදගෙන උන් තැනින් නැගිටුන ගුණදාස නිවසින් එළියට පැමිණියේ කෙසග සිරුර වැසෙන්නට කමිසය අදිමින්ය..

“ මම ගිහින් ගාමිණිව බලලා එන්නම්.. උඹ කොල්ලා ලගට පලයන්..”

                                  .................................

පසුදා සවස්වී ගෙන එද්දි වත්තේ හැමෝම ගාමිණිගේ නිවස අසලට එකතු වී සිටියේ තම මිතුරාගේ අවසන් ගමන සදහාය .. වත්තේ තැනින් තැන අහසට නැගුන සුදු කොඩි වත්තේ නිහඬ බව කියා පෑවේය.. හැමතැකම රැදි කඳුළු පිරි දෑස් ගාමිණිගේ වෙන්වීමේ වේදනාව කියා පෑවේය..

ගුණදාසත් මිතුරු කැලත් දෙවුරට අරගත් ගාමිණිගේ නිසල සිරුර මාවත් දිගේ වත්තෙන් එළියට ආවේ යලි නොඑන ගමනක මග සටහන් කරමින්ය.. නොනවත්වාම වැටුන කඳුළු බිදු නික්මෙන තම මිතුරා යලි තමන් අතරේම ඉපදෙන්නයි ප්‍රාර්ථනා කලේය..

නෑ හිතවෙතෙක් නැතිව තනි උන ගාමිණිගේ මලගමට එකතු වූයේ වත්තේ තම සගයන් පමණක්ය.. පොළව යට වැළලි උන් තම මිතුරාගේ දේහය ලගින් මොහොතකට වාඩි වූ ගුණදාස අන් හැමෝම නික්ම යද්දී තම මිතුරාට තනි රැක්කෙ මිතුදමටත් වඩා හදවතේ බැදුන සහෝදරත්වය නිසාය..

“ දැං අපි මොකද කරන්නේ ගුණේ මාමේ.”

ගුණදාස ලගට ආ සුනිල් ඔහු ලගින්ම හිදගනිමින් විමසුවේ තම දකුණත මෙන් සිටි ගාමිණි මාමාගේ වෙන්ව යාමෙන් ඇති උන පාඩුව නිසාමය..

“ ගුණේට මේ කරපු දේට අපි උන්ට දඬුවම් ලබලා දෙන්න ඕන පුතේ..”

“ මාමා කියන්නේ අපිත්?”

“ නෑ නෑ.. අපි ඒ වගේ පහත් තත්වෙට වැටෙන්න ඕන නෑ පුතේ.. උන් මැරුවේ නිරායුද මිනිහෙක්ව.. උන් චණ්ඩි නෙමෙයි..”

“ ඉතින් මාමා කියන්නේ අපි මොකක් කලොත් හරි කියලද..”

“ අපි ගාමිණිගේ මිණිමරුවන්ට නිතියෙන් දඬුවම් ලබලා දෙන්න ඕන පුතේ.. ඒක කරන්න පුළුවන් පුතාට විතරයි..”

“ මේ මම?”

“ ඔව්.. රණවීර ඔය මැම්බර් පුටුවේ ඉන්නකන් අපිට කවදාවත් සාධාරණයක් බලාපොරොත්තු වෙන්න බෑ පුතේ.. අපි කොච්චර ඇත්ත ඔප්පු කරන්න හැදුවත් සල්ලි වලටයි, බලයටයි උන් ඒ හැම දෙයක්ම වහලා දාවි.. ඒත් පුතා එතනට ගියොත් උන්ට සල්ලි වලට හැම දෙයක්ම ගන්න බැරි වෙනවා..”

“ මට තේරෙනවා මාමේ..”

“ පුතා මං වෙනුවෙන් එක දෙයක් කරන්න ඕන..”

“ මම පුතා වෙනුවෙන් මේ හැම දෙයක්ම කරන්නේ අඹ මල් රේණුවක දෙයක්  බලාපොරොත්තුව නෙමෙයි.. පුතා කවදහරි ගාමිණි මාමා වෙනුවෙන් සාධාරණය ඉශ්ඨ කරන්න.. ඒක පුතා මං වෙනුවෙන් කරන ලොකුම උදවුව වේවි..”

“ හොදයි ගුණේ මාමේ.. මම පොරොන්දු වෙන්නම්..”

සැදෑ කළුවරින් සුසාන භූමිය වෙලෙද්දි එහි තනි වූ ගුණදාස තම මිතුරා ලගින් නොසෙල්වී ඔහුත් සමග තනියම කතා කරමින් සිටියේ වෙනදා හැන්දෑවට මුණ ගැසී ආගිය තොරතුරු කතා කරන අයුරින්ය.. ඒත් අද ගුණදාසගේ මුවගේ රැදුනේ එක් වචන කීපයක් පමණක්මය..

“ මට උඹව බේර ගන්න එන්න බරි උනා ගාමිණියෝ..”















 

Monday, 23 January 2012

නොඑන්න මගේ සිහිනයට

ආදරය කියන්නේ හරි අපූරු දෙයක්.. ඒක කාටවත් තාම හරියට තේරුම් ගන්න බෑ.. මේ මටත් එහෙමමයි.. මගේ ජීවිතේටත් ආදරේ ලං උනේ මම කවදාවත් බලාපොරොත්තු නොවුන විදිහකට.. ඇය මෙනුෂා.. ඇගේ ලස්සන දෑස් වලට මම ආදරේ කලා.. අහම්බෙන් වගේ මුණ ගැහුණ ඒ දෑසට මම ආදරේ කරන්න පටන් ගත්තේ කවදද කියලවත් මම දන්නේ නෑ..

නිතර දෙවෙලේ දකින ඔයාත් එක්ක මට කතා කරන්න ආසා හිතුනා.. ඒත් මගේ හිත ටිකක් පස්සට ඇදිලා ගියා.. මං වගේ කෙනෙක් එක්ක ලස්සනම ලස්සන ඔයා කතා කරාවිද මම මොහොතකට හිතුවා.. ඒ හින්දම වෙන්න ඇති මම ඔයාගේ ඇස් දෙක දිහා බලාගෙන තනියම කතා කලේ.. ඔයා නොදන්න කොච්චරක්නම් දේවල් මම ඔයා එක්ක කියන්න ඇත්ද..

ඒත් එක දවසක් අහම්බෙන් වගේ ඔයා මාත් එක්ක කතා කලා..

“ හායි..”

“ හායි.. කොහොමද මෙනුෂා?”

“ හොදයි.. ගොඩක් දවස් ඉදන් දැක්කත් අපිට වචනයක්වත් කතා කරන්න බැරි උනානේ..”

එදා එහෙම නොහිතපු වෙලාවක ඇරඹුන කතාව මගේ හිත කොයි තරම් දුරකට අරං ගියාද.. සමහර දවස් වලට අපි ගොඩක් වෙලා කතා කර කර හිටියා.. ඔයා ඔයාගේ ජීවිතේ ගැන බොහෝමයක් දේවල් මාත් එක්ක කිවුවේ මම අහන්නත් කලින්.. වචනයට පෙරල ගන්න බැරි ආදරයක් මේ හිතේ රැදුන බව ඔයා මොහොතකටවත් දැනන් හිටියේ නෑ කියලා මම දන්නවා..

කාලය ටිකින් ටික ගෙවෙද්දි අපි ගොඩාක් හොද යාළුවෝ උනා.. අපි කතා නොකරපු දවසක් නොතිබුන තරම්.. ඒත් හැමදාම මම මගේ හිතින් පස්සට ගියා.. දවසක් මේ හැම දෙයක්ම වෙනස් උනේ මම හීනෙකින් වත් බලාපොරොත්තු නොවුන විදිහට.. ඔයා තව කෙනෙක්ගේ දෑතේ එල්ලිලා ඉද්දි මේ හිතට දැනුන වේදනාව ඔයා තාමත් දන්නේ නෑ කියලා මම දන්නවා..

“ අනේ මට සමාවෙන්න.. මම ඔයාට කියන්නමයි හිටියේ..”

ඔයාගේ ඒ වචන කවදාවත් නැතුව මම අවිශ්වාස කලේ අයි කියලා මට එවෙලේ නොතේරුනත් මගේ හිත හරි කියලා මම දන්නවා.. ඒත් ඒ බව මම ඔයාට ඇගෙවුවේ නෑ.. වෙනදා වගේම කතා කලා.. යාළුවෝ විදිහට.. ටිකින් ටික මම ඔයාගෙන් ඈත් උනේ ඔයාට ඒක නොතේරෙන්න..

“ උඹට ඔය කෙල්ලට ලවු කරන්න පටන් ගනිද්දිම මම කිවුවනේ..”

“ හරි මචං.. දැං ගිය දේ ගියා..”

“ ඕක ඔහොම නැවතුන එක හොදයි..”

“ කවුද බං මෙහෙම දෙයක් හිතුවේ..”

“ ඒකතමයි ගොනෝ අපි කිවුවේ.. ඔය ෆේස්බුක් වල කෙල්ලන්ට ලවු කරන්න එපා කියලා..”

මගේ මිතුරාගේ කතාව ඇත්ත කියලා මම තේරුම් ගනිද්දි කාලය ගොඩක් පහු වෙලා.. ඒත් මේ තුවාලය සනීප කරන්න පුළුවන් බව මම දන්න නිසා මම ගොඩක් දුක් වෙන්නේ නෑ.. අපි අන්තිමට කතා කරලා දැන් ගොඩක් කාලයක් වෙනවා.. ඒත් ඒ අතර තුර කාලයට ඔයා කී වතාවක් එක එක නම් තියෙන අය ඔයාගේ රිලේශන්ශිප් වලට ඇඩ් කලාද.. ඒත් නුඹට හිතින් ආදරේ කල මම?


ආදරයට දුක් ගී කියන
නිසන්සල ගොළු රෑක
අදුරු වලාවන් අතරසැගවුන 
සදක් විලසින
අතීතයේ නිහඩ සේයා අතර
අතරමංව ඇවිදින මසිතට
සුරඟන දෙනෙතින් 
ආදරය අරන් 
නොඑන්න මගේ සිහිනයට
යලිත් නුඹ....





ප.ලි - මේ කතාව මගේ ජීවිතේට කොහෙත්ම සම්බන්ද නැති බව සලකන්න.. මේක මේ කවියට ගැලපෙන්න හිතට නැගුන සිතුවිල්ලක් විතරයි..


Sunday, 22 January 2012

දෑස රැදුන තැන්

මම කලින් දවසක ලියපු ඉස්සර වැඩ කින පෝස්ට් එකේ මගේ කලින් එකතුන් ගැන දැම්මනේ.. ඉතින් ඒකේ අන්තිමේ මම කිවුවා මගේ ඊළග එකතුව පුළුවන්නම් ගෙස් කරන්න කියලා.. ඉතින් ගොඩක් දෙනෙක් දුන්න උත්තරයක් තමයි මම ඔය රස්තියාදුවේ යන තැන් වල ගත්ත පින්තූර එකතුවක් වෙන්න ඇති කියලා..

ඇත්තම කියනවනම් ඒක එහෙම දෙයක් නෙමෙයි.. ඒ ගැන මම මේ සතියේ දවසක පෝස්ට් එකක් දාන්නම්.. ඒ උනත් ගොඩක් දෙනෙක් පින්තූර ගැන කතා කල නිසා මට හිතුනා මං අරගත්ත මට ලස්සනයි කියලා හිතෙන පිංතූර ටිකක් ගැන කතා කරන්න..

ඔය චාරාරූපකරණය ගැනනම් මම මහ ලොකු දෙයක් දන්නේ නෑ.. ඇත්තම කියන්න එපැයි.. ලංකාවේ ඉද්දි උනත් මම ඔය ගැන එච්චර උනන්දුවක් තිබුනේ නෑ.. පස්සේ ඉතින් ඉතාලියට සැපැත් වෙලා ඉද්දි අපේ අංකල්ගේ NICON  D 50 කැමරාව පාවිච්චි කරද්දි තමයි මට මේ ගැන් ආසාවක් ආවේ..

ටික කාලෙකින් මගේ අතට ආව CANON EOS 550 කැමරාව මගේ තනි නොතනියට හිටිය මගේ අපූරු යාළුවෙක් උනා.. යන හැම රස්තියාදුවකම ඔකත් අරගෙන තමයි යන්නේ.. 16GB මෙමරියක් තියෙන මේ කැමරාවෙන් මම හිතේ හැටියට ෆොටෝ අර ගත්තා.. ටිකින් ටික කැමරාව පුරුදු උනා.. හරි ඒ වැඩි කතා ඕනේ නෑ.. මම අරගත්ත ෆොටෝ වලින් මගේ හිත ගත්ත පින්තූර ටිකක් පහල දාන්න කියලා මම හිතුවා.. 


මේ ඉන්නේ අපේ තාත්තා.. අපි දවසක් බෝට්ටු සවාරියක් ගිය වෙලාවේ තමයි මේක ගත්තේ..
මේ අපේ අම්මා.. මේ ෆොටෝ එකනම් හැබැයි මම අරගත්තේ ඔය කැමරාවෙන් නෙමෙයි.. 


මේ අපේ අයියා.. මේක ගත්තෙත් අර බෝට්ටු සවාරියේදිම තමයි.. මෙයත් බ්ලොග් ලියන්න එන්න තමයි හිතාගෙන ඉන්නේ.. 


මේක ගත්තේ මේ පාර ලංකාවට ගිය වෙලාවේ..


මේ පින්තුරේ මට ගොඩක් වටින්නේ ඇයි කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ..




මේ කඩුපුල් මල හරියටම පිපුනේ අපේ අක්කගේ වෙඩින් එක දවසේ.. ඒත් මම ෆොටෝ එක ගනිද්දිනම් ටිකක් ප්‍රමාද උනා..


මේ අපේ ගෙදරට ආව අමුත්තෙක්.. මෙයාගේ කූඩුව තිබුනේ අපේ ගෙදර.. අම්මාගෙන් අත ඇරුන මෙයා ගොඩක් දවසක් හිටියේ අපි ලග.. මේ නිදහසේ පියාඹන්න මොහොතකට පෙර..






මේ ඉතින් අපේ අක්කගේ මල් වගාවනේ..








මේ මම ලංකාව ගිය වෙලේ නෑදෑයෝ බලන්න දෙහිවල ගිය වෙලේ ගත්ත ඒවා..


මේක මේ සෙල්ල කතරගමදී අතරමග අහම්බෙන් දැක්ක දෙයක්.. 


මෙයානම් දවසක් අපේ වත්තේ ඉදලා අරගත්තේ.. ගොඩක් ලගටම ගිහින් මේක අරගත්තේ.. බලන්නකෝ ඉන්න ලස්සන..


මේ අපේ ගෙදර චන්ඩියා නැති උනාට පස්සේ පාරේ ඉදලා අරං හදා ගත්ත එක්කෙනා.. 






මේ වැනිසියේදී..


මේක කවදා කොහේදි ගත්තද කියලා නම් මතක නෑ..


මේ මම වැනීසියේදි.. හැමෝගෙම ෆොටො ගන්න මට අයියා නැති උනාම මගේ ෆොටෝ එකක් ගන්න කවුරුවත්නෑනේ.. ඉතින් මේ මම ගත්ත මගේම එකක්..
අවසානයේ මම මගේ කැමරා මිතුරා එක්ක.. මේක ගත්තේ මම  නෙමෙයි හොදේ..


 
ප.ලි - මේකේ හැම තැනම මේ කැමරාව මගේ යැයි පැවසුවද එහි අයිතිය අපේ අයියාගේ බව කරුණාවෙන් සලකන්න..

ප.ප.ලි - මම චායාරූපකරණය ගැන දැනුමක් ඇති කෙනෙක් නොවේ.. මේ විනෝදයක් වශයෙන් ගත් ඒවා පමනි..






Friday, 20 January 2012

කිරි අම්මලා (කෙටි කතාව)

අද උදෙන්ම අම්මයි තාත්තයි එක්ක ගෙදරින් පිටත් උනේ අපේ ගෙදර මීට කාලෙකට කලින් වැඩ කරපු සුමනා අම්මගේ අවසන් කටයුතු වලට සහභාගී වෙන්න හිතාගෙන.. ඇය අපේ ගෙදර මෙහෙකාරියක් උනත් මගේ ජීවිතේ ගොඩක් වෙලාවන් වලදි මගේ ලගට වෙලා සැලකුවේ හරියට අපේ අම්මා වගේ.. අම්මගෙන් වෙන්න ඕන යුතුකම් පවා සමහර වෙලාවට ඇය ඉටුකරද්දි මගේ හිතට කේන්තියක් ආවත් ඇගේ මුහුණේ රැදුන අවිහිංසක සිනාව වචනයක්වත් නොකියන්න මාව ගොළු කලා..


“ මොකද සුදු බේබි අද මේ මූණ කළු කරගෙන?”

“ නෑ සුමනා අම්මේ.. මගේ ඔළුව ටිකක් කකියනවා..”

“ සුදු බේබි අද දවසම පාඩම් කලානේ.. ඒ නිසා වෙන්න ඇති.. ඉන්න මම ගමෙන් ගෙනාපු බෙහෙත් බෝතලේ අරන් එන්නම්..”

“ ඕවට අඩු වෙන්නේ නෑ සුමනා අම්මේ..”

“ බේබි හාන්සි වෙන්නකො.. මේ ටිකක් මම ඔළුවට දාලා අත ගාන්නම්.. ඊට පස්සේ බේබි ටිකක් නිදාගන්නකෝ.. බේබි ඇහැරෙද්දි ඔළුවේ කැක්කුමක් තිබුනද කියලවත් මතක තියෙන එකක් නෑ..”

දරුවන් නොසිටි ඇය මට හැමවිටම ආදරය කලේ ඇගේම දරුවෙක්ට මෙන්ය..  මාත් එක්ක නිදහසේ මොහොතක් කතා කරන්න අම්මාටවත් වෙලාවක් නැති උනාම හිතේ තියෙන ගොඩක් දේවල් කතා කරන්න මම ගියේ සුමනා අම්මා ලගට..

“ මේවා ලොකු නෝනලාට ආරංච් උනොත් මටත් එක්ක බැනුම් අහන්න වෙන්නේ..”

“ ඒ එයාලා දැනගත්තොත්ත්නේ.. කිවුවොත් ඉතින් සුමනා අම්ම තමයි..”

“ හ්ම්ම්.. දැං මොනවද ඔය ඉලන්දාරියා කරන්නේ?”

පසන්ගේ ආදරය මගේ හිතට ලං වෙද්දී ඒ දේවල් මට කියන්න ලග හිටියේ සුමනා අම්මා.. ආදරේ කරන්න තරම් වයසක් මට නෑ කියලා එදා සුමනා අම්මා මට දීපු අවවාද මම තේරුම් ගනිද්දි පසන් වගේම සුමනා අම්මත් මගෙන් ඈතකට යන්න ගිහින්..

සුන්දර වෙල්යායක් මැදින් දිවෙන මාවතකින් අපි ඇගේ මලගමට යද්දි ඉදහිට තැනින් තැන මට සුමනා අම්මාව මැවිලා පෙනුනේ මම ඇයට ගොඩාක් ආදරේ කල නිසා වෙන්න ඇති.. පුන්චිම කාලේ මාව තුරුළු කරන් සුරංගනා කතා කියපු සුමනා අම්මව මේ දකින්නේ අන්තිම වතාවට කියලා හිතෙද්දි ඇස් වලින් ගලාගෙන එන කඳුළු මට තව තවත් මතක් කලේ සුමනා අම්මගේ ආදරය..

“ සුදු බේබිට ඉක්මනට සනීප වේවි.. දැං නාඩා ඉන්නකෝ..”

“ නෑ සුමනා අම්මේ.. මට ඇහුනා දොස්තරලා අම්මා එක්ක කතා කරපු දේවල්..”

කවුරුවත් බලාපොරොත්තු නොවුන විදිහට හදිසියේම මම අසනීප වෙද්දි අම්මා තාත්තා වගේම සුමනා අම්මත් මං වෙනුවෙන් ගොඩක් කඳුළු හලනවා මම දැකලා තියෙනවා.. මං ලගදි කොච්චර හිනා වෙලා ඉන්න හැදුවත් සුමනා අම්මගේ ඇස් වල හැම වෙලාවෙම කඳුළක් රැදිලා තිබුනා.. ඇයි සුමනා අම්මා මට මෙච්චරම ආදරේ කරන්නේ? වෙලාවකට මම කල්පනා කලා..

“ දුව ගොඩාක් පුංච් කාලේ ඉදන්ම වගේ සුමනා ඔයා එක්ක හිටියනේ.. ඉතින් අපි වගේම එයත් දුවට ආදරෙයි..”

මම අම්මගෙන් ඒ ප්‍රශ්ණය අහපු වෙලාවට අම්මා දුන්නේ ඒ වගේ උත්තරයක්.. ඇත්ත.. මට මතක ඇති කාලෙක ඉදන්ම මාත් එක්ක තනි නොතනියට සුමනා අම්මා හිටියා.. හරියට අපේ පවුලෙම කෙනෙක් වගේ..

මට ගොඩක්ම අසනීප වෙලා ඉස්පිරිතාලේ නතර කල මුල් දවස් වල මගේ තනියට මාත් එක්ක නැවතුනේ සුමනා අම්මා.. මගේ හැම වැඩක්ම ඇය කලේ මහන්සියක් ගැන හිතන්නෙවත් නැතුව..

“  ඕවා ඔහොම තියන්න සුමනා අම්මේ.. මෙතන් වැඩ කරන කෙනෙක්ට කියලා ඔවා කරගන්න පුළුවන්..”

“ ඕන නෑ සුදු බේබි.. මේවා මම නොකල දේවල්ද..”

ඇය හැමවිටම හිනැහෙමින් දෙන ඒ උත්තරය තාමත් මේ සවන් වලට හොදට හුරුයි.. මාව ඔපරේශන් එකට ගන්න වෙලාව වෙනකන් මගේ අතින් අල්ලගෙන් මගේ ඔළුව අත ගාන ගමන් පිරිත් මුමුණපු සුමනා අම්මා හැම වෙලාවකම ප්‍රාර්ථනා කලේ මම වෙනදා වගේම හිනාවෙලා ඉන්නවා දකින එක..

“ බුදුසරණින් සුදු බේබිට කරදරයක් වෙන්නේ නෑ..”

..........................


“ දුවේ.. මේ ටිකට ඔයාට නින්දත් ගියාද .. නැගිටින්න.. අපි සුමනා අම්මලගේ ගෙදර ඇවිත් ඉන්නේ..”

ගමන් මහන්සිය නිසාත් අසනීපය තවමත් සුව වෙමින් පවතින් නිසාත් ගමන අතර තුරේම මගේ දෑස් පියවෙනවා දැනුනෙවත් නෑ.. අබලන්ව ගිය පුංච් ගෙයක් ඉදිරියේ ළෙලදුන් සුදු කොඩිය ඇය නික්ම යන්නට සූදානම් බව අපේ හිත් වලට කියා පෑවේය.. හෙමින් හෙමින් ගුරු පාර දිගේ නිවසට ඇතුළු වෙද්දි පුංචි ආලින්දයේ දෑස් පියාගෙන සිටි සුමනා අම්මා දකිත්ම මගේ දෑස් කඳුළින් තෙමි ගියේ මගේ අම්මා තරමටම ඇය මට සමීප නිසාය..


“ බේබිට දැන් සනීපයිනේ?”

“ ඔව් සුමනා අම්මේ..”

“ බේබි මට ටික දවසකට බේබිගේ ලගින් ඉන්න වෙන එකක් නෑ..”

“ අනේ ඒ ඇයි සුමනා අම්මේ?”

“ මගේ නෑදෑ වෙන දුවෙක් නැති වෙලා.. ඉතින් මම එහේ ගිහින් එන්න කියලා..”

“ සුමනා අම්මා මීට කලින් නෑදෑයෙක් ගැන කියලා නෑනේ..”

එදා ඇයට ඒකට දෙන්න හරි උත්තරයක් තිබුනේ නෑ.. ඈ වෙනදා වගේම කතා බහ කලත් ඒ ඇස් වල වෙනදා නොතිබුන අමුත්තක් මම දැක්කේ අයි කියන්න තාමත් මට තේරෙන්නේ නෑ.. එදා ඒ විදිහට නික්ම ගිය සුමනා අම්මව මම අද දකින්නේ මේ විදිහට.. අවුරුදු ගානක් මාව ආදරෙන් බලා ගත්ත ඇය අද නිසල වෙලා.. වාවගන්න බැරි දුකක් හදවතට දැනුන හින්දම මම ගෙයින් එළියට ආවේ කදූළු පුරවගත්ත දෑසින්..

මහා ගොඩක් කට්ටිය නොහිටියත් තැනින් තැන වාඩි වී උන් අය අතරේ මම මොහොතකට හිද ගත්තේ හිතේ වේදනාව මෙන්ම ගතේ වේදනාවද රිදුම් දුන් නිසාය.. ඒ අතරේ හිටි අයකුගේ කතාවක් මගේ සවනතේ වැටුනේ අහම්බයෙනි..

“ ඔය අර සුමනා වැඩ කල ගෙදර අසනීප උන කාටද මන්දා වකුගඩුවක් දීලානේ ජීවිතේ බේර ගන්න.. සුමනගේ වයසත් එක්ක ටික දවසක් යද්දි සුමනට ගොඩක් අමාරු උනාලු..”










 

Thursday, 19 January 2012

වහල්ලු - නමවන දිගහැරුම




“ මොනවා උනත් ගාමිණි මල්ලි ඉස්සරහට ගොඩක් ප්‍රශ්ණ ඇති වෙයි කියලා මට හිතෙනවා..”

දින කීපයකට කලින් වත්තට ආ රණවීර හා ඇති කර ගත් නෝක්කඩුව නිසා සුනිල්ගේ ජිවිතයට කරදරයක් ඇති වේයැයි බිය වු කමලා දිනක් ගාමිණි මුණ ගැසී ඒ බැවු පැවසුවේ පුතාගේ ජීවිතයට අනතුරක් වේයැයි හිතේ තිබු බය නිසාමය..

“ ඒ මොකෝ කමලා අක්කේ?”

“ නෑ බං.. එදා රැස්වීම වෙලාවේ උඹයි ගුණේයි රණවීර මංත්‍රී තුමාට කතා කලා සැර වැඩියි කියලා මට හිතෙනවා බං.. ඒකෙන් අපි කාගෙ කාගෙත් ජීවිත අනතුරට වැටුනනේ..”

“ මට තේරෙනවා කමලා අක්කේ.. උඹ කොල්ලා ගැන බය වෙන්න එපා.. උන්දෑ මේ වත්තේ හැම එකෙක්වම පස් යට වැලලුවත් සුනිල් පුතාට මුකුත් කරන්න බෑ..”

“ එහෙම කියන්න එපා ගාමිණි මල්ලි..”

“ අක්කේ උඹ බය වෙන්න එපා.. අපි දැං මේ ගඟට බැහැලා භාගයක් දුර පීනන් ආවනේ.. ඉතුරු ටිකත් මේ වගේම යං.. උඹ කොල්ලා එක්ක මේ විකාර කතා නොකර හිටපන්.. නැත්තං ඌ නිස්කාරනේ හිතින් බය වේවි..  මම යනවා කොල්ලගේ ඊළග රැස්වීමේ පෝස්ටර් ටිකක් අලවන්න..”

එදා රැස්වීමෙන් පසුව වත්තේ කාගෙත් ජීවිත වලට තර්ජන ආ බව කාටත් නොරහසක් වූවත් ඒ කිසිවක් කිසිවෙකුත් මායිම් නොකලේය.. සුනිල්ගේ ජයග්‍රහණය ඒ හැම ප්‍රශ්ණයකටම විසදුම බව ඔවුන් දැන සිටියේය.. හැමෝගේම ජීවිත වල ඉරණම රැදුනේ සුනිල්ගේ අතේය.. ඒ ආයෙම රණවිර මැම්බර් උවහොත් තමන්ට මූණ දෙන්නට වෙන අනාගතය ගැන හැමකෙනෙක්ම දැන සිටි නිසාවෙන්ය..

“ ඒ රවියා වරෙන් යන්න මේ පෝස්ටර් ටිකක් අලවලා එන්න..”

“ හරි ගාමිණි අයියා.. කොහාටද යන්නේ?”

“ 8කණුව පැත්තට යමු..”

“ මම එද්දිම වගේ රණවීරගේ කොල්ලො ඒ පැත්තේ පෝස්ටර් වැඩේ පටන් අරං තිබුනා..”

“ හ්ම්ම්.. ඒකත් එහෙමද..”

“ මොකද කරන්නේ ගාමිණි අයියා.. අපි යනවද?”

“ අපිත් ඒ පැත්තෙම යන එක ඒ තරම් හොද නෑ.. යමුකෝ යමිං ගමන කල්පනා කරමු..”

“ මේ අපි දෙන්න විතරක්?”

“ ඇයි උඹ බයද?.. ඔය යන ගමන් තව දෙතුන් දෙනෙක්ට කතා කරගෙන යමු..”

රාත්‍රිය ටිකින් ටික උදා වෙත්ම පහන් කණු වල විදුළි බුඹුළු යටින් පාරට ආ ගාමිණි ඇතුළු පිරිස කලින් වතාවන් වල මග හැරුන මාවත් දිගේ පෝස්ටර් අලවමින් ඇවිදන් යන්නට විය..

“ ගාමිණි අයියේ.. අපේ ආරක්ශාවට අපි මුකුත් ගෙනාවෙත් නෑ..”

“ ඇයි ඔය අතපය තියෙන්නේ.. පුළුවන් තරම් අත් දෙකෙන් ගහමු.. බැරි වෙද්දි දුවමු..”

“ විහිළු නෙමෙයි ගාමිණි අයියේ.. අපි එහෙම ආවට අනිත් අය එහෙම එන්නේ නෑනේ..”

“ ඒක ඒ වෙලාවට බලමුකො බං.. කෝ මේ කණුවෙත් පොස්ටර් එකක් අලවපං..”

                                    ......................


“  ඒ අර ගාමිණියා නේද ඉන්නේ?”

රාත්‍රී අදුර අතරින් පොස්ටර් අලවමින් උන් ගාමිණිව දුටු රණවීරගේ ගෝලයෝ ඈතින් නැවති ගාමිණිලා දෙස බලාසිටියේය..

“ අපි මොකද කරන්නේ?”

“ උඹ ගනින් මංත්‍රීතුමාට කෝල් එකක්..”

“ ඔව් ඒක හොදයි.. උඹලා ගාමිණියා ගැන ඇහැ ගහන් හිටපන්කෝ..”

ගාමිණිට නොපෙනෙන්නට ඔවුන්ව හෙමින් ලුහු බදිමින් රණවීරගේ ගෝලයන් පසුපසින් ඇවිදන් ගියේ ඔවුන්ට විධානයක් ලැබෙන තුරාය..

“ මංත්‍රීතුමා මම සෝමේ කතාකරන්නේ..”

“ ඔව් සෝමේ.. කියපං..”

“  මංත්‍රීතුමා 8කණුවට ටිකක් එහායින් ගාමිණියයි තව කොල්ලො ටිකකුයි පෝස්ටර් අලවනවා..”

“ මගේ ඒවා වැහෙන්නද? ගොඩක් කට්ටිය ඉන්නවද?”

“ නෑ මංත්රීතුමා අපි තාම ඒ හරියට ගියේ නෑ.. දහ දොලොස් දෙනෙක් ඉන්නවා..”

“ අපේ කීයක් විතර ඉන්නවද?”

“ විස්සක් විතර..”

“ ඕන කරන දේවල් ලග තියෙනවනේ?”

“ ඔව් මංත්‍රීතුමා..”

“ එහෙනම් පාළු තැනක් බලලා කරන්න ඕන දේ දන්නවනේ.. වැඩේ භාගෙට නම් ඉතුරු කරන්න එපා..”

“ හරි මංත්‍රීතුමා..”

                                        ....................

“ ඕක ඉක්මනට කරපංකෝ බං.. උඹලගේ කතාව විතරයි.. දැං බලපං වෙලාව කීයද කියලා..”

තමන් දෙසට යොමුඋන උකුසු ඇස් ගැන නොදත් ගාමීණි සගයන් හා රෑ අදුර අතරේම තමන්ගේ ඉරණම විසදාවියි සිතා උන් සුනිල් වෙනුවෙන් මහංසි වි වැඩ කලේ වෙන කිසිවකටත් වඩා වත්තේ තමන්ට උරුම උන ජීවිත වලින් දිනක තමන් ගොඩ ගනීවියි බලාපොරොත්තුවෙනි..

“ අඩෝ ගාමිණියා..”

බලාපොරොත්තු නොවු මොහොතක ඉදිරියට ආ රණවීරගේ ගොල පිරිස දුටු ගාමිණිලාගේ සිත් මදක් තැති ගත්තේය..

“ මොනා උනත් උඹලා ඉස්සර වෙන්න එපා..”

ගාමිණි තම සගයන්ට විධාන කලේ ගැටුමක් ඇති නොකරගෙන ප්‍රශ්ණය විසදන්න හිතාගෙනය..

“ උඹලගේ එහෙනම් කල්පනාව රජ වෙන්න..”

“ රජවෙන්න නෙමෙයි සෝමේ.. ජීවත් වෙන්න..”

“ ඒත් උඹට තව ජීවත් වෙන්න වාසනාව නෑ..”

කලිසමේ ඉණ මත රදවාගෙන සිටි පිස්තෝලය ගාමීණි වෙතට ඉලක්ක කරමින් සෝමේ එසේ පවසත්ම ඉක්මන් උන ගාමිණිගේ සගයන් රණවීරගේ ගෝලයන් හා ගැටුමක් ඇති කර ගත්තේ ගාමිණිගේ ජීවිතය ආරක්ශා කරන්නට සිතාගෙනය.. පොළු මුගුරු රැගත් රණවීරගේ ගොලයන් හා ගැටෙන්නට නොහැකි උවත් ගාමිණි හා සගයන් උත්සාහය අත් නොහැරියේය.. ශක්ති වන්තයක් වු ගාමිණිත් සෝමෙත් පිස්තෝලය උදුරාගන්නට පොර කෑවේ ගැටුමට අවසානය තබන්නට හිතාගෙනය..

කාත් කවුරුවත් නොයෙන පාළුවී ගිය මාවතේ  රැදුන නිහැඩියාව බිදිමින් නැගුන තුවක්කුවේ හඩ සියල්ල එකවරම නිමා කලේය..