Monday, 17 December 2012

ලොක්කා නැති දා

අපේ ලොක්කා ෆාමසියේ නැති බව ඉතින් අමුතු අළුත් දෙයක් නෙමෙයි නේ මගේ කලින් ඉදන් ෆාමසි කතා බලන් එන අයට.. ඒකා කවදත් නෑ.. හිටියත් ඉතින් නෑ වගේ තමයි.. ඒකා ඔෆිස් එකට රිංගගත්තට පස්සේ ආයේ මෙහෙ වෙන දේවල් දන්නේ නෑ.. ඔය ඉදලා හිටලා ෆොටො කොපි මැශින් එකට කොලයක් ගන්න හරි එක්කො මාව හොයාගෙන ආවොත් ඇරෙන්න ඒකා එලියටනම් එනවා බොරු.. දැං ඉතින් හිතනවා ඇති කට්ටිය ලොක්කා බරටම වැඩ කියලා.. මොන පික්ශුද? ඒකා Youtube රිංගලා අර ඌ නටන්න යන නැටුම් වල වීඩියෝ බල බල ඉන්නවා.. එහෙමත් නැත්නම් ස්කයිප් එකේ මල් කඩනවා.. මේ ලගදි මොකද්ද එහෙකට මං ඔෆිස් එකට රිංගද්දි මේකා කඩ්ඩෙන් කතාව..



“ you are my english teacher darling..”



ඒකා ස්කයිප් එකේ ඔන්ලයින් කඩ්ඩ මුවහත් කරනවා... ඒකත් පැණි හලන ගමන්ම.. හික්ස්.. අපේ මොකෝ ඉතින්.. උගේ කාර්.. උගේ පැට්‍රල් කිවුවලු... මං ලාවට හිනාවක් දාලා මගේ වැඩේ කරන් මං මාරු වෙලා ආවා..



හරි දැං කියන්න ආවේ ඒක ගැන නෙමෙයි නේ.. ලොක්කා මේ ටිකේ නෑ.. සති 2කට කොහේද ගිහින්.. ඔය කිවුවට ඕකා ඊට පරක්කු වෙනවා එන්න.. ටික දවසකට කලින් ලොක්කගේ දෙවනියා අයින් වෙලා ගිය හන්දා ඒ තැනට ආවේ ලයින් අක්ක.. ලයින් අක්කත් මේ පහු උන සෙනසුරාදා බැන්දලුනේ.. මාර දුකයි අෆ්ෆා.. ඉතින් අක්කත් වැඩට එන්නේ නෑ.. හනිමූන්.. එතකොට ඊට පස්සේ ඉන්නේ මම... කෝමත් ඉතින් යතුරු තියෙන්නේ මං ලගනේ... දැන් ඉතින් මේ ටිකේ ඔය මට උඩහින් ඉන්න අය ඔක්කොම නෑ.. මං තමා දං ලොක්කා..



ඔය අපේ ස්ටොක් මැනේජ් කරන්න ඉන්න එකා හෙනම ගල් ආදා... ඌ මාටියා පාර දෙන බවනම් මං හොදටම දන්නවා.. වැඩි දෙයක් ඕන නෑ.. ඌ ගෙදර බඩු ඉවර උනාම පුක පිහිදන කෝල රෝල් එක පවා උස්සන් යන්නෙත් ෆාමසියෙන්.. අන්න ඒ වගේ තමයි මිනිහගේ වැඩ.. තව තව දේවල් ගැන නම් ඉතින් කියන්න වචන නෑ.. මට පස්සේ ඉන්නේ ඒකා.. ඌට පස්සේ ඉන්න උන්ටනම් පොර හෙන සද්දේ දාගෙන ඉන්නේ.. මට නම් මගේ ලගට හොයාගෙන ඇවිත් ඌ අහන්න තියෙන දෙයක් අහන්නේ...



මේ දවස් වල අපිට නත්තල්නේ.. ඔය මේ කාන්තා පාර්ශවයේ බියුටි කචල් කරන බඩු විකුණන කම්පැනි වලින් මේ නත්තලට දෙන්න තෑගි එක එක එවුවා එවනවා..ආයෙ ඉතින් අහන්න දෙයක් නෑ.. වටින කමින් වැඩි මොනා හරිනම් ක්ලයන්ට්ලට බෙදනවා බොරු.. ඒවා බෙදා ගන්නේ අපි. අපිම තමයි.. ඔය වැඩකට නැති ලස්සන නැති මොනා හරිනම් ඒක අපි බෙදනවා.. ඒකත් ඉතින් අර අපේ අය සහනාධාර බෙදන ක්‍රමේට තමයි.. එන අයගෙනුත් තෝරලා බේරලා තමයි දෙන එකක් දෙන්නේ..



මේ පාරත් මොකද්දෝ ක්‍රීම් එකක් එවලා තිබුනා ක්ලයන්ට්ලට බෙදන්න... ඒක මෙන්න ගිය සඳුදා වෙද්දී ආවා.. ඒ එක්කම ෆාමසියෙන් ගහන කැලැන්ඩරෙත් ආවා.. මම නම් ආව ගමන් ගත්තේ ඒක... සමර් එකට ෆාමසි වහන කාලේ බලන්න.. ලංකාවට එන්නත් එපැයි.. කෙල්ලෙක් උස්සන් යන්න තියෙනවනේ ඉතින් මට.. ඕක අරන් එන්න දින වකවානු හිතා ගත්තට මොකද මට අර කිවුව තෑගි ගන්න අමතක් උනා... බදාදා මං වැඩ කර කර ඉද්දි අර බුවා එනවා මගේ ලඟට..



දිනේෂ් උඹ තෑගි ගත්තද ?”



ආ නෑ.. මං කැලැන්ඩරේ ගත්තා විතරයි..”



අමතක කරන්න එපා.. උඹත් අර ගනින්..”



හරි මං යද්දී ගන්නම්..”



නෑ එක්කො හිටපන් මං ගෙනත් දෙන්නම්..”



එහම කියලා මෑන්ස් ගියා.. මම ඒත් කල්පනා කලා හදිස්සියෙම මොකෝ කියලා..මටත් මොකෝ කියලා ඉද්දි මෙනන් මේකා එනවා අර තෑගි ජාති 6ක් දාලා බෑග් එකක් උස්සගෙනම..



දිනේෂ් මෙන්න මේක අරන් පලයන්.. මහ ගැණිට පේන්න ගෙනියන්න එපා..”



මාත් ඉතින් මට මොකෝ කියල ගත්තා.. අරගෙන ඒක පැත්තකින් තියලා හැරෙද්දි තමයි කේස් එක දැක්කේ. මට අරහෙම දීලා මෙන්න මූ අර තඩි තෑගි තියෙන පෙට්ටියක්ම ගිහින් දා ගත්තා උගේ කාර් එකට.. මාත් ඉතින් දැක්කා නොදැක්කා වගේ හිටියා මටත් මොකො කියලා..



ඊට පස්සේ කේ ස් එක උනේ මේ ගිය සිකුරාදා.. අර මම ෆාමසියට ආව අළුත් දොත්තොරෙස්සා ගැන කිවුවා මතක ඇතිනේ.. අන්න එයා තමයි මේ වැඩේ කලේ.. සුට්ටක් වැඩ නැති වෙලාවක මමත් හොරාට ලැබ් එකේ සයිඩ් එකක් අල්ලන් පොඩි මලක් කඩ කඩ හිටියා මගේ මදාරා මලත් එක්ක... එතකොට දැක්කා මෙයා හොර ගල් අහුලනවා.. මං ඉන්න තැනින් යන ගමන් හිනා වෙනවා.. එක විකාරයයි.. ටිකකින් එක පාරම පේන්නවත් නැතුව ගියා.. මං මගේ මලට පොඩ්ඩක් ඉන්න කියලා ටිකක් ඔළුව දාලා බැළුවා ඒ පැත්තට..මං ලොක්කගේ ඔෆිස් එක පැත්තට යනකොට මෙයා ඉන්නවා තෑගි වගයක් පාර්සල් කර කර... මං ලඟට එද්දි මං දිහා බලලා හිනා උනා.. මාත් හිනා උනා..



තෑගි වගයක් පාර්සල් කරනවා දිනේෂ්..”



අහ්.. හා.. හා..”



මාත් එහෙම කියාගෙන ලොක්කගේ ඔෆිස් එකට ගිහින් ආයෙ එන ගමන් ෆාමසියේ ඉස්සරහට ඔළුව දැම්මා.. ෆාමසිය වේලෙනවා.. මොකෙක්වත් නෑ බෙහෙත් ගන්න.. ඒ කියන්නේ මේ තෑගි ගන්නේ මෙයාට කියන එක.. අපිට ඉතින් ඔතන ඕනම බඩුවක් ගන්න පුළුවන්.. බෙහෙත්නම් සම්පූර්ණයෙන්ම නොමිලේ.. ගියා බාර් කෝඩ් එක රෙජිස්රට් කලා අරන් ආවා.. ඒකනේ මං නම් මෙහේ අසනීප වෙනවට බය නැත්තේ.. බෙහෙත් නිකන්නේ.. ඒ උනාට ඔය ක්‍රීම් අනන් මනම් නම් ගානෙන් භාගයක් ගෙවන්නම් ඕන... මෙයා ඒවා මුකුත් නෑ.. අර ටික ගත්තා පාර්සල් කර ගත්තා ගෙනිච්චා..



මීට මාසෙකට විතර කලින් ලොක්කා එක්ක මං කොහේට හරි යද්දී ඌ මාත් එක්ක කියනවා ෆාමසියට ගේන සමහර බඩු වලට වෙන දෙයක් නෑලු.. ස්ටොක් කම්පූටරේ රෙජිස්ටර් වෙලා තියෙන ගාන ඇත්තටම ස්ටොක්ස් වල නෑලු.. ඕක ඉතින් අහන්නත් දෙයක් යැ ඉන්න උන් මෙහෙම ඉහගෙනම නාද්දී.. දැං මට ඉහල ලොක්කො ඔක්කොම නෑ තව සතියකට.. මුං තව මොන මොනවා උස්සයිද දන්නේ නෑ..


දැං කස්ස්ටිය මොකද හිතන්නේ.. මං මේවා කියන්න ඕනද? පික්ශුද මං කියන්න නොයමි.. ඒකට හේතු දෙකයි..



  1. ලොක්කා අයිති කාරයා විදිහට දැන ගන්න ඕන මීට වඩා වගකීම්න් වැඩ කරන්න... ඇතුලේ මොකක් හරි වෙන බව දැන දැනම ඌ කෙල්ලෝ අරන් ලෝකේ වටේ යනවට මට කරන්න දෙයක් නෑ.. ඒක උගේ වරද.. ඒ හන්දා මම නොකියමි..

  2. උන් ඔක්කොම ඉතාලි කාරයෝ.. මම තමයි ඉන්න එකම හම කළු එකා.. උන් ඔක්කොම අන්තිමේ එක පැත්තක් වෙලා මටම ඇරලා දාලා ඉදියි..ඒ වගේ සත පහක ෂුවර් නැති බුවාලා ඉන්නෙ..හෙට අනිද්දා පවුලක් පන්සලක් වෙනන් ඉන්න මම ඕවා කියන්න ගිහින් ඉල්ලන් කන්න ඕන නෑ.. ලොක්කා මට කොච්චර හිතවත් උනත් කරන්න දෙයක් නෑ.. තමන් ගැන හිතන්න ඕන තැනුත් එනවනේ.. ඒ හන්දා මෙන්න මේ පින්තූරේ ඉන්නවා වගේ ඉන්න එක ශරීර සෞඛ්‍යට හිත කරයි...





දැන් ඔන්න ඔහොමලු තත්වේ.. හැබැයි ඉතින් ඕවා කොච්චර ඔහොම උනත් මේක පාඩු වෙලා වැහිලා නම් යන්නේ නෑ.. ඒ හන්දා කෝකත් එකයි..




66 comments:

  1. Replies
    1. //මම අර ඇස් කන් කට වහන් ඉන්න පින්තුරෙට මාරම ලයික්.//
      ඔන්න දැක්කද දිනේෂ් අයියට ඉස්සරහට ඉන්න වෙන විදිය (දිව දොට්ට)

      Delete
    2. සුදු, ඔයා දන්නවනේ ඉතින් මං එතන ඉන්න ෆන් එක කොහොමද කියලා ලොක්කා නැති උනාම..

      Delete
    3. යසිත් මලයා අපි ඒ ගැන කතා නොකර ඉමු.. උබලත් හදන්නේ අපිව බය කරන්නමනේ..

      Delete
    4. දැන් ඉතින් මෙහෙමනේ ........... ආ....හ් .... නෑ එ‍ක්කෝ ඔනේ නෑ .........
      ලොක්කා නැති කොට තියෙන ෆන් එක හරියට .......... එක්කෝ ඒක ඔනේත් නෑ

      Delete
    5. නොකිවුවට මොකෝ හිතා ගන්න පුළුවන්.. :)

      Delete
  2. ලොක්කට සිංහල කියවන්න එහෙම බෑනෙ??? :D

    ReplyDelete
    Replies
    1. හාපෝ බෑ.. ඒකනේ අවුලක් නැතුව ලියන්නේ..

      Delete
  3. මම හිතුවේ ලංකාවේ විතරයි බං මෙහෙම ගස් මාටියා කාරයෝ ඉන්නේ කියලා...බැලුවම ලංකාව හරි හොඳයි වගේනේ.

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා.. ලංකාව හරි සෝයි බං මුං කරන වැඩ එක්ක බැළුවම නම්..

      Delete
    2. බලහංකෝ ඉතින් අපේ උන් අපි ගැන හිතන විදිය .... හොක් හොක්

      Delete
    3. ආයෙත් අහලා..

      Delete
  4. යෑෂ් යෑෂ්.. මම අනුගමනය කරන්නෙත් ඔය තියරියමයි... අපි පිට උන් උන් උන් එක රටේ උන්ට ඕන කුදයක් ගහගන්න කියලා මම මගේ පාඩුවෙ අන්තර් ජංජාලෙත වෙලා ඉන්නවා....

    ReplyDelete
    Replies
    1. 100% සෞඛ්‍ය ආරක්ශිත ක්‍රම වේදය අන්න ඒක තමයි.. ජාමේ බේර ගන්න එකනේ වටින්නේ..

      Delete
  5. ලොක්කට ඉංගිරිසි ඉගැන්නුවා වගේ සිංහලත් පුරුදු කරලා බ්ලොත් කියවන්නත් පුරුදු කරපන්.එතකොට කියා කියා ඉන්න දෙයක් නැහැ :)

    ReplyDelete
    Replies
    1. හෆ්ෆේ බෑ.. එතකොට මට උගේ අප්සට් වැඩ ලියන්න වෙන්නෙත් නෑනේ රෙප් අයියේ..

      Delete
  6. මදැයි එක වෙන්න දුවගෙන ආවා. :D

    හපොයි ඔව් ඔවා කියන්න ගිහින් අන්තිමට කැකිල්ලෙ තීන්දුව වගේ දෙයක් වෙන්න පුලුවන් අනිත් ඔක්කොම ඉතාලි කරයො නම්. ඒත් නොකිව්වොත් එකත් ප්‍රශ්නයක් නෙවේද?

    ReplyDelete
    Replies
    1. එක ගැන කතා නොකරමි.. :)

      අහ් නෑ මට අවුලක් වෙන්නේ නෑ.. නොකියා ඉන්න තරමට මං උන්ගේ හොද එකා.. ඒ හන්දා නෝ ප්‍රොබ්ලම්..

      Delete
  7. දිනේශ් මල්ලිගෙ මම ආසම මේ ෆාමසි කතා මාලාවට . අනේ මෙගානම් බලන්න වෙලාව නෑ අෆ්ෆා .

    ReplyDelete
    Replies
    1. හී හී.. දන්නෝ දන්නෝ.. කමක් නෑ අක්ක ඇවිත් යන්න එන එකම මදැයි..

      Delete
  8. මලේ අපිත් කලින් වැඩ කලේ ඉතාලි කාරයෙක් එක්ක. උන් මල් කඩන්න හරිම දක්ෂයි තමයි, ඒත් අවංකයි. අපිට හොඳට සැලකුවා. ඒ වාගෙම අපිත් එයාගෙ තැන බලා ගත්තා. එතනත් ඔය වාගෙ හොර වැඩ උනා. අපි ඒවට (මගෙ මහත්තයා ) ඉඩ දුන්නෙ නෑ. එයා සේරම නතර කරල දැම්මා. උන් තරහ උනෙත් නෑ. ඒවා උපක්‍රමයෙන් ම නවතා දැම්මා. අපේ එක්කෙනා වැඩ කලේ වර්ක් ශොප් එකක. ඒ නිසා මහා පරිමාණයෙන්ම වංචා සිදු උනා. උන්දෑ අන්තිමට මෙයාට තැන භාර දීලා මාස ගනන් රට සංචාරේ. කෙලවෙන්නෙ අපිට මනෙ. කොහොම උනත් ඔයා අවංකව වැඩ කරගෙන ඉන්න මල්ලී. උන්ගේ ගුණ්ඩු වලට අහු නොවී.

    ReplyDelete
    Replies
    1. ඇත්ත අක්කේ.. උන් මනුස්සකම් අතින්නම් සුපර්.. ආයෙ ඒකේ කියන්න වරදක් නෑ.. අපිට උනත් දෙයක් කියන පරක්කුවෙන් කර ගන්න පුළුවන්.. ඉදලා හිටලා ඉතින් මේ වගේ සමහරු ඉන්නවා.. ඒකට කරන්න දේකුත් නෑ..

      මෙහෙමයි ඉතින් ඕවා කියන්න යාමේ හොද නරක සම සමව තියෙනවා.. හොදම දේ සද්ද නැතිව ඉන්න එක.. මොකො ලොක්කා මට වගකීම් පවරලා ගියේ නෑනේ..

      Delete
  9. අපිටත් ලොක්කා නැති දවසට තමා ෆන් එක උතුරන්නේ

    ReplyDelete
    Replies
    1. ඒ ගැන ඉතින් අපි නොදන්නවයි..

      Delete
  10. පිට රටවල් වැඩ කරද්දි ඔය විදියට තමා ඉන්න ඕනේ කියලා අපේ මහත්තයත් කියන්නේ.. හැබැයි සිංහල උන්ම ලෙඩක් දැම්‌ෙමාත් ඉතිං අතාරින්නේ නෑ ලු.. හි හි....

    ReplyDelete
    Replies
    1. අහ් අනිවා.. අපේ උන් හදන්නේ අපිව කපලා එතන්ට එන්නනේ.. අවංකවම කියන්න එපැයි.. ඒ හන්දා අන්න එතකොටනම් පරිස්සම් වෙන්න වෙනවා..

      Delete
  11. ලොක්කා එද්දී ෆාමසිය වැහිලා තියෙයිද දන්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. ඒක නම් වෙන්නේ නෑ.. ඒ හන්දනේ අපි බය නැතුව ඉන්නේ..

      Delete
  12. පට්ට අයියේ පොස්ට් එක...මේ ඒක නෙවෙයි අර ෆොටෝ ඒක කොහෙන්ද අප්පා ගත්තේ...?පට්ට ඈ....

    ReplyDelete
    Replies
    1. ගූගල් දෙයියන්ගෙන් මලයා.. මම ගියේ අර හැමදාම දැකලා තියෙන වදුරෝ තුන් දෙනා ගන්න.. ඒත් අස්සේ මෙන්න මේක තිබ්බා.. මේක පට්ට ඒ ඔක්කොටම වඩා..

      Delete
  13. වැදගත් කරුණු කිහිපයක් ඇත.හොඳ හොඳම වේ ලොව කිසිම තැනක නැ නොහද නරක දිනුවේ
    මනසින් දිවියට

    ReplyDelete
    Replies
    1. අනිවාර්‍යෙන්ම.. අපි සද්ද නැතුව බලන් ඉමු..

      Delete
  14. මොනා වුනත් තමන් බේරිලා ඉන්න එපැයි නේද අයියේ..කොහොමත් ගොඩක් වෙලාවට වෙන්නේ අපි වෙන කෙනෙක්ට හොඳක් කරන්න ගියාම වැරදි කාරයොයි මේ කෙනයි හොඳ වෙලා අපි වැරදි කාරයෝ වෙන එකනේ..

    ReplyDelete
    Replies
    1. අමූලික ඇත්ත අන්න ඒ කතාව.. ඒ හන්දම තමයි මේ විදිහට ඉන්න පුරුදු උනේ.. නැත්නම් උන් හිටි තැන් නැති වෙනවා..

      Delete
  15. දැන් මෙතන ඉන්න ලොක්ක දිනේෂ් නිසා දිනේෂ් ඔය බදු නැතිවීමට වගකියන්න ඕනේ නැද්ද??? කරන දෙයක් පරිස්සමෙන්..

    ReplyDelete
    Replies
    1. අහ් නැත.. එක්ස්පීරියන්ස් එක අනුව ඔක්කොටම ලොක්කා මං උනාට වගකීම් බෙදිලා යන විදිහට ඔය බඩු වලට වග කියන්නේ ඔය උස්සන එකාම තමා.. ඒ හන්දා මට නෝ අවුල්...

      Delete
  16. Replies
    1. යෙස් යෙස්.. ගැලවිජ්ජාව..

      Delete
  17. හප්පේ ඔහොම ගිහිං ඕකුන් දිනේෂ්වත් උස්සාවිද දන්නේ නැහැ. හිකිස්...........

    ReplyDelete
    Replies
    1. අහ්.. ඒවා කියන්නත් බෑ තමා.. එහෙම බඩු මුං නම්..

      Delete
  18. //මං තමා දං ලොක්කා.//

    ඕව අඩු උනාම මාට්ටු වෙන්නෙ නැද්ද ? අන්තිමට ගහල පන්නාවිද දන්නෙ නෑ..

    ReplyDelete
    Replies
    1. අහ් නැත.. ඒ ගැන බිය විය යුතු නැත..

      මාර කේශ් එක.. උඹ උස්සලා දාපු කෑල්ලෙ අකුරක් හැලිලා මං දැක්කෙත් නෑනේ.. :)

      Delete
  19. මමත් කියන්නේ තැනේ හැටියට ඇණේ ගහගෙන ශේප් එකේ ඉඳලා ලංකාවට එන එක තමා හොඳ... ලොක්කට උවමනාවක් තියනව නම් ඕව හොයාගන්න බැරිකමක් නෑනේ...
    //ඌ ගෙදර බඩු ඉවර උනාම පුක පිහිදන කෝල රෝල් එක පවා උස්සන් යන්නෙත් ෆාමසියෙන්..// හැක් හැක්.. මාර මෑන්ස් කෙනක් තමා.. කොල වලට අමතරව වෙන වෙන ඒවා උස්සන් යන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. අනිවා අයියේ.. ෆාමසිය අපේ නෙමෙයි නේ.. ඒකේ ලාභය යන්නේ ඌට වෙච්චි එකේ තව මීට වැඩිය හොයලා බලන්න ඕන.. අපි කට්ට කාලා උට සල්ලි හොයනවා.. ඌ මගුලේ යනවා.. ඉතින් ඔහොම උන දෙන් එක අතකට..

      යනවා යනවා.. තව කොච්චර දේවල් නම් තියෙනවද?

      Delete
  20. මාර වැඩ කාරයොනේ ඉන්නේ

    ReplyDelete
  21. දිනේෂ් අයියේ මේ කොහෙද ෆාමසි එක?මාත් එන්නම් මොනා හරි ක්‍රීම් ටිකක් දෙන්නකෝ ඔය උස්සන ඒවා වලින්..

    ReplyDelete
    Replies
    1. කතානියා වල.. නත්තල් ඉවර වෙන්න කලින් ආවනම් ගන්න තිබුනා.. :)

      Delete
  22. ආආ.. ලොක්කා....

    බඩු මිසිං උනොත් ඇක්ටින් ලොක්කට තමා බඩු හම්බවෙන්නේ. කෝකටත් පරිස්සමින්. උඹ ඔහෙන් එන දවසට ඔඩිට් එකක් තිබ්බොත් ඔතන ඉන්න ඔක්කොම යන යකා පිටින් පටෝලා අත පිහදාගනියි. අපේ ඔපීසියෙත් මන් එන්න ඉස්සෙල්ලා ඔය වගේ වැඩක් වෙලා තිබුණා.

    ආයෙත් කියන්නම්. පරිස්සමින්.

    ReplyDelete
    Replies
    1. මම ඉතින් මේවා දාලා කොහේ එන්නද? ඒ හන්දා එහෙම සීන් එකක් නම් වෙන්නේ නෑ.. අනික එහෙම ඔඩිට් තියන තරම් පොරක් නෙමෙයි අපේ ලොක්කා.. එහෙම කරනවනම් කරන්න අවස්ථා ඕන තරම් මීට කලින් තිබ්බා..

      Delete
  23. ලොක්කා උඹට පැහැදිලි වගකීමක් පවරලා ගියේ නැත්නම් පැනලා දෙන්න යන්න එපා.. එහෙම දිලා ගියානම් තත්ත්වෙ වෙනස්. උඹට වගකීමක් තියනවා එතකොට.. ඒත් ඉතින් ඔතන සෙල්ලම දන්නෙ උඹනෙ...වැල යන අතට මැස්ස ගහගන හිටහන්..

    ReplyDelete
    Replies
    1. නෑ.. වගකීම දුන්නේ ලයින් අක්කට.. ලයින් අක්කා වෙඩිමට කලින් රිලැක්ස් වෙන්න කියලා නිවාඩු ගත්තේ හොරාට.. ඒකනේ මට ඒක ආවේ.. ඒ හන්දා ලොක්කට බෑ මගෙන් ප්‍රශ්ණ කරන්න..

      Delete
  24. අඩෝ ලොක්කට අවංක වෙයන්. හොරු අල්ලලා උබ පොර වෙයන්..

    ලංකාවෙ එහෙමනේ.

    ReplyDelete
    Replies
    1. මෙහෙ පොර වෙන්න ගිහින් කැපෙන්න බෑ බං.. මෙහෙම හොදා.. අඩු තරමේ උන් ඔක්කොම මට සලකනවා.. :)

      Delete
  25. kawuruda kawuruda dan lokkooo ???

    monawa unath oyaanam waradi welawalwalata office ekata yanna hari daksai. mathakane principl ta karapu wade :D

    ReplyDelete
    Replies
    1. අපිමයි අපිමයි දැන් ලොක්කෝ.. ( ටික කාලෙකට )

      හෙහ් හෙහ්.. ඒකනේ ඒකනේ.. මුල ඉදන්ම මං ඉගෙන ගත්තේ වැරදි දේවල්මනේ.. ඒක තමා හැමදාම මට මෙහෙම වෙන්නේ.. :)

      Delete
  26. අන්තිම හරියේ කිව්ව කථාව නං ඇත්ත මචං. අන්තිමේදි උං ඔක්කෝම සෙට් වෙලා උඹට කෙලියොත්.. ඔය ව‍ගේ වැඩ මේ කාලේ කොහෙත් වෙනවා.. පරිස්සමට හිටු. ජය!

    ReplyDelete
  27. දෙපැත්තම බේරන් ඉන්න එක තමයි වටින්නේ.. ලොක්කට උනත් ඕනවට වඩා දෙන්න එපා කියනවනේ ඉතින්.. පහු ගිය ටිකේ අම්බානෙක වැඩ නිසා පරණ පෝස්ට් බලන්න බැරි උනා..දැන් තමයි බලාගෙන යන්නේ..

    ReplyDelete
  28. අර අන්තිමට තියෙන පින්තුරේට මාත් ලයික් අප්පා.. ඔහොම ඉන්න ඒක තමයි ගොඩක් වෙලාවට ඇඟට ගුණ.. බය නෙමෙයි. ඒක තමයි නුවනක්කාරකම ;)
    ජය වේවා!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
  29. අපොයි, පව්නෙ අයිතිකාරයා. ඒත් ඒ මනුස්සයා ස්ටොක් නැහැ කිය කිය ඉන්නෙ නැතුව තමන්ගෙ දේ හොයල බලල පරිස්සම් කරගන්න එපායැ. දැන් ඔය ඔයාගෙ වගකීම ඇති කාලෙට නැති වෙන දේවලට ඔයාට ගෙවන්න එහෙම කිව්වොත් හරි වැඩේ.
    බලං ගිහාම හොරු ලෝකෙ පුරා!

    ReplyDelete
  30. ලොක්කටම හරියන ගෝල බාලයෝ ටික :P

    ReplyDelete
  31. කඩ්ඩ පොලිස් කරගන්න නම් ලොක්කගෙ වඩේ හොඳයි වගේ....මොනව වුණත් පරිස්සමින් දිනේෂ් අයියේ....ඉතාලිකාරයෝනේ....

    ReplyDelete
  32. දිනේෂ්ගෙ තර්කයෙත් ලොකු ඇත්තක් තියනවා...මොකටද ඉල්ලං පරිප්පු කන්නේ..

    ReplyDelete
  33. ඔයාට කමෙන්ට් එකක් උදේ දැම්මා. ඒක වැටිලා නෑනේ දිනේෂ්...:(

    ReplyDelete
    Replies
    1. අහ්.. තිබුනේ මේකනේ පොඩ්ඩි අක්කේ.. ස්පෑම් වෙලත් නෑනේ... :(

      Delete
  34. අම්මපා සිරාවට.. කන්න ඕන උනාම කබරගොයි තලගොයි වෙනෝ ලු..
    කෝකටත් හොද කට වහන් ඉන්න එක තමා..
    ඔය ගානෙන් බාගයක් එහෙම ගෙවලා මදාරා මලට උලන්න ක්‍රීම් එහෙම යවන්නෙ නැතෙයි අයියා??

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්