Thursday, 13 December 2012

Twilight



Twilight නම් වැයම්පයර් වරුන් හා සම්බන්ද කරගෙන මනක්කල්පිත ලෝකයක ලියවුන කොටස් හතරකින් සමන් විත උන ආදර අන්දරය ඇමරිකානු ලේඛිකා Stephenie Meyer ගේ රචනයකි.. Washington හි Forks නගරය පාදක කරගෙන ලියවුන මෙහි කතාව ගලායන්නේ එහි ප්‍රධාන චරිතය වන Isabella Marie "Bella" Swan වටාය.. අවුරුදු 104ක් වයසැති Edward Cullen නම් වැයම්පයර් හා පෙමින් බැදෙන ඇගගේ කතාවේ ගලායාම මමේ කෘති හතර පුරාවටම දැකගන්න ලැබෙනවා...



2005 වසරරේ නිකුත් උන පළමු කෘතිය වන Twilight හි වෙළද පොල ප්‍රවේෂයත් සමග මෙම කෘතිය ලොව පුරාම ඉමහත් ජනප්‍රියත්වයක් ලබා ගන්නට සමත් වෙනවා... ඒ නිසාම ආර්ථිකමය අතිනුත් වැඩි ලාබයක් ලබන්නට මෙම කෘතිය සමත් වෙනවා..මෙම කෘතිය වටා එකතු උන වැඩි පිරිස යෞවනයන් වීම විශේෂත්වයක්.. මෙම කෘති හතරට ලැබුන සම්මානයන් අතර 2008 වසරේ British Book Awards හි වසරේ ළෑමා කෘතිය සදහා වන සම්මානය Breaking Dawn කෘතිය හිමි කර ගනිද්දි මෙමෙ කෘති හතරම Kids' Choice Awards හි ජනප්‍රියම කෘතිය සදහා වන සම්මානය දිනා ගෙන තියෙනවා...



2010 වසරේ ඔක්තෝඹර් මාසය වන විට මෙම කෘති හතරෙහිම අලෙවිය පිටපත් මිලියන 116ක් ලෙස දැක්වෙනවා.. එය භාෂා 38කින් ලොව පුරා නිකුත් කර හැර තියෙනවා...



මෙම Twilight කෘති මාලාව වැඩිම අළෙවියක් ඇති කෘති මාලාව ලෙස USA Today හි වාර්ථා අතර හුවා දැක්වෙනවා..ඒ අතරම මෙය The New York Times සඟරාව ප්‍රකාශයට පත් කරන වැඩිම අලෙවියක් ඇති කෘති ලේඛණයේ සති 235 පුරාවට රැදෙන්නට හැකිවි තිබෙනවා...



‍මෙම කතා මාලාව 2008 වසරේ සිට Summit Entertainment මගින් චිත්‍රපට මාලාවක් සදහා යොදා ගන්නවා.. 2008, 2009, 2010 වසර වල පළමු කෘති තුනත් සිවුවන කෘතිය කොටස් වදයෙන් 2011 සහ 2012 වසර වල තිරගත වෙනවා..



Twilight



කෘති මාලාවේ පළමුවැන්න මෙයයි.. 2005 වසරේ ඔක්තෝඹර් මස 5 වන දින ප්‍රකාශයට පත් කරනු ලැබුවා.. දාහත් හැවරිදි Isabella Marie "Bella" Swan, Arizona හි සිට Washington වෙත එන මොහොතින් මෙම කෘතිය ආරම්භ වෙනවා.. Washington හි පැමිණිමෙන් පසුව පාසල් සමයේදි වැම්පයර් කෙනෙක් හා ඇති කර ගන්නා පෙම් සභදතාවයත්, ඉන් අනතුරුව ඇගේ ජීවිතයට ඔහු නිසාම ඇතිවන නොයෙකුත් ප්‍රශ්ණ හා අනතුරු අතර පළමු කෘතිය විහිදි යනවා..



ඝණකවරයක මුද්‍රිත මෙමෙ කෘතිය 2005 වසරේ නිකුත් වීමත් එක්ක ඇසිල්ලකින් වැඩිම අලෙවියක් ඇති කෘතිය බවට පත් වෙනවා..පළමු සතියෙම The New York Times සඟරාවේ වැඩිම අලෙවියක් ඇති පොත් ලයිස්තුවේ 5 වන තැන හිමි කරගත් මෙය මසක් ඇතුලත එහි පළමු තැනට එන්න හැකියාව ලබා ගන්නකා..මෙම කෘතිය භාෂා 37කට පරිවර්ථනය කර ලොව පුරාම අලෙවිය සදහා බෙදා හැර තියෙනවා...



පළමු කෘතියෙන්ම මෙය විචාරකයන්ගේ බොහෝ පැසසුම් වලට ලක් වෙනවා.. බොහෝ විචාරකයන් මෙය හදුන්වන්නට යෙදුනේ "dark romance that seeps into the soul" ලෙසයි.. ඒ වගේම මෙහි ප්‍රධානම චරිතය වන Bella Swan ගේ චරිතය දුර්වල කාන්තා චරිතයක් ලෙසත් ඔවුන් හුවා දැක්කුවත් මෙය අතිශය ජනප්‍රිය කෘති පෙලක ආරම්භය වෙනවා...



මෙමෙ කෘතිය ආරම්භයේදි මුද්‍රණ සමාගම් 14ක් මගින් මෙහි මුද්‍රණය බාර ගැනිම ප්‍රතික්ෂේප කිරිමෙන් පසුව Little, Brown සමාගම මෙම කෘතියේ මුද්‍රණයයට කැමැත්ත පල කරනවා..





New Moon



දෙවන කෘතිය වන මෙහි ආරම්භයේ සිටම Edward සහ Bella ගේ ආදර අන්දරය විස්තර කෙරෙනවා.. කෙසේ නමුත් Edward තම සොහොයුරෙකුගෙන් Bella ට වන පහරදීමෙන් පසුව ඈව හැර යන්න තීරණය කරනවා.. Edward ගේ වෙන්ව යාමෙන් වේදනාවෙන් සිටින Bella ට ඇගේ වේදනාව අඩු කර ගන්න උදවු වෙන්නේ ඇගේ හොදම යාළුවෙන් විදිහට ඈට ලං උන Jacob "Jake" Black.. කෙසේ උවත් Edward ගේ සොහොයුරිය ඈ මුණ ගැසිමට පැමිණිමත් Jacob වෘකයෙක් බව දැන ගැනීමත් එක්ක ඇගේ ජීවිතේ ආයෙම කෙමෙන් පෙර තත්වයට පත් වෙනවා..



Stephenie Meyer ගේ අදහසට අනුවේ මෙම කෘතියෙන් ආදරය අහිමි වීම ඈ ලියන්න උත්සාහ කරනවා.. මෙම කෘතියෙහි Bella Swan ගේ ජීවිතේ අදුරු පැතිකඩ ඈ මනාවට නිරූපනය කරනවා.. Stephenie Meyer විසින් මෙම කෘතිය මෙහි පළමුවැන්න වන Twilight හි ප්‍රකාෂණයත් මත්තෙන් ලියා තබනවා.. Stephenie ගේ ප්‍රකාෂයට අනුව මෙය ලිවිමේදි ඈ බොහෝ අපහසුතාවන්ට ලක් වෙනවා... ඒ පළමු කෘතියට ලැබෙන පාඨක ප්‍රතිචර ගැන අවභෝදයක් නොමැති වීමයි...



2006 වසරේ සැප්තැම්බර් 6 වන දා පිටපත් ලක්ෂයකින් මේ මෙම කෘතිය ප්‍රකාෂයට පත් කරනවා.. ඇමරිකාව් ඒය ප්‍රකාෂයට පත් කිරීමත් එක්කම මෙය වැඩිම අලෙවියක් ඇති පොත් ලැයිස්තුවේ ඉහළටම එන අතරම එම වසරේ වැඩි දෙනෙක් බලාපොරොත්තුවෙන් උන් කෘතිය බවට පත් වෙනවා... ඒ වගේම 2008 වන විට මෙහි කෘති මිලියන 5,3ක් භාෂා 38කින් අළෙවි වෙනවා..





Eclipse



මෙම කෘතියේත් Edward, Bella ආදර කතාව විකාෂණය වෙන අතරම මෙමෙ කෘතිය පුරාවට් Edward අතරත් Jacob අතරත් සිදුවෙන Bella ගේ තේරිම කියවෙනවා.. 2007 අගෝස්තු 7 වන දින නිකුත් උන මෙම කෘතිය නිකුත් උන දිනම පැය 24 කාල සීමාවේ පිටපත් 150,000ක් විකිණි අවසන් වෙනවා...මෙම කෘතිය 2008 වසරේ සිව් වෙනියට වැඩිම ඇළෙව්යක් වාර්ථා කල කෘතිය බවට පත් වෙනවා.. තුන් කොන් ආදර කතාවක සුමට ගලායාම මනාවට ලිය වුන බව මෙම කෘතිය ගැන අදහස් දක්වන විචාරකයන් කියා සිටිනවා.. ඒ අතරෙම මෙහි අවසනයේ ඇතුලත් උද්දීපනය හා අවිනිෂ්චිත බව ඔවුන්ගේ දැඩි ප්‍රශංසාවට ලක් වෙනවා...





Breaking Dawn



Twilight කතා මාලාවේ සිව්වන සහ අවසාන කෘතිය ලෙස මෙය 2008 වසරේ අගොස්තු 2 දින ප්‍රකාෂයට පත් කෙරෙනවා.. මුල් කතා තුන පුරාවට ආදරයෙන් පෙළුන Edward සහ Bella ගේ විවාහය හා එයින් පසු තනිවෙන Jacob ගැන කෘතියෙහි මුල් කොටසින් කිය වෙනවා... විවාහයෙන් පසුව Bella මුහුණ දෙන අනපේක්ෂිත සිදුවීමුත්, ඇගේ වැම්පයර් කෙනෙකු ලෙස මාරු වීමත් අවසානයේ තම ආදරය රැක ගන්න කරන සටන මෙහි දෙවන අදියරෙන් කියවෙනවා..



2003 වසරෙදි Stephenie Meyer මෙහි කටුසටහනක් ලියූවත් ඇය එය පළමු කෘති තුනේ ජනප්‍රියත්වයත් එක්ක එහි අවසානයේ ඇය අවසන් ටික වෙනස් කරනවා.. කෙසේ උවත් ඇය කතාවේ ගලා යාමටකිසිම වෙනසක් කරන්නේ නෑ..



2008 වසරේ නිකුත් උන මෙම කෘතියෙහි වෙළද සැල් 4000ක පිටපත් මිලියන 3,7ක් අලෙවියට බෙදා හරිනවා..ඉන් ඇමරිකාව ඇතුලත මිලියන 1,3කුත් එංගලන්තය ඇතුලත් පිටපත් 20,000කුත් පලමු පැය 24 අතුලත අළෙවි වෙනවා.. මම කෘති පෙල ඉහල සාර්ථකත්වයක් හිමි කර ගන්නවා.. 2008වසර තුල පමණක් එහි පිටපත් මිලියන 6ක් අළෙවි වෙනවා.. එය 2008 වසරේ වැඩිම අළෙවියක් හිමි කර අත් කෘති අතර තුන් වන තැනට පත් වෙනවා..



කෙසේ නමුත් Breakking Down සදහා හොද හා නරක විචාර සම සමව ලැබෙනවා.. මෙමෙ කෘති පෙලෙහි මතබේදාත්මකම කෘතිය ලෙසත් මෙය සදහන් වෙනවා... භාෂා 38කට පරිවර්ථනය කල මෙය රටවල් 50ක ඉහළ අළෙවියක් ලගා කර ගන්නවා...





Isabella "Bella" Marie Swan




ඇය මෙම කතා මාලාවේ ප්‍රධාන චරිතයයි.. මෙම කතා මාලාවම ඈ වටා නිර්මාණය වි තිබෙනවා.. 1987සැප්තැම්බර් මස උපදින ඇය වයස අවුරුදු 17 දී Washington හි පදිංචියට නැවතත් එනවා.. breaklin down කෘතියෙන් Edward Cullen හා විවාහ වන ඇය Olympiv Coven නම් වැයම්පයර් පවුළට එකතු වෙනවා.. නමුත් ඇය තම කුළුදුල් දරු උපත වෙන තෙක්ම වැයම්පයර් කෙනෙකු නොවී සිටියත්, දරු උපතෙදී සිදුවන දැඩි වේදනාවෙන් මියදෙන්නට මත්තෙන් Edward ඇයව වැම්පයර් කෙනෙකු බවට පත් කරනවා..



මනුෂ්‍ය දියණියක්ව සිටියදි ඇය වැම්පයර්වරුන්ගේ මානසික ශක්තිය පිළිබදව හැදෑරීමක් කරනවා... පසුව ඇය වැම්පයර් කෙනෙකු වීමෙන් පසුව එම හැකියාව පලිහක් කරගෙන අනෙක් වැයම්පයර් වරුන්ගෙන් ආරක්ෂා වීමට යොදා ගන්නවා...





Edward Cullen





1901 ජුනි 20 වන දින චිකාගෝ ඉලනොයිස් හී උපත ලද Edward අති දක්ෂ පියානෝ වාදකයෙක්.. නමුත් පසු කලෙක හමුදා සෙබලෙකු වී වයස අවුරුදු 18 වන විට පලමු ලොක යුද්දය සදහා එකතු වෙනවා.. කෙසේ නමුත් Edward හා ඔහුගේ දෙමවුපියන්ගේ ජීවිත වල වෙනසක් ඇති වන්නේ 1918 ඔවුන්ට සෑදෙන රෝගයක් හේතුවෙන්.. එයින් අසාද්‍ය තත්වයට පත් වෙන Edward ගේ පියා මරණයට පත්වෙනවා.. ඉන්පසු ඔහුගේ මව ඔවුන්ගේ ප්‍රතිකාර සදහා වෛද්‍ය Carlisle Cullen වෙත ගෙන ගොස් ඔහුගේ සියළුම හැකියාවන් යොදා තම Edward ගේ ජීවිතය බේරා දෙන්නයි ආයාචනා කරනවා.. Carlisle ඇගේ ඉල්ලීම බාර ගන්නා විටත් Edward සිටින්නේ මරණාසන්නව.. Edward ගේ මවගේ මරණයෙන් පසුව Carlisle තම නිවස වෙත ගෙන ගොස් ඔහුව වැයම්පයර් කෙනෙක් බවට පත් කරනවා..



Edward හා Carlisle අතර තිබුන කිට්ටුම බැදිම නිසා Edward ඔහුට සලකන්නේ පියෙකුට වගේ.. Edward සතු අනික් අය කියවීමේ හැකීයාව මුලින්ම හදුනා ගන්නෙත් Carlisle.. Edward ඔහු සතු මෙම හැකියාව උපයෝගී කර ගෙන සමාජයේ වරදි සහගත් මිනිසුන්ගේ හිත් කියවා ඔවුන්ව ඝාතනය කරමින් ඔවුන්ගේ ලේ බොන්න පුරුදු වෙනවා.. වසර කීපයක් මේ දේට පුරුදු වීමෙන් පසුව ඔහු ඔහුගේ තීරණය වෙනස් කරමින් ඔහුගේ පවුලේ අය සොයා ගොස් සතුන්ගේ ලේ පානයට හුරු වෙනවා.. Emmett Cullen නම් ඔහුගේ සහෝදරයාව Edward ට හමු වෙන්නෙත් මරණාසන්නව සිටියදි ඔහුට Edward ට මෙන් ජීවිතය ලබා දීමෙන් අනතුරුව..



Edward හා ඔහුගේ පවුලේ අය ඇලෙස්කාවේ සිටින කාලයේ ඔවුන්ට Denali Coven නම් වූ අනෙක් සත්ව රුධිරය පමනක් බොන කණ්ඩායම මුණ ගැහෙනවා.. එම කණ්ඩායමනේ නායිකාව වෙන Tanya ඔහුට කැමැත්තක් දැක්කුවත් Edward ඇයට ආකර්ෂණය  වන්නේ නෑ... 2005 වසර වන විට Edward පාසල් හා විශ්ව විද්‍යාල කීපයකටම ඇතුලත්ව වෛද්‍ය විද්‍යා උපාදි දෙකක් සහ විවිධ විශයන් විශාල ගනනක් හදාරනවා..





Jacob Black




1990 උපත ලබන Jacob කුඩා කල සිටම Bella ගේ මිතුරෙක් උවත් ඇය Washington haa Arizona වල කාලය ගත කිරීම නිසා ඇයා හා සමීප කිට්ටු සබදතාවක් ඇතිකර ගන්න ඔහුට බැරි වෙනවා... ඔහුට වයස අවුරුදු 9 වන විට වාහන අනතුරකින් ඇගේ මව මිය යනවා..ඒ අනතුරින් ඔහුට ඉක්මනින් සුව අතට එන්න ඇගේ සොහොයුරියන් දෙදෙනා උදවු කරනවා.. නමුත් ඔවුන් නිවසින් නික්ම යාමත් එක්ක නිවසේ පියා හා තනි වෙන්නේ Jacob.. තම පියා හා වාසය කිරිමට Jacob ප්‍රිය කලත් ඔහු ගැන වැඩි හොයා බැලීමක් කරන්න ඔහු පෙළබෙන්නේ නෑ.. ඔහු ඔහුගේ පවුලේ සංස්කෘතින් පිළිගැනීම එක හෙලාම බැහැර කරනවා..



Cullen පවුල Forks වෙත පැමිනෙද්දි ඔහුගේ පියා ඊට දැඩි ලෙස අකමැති වෙන්නේ ඇයිදැයි ඔහුට හැගෙන්නේ නෑ.. නමුත් ඉන් පසුව ඔහුගේ පියා කියා තිබූ පරිදිම ඔහුගේ සැබෑ සරූපයට ටිකින් ටික මතුවන්නට ඔහු පටන් ගැනෙනවා..





Twilight කෘතියක් ලෙසත් චිත්‍රපටියක් ලෙසත් ලොව පුරාම ඉමහත් ජනප්‍රියත්වයක් ලබා ගන්නවා.. කෘතියෙහි සදහන් වන තොරතුරු මෙම සටහනට පාදක අර ගෙන ඇත..










87 comments:

  1. Replies
    1. මේක නම් කුමන්ත්‍රණයක් මම එක වෙන්නමයි අද නම් ආවේ...

      Delete
    2. එයා හිනාවෙලා... ;)

      Delete
    3. අහ්.. කුමන්ත්‍රණ ගැන ඔන්න මම නම් නොදනී අක්කේ... :)

      Delete
  2. මදාරා තමයි ෂුවර් එකටම මේ දෙන්නගේ පිස්සුව මෙයාට බෝ කරලා තියෙන්නේ.. මම නම් මේක බලලා නෑ.හැබැයි මේ දෙන්නගේ පින්තූර වලට නම් පට්ට ආසයි...

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. බට්ටි අක්කේ, අර මුලින් කිවුව කතාවට මම උත්තර දෙන්න නොයමි.. මාත් බලලා නෑනේ ;)

      Delete
    3. හෆ්ෆේ දැක්කද පින්තූරෙට කැමති කිවුවම ගාපු බටර් පාර...

      Delete
  3. මමත් ට්වයිලයිට් පිස්සියෙකි :)

    ReplyDelete
    Replies
    1. අහ් මේ ඉන්නේ එක අත්තේ කට්ටිය...

      Delete
  4. අපො මම නම් ඔය කෙහෙල්මලට ආස නෑ. සමහරු ඔය සීරිස් එකට මැරෙන්න හදනවා. ඒ වගේ එවුන්ව දැක්කහම මුන් මොකට මේ සීරිස් එකට ආසද කියලත් හිතෙනවා.

    ආස කට්ටිය බලන්න. මම නම් ආස නෑ

    ReplyDelete
    Replies
    1. හෙහ් මධුරංග අයියගේ කතාවට මට කියන්න දෙයක් හිතුනත් මං නොකියා ඉන්නවා කෝකටත් කියලා.. ;)

      Delete
    2. ඇයි යකුනේ හැමෝම ආස නිසා මාත් මේ සීරිස් එකට ආස වෙන්න ඕන ද. මට නම් මේ සීරිස් එකම දිරවන්නේ නෑ :)

      Delete
  5. Breaking Dawn Part 2 එකත් බැලුවා පහුගිය දවසක. පුදුමයි කොල්ලෙක් මේක ගැන දැම්මා. කොල්ලොන්ට පෙන්නන්නම බැරි ෆිල්ම් සීරීස් එකක් මේක මගේ අත්දැකීමෙ හැටියට.

    ReplyDelete
    Replies
    1. දැම්මේ නෑ අක්කේ දාන්න උනා.. හිතා ගන්නකෝ ඉතින්..

      මෙහෙමයි ෆිල්ම් එක මමත් බලලා නෑ.. ඒත් පළවෙනි පොතනම් කියවලා තියෙනවා.. :)

      Delete
  6. I was once hooked on to these books. How silly they may find later on, I have spent nights awake until the books are finished. New Moon is the best among the four books in my opinion. The films however are way out of the quality of the books and I didn't even finish watching new moon. Didn't bother about the later films.

    I'm a guy BTW :D

    ReplyDelete
    Replies
    1. when i was writing this, Madara told me you are writing wrong.. the film is not like that.. i told her, i don't know about films.. i'm hear writing about the books.. and then after she read this she admit may be they changed the books for making the movie..

      Delete
  7. මමනම් කියවලාවත් බලලාවත් නෑ....

    ReplyDelete
    Replies
    1. මමත් බලලා නෑ.. ටිකක් කියවලා තියෙනවා..

      Delete
  8. I like this toooooo

    ReplyDelete
  9. හෝලි ශිට් ......... ඇන්ඩ් අයි මීන් ඉට් .

    ReplyDelete
    Replies
    1. නො වර්ඩ්ස් ටු රිප්ලයි... :)

      Delete
    2. @දිනෙල්ක :
      මගේ ජාතියේ එකෙක්

      Delete
    3. ඇයි මේ මමත්...

      Delete
  10. මං නං කැමති වැම්පයර් සක් ෆිල්ම් එකට...
    මේ පෝස්ට් එක දාන්න හේතුවත් හිතාගත්තෑකි...

    ReplyDelete
    Replies
    1. මාත් ආසයි අනේ..
      වැඩිපුරම ආස ජේකබ් බලු කුක්කෙක් වෙන සීන් එකට :D

      Delete
    2. අහ්.. මාත් ඒකනම් බලලා තියෙනවා.. ඒක මරු අෆ්ෆා..

      Delete
    3. pramudi, මට මතකයි ඒ සීන් එක.. ඇයි ඊට පස්සේ කට්ටිය දාන ඩාන්ස් එක.. ඒකත් මරුනේ.. ඇයි අර එඩ්වර්ඩ් බෙලාව කාර් එකෙන් හැප්පෙන්න යද්දි බේර ගන්න තැන.. පවු අෆ්ෆා අර අහිංසකයා.. ;)

      Delete
  11. මාත් ෆිල්ම් වලට වඩා මේකේ පොත් ටිකට ආසයි... ෆිල්ම් එකෙන් කළේම පොතේ රසය මරලා දාපු එක... හැබැයි Stephenie Meyer ‌ගේ මම ආසම පොත ඕක නෙවෙයි... The Host
    කියන එක... ආදරය කියන්නේ මොන වගේ දෙයක්ද කියලා මාර ලස්සනට ඒ පොතේ ලියලා තියෙනවා... මීටත් වැඩිය අරුම පුදුම ගතියක් තිබ්බත්, මේකට වඩා මම පුදුම ආසයි ඒකට...

    ReplyDelete
    Replies
    1. I also started "The Host" just after the Twilight Saga. But didn't quite like the writing style and got bored. May be because it was too much of Stephenie Meyer. :D I jumped in to non-romantic fiction again with John Grisham, Jefferey Archer and stuff. Since you reminded this should definitely give a it another try. :)

      Delete
    2. හිරු පොතට දිලා තියෙන ලින්ක් එක?

      Delete
    3. PM... මට පිස්සු නේ... හි හි... පෝස්ට් එකක් දාන ගමන් කරපු විකාරයක්... සැමාට නිකම් පබ්ලිසිටි... හයියෝ...

      The Host

      Delete
    4. Anonymous

      //too much of Stephenie Meyer.//

      Yup... I felt the same after reading those books... and the "Fallen" series... hi hi...

      Delete
    5. පොත් වලින් හදන හැම ෆිල්ම් එකටම වගේ වෙන්නේ ඕක තමයි හිරු. Hunger games එහෙම බලලා ඇතිනේ. :) සමහර ඒවගේ පොත බලලා ෆිල්ම් එක බැලුවම සංසාරේ එපා වෙනවා. මේකනම් එහෙම නෑ මම හිතන්නේ. පොත බලපු නැති හින්දා කියන්න දන්නේ නෑ.

      එහෙම අවුලක් දැනුනේ නැත්තේ Lord of the rings විතරයි.

      Delete
    6. ඒ පොත ගැනනම් ඇහුවෙ අදමනේ.. ටිකක් හොයලා බලන්න ඕන.. මෙහෙ නැති වෙන්න විදිහක් නෑ..

      සෑමාට නිකරුනේ පබ්ලිසිටි දීම ගැන මාගේ බලවත් විරෝදය ( විහිළුවට හොදේ )

      Delete
    7. Hunger games මන් බැළුවේ නෑ.. හැබැයි ඒක එද්දි සමහර විචාරකයෝ කිවුවේ next big thing කියලා.. ඒ උනාට ඒකත් අසාර්ථකයි.. හැරී පොටර් නම් ටික ශේප්.. Lord of the rings ගැන කවර කතාද ලොකු අක්කේ..

      හැබැයි Sherlok Holms කතා වල ෆිල්ම්ස් ටිකත් ජනප්‍රිය වේවි.. ආපු දෙකනම් ජනප්‍රිය උනා..

      Delete
    8. මං ට්විලයිට් ෆිල්ම් 4ක් බලා පොතේ 1 කොටස 1/2 බැගින් 2 වරක් කියවා ඇති බව ලියන්න අමතක උනා. සෑමා ලියලා තියෙන දේ හොද හංදා අවුලක් නෑ හිරු... මං නම් දිනේෂ් පොත් වල කතා ෆිල්ම් වලට ගත්තාම ඒ මාධ්‍ය දෙක දෙයාකාරයක් නිසා සංසන්දනය කරන එක වැරදියි කියලා හිතන්නේ.. හැරි පෝටර් ෂේප් නෑ.. පොත බලලා ෆිල්ම් එක බලාපුවම එහෙම හිතෙනවා... එත් තනිකර ෆිල්ම් එක බලලා පොත බලද්දි අවුල්. තුංමංහංදිය වගේ සිංහල පොත් වලට නම් එහෙම අවුලක් ගියේ නෑ මගේ හිතේ... ඔය ලෙඩේ එන්නේ පොත් පෙලක් ඇති කතා ගත්තමද දන්නේ නෑ... නාර්නියාත් නිකං කොයිල් කොයිල් වගේ තිබිලා පස්සේ ටිකක් තේරුනේ. ඒකේ පොත හොද දන්නෑ.. මේ ගැන මං හිතන්නෙ පොස්ටුවක් ලියන්න පුළුවන් වගේ...

      Delete
    9. ඇත්ත මේ ගැන වෙනම එකක් ලියන්න පුළුවන් වීගෙන යන තත්වයක් තියෙන්නේ.. මගෙත් අදහස ඔය කොටස් විදිහට යන එවා ෆිල්ම් වලට එද්දි ටිකක් වෙනස් වෙනවා.. ඒකයි වැඩියෙන්ම අපිට ඔය අවුල එන්නේ..

      Delete
  12. මං හිතන්නේ අවසාන චිත්‍රපටය තිර ගත වෙච්ච හංදා තවත් ටික දවසකින් මේ අයගේ මතකයන් ඇත් වේවි. හැරි පෝටරුත් කාලයක් ඔය වගේ හිටියා. ආයේ කවුරු හරි ඒවි ඔය තැන ගන්න. ලෝකේ හැටි...!

    ReplyDelete
    Replies
    1. හැරී පෝටර් පිස්සුව නම් මට තාම තියෙනවා.. හි හි

      Delete
    2. PM, මාත් අන්න ඒ කාරණේ ගැන අප්‍රමාණ සංතෝසෙන් ඉන්නෙ.. ජෝඩු දාලා ගිහින් බලන්න වෙන්නේ නැති නිසා.. හී හී..

      Delete
    3. තාම ටීවී එකේ හැරී පෝටර් යද්දි මාත් බලලමයි එන්නේ හිරු අක්කේ.. :)

      Delete
    4. මාත් හොග්වාට්ස් යන්න බොහොම කැමතියි!

      Delete
    5. අපිත් තාම යනවා..

      Delete
  13. මම ඔය විදිහෙ ෆිල්ම්ස් වලට ආසම නෑ. පොත් නම් කියවනවා. මේ ටික බලන්න නම් ලැබුනේ නැහැ. ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. පොතනම් කියෙවුවා කියලා වරදක් නෑ මං නම් හිතන්නේ..

      Delete
  14. film නම් බලනව. පුළුවන් වෙන හැම වෙලාවටම, torrent බාන්න තමයි ටිකක් අවුල. හොඳ වැඩක් අයියේ.

    පුළුවන් වෙලාවක අපේ පැත්තෙත් ඇවිත් යන්න... MyTechGate (බදා ගත් දේ බෙදා ගැනීමට)

    ReplyDelete
    Replies
    1. ලංකාවේ කනෙක්ෂන් එක්ක එහෙම තමා ඉතින්.. සීඩි ගන්න එක ලේසියි ඊට වැඩිය..

      ඇවිත් යන්න එන්නම් ඒ පැත්තෙත්..

      Delete
  15. මුල්ම twilight film එක බැලුවට පස්සෙ මට නම් අනිත් ෆිල්ම්ස් ටික බලන්න ඒ තරම් ලොකු ආසාවක් ඇති උනේ නෑ. ඇත්තම කිවුවොත් ෆිල්ම් එක බැලුවට පස්සෙ මට පොත කියවන්න තිබුන ආසාවත් නැති උනා ;)

    ReplyDelete
    Replies
    1. හික්ස්.. අපරාදේ අෆ්ෆා.. ෆිල්ම්ස් ටික නොබලා පොත් ටික කියවන්න තිබ්බේ.. කියවීම මිනිසා දියුණු කරයි කියනවනේ..

      Delete
  16. ඇත්තටම ඇයි වැම්පයර්ලා ලේම බොන්නේ..... එයාලට වතුර හරියන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. හික්ස්.. සෑහෙන වැදගත් ප්‍රශ්ණයක්.. කවුද දැන් මේකට උත්තර දෙන්න හපනා??

      Delete
    2. අපි වානරයාගෙන් වගේ වැම්පයර්ලා පැවත එන්නේ මදුරැ විශේෂයකින්ලු කියලා ලොකු ජීව විද්‍යාව පොතක ලොකු අකුරින් ලියලා තිබ්බා.. සික් පොතේ නම් මට මතක නෑ නේ.

      Delete
    3. ඒක මාත් ලාවට වගේ අහලා තිබ්බා කොහේ හරි.. මටත් දැන් මතක නෑනේ.. ඕකනේ බැරි ඉතින්..

      Delete
  17. මමත් ආසම කතා මාලාවක් ... :D

    ReplyDelete
    Replies
    1. අක්කලා මල්ලිලා ඔක්කොම එකයි වගේ.. හා හා..

      Delete
  18. මගෙත් ආසම පොත් ටිකක්.
    ඒ ලෙවෙල් පාස් වුනාට මට අයිය අරන් දුන්න තෑග්ග තමා ඔය පොත් ටික :)

    ReplyDelete
    Replies
    1. එහෙනම් සෑහෙන වටිනවා තෑග්ග.. කතාවට අනිත් අය කියන දේවල් කොහොම උනත් ඒක කියවලා බැළුවා කියලා පාඩුවක් නෑනේ..

      Delete
  19. මං ෆිල්ම් 4ම බලල තියෙනව. ඒත් සමහර කොටස් තේරෙන්නෙ නෑ.. ෆැන්ටසි උනත් සීමාවෙනුත් එහෙට ගිහින් තියෙන නිසා මං කැමති නෑ..
    දිනේෂ් අයියට වැම්පියර් කියන්නෙ මොන වගේ අයද කියල තේරේවි ලබන අවුරුද්දෙ මේ කාලෙ වෙද්දි :P

    ReplyDelete
    Replies
    1. මම ෆිල්ම් එකක්වත් බලලා නෑ.. ඒ හන්දා මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ..

      හික්ස්.. එච්චර කල් ඉන්න ඕනද බං.. මේක මං ලිවුව එකෙන්ම හිතා ගන්න පුළුවන්නේ ඒක.. ;)

      Delete
  20. හෑපෝ.....................වැම්පයර්ලා නේද...ඒ...යියා.............

    ReplyDelete
    Replies
    1. දාපං මචං පහක්..

      Delete
  21. අනේ අෆ්ෆා! මං නම් මේ Twilight Serious එකට කැමතිම නෑ.පළවෙනි ෆිල්ම් 2 ආසාවක් තිබුනනම් ඒකත් නැති වෙලා ගියා.බෙලා තමා ඒක එපා කෙරෙව්වේ. හැබැයි Twilight එකට ගහපු Vampire Suck ෆිල්ම් එකටනම් කැමතියි.

    ReplyDelete
    Replies
    1. අහ් අර මොකො බෙලා ආසාව නැති කලේ.. සෑහෙන බොන්න ඕන ප්‍රශ්ණයක් නේ ඒක..

      වැයම්පයර් සක් සුපිරිය..

      Delete
  22. මේ වම්පයර්ලා කියන ජාතිය මැරෙන්නේ නැහැලු නේද? එතකොට එයාලා මොකටද ලේ බොන්නේ. :) බඩගින්නේ හිටියා කියලා මැරෙන එකක්යැයි..:)

    මම මේ ලඟදි බැලුවා හොටෙල් ට්‍රාන්සිල්වෙනියා ෆිල්ම් එක. ඒකනම් මරු :)) ඒකෙ තියෙන්නේ ඩ්‍රැකියුලා ගේ දුව මිනිස් කොල්ලෙක් එක්ක යාලු වෙන සීන් එකක්. හිහි.

    ReplyDelete
    Replies
    1. ලොකු අක්කේ ඇයි අනේ ඔයා ඔහොම අමාරු ප්‍රශ්ණ මගෙන් අහන්නේ? මොනා උනත් ඒ කතාවත් ඇත්ත තමයි අෆ්ෆා.. දැන් උන් ඔය ලේ බොන්නේ බඩගිණ්නට වඩා ශක්තිය ඕන හන්දා නේද? මන් නම් නොදනී..

      අහ්.. එහෙනම් ඒක හොයලා බලන්නම ඕන.. කොල්ලා පවුද දන්නේ නෑනේ අන්තිමේ.. ;)

      Delete
    2. අන්න ෆිල්ම්."හොටෙල් ට්‍රාන්සිල්වෙනියා" බැලුවම වැම්පයර් ලා ගැන දුක හිතෙනවා අප්පා...

      Delete
    3. එහෙනම් අනිවා බලන්න ඕන.. එහෙම එකක් නම් දැන්ම බලලා තියන එක හොදයි.. පස්සේ බලන්න වෙන්නේ නෑ..

      Delete
  23. මම ගාව මේ ෆිස්ම් සෙට් එකම මකන්නෙ නැතුව තියාගෙන ඉන්නවා. බොහොම ලස්සන කතාවක්...

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඒක හොද එකතුවක්.. මං ගාව නෑනේ.. වයිෆ් ගාව තීනවා.. බැන්දට පස්සේ බලන්න වෙන සීන් එකක් තියෙන්නේ මටනම්.. :)

      Delete
  24. අනේ මම නම් වැම්පයර් චිත්‍රපටිවලට කැමති නෑ ඕන්

    ReplyDelete
    Replies
    1. මාත් සමහර එවුවට කැමතී.. සමහර එවුවට නෑ..

      Delete
  25. මේ ටිවයිලියිට් ෆිල්ම් සීරිස් එකෙන් මුල් දෙක බැදුවා මටනම් හරිම කම්මැලි ‍ෙිල්ම් එකක්. මේකේ සිංහල පොත් ටිකත් මගේ ගාව තියෙනවා.ඒත් රසවත් නම් නෑ.

    ReplyDelete
    Replies
    1. ඒක සිංහලෙනුත් ගහලද? මං හිතුවේ තාම කඩ්ඩෙන් විතරයි තියෙන්නේ කියලා..

      Delete
  26. මෙවැනි පොස්ට් හෙලා දකිමි...(මීට එහා කියලා මැරුම් කන්න බෑ)

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එක දාපු දවසෙම මානවක එයි කියලා මං බලන් හිටියලු හොදේ ඔන්න.. :)

      Delete
  27. පිස්සුවක් නැති වුනත්, මුල ඉදන්ම බලපු අමුතු චිත්‍රපට මාලාවක්.

    ReplyDelete
    Replies
    1. නිකන් ඉන්න වෙලාවට බැළුවට මොකද වෙන්නේ.. මේ අපේ අය වගේ ඇබ්බැහි වෙන්නේ නැතුව..

      Delete
  28. අනේ මන්ද මමනම් වැඩිය මේ චිත්‍රපටි බලල නැහැ....

    ReplyDelete
    Replies
    1. මේකටනම් මම මුකුත් නොකියමි..

      Delete
  29. සුන්දර කතා මාලාවක්..ඔක්කොම බැලුවා :)

    ReplyDelete
    Replies
    1. ඕහ් .......... හිරු .... ප්ලීස් ....

      Delete
    2. හිරූ බැළුවේ නෑ කිවුවනම් තමා පුදුමේ..

      Delete
  30. මම සිංහල නවකතා කෙලවරක් නැතුව කියවල තිබුනට ඉන්ග්‍රීසි නවකතා හරි අඩුවෙන් තමයි ඉවරවෙන්න කියවල තියෙන්නෙ.( බාගයක් කියවද්දි කම්මැලි හිතෙනව ) මමත් ආසාවෙන් එක හුස්මට කියවපු ඉන්ග්‍රීසි කතා ටික තමයි Harry Potter සහ Twilight.
    මෑතකදි Porsche,Aston Martin ගැන පත්තර වල කතා වෙද්දි මට මතක් වුනේ මේ series එක. :)

    ReplyDelete
  31. මම ඔය ෆිල්ම් සීරීස් එක මුල ඉඳන්ම ආපු ගමන්ම බැලුවා. ඒත් අග හරියට යන්න යන්න රසය අඩුවුණා වගේ.පාර්ට් 2 තාම බැලුවේ නැත්තේ ඒකයි.මොනව වුණත් ස්ටෙෆානි මෙයර් ගේ තව හොඳ පොත් තියනවා.බොහොම ස්තූතියි මේ විස්තරය බෙදා හදා ගත්තට දිනේෂ් අයියේ....

    ReplyDelete
  32. ම්.පොත කියවන්න හිත හදාගන්න බැරිවුනත් ෆිල්ම් ටික ඔක්කොම බැලුවා..
    විෂේශයක් නැති සටහනක්..මොකද්ද රහස..??

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්