Wednesday, 19 December 2012

වර්ණයක අවසානය



ඕනම දේකට ආරම්භයක් තියෙනවා වගේම අවසානයකුත් තියෙනවා... ඒ දේ වෙනස් කරන්න කාටවත් බෑ.. එහෙම පුළුවන් උනානම් ලෝකේ ගොඩක් දේවල් මේ වෙද්දි සෑහෙන්න වෙනස් වෙලා.. ඒත් එහෙම නෑ වෙන දේවල් දිහා ඔහේ බලාගෙන ඉන්නවා ඇරෙන්න අපිට කරන්න පුළුවන් මහ ලොකු දෙයක් නෑ..



වර්ණය, සිහින නමින් පටන් අරගෙන වර්ණවත් වෙලා ගලාගෙන ආව මේ ගමන අවසාන නැවතුම් පලකට ඇවිත්දෝ කියලා හිතෙනවා.. මේක පටන් ගනිද්දිම මම තීරණය කරපු අවසානයක් තිබුනා.. එක්තරා තැනකදි හිතුව සමුගැන්මක් නැත්නම් වෙන්ව යාමක්... ඒත් ඒ කලින් හිතාගෙන හිටපු හැම දෙයක්ම වෙනස් කරන්න කාලය බලාපොරොත්තු නොවුන විදිහට ලං වෙලා.. ඒත් අවසානය ලියවෙන්නේ ඒ විදිහටනම් අපිට ඒක වෙනස් කරන්න බෑ.. ඒකට මූණ දෙනවා ඇරෙන්න..



ගොඩක් ආසාවෙන් පටන් ගත්ත කිසිම දෙයක් ඉක්මනට නවත්තන්න මට තියා කවුරුවත්ම කැමති වෙන්නේ නෑ.. දෙයකට වැඩියෙන් ආස වෙන්න වෙන්න ඒ දේ අපි ලගම තියා ගන්න වැඩියෙන් ආස කරනවා.. ඒක අපේ හැටියක්.. මේ වර්ණයත් එක්ක ජීවිතේ ගොඩක් දේවල් මං ලබා ගත්තා.. මං ආසම විදිහට ජීවිතේ වෙනස් උනානම් ඒ මේ වර්ණය නිසා.. ඒ කාලේ ඉදන්ම මේක කියවාපු අය සිහිනයත් වර්ණයත් අතර වෙනස හොදටම දන්නවා.. මගේ ජීවිතේ පහුගිය කාලේ කොච්චර වෙනස් උනාද කියලා වර්ණය කියෙවුවනම් හොදටම බලාගන්න පුළුවන්..



ඒත් ජීවිතේ එච්චරම වෙනස් කරපු තැනක් උනත් අකමැත්තෙන් හරි දාලා යන්න එන වෙලාවල් එනවා... ආසයි මෙතනම නැවතිලා ඉන්න.. ඒත් හෙට දවස ගැන වැඩි විශ්වාසයක් නෑ.. යන්න කලින් මෙච්චර කාලයක් වර්ණයත් එක්ක හිටිය හැමෝටම ගොඩක් ස්තූතියි කියලා කියන්නම්.. මොකද ආයෙම එහෙම කියන්න වෙලාවක් නොඑන්න පුළුවන්.. ඒ හන්දා දැන් මෙහෙම කියලා යන එක හොදයි.. සමුගැන්ම වේදනාවක්.. ඒ වේදනාව මං හොදටම විදලා තියෙන නිසා ඒක කොහොමද කියන්න මම දන්නවා.. ඉතින් මේ තියන්නේ අද වර්ණයේ තියන අන්තිම සටහන වෙන්න පුළුවන්.. අකුරු කරන්න තව හුගාක් දේවල් තියෙනවා.. හුගහ් ඕන කමත් ආසාවත් තියෙනවා. උනත් නිමාවකට ලං වෙද්දි ඒක වලක්වන්න අපි කාටවත් නෑ.. ඒ හන්දා මේ විදිහට වර්ණයේ අවසානය ලියලා තියන්නම්...



වර්ණයට අවසානයක් දෙන්න ලොකු හේතුවක් නෑ.. තියෙන්නේ එකම එක හේතුවක් විතරයි.. අනිද්දා ලෝක විනාසේ.. :) 





ඊට පස්සේ මොනවා ඉතුරු වෙයිද නැද්ද, අපි ඉදියිද නැද්ද කියන්න දන්නේ නැහැනේ.. ඒ හන්දා නොකියාම යනවට වඩා කියලා යන එක හොදයි කියලා හිතුනා.. අනික ඉතින් කට්ටිය දන්නවනේ මං ඉන්නේ ලෝකයේ සක්‍රීය තත්වයෙන් වැඩිම ගිණි කන්ද පාමුල කියලා.. හැබැයි මාස දෙක තුනක් තිස්සේ ඒක දොයි.. කවුද දන්නේ නිදි කියලා වැඩේට ලෑස්ති වෙනවද කියලා.. අර ෆිල්ම් එකේ වගේ ගිණි කන්ද පිපුරුවොත් ආයෙම බ්ලොග් ලියනවා බොරු .. ඒ හන්දා ඔන්න කලින්ම කිවුවා.. පහුගිය ටිකේ බයේ හිටියට මොකද දැං නම් ඕක ගැන හිතලා බය වෙන්න තරම් අවුලක් නෑ.. මොකො ලගදි මං මෙන්න මේක දැක්කනේ.. හික්ස්..

 ( ෆොටො එක ඉස්සුවේ බුකියෙන් )



ලෝක විනාසේ ගැන කියනවනම් ඉතින් ඉතාලි කාරයො හිතන් හිටියේ ඕක වෙන්නේ 12,12,12 කියලනේ.. ඒත් එදා උනේ නෑ.. දවස ගෙවිලා ගියා.. දැං කියනවා 21 වෙනවලු.. අනේ ඇත්තටම මෙහෙමත් උන්.. ලෝක විනාසෙට කලින් ලංකාවට ගිහින් එහේ ඉදපං කියන උන්ම නත්තලට ෆාමසිය ඇරලා උඹ වැඩට එනවද අහනවා.. මේවට ඉතින් මං මොනවද දෙන උත්තර.. ඒ අස්සේ ලයින් අක්කා.. අවුරුදු හතරක්ම ලිවින් ටුගෙදර් ඉදලා ටෙස්ට් කරලා බලලා ලෝක විනාසෙට කලින් උගේ වෙන්න ඕන කියලා ඔන්න කලබලේ සෙනසුරාදා බැන්දා.. සතියයිනේ ඉතින් පවුල් කන්න වෙන්නේ.. නෑ මං කිවුවේ ලොක විනාසේ උනොත්..



ලෝක විනාසේ ගැනනම් ඉතින් අපේ අයත් ගොඩක් දේවල් ලිවුවනේ... සොදුරු සිතක වත්සලාවෝ කවියෙන්ම කිවුවා ඕක වෙන්නම කියලා.. ඒ අස්සේ මාරයා බඩු ලිස්ට් එකත් හැදුවා.. ඒ මදිවට තියෙන හෙනම කරදරේ තමයි අංකල් ජොන්සන්.. ඒකා හැමදාම රෑ කෑම මේසේ ඉදන් තව ඉතුරු දවස් මෙච්චරයි කියලා ගැනලා හොදට කාලා බීලා ඉන්න ඕනයි කියලා තියෙන ඔක්කම දාගෙන කනවා.. කස්ස්ටිය කිවුවට විශ්වාස කරන්න නැත්නම් ඒත් විශ්වාස කරන්න, ඉස්සර මේවයේ කොලෙස්‍ට්‍රොල් අරකේ සීනි කියලා තෝරලා බේරලා කාපු මනුස්සයා දැන් අහු වෙන එක ගිලලා දානවා.. හික්ස්.. කාලා මලත් සැපයි කියනවනේ.. ඒ හන්දා වෙන්න ඇති.. අපේ අයියනම් මොන හු++++ අංකල් කියලා පටන් අරන් තමයි දවස් ගනින එකට උත්තර දෙන්නේ.. අපරාදේ කියන්න බෑ.. කෑම ටිකත් ඉක්මනට දිරවනවා අරක අහන් ඉද්දී...



එහෙනම් ඔන්න මං කට්ටියට කිවුවා.. ගිණි කන්ද පිපුරුවොත් මං නෑ.. වර්ණයත් නෑ.. එහෙම නොවුනොත් පහුවදාට පෝස්ට් එකක් තියෙවි වෙනදා වගේම හොදේ.. එතකන් කස්ටිය හොදින් ඉන්නලා... :)

111 comments:

  1. හුම්ම්... මාව බය වෙලා ගිය තරමක්..
    බාගෙට හෙලා දකිමි මේ බය කිරීම..
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!

    ReplyDelete
    Replies
    1. අහ් බාගෙටනේ හෙලා දකින්නේ.. එහෙනම් අවුලක් නෑ..

      Delete
  2. Replies
    1. මොකෝ මෙයා ගොරවන්නේ?

      Delete
  3. මාත් මේ මොකෝ වෙන්නේ බලන්න ආවා...
    ලෝකේ විනාසේ වෙනවා නම් වෙයිනෙ අප්පා...ඔන්න ඔහේ ඕන දෙයක් වෙයි කියලා අපි නම් අපේ වැඩක් කරන් පාඩුවේ ඉන්නවා...එහෙනම් ලෝකේ විනාසෙන් පස්සේ අලුත් ලෝකෙත් එක්ක අපි ආපහු බ්ලොග් එක කියවන්න එන්නම් දිනේෂ් අයියේ...:D

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා.. ඕක උනත් නැතත් අපි මැරෙනවනේ.. ඉතින් මොකටෙයි බය වෙන්නේ.. හා හා එහෙනම් එදාට හම්බුවෙමු..

      Delete
  4. Ehema misak. Uba meka nawattuwot aye lankawata ennet netuwa ohetama wela hitapan.

    ReplyDelete
    Replies
    1. හෆ්ෆටසිලි.. කේන්ති ගන්න එපා රෙප් අයියේ..

      Delete
  5. එහෙනං ගුඩ් බායි කිව්වා ...... අළුත් ලෝකෙකදි හම්බ වෙමු

    ReplyDelete
    Replies
    1. අනිවා.. ටටා එහෙනම්..

      Delete
  6. දෙන්න හිතෙනවා හොම්ද තැලෙන්න එකක්.. එහෙමත් නැත්තම් පස්සෙ ගාත් දෙක කැඩිල යන්න එකක්

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මී අයියේ, අපි එක ගමේ එක ලග මිනිස්සුනේ බං.. මොකට ගහමරා ගන්නවද මං අහන්නේ?

      Delete
    3. අහ් මෙයා බලන්නකෝ.. ගැට නොගහා දැම්මත් වැඩි වෙනසක් නෑ මටනම්... හික්ස්..

      Delete
  7. හපොයි මුල ටික කියවනකොට බය වෙලා හිටියේ . දැන් තමා ඇඟට ලේ ඉනුවේ .
    …මොකද මම කැමති බ්ලොග් වලින් එකක් මේ බ්ලොග් එක . මමනම් ලෝක විනාසෙ ගැන පොඩ්ඩක්වත් හිතන්නෙ නෑ . වෙන දෙයක් වෙයි . වෙනද වගේම ඉන්නවා .
    …ආ කියන්න අමතක උනා නොමැරී හිටියොත් සුපුරුදු විදියට යුවලම එන්න නිශාන්තය අහන්න , එදාට අපි දෙන්න ඉන්නේ ඇන්ජලීන් ගුණතිලක මහත්මියගේ ගීත :D

    ReplyDelete
    Replies
    1. හෆ්ෆේ තැන්කූ තැන්කූ.. වර්ණයට මෙච්චරම කැමති එකට..

      මගෙත් ඔක ගැන සත පහක විශ්වාසයක් නෑ.. දන්නැද්ද ඉතින් මේ නිකමට වගේ කට්ටිය ටිකක් අවුස්සන්න දැම්ම..

      අහ් ජෝඩු දාලා අපි එනෝ.. ඉන්න මම හෙට වෙද්දි සිංදු දෙක දෙන්නම් අක්කේ..

      Delete
  8. මොකෙක්ද මන්දා බූරුවා. මං හිතුවා ඇත්තටම බ්ලොග් එක වහන්න යනවා කියලා. උඹ මළොත් අර කෙල්ලට මොකද වෙන්නේ? 22 වෙනිදා උදේට කතා කරමු. ජය...!

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. හෆ්ෆේ මෙන්න සභාපතිතුමා මට බනිනෝ.. ඒ කෙල්ලට එහෙම මුකුත් වෙන්න දෙනවද මං.. ඕක ඇත්තටම වෙනවනම් මම මෙලහටත් ඒ කෙල්ල ලග තුරුල් වෙලා.. ඕන මඟුලක් වෙච්ච දෙන් කියලා..

      Delete
    3. මදැයි මං හිතුවා සභාපතිතුමා බැන්නට මොකද ලේකම් මගේ පැත්තෙනේ කියලා.. බැලින්නම් මෙයා ඊට එහා.. අහුවෙනවකෝ මට..

      Delete
  9. මොකද හලෝ ඔයාට වෙලා තියෙන්නේ.......!
    ඔහොමත් මනුස්සයන්ව බය කරනවද????
    ජය වේවා!!!!!

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. ගනන් ගන්න එපා ඉතින්.. මේ දිනේෂ් හිටි ගමන් මෙහෙම එවුවා කරනවා.. දැන් ඇත්තටම යන එක උනත් ලේසියෙන් කියලා දන්න පුළුවන්.. හික්ස්..

      Delete
  10. ලෝක විනාසෙන් පස්සේ හම්බවෙමු ඈ...

    ReplyDelete
    Replies
    1. අනිවා.. පොඩි ප්‍රශ්ණයක්.. ඒත් කොහේදිද?

      Delete
  11. නිකං බොරුවට බය කරන්න එපා බන්.. ඔහොම මගුලක් වෙන්නේ නෑ බන්..

    ReplyDelete
    Replies
    1. ඒ මඟුල වෙන්නේ නෑ බං කෝමත්.. මගේ මඟුල වෙනවා තව මාස 6කින්.. ඒකට වරෙං හොදේ.. :)

      Delete
  12. සැක් විතරක් කාපිය මේකව යකාම..මම බය උන තරමක්..වැඩ වැඩි වෙලත් දුවන් ආවා කියවන්න...හොද වෙලාවට කම්පියුටරේ බොසාගේ උනේ නැත් නම් මූණ සමතලා වෙන්න දෙනවා දෙක්ක....

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. බට්ටි අක්කේ, හොද වෙලාවට ඔයා වැඩ කරන බව මතක් උනේ.. නැත්නම් අර අසරණ කොම්පීතරේ ගැන මම මේ කල්පනා කලේ..

      Delete
    3. හික්ස් එහෙම හොද නෑනේ ඉතින් සුදූ..

      Delete
  13. හි හි.. මට නම් තේරුනා.. මේ ඊයේ පෙරේදත් කිය කිය හිටියනේ මේක නම් වහන්නේ නෑ කියලා... හි හි

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා.. අක්කගේ බ්ලොග් එක පැත්තේ ඇවිත්ද කොහේද මම එහෙම කියලා ගියේ.. :)

      Delete
  14. අපි නම් අහුවෙයි මේවාට! :p

    ReplyDelete
    Replies
    1. එල කොල්ලෙක්..

      Delete
  15. hihi...ane oya ithali karayo danne na ane. apinam issara idalama danne 21 kiyala onna :) balannako boruda kiyala

    ReplyDelete
    Replies
    1. අහ්.. ලොකු අක්ක එහෙමද කියන්නේ.. හා හා බලමුකෝ එහෙනම් අපි..

      Delete
  16. හක්ක පටස් !
    ලියලා තියෙන විදියට මුලදිම අහන්න හිතුනා මොකෝ කියලා. පෙර පුහුණු කරගත් මනා සංයමයකින් යුක්තව කියවගෙන ගිය බැවින් නොරැවටුනෙමි.

    ReplyDelete
    Replies
    1. "පෙර පුහුණු කරගත් මනා සංයමයකින් යුක්තව කියවගෙන ගිය බැවින් නොරැවටුනෙමි."

      අපි නොදන්නවයි ඉතින් ඒ හරිය..

      Delete
  17. ඒකට බ්ලොග් ලොකේ අපි කෝ මේ ලේකම් නොනා දෙනව උත්තර දැම්ම ඉඳන් අවුරුදු උත්සවේට බරට වැඩ නේව...මෙහෙනම් එහේම විනාශයක් වෙන්නැ කියලයි ආරංචී ඔය පොඩි ගංවතුරක් නායයැමක් මාලු වැස්සක් ආ පාවෙන පිරිසියක් ගිනිබොල වැටිල්ලක් ඇරෙන්න එහේමටම දෙයක් නෑ නේව.... මල්ලි මැරෙන්න තව වෙලා තියෙනව ඊට කලින් අර කිව්ව වගේ බොන්න එපෑ බං හික්ස්

    එකේන් මෙකෙන් කියන්න බැරි උනානේ මෙච්චර කල් බ්ලොග් ලොකේ වර්ණවත් කල උඹට නිවන් සුව 21 ඔය කිව්ව එක උනොත් ඈ...! නැත්තං ඉතින් බැක්ටුද බ්ලොග් ජය...........!

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා අපි බොමු රාජ් අයියේ.. අහ් බෑ.. මට බෑ..

      ඒ හැබෑට මම ඊයේ ඉතාලි කාරයන්ටත් හෙන ලෙක්චර් එකක් දුන්න ඔය ගැන.. උන් කියනවා මාලු වැස්සක් ගැන අහුවමලු.. මම ඉතින් විද්‍යාත්මකව ඒක පැහැදිළි කලා.. හික්ස්..

      "එකේන් මෙකෙන් කියන්න බැරි උනානේ මෙච්චර කල් බ්ලොග් ලොකේ වර්ණවත් කල උඹට නිවන් සුව 21 ඔය කිව්ව එක උනොත් ඈ...! "

      මට මාර හැපී අෆ්ෆා මේක දැකලා..

      Delete
  18. මම ලෝන් එකක් දානවා..

    ලෝකෙ කෑලි දෙකකට කැඩුනොත් පට්ට බං. හැබැයි එහා කෑල්ලෙ ඉන්නෝනි මම ලෝන් එක දාන බැංකු ශාඛාව.

    ReplyDelete
    Replies
    1. උබේ අවලං වැඩ වලට බැංකුව තියෙන පැත්තෙමයි උඹ ඉන්නේ.. බලහන් නැද්ද කියලා..

      Delete
  19. අඩේ එකපාරටම බය උනා බන්...
    මේක කියවපු උන්ට පපුවේ අමාරුවක් එහෙම හදුනානම් උබ වගකියනවද....
    මුලින්ම නිකම් කතාව ආවෙ අයියා බ්ලොග් ලිවිල්ල නතර කරන ගානටනේ...
    මැරුණත් ඇවිත් මේක අප්ඩේට් කරලා පලයන්....
    හැම පොස්ට් එකටම කොමෙන්ට් දාන්න බැරි උනත් වෙලාව තියෙන හැටියට හැම පොස්ටුවක්ම මමත් කියවනවා....
    පරක්කු වෙලා හරි කියවනවා....
    මොක උනත් මේක ලියහන්...ලෝක විනාසේ එහෙම එකපාර ලොකුවට වෙන්නෑ මේ කල්පයේදී...
    ඔය ටික ටික දැනටත් වෙන්නෙ ලෝක විනාසෙ තමයි....

    ReplyDelete
    Replies
    1. පිස්සුද බං.. උගත් බුද්දිමත් සෙට් එකක් නේ මේක බලන්නේ.. ඒ හන්දා මුකුත් වෙන්නේ නෑ.. හික්ස්.. හොල්මනක් වෙලත් බ්ලොග් ලියන්න.. ඒකත් නරක නෑ අෆ්ෆා බලන් යද්දි..

      පුළුවන් වෙලාවක ගොඩවෙයන් මචං මේ පැත්තේ.. නෝ ප්‍රොබ්ලම්.. මායා සියලගේ පිස්සු අපේ සුද්දෝ උඩ දාන් පිළිඅරං.. ඒකනේ මේ අවුල..

      Delete
  20. එළ එළ ආයේ මේ පැත්තට එන්නං වැඩ ගොඩ ගැහිලා

    ReplyDelete
    Replies
    1. හා හා.. හෙමීට එමු..

      Delete
  21. හික්ස්... මුලදී කොයිල් වුනා.. පස්සෙනෙ වැඩේ තේරුනේ..:D
    ගිනි කන්ද නිදාගෙනම සිටිත්වා කියල ඔන්න මම විශ් කරනෝ !!

    ReplyDelete
    Replies
    1. හෙහ්.. ගනන් ගන්න එපා..

      ඒක දොයියන්නේ නෑ.. දොයි කරවන්නත් බෑ.. අන්න ඒකනේ තියෙන අවුල.. ඒත් මේ පාර මුකුත් වෙන්නේ නෑ..

      Delete
  22. සිත්තමීත් ඉදල හිටල එනනිසා පෝස්ට් එකේ හෙඩින් එක දැක්කම සීතල වුණා වර්ණ ලියන දිනේෂ්ට මොනව වෙලාද කියලා.....හික්ස්....

    එකපාරනෙ මැරෙන්නෙ ඕක කොහේ හිටියත් එකම දේනේ...නමුත් අර ලංකාවට වෙලා අගිලි ගනින අහිංසකීට මූණ පෙන්නල ඕන දෙයක්....

    ගිනි කන්දටත් සුව නින්දක් සිත්තමීත් පතනවා....

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. සිත්තමී, මාව පැත්තකින් තියමු.. දැන් සිත්තමි ලියන්නේ නැත්තේ මොකො කිවුවනම් බලන්න..

      ඇයි මුණ පෙන්නන්න විතරක්.. මම ඒ කෙල්ලව බඳිනවා බඳිනවාමයි.. ඒක මොන විනාසෙකටවත්, මුං බඳින්න එපා කියලා හිතන අයටවත් නවත්තන්න බෑ..

      ගිණි කන්ද සදා නින්දේ ඉන්න කියලා පතමු..

      Delete
    3. මුකෝ ඩාර්ලින්ග් මට ගානක් නැත්තේ... :(

      Delete
  23. අඩේ!!!මමත් හදන්න ඕනේ අදම බඩු ලිස්ට් එකක්!!!

    ReplyDelete
    Replies
    1. ඒක හොදයි.. කොම්පීතරේ අමතක කරන්න එපා..

      Delete
  24. හෆ්ෆා.... ට්වීටරේ ඉද්දි අහම්බෙන් දැක්කෙ "වර්ණයක අවසානය" කියලා.. බය වුනු සැරේට දුවගෙන ආව .. බැලුවාම මෙයා මේ කට්ටියව බය කරන්න පෝස්ට් එකක් දාලා... :p

    හැමදේම හොදින් වෙද්දි එකසැරේට ,ඔහොම සැහැල්ලුවෙන් මැරෙන කතා කියන්න පුළුවන්ද දැන් හා?? ;)

    මර්වින් අංකල් කිව්වනෙ, ලෝක විනාසෙ වෙන්නෙ නෑ කියලා.. ඕක වෙන්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. ඇයි.. ටුවිටරේ මගේ එවුවා?? මට එහෙම එකක් නෑනේ අෆ්ෆා.. සෑහෙන්න බොන්න ඕන අවුලක්..

      අහ්.. පික්ශුද හිතු.. ඉස්සරනම් කෝකත් එකයි.. දැන්නම් කෝමත් මැරෙන්න බෑ..

      ආයෙත් අහලා.. දුටුගැමූණු පරපුරෙන් කිවුවනේ.. මං දැං බය නෑ..

      Delete
  25. Replies
    1. මම මේ අවස්ථා සම්භන්දය ගැන සිතමින්..

      අහ්.. උම්ම්ම්ම්ම්ම්ම්මා.. කවුද දන්නේ නෑ නරක් කලේ.. ;)

      Delete
  26. හික්..... හික්...හික්..... ඕක වෙන්නේ නෑ අයියෝ.... බය වෙන්න එපා....

    ReplyDelete
    Replies
    1. අහ්.. අපි බය නැතෝ..

      Delete
  27. බය කරනවනේ අලේ ඔයා..:(

    ReplyDelete
    Replies
    1. එට්නා පිපුරුවොත් මෙස්සිනා වලටත් අවුල්.. ඒ හන්දා ඔයා බය වෙන්න හලෝ.. ;)

      Delete
  28. ගර්ර්ර්ර්ර්ර්..කොටියම කාපිය

    ReplyDelete
    Replies
    1. කොටියට මොනා හරි උනොත් එහෙම මං දන්නේ නෑ..

      Delete
  29. මටත් කියන්න තියෙන්නෙ //මොන හු++++ ද යකෝ // කියල තමයි. මං කතා ලියන්න ඉගෙන ගත්තෙ මේ රෙද්ද බලල.

    මං මුලින් හිතුවෙ සිහින මදාරා බූට් එක තියල මේකා ෆාමසියෙන් විරේක පෙති බීල මැරෙන්න හදනව කියල (දිව දොට්ට)

    ReplyDelete
    Replies
    1. එහෙනම් මේ රෙද්දෙන් තව එකෙක්ට වැඩක් වෙලා.. ඒ ගැන මැරෙන්න මොහොතකට කලින් හරි සතුටු වෙන්න පුළුවන්..

      "මං මුලින් හිතුවෙ සිහින මදාරා බූට් එක තියල මේකා ෆාමසියෙන් විරේක පෙති බීල මැරෙන්න හදනව කියල (දිව දොට්ට)"

      මගේ ඩාර්ලින්ග් මට බූට් එක තියන්න.. හෙහ්.. ;)

      Delete
  30. කොටි හත් දෙනෙක්ම කාපිය. ඉඳල ඉඳල බ්ලොග් එක පැත්තේ ආව. බය උන තරමක්.

    ReplyDelete
    Replies
    1. හත් දෙනෙක්ට කන්න දෙයක් මගේ තියෙනවද බං.. අපරාදේ උන්ගෙ බඩටත් නෑ.. ඔන්න ඔහේ මං මෙහෙම හිටිය දෙන්..

      Delete
  31. ඔක්කොම දැන් විහිළුකාරයෝ වෙලානේ :D

    ReplyDelete
    Replies
    1. ටිකක් ලේ පිරිසිදු කර ගන්නනේ හසිත මහත්තයෝ... :)

      Delete
  32. මොකක්ද මේ වුනේ කියලා බැලුවේ... 21 නේ අවුලක් නෑ..හැමදාම වගේ එදාටත් ඉර පායලා බැස යාවි..

    ReplyDelete
    Replies
    1. "හැමදාම වගේ එදාටත් ඉර පායලා බැස යාවි.."

      තවුසන්ඩ් ලයික්.. සති දෙකකින් හැමෝටම මේක අමතක වෙලත් යාවි..

      Delete
  33. Loka vinase wenne na kiyala NASA kiyala thiyenawa,,,,:)
    Man baya una tharamak , honda welawata adu wadi rudhira peedanaya na,,,:)

    ReplyDelete
    Replies
    1. හෆ්ෆෙ කිවුවත් වගේ හොද වෙලාවට අසනිපයක් නොතිබුනේ..

      Delete
  34. අහ් මෙයා මේ ලෝක විනාසෙට බය වෙලානේ :D

    ReplyDelete
    Replies
    1. අපි එහෙමත් බය වෙනවද?

      Delete
  35. Ane Ammapaa gini kanda pupuranawanam Mewage keppa amuwen kelinawata...:-) heh heh heh.

    ReplyDelete
    Replies
    1. එහ් එහෙම කියන්න එපා බොල..

      Delete
  36. මම කෑමති ලෝකෙ විනාසෙට හෑබෑයි කිසිම වෑඩකට නෑතුව අනිත් අයට කරදර කරන උන් මෑරෙනවට... ඒනිසා මමත් එක්ක ඒ හෑමෝම එක පෑත්තක සෙට් වෙලා ඒ පෑත්ත ගිලා බෑස්සොත් හරි.... අර සෑම් ගෙ බෑන්කුවත් එක්ක...

    ReplyDelete
    Replies
    1. හෙහ්.. එහෙම කිවුවට වෙන්නේ නැති එකනේ අවුලකට තියෙන්නේ.. ඕකේ අනිත් පැත්ත උනොත් එහෙම..

      Delete
  37. ෆේස් බුක් එකේ සහ බ්ලොග් වල කාලෙකට පස්සේ වැඩියෙන් ම මාකට් වුනේ ලෝක විනාසේ. කාලෙන් කාලෙට ඒ වගේ දේවල් එන එක වලක්වන්න බැහැ නේ!

    ජය වේවා!

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා.. මොනා හරි තියෙන්නත් එපැයි මලයා ඉතින්..

      Delete
  38. හික් හික් මට මේක බලන්න උනේ අද ....

    ReplyDelete
    Replies
    1. හොද වෙලාවටද මන්දා..

      Delete
  39. Replies
    1. අපෙනුත් සුභ පැතුම්..

      Delete
  40. තාම ඉන්නවද දන්නෙ නෑ.....

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නවා.. මෙ ඉන්නවා..

      Delete
  41. සිරාවටම මාව හෙන අවුල් ගියා මුල් ටික කියවන කොට .... හිහ් හිහ් ...

    ReplyDelete
    Replies
    1. හෆ්ෆේ අයියව දැක්ක කල්.. දැන් මොකො ඇත්තට ලියන්නෙත් නැත්තේ?

      Delete
  42. හෑ....මැරුනේ නැනේ දැන් ඉතින් ලියමු ඉදිරියටත්

    ReplyDelete
    Replies
    1. හොදින් ඉන්නෝ.. මුකුත් උනේ නෑනේ අෆ්ෆා.. ඔව් ඔව් ලියමු.. හැබැයි ලබන අවුරුද්දේ ඉදන්... ;)

      Delete
  43. අද 22 එහෙනම් අයෙමත් සිහිනයට වර්ණ තවරමු නෙ>>>>>>

    ReplyDelete
    Replies
    1. 2013 ඉදන්ම තවරමු.. මං නිවාඩු දැම්මා..

      Delete
  44. සෑහෙන කාලෙකින් ඇවිත් මුලින්ම ගොඩ වැදුනේ දිනේෂ් අයියගේ බ්ලොග් එකට. මට බය හිතුණා......අග හරියට එද්දි තමයි බය ටිකක් ඇරුණේ...:D

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. ගනන් ගන්න එපා අමිල මලයා..

      Delete
  45. අපරාදේ මම ලස්සන සමුගැනීමේ කතාවක් එහෙම ලෑස්ති කරගෙනයි හිටියේ මුල් හරිය කියවන කොට :P
    ජයවේවා...

    ReplyDelete
    Replies
    1. හෙහ්.. අපරාදේ නේන්නම්.. දැන් ඒක දාන්න තව සෑහෙන කාලයක් ඉන්න වෙනවනේ..

      Delete
  46. මේක දැක්කහම මොකෝ මේ උනේ කියල බැලුවා. අප්පෙ, ඒ ගිනිකන්ද පිපිරුවොත් නේ........ දිගාසිරි වේවා! ආයු බෝ වේවා! දෙන්නාටම.
    මේක මගෙ බ්ලොග් රෝලෙ ඇරුනෙ නෑ දිනේශ්. අද යන්තම් හරි.

    ReplyDelete
    Replies
    1. ගිණිකන්ද මගේ වගක් නෑ වගේ හිටියා..

      අහ් ඒ මොකද අෆ්ෆේ ඇරුනේ නැත්තේ?

      Delete
  47. කෝ පොරොන්දු වෙච්ච පෝස්ටුව..දියව් දියව් අපිට දියව්..!!

    ReplyDelete
  48. හොඳ වෙලාවට ලෝකේ විනාස උනේ නැත්තේ...:-)

    ReplyDelete
  49. පෝස්ට් එක කියවන්න පටන් ගනිද්දි හිතුනෙ මම ‍බ්ලොග් කියවන්නවත් ලියන්නවත් ආපු නැති කාලේ වර්ණ ලියන එක නවත්තලා කියලමයි දුකෙන් පෝස්ට් එක දිගටම කියෙව්වා එතකොටනේ තේරුනේ සිද්ධිය....හී හී....

    ReplyDelete
  50. ලෝක විනාශේ උනෙත් නැ..... දවස් කියක් ගියාද කෝ ඉතින් පොස්ට් දිනේෂ් අය්ය්යා............

    ReplyDelete
  51. මාත් අදයි මේ පොස්ටුව කියවන්න ආවේ. මුල් ටික කියවද්දි මට හිතා ගන්න බැරි උනා මොකද්ද සීන් එක කියලා. හිරැහිමාවිත් මෙහෙම කිය කිය ඉදලා යන්න ගියා නේ.. මං හිතුවා ඒක ට්‍රෙන්ඩ් එකක් වෙන්න යන්නේ කියලා.. බලද්දි නේ වැඩේ තේරුනේ.. අනේ අනේ.. දුටුගැමුණු අංකල් 'වෙන්නැ' කිව්වට පස්සේ නම් මටත් ලෝක විනාසේ ගැ තිබ්බ කෙස් ගහක හරි සැකය දුරු උනා.. එතුමා කියන දේ කරන කරන දේ කියන කෙනා නේ...

    ReplyDelete
  52. හයියූ.....මේ අයියනම්.....:/

    ReplyDelete
  53. මං මාස ගානකිං මේ පැත්තෙ ආවෙ.. මොලේ කචල් කරලා නෙ අපේ.. අර දුවුගැමුනු සීයා කියපු එක දැකලා තමා මාත් හිත හදාගත්තෙ.. කෝ කෝ අර දානවා කිවුව පෝස්ට් එක.. දාන්නයි කිවුවෙ...!!!
    (ඉතාලි කාරයො දැං මොකද කරන්නෙ කියන්නකො)

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්