Sunday, 9 December 2012

සුරංගනාවියකට

ජීවිතේ එක කාලයක් තිබ්බා.. අඳුරුම අඳුරු, ගහක් කොලක් නැති මාවතක් දිගේ ඇවිදන් ගියපු.. කිසිම අරමුණක් තිබ්බේ නෑ.. ඒත් දවසක් අහම්බෙන් වගේ ඒ මාවතේ ඈත කෙලවරක මම පුංචි හෙවනක් දැක්කා.. ලස්සන කොල පාටට ඈතින් දැක්ක හෙවනක පොඩ්ඩක් නැවතුනේ කිසිම බලාපොරොත්තුවක් නැතුව..


ඒත් එදා එතනදි අහම්බෙන් වගේ සුරංගනාවක් මගේ ලෝකෙට ආවා.. කතා කලා.. එයාගේ වචන විතරක් මට ඇහෙන්න ඉඩ දුනා.. ඇත්තටම ඒ වචන මිහිරියි.. විඩාබර හිතට පුංචිම පුංචි සතුටක් ඒ වචන වලින් ලැබුනා..


ගොඩක් වෙලා ඒ වචන අතරේ තනි වෙලා මම ඒ සුරංගනාවි එක්ක කතා කලා.. ජීවිතේ වෙනස් කරන තරමේ බලාපොරොත්තු මේ පාළුවෙන් තිබ්බ හිතට ඒ සුරංගනාවි අරන් අවා..



ඒ වචන අතරින් මිදිලා මට ඒ ලස්සන සුරංගනාවි දකින්න ඕනවුනා.. මම පුංචි ඉල්ලීමක් කලා.. මුලින් ටිකක් අකමැතිවුනත් පස්සේ ඒ සුරංගනාවී මගේ ඉස්සරහට ආවා.. වචනයෙන් කියන්න බැරි තරමට ඒ ලස්සන හිනාවට ඒ ලස්සන ඇස් වලට මම ටිකින් ටික ආදරේ කරන්න පටන් ගත්තා.. නොදැන්නුවත්වම මගේ හිත ඒ සුරංගනාවිට ඇදිලා ගිහින් තිබ්බා..



තව කාලයක් හංගන් ඉන්න ඕන නැති නිසාම ඒ ආදරේ මම ඒ සුරංගනාවිට කිවුවා.. එච්චර වෙලා මූනේ පිරිලා තිබ්බ හිනාව ටිකකට වෙනස්වුනා.. එක කඳුළු අතීතෙක රිදුන හිතයි ඒ බැඳුන අත්තටුයි හෙමින් ඒ සුරංගනාවි මට පෙන්නද්දි මේ හිත තවත් ඒ සුරංගනාවිට ආදරෙන් බැඳුනා.. කලින් තිබ්බටත් වැඩිය ආදරයක් මේ හිතේ ඒ සුරංගනාවි ගැන ඇති වුනා..



මම හෙමින් හෙමින් ඒ බැඳුන අත්තටු ලිහුවා.. කාලෙකින් නිදහසේ දිග නොහැරුන පියාපත් ආදරෙන් පිරිමැද්දා.. ඒ තුවාල වුන හිතට ආදරේ අරන් ගියා.. දැනුන වේදනා ටිකක් අඩු වෙද්දි ඒ සුරංගනාවි වෙනද වගේම ආදරෙන් හිනාවුනා.. ජීවිතේ සතුට වෙනද වගේම දකින්න විඳින්න පුරුදුවුනා..



ඒ සුරංගනාවිට මම මගේ ජිවිතේ තරමටම ආදරේ කලා.. සුරංගනාවිත් ඒ තරම්ම ආදරයක් මට අරගෙන ආවා.. ඒ ආදරේ හින්දම සුරංගනාවිගේ පියාපත් වෙනද වගේම ලස්සනට දිග හැරුනා.. ඒ මූණ වෙනදටත් වැඩිය එළිය වෙලා.. මෙච්චර කාලයක් දැක්ක ලෝකෙට වඩා ගොඩාක් ලොකු ලෝකයක් ඒ දෑස් වලින් දකින්න පටන් ගත්තා..



මේ පියාපත් එක්ක මට දැන් නිදහසේ පියාඹන්න පුළුවන් කියලා සුරංගනාවි කියද්දි මගේ හිතට ලොකු සතුටක් දැනුනා..ඒ මූණේන් මම දැක්ක සතුට මගේ හදවතින් මම විඳින්න පුරුදුවුනා.. ඒ පියාපත් එක්ක ජීවිතේ නිදහස විඳිද්දි පියාපත් වගේම වෙනද දුකින් තිබිලා සැනසුන හිත ගැන මම අහුවා..



" ඒ හිත දැන් ඔයා ලඟ.. ඔයා ලඟ විතරමයි.."



සුරංගනාවි ආදරෙන් තුරුල් වෙලා කියද්දී මේ හිත ගොඩක් සතුටු උනා.. කාලයක් එකම තැනක එක ලෝකෙක හිර වෙලා හිටිය ඒ සුරංගනාවි අද අහසේ නිදහසේ ඉඟිල්ලෙනවා.. ඒත් තාම අර පරණ පුරුදු කොළ පාට ගහ ලග විතරයි කියලා මම දන්නවා..



දැන් එතනිනුත් එහාට පියාඹන්න කාලේ ඇවිත්.. සුරංගනාවි ජීවිතේට ලංවුන හින්දම කාලයක් අඳුරේ පාළුවට ඇවිදන් ආපු මාවත දැන් ගොඩක් කල එලි වෙලා.. ටිකක් දුරින් පේන සොදුරු නිම්නයක් අපි දෙන්නම එනකම් මග බලන් ඉන්නවා ..



මේ මාවත දැන් ලස්සනයි.. ආදරය ඒ මාවත ලස්සනට සරසලා.. ගොඩක් දුර ඈතක නැති නිම්නය අපි එකනම් මඟ බලනවා.. "ආදරෙයි මම මගේ ලස්සන සුරංගනාවිට.. මේ ජිවිතේ තියෙන තුරාවට.."



මේ මාවත දැන් ලස්සනයි.. ඇත්තමයි.. ඒක මම වගේම ඔයත් විශ්වාස කරනවා.. මෙච්චර දුරක් ඇවිදන් ආපු මඟ දිගට වැටුන කඳුළු වලින් ලස්සන ගහ කොල මල් පිපිලා ඔයා ආයෙම හැරිලා බැලුවොත් පෙනේවි..

අපේ ජීවිත අළුත් වෙලා.. අපි අපිට මුන ගැහුන දවසේ ඉදන් අපේ ජිවිත කොයි තරම් අළුත් වෙලාද.. අළුත් බලාපොරොත්තු අළුත් හීන මේ ජිවිතේට දැන් ගොඩක් ලං වෙලා..

ඒත් ඒ හීන අතරේ තියෙන ලොකුම හීනේ අපි එකතු වෙන්නේ කවද්ද කියන එක.. ඇත්තටම මම ඒ දවස ගැන ලොකු හීන දකිනවා සුදු.. ඔයා ලස්සනම ලස්සන මනාලියක් වෙලා අපිට ආදරේ කරන හැමෝම අතරෙන් ඔයා මගේ ලගට එන දවස ගැන ලොකුම ලොකු හීනයක් මේ හිතේ තියෙනවා..

ලැජ්ජාවෙන් බිම බලන් ඉන්න ඔය ඇස් දිහා මාත් හොරෙන් බලන්න.. වෙනදට හැංගුවට එදාට හංගන්න බැරි හිනාව දිහා හොදට බලන් ඉන්න.. ඔය අතට මංගල මුදුවක් දාලා ඔයාව හැමදාටම මගේ නමට ලියාගන්න මේ හිතේ ලොකු හීන තියෙනවා සුදු..

අත්සනක් නැතිවුනත් අපි දැනටත් හිතින් අපේ පවුල් ජීවිතේ පටන් අරන් ඉවරයි.. ඒ වුනත් සුදු ලස්සන මංගල සාරියක් ඇඳලා සුදු ලස්සන මල් කලඹක් අතේ තියන් මං දිහා බලාගෙන හිනා වෙලා එන ඔයාව හිතින් මවා ගත්ත වෙලාවල් අනන්තයි සුදු.. හිතේ ඒ වෙලාවට මැවෙන ඔයා එදාට තවත් ලස්සනට ඉඳියි..

ඒ දවස වැඩි ඈතක නෑ කියලා මගේ හිතට ගොඩක් විශ්වාසයි සුදු.. ඒ ලස්සනම ලස්සන දවස එනකන් මම මඟ බලාගෙන ඉන්නවා...



මාස 6 ගෙවිලා ගියා තේරුණේ වත් නෑ සුදු.. ඇත්තටම මේ දවස් හරි ලස්සනයි.. ජීවිතේ වැඩියෙන්ම හිනාවුන දවස් මේ මාස 6යේ ඕන තරම් ලියවිලා ඇති.. ඒ එක්කම අද ඔයාගේ උපන්දිනේ.. හරියටම රෑ 12ට ඔයාට කතා කරලා සුභ පතද්දි මං ලඟින් හිටියනම් කියන හැඟීම ඔයාගේ ඇස් වල මං ගොඩක් දැක්කා... දැනෙන්න විඳගන්න අපි ලඟ නැතිවුනත් ඔයා ගාව මං හැම වෙලාවකම ඉන්නවා..



ගෙවිලා ගිය මාස 6 වගේම තව ඉතුරු වෙලා තියෙන්නෙත් මාස 6ක් විතරමයි.. ඔයා හැමදාටම මගේම වෙන්න.. මගේ ආදරණීය බිරිඳ වෙන්න.. ඊට පස්සේ ඔයා ආසම කරපු වාසගම හැමදාටම ඔයාගේ.. "ඔයාට මං ගොඩාක් ගොඩාක් ගොඩාක් ආදරෙයි මගෙ පැටියෝ.." ඔයා සතුටින් බව දන්නවා.. ඒ හන්දා සතුටින් ඉන්න කියලා කියන්න ඕන නෑ.. මං ලඟට එනකන් පරිස්සමින් ඉන්න... ඔයාට සුභම සුභ උපන්දිනයක්.. බුදුසරණයි මගෙ පැටියෝ..


ප.ලි - ඔයා මාව අමාරැවේ දලා ගියානේ හොරාට. මෙන්න මගෙන් කට්ටියටම කෙක්. = සිහින මදාරා.




70 comments:

  1. දිනේෂ් අයියාටත් , මදාරා අක්කිටත් මගේ උණුසුම් සුබ පැතුම් ... ඔයාල දෙන්නගේ සියලුම සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම ඉෂ්ට වේවා කියල මන් ප්‍රාර්ථනා කරනවා ....

    සුබම සුබ උපන්දිනයක් වේවා මදාරා අක්කේ...

    දිනේෂ් අයියේ ඔයාගේ බ්ලොග් එක හරිම ශෝර්ක් මන් එක ආසාවෙන් කියෝනව .. :)

    ReplyDelete
  2. Replies
    1. නැතුව නැතුව.. හැමදාම ඔයා බලල පෝස්ට් පබ්ලිශ් කරන එකේ මේක මං හොරෙන් ඕනනෙ කරන්න...

      දන්නවා පැටියෝ ඔය ආදරේ තරම.. ආදරෙයි මාත් ගොඩක් ඔයාට..

      ජීවිතේ සතුටින්ම ගෙවපු මාස 6ක්.. එහෙම නේද?

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  3. උපන්දිනයි,ඇනිවසරියි එකී මෙකී නොකී හැම දේටම උණුසුම් සුබ පැතුම් වේවා..!!

    ReplyDelete
  4. දෙ‍හදක් එකට බැදුනු කල
    ඒ මිහිර කෙලෙස පවසම්ද
    සොයුර, සොයුරිය ඔබට
    පතමි මම සුභාසිරි,
    විසිරුණු ආදරේ
    දෙකොනක රැදුන ජීවිතේ
    එක්වන්න පතමි
    මෙලෙසේ
    පුරවා සුභපැතුම් සතොසේ..

    ReplyDelete
  5. මලේ...නාගාට සුබ උපන්දිනයක් කියන ගමන් අපේ ක්ලබ් එකට ඉක්මනටම ජොයින් වෙන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා....ආ අලුත් ලේකම් තුමිය හෙක්...හෙක්...ජය

    ප/ ලි

    අද නගාගේ වගේම මගේ නොනගේ අම්මගෙයි තාත්තගෙයි දෙන්නගෙමත් උපන්දිනේ නොවැ

    ReplyDelete
  6. ඔන්න මමත් සුබ උපන්දිනයක් සුරංගනාවිට පතනවා.

    ReplyDelete
  7. දිනේශ්ගෙ සුදු පැටියට සුභ උපන් දිනයක් !
    …ඔයාලගේ සියලුම පැතුම් ඉටු වෙලා වාසනාවන්ත යුග දිවියකට පිවිසෙන්නට ලැබේවා
    …කියලත් ප්‍රාර්ථනා කරනවා .

    ReplyDelete
  8. උබලා දෙන්නගේ ජීවිතයම සතුටින් පිරෙවෙන්න කියලා පතනවා. ඒ වගේම මදාරා නංගිගේ උපන්දිනේටත් සුබ පැතුම්. කේක් නැතුවට කාරි නෑ උබලා සතුටින් ඉදහල්ලා. :)

    ReplyDelete
  9. සුරංගනාවිට මෙන්න මගෙනුත් සුබ පැතුම්.. ඒ වගේම ඔය පෙරුම් පුරාගෙන බලාගෙන ඉන්න සොඳුරු නිම්නයට පුළුවන් තරම් ඉක්මණට එන්න වාසනාව ලැබේවා කියලා පතනවා.....

    අද අපේ තාත්තගෙත් උපන් දිනේ..

    ( ඊට පස්සේ උඹලා දෙන්නත් අපේ ක්ලබ් එකේ හරිද... මම සාමාන්‍යයෙන් වෙන එකෙක් අමාරුවේ වැටේවා කියලා ප්‍රර්ථනා කරන්නේ නෑ... ඒත් උඹලා දෙන්න පෙරුම් පුරන්නේ ඒකටනේ... ඉතිං නොකර කොහොමද... හි හි... )

    ReplyDelete
  10. ඈ..........ඒකත් එහෙමද....එහෙනම් මගෙනුත් සුබ පැතුම් ඈ...........

    ReplyDelete
  11. මදාරා නංගට සුබම සුබ උපන් දිනයක් වේවා !

    ReplyDelete
  12. බිඳෙන් බිඳ පිය නගන
    අසිරිමත් ජිවිතයෙ
    ටිකෙන් ටික ජයගන්න
    ඔබට සැමදා වාසනා

    උපන්දිනයටයි මාස 6යේ ඇනිවසරියටයි මගෙන් උණුසුම් සුබ පැතුම් ඈ

    ReplyDelete
  13. අනඅන්වර්සරි එකටයි උපන්දිනේටයි ඔක්කොටම සුභ පැතුම්!!!

    ප.ලි - මට මේ වගේ හිතට අවංක වෙලා ලියන්න බැරි වෙයි කවදාවත්!!!

    ReplyDelete
  14. අපිත් ඉස්සර ඔය විදියට මාස ගණන් කරා...දැන් අවුරුදු ගණන් කරනවා. :) කාලය ඉක්මනට ගෙවෙනවා. බය වෙන්න එපා.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. ඔව් ලොකු අක්කේ.. මේ ටික දවස ගියා වගේම ඉතුරු ටිකත් යාවි.. ඊට පස්සේ ඉතින්.....

      Delete
    2. ඒකනේ ලොකු මල්ලි. :) ඊට පස්සේ ඉතින් සුබ අනාගතයක් !!

      Delete
  15. සුභ පැතුම් අහ්හ්...(ඒ උනාට මල්ලි උබ අර එඩ්වඩ් කාරයාගෙන් ටිකක් ප්‍රවේසම් වෙලා ඉඳපන් හරිය.)

    මේ බ්ලොග් එක තමයි මම ඉස්සර දැක්ක ලස්සනම බ්ලොග් එක ... දැන් ඉස්සරටත් වැඩිය ලස්සනයි...

    ReplyDelete
  16. අපේ අලුත් ලේඛම්තුමියට උපන් දිනේටයි තානාන්තරෙටයි දෙකටයි උඹල දෙන්නගෙම අනාගතේටයි උණුසුම් සුභ පැතුම්. තව පොඩ්ඩෙන් අමතක වෙනවා ලේඛම් තුමියගේ ආච්චිටත් සුභ උපන් දිනයක් වේවා !!

    ReplyDelete
  17. සුබ උපන් දිනයක් අක්කියෝ ! :)

    ReplyDelete
  18. සුභ උපන්දිනයක් මදාරා..ලස්සන ජීවිතයකට සුභ පැතුම්..

    ReplyDelete
  19. සුභම සුභ උපන්දිනයක් මධාරා අක්කේ

    ReplyDelete
  20. ඔක්කොම එකට මෙව්වා කරලා පාටියක් දෙනවා කියලා ආරංචියක් නම් ආවා... ;)

    දෙන්නටම සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  21. සුභම සුභ උපන්දිනයක් මදාරා.....!!

    ඔය දෙන්නගේ සියළු බලාපොරොත්තු ඉටු වෙලා සතුටින් ඉන්න ලැබේවා කියල හදවතින්ම පතනවා......!!

    ReplyDelete
  22. උපන්දිනේකට දෙන්න පුලුවන් හොඳම උපන්දින සුභ පැතුම දිනේශ් අකුරු කරල තියනවා.

    එහෙනම් මමත් මදාරට සුභම සුභ උපන්දිනයක් වේවා කියල ප්‍රර්ථනා කරනවා!!!

    දෙන්නාටම ලස්සනම ලස්සන ආදරේ පිරුන අනාගතේකට සුභ පතුම්!

    ReplyDelete
  23. මේ සැබැ ආදරයයි මගෙන් සුබ පැතුම්....

    නෙත් නුබේ ලස්සනයි
    මගේ කුමරියේ පෙර වගේ................
    නුබේ පා සගවමින්
    එනවදෝ
    යන්නට පෙර වගේ ආදරෙන් ...............

    තවමත් මෑවේ
    නුබෙ සිනා
    මගෙ දෙසවනේ..................
    මට සීතේ
    නුබ සිබින්නට

    පෙර වගේ.........................
    මගෙ කුමරියෙ
    මගේ අදරේ............

    ReplyDelete
  24. සුභම සුභ උපන්දිනයක් වේවා කියල ප්‍රාර්ථනා කරනව මදාරට.... :)
    ඒ වගේම ඔයාල දෙන්නගෙ ඇනිවසරියටත් සුභ පැතුම්... හැම බලාපොරොත්තුවක්ම ඉටු වෙලා හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා!!!!!!!

    ReplyDelete
  25. දෙන්නටම සුභ අනාගතයකට සුභ පතනවා..
    මගේ සුරංගනාවි නම් ඉගිල්ලිලා ගොඩාක් දුර ගියා :(

    ReplyDelete
  26. Subama suba upan dinayak Madara,,,,,

    Dennatama suba anagathayakata suba pathanawa,,,,,,,

    Sathuten inna,,,

    Theruwan saranai,,,

    ReplyDelete
  27. උපන් දිනේටයි, ඇනිවසරි එකටයි දෙකටම මගෙනුත් උණුසුම් සුබ පැතුම්....

    ReplyDelete
  28. සුබ උපන් දිනයක් වේවා !!! වාසනාවන්ත අනාගතයකට සුබ පැතුම් !!

    ReplyDelete
  29. සුභ උපන්දිනයක් වේවා කෙල්ලේ.
    දෙන්නටම ඉක්මනින් එකතුවෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරාන්වා,
    ඇනෝ ආවට සොරි හොඳේ
    -වර්ණා-

    ReplyDelete
  30. එල කිරි අයියේ...ජයම වේවා !!!
    අක්කට සුභම සුභ උපන් දිනයක් වේවා !!!
    ඔයාල දෙන්නගෙම සියලු පැතුම් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියල ඉතසිතින්ම පතනවා...

    කාලෙකට පස්සෙ අහපව් බ්ලොග් කියවන්න ආවෙ.
    මේ පැත්තට ආවෙත් ගොඩක් කාලෙකින් වගේ...ගොඩක් දේවල් වෙනස් වෙලා වගේ...
    දෙන්නටම ජයම වේවා !!!

    ReplyDelete
  31. දිනේෂ්ගෙ සුරංගනාවිට සුභපතන්න සිත්තමී කෙල්ල ගොඩක් පරක්කුවෙලා....ඒත් කොහොම හරි ආවනේ....

    සුභම සුභ උපන්දිනයක් වේවා මදාරා.....

    ඔය ආදරෙත් ඉක්මනට එකතුවෙන්න ලැබෙන්න කියලා සිත්තමී කෙල්ල හදවතින්ම සුභ පතනවා.

    දිනේෂ් මුළු හිතම අද පෝස්ට් එකට දාල කියල මට හිතුණා....

    ReplyDelete
  32. ඇස්වලට කඳුළු ආවා... මේ ආදරණිය ලිපිය බලල ඉවර වෙද්දි... තමන්ටම හිමි ආදරය හොයා ගන්න එක කොයි තරම් වාසනාවක්ද? ඊලග උපන්දිනේ දෙන්නට ළගින් ඉදන් සමරන්න ලැබෙන්න කියල මම ප්රා ර්ථනා කරනවා.... ඔය ලස්සන ආදරේ හැමදාම රැක ගන්න.

    ReplyDelete
  33. ලස්සන ආදරයක්.දෙන්නට හැමදාම ගොඩක් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා..ඒ වගේම උපන්දිනේටත් සුබ පැතුම්...:)

    ReplyDelete
  34. එන්න ටිකක් ප්‍රමාදවුණා. පරිගණකයේ අවුලක් නිසා.. පමා වූ උපන්දින සුබ පැතුම මගෙන් ඒ වගේම දේදනගේම වාසනාවන් දිවියටත් සුබ පතනවා..

    ReplyDelete
  35. සුබ උපන්දිනයක් මදාරා! දෙන්නාටම සුබ පැතුම්!

    ReplyDelete
  36. උපන්දිනයට සහ ඇනිවසරියට මගෙනුත් සුභ පැතුම්!
    පරක්කු වුණාට සමාවෙන්න.

    ReplyDelete
  37. මට අහන්න තියෙන්නේ මෙච්චරයි .ආදරේ ඔච්චරටම පැණි රසද? මදාරා අක්ක නිසා වෙන්න ඇති. දෙන්නටම හදවතින්ම සුබ පතනවා...වෙඩින් කේක් පේනවා!!!!


    ප.ලි: මට නම් ඇමොක්සිලින් කරලක් වගේ..

    ReplyDelete
  38. හැපි බඩ්ඩේ මදාරා අක්කේ..!!!

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්